Wednesday, April 26, 2017

ශ්‍රී ලංකාවේ විනය ගොඩනැගීම ෆොන්සේකාට භාර කරයි


(LANKANEWSWEB) යහපාලන ආණ්ඩුව විසින් ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවභාවිත කරමින්, විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය සමිතිවල සුළුතරයක් විසින් මහජනතාවට පීඩා පමුණුවමින් සිදුකරන අත්තනෝමතික හා අන්තවාදී, කඩාකප්පල්කාරී ක්‍රියාවන් නවතා සමස්ත ජනතාවට සහන සැළසීම උදෙසා සුවිශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී යෝජනා කොට තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ඒකමතිකව අනුමත කොට ඇත.
ජනාධිපතිවරයා මෙම කාර්යය සඳහා යෝජනා කොට ඇත්තේ හිටපු හමුදාපතිවරයෙකු මෙන්ම වත්මන් කැබිනට් අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාවය. ජනාධිපතිවරයාගේ එකී යෝජනාවද කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කොට තිබේ.
ඊයේ (24) රටපුරා ඇතිවූ ඛනිජ තෙල් සේවක වැඩවර්ජනය සඳහා සත්‍ය වශයෙන්ම සහභාගි වී ඇත්තේ 1,500 කට වඩා අඩු පිරිසකි. එකී පිරිස සමස්ත ආයතිනික ව්‍යුහයම අවුල් කර දැමීමට ගත් ක්‍රියාමාර්ග අවම කරගත හැකි වී ඇත්තේ ත්‍රිවිධ හමුදා මැදිහත්වීමෙනි. මෙවැනි තත්වයක් අනාගතයේදී නැවත පැනනැගීමට හැකි හෙයින් ඒ සඳහා ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග අධ්‍යයනය කොට ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලතල විශේෂ ගැසට් පත්‍රයක් මගින් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇත.
කැබිනට් මණ්ඩලයේ මෙකී යෝජනාවට සරත් ෆොන්සේකා මහතා ද සිය එකඟතාවය පළකොට තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද රාත්‍රී ජනාධිපතිවරයා හා ෆොන්සේකා මහතා අතර සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

උපුටාගත්තේ මෙතනින්


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

68 comments:

  1. උතුරේ දෙමල්ලු මැරුවා වගේ දැන් අපිවත් මරයි.

    ReplyDelete
  2. සීමාසහිත බලතල මත හදිසි ක්‍රියාකාරී කණ්ඩායමක් සුදානම් කර තැබීම කාලෝචිත වෙන්න පුලුවන්. මුලින්ම හදන්න ඕනි ඒ කණ්ඩායමේ විනය.. මේකට හමුදා පොලිස් නිලධාරින්ම නොවන සිවිල් ක්‍රියාකාරී කොටස්ද ඇතුලත් වෙනවනම් හොඳයි .. ජනතාවගේ මූලික හා වෘත්තීය අයිතිවාසිකම් කඩනොවෙන ලෙසත් එක කණ්ඩායමක ක්‍රියා නිසා සමස්ත ජනතාවම අපහසුතාවට පත්වීම වැලැක්වීමත් කියන දෙක බැලන්ස් කරගෙන මේක කරන එක දැලි පිහියෙන් කිරිකනවා වගේ අවදානම් නමුත් කල හැකි දෙයක්. මෙච්චර දේවල් දිහා බලං ඉන්නවා වගේ අපි මේක දිහාත් බලං ඉමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමී. කරන දෙයක් යහපාලන ප්‍රතිපත්ති ඇතුලත කරන්න ඕන. ගෝඨා මොඩල් දාලා පටි රෝල් කරගනීද දන්නෙ නැහැ. ඒ වුණාට මට නම් හිතෙන්නෙ හොන්ද තීරණයක් කියල.

      Delete
    2. ඔන්න ඕක තමයි බය, සුදු වෑන් ඇතුළු අනිත් හැමදේමත් එන්න පුළුවන් වගේ නේද ඉයන්?

      Delete
  3. නෙලුම්යාය පදනමේ අනුශාසකත්වය යෙන්ද යෝජනාව හිටන්ට ගෙන ආවේ.

