Tuesday, March 28, 2017

දකුණට බර නෙළුම්යාය

දකුණට බර  නෙළුම්යාය සම්මාන උළෙලේ එක් අවස්ථාවක්

නෙළුම්යාය සම්මාන උළෙලේ තිබූ පක්ෂග්‍රාගී බව සහ දුර්වලතා ගැන පෝස්ට් එකක් දාන්න කියල කීප දෙනෙක් කිව්ව නිසා මම දැක්ක දේවල් ගැන කෙටි සටහනක් තියන එක අනාගතේ එවන් සම්මාන උළෙලවල් සංවිධානය කිරීමේදී මඟ හරවා ගැනීමට ප්‍රයෝජනවත්වේවි කියල හිතනවා.

මම දැකපු ප්‍රධානම දුර්වලතාවය තමයි සම්මාන උළෙල පවත්වන්න යොදාගෙන තිබ්බ ස්ථානය. වෝටර්ස් එජ් එකේ ශාලා ගොඩනැඟිල්ලට ඇතුළු වෙන තැනින්ම වමට හැරිල ටික දුරක් ගියාම තිබුණ සෝපාන වලින් තුන්වන තට්ටුවට ගියාම දකුණට හැරිල ඒ එක්කම වමට ආයිමත් හැරිල ශාලාවට ඇතුළු වෙන්න ආයිමත් දකුණට හැරෙන්න වුණා. බ්ලොග් කාරයන්ව මේ විදිහට රස්තියාදු නොකර දොරෙන් ඇතුල් වෙනකොටම ශාලාවට යන්න තියෙන තැනක් තෝරගත්තනම් හැමෝටම පහසු වෙන්න තිබ්බ.  අනික බ්ලොග් කාරයෝ කියන්න වමට දකුණට හැරෙන කට්ටියක් නෙමෙයි කියන එක ගැන සංවිධායකයින්ට තේරුම් නොයාම නම් පුදුමයි.

ඇතුලට ගිහිල්ල ඉඳගත්තම මම දැකපු අනික් වැරැද්ද තමයි වේදිකාව තනල තිබුණ විදිහ. වේදිකාව නූල් දෙකක් විතර දකුණු පැත්තට බරවෙන්න හදල තිබුණ බව හොඳටම පෙණුනා. ඒ එක්කම සිංහල නිවේදකයෝ සහ දේශණ පවත්වපු ප්‍රධාන ලෙක්ටර්න් එක තිබුණෙත් දකුණු පැත්තෙ. වම් පැත්තෙ තිබුණෙ පර්වර්ථකයන් පාවිච්චි කරපු පොඩි ලෙක්ටර්න් එකක්. ප්‍රධාන ලෙක්ටර්න් එක දකුණෙන් තැබීමත් වේදිකාව දකුණට බරව හැදීමත් යන දෙකම  සවිඥ්ඥානාත්මකව බ්ලොග් කරුවන් ගේ 'දෘෂ්ඨිය' දක්ෂිණාංශික පැත්තට බර කරන්න කරපු මානසික උපක්‍රමයක් කියල ඕනම කෙනෙකුට වැටහෙනවා. උළෙලට අනුග්‍රාහකයන් හිටිය කියල කිව්වට මේවට ඇත්තටම වියදම් කරන්නෙ අන්ත දක්ෂිණාංශික යූ එන් පිය කියල මේකෙන් ඔප්පු වෙනව.  

මැතිවරණ කොමිසමේ සභාපති තුමා කථාව පවත්වන්න යනකොට සම්මාන දෙන්න යනකොට කළිසම අත්දෙකෙන් උඩට උස්සමින් ගිය බව කවුරුත් දකින්න ඇති. අඩුම ගානෙ ආරාධිත අමුත්තන්ටවත් බඳ පටියක් පැලඳගෙන එන්න කියල දන්වන්න තරම් වත් සංවිධායකයින්ට වුවමනාවක් තිබිල නැහැ. මේවගේ දේවල් ගැන සැලකිළිමත් නොවීම බ්ලොග් කරුවන්ට කරන අවමානයක්.

උළෙලේ සංවිධානය event coordinating කොම්පැණියකට දීල තිබුණත් ඔවුන්ගේ සංවිධානය තිබුණෙ ඉතාම පහත් මට්ටමක. ඒකට හොඳම උදාහරණය තමයි තේ සහ කෝපි ලබා ගැනීමට තිබුණු ක්‍රමය. තේ සහ කෝපි එක පැත්තකත් ඒවට සීනි වෙන තැනකත් තිබ්බ බව තේ බීපු අයට මතක ඇති. තේක හදාගන්න අවශ්‍ය කරන දේවල් ඔක්කොම එක පැත්තේ තියන්න ඕන කියන එකවත් මහ ලොකු event coordinators ලට තේරුමක් තිබිල නැහැ.

ස්වාධීනයි කියල පෙන්නන්න ධර්මිශ්ඨ සමාජයක් වගේ නාට්‍ය ඇතුලත් කරල ඒක සහභාගී වෙන අයට බලන්න බැරිවෙන්න ඒක පටන් ගන්නකොටම කෑම සපයපු එකත් මේකට හොඳ උදාහරණයක්. අනික ඔය සැන්විච් කෑල්ලක් වගේ එකක් තිබුණනන් ඒකත් අරගෙන ඇතුලට ඇවිත් නාට්‍ය බලයි කියල තමයි ඔය හොඳ පේස්ට්‍රීස් ජාති එහෙම එක්ක කෑම දුන්නෙ කියන එකතමයි මට හිතුණෙ. මේ වගේ යටිකූට්ටු කුමන්ත්‍රණ වලින් සම්මාන උළෙල පිරිල තිබුණ කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. 

