Saturday, November 26, 2016

මැට්ටලා

මත්තල නාම පුවරුව


මේ ලිපිය අපි අතර ඉන්න මැට්ටලා ගැන නෙමෙයි. විදේශිකයින් Mattala යන්න උච්චාරණය කරන්නේ මැට්ටල කියා නිසයි. අන්සතු දිනපොත මත්තල ආදායම වැඩි කරන්න අදහසකුත් එක්ක පෝස්ට් එකක් දාල තිබුණා.  ඒ ලිපියට කමෙන්ට් එකක් දාල තියෙන හුනෝ ඇත්තෙක් කියල තිබුණා කටුනායක ගුවන් තොටුපොල අළුත්වැඩියා කරන කාලේ එම ගුවන් ගමන් අහිමි කර නොගෙන ඒවා මත්තලට හරවන්න තිබුණා කියලා. මට මතක් වුණේ අපේ දේශපාලනයේ ඉන්න විශිෂ්ඨම උගතා විමල් වීරවංශ මැතිතුමා වරක් කිව්වා ලෝක බැංකු ණය රුපියල් වලින් ගෙවා දානවා කියලා. මේ මත්තල ගැන කියා ඇති හුනෝත් ඉගෙනගෙන ඇත්තේ ඒ විශ්ව විද්‍යාලයෙන්මයි වගේ.

ගුවන් තොටුපොලක් කියන්නේ පහසුකම් සපයන්නෙක් මිස කෙලින්ම ප්‍රවාහන ව්‍යාපාරයේ යෙදෙන්නෙක් නොවේ. එසේ යෙදෙන්නේ ගුවන් යානා සමාගම්. ඒ හුනෝ ඇත්තා කියන විදිහට ගුවන් සමාගම් වලට කටුනායක අළුත්වැඩියා කරන කාලෙට මත්තලට යන්න කියල ගුවන්තොටුපොල අධිකාරිය කියල නැහැ. ඒනිසා ඒගොල්ලො ලංකාවට එන ගමන් වාර ගණන අඩුකරන්න වෙලා. මත්තල ගුවත් තොටුපොලක් තියෙන වග නොදන්න ලංකාවට ගුවන් ගමන් කරන ගුවන් සේවා සමාගමක් තියෙන්න බැහැ කියන එක මේ මැට්ටලාට තේරෙන්නේ නැහැ. කටුනායක අළුත්වැඩියා කාලය තුල මත්තලට යන එක ඵලදායී නම් ගුවන් සමාගම් ගුවන් තොටුපොල අධිකාරිය කියන කම් බලාගෙන ඉන්නෙ නැහැ.

මැට්ටලා වගේම තමයි උන්ගේ රජ්ජුරුවොත්. මෙලඟදි පස්සෙන් යන මෝඩයන් ඉන්න රැළියක කියල තියෙනවා මත්තල සහ වරාය දෙකම ලාභ ලබනවා කියලා. වරායෙන් ආදායම හැටියට ලැබිල තියෙන කෝටි 30 ලාභයක් නෙමෙයි කියල 2500 ඔස්තාද් බන්දුල වත් කියල දීල නැහැ. වරාය හදන්න කෝටි 17,400 ක් ගියාම පොලිය ගෙවන්නත් අඩුම ගානෙ අවුරුද්දකට කෝටි 1,740 ක් වත් එන්න ඕන බව තේරෙන්නෙ කොහොමද? අනික ආදායමෙන් පඩිගෙවල, අනිකුත් වියදම් කරල කෝටි 10 ක් වත් ඉතුරුවුණාද? මේවගේම තමයි මත්තලට ගිය කෝටි  27,450 ත්. 

ඒ වගේම තමයි මත්තලයි වරායයි චීන සමාගම් වලට විකුණන එකට විරුද්ධව කෑගහන අනුර කුමාරයත්. රජ පවුලෙම කුමාරයෙක් වගේ. රජා ඒවා ගන්න එපා කියල පිටරට ආයතන වලට තර්ජනය කරන කොට මෙයා පරණ සමාජවාදී මත දාල විකුණන්න එපා කියනවා. මේ දෙකේ වියදම වුණ කෝටි 44,850 ට ආදායමක් නැතුව පොලී ගෙව ගෙව ඉන්න තමයි ඒ රජාටයි කුමාරයටයි ඕන. පොලී විතරක් නෙමෙයි ණය මුදලත් ණය කොන්දේසි අනුව ගෙවන්න වෙනව කියන එක මේගොල්ලන්ට අමතකයි. ඒව ගෙවන්න ඕන ආණ්ඩුව ගෙදරින් ගේන සල්ලිවලින්. ඒකනෙ බදු වැඩිකරනවටත් විරුද්ධ. මේවගේ සුදු අලි විකිණීමෙන් සිදුවන වාසි බොහොමයක් තියෙනවා. එකක් රටේ ණය ප්‍රමාණය එම විකුණන ගණනින් අඩුවීම. අනික එය මිලදී ගන්නා වුණ් ඒක ගලවගෙන චීනෙට ගෙනියන්න යන්නෙ නැහැ. ඒක ප්‍රයෝජනයට ගන්නවා. චීනයට තියෙන නැව් ගුවන් යානා ප්‍රමාණය ලංකාව එක්ක සසඳන කොට අති විශාල ප්‍රමාණයක් නිසා  ඒවායේ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගත්තොත් ඒ නිසා ලංකාවට බදු ආදායමක් ලැබෙනවා. ඒවගේම කෙලින් රැකියා සහ ආශිත්‍ර යම් ප්‍රමාණයක් ලැබෙනවා. එම ආයතන වලට සේවකයන්ට ඒවයේ සේවයට එන විදේශිකයන්ට  එලවළු සහ ආහාර ද්‍රව්‍ය සපයන අයට ආදායම් මාර්ග ඇතිවෙනවා. ඒවගෙම තමයි චීන්නු ගුවන් තොටුපොල හරහා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ක්‍රියාත්මක කරොත් ඒ පළාත්වල අපනයනය සඳහා එලවළු, ආහාර ද්‍රව්‍ය, මාළු ආදිය සම්භන්ධ ව්‍යාපාර වැඩි දියුණු වෙන්න පුළුවන්.

