Tuesday, April 4, 2017

රවී ජයවර්ධන, ඔබට සුභ ගමන්




රවී ජයවර්ධන යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ එකම දරුවාය. වයස 80 ක් වූ ඔහු ඊයේ දිවියෙන් සමුගත්තේය. රටක පාලකයෙකුගේ දරුවෙකු කෙසේ හැසිරිය යුතුද යන්න ගැන ඔහු ලොවටම ආදර්ශයක් විය. සිය පියා රටේ විධායක ජනාධිපති ලෙස සිටි අවුරුදු 10 ක කාලය තුල ඔහු තම පියාගේ තනතුර අභාවිතා කල එකම සිද්ධියක් හෝ අසන්නට නොලැබිණි. පියා එ.ජා.ප ආරම්භක සාමාජිකයෙකු වූවත්, රටම දන්නා දේශපාලකයෙකු වූවත් රවී ජයවර්ධන කිසිදිනක දේශපාලනය නොපැමිණියේය. ඔහුට පෙර රටේ නායකයින් වූ ඩී.එස්.සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී සහ සිරිමා බණ්ඩාරණායක යන අයගේ දරුවන් දේශපාලනයට පැමිණියත් රවී ජයවර්ධන ඔවුන්ගේ දරුවන්ව ආදර්ශයට ගත්තේ නැත. අවාසනාවකට ජේ ආර් ට පසුව රටේ නායකත්වයට පැමිණි ආර්. ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ වැනි අයගේ දරුවන් රවී ජයවර්ධනව ආදර්ශයට ගත්තේත් නැත. 

 එවකට දේශපාලනයට පැමිණි බොහෝ දෙනෙක් එසේ කලේ රටට සේවය කිරීමේ බලාපොරොත්තුවෙනි. එම නිසා රවී ජයවර්ධන දේශපාලනයට නොපැණීම ඔහුට රට ගැන ආදරයක් නොමැති පුද්ගලයෙකු යැයි යමෙකුට තර්ක කල හැක. එය එසේ නොවන බව කීමට සමහරක් දන්නා උදාහරණ දෙකක් දැක්විය හැක. ජේ ආර් පාලන සමයේ ත්‍රස්තවාදීන් මායිම් ගම්මාන වල වැසියන් ඝාතනය කිරීම් සිදුවෙද්දී ඒවා වැලැක්වීමට රවී ජයවර්ධන තම පෞද්ගලික කාලය යොදවමින් හමුදාව සමඟ සහ එම වැසියන් සමඟ විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කලේය. ඔහු එම කටයුතු සඳහා විශේ පිළිගැනීමක් හෝ ප්‍රසිද්ධිය බලාපොරොත්තු නොවීය. 

වෘත්තියෙන් ගුවන් නියමුවෙකු වූ ඔහු පළමුව එයා සිලෝන් ආයතනයේත් පසුව එයා ලංකා සමාගමේත් සාමාන්‍ය ගුවන් නියමුවෙකු ලෙස සේවය කලේය.තම පියා විසින් සිංගප්පූරු ගුවන් සේවයේ සහය ඇතිව ආරම්භ කල එයා ලංකා සමාගමේ සභාපති හෝ අනික් තනතුරු ලබා ගැනීමට ඔහුට වුවමනාවක් නොවීය. රටේ තිබූ ආරක්ෂක තත්ත්වය නිසා ස්ව අධ්‍යනයෙන් ආරක්ෂක කටයුතු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත් ඔහු පිළිගත් ආරක්ෂක විශේඥයෙකු වට පත්විය. එම දැනීම යොදාගෙන රට වෙනුවෙන් ඔහු සිදුකල අනික් සම්මාදම 30 අවුරුදු කාලයේදී යුද්ධයෙන් විය හැකිව තිබූ විශාල හානි වැලැක්වූවක් විය. ස්වේච්චාවෙන් තම පියාගේ ආරක්ෂක උපදේශක ලෙස ක්‍රියා කරමින් සම්මත ක්‍රම වලට ත්‍රස්තවාදීන්ට මුහුණ දෙමින් සිටි යුධ හමුදාවට සහය පිණිස විශේෂ කාර්‍ය බලකාය (Special Task Force or STF) හඳුන්වා දුන්නේ රවී ජයවර්ධන විසිනි. බ්‍රිතාන්‍ය විශේෂ බලකායන්හී (British Special Forces) සේවය කල ඉවත්වූ පිරිසක් ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකා පොලීසියේ තෝරාගත් පිරිසක් පුහුණු කරවමින් පොලිස් විශේෂ කාර්‍ය බලකාය පිහිටුවීමට ඔහු ගත් එම ක්‍රියාමාර්ගය මුළු යුද්ධ කාලයේදීම හමුදාවන්ට සුවිසල් ශක්තියක් විය. රටපුරා භීතිය පතුරමින් සිටි බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට බිය යන්නෙ කුමක්ද යන්න ගැන හැඟීම පළමුව ලබා දුන්නේ 'නොහැක්කක් නොමැත' යන උත්ප්‍රේරක පාඨය පෙරටු කර ගෙන ක්‍රියාත්මක වූ මෙම බලකායයි. වසර කිහිපයක්ම නැගෙනහිර පළාතේ රාජ්‍ය බලය පවත්වා ගත්තේ ඔහුගේ පුරෝගාමිත්වය නිසා ඇතිවූ මෙම පොලිස් විශේෂ කාර්‍ය බලකාය නිසායි. 

