Monday, April 17, 2017

හෙල්පිං මීතොටමුල්ල



කුණු කන්ද කඩා වැටීම සහ ඒ සම්බන්ධයෙන් රජයේ ක්‍රියාමාර්ග ගැන විවිධ විවේචන විවිධ මාධ්‍ය වල පළවේ. රජයේ ප්‍රතිචාර ගැන මටත් ඇත්තේ චකිතයකි. මීට ඉහත ඇතිවූ ඛේදවාචක වලදී බලයේ සිටි අය ඉතා ප්‍රතිචාර දැක්වූ වේගය හා සසඳන කල මෙම රජය සිටින්නේ බොහෝ පිටුපසිනි. විසි ගණනක් මිය ගොස් එවන් ගණනක් අතුරුදන් වී ඇති මෙම සිද්ධිය විසි දහසක් මියගිය 2004 සුනාමි සිද්ධිය හා සසඳන කල ඉතා කුඩාය. එවන් විශාල සිද්ධියකට රට මුහුණ දුන් අවස්ථාවේ රටේ එවකට සිටි අගමැතිවරයා යුහුසුළුව ප්‍රතිචාර දැක්වූ ආකාරය සැලකූ කල මෙම සිද්ධියේදී අගමැති වරයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා වියට්නාමයේ කලින් යොදාගත් සංචාරයකට සහභාගී වීම නම් පුදුම සහගතය. අඩුම තරමේ 'හෙල්පිං මීතොටමුල්ල'  නමින්    ගිණුමක් වත් විවෘත කර විදේශ වලින් එන මුදල් ටික ලබා ගැනීමටවත් උත්සාහයක් නොගන්නා බව පෙනී යයි.  
2004 ඛේදවාචකයේදී මෙවන් කටයුතු සඳහා දිවි හිමියෙන් ඉදිරියට පැමිණි හෙල්පිං හම්බන්තොට ගිණුම අයත්වූ, කුරුණෑගල පා.ම ගේ අක්කා ගෙන් හෝ නාම්බාට හෙටක් ව්‍යාපාරය ගෙනගිය නාම්බාගෙන් හෝ උපදෙස් ලබා ගැනීමට ඇති හැකියාව ගැනවත් තවම සොයා බලා නැත.



මියගිය සහ අතුරුදන්වූ අයගේ පවුල්වල සැමට මගේ ශෝකය. 

36 comments:

  1. මේ සැරේ එහෙම කරන්න ඕනේ නෑලු. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමයි, මාමයි බෑනයි එක්ක හැම දෙයක්ම බලා ගන්නවලු. ඒක නිසා අගමැති තුමාට කිසි හිතේ කරදරයක් නැතුව සංචාරේ ඉවර කරන්න පුළුවන් ලු.
    දැන් අපි දියුණුයිනේ...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. ඒ වුණාට හෙල්පිං මීතොටමුල්ල කියල දාගත්තනන් විදේශ මුදල් ටිකක් හොයා ගන්න තිබ්බ.

      Delete
    2. හෙල්පින්ග් මීතොටමුල්ල කියලා එකක් තිබ්බ 2016 ජනවාරිවලට කලින්. එකෙන් මරික්කාර්ටයි, හිරුණිකාටයි, කොලඹ හාදයාටයි හෙල්ප් කලා.

      Delete
    3. Typo: 2016 -> 2015

      Delete
    4. ඒ වුණාට බොස් අර මැරිච්ච වුන් ටිකයි කැඩිච්ච ගෙවල් ටිකයි එහෙම නිකම්ම යන්න දෙන්න පුළුවන්ද? අගමැතිට උපදෙස් දෙන්න කියල කුපාමට කියන්න බැරිද?

      Delete
    5. 2015 ට කලින් තව හෙල්පිං ඒව තිබ්බ නේ සර්. අර නාම්බට හෙටක් කියල ඒවත් තිබ්බනෙ. ඒව ගැන කාටද මතක?

      Delete
    6. සහතික ඇත්ත..කොච්චරනම් හෙල්පින් ප්‍රොජෙක්ට් තිබ්බ ද නේද..හැබැයි හොඳම එක තමයි, රනිල්ට ජන්ද දිනන්න බැරි නිසා, බොරු විධායක අහෝසියයි, යහපාලනයයි ඉස්සරහට දාලා කරපු හෙල්පින් රනිල් ප්‍රොජෙක්ට් එක.

      Delete
    7. අනේ ඇත්තටම නේද? ඔයාගෙත් මොලේ. මහින්ද 2005 පරදින නිසා කොටින්ට සල්ලි දීල ඡන්ද වර්ජනේ කොරල දිනාගත්ත හෙල්පිං කොටියා ටු හෙල්ප් මහින්ද එකත් ඒවගේ එකක්ද?

      Delete
    8. මගේ මොලේ අවුලක් නිසාද මන්ද මට පේන්නේ,,මහින්ද කොටින්ට සල්ලි දීල මාරම හෙල්ප් එකක් කරා කියලා. ප්‍රේමදාස උන්නැහේත් එවගේ හෙල්ප් එකක් කරන්න ට්‍රයි කලා ආයුධ ලොරි පිටින් දීලා, හැබැයි වැඩේ හෙල්ප් උනේ උන්නැහේටමයි...