මේ දෙක වගේම තමයි ශ්‍රීලංකන් සමාගම විකුණනවට සහ හම්බන්තොටින් අක්කට 15,000 ක් නිදහස් වෙලඳකලාපයක් දාන්න චීනෙට දෙනවටත් මේ දෙගොල්ල විරුද්ධයි. රජා ශ්‍රීලංකන් එක විකුණනවට විරුද්ධ ආයිමත් බලයට ආවම පුතාටයි මස්සිනාටයි අන්තඃපුර සැප ගන්න ප්ලේන් ගන්න කොට කොමිස් ගන්න තියෙන අවස්ථා මඟ හැරෙන නිසා. ඒවුණාට නිදහස් වෙලඳ කලාපයට විරුද්ධ වෙන්නෙ මොකටද? රජයෙන් එහෙම කලාපයක් දැම්මොත්  ඒකට ආයෝජකයො හොයාගන්න වෙන්නෙ රජයටමයි. චීනය විසින් එහෙම කලාපයක් දැම්මම කර්මාන්ත අංශයෙන් ලෝකෙන්ම ඉදිරියෙන් ඉන්න රටට එම කලාපය පුරවන්න පහසුයි. අනික එම කලාපය දෙන්නේ අර පෝට් සිටි එකේ දෙන්න ගියා වගේ තනි අයිතියට නෙමෙයි. අදටත් කටුනායක වෙලඳ කලාපයයේ කර්මාන්තශාලා වල ඉඩම අයිති රජයට. දීර්ඝ කාලීනව බදු දුන්නම අයිතිය තියෙන්නේ රටට. එකම දේ තමුන්ගෙ මිනිස්සු ප්‍රමාණයක් ඒවයේ සේවයට එවන්න චීනු හපන්නු. ඒයගෙන් බදු ආදායම් ලැබෙනවා. කොහොමත් මේ රටේ විශාල ප්‍රමාණයකටත් රැකියා ලැබෙනවා. එහි ආරම්භ කරන කර්මාන්තශාලා වලින් බදු ආදායම ලැබෙනවා. (දැන් කිසිම අයෝජනයකට සම්පූර්ණ බදු සහන දෙන්නේ නැහැ). කලින් කිව්ව වගේ ආහාර සපයන්නන්, නිවාඩු නිකේතන හිමිකරුවන්, වෙනත් සේවා සපයන්නන් වශයෙන් ඒ පළාතේ මිනිසුන් අතට විශාල මුදලක් ලැබෙනවා.

කොමිස් එකට මේව හදල ඒවායෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න ගන්න කිසිම සැලසුමක් නැතුව ඉඳල ආණ්ඩුව ඒවා යෙන් ණය බරට තිබෙන බර සහ ඒවා එක් එක් අකාරවලින් ප්‍රයෝජනයට ගැනීම මඟින් රැකියා, වෙලඳ ව්‍යාපාර, කෘෂිකර්මයේ නියුතුවූවන්ට නිශ්පාදන විකුණා ගැනීමට අවස්ථා ලැබෙන සේ ඒවා ප්‍රයෝජනයට ගන්න යනකොට සහයෝහයක් නොදී ඒ ගැන වැරදි මත පස්සෙන් යන මැට්ටලාට සහ මයික්‍රෆෝන් අල්ලන බැලයන්ට දෙසන එක තමයි රජ්ජුරුවන්ගෙ දින චරියාව. පවු.


(ඇනෝවරු = ප්‍රොෆයිල් එක නොමැති කමින් ඇනෝ කමෙන්ට් දාන අය.
හුණෝ ඇත්තෝ = මඩ ගැහීමේ පරමාර්ථයෙන් ඇනෝ කමෙන්ට් දාන වුන්)

55 comments:

  1. /* අපේ දේශපාලනයේ ඉන්න විශිෂ්ඨම උගතා විමල් වීරවංශ මැතිතුමා වරක් කිව්වා ලෝක බැංකු ණය රුපියල් වලින් ගෙවා දානවා කියලා. */

    ඇයි ටොයියොත් තැන තැන කියන්නේ වැට් බදු වැඩි කරන්නේ, සිගරැට්, මත්පැන් බදු වැඩි කරන්නේ මරාගේ කාලේ ගත්තු ණය ගෙවන්න කියලා!

    ReplyDelete
    Replies
    1. රසික විදේශ ණය සහ දේශීය ණය වශයෙන් රටේ ණය වර්ග දෙකක් තියෙනවා. දේශීය ණය සහ පොලී ගෙවන්න රුපියල් වලින් පුළුවන්.

      Delete
    2. //ඇයි ටොයියොත් තැන තැන කියන්නේ වැට් බදු වැඩි කරන්නේ, සිගරැට්, මත්පැන් බදු වැඩි කරන්නේ මරාගේ කාලේ ගත්තු ණය ගෙවන්න කියලා!//
      තව පොඩ්ඩක් පැහැදිලි කරන්න, මේ කාරණාව ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න අවශ්‍යයි. රටේ මිනිස්සුන්ට බදු ගහල විදෙස් ණය පියවන්න බැරිද? එතකොට විදේශීය ණය පියවන්නෙ කොහොමද?

      Delete
    3. බැහැ රාජ්. එහෙම කරන්න පුළුවන් විමල් වීරවංශට විතරයි. ලංකාවේ අපනයන, මැදපෙරදිග සේවකයින් එවන මුදල්, විශේශ වලින් ලැබෙන ප්‍රදාන වගේ දේවලින් තමයි මේ විදේශ ණය ගෙවන්න පුළුවන්. ඒවුණාට ඒකෙ යන්නෙත් රෝලක්. අපේ ආනයන වලට යන විදේශ විනිමය අපිට ලැබෙන විදේශ විනිමය වලට වඩා වැඩියි. එමනිසා ඒවා ගෙවන්නත් තවත් විදේශ ණය ගන්න වෙනවා. ඇත්තටම මේවගේ රින ගෙවුම් ශේෂයක් තියෙන රටකට අද අපි ගෙන්වන වාහන ආදිය දරාගන්න බැහැ. ඒක එක හේතුවක් ඒවාට අධික බදු අය කරගන්න. ඒබදු ගෙවෙන්නෙත් රුපියල් වලින් නිසා ඒවයින් ඒ ණය ගෙවන්නත් බැහැ. ඒවුණාට විශාල ඉල්ලුමක් ඇතිවෙලා තවත් විශාල වශයෙන් වාහන වලට ඩොලර් නාස්ති කරන්න වෙන එක වලක්වන්න පුළුවන්.

      සමහර ගෝතයන්ට අනුව කිසිම සැලසුමක් දර්ශණයක් නැති යහපාලන ආණ්ඩුව මේ ගැන විවිධ දේවල් කරනවා. විදේශ මුදල් විශාල වශයෙන් වියදම් වන තව දෙයක් තමයි ඖෂධ. රට අවශ්‍ය ඖෂධ සැලකිය යුතු ප්‍රමාණයක් මෙහෙම නිශ්පාදනය කරන්න කර්මාන්තශාල 8 කට අනුමැතිය දීලා තියෙනවා. ඒවායින් 3 ක් දැනටම නිශ්පාදන පටන් අරන්. තව කීපයක් මේ වසරේදී එයි. තව කීපෙකට මේ වසරේදී අනුමැතිය ලැබෙයි. එම ඉල්ලුම්පත් කැඳවීම අවසන් වුණේ ගිය මාසෙ අන්තිමට. අනික තමයි ආහාර ගෙන්වන්න යන වියදම. මේ ගැන තව වැඩ පිළිවෙලක් යනවා. අපේ රටේ තෙල් ටිකක් හරි හොයාගත්තොත් ඒකෙනුත් වැඩක් වෙයි. රටේ වාහන හැදුවොත් ඒ යන වියදමෙන් 25% ක් වත් ඉතුරු වෙයි. බයියෝ කෑගහන වොක්ස්වාගන් කර්මාන්තශාලාව ඉක්මනට ඇරෙයි.