පියාගේ තනතුර අභාවිතා කොට රජයේ දේපල සොරා නොගත් රවී ජයවර්ධන තම පියා මිය ගිය පසු පියා ගේ කැමැත්ත අනුව යමින් පාරම්පරික දේපල රට වෙනුවෙන් පරිත්‍යාග කලේය. 

ඔහු සතු විශේෂ ගුණාංගයක් වූයේ නිහතමානී කමයි. රටේ විධායක ජනාධිපති ගේ බිරිඳ වූවද කිසිම දේශපාලන කටයුත්තකට අත නොපෙවූ අතිශයින් නිහතමානී කාන්තාවක වූ එලීනා ජයවර්ධන ආර්‍යාවගෙන් එම අභාශය ඔහුට ලැබෙන්නට ඇත. ඔහුගේ වැඩිමල් නිවුන් දරුවන් දෙදෙනා මගේ පාසැලේ සමකාලීනයන් වූහ. රටේ විධායක ජනාධිපතිවරයාගේ මුණුපුරන් වූ ඔවුන්ගේ දිවි පෙවෙත අන් ශිෂ්‍යන්ගෙන් කිසි ලෙසකින් වෙනස්වූයේ නැත. ඔවුන් විශේෂ පිළිගැනීමක් බලාපොරොත්තු වූයේ වත් එවන් විශේශ පිළිගැනීමක් කිසිවෙක් ඔවුන්ට දැක්වූයේවත් නැත. ඔවුන්ගේ මව එනම් රවී ජයවර්ධන ගේ බිරිඳ කුඩා දරුවෙකු වඩා ගෙන විද්‍යාලයේ කොරිඩෝවේ තනියම ඇවිද යනු මම කීප විටක් දැක ඇත්තෙමි. ආදි සිසු ක්‍රියාකාරකම් වලදී ඉඳ හිට හමුවන මෙම දරුවන් අදටත් එදා මෙන්ම අතිශයින් නිහතමානී මහත්වරුන් දෙදෙනෙකි. 

මෙම සටහන මිය ගිය රවි ජයවර්ධන මහතාට උපහාරයක් වේවා. ඔබ දුන් ආදර්ශය දේශපාලනයේ යෙදෙන දෙමව්පියන් සිටින දරුවන්ට ආදර්ශයක් වේවා. 

ඔබට සුභ ගමන් !!!



2015 ඩේලි නිව්ස් පුවත්පතේ පළවූ මේ ලිපියත් කියවන්න.



78 comments:

  1. අපූරු චරිතයක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්. ඉතාමත් ආදර්ශමත් චරිතයක්. ස්තූතියි තරු

      Delete
  2. ඔහු බිරිඳගෙන් වෙන් වී මහණ වී සිටි බවක් මා අසා තියෙනවා.
    එවැනි අයෙකු දේශපාලනයට ඒමක් නෑ නේ.
    දේශපාලනය කරන්නේ පරපුර රකින්නයි!

    ReplyDelete
    Replies
    1. ඔහු අධ්‍යාත්මික දිවියක් සොයා කෙටි කලක් මහණ දම් පිරූ බවට එවකට ආරංචියක් තිබුණා. ඒ ඔහු අවුරුදු 55 ඉක්මවූ පසුව. එවිට ඔහුගෙ දරුවන් වැඩිහිටියන්. ඔහුට 1977 සහ ඊට පසු පැවති මැතිවරණ හරහා දේශපාලනයට එන්න තිබුණා. ජේ ආර් ජනාධිපති වූ පසුව බටහිර කොලඹ කොට්ඨාශයෙන් ඉදිරිපත් වුණානම් ජේ ආර්ට සිටි විශාල ඡන්ද දායක සංඛ්‍යාව අනුව සහ මනාප ක්‍රමය අනුවනම් කොළඹ දිස්ත්‍රික්කයේ එජාප සහ සිය පියාගේ ජනප්‍රියතාවය යොදාගෙන ඔහුට තේරී පත්වීමට තිබුණා.

      ඔහුගේ මහණ දම් පිරීම දිහා බැලිය යුත්තේ එම නිසා ඔහුට දේශපාලනයට පැමිණීමට නොහැකිවුණ හේතුව ලෙස නොව ඔහුගේ ජීවිත අරමුණු තේරුම ගැනීමට යැයි මා සිතනවා. ස්තූතියි රසික.

      Delete
  3. ඔහු සිය පියාගේ මෙම පාඨය ප්‍රායෝගිකවම ඔප්පු කර පෙන්නුවා.

    "මට රකින්න පරපුරක් නැත. ඔටුනු පළඳන්න කුමාරයෙක් හෝ කුමාරියක් නොමැත. ......"

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔබට ස්තූතියි ඇනෝ

      Delete
  4. අප්පට සිලි මට තැපලිලානෙ හිටියෙ.
    අර වේරහැරද කොහෙද ලංගම කම්හලක් අරං හොඳට හම්න කොලේ රවි ජයවර්දන නෙවෙයි රවි වෙත්තසිංහ නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ රවි වෙත්තසිංහ. ලටෙක් ආයතනය කලේ ඔහු. මම හිතන විදිහට ඔහු දිවංගත ආනන්ද තිස්ස අල්විස් මහතාගේ ඥාතියෙක්.