    ReplyDelete
    Replies
    1. ඕයි අර කලවැද්දන්ට පහරන්න තියෙන බ්ලොග් වලට යනව, අපිට පව් නොදී.

      Delete
    2. කලවැද්දට පහරන්ඩ දීපු චෑන්ස් එක ගැන තමා මේ බ්ලොග් එකේ තියෙන්නෙත් නේද ?

      Delete
  4. කොහොමත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න හමුදාව සම්බන්ධ වෙනව නේද ? කොහොම නමුත් ආණ්ඩුවක් විදිහට මේක කාලෝචිත තීරණයක්.
    වෘතිය අයිතිවාසිකම් කඩවෙන තීරණ වලදි සේවකයන්ට ඒවා දිනාගන්න අරගල කරන්න ඕනෙ , නමුත් හීනෙන් දකින දේවල් වලටත් ස්ට්‍රයික් කරන වෙලාවලදි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. කම්මල බොහොම ස්තූතියි

      Delete
  5. ෆොන්සේකාට විනය හදන්න දෙන එක.

    නරියට කුකුල්ලු බාර දුන්නා වගේ තියේද ?
    කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ තියේද?

    ReplyDelete
    Replies
    1. ඔටුවා කුඩාරම ඇතුලට ගත්තා වගේ?
      නයෙක්ව ඔඩොක්කුවේ දා ගත්තා වගේ?
      කොටියෙකුව වල්ගෙන් අල්ලා ගත්තා වගේ?
      යකෙකු බැඳන් වැඩ ගත්තා වගේ?

      Delete
    2. මැයි පළමුවෙනිදා ගෝල්ෆේස් එකෙන් තව උදාහරණ අහන්න ලැබෙයි.

      Delete
    3. ෆොන්සේකාට සිවිල් ආරක්‍ෂාව බාර දුන්නා වගේ?

      Delete
    4. රසික 'ආරක්ෂාව' කියන විෂය භාරදීමක් මෙතන වෙලා නැහැ නේද? වැඩවර්ජන වලින් වන මහජන අපහසුතා අඩු කිරීම නේද ඔහුට දී ඇතැයි කියන වගකීම?

      Delete
    5. මා කීවෙ සිවිල් කියායි. ඔබට අවශ්‍ය නම් මහජන යැයි කියන්න. එයින් මා අදහස් කළේ එය ජාතික ආරක්‍ෂාව පිළිබඳව නොව සිවිල් / මහජන කටයුතු පිළිබඳව බවයි.

      එනම් public-order crimes සහ civil disobedience වැලැක්වීම බවයි!

      Delete
  6. ලංකාවට ඕනේ ඒකා අදිපති පාලනයක් නැත්නම් පරිපාලන සේවයේ සිට සෑම නිලදාරියෙක් ගෙන් කාර්යක්ෂම සේවයක් ගන්නවා බොරු. ප්‍රේමදාස මහතාගේ කාලේ නිලදාරීන් පාන්දර 5ට සිරිකොතට ගෙන්නුවා කියල අහලතියෙනවා.
    All the best Sir.!!!

    ReplyDelete
  7. දරුණු තත්වයක් මේක නම්.

    ඔය හාදයා 2010 දී දිනුවා නම් මරා සහ ගෝටා කළාට වඩා විනාශයක් කරනවා.

    මගේ අදහස නම් ජනතා ඡන්දයෙන් ප්‍රතික්‍ෂේප වුනු මේ පුද්ගලයාට ඇමති තනතුරක් දැරීමට තබා පාර්ලිමේන්තුවේ සිටීමටවත් සුදුසුකමක් නැති බවයි. (ඒ වගේ තවත් කීප දෙනෙකු පාර්ලිමේන්තුවේ ඉන්නවා මට නම් මතක නැති වුනාට. මං හිතන්නේ ඇස්බී දිසානායකත් එක්කෙනෙක්!)