      Delete
    4. ඉයන්,

      ටිකක් බර වචනයකින් කිව්වොත් මේ "ශ්‍රී ලංකාවේ ජංගම ගිණුම පිලිබඳ අර්බුදය" නේද? මම දන්නා තරමින් නම් විදේශ මුදල් සංචිත වලින් ලොකු ප්‍රමාණයක් වැය වෙන්නේ විදේශ ණය ගෙවීම්, ඛනිජ තෙල් ආනයනය සහ ඇඟලුම් කර්මාන්තයට අදාළ යෙදවුම් සඳහා.

      නමුත් ඖෂධ නිෂ්පාදනය පිළිබඳව ඔබ කියන ආකාරයේ වර්ධනයක් ඉදිරියේදී වනවානම් මාත් සන්තෝෂ වෙනවා. හැකිනම් මුලාශ්‍ර සඳහන් කරන්න. මෙය අභියෝගයක් නොව ඉල්ලීමක් පමණි.

      ඒ වගේම ඉයන් ඔබ කියූ පරිදි 1965 - 1970 අතරේ රටේ මුදල් අතිරික්තයක් තිබුනේ නැහැ.

      ඒ වගේම ඔබ කියන පරිදි ආහාර ගෙන්වන්න යන වියදම ඉතා වැඩියි. එකඟයි.නමුත් මේ ගෙන්වන සියලු ආහාර රටට අත්‍යවශ්‍යද ? apple grapes කන්න නැතිව මිනිස්සු මැරෙනවද? නමුත් අපිට ඕනෑ ඕනෑ විදියට ඒවාට GATT වගේ දේ නිසා Tariffs දාන්න බෑ. ඔය folkswagen ආවොත් හොඳයි. නමුත් ලංකාවේ available factors of production එක්ක ඕක reality වෙයිද ?

      ඊළඟට විදේශීය ණය ගැන කතා කරමු. රනිල් මුලින්ම කිව්වනේ VAT එක 3%කින් වැඩි කරන්නේ අර රාජපක්ෂලා ගත්ත ණය ගෙවන්න කියල. ඊ ලඟට කිව්වනේ මේ මිනිහ කලිසමකුත් ඇඳගෙන, ඒකට මිනිස්සු කියන්නේ රාජපක්ෂ බද්ද කියල. ඉතින් ඉයන් ඒ කියන්නෙ රුපියල් වලින් විදේශ ණය ගෙවන්න පුළුවන්නේ රනිල් කියන ආර්ථික සර්වඥයා ට අනුව.

      -මොණරවිල / මයුරවිල

      Delete
    5. NB: Dear Ian,

      Can you kindly mention the fact that from which source that I can gain true information from Volkswagen with regard to their next business venture in Sri Lanka?

      -Peacock lake

      Delete
    6. 2009 යුද්ධ අවසන් වූ පසු රජයේ ණය ප්‍රමාණය තිබුණේ මෙහෙමයි. ඒකකය ඩොලර් බිලියන් වලින්. ඒකකය ඩොලර් බිලියන් වුණාට දේශීය ණය ගන්නේ බොහෝ විට රුපියල් වලින්. දේශීය ණය. 36.4 විදෙශෙය ණය 20.9 . මුළු ණය 57.3. 2015 වන විට මෙය දේශීය ණය 76.9 (109% ක වැඩිවීමක්) විදේශීය ණය 46.1. (120% ක වැඩිවීමක් ). වැට් බදු වැඩි කිරීමෙන් මේ දේශීය ණය පොලියත් ණයෙන් සුළු කොටසකුත් ගෙවිය හැකියි. එම නිසායි ඒවා රාජපක්ෂ ණය වශයෙන් හැඳින්වූයේ.

      Delete
    7. Peacock Lake. From what I have heard the Volkswagan project will be initiated in January 2017. I do not have a document source. As it is only 2 months away please wait and see. If that does not happen in January, please raise this once more.

      Delete
  2. /* වරාය හදන්න කෝටි 17,400 ක් ගියාම පොලිය ගෙවන්නත් අඩුම ගානෙ අවුරුද්දකට කෝටි 1,740 ක් වත් එන්න ඕන බව */

    මොනවා 10% ක් ද පොලිය?

    ReplyDelete
    Replies
    1. රසික ණය මුදල දක්වා ඇත්තේ රුපියල් වලින් නිසා රුපියල් පොලිය සඳහන් කලේ. කොහොමත් චීන ණය 8% ටත් අරගෙන තියෙනවා. මේ ලඟදී ඇතිවුණ රවී- චීන තානාපති සිද්ධිය ඒ ගැන. ලෝක බැංකුවෙන් 0.5% හෝ 1% වැනි පොලියකට ණය ලැබුණට ව්‍යාපරික ණය දැන් යන්නේ 4% ක වැනි පොලියකට. එයට රුපියල බාල්දුවීම එකතුකලාම මුළු වියදම 10% ක් පමණ වෙනවා.

      Delete
    2. හම්බන්තොට වරාය හදන්න ඩොලර් බිලියන 1.4ක පමණ නයක් අරගෙන තියෙනවා පොලිය LIBOR+ 6% . මේකට පොලිය සහ නයවාරිකය ගෙවන්නේ සම්පුර්ණයෙන්ම ශ්‍රීලංකා වරාය අධිකාරියෙන්( වසරකට රුපියල් බිලියන අටක් !). . මේක නිසා කෙළඹ වරාය අධිකාරිය සතු එකම බහලු පර්යන්තය වන JCT එකේ සංවර්ධනය සහ නවීකරණය නවතා දමා තිබෙනවා. අළුතෙන් හදාගෙන යන පර්යන්තයත් පුද්ගලික අංශයට දීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. තව වසර 4ක් හෝ පහක් යනවිට චරාය අධිකාරිය බංකොලොත්වීම අනිවාර්යෙන් සිදුවෙනවා. රනිල්ට ඒකෙන් වැඩක් නෑ . හම්බන්තොට වරාය බදු ගැනීම වෙනුවෙන් චීනා ඩොලර් බිලියනයක් රජයට ගෙවන්න ලෑස්තියි. ඒත් ඒක නයට හිලව් කරන්නැති කතාවක් තමයි කියන්නනේ . ඒ සල්ලි භාන්ඩාගාරයට ගන්නවාලු . නය ඔය ගෙවන විදියට ගෙවාගෙන යන්න වෙනවා !

      Delete
    3. //ඒ සල්ලි භාන්ඩාගාරයට ගන්නවාලු . නය ඔය ගෙවන විදියට ගෙවාගෙන යන්න වෙනවා !//

      භාණ්ඩාගාරයට ගන්නවා කියන්නේ ඒකෙන් එම ණයම හෝ වෙන ණයක් ගෙවිය හැකියි. භාණ්ඩාගාරයට විදේශ මුදල් අවශ්‍ය වන්නේ ණය ගෙවන්න හෝ විදේශයකින් යමක් මිලදී ගන්න. රනිල් අවුරුදු 5 න් ණයබර අඩුකරනවා කියල කියලතියෙනවා. වරායට හෝ ගුවන්තොටුපලට ලැබෙන මුදල තව ව්‍යාපෘතියක ආයෝජනය කළොත් ඒක වෙන්නෙ නැහැ. මම හිතන්නෙ මේ ණය හෝ වෙන ණයක් ගෙවෙයි කියල.

