Tuesday, November 8, 2016

සිංහල ජාතියේ පැවැත්ම වෙනුවන් කල් තබා ගතයුතු දෙයක්


කල් තබා ගැනීම සඳහා වියලන ලද පළතුරු

ආහාර කල්තබා ගැනීම පටන් ගැනීම දඩයමේ ගිය යුගයෙන් පසු සමාජයේ පරිනාමයට හේතුවුණා කියල කියනවනෙ. එහෙම මස් කල් තබා ගන්න පාවිච්චි කරපු ක්‍රම වලින් කෝන්ඩ් බීෆ්, බේකන්, ජාඩි, බීෆ් ජර්කි වගේ දේවලුත් කිරි කල්තබා ගන්න ක්‍රම නිසා චීස්, ගිතෙල්, මෝරු වගේ දේවල් මනුෂ්‍ය ආහාර වලට එකතුවුණා. ඊට පස්සෙ ශීතකරණ එහෙම ඇවිල්ල එලවළු පළතුරු වලට අමතරව වෙන කල්තබා ගැනීමේ ක්‍රමයක් පාවිච්චි නොකරපු මස් එහෙමත් කල් තබා ගන්න පුළුවන් වුණා. මනුෂ්‍ය පරිනාමයේ ඒවගේ වැදගත් සංදිස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නෙ. මේ කියන දේ කල් තියා ගන්න නවීන කල් තබා ගැනීමේ උපාය මාර්ගයක් හොයන්න වෙලා. අඩුම වශයෙන් 2020 වෙනකන් වත් කල් ඉකුත් නොවී රස වෙනස් නොවී කල්තබා ගැනීමේ ක්‍රමයක් හොයාගන්න සිද්ධ වෙලා තියෙන ඓතිහාසික අවස්ථාවක්. 

මේ සඳහා ගැහැණු පිරිමි, පක්ශ ජාති භේදයකින් තොරව අපි හැමෝම මහන්සි ගන්න ඕන. එහෙම නොවුනොත් වසර තුන්දාහක් විතර ඉතිහාසයක් තියෙන සිංහල ජාතියම අනතුරේ වැටෙන්න පුළුවන්. ඒක නිසා මේ බැඳුම්කරේ කියන එක ඒකේ ජවය, බලය, ශක්තිය කියන කිසිම දෙයක් අඩු නොවී 2020 වෙනකන් කල් තියා ගන්න අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්න තමයි උත්සාහ කරන්නේ. ශ්‍රී ලංකාවේ භෞමික අඛන්ඩතාවය, උණ්ඪුක පුච්චය, සිංහල ජාතියේ පැවැත්ම ආදිය රැකගන්න අපිට උදව් වෙන්න ශත වර්ෂ ගාණක් අපිට ලඟින්ම හිටපු චීනය ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ජාතිය බේරගන්න සපුමල් කුමාරයා හැටියට චීනය නම් කරල තියෙන්නෙ ගෝඨාභය මහත්තයාලු. ඒ වුණාට ඒ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නනම් මේ බැඳුම්කරේ කල්තියාගන්න ක්‍රමයක් ඉක්මනටම හොයා ගන්න කියල අපිට දන්වල තියෙනව.