    ReplyDelete
    Replies
    1. රසික මේ කෙන තමන් තෝරාගත් වෘත්තිය ඉතාමත් හොඳට සහ අවංකව කල පුද්ගලයෙක් නේද? පලිගැනීමකට හිරේ දැම්මත් උපවාස නොකර ඒකටත් මූණ දුන්න කෙනෙක්. ඒ අනුව ඡන්දෙන් පත්නොවුණත් ඔහු ගේ සුදුසුකම් ඕනවටත් වැඩිය ඔප්පු කරපු කෙනෙක් නේද? හමුදා උපක්‍රම භාවිතා නොකර යහපාලන ප්‍රතිපත්ති මත ඔහුගෙන් සේවයක් වෙනවනම් ඒක ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ නේද? අනික මේවගේ කටයුත්තකට මීට වඩා සුදුස්සෙක් අද පාර්ලිමේන්තුවේ නැහැ නේද?

      Delete
    2. සිවිල් පරිපාලනය හෝ දේශපාලනය සඳහා හමුදාකරුවන් පැමිණීම අනුමත කළ නොහැකියි.

      එසේම, සිවිල් කටයුතු මැඩලීම හෝ වෘත්තීය විරෝධතා මැඩලීම සඳහා හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම ද අනුමත කළ නොහැක.

      හමුදාව අවශ්‍ය වන්නේ යුධ කටයුතු සඳහා ය.

      එදා 2010 දී මරා ඡන්දය දිනීම ගැන මා සතුටු වුනු එකම හේතුව එයයි. කල්පිත (hypothetical) තත්වයක් වුනත්, එදා මොහු දිනුවා නම්, මරා නතර වෙන්නේ ද ෆොන්සේකා ගිය තැනට වඩා අන්ත තැනක වීමට ද ඉඩ තිබුණි!

      Delete
    3. කෝටි ගණනක වාහනයක් ගෙන ඒම සහ ඒ පිළිබඳ කතා කිරීම හැර ඇමති ෆොන්සේකා කළ වෙනත් කිසිදු දෙයක් ගැන මා කියවා හෝ දැක හෝ නැති බව ද වියාචනයක් ලෙස (disclaimer) සඳහන් කරමි.

      Delete
    4. රසික ඔහු හිටපු හමුදාපති නිසා වෘත්තීය විරෝධතා මැඩළීමට හමුදා ක්‍රියාමර්ග ගැනීම වෙ යැයි ඔබ උපකල්පනයක් කරනවා කියා මට හිතෙනවා. යහපාලන ආණ්ඩුව කවදාවත් ඔහුව ආරක්ෂක ඇමති හෝ නියෝජ්‍ය ඇමති කලේ නැහැ. මට හිතෙන්නේ මේක ඊට වඩා වෘත්තීමය ප්‍රවේශයක් යැයි මට හිතෙනවා. වැඩවර්ජන අවස්ථා වලදී මහජනයාට වන කරදරය අවම කරගැනීමට කරන දෙයක් ලෙසයි මට පෙනෙන්නේ. බොහෝවිට එවන් අවස්ථාවල අත්‍යවශ්‍ය සේවා සැපයීමට ස්වේච්චා පිරිසක් සූදානම්ව තැබීම සහ එම ස්වේච්චා පිරිසට එවන් අවස්ථාවල එම සේවා සැපයීම අත්පත් කරගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසීම වගේ දේවල් වෙයි කියන එකයි මගේ හැඟීම.

      Delete
    5. හොඳයි, කාලයට ඉඩ දී බලමු!

      Delete
    6. මමත් හිතන්නේ නැහැ මේකෙන් හොඳ ආදර්ශයක් දෙනවා කියලා. වැඩවර්ජන,උද්ඝෝෂන නිසා මහජන පිඩාවක් වෙනවා නම් එක වලක්වන්න රජය මේ විදියේ ක්‍රියාමාර්ග ගැනීම නෙමේ කල යුත්තේ.විශේෂයෙන්ම මේ වගේ එක පුද්ගලයෙක් කේන්ද්‍ර කරගෙන ඔහු යටතේ රටේ විනය හදන්න පුළුවන් කියලා හිතනවා නම් එක විහිළුවක්.හැබැයි 2010 දී මමත් ජන්දේ දුන්නේ ෆොන්සේකාට.ඒ ඔහු ගැන ඇති විශ්වාසයක් නිසා නොවේ මහින්දගේ ජයග්‍රහි ජන්ද පරතරය අඩු කිරීමේ බලාපොරෝතුවෙන් තමයි ෆොන්සේකාට මගේ ජන්දේ දුන්නේ.