      Delete
  3. /* මත්තලයි වරායයි චීන සමාගම් වලට විකුණන එකට විරුද්ධව කෑගහන අනුර කුමාරයත්. */

    මව් බිම සුරකින්න පටන් ගනී ද මන්දා?

    ReplyDelete
    Replies
    1. කාලෙ හරි වගේ හිතෙනවද දන්නෙ නැහැ. බොහොම ස්තූතියි රසික කමෙන්ට් වලට.

      Delete
  4. මාත් කියෙව්වා. ඇත්ත තමයි කතාව. ඕවා ඉන්දියාවට දෙනවට වඩා චීනෙට දෙන එක ටිකක් හොඳයි. විකුණනවට වඩා ගිවිසුමක් අනුව දීර්ඝකාලීන බදු විදිහට දුන්න නං තමා තවත් හොඳ.ඔතනට ලැබෙන ආදායමෙන් සීයට අනූවක් චීනෙට ගිහිං සීයට දහයක්වත් ලංකාවට එයිනෙ. රස්සා දාහක් තිබ්බොත් අපේ අයටත් රස්සාවල් සීයක්වත් ලැබෙයිනෙ. අපේ ණය ටිකත් කැපිලා කීයක් හරි අතට එනවනං ඒකත් මදෑ.

    හැබැයි අපේ උන්ට කාල ඉන්න අමාරුත් ඒක තමයි. අපි කැමති ක්‍රමය ඕක නෙමෙයිනෙ. ආදායම් ලබනවනං සේරම අපිට ඕනි. එහෙම බැරිනං අපි මේකට ණය ගෙවගෙවා තියං ඉන්නව. කාටවත් දෙන්නෑ. අපේ හෙළ දීපෙ දෙයිං පරදේසක්කාරයින්ට ලාබ ගන්ට දෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. //එහෙම බැරිනං අපි මේකට ණය ගෙවගෙවා තියං ඉන්නව.//

      බොහොම ස්තූතියි සුරංග. ඒ ණය ගෙවන්න වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට කියන එක ඒගොල්ලොන්ට නොතේරෙන්ව වෙන්නබැහැ. මට හිතාගන්න බැරි ආර්ථ්මාර්ථකාමී හේතු නිසා මෙහෙම විරුද්ධ වෙනවද, ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ වෙනවද කියන එක.

      Delete
  5. මටත් තේරුං ගන්න බැරි පාඩු ලබන ඒව අතිං කාල හරක් බලනව වගේ තියාගෙන ඉන්නෙ මොකටද කියලයි. පාර්ලිමේන්තුවෙ ඉන්න අයටනං ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒත් ඒවයෙ පාඩුව ගෙවන්න වෙන්නෙ සාමාන්‍ය ජනතාවටනෙ.

    ReplyDelete
    Replies
    1. //ඒත් ඒවයෙ පාඩුව ගෙවන්න වෙන්නෙ සාමාන්‍ය ජනතාවටනෙ//

      1992 දී වතු පෞද්ගලීකරණය නොකරන්න අද වතු ටික ඉවරයි. අද තොන්ඩමන් ප්‍රමුඛ වෘත්තීය සමිතිය කරන ඉල්ලීම් ටිකක් හරි කන්ට්‍රෝල් එකේ තියෙන්නේ වතු අයිති පෞද්ගලික අංශයට නිසා. අනික තේර් රබර් ගණන බැස්ස මේ කාලේ වතු සමාගම් බොහොමයක් වගේ පාඩුයි. එම පාඩුවත් යන්නෙ මහජ්නතාවට. වතුවල අයිතිය රජය තියාගෙන ඒවා වතු සමාගම් වලට ලීස් කරල තියෙන්නෙ. ඒ නිසා පාඩුව රජයට එන්නෙත් නැහැ අයිතිය නැතිවෙන්නෙත් නැහැ.

      TY Praසන්ன

      Delete
    2. ඉයන්,

      වතු ජනසතුවට මාත් එකඟ නෑ. නමුත් ඔය කාලෙ ලොකු වතු හිමියෙක් වුන රොනී ඩි මෙල් ඉරිදා ලංකාදීපෙට දෙන අන්තිම interview එකේ ඒක ඉහලින්ම අගය කරනව. ඇයි ඒ

      Ian ,

      I believe that labour in plantation is ineffective and I perceive it to be a direct result of alcoholism. Though the management of such plantations requires uprooting this, trade union leaders hinder any attempt make.

      -Peacock lake

      Delete
    3. Peacock. It is a management problem. The pre 1972 owners had it under control. After they were nationalized by the 1970-77 govt. they also became unionized. Now SL has the highest cost of production for tea and over 80% of that cost is labour. If one company has excess labour in one estate and shortage of labour in another they cannot even do a temporary transfer. Hence the companies have to pay the excess laboureres in one and hire additional part time laboureres to another. Such stupid rules put by the unions.

      Delete
  6. පොදුවේ ගත්තම රජයේ සම්පත්/ව්‍යාපාර ආදිය 'විකිණීමට' බොහෝ දෙනෙකු අකමැතියි. කොච්චර පාඩු වුනත් අතින් කයිට් වුනත් පවත්වාගෙන යා යුතුයි කියන මතයේ තමයි මිනිස්සු ඉන්නෙ. වෙළඳාම/වෙළෙන්දා ගැන ලාංකීය ආකල්පය පසුගාමියි. වෙළෙන්දා=සූරා කන්නා කියන සූත්‍රය තමයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නෙ. විශේෂයෙන්ම මාක්ස්වාදීන්

    ReplyDelete
    Replies
    1. මොහොම ස්තූතියි රාජ් , බස්සා. මාක්ස්වාදයට ප්‍රතිවිරුද්ධ ආර්ථික ක්‍රමය 'ධන'වාදය කියල කරල තියෙන නාමකරණය 'ධන'වතුන් කියන වචනෙත් එක්ක පටලවාගෙන හිතන එකක්ද දන්නෙ නැහැ. පාඩුව කවුරු හරි ගෙවනවා. මහජනතාව එම පාඩුව ගෙවනව කියන එක නොතේරුමත් බලපානවා. ඒවගේම ඒවයේ සේවය කරන අය එවන් විකිණීමකදී වැඩ නොකර පඩි ගැනීමට නොහැකිවීමෙට තිබෙන බය උඩ සමාජය නොමඟ යැවීම් කරනවා.

      Delete
  7. ඒවියේසොන් කියන්නෙ මක්කද කියලා නොදන්න ගොන් වස්සෙක් වෙන්නේ ඇති.. උන් හිතනවා ඇත්තේ ප්ලේන් බාන එකයි නග්ගන එකයි විතරය එයාර්පෝට් එකකින් කරන්නෙ කියලා.. අනේ මෙහෙව් හරක් ඉන්න රටක නේ අපිත් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතෙ. රාජපක්ශ හැර වෙන අය කරන ඔක්කොම වැරදියි කියන මතේ ඉන්න අය එහෙම නැත්නම් දැනීමක් නැතුව ඔහේ ලියන අය.