බ්ලොග්කරුවන් කිහිප දෙනෙක්වත් බ්ලොග් ලෝකයෙන් ඉවත් කරන්න සංවිධානාත්මක සැලැස්මක් නෙළුම්යාය සංවිධාකයන් ක්‍රියාත්මක කලා කියල මට හිතෙනව. ඒකට හොඳම උදාහරණය තමයි සීනි අධිකව තියෙන ඊක්ලෙයාර්ස් වැනි ආහාර දෙන බව සහ ඒ නිසා දියවැඩියාව තියෙන අයට ඒවට බොන පෙති එහෙම අරගෙන එන්න කියල කළින් නොදැන්වීම. කැලේ පිපුණ මල් ලියන  ඔය උඩ පින්තූරෙ ඉන්න වත්සලා මේ ඊක්ලෙයාර්ස් කීපයක්ම රස වින්ඳ කියල ලියා තිබුණ. කළින් දැනුම් දීමකින් තොරව මේවගේ අධි සීනි කෑම බ්ලොග් කරුවන්ට කවා ඔවුන්ට දියවැඩියාව සාදවා බ්ලොග් ලෝකයෙන් අයින් කිරීම වැනි සැලැස්මක් ක්‍රියාත්මක වුණා කියන එක සාධාරණ සැකයක්.  

මම මේ ලිව්වෙ සම්මාන උළෙලෙ එළිපිටම පෙනෙන්න තිබුණ ප්‍රධානම දුර්වලතා ටික විතරයි. මේවගේ පක්ෂග්‍රාහී ඒවගේම කුමන්ත්‍රණකාරී සහ සම්මාන උළෙලවල් සංවිධානය කරන එක නවත්වල ස්වාධීන සම්මාන උලෙළවන් මීට වඩා සංවිධානාත්මකව පවත්වන්න බැරිනම් අපිටත් නෙළුම්යාය සම්මාන උළෙලට සමගාමීව පවත්වන නෙළුම්යාය වර්ජකයින්ගේ බොන පාටියට යන්න සිද්ධ වෙන බව සංවිධායකයින්ට මතක් කරන්න ඕන.   


සහන් කසීර වික්‍රමසිංහ දුටු මේ අඩුපාඩුත් ලිපියට එකතුකරමි.

1. හැලප , ලැවරියා වගේ දේශීය කෑමක් දෙන්නේ නැතිව ටාර්ට් , ඉක්ලෙයාර්ස් වගේ නොදන්නා කෑම තිබුණ නිසා අපි පරාධීන වුණා. මොකද සයිබර් එකෙන් ඇමරිකාවේ බැලස්ටික් මිසයිල වලටත් ඇටෑක් කරන අපිට අර පුංචි පැංචි වේටර්ලා ට පවා සෙකන්ඩ් වෙන්න වුණා. " අන්න අරකෙන් එකක් දාන්ට මල්ලි" කිව්වාම ඌ මං දිහා බලපු කැත !! චීයා පුතේ ....

2. වේදිකාව උඩ හිටිය සුමිත් කළණසිරි ගේ පෙනුම ත්‍රස්තවාදියෙක්ගේ වගේ. එතෙනින්ම පේනවා මේ ආණ්ඩුව යටතේ ඊලම යළි පිහිටුවන්න ආධාර දෙන බව. ඇයි බැරි වුණේ සෞම්‍ය පෙනුමක් තියෙන ඈයෙක්ව හිටවන්න ? එහෙමත් නැත්නම් ඔච්චර වියදම් කරපු එන්.ජී.ඕ කාරයින්ට බෑ රුපියල් දාහක් දීලා ඌට පපායා පේෂල් එකක් දාන්ට ? අනේ මේ !!


3. ඉවෙන්ට් මැනේජර් ගේ හැට්ටේ ස්ලීව්ලස්. ඔය එන්නේ රනිල් ගේ කුරුඳුවත්තේ සංස්කෘතිය. නියම සිංහල ගෑණු කවද්ද ස්ලීව්ලස් හැට්ට ඇන්දේ ? ඒ කාලේ රෙද්ද ඇන්දේ නැතත් චීත්තේ තිබ්බා නීට් එකට - හයි නෙක් දාලා එහෙම - හැඩ... ට

4. මොකටද සොක්‍රටීස් පෙන්නුවේ ? ඇයි අපිව බටහිරට ගැති කරන්නේ ? අපිට තිබ්බ ජසයා හා ලෙන්චිනා පෙන්නන්න ? එහෙමත් නැත්නම් වස බොන එකක් පෙන්නන්න ඔය තරමට ඕනෙම නම් - අපිට ඉන්නවා නන්දා මාලිනී. මිදි යුෂ යැයි රැවටී හලාහල - විෂ බිව්වේ ඇයි මා ........

5. නිවේදිකාව ඇඳන් හිටිය ඇඳුම ස්වෛරී චින්තනයට ගැලපෙන්නේ නෑ. එයාට තිබ්බා අශෝකා වනමලී වගේ ඔසරියක් අඳින්න. දැක්කද ඇඳපු ඇඳුම ? කොණ්ඩේ හදන්න ගිය ගමං සැලූන් එකෙන් පොරෝපු රෙද්ද පිටින් ආවේ. ඕවා හෙණ අඩුපාඩු

6. නිවේදකයාගේ නිකටේ උපන් ලපයක් තිබ්බා . මොකක්ද අප්පා නිධානය ෆිල්ම් එක වගේ නේ ? මුංට නිකැළල් නිවේදකයෙක් හොයා ගන්න බැරි වුණාද ? අපිට දුන්නා නම් අපි කරන්නේ ඔහොම නෙමෙයි.


103 comments:

  1. අජිත් ගමයට කතා කරන්න කියලා ඊට වඩා ලොකු පෝඩියම් එකක් තබා තිබීම නිසා ඔලුවට උඩින් පොඩියම් එක මත තැබූ ෆෝන් එක අජියාට අමතක වීම . අපිත් ජීවිතේ ප්‍රථම වතාවට මල් අතු ටිකක් කතා කරනවා අසා සිටීම සහ දැකීම

    ReplyDelete
    Replies
    1. ඒක මම හිතන්නෙ අජියව කැපී පෙනෙන එක වලක්වන්න කමිය කරපු වැඩක්. ස්තූතියි ඉවාන්

      Delete
    2. අයියෝ... මං ඒත් බැලුවා ඇයි අජිත් අයියා මයික් එක අරන් පැත්තක ඉඳන් කතා කරන්නෙ කියල. ඒ වෙලාවෙ මමයි, බෝධියි අර පොත් තියන්න මේසෙ ලෑස්ති කරනවා...