      Delete
    7. //වැඩවර්ජන,උද්ඝෝෂන නිසා මහජන පිඩාවක් වෙනවා නම් එක වලක්වන්න රජය මේ විදියේ ක්‍රියාමාර්ග ගැනීම නෙමේ කල යුත්තේ.//

      මනෝජ්, අත්‍යවශ්‍ය සේවා වල වැඩ වර්ජන ඔවුන් කරන්නේ මහජනයාට වන අපහසුව නිසා ඔවුන්ගේ අසාධාරණ ඉල්ලීම් පව දීමට රජය පෙලඹෙයි කියන විශ්වාසය උඩ. එවන් අවස්ථාවල මහජනයාට වන අපහසුව අඩු කරලීමට කල හැකි යැයි ඔබ යෝජනා කරන්නේ කුමක්ද? කොතරම් අසාධාරණ වුණත් ඉල්ලීම් ලබා දීමද නැත්නම් වෙන එකක්ද?

      Delete
    8. ඉල්ලීම් අසාධාරණනම් කල යුත්තේ විනය පාලකවරයෙක් දමා එවැනි වැඩවර්ජන මර්ධනය කිරීම නොව ජනතාව හරි ලෙස දැනුවත් කිරීමයි.නමුත් රජය ඒ දේ හරියට කරන බවක් පේන්නේ නැහැ.මේ යහපාලන ආණ්ඩුව ජනතාවාදී දේ කොපමණ කෙරුවත් ඒවායේ ලකුණු ලබා ගන්න අසමත් වෙලා තියෙන්නේ රජයේ ඇති දුර්වලකම නිසාමයි.රජය විසින් මේ වැඩවර්ජන වල සත්‍ය තතවය පෙන්වා දෙනවා නම් මහජනතාවට මේ කරණා වලදී රජයට හොඳ මහජන සහායක් ගන්න පුළුවන්.දොස්තර ළමයිට රජයේ උසස් පාසල් ඉල්ලා වැඩවර්ජනය කරන්න සැරසුණු විට ජනතාව හිටියේ රජය එක්ක.ඒ ඉල්ලීම්වල තිබ්බ අසාධාරණ බව ජනතාව දැක්කා.සමහර වර්ජන ගැන ජනතාව සංවේදී නැහැ.ජනතාව දැනුවත් කිරීම රජය පැත්තෙන් හරියට සිද්ධ වෙන්නේ නැහැ.එක නොකර මේ වගේ යෝජනා ගෙන එම නැති ප්‍රශ්නයක් ඇති කර ගැනීමක් කියලයි මගේ අදහස.

      Delete
    9. මනෝජ් ස්තූතියි. ලංකානිව්ස්වෙබ් එකේ තිබ්බ මාතෘකාවම මමත් යොදාගත්තා. ඒකයි ලිපියේ කරුණුයි දෙක වෙනස්. වැඩ වර්ජන මර්ධනය කිරීමක් මේ ආන්ඩුවෙන් කළොත් ඒකෙන් 'යහපාලන' ක්‍රමයත් එක්ක ගැටීමක් එනවා. එම නිසා වැඩ වර්ජන වලින් මහජනයාට විය හැකි අපහසුතා අවම කරගැනීමේ ක්‍රමයක් ෆොන්සේකා මහතා හරහා ක්‍රියාත්මක කිරීමට යනවා කියන එක තමයි මගේ වටහා ගැනීම.