      Delete
  8. වාඩු ගන්න විපක්ෂෙ හිඳ විරුද්ධ වන්නේ
    පාඩු ලබන ණයබර ජනතාවට එන්නේ
    මාඩු රැලක් වන් ඔවුන්ට ඇයි නොදැනෙන්නේ
    පාඩු මකා ලාභ ගන්න සහය වෙයන්නේ......

    ජයවේවා!!!

    ReplyDelete
  9. ඉන්න පොයන් හිත් පොජ්ජ මන්ද උනයි ලතෝනි ගහන්න තියා ගත්තෙ.
    මම හිතුවෙ ගටක් තියෙන කොල්ලෙක් කියලා.
    පොනිල් වගේම ලොල්ලෙක් කියල මේ පෝස්ට් එකෙන් හෙලිදරව් වුනා.

    ReplyDelete
  10. සබීතගේ බිල්ඩිමට කෝටි ගනන් කුලී ගෙවලා අවුරුද්දකට පස්සෙවත් පදින්චියට ගියේ නැති යහපාලනේ මත්තල ගැන දුකට කියන පැල් කවි හිටන්!

    ReplyDelete
    Replies
    1. සබීතගෙ බිල්ඩිමට ගෙව්වෙ සුපියල් දොස්තර මහත්තයෝ. මැට්ටලට ගත්තේ විදේශ ණය. එකක් පවුල ඇතුලේ හුවමාරුවන සල්ලි වගේ. අනික ගෙදරින් පිට වියදම් වල සල්ලි. පවුලේ ඇතුලේ හුව්මාරුවන සල්ලි වලින් රටක් දුප්පත් වෙන්නේ නැහැ. ගෙදරින් පිට ගියොත් ඒකට පවුලේ වත්කම අඩුවෙනවා. අනේ සරස තුමෝ මේවා ඉගෙන ගෙන ඔබතුම ටොයියෙක් වුණොත් අපිට පාඩුයි. ඒක නිසා ඔබතුමා කටේ තියෙන දත් ගැන විතරක් දැනගෙන රටේ ලෝක ආර්ථිකේ ගැන කථා කරන එක අපිට හිනා යන්නත් එක්ක හොඳයි.

      Delete
    2. // පවුලේ ඇතුලේ හුව්මාරුවන සල්ලි වලින් රටක් දුප්පත් වෙන්නේ නැහැ. ගෙදරින් පිට ගියොත් ඒකට පවුලේ වත්කම අඩුවෙනවා. //

      ඒ හන්දා ඇතුලත හොරකම හොඳායි?

      මරු ආර්තික තියරි!!

      Delete
    3. එහෙනම් අපි "රුපියල්" වලින් හොරකම් කරමු.

      Delete
    4. මේක කියෙව්වම මට මතක් වුනේ ඇවන්ට් ගාර්ඩ් වැඩේ නේවි එකට දුන්න එක.. හෙහ් හෙහ්.. එක්කෝ මේවා මට තේරෙන්නේ නෑ..

      Delete
    5. මේ පෝස්ට් එක හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොල cඊහනයට විකිණීම සහ හම්බන්තොට නිදහස් වෙලඳකලාපයක් දාන චීනය ඉඩම් අක්කර 15,000 ක් දීම සහ ශ්‍රී ලංකන් විකිණීම සම්බන්ධව. මේවට අදාල වන්නේ ඒවාට ලභා ගෙන ඇති විදේශ ණය. ඒකට අදාල පෙඔස්ට් එකකට සබීතගෙ බිල්ඩිමක් ගැන කියපු එකටට්යි මගේ පිළිතුර. ඒක හරව හරව සොමියක් ගන්න එක ගැන මට තියෙන්නෙ හිනාවෙන එක විතරයි.

      Delete
  11. අවබෝධය නැතිකමද උපන් කුහක කමද මේකට විරුද්ධවීමට හේතුව?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා

      Delete
  12. විකුනනේ නැතුව පාඩුව පියවා ගන්න බදු දෙන එකේ වැරද්ද මොක්කක්ද කියලා මටනම් තේරෙන්නේ නැහැ

    ReplyDelete
  13. හම්බන්තොට විශාල මුදල් නාස්තියකට වඩා කල යුතු දෙයක් කිරීමට අවශ්‍ය කාලයට වඩා කලින් කිරීමක් ලෙස සිතිය හැක.
    එහෙත් මත්තල සෑදීම හා මිහින් එයාර් පටන් ගැනීම නම් ඇත්තෙන්ම ආර්ථික ඝාතනවේ

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රා දෙකම රටට බරක් වුනු ඒවගේම රටේ විදේශ විනිමය නාස්තිකල සුදු අලි

      Delete
  14. පාඩු ලබන ව්‍යපාර රජය මගින් නඩත්තු කිරීම නිසා ඒ ව්‍යාපාර තුලින් කිසිදු ප්‍රතිලාභයක් හෝ නොලබන ජනතාවට පවා ඒවායේ පාඩුවට කර ගහන්න වෙනවා.කොහොමත් රජය විසින් ව්‍යපාර කරන්න යාම නොවේ කර යුත්තේ එව්වා නිය්මනය කිරීමයි රජය කරන්න ඕනේ.වාරය සහා ගුවන් තොටුපළ තවදුරටත් ප්‍රයෝජනයක් නොගෙන නිකම් තියන් ඉන්නවාට වඩා කරන්න පුළුවන් කෙන්ක්ට දීලා දාන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. මනෝජ් 100% හරි. රජයක කාර්‍යභාරය නියාමනය මිස ව්‍යාපර දිවීම නෙමෙයි.

      Delete
  15. ඉයන්,

    මමත් විදේශ ණය ගෙවීම ගැන හිටියෙ රටේ ජනතාවට බදු ගහල ඒ ණය ගෙවන්න පුලුවන්ය කියන මතයෙ. දැන් ඔබ කියන විදිහට එහෙම බෑ. මම මේ ගැන පොඩ්ඩක් හොයල බැලුව. පැහැදිලි මූලාශ්‍රයක් හොයාගන්ට බැරිවුනා.

    මගෙ යාලුවෙක් ඉන්නව ආර්ථික විද්‍යා උපාධිධරයෙක්. මිනිහට කතාකලා . බලනකොට ඒ මනුස්සය වැකේෂන් එකට ගිහිල්ල.

    ඉයන්, ඒ ගැන වැඩිදුර හොයල බලන්න මූලාශ්‍රයක් දෙන්න පුලුවන් නම් මෙනි තෑන්ක්ස්...බොස්..:)

    ReplyDelete
    Replies
    1. රවී එකම මූලාශ්‍රය තමයි common sense එක. ලෝකේ ඉල්ලුමක් තිබෙන ව්‍යවහාර මුදල් වන්නේ ඇමෙරිකානු ඩොලර් එක, යුරෝ එක, ඔස්ට්‍රේලියානු ඩොලරය වගේ දේවල්. ඉන්දියාවෙ සමාගම් පවා ඉන්දියානු රුපියල් වලට අපනයන ඇණවුම් භාරගන්නේ නැහැ. විදේශ ණය ගෙවිය යුත්තේ එවන් විදේශ මුදල් වලින්. නැතුව ලංකා ආණ්ඩුවට අච්චු ගහන්න පුළුවන් රුපියල් වලින් ගෙවන්න පුළුවන් නම් බදු නොගහ රුපියල් අච්චු ගහල ගෙවන්න පුළුවන්නේ.