      Delete
    3. ආපහු ෆෝන් එක හොයා ගන්න ඉනිමගක් නොතිබීම ඊ යූ එකේ වැඩක් කියලා ට්‍රම්ප් පුටින්ට කියලා තිබ්බා

      Delete
    4. //ඊ යූ එකේ වැඩක් කියලා ට්‍රම්ප් පුටින්ට කියලා තිබ්බා//

      Pra එහෙම බැළුවම ඇමෙරිකන් ජනාධිපතිවරණයට රුසියාව influence කළ එකටත් නෙළුම්යායේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්.

      Delete
    5. නැතුව නැතුව මුලින්ම බ්ලොග්කරුවන්ගේ කන්‍යාභාවය නැති කරලා, ස්වාධීනත්වය අතුගාලා, අනන්‍යතාවය අනලා, ස්වරීබව සුන්නත්දූලි කරලා, නිවහල්බව වහල දාලා, යටත් කර ගන්න නෙලුම් සම්මාන දෙනවා. ඊට පස්සෙ ඉයනාස්මික් ස්ටේට් ඔෆ් ඉයන්'ස් සම්මාන(ISIS) ඇති කරනවා.
      අර කමියා ස්ටේජ් එකේ හිටපු අති හයානක හැටියට මට තේරුනා මේක සුද්ද යුද්දයක් කියලා

      Delete
    6. හොඳ වෙලාවට සිංහල බෞද්ධ බ්ලොග් කරුවන්ගේ කොන කපලා මුස්ලිම්කරණය කරල මාව උන්ගේ caliph කරන්න යන ප්ලෑන් එක ප්‍රා දන්නෙ නැත්තෙ.

      Delete
    7. මං දැනන් හිටියෙ නෑ. ඒත් වන්අයි ලව්පූස් සහ සජ්ජා නම් කිව්වා සෙවන් වර්ජින්ස් දෙන කතාවක්. නැත්නම් උන් දෙන්නාවගේ ප්‍රගතිශීලාලව ගෙන්නන්න පුලුවන්ද ඔයවගේ කුමණ්ත්‍රනයකට. හතක්ම දෙනවද ඇත්තට? ඊලඟ පාර මාවත් ගන්නවද සංවිදානෙට ඉයනුද්දින් තුමනි?

      Delete
    8. සෙවන් නෙමෙයි ප්‍රා සෙවෙන්ටි ටූ virjins. ජිහාඩ් වුන් මැරුණම ලැබෙන වර්ජින්ස් ලා ගැන හොඳ කෑල්ලක් මේ ක්ලිප් එකේ තියෙනවා. ඉයනුද්දින්

      Delete
    9. ඔක්කොමත් හරි මල් අතු ටිකක් කතාකරනව අහගන්න ලැබුනු එක නං සම්මාන දාහකට එහායින් වටිනව

      Delete
    10. හිස් බීම කේස් එකක් හොයාගන්න තිබ්බෙ නැද්ද හා...

      Delete
    11. අජියාගේ ෆෝන් එක ගන්න අජියාට කතා නොකොට නදී ළමයා මැතිවරණ කොමිසමේ සභාපතිට දෙන්න ගිහිං සවුත්තු කිරීම හා වීම.

      Delete
    12. ඒ මගේ ෆෝන් එකනම් නොවේ. මොකාගේද කියා දන්නේ නැත. ඒකත් කුමන්ත්‍රණයකි.

      Delete
    13. //නැතුව නැතුව මුලින්ම බ්ලොග්කරුවන්ගේ කන්‍යාභාවය නැති කරලා, ස්වාධීනත්වය අතුගාලා, අනන්‍යතාවය අනලා, ස්වරීබව සුන්නත්දූලි කරලා, නිවහල්බව වහල දාලා, යටත් කර ගන්න නෙලුම් සම්මාන දෙනවා. ඊට පස්සෙ ඉයනාස්මික් ස්ටේට් ඔෆ් ඉයන්'ස් සම්මාන(ISIS) ඇති කරනවා// මරු කමෙන්ට් එක ප්‍රා

      Delete
  2. //තේ සහ කෝපි එක පැත්තකත් ඒවට සීනි වෙන තැනකත් තිබ්බ බව තේ බීපු අයට මතක ඇති.// මොන දේ කුමන්‍රණයක් වුණත් මේක කුමන්ත්‍රණයක් වෙන්න බැහැ. මේ දියවැඩියාව අලුතින් හැදෙන්න තියෙන අයට ඒක වළක්වන්න කරපු දෙයක් හැටියටයි අපි හිතුවේ. හැබැයි ඉක්ලෙයාර්ස් කතාවත් එක්ක මේක ගැටෙනවා. එච්චර හිතන්න දෙයක් නැහැ අනු ප්‍රධාන මාතෘකා ටික සාකච්ඡා කරලා ඉවර වෙලා ෆේස් බුක් එකේ කට්ටිය මේ ප්‍රධාන මාතෘකාත් කතා කරන්න පටන් ගනියි. එතකොට අපි බලමු!

    ReplyDelete
    Replies
    1. රන්දිකා සීනි වෙන තැනක තිබ්බ එක event coordinators ලගෙ 'අදක්ෂකම'. එකට ඊක්ලෙයාස් දාල තියෙන්නෙ බ්ලොග් කරුවන් නැතිකරන්න හදන තිරේ පිටිපස්සෙ ඉන්න අය.

      Delete
    2. අනිත් එක රතු සිනි තිබුන එක රතු කියන්නේ අර මහා විරෝයෝ ඉන්න පක්ෂෙට කරපු මහම මහ නව්නිගිරිවක්

      Delete
  3. සිගරට් එකක් බොන්න තට්ටු තුනක් පහලට බහින්න වෙච්චි එකම ලොකු මානසික පීඩනයක්.. තව පොඩ්ඩෙන් ලිෆ්ට් එක පරක්කුයි කියල කීප දෙනෙක්ම තුන්වෙනි තට්ටුවෙන් පහලට පැනල ජිවිතේ නැති කර ගන්නත් තිබ්බ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඕක තුන් වෙනි තට්ටුවක තියන්නෙ නැතුව අර එලියෙ වතුර තියෙන තැන තිබ්බනම් සිගරට් බොන්නත් ලේසියි, ටොයිලට් යන්නත් තිබ්බ වැවට.