ඉස්සර කාලෙ නම් හැම මාසයයටම මොකක් හරි ජල්බරියක් සුවර් නිසා එකක් ගොඩක් කල් තියාගන්න ඕන වුණේ නැහැ. ඒ දවස් වල මාසයකට එකක් හරි නැවුම් කෑම සප්ලයි එක තිබ්බා. ඒ කාලෙ ලෝභ නැතුව දුන්නු එක්නැලිගොඩ, සරත් ෆොන්සේකා, ලසන්ත වික්‍රමතුංග, පෝද්දල ජයන්ත, තාජුඩීන්, ශිරාණි බණ්ඩාරණායක, හෙජින් ගණුදෙනුව, ග්‍රීක් බැඳුම්කර, ක්‍රිෂ් ගණුදෙනුව, කේ.පී සුදනා වීම,  ශ්‍රීලංකන් ගුවන් සේවය, පොදු රාජ්ජ සෙල්ලං, සිරිලියගෙ සෙල්ලං, ප්ලේන් පිටින් පුරවන් කරන රෝන්ද ගැහිලි, පවුලේ වාහනය වුණු හෙළිකොප්ටර්, දලඳා මාලිගාවෙ රේස්,   කුමාරවරුන්ට ගුවන් සේවිකා සැප,  ඩේසි ආච්චිගෙ ඉඩම් කොල්ලය, මල්වාන ඉඩම, බ්‍රවුන්ස් හිල් ඉඩම, සුද්දියන් දූෂණය, සුද්දන් මරා දැමීම, කාන්තා දූෂණ පාටි, රවිරාජ් ඝාතනය, මතක නැති කුඩු දුමින්ද, ගල් එක්ක වරායවල්, කෑලි හැලෙන ගල් අඟුරු බලාගාර, කුරුල්ලො බස්සන ගුවන් තොටුපොලවල්,  මැස්සන්ට පාවෙන පොලවල්, හොර පෙරකදෝරුවරු, කන්‍යාභාව වෙනුවට රස්සාවල්, තමන් ගහගන්න මේජර්ල, කුමාර ලියුමෙන් යුනිවසිටි, එල්ටීටීයී රත්තරන්, මාල කඩන රත්තරන්, රොකට් ඇරීම, මිග් ගණුදෙනුව, ඇවන්ට්ගාඩ්, සොහොන් පිල්ලිය, වගේ කෑමම කීයක්ද? මොනවත් නැත්නං සුදු වෑන් එකක් නැත්නම් පාට වෑන් එකක් හරි ඇවිල්ල කන්න දුන්නේ ආයිමත් මදි නොකියන්න. එහෙම කන්න බොන්න දුන්න කට්ටිය වෙනස් වෙලා ආපු කට්ටිය බඩගින්නෙ ඉන්න අයට හපන්න දීලා තියෙන්නෙ බැඳුම්කරේ විතරයි. ඒක නිසා වෙන්න පුළුවන් මහා  අහේනියක් මඟ හරවගන්න මේක පොඩ්ඩ පොඩ්ඩ කාල කල් තියා ගන්න ඕන 2020 වෙනකන් වත්.

මේක නියම විදිහට කල්තියාගන්න නම් අපේ එදිනෙදා දින චරියාවට මේක ඇතුල් කරගන්න ඕන. තමන්ගේ බිර්‍රිඳ එක්ක සංවාසයේ යෙදෙන්නනම් සැමියා බැඳුම්කරේ කියල බිරිඳටයි දරුවන්ටයි ඇහෙන්න මතුරන එක අනිවාර්‍ය කරන්න පුළුවන්. එහෙම නොවුණත් අර අඬාගෙන පස්සෙන් යන ගැණු කට්ටිය නම් ඒක කොහොමත් කරයි මේ වගේ. 

"මේ ඇහුණද දැන් දවස හරි නේද? අද.."
"එන්නෙපා කෝලම් කරන්න ඔහේ බැඳුම්කරේ කිය කියා දහ පාරක් ගේ වටේ දුවල ආවෙ නැත්නම් ඒව හම්බවෙන්නෙ නැහැ". "අනික් ඇඳේ නිදාගන්න එකයි ඇත්තෙ."

ඔක්කොම ගුරුවරුන්ට ඔය එක එක වැරදි වලට අහුවෙන ළමයින්ට දඬුවමක් වශයෙන් බැඳුම්කරේ කියල කීප පාරක් ලියන්න දෙන්න ඕන කියල නීතියක් ගේන්නත් පුළුවන්. 

"ගෙදර වැඩ කරගෙන ආවෙ නැති ළමයි බැඳුම්කරේ කියල සිය පාරක් ලියාගෙන එන්න."

දේශපාලනයට සම්බන්ධ වෘත්තීන් අතර නීතීඥයන් සහ දත් දොස්තරවරුන් ප්‍රාධාන තැනක් ගන්නවනෙ. ඒ අය අතර දත් දොස්තර මහත්වරුන්ට දත් පිරිසුඳුව තියා ගන්න බැඳුම්කරේ කියල මතුරන්න කියල මිනිසුන්ට උපදෙස් දෙන්න දන්ත වෛද්‍ය මණ්ඩලෙන් තීරණයක් ගන්න පුළුවන්.  