      එම්නිසා ලෝක වෙලඳාම වෙන්නේ එම මුදල් වලින්. උදාහරණයකට දෙදෙනෙක් අතර වෙන ගනුදෙනුවකට මාධ්‍ය මුදල්. මගෙ ගාව ඇපල් තියෙනවනම් උඹ ගාව පැපොල් තියෙනවනම් මාරු කර ගැනීම ක්‍රමය Batar system. මට පැපොල් අවශ්‍ය නැත්නම් සහ පැපොල් විකුණනන් ඕනනම්, මම උඹට ඇපල් දෙනවා උඹ මට සල්ලි දෙනවා මම ඒ සල්ලි වලින් මට ඕන දේ ගන්නවා. එතකොට ලංකාවේ රුපියල් පැපොල් වගේ. ඒව වෙනරටවලට අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් රුපියල් ගෙවල ඔනේ බඩුවක් ගෙන්න ගන්න පුලුවන් වෙන්න ඕන. ඒක නිසා රටේ ණය ගෙවන්න, රටට අවශ්‍ය දේවල් ගන්න උඹට ඔය පැත්තෙ ඉඳල එවන ඩොලර් තමයි යොදාගන්නෙ.

      රජය අරගෙන තියෙන දේශීය ණය එනම් භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර, ලංකාවේ බැංකු වලින් ගත්ත ණය විතරයි රහ්ජෞඒ රුපියල් ආදායමෙන් ගෙවන්න පුළුවන්.

      Delete
  16. හම්බන්තොට වගේ නගරයක් භෞතිකව සංවර්ධනය කිරීම හොඳ අදහසක්.
    හැබැයි ගැටලුව ඒකට ප්‍රෙද්ශයේ ජනතාව සම්බන්ධ කරනොගත්ත එක.
    පරිසර සහ ජනහිතකාමී සංවර්ධනයක් නැති එකයි ප්‍රශ්ණය

    ReplyDelete
    Replies
    1. සංවර්ධනය කිරීම හොඳයි තමයි. එහෙමනම් ලංකාවේ හැම නගරයටම එයා පෝට් එකකුයි, සම්මන්ත්‍රණ ශාලා, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන, වරායවල් දාන රටට වැඩිපුර සල්ලි තියෙනවනම්. එකක් ණයට අරගෙන මේව හදනකොට ණය සහ පොලී ගෙවල ලාභෙකුත් ගන්න ආදායමක් ලැබෙයිද කියල feasibility study එකක් කරල බලන්න ඕන. එහෙම නැතුව එම සංවර්ධනය මඟින් ලබා දෙන සේවයට ඉල්ලුමක් නැති පැතිවල හෝ එසේ ඉල්ලුමක් නැති සේවා සපයන සංවර්ධන වැඩ නාස්ති. ඒවා නයට ගත්තු සල්ලි වලින් කරන කොට ඊටත් වඩා නාස්ති. ඒවා සාම‍ය රාජ්‍ය ගණුදෙනු වල පොලියට වඩා පොලියට අරන් කරනකොට ඊටත් වඩා නාස්ති.

      තමන්ගෙ ගම කියල රටම ණය කරවල මේවගේ සුදු අලි ව්‍යාපෘති දාන්න නායකත්වයක් ඕන නැහැ. දක්ෂ කමකුත් ඕන නැහැ. දර්ශණයකුත් ඕන නැහැ. අනික රට දියුණු කරන්න්න මාරුව්නෙ මාරුවට ජනාධිපති එක එක පළාතෙන් පත්කරන්න වෙයි.

      Delete
  17. මත්තල සහ වරාය දෙකම යම් බදු පදනමක් යටතේ චීනට දෙන එකට මමත් එකඟයි...
    ඒ මගින් විදෙස් ණය බර අඩු වීම මේ මොහොතේ රටට සහනයක්...
    ඒ වගේම මේ ආණ්ඩුවටත් යුතුකමක් තියෙනවා ඇමතිලට මන්ත්‍රීලට කෝටි ගණන් වල වාහන තොග පිටින් ගෙන්නන එකත් අඩු කරන්න හෝ නතර කරන්න. මොකද ඒ හරහාත් පිටට ඇදිල යන්නේ ඩොලර්...

    ඉයන් උඩ දක්වල තියෙන කරුණු අනුව මහින්ද යුගයේ (ප්‍රමාණය අනුව) ගොඩක් වැඩිවෙලා තියෙන්නේ දේශීය ණය, ඒවා රුපියල් වලින් ගෙවන්න පුළුවන් ඒවා නේද...
    එතකොට ඔය සබීතගේ බිල්ඩිම වගේ ඒවට නාස්ති වෙන්නේ දේශීය ණය/පොළිය වලින් කොටසක් හෝ ගෙවන්න පුළුවන් සල්ලියක් නෙමේද...?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ලොක්කා. සබීතගෙ බිල්ඩිම ඇතුළු අනික් මුදල් අපතේ යන හැමදේම රටේ ණය ප්‍රමාණයට බලපානවා. යහපාලනයක් බලාපොරොත්තු වුණ අයගේ විස්වාස වලට මේවා විරුද්ධයි. රටක් අමාරුවේ වැටෙන්නේ නම් විදේශීය ණය නිසා. ඒවා ප්‍රතිව්‍යුහත කරන්න වගේ දේවල් කරන්න රජයට හැකියාවක් නැහැ. ඒවගේම එක ණයක් හරි මුදල් නොමැතිකමින් නොගෙවා හැරියොත් ඉන්පසු කවරාකාරයේ ණයක් වත් ලබා ගන්න බැරිවෙනවා. ගන්න පුළුවන් වුණත් ගිණි පොලී ගෙවන්න වෙනවා. ඒක නිසා විදේශ ණය ප්‍රමාණය පාලනය අතිවැදගත්.

      Delete
  18. හිතවත් ඉයන්,

    මත්තල ගුවන් තොටුපොළ පසුගිය දෙවසර තුළ අතිවිශාල ලෙස ලාභ ලැබූ අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට විකුණන්නට නොහැකිද?

    අපට ආරංචි හැටියට මහබැංකු බැඳුම්කර ගනුදෙනු හරහා මහජන මුදල් අවභාවිතකරමින් ඉතාම වංචනික ලෙස මෙන්ම වාර්තාගත ලෙස අධික ලාභ ඉපැයූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හිමි ප්‍රකෝටිපති ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස් මහතාගේ හිමිකාරීත්වයෙන් ලබන වසර මුලදී නව මාධ්‍ය ජාලයක් ගොඩනගන්නට මේ වනවිට බොහෝ වැඩ කටයුතු සිදු කර අවසන්ය. රුපියල් ලක්ෂයේ ආරම්භක වැටුපක සිට රු. මිලියන දෙක හමාරක් දක්වා මාසික වැටුප් ගෙවමින් ලංකාවේ පෙර නොවූ විරූ සුපිරි පහසුකම් සහිත අලුත් මාධ්‍ය ආයතනයක් මේ අනුව පිහිටුවා ඇත.