      මෙහෙම හිතමු. අත්‍යාවශ්‍ය සේවාවල වැඩ වර්ජනයකදී ඔවුන් සේවා ස්ථානයෙන් ඉවත්ව වර්ජනය කළ යුතුයි කියා නීතියක් තිබෙනවා කියා හිතන්න. ඒ සමඟම එම සේවා පවත්වාගෙන යාමට පුහුණු ස්වේච්චා සේවකයි ප්‍රමාණයක් සිටිනවා යැයි සිතන්න. එවිට වර්ජනයකදී සේවා ස්ථාන එම ස්වේච්චා සේවකයින්ට භාරදීම නීතියෙන් අවශ්‍ය වෙනවා. එවිට වැඩ වර්ජනය අවසන් වනතුරු එම ස්වේච්චා සේවකයි සේවා පවත්වාගෙන යනවා. විදුලිය, ජලය, ඉන්ධන වගේ සේවා මහජනයාට දිගටම ලැබෙනවා. එවිට මහජනයාගේ අපහසුව නිසා දිය නොහැකි දේවල් දීමට රජයට සිදුවන්නේ නැහැ. එමෙන්ම වැඩ වර්ජන නිසා මහජනයාට අපහසු කම් ඇතිවන්නෙත් නැහැ. මෙවන් ක්‍රියා පටිපාටියක් සහ එවන් ස්වේච්චා සේවකයින් ( බොහෝ විට හමුදා සාමාජිකයින් හෝ සිවිල් ආරක්ෂක සේවා යොදාගෙන) සැකසීම වගේ එකක් තමයි මම හිතන විදිහට මේ පත්වීමෙන් බලාපොරොත්තු වෙන්නේ.

      Delete
    10. ඔව් ඉයන් ඔබ අදහස් කරන විදියේ ක්‍රමයකට මමත් එකඟයි.නමුත් මේ ලිපියේ මාතෘකාව නිසාත් කරුණු මද කම නිසාත් ඇති වෙන්නේ වෙනත් අදහසක්.

      Delete
  8. ජෙනරාල් ලවා කොස් ඇට බෑවීම :)

    ReplyDelete
    Replies
    1. මහජනයාට කොස් ඇට ඕන නම් ආණ්ඩුව කවුරු ලව්වා බාලා දුන්නම මොකද? ස්තූතියි ඇණයා.

      Delete
  9. දැනටමත් බ්ලොග් බයියො බොරු අර්තකථන දෙන්න පටන් අරන්

    ReplyDelete
  10. අඩු ගණනේ හැම මඟුලටම පාර බ්ලොක් කරගෙන කරන විරෝධතාවත් පාලනය වෙනව නම්

    ReplyDelete
    Replies
    1. ඒක වෙයිද කියල නම් විශ්වාසයක් නැහැ. ස්තූතියි ප්‍රා ජේ

      Delete
  11. පාරවල්ඒ වහගෙන උද්ගෝෂණ කරන එක නතර නොවන තාක් මේ වැඩෙන් වැඩක් වෙන එකක් නෑ.. උදාහරනෙකට ඔය විශ්ව විද්‍යාල සිසුන් වගේ කරන උද්ගෝෂණ වලින් එදිනෙදා ජන ජිවිතයට සිදුවෙන හානිය හරි අපරාදයක් නේ... ඉස්කෝලෙක විනය හදනවා වගේ රටක විනය හදන්න පුළුවන් ද.. හෙහ් හෙහ්

    මේ මනුස්සයට යමක් කරන්න පුළුවන් වෙයි කියල හිතමු. හැබැයි වැඩි ඉඩක් තියෙන්නේ වැඩේ අනාගෙන නාගන්න.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. මේක එයාගෙ වෘත්තියට තරමක් අදාල දෙයක් නිසා හොඳක් වෙයි කියල හිතමු. ස්තූතියි පැතුම්

      Delete
    2. hariyatama yudhdhe anaagena naagaththaa wageidha Pathum ? Oyaa kohedha hitiye ei kaale ? adha oyaala bayak nathuwa ratei inne mei manussayaa kala dhei nisaa neweyidha ? You are a typical sri lankan...