      Delete
  5. සමහරු අහනවා ජේ.ආර් ට පුතෙක් හිටියද කියලත්..

    ඇයි රවී ක්ලබ් ගිහින් මරාගෙන, ඡන්දෙ ඉල්ලන්න බොරු කියල එහෙම, කරලියට බැස්සෙ නැහැනෙ.

    ඔහුට නිවන් සුව !!

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් ඔබට බොහොම ස්තූතියි

      Delete
  6. දේසපාලන කටයුතු වල නිරත වූ මගේ මාම කෙනෙක් වර්ක් කිව්වා රවිජයවද්දන කොතරම් නිහතමානි කෙනෙක්ද කියල ඔහු රබර් සෙරප්පු දෙකක් දමාගන ආරක්ෂකයන් නැතිව සාමාන්‍ය මිනිසෙකු ලෙස හැසිරුණු බව කිව මගේ මාම එක්ෂත් ජාතිකපක්ෂයේ විරෝදී දෙසපාලනයක් කල කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඔහු ඇඳුම් පැළදුම් වල වර්ගය, බ්‍රෑන්ඩ් නේම් එක ආදිය නොතැකූ bohemian life style එකකට ආසන්න දිවියක් ගතකල කෙනෙක්. ඔබට බොහොම ස්තූතියි ලාංකික සිතුවිළි

      Delete
  7. ඇත්තෙන්ම ඉයන් රවී ජයවර්ධන කියන්නේ කලාතුරකින් පහළ වන එක්සෙප්ෂනල් කැරැක්ටර් එකක්. ඔහුගේ චරිතය ඉතා සුවිශේෂයි. ලංකාව වැනි පවුල්වාදී, ඥාති සංග්‍රහ බහුල දේශපාලන පක්ෂවලින් හෙබි රටක ඔහුගේ කාර්යභාරය ඉතා සුවිශේෂයි. ඔහු මෙන්ම ඔහුගේ ඉතා නිහතමානී වැදගත් මවත් දෙදෙනාම අගය කල යුතුයි. (කලෙක එජාපයට අපහාස වශයෙන් කී "උන්ගේ නෑයින්ගේ පක්ෂය" යන අවමන් බොරුකළ අයෙකි, රවී ජයවර්ධන මහතා. නිදහස් පක්ෂයක් බිහිවුණේ බණ්ඩාරනායක කපා ඩී.එස්. සිය පුතු ඩඩ්ලි දේශපාලනයට ගෙන ඒමට කල සටකපට ක්‍රියා සමග ඇතිවූ අර්බුදය නිසයි.)

    රවී මහතා තමාට හැකි පමණින් රටට සේවය කලා විනා රටේ මහජන දේපලවලින් කිසිත් ලබා නොගත් සාපේක්ෂව ශ්‍රේෂ්ඨ දේශපාලන පුත්‍රයෙක්. කෙසේ නමුත් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ වැනි අතිශය අසාර්ථක පුද්ගලයෙක් හෝ සජිත් ප්‍රේමදාස වැනි විකාර කාරයින්, කරු ජයසූරිය වැනි ජෝකර්ලා වෙනුවට රවී ජයවර්ධන මහතා වැනි බුද්ධිමත් මහජන දේපළ විනාශ නොකර අවංකව තමාට හැකි පමණින් රටට සේවය කල හැකි පුද්ගලයෙක් එජාප නායකත්වයට පත්වුණානම් ලංකා ඉතිහාසය මීට වඩා බෙහෙවින් වෙනස් වීමට තිබුණා. මා පුද්ගලිකව විශ්වාස කරන්නේ "උපාලි විජේවර්ධන" වැනි අතිදක්ෂ කාර්යශූර පුද්ගලයෙක් හෝ රවී ජයවර්ධන වැනි නිහඬ නමුත් හරවත් යමක් කළහැකි අය එජාප නායකත්වයට පැමිණියානම් රටවැසියෙකු ලෙස අපට වඩා යහපත් වන බවයි. වත්මන් එජාපයේ රුවන් විජයවර්ධන කෙරෙහි එජාප මීලඟ නායකත්වය පිළිබඳව මගේ යම් විස්වාසයක් පවතින අතරම එරාන් වික්‍රමරත්න වැනි බැංකු ක්ශේත්‍රයේ පළපුදු කෘතහස්ත අයෙකුට මීට වඩා වගකීම් ලබාදියයුතු බව මගේ පුද්ගලික මතයයි.

    රවි ජයවර්ධන මහතාට නිවන් සුව පතමි. ඔහුගේ ආදර්ශමත් විනයගරුක හැසිරීම ගැනත් නිහඬව රටට කල සේවය ගැනත් ඔහුට නිසි ඇගයීමක් නොලැබුණු බව මගේ පුද්ගලික මතයයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක හරි වුණත් රවී ජයවර්ධන සහ උපාලි විජේවර්ධන වැනි අයට දේශපාලන බලාපොරොත්තු නොතිබීම ඒකට බලපෑවා. ජේ ආර් උපාලි විජේවර්ධනගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අත්දැකීම් ලබාගන්න BOI එකට පෙර තිබූ මහකොලඹ ආර්ථික කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කලා. ඒ යටතේ කටුනායක වෙලඳ කලාපය පිහිටුවීම සිදුවුණා. අවසනාවකට 1982 ඔහු මිය ගියා. රුවන් විජේවර්ධන හෝ එරාන් එජාප නායකත්වයට පත්වන්නේ නැහැ. බොහෝ විට සජිත් ප්‍රේමදාස තමයි පත්වන්නේ. එය සමහර විට අපිට හුරුපුරුදු එජාපයේ අවසානය වේවි.