    මෙහි දේශපාලනික අරමුණ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙ ප්‍රතිරූපය රට තුළ ඔසවා තැබීම බවටද වාර්තා පළවිය.

    ආරම්භ කිරීමට නියමිත දැවැන්ත මාධ්‍ය ජාලයේ ප්‍රධාන පුවත්පත සඳහා පසුගිය දිනවල ලංකාවේ විවිධ පුවත්පත් වල සේවය කරන දක්ෂ මෙන්ම ජනප්‍රිය පිරිස් ඉතාම ඉහළ වේතන යටතේ බඳවා ගන්නා ලද අතර මව්බිම පුවත්පතේ දිනපතා හා ඉරිදා කතුවරුන් දෙදෙනාද ඒ අතර විය. මෙම මෙහෙයුම අනුව අද (30) වනවිට මව්බිම පුවත්පතේ සංස්කාරක මණ්ඩලයේ, පිටු සැකසුම් අංශයේ සහ තවත් අංශ වල 21 දෙනෙකු එක්වරම ඉල්ලා අස්වී අලුත් පුවත්පතට ගොස් ඇතැයිද වාර්තා විය.

    බම්බලපිටිය ප්‍රදේශයේ දැනට ස්ථාපිත කර තිබෙන කාර්යාලය විවිධ මාධ්‍ය ආයතනවල දක්ෂතා ඇති අය මිලට ගෙන රැස් කර තබාගන්නා ස්ථානයක් බවට පත්ව ඇති අතර ඉදිරියේදී කොල්ලුපිටියේ නව ගොඩනැගිල්ලක මෙම ආයතනය පිහිටුවන්නට කටයුතු සූදානම් කර තිබේ. ලංකාවේ ඉදිරි කාලයේ මාධ්‍ය තුළ පෙරළි කරන්නට සමත් පිරිසක් ඒ අතර සිටින බවටද වාර්තා පළවේ.

    නව මාධ්‍ය ජාලයට රූපවාහිනී, ගුවන් විදුලි පුවත්පත් හා වෙබ් අඩවි රාශියක් ඇතුලත් ලාංකික මාධ්‍ය වෙළඳපොල තුල පෙරලිකාර වෙනසක් සිදු කරනු නිසැක බවට ආංරචි පවතින අතර රූපවාහිනී බලපත්‍රය අලුතින් ලබාගන්නවාට වඩා පවතින එකක් මිලට ගෙන වැඩි දියුණු කිරීම පහසු නිසා ඒ සඳහා ස්වර්ණවාහිනිය මිලට ගන්නට සූදානමක් පවතින බවටද ආරංචි පැතිරිණි.

    මේ පිලිබඳව පෝස්ටුවක් පළකර අපව දැනුවත් කරන මෙන් ඔබෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බැඳුම්කර ගනුදෙනුවේ පාඩුවක් වුනා කියා දැනගෙන හිටියට ඔබ කියන ඕපාදූප දන්නෙ නැහැ. ඕපාදූප බ්ලොග් එකක් දාගෙන ඔබම ලියන්න.

      Delete
  19. ඉයන් ඔබ ඉන්න තිබුණේ ඉන්දියාවේයි, එහෙනම් ඔබට සෑහෙන වටිනා පෝස්ට් දාන්න තිබ්බා;

    දකුණු ඉන්දීය තෙලංගානා ප්‍රාන්ත මහ ඇමති නව නිවාසයකට පිවිසීම ප්‍රාන්තවාසීන්ගේ අප්‍රසාදයට තුඩු දෙන කරුණක් බවට පත්ව ඇතැයි වාර්තා වේ. වසර ගණනාවක සිට ගෙනයන ලද වෙනම ප්‍රාන්තයක් බවට පත්වීමේ ව්‍යාපාරයක ප්‍රථිඵලයක් ලෙස, තෙළුගු බස කතාකරන බහුතර ජනයාගෙන් සමන්විත තෙලංගානා භූමි ප්‍රදේශයට 2014 වසරේදී ඉන්දියාවේ ප්‍රාන්තයක තත්ත්වය පිරිනැමිණි.

    මහ ඇමති කේ. චන්ද්‍රෙසේකර් රාඹ් ගේ නිවස අමෙරිකානු ඩොලර් මිලියන 173 ක බරක් බදු ගෙවන්නන් මත පටවා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

    වෙඩි නොවදින නාන කාමර, 250 දෙනෙකුට අසුන්ගත හැකි සිනමාහලක් මෙන් ම 500 දෙනෙකුට සෑහෙන රැස්වීම් ශාලාවක් ද එම නිවසේ අංගෝපාංග අතරට අයත් වේ.

    මහ ඇමතිවරයාගේ සුවිශේෂ පූජකයා විසින් නව නිවස ආශීර්වාද ගන්වා ඇති අතර ඔහුගේ වෙඩි නොවදින නානකාමර බොහෝ දෙනාගේ සමච්චලයට ලක්වී ඇති බව ඒ සම්බන්ධයෙන් සමාජ ජාල හරහා පැතිර යන පණිවිඩවලින් පෙන්නුම් කෙරේ.

    එක් ට්විටර් පණිවිඩයක දැක්වුණේ, “වෙඩි නොවදින නානකාමර? කවුරු කුමක් ඉලක්ක කරන්නේද යන්නයි මා සිතන්නේ.” යනුවෙනි.

    තවත් ට්විටර් පණිවිඩයකින් මහ ඇමතිවරයාගෙන් විමසා තිබුණේ, “දයාබර කේසීආර්, නානකාමර ජලය කාන්දුවීමෙනුයි වැළැක්විය යුත්තේ, වෙඩි වැදීමකින් නොවෙයි. ඔබ කවදාකවත් නාන කාමරයෙන් පිටතට එන්නේ නැතිද ?” යනුවෙනි.

    “මේ මනුස්සයාට නාන කාමරයේදීවත් සාමකාමීබව ලබන්නට බැහැ.” යැයි තවත් ට්විටර් පණිවිඩයක දැක්විණි.

    පැරණි හින්දු සම්ප්‍රයික වාස්තු පිළිබඳ දැඩිව විශ්වාස කරන්නෙකුවන මහ ඇමති රාඕ ‘ප්‍රගති භවන්’ ලෙස නම්කොට ඇති සිය නව නිවස ඉදිකිරීමේදී වාස්තු විශේෂඥයින්ගේ දැඩි උපදෙස් පිළිපදිනු ලැබීය.

    ප්‍රාන්ත මහලේකම් කාර්යාල සංකීර්ණයේ වාස්තු ස්වභාවය ප්‍රාන්තයට අසුබ යැයි පවසමින් එය කඩා බිඳ දැමීමට චන්ද්‍රසේකර් රාඕ දැරූ උත්සාහය පිළිබඳ පුවත් පළවිය.