      Delete
    2. සිගරට් පත්තු කරන්න පත්තු වෙන්නේ නැති ලයිට්ර් එකක් ගෙනාපු එක ඊට වඩා කුමන්ත්‍රනයක්

      Delete
    3. ඕනය දම්මල සිගරට් බිමේ ආදීනව ගැන කියවල බ්ලොග් කාරයො දුර්මුඛ කරවන්න හදපු එක තවත් කුමන්ත්‍රණයක්...

      Delete
    4. තුන්වෙනි තට්ටුව අවුලක් නෑ බංස්ලා .... අවුල හතරවෙනි තට්ටුවෙ තිබ්බනං තමයි 😁

      Delete
  4. යකෝ මං එහෙම කීපයක් කෑවේ නෑ.නම දන්න එකම දේ ඒක කියලයි කීවේ.මම කසුන් හා නිර්මාණී යන තුනදෙනාටම මං බෙදාගෙන ගියේ එකම ප්ලේට් එකේ.මම කෑවේ එකයි.අහු වෙයංකෝ මං එල්ලනවා උඹව

    ReplyDelete
    Replies
    1. කමිය යටින් ලියල තියෙන කියවල ඉස්සෙල්ල එල්ලන්නෙ කාවද කියල තීරණය කරන්න වෙනව වත්සලාට :)) එච්චර කාල මඟදි ආයිමත් ආප්පත් කෑව කියල ලියල තියෙනව කොහෙ හරි දැක්ක.

      Delete
  5. හැංගි හැංගි වෙස් බැන්දට එලියේම නටලා කියුවලු. මේ ෆොටෝ එකේ මමයි හිටපු මැකෝ තුමයි දෙන්නමත් දකුණට බරයි නේද? මම දකුණට බර වෙන්නනම් හේතුව අර ඒ ෆොටෝ එකේම ඉන්නවා.. :)))

    ReplyDelete
    Replies
    1. පැහැදිලියි.. පැහැදිලියි... රෝස පාටට ඉන්නවනේ...

      Delete
    2. වත්සලා දැන් මට කලින් උඹව එල්ලනවා

      Delete
    3. උඹ පිංකි නංගිගෙන් සම්මානෙ අරන් දෙනකොට දකුණට බරවුනා වැඩියි කියල සමහරු කිව්ව.

      Delete
  6. පට්ටම දක්ශිණාංශිකයි. මම දැක්ක දකුණු අත කටේ ගහන් බලාන ඉන්නනව. දකුණු පැත්තෙ හිටියෙත් දකුණෙ එකෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කම්මල මගේ විතරක් නෙමෙයි 'කාගෙත් සහෘදයා' එක්ක තමයි මම හිටියෙ.

      Delete
    2. කාගේත් සහෘදයා "පිස්සෙක් වගේ - පිස්සෙක් වගේ " ගල්ලෑල්ලකින් පොටෝ අල්ලන්න ගත්ත.

      Delete
  7. දකුණු අතින් හොදටම වැඩ කරන්න ඕන නිසා මැකෝතුමා වම් අත තුවාලත් කරගෙන.. ඒකත් දකුණට බරයි නෙහ්

    ReplyDelete
  8. එක තැනක දාපු කොමෙන්ටුවක් කොපි පේස්ට් කරලා දාන හරි මදි.
    ඒත් මේක උපහාස පෝස්ට් එකක් නිසා තුන් වැන්නෙක් විදිහට මේ සම්මාන උළෙල දැක්ලා මට හිතුනු දේ අජිත්ගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ටුව මේ ලිපියටත් දාන්න හිතුනා.

    සම්මාන ලැබූ සියලු දෙනාට සුභ පැතුම් !

    මගේ බ්ලොග් අඩවියේ පළවූ ලිපියකටත් සම්මානයක් ලැබුනු බව දැන ගන්න ලැබුනා.

    ඒ ලිපිය තෝරාගත්, නිර්දේශ කල අයට ස්තූතිවන්ත වෙනවා.

    විනෝදාස්වාදය වෙනුවෙන් කරන දෙයක් උනත් අගැයීමකට ලක් වුනාම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා තව අය අපි ලියන දෙයක් කියනවා, ඒවා කිසියම් හෝ මට්ටමක තිබෙනවා කියා සිතන බව සිතුවාම.

    බ්ලොග් උළෙල සම්බන්ධව බොහෝ කතිකා ෆේස්බුක් එක පුරාම තවමත් ඇවිලෙනවා දකිනවා.

    කාර්‍යබහුලත්වය නිසාම ඒවාට සම්බන්ධ වෙන්න ඉඩ කඩ අඩුයි.

    නිර්ශේෂිත බ්ලොග් හෝ සම්මානලාභී ලිපි වල අන්තර්ගතය නොව උළෙල වෙනුවෙන් ඉහල පිරිවැයක් දැරුවේ කෙසේද යන්න ඒවායේ මූලික අරමුණ බව දුටුවා.

    සම්මාන උළෙලක් පැවැත්විය යුතු ලෙසම ඉතාම ඉහල ආකාරයෙන් පැවැත්වූ බව දැක්කා.

    මින් පෙර බ්ලොගර්ස්ලා සංවිධානය වී එකිනෙකාගෙන රුපියල් 200-300-500 බැගින් එකතු කරමින් සංවිධානය කල කුඩා උත්සව හා සසඳා බලන කල බ්ලොගර්ස්ලා වෙනුවෙන් මේ තරම් ඉහල පිරිවැයක් වියදම් කලේ කවුරුන්ද, ඒ අය හුදෙක් බ්ලොග් කලාව වෙනුවෙන් ඒ පිරිවැය දැරුවද? සැඟවුනු න්‍යාය පත්‍ර ඒ තුල නැද්ද ආදිය ප්‍රශ්න කිරීම ඇත්තෙන්ම සමාජ ජාල නිසා අප ලැබූ ජයක්.