      ඔබ කියපු තව කරුණක් ගැන. රවී ජයවර්ධන වැඩ කලේ ඔහු කළ යුතු යැයි සිතපු නිසා. ඔහුට ජනප්‍රියතාවය අවශ්‍ය වූයේ නැහැ. එම නිසා ටෙලිවිෂන් කැමරා ඔහු පසුපස ගියේ නැහැ. ඔහු එම වැඩ ගැන කිසිදාක අගැයීමක් බලාපොරොත්තු වුනේත් නැහැ. ඔහුට කරන්නට හැකිවූ දේවල් කිරීම නිසා ඔහු ඒ ගැන සතුටින් සිටියා කියන එක මම උපකල්පනය කරනවා.

      Delete
    2. ලංකාවේ දේසපාලන නායකයන් විය හැක්කේ, ඔහුගේම පියා, ආර්. ප්‍රේමදාස, මහින්ද, රනිල් වැනි සටකපට ජනතාව ගොනාට ඇන්ඳිය හැකි අයට පමණි. ඉදිරියේදී සජිත්, රවී, ගෝඨා වැනි සට කපටයන්ටත්, ගම්මන්පිල, වීරවංශ වැනි ජෝකරයන්ටත් අවස්ථාව තිබේ. එරාන්, හර්ෂ වැනි බුද්ධිමතුන්ට මේ රටේ නායකයන් විය නොහැක.

      Delete
  8. ඔහුට නිවන් සුව...!
    පසුකාලෙක හෘදරෝග නිවාරණය සම්බන්ධ කටයුතු වල නියැලුනා නේද ඉයන් මේ මහත්තයා...මට මතකයි මම කියෙව්වා කොහේ හරි ඒ ගැන..!

    ReplyDelete
    Replies
    1. ඔහුට එම රෝගය වැලඳී තිබුණා කියා අසා ඇතිමුත් ඔබ කියනා කාරණය ගැන මට දැනීමක් නැහැ. බොහොම ස්තූතියි චෙෆ්

      Delete
  9. දෙමව්පියන් ගෙ විදිහට තමයි දරුවො හැදෙන්නෙ. අනික් දේශපාලන දරුවන්ට නැති හොද දෙමාපිය දෙපලකට දාව උපදින්න රවි ජයවර්ධන මහතා වාසනාවන්ත උනා.
    එතුමන්ට නිර්වාන සම්පත්තිය ලැබේවා !!

    ReplyDelete
    Replies
    1. එය ඔහු වෙනුවෙන් මගෙත් ප්‍රාර්ථනයයි. බොහොම ස්තූතියි කම්මල.

      Delete
  10. එතුමා ගැන කියවා ඇති කරුණු අනුව ගරු කටයුතු දිවියක් ගෙවා ඇත්තෙක්.
    පියා විධායක ජනාධිපති වන විට ඔහු අවුරුදු 40ක පමණ පුරවැසියෙක් වීම නිසා අත්දැකීම් සහ ජීවන දර්ශනයක් ගොඩ නැඟී ඒ මත ස්ථාවර වීම් සුදුවෙලා තියෙන්න හොඳටම කල් තිබුනා.ඔහුගේ කලේ ඇත්තටම පිරිලා.ඉතින් සෙලවීමක් නෑ.
    ඒ වගේම ඉතා දක්ශ වෙඩික්කරුවෙකු ලෙසත් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රීලංකාව නියෝජනය කල අයෙක් ලෙසත් අසා තිබෙනවා.
    ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් ගැන හසල දැණුවත් බවකින් සිටි මෙතුමා අප සතුව ඇති තෝරියම් වැනි වටිනා සම්පත් භාවිතයෙන් බලශක්ති අර්බුධයට විසඳුම් සෙවීම ගැන අදහස් දක්වා ඇති බවක් මතකයි.
    ඔහුට සුභ ගමන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් බොහොම ස්තූතියි. 1977 අගමැති සහ 1978 ජනාධිපති වීමට පෙර රජයයය්න් කිහිපයක ප්‍රධාන ඇමති ධුර දැරුවා. 1947 සිට 1953 දක්වා රජයේ මුදල් ඇමති ලෙස ජේ ආර් පත්වන විට රවීට අවුරුදු 10 ක් පමණ. 1965-70 රජයේ සංචාරක ඇමති මෙන්ම රජයේ ජේෂ්ඨම ඇමතිවරයා ලෙස පත්වන විට ඔහුට අවුරුදු 28 ක් පමණ. එම නිසා ජේ ආර් විධායක ජනාධිපති වන විට අවුරුදු 40 නිසා ඔහු දේශපාලනයට සම්බන්ද නොවූවා නොවේ.

      Delete
  11. තවත් එවැනි කෙනෙකුන් මේ රටේ නොවේ
    මහත්මයෙකි පිය බල තල ගත්ත නොවේ
    හෙටත් එතුමගේ නම බැබළේවි ලොවේ
    මමත් සුභ ගමන් පතනව ඔහුට භවේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. //මහත්මයෙකි පිය බල තල ගත්ත නොවේ//

      බොහොම ස්තූතියි දුමී

      Delete
  12. රවි J civilized මනුස්සයෙක්.
    ඔහු දේශපාලනය නොකිරීම හා බලය අයුතු ලෙස නොයෙදීම ගැන අපි මේතරම් පුදුමයෙන් හා අගය කිරීමෙන් කතා කරන එකෙන්ම පේනවනේද රට civilized නෑ කියල.