      Delete
    9. ඒ කථාව නම් ඇත්ත. ඔක්කොම හෙල්පිං කට්ටිය තමයි.

      Delete
    10. Mr. Asanga Manpitiya

      කාගේ කාගේත් කිල්ලෝටවල කුණු ටික ටික හෝ ඇත.

      යුරෝපයේ රටවල් අතරින් ඉතා පිරිසිදු ම රටවල් දෙකක් වන්නේ ස්විට්සර්ලන්තය සහ ස්වීඩනය ය. එම රටවල් එකී පිරිසිදු තත්ත්වයට පත් ව ඇත්තේ කුණු නැති නිසා නො ව කුණු නිවැරදි ව කළමනානරණය කර ගන්නා බැවිනි.

      ස්වීඩනවාසී අපගේ හිතවත් අසංග මාන්පිටිය සුමිතුරා ස්වීඩනයේ කසළ කළමනාකරණ රහස් පිළිබඳ අදහස් දැක්වීමට චඩා සුදුසු පුද්ගලයා ය.

      Delete
    11. ඉතින් එච්චර බැක් එකක් දීපු එකාට ඇයි කොටි බෝම්බ තිබ්බෙ?

      Delete
  2. කුපාම ගේ ගෝලයෝ සෙට් එකක් හෙල්පින් මීතොටමුල්ල ප්‍රොජෙක්ට් එකක් පුංචියට කරනවා..

    ReplyDelete
    Replies
    1. අර 22 ක් අහුවෙලා ඉන්නෙ ඒ කට්ටියද?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  3. නාලක ගොඩහේවා නම් හොරා ගසා කාපු කෝටී 100 ගනනින් මීතොටමුල්ල කුනු කන්ද සම්පුර්නයෙන් ප්‍ර‍තිචක්‍රියකරනය කලහැකි අංගනයක් සෑදීය හැක.

    ReplyDelete
    Replies
    1. නාලක ගොඩහේවා ගසා කෑ බවට චෝදනාවක් තිබෙනවාද? ක්‍රිශ් ගණුදෙනුවේ මිලියන 400 ඔහු ලබා ගෙන ඇත්තේ නාමල් රාජපක්ෂගේ උපදෙස් පරිදි නේද? එම මුදල් නාමල්ට ලබා දුන් බවට ඔප්පු වී තියෙනවා නේද?

      Delete
  4. මහින්ද රනිල්ට හෙල්පින් (සිරිකොත බේරාගැනීමේ මෙහෙයුම )
    රනිල් මහින්ද හෙල්පින් (මහින්දට ඇතුළු නඩය බේරාගැනීම )
    මහින්ද රනිල් හෙල්පින් (පර්පර්ටුවල් ගෙමෙන් කෙලවගන මහින්ද අගමැති උනාම )
    රටේ මිනිසුන්ට නො පින් (මුන් දෙගොල්ලෝ රට බංකොලොත් කලාම )

    ReplyDelete
    Replies
    1. Well said.

      ++++++++++++

      All these bastards are in the same boat. Shame on these blind supporters. Stupid.

      Delete
  5. නියඟය වැස්ස කුණු ගැන අපි තව හිතමූ
    ගිය පසු අතීතය යළි ගණු බැහැ දනිමූ
    සිය දිවි කුණුවලට දුන් අය ගැන හිතමූ
    කියමින් පරිසරේ රකිනට බල කරමූ.....

    ජයවේවා!!!

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. සාලාවේ මිනිස්සුන්ට තවම හරි හැටි වන්දි දීලා නෑලු..
    අර්ජුන් කාරයා වියට්නාම් ගිහිල්ලත් බලන්නේ අපේ පුසා කරපොත්තනට කුරුමානම් අල්ලන විදියටම තමයි

    ReplyDelete
  8. හැමෝම හැමෝටම හෙල්පින් කරගෙන හිටියම හරි. :)

    ReplyDelete
    Replies
    1. අජ්ජෝ, අර අය වැය වාර්තාව එහෙම දුන්නනං මක්ක වෙනවද ඔය අනුන්ගේ කුණු ගොඩවල් බදාගෙන ඉන්න වෙලේ?

      Delete
    2. අජිත් ධර්ම,

      ඔබ කොතරම් උගත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමට තැත් කලත් ඔබගේ අපරිනිත, පසුගාමී ගොත්‍රිකභාවය ඔබගේ වියමන් හා ආලෝචන මගින් මොනවට පැහැදිලිවෙනවා. පහතින් දෙකවෙන්නේ එවන් අවස්ථා කිහිපයක්.