    විනිවිධභාවය යන වචනාර්ථය පවා නොදැන සිටි ජනතාවක් පාරක බෝඩ් ලෑල්ලක් ගැහුවත් "කවුද කලේ? ඇයි ගැහුවේ? මොකද්ද හේතුව? සල්ලි කොහෙන්ද ලැබුනේ?" ආදී වශයෙන් ප්‍රශ්නකරන ජනතාවක් බවට පත්වීම අනාගතයේ "විචාර බුද්ධියෙන්" කටයුතු කරන පිරිසක් බිහිවීමේ පෙර මඟ සලකුනුක්

    එනයින් උළෙල සම්බන්ධව සමාජ ජාල නගන ප්‍රශ්නවලට පැහැදිලි පිලිතුරු ලබාදීමෙන් උළෙල සාර්ථකව සංවිධානය කල සංවිධායක වරුන් බ්ලොගර්ස්ලා ඇතුලු සියලු දෙනාගෙන හරසර ලබනු ඇති අතර සම්මාන ලැබූ අයට ආඩම්බරයෙන් ඔවුන්ගේ සම්මානය සමාජට ඉදිරිපත් කිරීමට ඉඩ ලැබෙනු ඇත.

    කෙනේ නමුත් සංවිධානය වුනු සහ වෙහෙස මහන්සි වුනු සියලු දෙනාට ගෞරව පූර්වක ස්තූතිය පුද කරමි !

    ReplyDelete
  9. /මැතිවරණ කොමිසමේ සභාපති තුමා කථාව පවත්වන්න යනකොට සම්මාන දෙන්න යනකොට කළිසම අත්දෙකෙන් උඩට උස්සමින් ගිය බව කවුරුත් දකින්න ඇති./

    තනිකරම ඉවෙන්ට් මැනේජර්ස්ලගෙ වැරැද්ද.මේ පහුගිය දවස්වල රටේ ලෝකෙ ප්‍රවෘත්ති උනන්දුවෙන් බලපු ඕන කෙනෙකුට පේන්ට තිබ්බ කාරණයක් තමයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙ කළිසම බුරුල්ය කියන එක. එතුමා වේදිකාවකට එන්නෙම කළිසම උස්ස උස්ස. ඒක දැනගන්න ඕන සංවිධායකයො ( Doing your home work first & paying attention to small details කියල කියන්නෙ ඔන්න ඕකට )

    ඉතිං පොඩ්ඩක් හිතන්න පුලුවන්කම තිබ්බනම් කරන්න තිබ්බෙ එතුමා ආසනයෙන් නැඟිටින තැන ඉඳල දේශනාසනය (Lectern) ලඟට එනකල් එතුමාගෙ කලිසම උස්සගෙන එන්ට ඉටිකිරිස් ලලනාවියක් යොදවන එක.අන්න එහෙම ඒවටයි කියන්නෙ මංජුසාවෙන් බැහැර චින්තනය (Thinking out of the box) කියල.

    Over to you Mr. Ajith Dharma, ගරු අජිත් ධර්ම මහතාණනි, මේ ඔබේ අවධානය පිණිසයි!!!

    ReplyDelete
    Replies
    1. අර පොඩ්ඩක් බර නැති දොරවල් වලට තියෙන 'ලී කෑලි' ටික උස්සගෙන යන්න ලලනාවියො දෙතුන් දෙනෙක්ම දැම්ම එකේ මේක ලේසියෙන් කරන්න තිබ්බ. රවී කියනව වගේ මේක සංවිධායකයින්ගේ අදක්ෂතාවය.

      Delete
    2. මම ඉවෙන්ට් මැනේජ්මන්ට් එකේ නැති නිසා ප්‍රතිචාරයක් දීමට නොහැකි බව රවී තුමාට දන්වමි.

      Delete
  10. යූටියුබ් ලයිව් ෆීඩ් එක විටින් විට බිඳ වැටීම සහ හඬ නොඇසීම නම් ඇමරිකානු කුමන්ත්‍රණයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් රසික අර විමල් වීරවංශට නෙළුම්යායට ඉස්සෙල්ල ඇප දීම මේ කට්ටිය වැලැක්වුව වෙන්නත් පුළුවන්.

      Delete
  11. උපහාසය උපරිමයි. කනට ගැහුවට වඩා සැරයි.

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ නලින් බ්ලොග් කරුවන්ගේ ස්වාධීනත්වය, වෛරී නෑ මේ ස්වෛරී භාවය භෞමික අඛණ්ඩතාවය ගැන උණ්ඩුක පුච්චයටම දැණුනු වේදනාව නිසා ලියවුණා. :)

      Delete
    2. මොන උපහාස්යක්ද නලින් අයියන්ඩි මේක තනිකරම අර නෙලුම් යාය අන්තිම අසාර්ථකයි කියලා පෙන්නන්න ලියපු ලිපියක් ....සම්මාන ගන්න 10ක් වත් ඇවිත් හිටියේ නැති එකම මොන විලිලජවක්ද

      Delete
  12. ඔව් මයි... ඉයන් අයියා නියම කතා ටික.

    ReplyDelete
    Replies
    1. බෝධිනි එතන හිටිය නිසා මේව දකින්න ඇති :)

      Delete
  13. එතකොට එහෙමයි උනේ..?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගස් එහෙමත් වෙලා මෙහෙමත් වුණා

      Delete
  14. අපරාදේ ඔය එකාධිපතියෝ,ප්‍රජාතන්ත්‍රවාදියෝ ලෙස පෙනි ඉන්නේ අන්න ඒ වගේ "දක්ෂිණාංශික" වුනත් අපි "වමට" බරයි කියලා පෙන්වන්න තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. කට බොරු කියනකොට දිව එලියට දාගෙන ඉන්නව කියන්නේ ඒකනේ

      Delete
  15. දැන් කාටවත් ප්‍රශ්නයක් නැද්ද බ්ලොග් වලට සම්මාන දීල ඒවා නිකන් උසස්පෙළ විභාග වගේ පැතලිකරණය වෙන එක ගැන. සම්මාන නොදුන්නොත් බ්ලොග් නවතිය්ද ? බ්ලොග් වල තියෙන new media ස්භාවය තමයි ආකෘතිමය සහ අන්තර්ගතමය ලෙස වෙනස් වීම