    රවි ගේ පුත්තු වුනත් අයුතු දේ කලේ නෑ.

    රුක්ෂන් දැන් WNPS සභාපති

    ReplyDelete
  13. සුබ ගමන් ඔහුට

    ReplyDelete
  14. එවැනි අපුරු චරිතයක් ගැන කියවන්නට ලැබීමත් සතුටක්, දැනගන්නට ලැබීමත් සතුටක්.

    ඔහුට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ජීවිතේ යාත්‍රාව

      Delete
  15. රටට අගතියක් කරන, වංචා දූෂන පිරි දෙස්පලුවන්ගේ දරුවන්ගේ වැඩ දකින මේ කාලයේ ඔහුගේ ජිවිත කතාව පුවත් පතකින් කියෙව්වම.. හිතුනේ බොහොම ආදර්ශමත් චරිතයක් කියලා. විශ්ව විද්‍යාලයට ෆූට් බයිසිකලයකින් ගියේ මොහු ද ? එහෙම කතාවක් පාසැල් යන කාලේ කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම අසා නැහැ බෝධිනී. ඔහුගේ පියා ජනාධිපති කාලයේත් ලඟ පාත දුරක් නම් ඔහුගේ ගමන බොහෝ විට පයින්.

      Delete
  16. රවි ජයවර්ධන විරුද්ධවාදීන්ගේ වත් විවේචනයට ලක් නොවීම තුලම ඔහුගේ මහත්මා ගුණය පිලිබඳ හොඳ පුර්විකාවක් සපයනවා . ඔහුට නිවන් සුව

    ReplyDelete
    Replies
    1. ඉවාන් ඒ වුණත් ඒවගේම 1971 අප්‍රේල් කැරැල්ලේදී රොස්මිඩ් අගමැති නිවස වටකර සිරිමා බණ්ඩාරණායක සිරභාරයට ගන්න එක ගැන ඔත්තුව ලබා දුන්නේ ජේ ආර්. ඒ එජාප පුද්ගලයෙක්ගෙන් ලද තොරතුරක් මත ඔහු සමඟම රොස්මිඩ් පෙදෙස නිවසට යාමෙන්. එහෙත් ජේ ආර්ට බොහෝ හතුරුකම් කල අධිකරණ ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරණායක පැනවූ හදිසි නීතිය යටතේ රවී ජයවර්ධනව අත්අඩංගුවට ගත්තා. පසුව නිදහස් කලා.

      Delete
  17. ඉයන් මහත්තයො, මම අහල තියෙන විධියට ඔය STF එක පිහිටෙව්වෙ ප්‍රභූ ආරක්ෂාවට. මොකද කොටි කලබල පටන් ගත්තම එතුමාට තේරුනා, තමන්ගෙ පියා ඇතුළු දේසපාලුවන්ට ආරක්ෂාව මදි කියලා. ඊට පස්සෙ ලලිත් ඇතුලත් මුදලි තමයි STF එක කොටින්ට එරෙහිව මෙහෙයුම් කරන තත්වෙට දියුණු කළේ. අනික ඔය "නොහැක්කක් නොමැත" කියන්නෙ කොමාන්ඩෝ රෙජිමේන්තුවෙ මොටෝ එක. STF එකේ මොටෝ එක "නියත ජය". ඔව්වා ඔක්කොම විකිපීඩියාවෙ තියෙනවා. එතුමාගෙ පියාගෙ කාලෙ තිබුණෙ රාජ්‍ය මාධ්‍ය, පුද්ගලික මාධ්‍ය මර්ධනය. ඉතින් ඒ කාලෙ වෙච්ච එව්වා මේ කාලෙ වගේ එලියට එන්නෙ නෑ. කොහොම වෙතත් එතුමට නිවන් සුව.

    ReplyDelete
    Replies
    1. @ Robert,
      සංසන්දනාත්මකව බැලුවහම ඔහු විශිෂ්ඨයි. ලෝකෙ සිවිලයිස්ඩ් රටවලට සංසන්දනාත්මකව නෙමෙයි, සිරි ලන්කාවෙ දේශ්පාලන පවුල් දිහා බැලුවහම

      Delete
    2. ප්‍රා මහා බ්‍රිතාන්‍ය විශාල දියුණුවක මාවතට හැරවූ මාග්‍රට් ත්‍රැචර් ගේ පුතා විදේශයන්හී රජයෙ කොන්ත්‍රාත් වලට සම්බන්ධ වුණා. එයින් ත්‍රැචර් මහත්මියට නරක නමක් දිනා දුන්නා. ඇමෙරිකාවේ බිල් ක්ලින්ටන්ගේ ජනාධිපති කාලයේ හිලරි සහ හිරලි රාජ්‍ය ලේඛම් කාලයේ බිල් එවන් අයුතු වානිජමය සම්බන්ධතා පැවැත්වූවා. හයිටි භූමිකම්පාවෙන් පසුව ප්‍රතිසංකරණ කටයුතු වල සිදුවූ දේවල්. වත්මන් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ගේ දරුවන් පියාගේ දේශපාලනයට සම්බන්ධවී තිබෙනවා. තුන්වන ලෝකයේ ලිබියාවේ ගඩාෆි ගේ දරුවන්, ඉන්දුනීසියාවේ සුහර්තෝ ගේ දරුවන්, ඉන්දියාවේ ගාන්ධි වරුන්, ආදී විශාල උදාහරණයන් අතර රවී ජයවර්ධන විශේෂ චරිතයක්.