"ඩොක්ට මේ දත නරක් වෙලා වගේ මොකද කරන්නෙ"?
"තමුසෙලා හරියට දත් පරිස්සම් කර ගන්න දන්නෙ නැහැ". "මීට පස්සේ දත් මැදින්න ඉස්සෙල්ල බැඳුම්කරේ කියල මතුරනව". "ඊට පස්සෙ තමයි බුරුසුව කට ඇතුල දාන්න ඕනෙ. තේරුණාද"? 

වෙලඳුන්ටත් මේකට උදව් කරන්න පුළුවන්. ඔය කස්ටමර්ලට මිල ගණන් දෙකක් දුන්නනම් අඩුගාණට බඩු ගන්න බැඳුම්කරේ කියල මතුරවගන්න පුළුවන්. 

"මේ මේ මුදලාලි තෝර මාළු පන්සීයක් කීයද"? 
"මහත්තය බැඳුම්කරේ කියල ඔතන ඉඳන් දහ පාරක් කියනවනම් 350 නැත්නම් 750 යි".

ඩයි දාල කළු කරගත්ත රැවුල් වලට ආස ගෑණු ළමයින්ටත් මේ කල් තබා ගැනීමේ කර්තව්‍යයට දායක වෙන්න පුළුවන්. 

"මේ  අපි යාළුවෙමුද"? 
"මට බැහැ, අපෙ අම්මල කැමති නැහැ ඔයාගෙ ඔය මල්වාන කියන නමට". "අපේ අම්මල කියල තියෙන්නේ බැඳුම්කරේ කියල නම තියෙන කෙනෙක් හොයා ගන්න කියල". "නම මාරු කරගන්න කැමතිනම් මම කැමතියි." 


කරන්න පුළුවන් තව දෙයක් තමයි ඔය කෑමට පපඩම්. කරෝල කෑලක් වගේ එකක් බැදල ගන්න දෙයක් නැත්නම් "කෝ අද බැදුම්කරයක් නැත්ද"? කියල අහන්න වචනයක් ඔක්ස්ෆඩ් එකට දාගන්න එක. අනුමත වෙන වෙලාවට වුණත් පොඩි බැදුම්කරයක් වගේ එකක් තියෙන එක කොච්චර ෂෝක්ද?  බැඳුම්කරෙයි බැදුම්කරෙයි පොඩි සද්දෙ වෙනසක් තිබුණට ප්‍රශ්ණයක් නැහැ. 

මේකට හාමුදුරුගොල්ල ගෙනුත් ලොකු සහයෝගයක් ගන්න පුළුවන්. ඔය හැම දාම හැම බනකටම පාලි කෑල කියල පරිවර්ථනය කර කර කිව්වට තාම ගිහියන්ට පාලි බැහැනෙ. ඒක නිසා වැඩිය පාවිච්චි නොවෙන සූත්‍ර  දෙක තුනකටවත් අතර මැද්දෙන් බැඳුම්කරේ වගේ සද්ද වෙන පාලි වචනයක් ඔබල ගත්තනම් ඒකත් හොඳට පට්ට ගහන්න පුළුවන්. 

අතේ ඇඟිලි පහ ගැනගන්න බැරි කට්ටිය දාල සුරංගනා කථා දෙක තුණක් රචනා කරගෙන මොන්ටිසෝරි වලට බෙදන්නත් පුළුවන් මෙන්න මෙහෙම ලියල. බැඳුම්කරේ පාඩුව 1948 ඉඳන් අද වෙනකම් තිබ්බ රජයේ ආදායමට වඩා වැඩියි, පාඩුව ඇමෙරිකාවෙ මහා භාණ්ඩාගාරේ තියෙන වත්කම් වලට වැඩියි. පාඩුව හිරෝශීමා නාගසාකි බෝම්බ දෙකෙන් ජපානෙට වෙච්ච පාඩුවට වඩා වැඩියි, පාඩුව I වන සහ II වන ලෝක යුද්ධ දෙනෙක් ලෝකෙටම වෙච්ච විනාසෙට වඩා වැඩියි, පාඩුව NASA එක අද වෙනකන් ගුවන් ගත කරල තියෙන් චන්ද්‍රිකා ඔක්කොටම වියදම් වෙච්ච ගාණට වඩා වැඩියි, ඒ ගානෙන් චීන මහා ප්‍රාකාර දෙකක් හදන්න තිබුණ වගේ බේගල් ටිකක් සමාජ ගත කරන්න උත්සාහ කරන්න ඕන.