    ජ්‍යෙෂ්ඨ දේශපාලන විචාරකයකු හා ගත්කතුවරයකුවන කිංසුක් නාග් බීබීසී සමග පැවසුවේ, මහ ඇමතිවරයාගේ නව නිවස ඔහු සතු ‘වැඩවසම්’ මානසිකත්වය පෙන්නුම් කරන බවය.

    “ඈත කාලයේදී වැඩවසම් රදලයකුට, ඔහුගේ නිවස මෙන් ම කාර්යාලය ද සහිතව බලකොටුවක් ඇති විට ඔහුට යටත් ප්‍රදේශවාසීන් ‘ආහ්… මොනතරම් විශාල මාලිගාවක් ද.’ කීවා.” යැයි පැවසූ නාග්, නිවාසයේ ප්‍රමාණය සාධාරණය කිරීමට ආරක්ෂාව සම්බන්ධ කරුණු ඉදිරිපත් කිරීමේ තේරුමක් නැතැයි පෙන්වා දුන්නේය.

    තෙලංගානා මහ ඇමතිවරයා පිළිබඳ මේ තොරතුරු වාර්තා වූයේ තවත් ඉන්දිය දේශපාලනඥයකු සිය දියණියගේ විවාහ මංගල්‍යය ඩොලර් මිලියන සිය ගණන් වැයකොට අති දැවැන්ත ලෙස පැවැත්වීම හරහා, මුදල් අර්බුදයකට මුහුණ දී සිටින ඉන්දියානුවන්ගේ කෝපයට ලක්වී සති කිහිපයක් ගෙවී යද්දීය.

    ReplyDelete
  20. ඔබට බිල් ගෙවීමට සහ නය ගෙවීමට අවශ්ය හදිසි ණය මුදලක් අවශ්ය වන අතර, ඔබ, ඔබේ මුල්යමය බරෙන් මිදීමට නිවැරදි ණය සමාගමක් වන MARY AUDREY LOAN COMPANY දී, අපි සියලු ණය වර්ග 2 ක පොලී ණයක් ලබා දෙනවා %, කරුණාකර ඊ-තැපෑල හරහා අප අමතන්න: maryaudreyloancompany@gmail.com හෝ WhatsApp හරහා +1 (412) 407-3952

    ReplyDelete
  21. හැමෝටම ආයුබෝවන්, මම මාර්ක් මිලී. විලියම්ස් ඩේවිඩ්ගෙන් මට ලැබුණු උපකාරයට සාක්ෂි දීමට මෙම මහා සංසදයට නැවත පැමිණීම ගැන මම ඉතා සතුටු වෙමි. මගේ හිටපු ස්වාමිපුරුෂයා මා මත පනවා ඇති ණය හා මූල්‍ය බැඳීම්වලින් තොර වීමට මට තවත් ණය මුදලක් අවශ්‍ය විය. මිතුරන්ගෙන්, පවුලේ අයගෙන් සහ මගේ බැංකුවෙන් පවා උපකාර පැතීම ඇත්තෙන්ම නරක ය, නමුත් මගේ ණය ලකුණු ඇත්තෙන්ම නරක බැවින් කෙනෙකුට මට උදව් කළ හැකිය. ඒ නිසා මම මගේ පරිගණකය සමඟ සැරිසැරූ අතර ඩේවිඩ් විලියම් ණයක් සඳහා උදව් කළ බවට මිනිසුන්ගෙන් සාක්ෂි කිහිපයක් මම දුටුවෙමි, පසුව මම ඔහුගේ ඊමේල් {Personalloanesay@gmail.com in හි සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි, පසුව මට ඔවුන්ගෙන් විද්‍යුත් තැපෑලක් ලැබුණු අතර මම මගේ මගේ කොටස පිළිබඳ හොඳම ප්‍රශ්නය මගේ පුදුමයට කරුණක් නම්, ඔවුන් මා ඉල්ලා සිටි ණය මුදල මගේ ගිණුමට මාරු කළ අතර දැන් මගේ ණය අවලංගු කිරීම ගැන මම ඉතා සතුටු වන අතර මා සහ මගේ පවුල රැකබලා ගැනීම සඳහා ඉතිරි මුදල සමඟ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තෙමි. ඔබට ණයක් අවශ්‍ය නම්, හොඳම ණය දෙන්නා වන ඩේවිඩ් විලියම්ස් ඔහුගේ විද්‍යුත් තැපෑලෙන් අමතන්න: Personalloanesay@gmail.com

    ReplyDelete
  22. හෙලෝ; මම එලිසා රිවේරා, මම ණය නිලධාරියෙක් වන අතර මම මූල්‍ය වෙළඳපොළ සේවය නියෝජනය කරමි. කිසියම් හේතුවක් නිසා ඔබට මූල්‍ය ආධාර අවශ්‍යද? ඔබේ පිළිතුර ඔව් නම්, මගේ ණය වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා අද මගේ සමාගම හා සම්බන්ධ වීමට නිදහස් වන්න; විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ වන්න
    (financialmarketservice@gmail.com).

    ඇයි අපි අහන්නේ ඇයි අපි? අපගේ මාර්ගගත ප්‍රාග්ධන වැඩසටහන අන් සියල්ලටම වඩා වෙනස් බව දැන් ඔබ දැනගත යුතුය.
    මෙන්න අපගේ කාරක ප්‍රාග්ධන වැඩසටහන වෙනස් වන්නේ කුමක් ද යන්න පමණි.

    ඉක්මන් අයදුම් කිරීමේ ක්‍රියාවලිය
    පැය 24 ක් වැනි කෙටි කාලයක් තුළදී
    ඩොලර් 500,000 දක්වා ලබා ගන්න
    ස්වයංක්‍රීය ගෙවීම්
    - අවශ්‍ය නැත
    ඉතා වැදගත්, සැඟවුණු ගාස්තු නොමැත
    - හොඳ ප්‍රවෘත්ති යනු වසංගතය අපගේ වේගවත් සේවා ණය දීමනාවයි.


    අනපේක්ෂිත මූල්‍ය සිදුවීම් සිදුවන බව අපට වැටහී ඇති අතර, අපි මෙහි පැමිණියේ උදව් කිරීමට ය.
    ඔබට ණය තහවුරු කර ගැනීමට, අනපේක්ෂිත වෛද්‍ය වියදම් ගෙවීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවුලේ නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය වුවත්, ඔබගේ හේතු කුමක් වුවත්, අපි තේරුම් ගනිමු.
    මූල්‍ය වෙළඳපොළ සේවයේ අපගේ ඉලක්කය වන්නේ කාලෝචිත ආකාරයකින් පුද්ගලික ණය, ව්‍යාපාර ණය සහ උකස් ණය 2% ක දැරිය හැකි පොලී අනුපාතයකට ලබා දීමයි.
    සම්පූර්ණ විස්තර සඳහා විද්‍යුත් තැපෑලෙන් අදම අප හා සම්බන්ධ වන්න
    financialmarketservice@gmail.com

    අවංකවම

    ReplyDelete