    සම්මාන උළෙල අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම නිසා බ්ලොග් කලාව ටෙලිනාට්‍ය කලාව වගේ සෝප් ඔපෙරා ටයිප් වෙයි. ලබන වසරේ සම්මාන ඕනි බ්ලොග්ගු දැන්ම පටන් ගන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සාරද ඔබතුමාට තමයි ඒක තේරුණේ

      Delete
    2. //සම්මාන නොදුන්නොත් බ්ලොග් නවතිය්ද ?/

      සම්මාන දුන්නොත් බ්ලොග් නවතිය්ද ? :-D

      Delete
    3. සම්මාන දුන්නොත් බ්ලොග් නැවතීමේ සම්භාවිතාව සම්මාන නොදුන්නොත් බ්ලොග් නැවතීමේ සම්භාවිතාවයට වඩා අඩුයිද ? වැඩියිද?

      Delete
    4. සම්මාන දෙන අයට සම්මාන දෙන්නේ කවුද? සිරිකොතින්ද? අගමැති කාර්‍යාලයෙන්ද? සෞඛ්‍ය අමාත්‍ය කාර්‍යාලයෙන්ද? කථානායක කාර්‍යාලයෙන්ද?

      Delete
    5. ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්

      Delete
    6. විප්ලවය එනතෙක් සම්මාන නවත්වනු.

      Delete
  16. දුක තමයි රංජිනී!
    අපි කියලා මොනවා කරන්නද ?
    පළමු වතාවට වෝටස් ඒජ් ගිය එවුන්
    පව් දෙයියනේ අජියා
    අම්මට පින් අනුමෝදන් කරවනවා

    ReplyDelete
    Replies
    1. කාට හරි පිං කියලා කුමන්ත්‍රණ වලට ඉඩ දෙන්න පුළුවන්ද?

      Delete
  17. යකෝ ගෙදරත් තේ හදාගෙන බොන එකේ ඔච්චර ලොකු හෝටලේකට ඇවිල්ලත් තේ එකක් හදල දෙන්න බෑ කියන්නෙ මේක තනිකරම කුමන්ත්‍රණයක්. එක්කො වතුර උණුකරගෙන තේ එක හදාගන්න ලිපකුයි පෝච්චියකුයිත් දුන්නනං තව කමක් නෑ කියමුකො.

    ReplyDelete
    Replies
    1. වෝටර්ස් එජ් එකට ගැපෙන්න සඳුන් දර ටිකකුත් එක්ක නේද Praසන්ன?

      Delete
  18. කුමන්ත්‍රන කුමන්ත්‍රන. ඕව ඔය කමියගෙයි, අජියගෙයි කුමන්ත්‍රන.

    ReplyDelete
    Replies
    1. ඔව් කසුන් ඇතුලෙත් කුමන්ත්‍රණ පිටත් කුමන්ත්‍රණ. බුද්ධගෝෂ කෙනෙක් පහල වෙන්න කාලෙ හරි

      Delete
  19. අර සම්මාන අර ගෙන ආපු යුවතියන් කල්‍යාණ මිත්‍රට සම්මාන හෑන්ඩ් ඔවර් කරලා මූණ රතු කරගෙන දිව්වේ මොකද කියලා අපේ සජ්ජාතුමා රිසර්ච් එකක් කරලා ඊට පස්සෙ තිබුන එතුමාගේ හා රින්ග්තුමාගේ පාටියට ගියා

    ReplyDelete
    Replies
    1. ප්‍රා ඒ කියන්නෙ සංවිධාකයො කාන්තා හිංසනය කරල එහෙම නැත්නම් ඒවට අනුබල දීල. යකෝ මේකේ කේස් ලියල ඉවර කරන්න වෙන්නේ නැහැ. කොමිසමක්ම දාන්න වෙනව.

      Delete
  20. මෙන්න ඔබට ලැබෙන පළමුවන ප්‍රශ්නය.....

    සම්මාන ප්‍රදානය කල විට බ්ලොග් රොටියක් මෙන් පැතලි වේනම් සම්මාන ප්‍රදානයට පෙර බ්ලොග්....

    1. පස්තෑලයක් බඳු වේ.
    2.සීනි කුරුල්ලකු බඳුවේ.
    3. වෙල්ලවැහුමක් බඳුවේ
    4. බිබික්කමක් බඳුවේ.

    ReplyDelete
    Replies
    1. රොටී යනු ඉන්දියානු ව්‍යාප්තවාදයේ පෙරගමන්කරුවෙකි. මෙය ලන්ඩොන් අජ්ජෙක් පෙරට දමා රෝ සංවිදානය විසින් දුන් ඉන්දියන් නෙලුමකින් අපේ ස්වරී මහනිල් යටපත් කිරීමේ ප්‍රයත්නයකි.

      මේ...කුරහන් රොටී නෙමෙයි නේද රවී?

      Delete
    2. උඹේ බ්ලොග් එක නම් බිබික්කම් හැඩේ... හැබැ‍යි ඔය උඩම තියන පින්තූරෙ සම්මානෙ හිමි තනි රවුම් බ්ලොග්ස් පවා තියනවා... අර පැතුම් හේරත් ලියන්නේ අන්තර්ජාලයේ මගේ බිත්තිය.. ඒක ඉතිං සම්මාන ලැබුණත් නැතත් පැතලියි. එතකොට හිස් අහසට එහෙමට කියලා හැඩයක් නෑ. අනිත් කොණ නම් උල් එකක්නෙ. යාං හෑල්ල ඉතින් හීනි දිග එකක්. අන්න තව පැතලි ඒවා දෙකක් මතක් වුණා - අන්සතු දිනපොත සහ සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත. අර සජ්ජාගෙ පඩංගුව වුණත් හොඳට දිග ඇරලා ගත්තොත් පැතලියි. දම් පාට දේදුන්න ඉතින් අඩ කවයක්, සමකය වටේ නිකං වලල්ලක් වගේ. මේ තව එකක හැඩේ තාම බලාගන්න හදනවා තාම බැරිවුණානෙ... බ්ලොග් එකේ නම පෙනෙන නොපෙනෙන.