බ්ලොග් ලියන කමෙන්ට් කරන අයත් මාසෙකට එකක්වත් බැඳුම්කරේ ගැන ලියන්නත්, ඒගැන කවි, සිංදු, කෙටි කථා ආදිය ලියන්නත් උත්සාහ කළොත් සිංහල ජාතියේ පැවැත්ම වෙනුවෙන් චීනය ප්‍රමුඛ අපි හැමෝම ගන්න උත්සාහයට ලොකු පිටිවහලක් වෙයි. 



57 comments:

  1. අන්න දතා, සොරි සාරසයානම් දැනටමත් වැඩේට බැහැලා.
    සතියට එක පෝස්ටුවක් බැඳුම්කර ගාථාව, බැඳුම්කර පිරිත, බැඳුම්කර ජාතකය, බැඳුම්කර තොරණ...
    ඒ මදිවට හැම තැනම බැඳුම්කර පිරිත් පැන් ඉහඉහ යනවා.

    ReplyDelete
    Replies
    1. ඔබට ස රස තුමා ගේ ඉස්තූතිය ඇනෝතුමා!

      Delete
    2. සරස තුමා දරණ උත්සාහයට සිංහල ජාතියේ, රාවණා බලයේ සහ සිංහල අන්දරේලාගේ එකමුතුවේ ප්‍රණාමය.

      Delete
    3. නෑ ඉයංතුමෝ එතුමාගේ මේ වියායාමය අපිට නීති විසාරද මහාචාර්ය රජතුමෙක් ලබා දීම සඳහායි. අපි දේසපාලනයේ උගතුං හිඟයි කිව්වනෙ. ඉතින් සරාස්තුමා හදන්නෙ උපරිම උගතා උපරිම තැනට ගේන්න. හේල් පොහොට්ටුව !

      Delete
    4. ජීඑල්ගේ පොහොට්ටුවෙ අතුල්ලලා තමයි සරස පිරිත් පැන් ඉහින්නේ. පවිත්‍රාත් කියන්නේ එයා දන්න පොහොට්ටුවක් නැහැ කියලා. ජීඑල් පෙන්නන්න නැතුව ඇති.

      Delete
    5. ජී.ඇල්. ගේ පොහොට්ටුව තාම පිපෙනවැයි?

      Delete
    6. ජෝන් අමරතුංගගෙ පොහොට්ටුව පිපෙන්න ගන්න ජාති මෙයත් ගන්නව ඇති.

      Delete
  2. කල් තියා ගැනීමේ ක්‍රම සාර්ථකයි කියන්න බෑ ඉයන්. ඒවා හරි උන්ට අපිට නම මේ දේශපාලනයේ පිළුණු ගදට ඕක්කාරෙත් යනවා

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. ඒවුණාට මේක කල්තියා ගන්න එක උණ්ඪුක පුච්චයට හොඳයිනෙ රෝමෑන්ස්.

      Delete
  3. හරි හිටහන් මමත් ලියනවා එකක්.

    ReplyDelete
    Replies
    1. එකක් නෙවෙයි. මාසෙකට එකක් වගේ ලියන්නෙ ඕන කුරහන්.

      Delete
  4. බ්‍රා වල වැරදි මහලා අහුඋනොත් මමත් දෙනවා ඒ දඩුවම

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ, එහෙම වුණොත් ඇඳන් ඉන්න බ්‍රා එක ගලවල අරව හරහට බැඳුම්කරේ කියල ලියල හිටවල තියපන්. එතකොට ඒ අය දකින ගොඩ දෙනෙකුට මතක තියෙයි.

      Delete
  5. මීට පස්සෙ බොලාට කොමෙන්ට් ඕනනං බැඳුංකරේ කියල ඊමේල් 50 ක් එවන එකයි ඇත්තෙ.

    සභාපති
    කො.ක.ස.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස කො.ක.සං සභාපතිතුමා. ඊමේල් අරඉන්න අපහසු නම් එස් එම් එස් (SMS) එවන්නත් පහසුකම් සපයල දෙන්න.

      Delete
    2. අදාල පහසුකම සැපයීමට හැකිදැයි බැලීමට කොමිසමක් පත් කරමි.

      Delete
    3. අළුත් කොමිසමක් මොකටද කො.ක.සං සභාපතිතුමා, නැගිටල ගිහින් ආපහු ඇවිත් ඉඳගන්න පහසුකම සහිත කෝප් එකටම දාමු.