      (1) යුද්ධයේදී බොහෝ සිවිල් වැසියන් මියයාම පිළිබඳව පසුගිය රජයට විශේෂයෙන් රාජපක්ෂ සහෝදරවරුන්ට චෝදනා කරන අතර කෙසේ හෝ කුමකින් හෝ නෙල්යුම් යාය සම්මාන උළෙල පවත්වුවායයි උදම් ඇනීම. ඔබට නොවහටෙන හෝ නොවහෙටනසේ සිටින්නේ වසර 30ක් තිස්සේ මිනිස් ජිවිත හා ඇති විශාල ආර්ථික පරිහානින් සමග ඇදීගිය යුද්ධය රාජපක්ෂ සහෝදරවරුන් හා සරත් ෆොන්සේකා මුල්වී 'කෙසේ හෝ' නැවතු බවයි.

      (2) බොහෝ ප්‍රශ්නකාරී අතීතයක් හා එයටත්වඩා ආන්දෝලනාත්මක වර්තමානයක් ඇති රාජිතව නෙලුම්යයට ආරාධනා කිරීම ඔබට අදාළ නොවන්නේනම් අතර එවැනිම පසුබිමක් සහිත වුවද දක්ෂ පාලකයෙකු වන ඝෝඨාභය රාජපක්ෂ 2020 ජනාධිපතිවරනයට ඉදිරිපත්වීම ඔබට අදාළ වන්නේ කෙසේද?

      Delete

    3. “He has a right to criticize, who has a heart to help.”
      ― Abraham Lincoln

      Delete
  9. ඉයන් මේ කුණු ගොඩ කලක හිටන් පාවිච්චි වුනේ මජර දේශපාලකයන්ගේ වාසියට. කුණු ගොඩ කඩා වැටී මිනිසුන් මියයාමේ ඛේදවාචකය පවා ඔබත් යොදා ගන්නේ ඔබ කැමති මජර දේශපාලකයන්ට සුදු හුණ ටිකක් ගාන්නත් ඔබ අකමැති මජර දේශපාලකයන්ට පොඩි කෝචෝක් එකක් දාන්නත් නේද ? අමනාප වෙන්න එපා. ඔබ මෙතැනදී මජර දේශපාලකයන්ටත් වැඩිය කැත වැඩක් නේද මේ කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීමේදී අපි හැමෝම අඩු වැඩි වශයෙන් වැරදිකාරයෝ.හෙල්පින් හම්බන්තොට ගිණුමෙන් සුනාමි මුදල් මහින්ද වංචා කර තිබෙනවා නම් ඇයි යහපාලන ආණ්ඩුව ඒ ගැන පියවරක් නොගන්නේ.රනිල්,මහින්ද ඩිල් එකක් නිසාද ?එහෙම වැරදිකරුවන් මේ ආණ්ඩුවත් ආරක්ෂා කරනවා නම් අර මහින්දගේ ෆයිල් කතාවට මේකත් දෙවැනි වෙන්නේ නැහැ නේද?

      Delete
  10. කොයි හොරාටවත් සුදු හුණු ගෑවට ඕකුන්ගෙ ගද එලියට එන එක නවත්තන්න බෑ.
    සුද්ද රට ආපහු දුන්නට පස්සෙ මීතොටමුල්ලෙ කුණු කන්ද නාය ගියා වගේ තමයි අපේ රට ඇදගෙන වැටුනෙ.

    ReplyDelete
  11. මීතොටමුල්ලේ කුණු කන්ද පිළිබඳව ගැඹුරින් සිතා කරුණු අධ්‍යනය කොට, සස්ටෙන-බල් විසඳුමකට තම කාලය යොදවන්න කියා එයට අවශ්‍ය කායික සහ මානසික සුවය ළඟා කර ගන්න කියා අපගේ මන්ත්‍රීවරුන්ට කාර් - වැඩි පඩි - පිටරට සවාරි යනාදිය ලබා දීමට වැඩ පිළිවෙලක් යොදා තිබියදී කුණු කන්ද නාය ගිය එක වැරදියි නේද?

    ReplyDelete
    Replies
    1. ඒක හරි. එක පවුලකට වාහන 1000 ක් තියාගෙන හිටපු එක සම කරන මෙච්චර උත්සාහ ගන්න කොට, අර 100-200 අරගෙන් ශ්‍රී ලංකන් එකෙන් ප්ලේන් පිටින් අරගෙන සවාරි ගහපු එක සම කරන්න මෙච්චර උත්සාහ ගන්න කොට කුණු කන්ද නාය ගිය එක වැරදියි.

      Delete
  12. ඉයන්ලටත් ඉතින් කුණු ගොඩක් හරි කමක් නේ මහින්දට ඇදල අරින්න පුලුවන්නම්.

    ReplyDelete
    Replies
    1. යුද්ධය දිනීමට දේශපාලන නායකත්වය දීම හැරුණු කොට සිය දේශපාලනයේ සිටින විශාලතම ප්‍රෝඩා කාරයා ගැන නොලිය කොහොමද සෑර්?

      Delete
  13. ඉයන් ඔබ පොන්නයෙක් වුනාට ඒක මේ විදියට ප්‍රසිද්ධ කරන එක හරි නෑ නේද?

    ReplyDelete
  14. හෙල්පින් මීතොටමුල්ල එකනම් මරු ඈ........

    ReplyDelete