      Delete
    3. කොච්චර මාධ්‍ය වාරණය කළත් ඔහුට හැංගිලා ගේම් ගහන්න බෑ...මොකද කටකතා ආරංචි මාර්ග වලට වාරණ දාන්න බෑ.. ඔහු සාපේක්ෂව ඉතා පිරිසිදු චරිතයක් වෙන්න ඕනා..

      Delete
    4. ස්තූතියි සෙන්නා

      Delete
  18. ඉතාමත් ආදර්ශමත් චරිතයක්. ඔබට ස්තුතියි එතුමා ගැන ලිව්වට!

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි චන්දන

      Delete
  19. Replies
    1. ඔබට ස්තූතියි වැව්

      Delete
  20. රවී කවදාවත් දේශපාලනයට නොයෙන නිසා ද දන්නේ නා මට රකින්න පරපුරක් නෑ කිව්වේ

    ReplyDelete
    Replies
    1. ජේ ආර් කියපු දෙයින් රවීට අදාල වෙන්නේ "මට ඔටුනු පළන්ඳන්න කුමාරයෙක් නැහැ" කියන එක. ඒ කියන්නේ ඔහු දේශපාලනය කළේ දරුවෙකුට ඔටුන්න භාර දීමට බලාපොරොත්තුවෙන් නෙවෙයි කියන එක. ස්තූතියි සුමුදු.

      Delete
  21. මෙතුමා ගැන වටින තොරතුරු ගොඩක් දැනගත්තා මේ සටහනෙන්. එතුමාට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. සිතූ ඔබට බොහොම ස්තූතියි

      Delete
  22. බොහෝ විස්තර දැන ගත්තෙ මෙතනින්. ඔහුට සුබගමන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගුණසිංහ මහත්මයා

      Delete
  23. දේශපාලනේ නියැලුනු, ඒ වගේම දේශපාලනේ නියැලෙන,කාට කාටත් ආදර්ශවත් චරිතයක්...
    ඔහුට නිවන්සුව...

    ගොඩක් විස්තර දැනගත්තෙ මේ සටහනින්.. ස්තුති ඉයන්..

    ReplyDelete
    Replies
    1. ඔව් නිර්මාණි. බොහොම ස්තූතියි ඔබට

      Delete
  24. රවී ජයවර්ධන මහතාට සුබ ගමන්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපේ. විශ්‍රාමික දිවියට සුභ පැතුම්

      Delete
  25. //සංසන්දනාත්මකව බැලුවහම ඔහු විශිෂ්ඨයි. ලෝකෙ සිවිලයිස්ඩ් රටවලට සංසන්දනාත්මකව නෙමෙයි, සිරි ලන්කාවෙ දේශ්පාලන පවුල් දිහා බැලුවහම//
    ප්‍රාගේ කතාවත් එක්ක එකඟයි. ඒ වගේම ඔහු ලංකාව වෙනුවෙන් ඔලිම්පික් ගිය ක්‍රීඩකයෙක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාජ්

      Delete
  26. නම කිළිටිනොකරගත් දේශපාලනයේ පතාක යෝධයෙකුගේ දක්ෂ පුතෙක් ඔහුට නිවන් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලීන්

      Delete
  27. එයා ගැන තියනවා එකක් දෙකක් මරු කතා

    ඉයන් අහලා තියනවද

    කන්ඩලමේ විදුරුවල හැප්පෙන කුරුල්ලෝ බේරපු හැටි

    ඇල් ටී ටී ඒරියා එකට මෝෂේ දයාන් එක්ක හොරෙන් ගියාය කියන කතාව එහෙම

    ReplyDelete
    Replies
    1. නැහැ අටම්. පුළුවන් නම් දාන්න. බොහොම ස්තූතියි

      Delete
    2. //නැහැ අටම්. පුළුවන් නම් දාන්න. // x 2

      Delete
    3. කාලෙකින් මොකවත් නොලියුව එකේ පොස්ට් එකක්ම දාන්නං ..... අවුල තියෙන්නේ ....අහපු දැකපු දෙයක් ඇරෙන්ඩ ....එහෙම උනාලු ..... කියුවලු .....මෙහෙම කරාලු කියලා .. ලු පොස්ට් දාන්ඩ මම කැමතිම නැ

      Delete
  28. ඔහුට සුභ ගමන්. බොහෝ දේ දැනගත්තා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමී

      Delete
    2. පළමුව රවී ජයවර්ධන මැතිදුන්ට නිවන්සුව පතමි! දෙවනුව මෙම ලිපිය වෙනුවෙන් ඉයන් වෙත තුති පුදමි! තෙවනුව රාජකීයයකු සම්බන්ධව රාජකීයයකු විසින් ලියවුනු මෙම සටහන සහ ඒ සබැඳි කමෙන්ටු කිහිපයක්‌ සම්බන්ධව අදහස් දැක්වීම රාජකීයයකු වන මගේ යුතුකම යයි සිතමි.