      Delete
    4. මාවත් දාපන් සාමජිකයෙක් විදිහට

      Delete
  6. මම මේ දන්නේ නැති හින්දා අහන්නේ..... දැන් ඔය කියන්ඩ තියෙන එකම දේ බැඳුම්කරේ විතරමද ?

    පොඩ්ඩ්ක් කැරකුනොත් තව ටිකක් හොයා ගතහැකි...

    ReplyDelete
    Replies
    1. හොයාගන්න පුළුවන් සූටික්කා. හැබැයි හොයාගන්න ඒවා 2020 වෙනකන් කල්තියා ගන්න පුළුවන් වෙන්නත් ඕන. කල්තියා ගන්න ක්‍රමය ගැන ඉස්සෙල්ල හිතන එක වැදගත් වෙන්නේ ඒකයි.

      Delete
  7. මාතලන් නම් දරුණුම එකක් ලිව්වා.

    මේකෙ බ්ලොග් සම්මානේ නම් අනිවා සා රස මහතාට හිමි විය යුතුයි.

    එතුමා හාමිනාට කතා කරන්නෙත් මගේ බැඳුම්කරේ කියලා හිටන්ලූ..

    ReplyDelete
    Replies
    1. බොලොග් සම්මාන කොහොමත් එයා මෙයාට දෙන මෙයා එයාට දෙන එකක් නෙ

      Delete
    2. මාතෙ උඹේ පෝස්ට් එක කියෙව්වා. නෙළුම්යායට හයිකු වෙනුවට බැඳුම්කර සාහිත්‍යය කියල කැටගරි එකක් දාන ලෙස අජිත් මහතාට යෝජනා කරමුද?

      Delete
  8. //එතුමා හාමිනාට කතා කරන්නෙත් මගේ බැඳුම්කරේ කියලා හිටන්ලූ.. //

    මාතලන් තුමා අසරණ ස ර ස තුමා ගේ පෞදගලික ජීවිතේ ගැන කතා කිරීම ගැන ස ර ස තුමා ගේ බලවත් ලැජ්ජාව!

    ReplyDelete
    Replies
    1. ඒක විහිළුවක් නෙමයි සරස... මාතයියා ඔයාට වටිනාකමක් දීලා

      Delete
  9. මාලෝ....මාලෝ...
    කෙලවල්ලෝ...බැදුම්කර සාලයෝ...
    ගන්න නෝනා....පොඩි ඉස්සෝ....500 ක් 80යි බැදුම්කර ඉස්සෝ..500ක් 160යි ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙන්ඩො ඔය බ්‍රා හදන කොම්පැණියට කියපන් බ්‍රෑන්ඩ් එක ජනප්‍රිය කරන්න ඇඩ්වටයිසින් වලට වියදම් නොකර "බැඳුම්කර" කියන බ්‍රෑන්ඩ් බ්‍රා මාකට් එකට දාන කියල.

      Delete
    2. වැල වරක කරන, දොඩම් දෙහි කරන ' 'බැඳුම්කරේ '

      Delete
    3. ඒක අමතක වුණානේ ලොක්කා. උඹ හරියට හරි. බැඳුම්කරේ පාඩුව 1948 ඉඳන් අද වෙනකම් තිබ්බ රජයේ ආදායමට වඩා වැඩියි, පාඩුව ඇමෙරිකාවෙ මහා භාණ්ඩාගාරේ තියෙන වත්කම් වලට වැඩියි. පාඩුව හිරෝශීමා නාගසාකි බෝම්බ දෙකෙන් වෙච්ච පාඩුවට වඩා වැඩියි, පාඩුව I වන සහ II වන ලෝක යුද්ධ දෙනෙක් වෙච්ච විනාසෙට වඩා වැඩියි, පාඩුව NASA එක අද වෙනකන් ගුවන් ගත කරල තියෙන් චන්ද්‍රිකා ඔක්කොටම වියදම් වෙච්ච ගාණට වඩා වැඩියි.

      Delete
  10. ඉයන්,

    ඇයි ද කළබල?