      Delete
    3. ඇනෝ, අනේ මම අදහස් කලේ එහෙම එකක් නෙවෙයි. මම මේ මනුස්සය යුද්ධය වෙනුවෙන් කරපු කැප කිරීම හැමදාම අගය කරනවා. හැබැයි ඊට පස්සේ කරපු දේවල් නම් අනාගෙන නාගත්තා කියලයි මට හිතෙන්නේ.. හෙහ් හෙහ්. මම ටිපිකල් ශ්‍රී ලාංකික තමයි මචං.. හැබැයි ඉතින් හොඳ දේට හොඳයි නරක දේට නරකයි කියන ජාතිය.. ටෝයියෙකු හෝ බයියෙකු නොවෙන ටොයි බයි දෙකේම හොඳ අගය කරන්න කැමති ශ්‍රී ලාංකිකයෙක් හෙහ් හෙහ්

      Delete
  12. හරිම කැමතියි. SF වැඩේ නියමට කරයි. අපේ පරම්පරාවට ඕනේ දරදඬු පාලකයන් හරියට පරණ ඉස්කෝල මහත්තුරු වේවැල පවිච්චිකරා වගේ. xක පැලෙන්න ගහන්න ඕනේ මේ කඩාකප්පල්කාරින්ට. GOMA, අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය, චීවරධාරී තාගලා, පාතාල සෙට්එක පරිස්සමෙන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ බොහොම ස්තූතියි

      Delete
  13. ජනපති මයිත්‍රීගේ සහ අගමැති රනිල්ගේ ඍජු අණ යටතේ සිදුවෙනවා නම් හොදයි. එහෙම නොවෙනවා නම් මේ මිලිටරි බලය තවත් සුදු වෑන් එකක් හෝ සුරතල් මොර ටැංකියක් වේවිද දන්නේ නෑ.

    ලිහල කන්න දුන්නම ගොයම් ලියද්දත් එක්කම කන හරක්ට දිගේලි කරලා කන්න දෙන එක හොදයි. යහපාලනේ කියන්නේ කුණු වුණ රජයේ නිලදාරීන්ගේ ඩිස්නිලන්තයක් නෙවෙයි කියන එක දැන්වත් මතක් වෙලා තියෙන එක වටිනවා හිටන්.

    දැන් පටන්ගත්තත් 2015 බලාපොරොත්තු වුණ වෙනස මුලිකව ආරම්භකරලා පෙන්වන්න ඇති තරම් කාලය තිබෙනවා. මයිත්‍රී දැන් තේරුම් අරගෙන වගේ හිටන්. ආසන සංවිදයකලට සලකපු හැටියෙන් පේනවා. ලොකු දෙයක් හැබැයි.

    මොනවා වුනත් ජීවිත හානි කරන්නේ නැතුව ටිකක් රිදෙන්න වේවැල් කසාය විතරක් දීල මේ වර්ජන ලෙඩේ සනීප කරලා දෙනවා නම් ලොකු පිනක්.

    ReplyDelete
    Replies
    1. වැඩ වර්ජන මර්ධනය කියල එක යහපාලනයට අදාල වෙන්නේ නැහැ. එමනිසා මොකද්ද කරන විදිහ කියල බලාගෙන ඉන්න වෙනව. බොහොම ස්තූතියි ඇනෝ.

      Delete
  14. මරු තියරි

    1. යුද්ධය ඉවර කලේ ගෝටා , ෆොන්සේකා දන්නා බම්බුව
    2. ගෝටා ජනාධිපති කමට හොඳයි , ෆොන්සේකාට ඇමති කමක් වත් හොඳ නෑ.

    තේරෙන්නේ නෑ අප්පා

    ReplyDelete
    Replies
    1. /// ගෝටා ජනාධිපති කමට හොඳයි , ෆොන්සේකාට ඇමති කමක් වත් හොඳ නෑ. ///
      e kiyanne chanda one naha...
      Hathara hinaa bolaw...

      Delete
    2. ෆොන්සේකා පඬියා වගේ වෙනම ඉල්ලලා කරගත්තේ ඔය, ගෝටාටත් කියපන්කො වෙනම පක්ෂයක් හදාගෙන ෆොනී වගේම ඉල්ලන්න කියල වෙනදේ බලන්න. දෙන්නම එකයි කියන එක උඹලට තේරෙන්නේ නැත්තේ ඇයි බං.

      Delete
    3. //ෆොන්සේකාට ඇමති කමක් වත් හොඳ නෑ.