      “වෘත්තියෙන් ගුවන් නියමුවෙකු වූ ඔහු පළමුව එයා සිලෝන් ආයතනයේත් පසුව එයා ලංකා සමාගමේත් සාමාන්‍ය ගුවන් නියමුවෙකු ලෙස සේවය කලේය.”

      රවී ජයවර්ධන මා දන්නා තරමින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර්වරයකු විය. එසේම ගුවන් නියමුවකුද විය. ඔහු Airline Transport Pilot License (ATPL) ලබාගත් අයකු නොවේ නම් මගී ගුවන් යානා පැදවීම සිදුකළ නොහැක. ඔහුට එම සුදුසුකම තිබුණාද යන්න මම නොදනිමි. නමුත් රවී කිසි කලෙක එයා ලංකා සමාගමේ සේවය නොකළේය.

      “ සම්මත ක්‍රම වලට ත්‍රස්තවාදීන්ට මුහුණ දෙමින් සිටි යුධ හමුදාවට සහය පිණිස විශේෂ කාර්‍යය බලකාය (Special Task Force or STF) හඳුන්වා දුන්නේ රවී ජයවර්ධන විසිනි. බ්‍රිතාන්‍ය විශේෂ බලකායන්හී (British Special Forces) සේවය කල ඉවත්වූ පිරිසක් ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකා පොලීසියේ තෝරාගත් පිරිසක් පුහුණු කරවමින් පොලිස් විශේෂ කාර්‍යය බලකාය පිහිටුවීමට ඔහු ගත් එම ක්‍රියාමාර්ගය..”

      විශේෂ කාර්‍යය බලකාය ශ්‍රී ලංකා පොලීසිය ආශ්‍රිතව රවී නිර්මාණය කළේ ඔහුගේම වචන වලින් පැවසුවහොත් “පොලිස් බලතල සහිත හමුදාවක්” බිහිකිරීමේ අරමුණිනි. එවකට හිස ඔසවමින් පැවති ත්‍රස්තවාදය “පොලිස් මට්ටමින්ම” අවසන් කිරීම ඔහුගේ උපාය මාර්ගය වුවද ඔහුගේ පියාගෙන් වුවද ඒ පිළිබඳව මනා සහයෝගයක් පලනොවීය. පොලිස් විශේෂ කාර්‍යය බලකායට මූලික සහ උසස් පුහුණුව ලැබුණේ බ්‍රිතාන්‍ය Special Air Service (SAS) වෙතිනි. ඊට අමතරව ඊශ්‍රායලය (විශේෂයෙන්ම පුපුරණ ද්‍රව්‍ය සහ උපක්‍රම පිළිබඳව) සහ දකුණු අප්‍රිකාව (විශේෂයෙන්ම මානසික මෙහෙයුම් සහ උපක්‍රම පිළිබඳව) පුහුණුව ලැබිණි.

      “'නොහැක්කක් නොමැත' යන උත්ප්‍රේරක පාඨය පෙරටු කර ගෙන ක්‍රියාත්මක වූ මෙම බලකායයි.”
      “නොහැක්කක් නොමැත” යන්න ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුවේ උත්ප්‍රේරක පාඨය වන අතර “නියතයි ජය” යන්න පොලිස් විශේෂ කාර්‍යය බලකායේ උත්ප්‍රේරක පාඨයයි.

      “ඔබ කියන එක හරි වුණත් රවී ජයවර්ධන සහ උපාලි විජේවර්ධන වැනි අයට දේශපාලන බලාපොරොත්තු නොතිබීම ඒකට බලපෑවා. ජේ ආර් උපාලි විජේවර්ධනගේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අත්දැකීම් ලබාගන්න BOI එකට පෙර තිබූ මහකොලඹ ආර්ථික කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කලා. ඒ යටතේ කටුනායක වෙලඳ කලාපය පිහිටුවීම සිදුවුණා. අවසනාවකට 1982 ඔහු මිය ගියා.”

      උපාලි විජේවර්ධන දැවැන්ත දේශපාලන බලාපොරොත්තු තිබුන අයෙකි. ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ තුන්වන වෙළුමේ 281 පිටුව සිට කියවන්න.

      “ඉවාන් ඒ වුණත් ඒවගේම 1971 අප්‍රේල් කැරැල්ලේදී රොස්මිඩ් අගමැති නිවස වටකර සිරිමා බණ්ඩාරණායක සිරභාරයට ගන්න එක ගැන ඔත්තුව ලබා දුන්නේ ජේ ආර්. ඒ එජාප පුද්ගලයෙක්ගෙන් ලද තොරතුරක් මත ඔහු සමඟම රොස්මිඩ් පෙදෙස නිවසට යාමෙන්.”

      මේ ඔත්තුව ලබාදුන් පුද්ගලයා එවකට ජවිපෙ ට සම්බන්ධ අයෙකි. ඊට කෘතගුණ ලෙස ඔහුව පොලීසියට බඳවා ගැනුනු අතර මෑතකදී ඝාතනය කෙරුණු අරාබි නායකයකුගේ නමින් පසුව කුප්‍රකට විය. මොහු සමග කිසිවිටෙක ජේ. ආර්. රොස්මිඩ් පෙදෙසට නොගියේය.