    ඒවා 2015 දී නිකුත් කළ අවුරුදු තිහේ බැඳුම්කර නේ. බය වෙන්න එපා. ඒවා කල් පිරෙන්නේ 2045 දී.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාර රසික, මේ කලා කාරයො, නලා කාරයො එක්ක බැහැනෙ. ඔන්න එක්කෙනෙක් මැරෙනව. මේ මිනිස්සු ඔක්කොම අමතක කරල ඒ මිනිහගේ ගුණ කියනව. ඒ නිසා මේක යටයන්න පුළුවන්. ඒක නිසා මීක නරක් නොවී තියාගන්න ඕන.

      Delete
    2. හරියට මිනිය වලලන්නේ නැතුව කරෝල වලට වේලනවා වගේ වැඩක්

      Delete
  11. /.....එහෙම මස් කල් තබා ගන්න පාවිච්චි කරපු ක්‍රම වලින් කෝන්ඩ් බීෆ්, බීෆ් ජර්කි වගේ දේවලුත් කිරි කල්තබා ගන්න ක්‍රම නිසා චීස් වගේ දේවල් එකතුවුණා....*/

    ඉයන් හූරාට අපිලැත්තන් ගේ මී පැණි පොජ්ජේ දාපු දඩමස් ගැන ලියන්න මන්දෝ වෙලා නොවැ. මාම්කැච්චමක් නරකයි.

    මීට ලක්ෂපති වන්නියලැත්තන් ගේ ගම් පොජ්ජේ හූරෙක්

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න රසික මුන්ගෙ අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ. මෙච්චර මේ ලංකාවේ මී පැණි දාල මස් කල් තියා ගත්තු එක බේකන්, වගේ දේවල් ගැන තමයි කථාව. මේ බටහිර ගැත්තන් එලවන්න කොහොම හරි අධිස්ඨාන කරගන්න ඕන.

      Delete
  12. යුඇන්පී කාරයින්ට රිදෙන, පොහොට්ටු කාරයින්ට ආතල් දෙන,ජනතාවට වදදෙන මේ ප්‍රශ්නයේ වැරද්දට ඇක්ශන් ගත්තා නම් කවුරුත් ඕක ආපහු කතා කරන්නේ නැහැනේ. ඇක්ශන් පරක්කු වෙනකොට රිඇක්ශන් වැඩියි. ඒකතමයි ස්වභාවය.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ වුණාට මේක නැති වුනානම් කට්ටිය අනාථ වෙනවනෙ අරුණ. ඵුගිය මස 21 ක් ඇදගෙන යන්න මේවගේ ටොපියක් ලැබිච්ච ඒකෙන් කීදෙනෙක්ට සැපද? සාරසම පෝස්ට් කීයක් දාගත්තද?

      Delete
    2. සරසට නම් ස්වීප් එකක් ඇදුනා වගේ. ඔන්න දැන් ලොරි කබලක් අටවගෙන බූලියක පැන් පුරෝගෙන පිරිත ජප ජප කර කර රට වටේ යනවලු. ඉහින්නේ පොහොට්ටුවෙන්ලු.

      Delete
    3. අරුණ උදාහරණෙකට හිටු කියල මාටියා ගහපු ගල් අඟුරු බලාගාරේ එහෙම නොවුනනන් හොඳයි කියල ඕනම මහින්දට විරුද්ධ කෙනෙක් පිළිගනියි. ඒ වුණාට ඕනම මහින්ද වාදියෙක් ගෙන් ඇහුවොත් බැඳුම්කරේ ව්ච්ච එක ගැන මාර හැපී.

      Delete
    4. ඔව් සමහරු නම් මේ වංචාව සිද්ධ වෙච්ච එක ගැන ඉන්නේ සතුටින්. දුක් වෙන්න ඕන එව්වටත් සතුටු වෙනකොට කියන්න වෙන්නේ බලය නැතිවෙනකොට ඇතිවෙන සාංකාව සහ බලය රැකගැනීම වෙනුවෙන් ඇතිවෙන තිගැස්ම කොච්චර අපූරුද කියලා. පුක් නෝට්ස් කියන්නෙත් ඔය ලෙඩේම කොටසක්.

