Thursday, April 6, 2017

උනන්දුව සහ කැපවීම තිබේනම් බැරි දෙයක් නැත.

 

පහසුකම් ඉතාම අඩු ඈත පිටිසර පාසැලක ගුරුවරයෙකුගේ කැපවීම පිළිබඳව මේ සටහන තබමි.


රත්නපුර නගරයේ සිට කිලෝමීටර් 30 ක පමණ දුරින් පිහිටි එම පාසැලේ 1 ශ්‍රේණියේ සිට 8 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වින. ගමන් අපහසුව සහ නවාතැන් නොමැති කම නිසා ගුරුවරු යාමට ඉතා අකමැති පාසැලකි. වසර ගණනක සිට විද්‍යා ගුරුවරයෙකු නොසිටි මෙම විදුහලට යාමට කැමති තරුණ ගුරුවරයෙකු මට හමුවිය. කෑගල්ල දිස්ත්‍රික්කයේ පිටිසර ගමක රත්නපාල නමැති තරුණයෙක් වූ ඔහු  නගරයේ විදුහලක උසස් පෙළ අධ්‍යාපනය ලබා විද්‍යා ධාරාවෙන් විෂයය දෙකක් පමණක් සමත් වී තිබිණ.

මෙය ඔහුගේ පළමු පත්වීමයි. කාර්යාලයට ලැබී තිබුණු ලේඛනයෙන් පුරප්පාඩු තිබුණු පාසැල් වලට විද්‍යා ගුරුවරු නිර්දේශ කිරීම මට පැවරී තිබුණු රාජකාරියයි. තම විදුහලට වසර තුනක සිට  විද්‍යා ගුරුවරයෙකු නොමැති බව එම විදුහලේ විදුහල්පතිවරයා මා හට පවසා තිබී, පසුව ඒ බව සිහිපත් කර ලිපියක්ද ඒවා තිබුණි. ගුරු පත්වීම් ලේඛනයේ සිටියේ පිරිමි තිදෙනෙක් පමණකි. ඉතිරි සියලු දෙනාම කාන්තාවන්ය. පාසැල් තෝරා දීම මහත් ගැටළුවක් විය. සෑම කෙනෙක්ම ඉල්ලා සිටියේ නගරයේ පාසැල්මය. බොහෝ අයට එසේ ඉල්ලීමට හේතුද තිබිණ. විවාහ වීමට ආසන්න බව, දරුවෙකු ලැබීමට සිටින බව, වයසක දෙමාපියන් බලා ගැනීමට ඇති බව ආදිය එවැනි හේතු විය. මට එම මැසිවිලි වලටද කන් දීමට සිදුවිය. නවක ගුරුවරුන්ගේ සහතික බලා පාසැල් තෝරා, පත්වීම් දීම සඳහා නිර්දේශ කිරීම මට සහ පරිපාලන නිලධාරි සිරිසෝමටත් පැවරිණ. හතරවන අංකයට සිටි රත්නපාල සහතික බැලීම සඳහා කැඳවීමු.

උප්පැන්න සහතිකය චරිත සහතික ආදිය පරීක්ෂා කළේ සිරිසෝම විසිනි. එම ගුරුවරයා  මනා පෞරුෂයකින්  සහ ආචාරශීලී බවෙන් යුක්ත අයෙකු බව තේරුම් ගෙන   ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට සිතාගත් මා 'රත්නපාල මහත්මයාගේ ගම් පළාත  කොහේද ?' 
කියා විමසුවෙමි. 