      Delete
    3. මරු කමෙන්ට් එක තිසර. රවිය දකින්න ඕන එකක්

      Delete
  21. සමහර කමෙන්ට්ස් බලද්දි හිතෙනවා සෑහෙන්න අඩුපාඩු තිබුණා කියලා. සමහර ඒවා බලද්දි හිතෙනවා පාඩු අඩුවෙන් තිබුණා කියලා. මොනවා උනත් ඉයන් අය්යා අදුනගත්ත එක ලොකු දෙයක්.

    ReplyDelete
  22. හෙඩින් එක දැක්ක ගමන් මගේ දකුණෙ සිංහල ලේ කුපිත වෙලා මම මේ කඩන් බිඳන් ආවෙ දෙකක් කියන්න....ඇයි දෙයියනේ දකුණෙ මිනිස්සු කිසි දවසක ඔහොම කලා කියල ඔහෙල ට ආරංචි වෙලා තියනවයි....
    මේ මක්කා කියනවද අහන්න එද්දිම තමා තේරුණෙ....මේ දිශාන්තිය ගැන කියන්නෙ කියලා...
    ඕවා අජිත් සහ කමියාගෙ හවුල් කුමන්ත්‍රණ විදියට මටත් පෙනුනා

    ReplyDelete
    Replies
    1. ඕවා අජිත් සහ කමියාගෙ හවුල් කුමන්ත්‍රණ +++++++++++

      Delete
  23. අර හෝටලේ දොර ලග හිටපු මල්ලිගෙන් සම්මාන උළලේ තියන තැන අහපුවහම "3 වෙනි තට්ටුවට යන්න සර් " කියලා කියලා කිව්වා.." මට සර් " කියපු එක කුමන්ත්නය්ක සහ මේ උළෙල අන්තිම අසාර්ථකයි කියන්න හොදම උදහරෙනේ

    ReplyDelete
  24. හපොයි මුන්දෙලාගෙන් වැඩි දෙනෙක් එල්ලන්ඩයි වෙන්නෙ දැන්...

    ReplyDelete
  25. " නිදහස් බ්ලොග් කාරයෝ කියන්නේ කාගෙවත් උවමනාවට වමටවත් දකුනටවත් හැරෙන පිරිසක් නෙමේ " ජය!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ චන්දන අපිට පුළුවන්ද ඔහොම කියන කියන විදිහට හැරෙන්න.

      Delete
  26. හපොයි... අර දෙමළ දරුවගෙ නැටුම මැද්දෙදි සින්දුව නතර කරලා ඒ දරුවා අපහසුතාවයට පත්කළ එක ජාතීන් අතර සංහිදියාව කඩාකප්පල් කරන්න කළ කුමන්ත්‍රණයක්....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියලා සම්මාන ගත්ත උන් ඒ සම්මානේ ගෙනත් කෙම්න්ට්‍ර්සලා අතට දීලා 'අයියන්ඩි මේක අයිති උබට උබයි අපිව ලියන්න දිරමත් කරන්නේ කියලා " කියපු එක කෙමෙන්ට් කරුවන්ව පක්ෂග්ර්හි කරන්න කරපු උත්සහයක්

      Delete
    2. අහන්න දෙයක් නැහැ ඩිල්ශාන් ගෝලීය දමිල ඩයස්පෝරාව ඒක පිටිපස්සෙන් ඉන්න ඇති. අර ලොකු බැක් ඩ්‍රොප් එකක් ගහල තිබුණෙ ඩයස්පෝරාව අපිට පෙනේයි කියන වෙන්න ඕන.

      Delete
  27. Enter your comment... ඇත්ත! සහතික ඇත්ත.
    සම්මාන ගත්ත එවුන් ගැන කණගාටුයි. ආයෙ නං කිසිම කෙනෙකුට කියන්නෙ නෑ බ්ලොග් ලිව්ව කියල. අම්මප! මේඋස්සවෙත් එක්ක මගෙත් ස්වාධීනත්වය බිඳ වැටුන. දැං ලියන්න ගත්තොත් ලියවෙන්නෙ රාජිත ගැනමයි.
    මා ඉතිං යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරං යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි

    (ඉහි ඉහි ඉහි…)

    ReplyDelete
    Replies
    1. අනේ අයියා.. යන්න එපා අයියා... යන එපා

      Delete
  28. 1. හැලප , ලැවරියා වගේ දේශීය කෑමක් දෙන්නේ නැතිව ටාර්ට් , ඉක්ලෙයාර්ස් වගේ නොදන්නා කෑම තිබුණ නිසා අපි පරාධීන වුණා. මොකද සයිබර් එකෙන් ඇමරිකාවේ බැලස්ටික් මිසයිල වලටත් ඇටෑක් කරන අපිට අර පුංචි පැංචි වේටර්ලා ට පවා සෙකන්ඩ් වෙන්න වුණා. " අන්න අරකෙන් එකක් දාන්ට මල්ලි" කිව්වාම ඌ මං දිහා බලපු කැත !! චීයා පුතේ ....

    2. වේදිකාව උඩ හිටිය සුමිත් කළණසිරි ගේ පෙනුම ත්‍රස්තවාදියෙක්ගේ වගේ. එතෙනින්ම පේනවා මේ ආණ්ඩුව යටතේ ඊලම යළි පිහිටුවන්න ආධාර දෙන බව. ඇයි බැරි වුණේ සෞම්‍ය පෙනුමක් තියෙන ඈයෙක්ව හිටවන්න ? එහෙමත් නැත්නම් ඔච්චර වියදම් කරපු එන්.ජී.ඕ කාරයින්ට බෑ රුපියල් දාහක් දීලා ඌට පපායා පේෂල් එකක් දාන්ට ? අනේ මේ !!