      Delete
  13. මම මීටපස්සේ අංකල්ගේ බ්ලොග් එක කියවන්නේ, අංකල් බැඳුම්කරේ කියලා සිය පාරක් ලියලා තිබුනොත් විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි බෑනෝ , ස්තූතියි විචා

      Delete
  14. බැඳුම්කරේ ප්ලෑන සදා ගෙන ආවේ රනිල් තමයි
    බැඳුම්කරේ දස ගුණයෙන් වැඩිකෙරුවේ මාම තමයි
    බැඳුම්කරේ පිට විකුණා හම්බ කළේ බෑන තමයි
    බැඳුම්කරේ නුඹ අහසේ ඉයන්තුමා තාම හඬයි

    බැඳුම්කරේ නුඹ වෙනුවෙන් හඬ නැගුවේ අපේ ළමයි
    බැඳුම්කරේ නුඹ හන්දා මඩ නෑවේ අපේ ළමයි
    බැඳුම්කරේ කෝප් එකේ නෝට් දැමූ අපේ ළමයි
    බැඳුම්කරේ නෝට් නිසා පච වෙන්නේ අපේ ළමයි

    බැඳුම්කරේ නුඹ හන්දා කෙලවෙන්නේ රටට තමයි
    බැඳුම්කරේ නුඹ හන්දා රෙදි කැඩුනේ අපේ තමයි
    බැඳුම්කරේ නුඹ හන්දා යූඇම්පී ඉවර තමයි
    බැඳුම්කරේ එන චන්දේ පරදින්නේ උඩින් තමයි

    - මයුරවිල මි.

    පසු වදන : සගය ඉයනය, හැසි බසින් ලිවුම තොප තවත් ඇබෑසි කළ මනාය. තොපට සුබපතමි.


    ReplyDelete
    Replies
    1. ලිපියේ කියා ඇති දේ එලෙසම ඉටු කිරීම ගැන බොහොම ස්තූතියි. 'හොඳම රාජ්‍ය නායකයාට' ආවැඩීමේ අනුහසින් ලොකු තනතුරු පවුල සහ ඥාතීන්ට පමණක් හිමිවෙන බැවින් එම පවුලේ බවලත් උදවියගේ හැට්ට කටු ගැසීමේ විධායක ශ්‍රේණියේ තනතුරක් ඔවුන්ගේ පාලනයක් යටතේ ලැබේවා යැයි පතමි.

      Delete
  15. හෙහ්,හෙහ්, මෙන්න මං කැමතිම ඉට්ටැයිල් එක, උත්ප්‍රහසය :). වැරැද්දට, වැරුද්ද කියන එක වෙනම කතාවක්. වැඩේ කියන්නේ බයියෝ පුදුම ෆන් එකක් නෙව ගත්තේ, මරාව සුදනා කරන්න මේක හරහා. හෙහ්, අපි නොදන්නා මොණරතැන්න :)

    ReplyDelete
    Replies
    1. එකගයි ..මොන දේසපාලන මත දරුවත් ඉයන් මේ ලියලා තියන දේ පිළිගන්න වෙනවා ..මොකද ඒක තේරුම් යන විදිහට ලියලා තියන නිසා

      Delete
  16. වියළා කල්තබාගන්න පළතුරු වලින් මම කැමතිම ඇප්‍රිකට් වලට.ඇත්තටම ඉයන් බොහොම හොඳයි මේ වගෙ ආහාර සුරක්ෂිතකරණය ගැන ලිපියක් ලියපු එක.ස්තූතියි...:)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් රවී, බොහොම ස්තූතියි.

      Delete
  17. බැඳුම්කර කියද්දී මට නම් මතක් වෙන්නෙම බැදපු කරවල.. හැබෑට මොනවද ඔය බැඳුම්කර කියන්නේ..

    ReplyDelete
    Replies
    1. බැඳුම්කර කියන්නෙ කෝටි දෙකේ කට්ටියට රස කර කර වමාරා වමාර කන්න හම්බුවෙච්ච කෑමක් , පැතුම්.