      තේරෙන්නේ නෑ අප්පා//
      චන්ද 5000ක් වත් ගන්ඩ බැරි උනු මරුවින් ව චන්ද්‍රිකා, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනල්ලා අමති කමක් දුන්නා 2004 ඕන මැර වැඩ, සක්කිලි වැඩ ඔක්කොම කර ගත්ත. මහින්ද මිනිහගෙ ඔලුව අත ගාලා ලඟින් තියා ගත්තා එයත් තමුන්ට ඕන මැර වැඩ, සක්කිලි වැඩ ඔක්කොම කර ගත්ත එතනින් එහාට වෙච්චි දේ කියන්ඩ ඕනෙ නැහැනේ.

      ෆොන්සේකාට ඇමති කමක් වත් හොඳ නැත්තේ ඇයි කියල තේරුම් ගන්ඩ ඔළු කට්ට ඇතුලේ අහවල් එක තියෙන්ඩම ඕනේ

      Delete
    4. දේශපාලකයෝ එකෙකුට වඩා අනිකා හොඳයි කියලා හිතන උඹලගේ නං මොලේ තියෙන්නේ අහවල් එක ඇතුලේ තමා

      Delete
    5. //දේශපාලකයෝ එකෙකුට වඩා අනිකා හොඳයි කියලා හිතන උඹලගේ නං මොලේ තියෙන්නේ අහවල් එක ඇතුලේ තමා//
      දේශපාලකයෝ එකෙකුට වඩා අනිකා හොඳයි කියලා නේද උඹල පහු ගිය චන්ද වලදි රෙදි නැතුව කඩේ ගියෙ ?

      Delete
    6. මචං, පොනී ජන්දේ ඉල්ලුවේ තනියමද ප්‍රධාන පක්ෂෙකින්ද කියන එක අදාළ නැහැ, ඔහු ජන්දයෙන් පැරදුණු අයෙක්. ජනතාව ප්‍රතික්ෂේප කල අයෙක්, ඒ වෙන වෙලාවක නෙමෙයි, පැවතී වාතාවරණය ඔහු නියෝජනය කල යහපාලන කණ්ඩායමට හොඳින්ම වාසි අවස්ථාවක...

      පොනී ඇමතිකමට විතරක් නෙමෙයි මේ පාර පාර්ලිමේන්තු යන්නත් සුදුසු නැහැ ඔහු පරාද නිසා...
      ඒක පැරදිච්ච හැමෝටම අදාළයි...

      ///දෙන්නම එකයි කියන එක උඹලට තේරෙන්නේ නැත්තේ ඇයි බං. ///

      දෙන්නම එක වෙන්නේ කොහොමද බං, මොනවද මේ තර්ක...
      පොනී දෙපාරක්ම ජනතාවගෙන් රිජෙක්ට්, නමුත් මේ ආණ්ඩුව ජනතා කැමැත්ත (ප්‍රජාතන්ත්‍රවාදය ද මොකක්ද එක) නොසළකා (හැබැයි නම යහපාලනය) ඔහුව පාර්ලිමේන්තු ගෙනත් ජනතාවගේ බදු මුදලින් ඔහුව මුර බල්ලෙක් විදිහට නඩත්තු කරමින් භාවිතා කරනවා...
      ඔහු පාර්ලිමේන්තුවේදී ජනතාව වෙනුවෙන් කටක් ඇරලා තියෙනවද...

      කළිනුත් කිව්වා වගේ ගෝටා දේශපාලනයට එනවද කියන එක අපි තාම දන්නෙත් නැහැ, ඊටත් මිනිහව තාම ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙලත් නැහැ...
      එතකොට ඒ දෙන්නා දේශපාලනයේදී සමාන වෙන්නේ මොන පදනමකින්ද...

      Delete
    7. ඉවාන් / ලොක්කා/ ඇනෝ බොහොම ස්තූතියි

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. තීරණනම් ගන්නවා බලමු ක්‍රියාත්මක වෙන හැටි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රස්ති

      Delete
  17. පොන්සේකා හමුදාවේ ඉන්න කාලේ විනය තකන්න ගියා කියල කතාවකුත් තිබුනනේ.