    3. ඉවෙන්ට් මැනේජර් ගේ හැට්ටේ ස්ලීව්ලස්. ඔය එන්නේ රනිල් ගේ කුරුඳුවත්තේ සංස්කෘතිය. නියම සිංහල ගෑණු කවද්ද ස්ලීව්ලස් හැට්ට ඇන්දේ ? ඒ කාලේ රෙද්ද ඇන්දේ නැතත් චීත්තේ තිබ්බා නීට් එකට - හයි නෙක් දාලා එහෙම - හැඩ... ට

    4. මොකටද සොක්‍රටීස් පෙන්නුවේ ? ඇයි අපිව බටහිරට ගැති කරන්නේ ? අපිට තිබ්බ ජසයා හා ලෙන්චිනා පෙන්නන්න ? එහෙමත් නැත්නම් වස බොන එකක් පෙන්නන්න ඔය තරමට ඕනෙම නම් - අපිට ඉන්නවා නන්දා මාලිනී. මිදි යුෂ යැයි රැවටී හලාහල - විෂ බිව්වේ ඇයි මා ........

    5. නිවේදිකාව ඇඳන් හිටිය ඇඳුම ස්වෛරී චින්තනයට ගැලපෙන්නේ නෑ. එයාට තිබ්බා අශෝකා වනමලී වගේ ඔසරියක් අඳින්න. දැක්කද ඇඳපු ඇඳුම ? කොණ්ඩේ හදන්න ගිය ගමං සැලූන් එකෙන් පොරෝපු රෙද්ද පිටින් ආවේ. ඕවා හෙණ අඩුපාඩු

    6. නිවේදකයාගේ නිකටේ උපන් ලපයක් තිබ්බා . මොකක්ද අප්පා නිධානය ෆිල්ම් එක වගේ නේ ? මුංට නිකැළල් නිවේදකයෙක් හොයා ගන්න බැරි වුණාද ? අපිට දුන්නා නම් අපි කරන්නේ ඔහොම නෙමෙයි.

    ReplyDelete
  29. අනිත් දේ තමයි මෙතන මේන් කලර් එක රෝස පාට. මේක තනිකරම අර කෝදාගොඩ නෝනා හරහා ලාංකික සමාජය මත පටවන බටහිර ස්ත්‍රීවාදය. ඔය සාමාන්‍යයෙන් කුණුහරුප වපුරුවන හොඳ පිරිමි පෞර්ෂය තියන බ්ලොග්කාරයෝ කීප දෙනෙක් මේක කල්තියාම දැක්කා. ඒ නිසා යාන්තං උන් උන්ගේ බ්ලොග් පිරිමිකම රැකගත්තා. අනික බලන්න කාන්තාවන්ටනේ වැඩිම සම්මාන ගිහින් තියෙන්නේ. හොඳම බ්ලොග් එකට තේරිච්ච් නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ පවා හවුලේ ඒක ලියන දෙන්නගෙං ගැහැණු කෙනාට එන්න කියලනේ සම්මානෙ දුන්නේ. තනිකර ස්ත්‍රීවාදී බ්ලොග් සම්මාන උළෙලක්.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නේද? පිරිමි වෙනුවෙන් ඉදිරියට වරෙව් !!

      Delete
  30. හපොයි හපොයි... ඇත්ත නේන්නම් බැලුවහම තනිකරම දකුණට බරයිනෙ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ, අනික තුශාණිත් ශාලවේ දකුණු පැත්තෙම වාඩිවෙලා හිටියෙ. උග්‍ර දක්ෂිණාංශික කෙනෙක් වගේ

      Delete
  31. එකම හොදකට තියෙන්නේ සෙනක බිබිලේට වඩා ලොකු යුග පුරුෂයෙක් වන රාජිත සේනාරත්න ගෙන්වපු එක විතරයි, ඉදිරියේ ආචාර්ය මර්වින් සිල්වා, වැනි බුද්ධිමතුනුත් වෙලේ සුදා වැනි සමාජ ක්‍රියාකාරීන් ගෙන්වන්න ලැබේවා !

    ReplyDelete
    Replies
    1. //ආචාර්ය මර්වින් සිල්වා, වැනි බුද්ධිමතුනුත් වෙලේ සුදා වැනි සමාජ ක්‍රියාකාරීන් ගෙන්වන්න ලැබේවා !//

      එක හොඳකට තිබ්බෙ අර කුඩු චැනල් එකෙන් මාධ්‍ය ආවරණය දීල තිබ්බ එක විත්‍රයි. ස්තූතියි ලංකා සිතුවිලි

      Delete
  32. කිචි පැකට් භාවිතයෙන් තොරව සැහැල්ලුවෙන් හිනා වෙන්න, මේක කියවල මම තවත් මහත් උනාද මන්ද ?

    ReplyDelete
    Replies
    1. කසීර ගෙ කොටසට උඩ කොටසට වඩා හොඳයි. ස්තූත්යි කණ්ඩා

      Delete
  33. මේ පාර එන්න බැරි උන මම නම් ලබන පාරත් ඔය ඉක්ලෙයාර්ස්ම කන්න දෙන්න කියලා යෝජනා කර සිටිනව. මොකද ඒ මගේ ෆේවරිටම කෑමක්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් කලින් එන්න වෙයි වත්සලා ඉක්ලෙයාර්ස් ටික දකින්න පෙර.. හෙහ් හෙ මාව එල්ලනව සුවර්

      Delete
    2. එල්ලන්ඩ වටිනවා තමා යකූ...මගේ ෆොටෝ එකක්ම දාල මදිවට ඉක්ලෙයාසුත් ගැන කියවනව...මේව දැකල මහජනය මොනව කියාවිද

      Delete
  34. LOL!! I laughed soooo hard at this! This is the funniest thing EVER!! Ian you should try and be a comedian or something hahahahahahahaaa. Oh. Wait. You already are one

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ ෂෝයි මෙයා. ඔයාට ඉන්ගිරිසීයෙන් කමෙන්ට් දාන්නත් පුළුවන් නේ?

      Delete
  35. ඔයා බබා ... අපි බේබි .... අනා ශෝයි .....

    ReplyDelete
  36. මේක තනිකරම දක්ෂිණාංශික කුමන්ත්‍රණයක් කියල දැනගත්තේ මේ ලිපියෙන්. බොහොම ස්තුතියි ඉයන්. ඉතාම වැදගත් සාරගර්භ විශ්ලේෂණයක් ඉදිරිපත් කලාට.

    ReplyDelete