'මම කෑගල්ලේ ......... ගමේ'
'පත්වීම ලැබුනහම මෙහෙ නවාතැන් ගන්න වෙනවා නේද?
ඒ මගේ දෙවන ප්‍රශ්නයයි.
'පත්වීම ලැබෙන තැන අනුව තැනක් සොයා ගන්නවා'.
ඔහු නොපැකිලව උත්තර දුන්නා.
ගුරුවරයෙකු නොමැතිව උග්‍ර ප්‍රශ්නයකට මුහුණ පා තිබෙන, මා කලින් සඳහන් කළ විදුහල ගැන මට එක්වරම මතක් විය.
'ටිකක් ඈතක, හොඳට වැඩ කරන්නට හැකි විදුහලක් තිබෙනවා. පත්වීම එතනට ලැබුනොත් යන්නට කැමතිද?
'මම ලැබෙන ඕනෑම විදුහලකට  පිළි ගන්නට කැමතියි. අගු පිලක හෝ නතර වී රාජකාරිය කරනවා'.
ඔහුගේ ප්‍රකාශයෙන් අපට පුදුමයකුත් ඇති විය. ඔහු එම විදුහලට යවා ඉදිරියටත් හැකි අයුරින් උදව කිරීමට මා  තීරණය කර ගත්තා. ............

අධ්‍යාපන රසකථා නමින් අධ්‍යාපන සේවයේ නිරතවූ මහතෙකු ගේ මතකයන් ලියවෙන බ්ලොග් එකක් මෙතන තියෙනවා.

ඉහත ලිපියට පෙරත් පසුවත් ලිපි කීපයක් තියෙනවා. බොහෝ විට සිත පාරන ලිපි කියවන්න වෙන එකේ තම රාජකාරිය දේව කාරියක් ලෙස සළකා ඉටුකල අය ගැන සිත පහන් වෙන කථා කියවන්න ඉඩ සලසන බ්ලොග් එකක්. ඔබත් ගිහින් බලන්න.


21 comments:

  1. ගුරු සේවයේ රස කතා නම් ඉස්සර ඉක්‍ෂලාම හරිම ජනප්‍රියයි. මට මකතයි පස්තර, සඟරාවල වෙනම කොලමක් යනවා ඒ දවස්වල!

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම කියවිය යුතු බ්ලොග් එකක්.. මම මේ ගැන ලියන්න හිටියත් අතපසු උනා.

    බොහොම ස්තුතියි!

    ReplyDelete
  3. තවත් බ්ලොග් එකක් ගැන ලියවිලා ඇතී
    එයත් අපූරුය කියල හිතෙනු ඇතී
    මටත් රස කතා බැලුමට හිතක් ඇතී
    අදත් ඉයන් හට මම දැන් දෙමිය තුතී.....

    ජයවේවා!!!

    ReplyDelete
  4. ඉයන්ගේ හදුන්වාදීම කෘතඥපූර්වකව අගයකරමි....

    ReplyDelete
  5. ඒ පැත්තටත් ගොඩවුනා.
    ස්තූතියි ඔබට සැපදුක් විමසීම ගැන. දරුවා රෝහලෙන් පිටවුවා. මා නම් තවමත් අසනිපයෙන්.

    ReplyDelete
  6. මේ ලියවිල්ලේ හරි හුරු පුරුදු කළින් දැකල පුරුදු ගතියක් දැනෙනවා...
    ස්තුතියි ඉයන්...

    ReplyDelete
  7. කියවලා එන්නම්

    ReplyDelete
  8. Ian ට ස්තුතියි.
    මගේ post එක share කලාට පසු ඔබගේ සුහදයින් කිහිප දෙනෙක්ම මගේ තැනටත් ගොඩ උනා.ඒ අයටත් සුහදතාවය පළ කළා. නැවත හමුවෙමු.

    ReplyDelete
  9. ගොඩක් ස්තුතියි ඉයන්...

    ReplyDelete
  10. aලුත් එකට ස්තුතියි

    ReplyDelete
  11. ස්තූතියි ඉයන් මහත්මයා!

    ReplyDelete
  12. ස්තූතියි පාර කිව්වට ...

    ReplyDelete
  13. කතන්දර ගොඩක් තියන රහට ලියන බ්ලොග් එකක්..
    ජයවේවා..!!

    ReplyDelete
  14. අලංකාරව ලියල...

    ReplyDelete
  15. මෙහෙටත් ගිහින් එන්නම් :)

    ReplyDelete
  16. ස්තූතියි ඉයන්. බ්ලොග් රෝල්ට දාගන්නම්.

    ReplyDelete