    ReplyDelete
  18. //සිවිල් පරිපාලනය හෝ දේශපාලනය සඳහා හමුදාකරුවන් පැමිණීම අනුමත කළ නොහැකියි.

    එසේම, සිවිල් කටයුතු මැඩලීම හෝ වෘත්තීය විරෝධතා මැඩලීම සඳහා හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම ද අනුමත කළ නොහැක.

    හමුදාව අවශ්‍ය වන්නේ යුධ කටයුතු සඳහා ය//


    ඉයන්, හොඳ ළමය වගේ මෙන්න මේ වැදගත් අදහස් ටික ඉහලට වාර්තා කරන්න ප්ලීස්.

    සිනුවර රසිකත් ඉතින් නොදන්නා දේ ගැනමනේ කතා කරන්නේ. ඔය දන්න විධියට තිඹිරි ගෙඩි වැනි දෙයක් ගැන හොයාගෙන බලාගෙන පාඩුවේ ඉන්නකෝ.

    ReplyDelete
  19. ඉයන්,

    මෙතන වෙනදේ තේරුම්ගන්න එච්චර අපහසු නෑ ඉදිරියේ ආර්ථික තත්වය නරක අතට හැරෙනවා දැන් රජය ටිකෙන් ටික මර්දනය දියත් කරනවා.
    ඉදිරි මාස වලදී ඔබට ජනමාද්‍ය නිදහස සහ රාජපක්ෂ පාලනයෙන් නතුවුණා කිව්ව නිදහස ලැබුන බවයි මෝඩ බුද්දිමතුන් කිවේ නමත් ඉදිරියේදී ඔය කියන නිදහස නැතිවෙන හැටි බලාගන්න පුළුවන්.

    මේක කියවන අය මම මහින්ද වාදියෙක් කියල කියයි දැන්, ඒ අයට කියන්න තියෙන්නේ බැරිවෙලාවත් 2015 දී මහින්ද බලයට ආවනම් මේ කියන නිදහසවල් නැතිවෙලා බොහෝකල්.

    දැන් රජය ට උවමනාකරණ මුදල් සම්පාදනයත් ඒවා නොලැබෙන විට ජනතා මර්දනයත් කියන දෙය මේ රටේ ටෝයියන්ටත් බයි යන්ටත් දැකගැනීමට හැකි වෙයි.

    ReplyDelete
    Replies
    1. මේක මොන විදිහට යයිද කියල බලාගෙන ඉන්න වෙනවා ලංකා. වැඩ වර්ජන මර්ධනය කිරීම නම් යහපාලන ප්‍රතිපත්ති වලට විරුද්ධයි. මහජනයාට වෙන අපහසුව සමනය කරන්න මොනවගේ දෙයක් වෙයිද කියල බලමු.

      Delete
  20. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රටේ විනය හදන්න බාරදීම....

    නෙලුම්යාය පදනමේ බ්ලොග් පොලිසිය ඉයන් පියන් බාර ගත්තා වගේ හිටි....

    ReplyDelete
  21. කවුරු හරි බාර අරගෙන රටේ විනයක් ඇති කරන එක ලොකු දෙයක් ...
    එපා එකටයි ඕනේ එකටයි හැම එකටම පාරට බහින එවුන් නිසා දවසක අපි පාරට වැටෙනවා

    ReplyDelete
    Replies
    1. බේබද්දෝ පාරට වැටුනට ඇයි අපිට පාන් ද?

      Delete
    2. ස්තූතියි මෙන්ඩා

      Delete
  22. ඉයන් ඔබ පොන්නයෙක් වුනාට ඒක මෙහෙම ප්‍රසිද්ධ කරන එක හරි නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. ඉයන් ඔබ පොන්නයෙක් වුනාට
      නෙලුම්යාය පදනමේ බ්ලොග් පොලිසිය ඉයන් පියන් ට මෙහෙමත් අපහාස කරන්න එපා

      Delete
  23. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  24. ආණ්ඩුවේ පරිහානිය වඩාත් වේගවත් කරගැනීමේ උපක්‍රම ආණ්ඩුව විසින්ම අනුගමනය කරමින් සිටී.

    ReplyDelete