      ඉයන් ඔබ අප විද්‍යාලය සහ රවීගේ දරුවන් පිලිබඳ පැවසූ දේ රාජකීයයකු ලෙස මගේද අභිමානයට හේතුවෙයි. අවසන මෙසේ පවසමි.

      එකල මා ඉගෙනගන්නා කාලයේ රාජකීය විද්‍යාලය තුළ විදුහල්පතිතුමාත්, නියෝජ්‍ය විදුහල්පතිතුමාත්, මධ්‍යම අංශයේ සහකාර විදුහල්පතිතුමාත්, ප්‍රාථමික අංශයේ විදුහල්පතිතුමියත්, ශ්‍රේණි භාර ප්‍රධානීනුත්, ගුරුවර ගුරුවරියනුත්, සිසුනුත්, අනෙකුත් අනධ්‍යන සේවක සේවිකාවනුත් හැර අන් කිසිවෙක් නොවුහ !

      මෙකලද එසේම යයි සිතමි. මතු කලද එසේම වේවා යයි පතමි!

      - මොණරවිල


      Delete
    3. බොහොම ස්තූතියි මොණරවිල මහතාණෙනි

      Delete
    4. ඔහු ජාතික ගුවන් සේවයේ නියමුවෙකු ලෙස සේවය කල බව මේ ප්‍රවෘත්තියේ තිබෙනවා.

      Delete
    5. ///////උපාලි විජේවර්ධන දැවැන්ත දේශපාලන බලාපොරොත්තු තිබුන අයෙකි. //////

      මේක ඇත්ත. කඹුරුපිටිය ආසනයට කටක් තිබේනම් මේ ඇත්ත කතා කරනු ඇත. අපි බොරු සහ ඇත්ත පටලගත්තෝ බව බොදු ශුවර්ය.

      Delete
    6. අරුණයෙනි,

      තෙපි නැවත දැකුමින් අප පින්කළ බව දැනිනි.

      - මයුරවිල මි.

      Delete
    7. අරූ බොහොම ස්තූතියි. ඔබ හරි උපාලි විජේවර්ධන කඹුරුපිටිය ආසනය අනාගත මැතිවරණයකින් තරඟ කිරීමට සිතා සිට තිබෙනවා. ඒගැන ඩී.බී.එස් ජෙයරාජ් ලියූ ලිපියකින් කියවන්න ලැබුණා. එහෙත් මේ ලිපිය රවී ගැන. කමෙන්ට් එකකට පිළිතුරක් ලෙස තමයි උපාලි විජේවර්ධන ගැන කීවෙ. එය වැරදීමක්.

      Delete
  29. රවී ජයවර්ධන හොඳ දරුවන්ගේ පියෙකි. කතා දෙකක් නැත. ඒ දරුවන් සහ ඒ අම්මා අපද දැක ඇත්තෙමු. රවී තමන්ට අතිශය අවංක්වූ මිනිසෙකි. අපේ බොහෝ අය අනාගන්නේ ඔතනය. රවී නිරහංකාරය. රවී අව්ංකද විය හැක. නමුත් හොඳ පුතෙකුසේ රවී තාත්තා ජේආර් වෙනුවෙන් හොඳ සහ නරක අමතක කර දමා, සම්ප්‍රදයාක පුතෙක් විය. ඒ මුදලට නොවන බව සත්‍යයකි. නමුත් එය සැබෑ උවමනාවන්, සීයට සීයක් සිතේ තබා නොවේ. අතීතය ලියු පමනින් සහ එය සීයට සීයක් සත්‍ය නොවේ නම් එය අතිශය වැරදිකාරි පනිවිඩයකි. ඉයන් මීට වඩා ස්වාධීන මනසකින් සියල්ල ඒකරාශි කර ගත යුතුයි. මේ මට පෙනෙනා හැටියි.

    ReplyDelete
    Replies
    1. රවී ජයවර්ධන නම්වූ ඒ උතුම් පියාට මම ගරු කරමි. ඒ අවංක සහ නිර්ව්‍යාජ දරුවන් ලොවට දායාද කල නිසාවෙනි. ඒ දරුවන්ගේ අම්මාටත් අපේ ප්‍රනාමය!!! එකට ආසන්න රීලඟ ඩිජිට් එක දෙක නොවේ කියා උගත් මහත්තුරු දන්නවා ඇත.

      Delete
    2. බොහොම ස්තූතියි අරුණ

      Delete

  30. ජේ ආර් තරුණ අවදියේ තමන්ගේ සම වයස් ඥාති සහෝදරයින් එකතුකරගෙන ප‍්‍රිය සංගමය කියලා සංගමයක් පිහිටුවාගෙන තිබුනා. ජුනියස් රිචඩ් යන ඉංග‍්‍රීසි හුරුවේ නම පසුකාලිනව රවින්ද්‍ර විදිහට සිංහල හුරුවට වෙනස් කරගෙන ඒ සංගමේ කටයුතු වලට යොදාගත්තා. ඉන් අවුරුදු ගනනාවකට පස්සේ උපන්න තමන්ගේ එකම පුතාට රවින්ද්‍ර කියලා නම තිබ්බේ ඔහු ගොඩාක් ආසාකරපු තරුණ කාලේ යොදාගත්තු ඒ සිංහල නමයි. මේ විස්තරය ජේ ආර් චරිතාප‍්‍රධානයේ පළමු වෙළුමේ තියේනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කොලම්. ඔබ සහ දරුවා දැන් හොඳින් යැයි සිතනවා.

      Delete