      Delete
  18. “තොප්පිගල කියන්නෙ බැඳුම්කරයක්”
    - රනිල් වික්‍රමසිංහ

    “යුද්ධ කරන්න ඕනැ බැඳුම්කරයෙකුට පුළුවන්”
    - ලක්ෂ්මන් කිරිඇල්ල

    “මේ හමුදාපති බැඳුම්කර හමුදාවටවත් සුදුසු නැහැ”
    - මංගල සමරවීර

    “අලිමංකඩ කිය කියා බැඳුම්කරේ යනව කිලිනොච්චි කිය කියා බැඳුම්කරේ යනව”
    - රවී කරුණානායක

    “රට පුරා නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීමට බැඳුම්කර කලාප ඇතිකරනවා”
    - මෛත්‍රිපාල සිරිසේන

    “බැඳුම්කර රැකියා දසලක්ෂයක් ඇතිකරනවා”
    - රනිල් වික්‍රමසිංහ

    “පොල්ගහවෙල බැඳුම්කර කර්මාන්ත ශාලාවක් ඇතිකරනවා ජර්මනියේ උදව් ඇතුව”
    - රනිල් වික්‍රමසිංහ

    “යුද්ධෙන් හතරෙන් තුනක් ඉවරකළේ බැඳුම්කර කාලෙ”
    - චන්ද්‍රිකා කුමාරතුංග

    “තාජුඩීන් ඝාතනයට අදාළ බැඳුම්කර දර්ශණ මගේ ඇස් දෙකෙන්ම දැක්කා”
    - රාජිත සේනාරත්න

    ReplyDelete
    Replies
    1. සගය ඉයනය, නම යෙදුම අමතක විය.
      - මයුරවිල මි.

      Delete
    2. සගය ඉයනය,

      ඉහතදෑ සැමදා නොකල්පිනු වේ. තොප බ්ලොගෙහි වයස්ගත වුවද සුකුමාලය. තොප අපට සරලව තොපවෙත පහරදියහැකි මගක් විවර කළෝය . කමාන්ඩෝ හෝ විසෙස් බලකා කිරිය නියුතු හෝ පෙර ඒ කිරිය කළ පුඟුලකු සේ සේ මා ඔබට අනුසස් කරමි. සැඟවිය යුත්තක් නැවත නැවත පලිප්පු දමන්නා අමනයෙකි. ඉයනය තෙපි බස මෙන්ම එලිසම විරිත් ඈ ද හදාළ මනාය. තෙපි වයස් වැඩි වුව අංකුර කවියෙකි.

      Delete
    3. සගය, ඉන් නොබව අප මෙනම පෙර රජසිසු දිරි වැඩ තෙපි මල් බෑ සම මා සමග විවදයට එනුමැන, හැකිනම් මෙ බසින හෝ රිසි ඔබ බසින. සගය මම තෙපි තූ තූ කරමි.

      -මයුරවිල මි.

      Delete
    4. මයුරවිල ඇනෝ. මේ බ්ලොග් ලියන්නෙ වෙන වැඩ අතර. එම නිසා එම කාලය නිකරුණේ කෑ දැමීමට කිසිම අදහසක් නැත. බ්ලොගර් විසින් නොමිලේ සපයන සේවාවක් බැවින් ඔබගෙ වාද විවාද සහ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථා ඕනෑ තරම් ඇත. ඔබට ස්තූතියි.

      Delete
  19. බැඳුම්කර මන්තරේ මතුරන්න ඕන නැහැ ඉයන් මේක ප්‍රශ්නය ආණ්ඩුව විසින් මහජනතාවගේ විශ්වාසය රැදෙන විදියට විසඳනවා නම්.රනිල්ගේ නීතිඥ කමිටු වලින් නෙමේ මේ වැඩේ විසඳන්න තිබ්බේ.අර්ජුන් මහේන්ද්‍රන් මේ සිදුවීමේදී ක්‍රියා කල ආකාරයේ ගැටලු තියෙනවානේ.එක පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් රකින්න යාමෙන් එකසත් ජාතික පක්ෂයට වුනේ විශාල හානියක්.අනිත් එක දැන් වැඩක් නැහැනේ බං මහින්දගේ කාලේ මෙව්වා උනා කියලා.එහෙම මහින්දගේ කාලේ හතරවරම් ගැහිලි තිබ්බ නිසා තමයි යහපාලනය බලයට ගෙනාවේ.ඒහෙම අරුන් හොරු කියලා බලයට ආපු උනුත් අරුන්ගේ හොරකම් පේන්න පේන්න හොරකම් කරනවා නම් මොකද වෙන්නේ?

    ReplyDelete
  20. අපි තව සිල් පදයක් එකතු කරගමුද ? කාටත් ඇඟට ගුණයි සනීපෙට නන්දත් යයි . මෙන්න මේ වගේ එකක් ?
    "බැදුම් කර සරණන් ගච්චාමි "

    ReplyDelete