Monday, November 14, 2016

හැත්තෑවේ දශකයේ නූගතුන් බ්ලොග් ලියනවාද


පාර්ලිමේන්තුව පසුබිමේ ඇති අය වැය ලේබලයක්

අය වැය ගැන සමාජයේ විවිධ මත පලවෙමින් තිබේ. එවායින් ඒ මත පල කරන අයගේ සමාජීය සහ දේශපාලන දැනුම ප්‍රදර්ශණය කරමින් පවතී. පසුගිය අවුරුදු දෙකේ මා සිතූ දෙයක්නම් සාමාන්‍ය මහජනතාවගේ දැනීමට එහා දැනීමක් එමෙන්ම වැටහීමක් ඇති අය බ්ලොග් ලෝකයේ සැරිසරන බවකි. 

අය වැයක් යනු රටේ මීලඟ වසරේ අදායම් සහ වියදම් ඇස්තමේන්තු පාර්ලිමේන්තුව මඟින් අනුමත කරවා ගැනීමේ කාර්යාවලියයි. එය සමාගමක ඊලඟ වසරේ බජට් එක අධ්‍යක්ෂක මණ්ඩලයකින්  අනුමත කරවා ගැනීමට බොහෝ සෙයින් සමානවේ. 1956 බලයට පත්ව 1960 මාස කිහිපයක් හැර 1965 දක්වාම මයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෞද්ගලික සමාගම් පවරා ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කලද බස් ජනසතුව හැරුණු කොට එසේ පවරා ගැනුනේ විදේශීය සමාගම් සතු දේපලය. ඒවා කාර්යක්ෂමව කලමනාකරණය කරමින් තිබූ ආයතන නිසා ඒවායින් විශාල මුල්‍ය පාඩුවක් රට සිදු නොවිනි. 1965 බලයට පත්වූ එජාප රජය 1967 දී රටේ මුදල් අතිරික්තයක් තිබූ මොහොතක එම මුදල් යොදවා කොලඹ උතුර යා කෙරෙන අධ්වේගී මාර්ගයක් තැනීමට සිතීය. රාජ්‍ය නායකයෙකු වීමට වඩා මහණ දම් පිරීමට සුදුස්සෙකු වූ එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා එම මුදල් ප්‍රයෝජනයට ගණිමින්  මහජනයාට නොමිලේ සහල් සේරු දෙකක් දීමට ක්‍රියා කලේය. 

මෙහි මානුෂික පැත්ත කෙසේ වෙතත් එදිනෙදා ජීවිතයට රජයේ අය වැය සම්බන්ධ කල ප්‍රධාන අවස්ථාව මෙය බව මගේ දැනීමයි. පසුව මෙම වියදම් දරා ගැනීමට රජය අපොහොසත් වන විට එය හාල් සේරුව දක්වා අඩුකිරීමට රජයට සිදුවිය. 1970 බලය ලබා ගැනීමය හඳෙන් හාල් ගෙනවිත් දීමට සිරිමා බණ්ඩාරණායක ප්‍රමුඛ සමඟි පෙරමුණ පොරොන්දුවිය. බලය ලබා ගත් පසු මාක්ස්වාදී ප්‍රතිපත්ති අනුව යමින් මධ්‍යම රජයෙන් පාලනය වන ආර්ථිකයක් එන් එම් පෙරේරා මුදල් ඇමති අතින් බිහිවිණි. තවද ඒ අනුව සිංහල ධනපතීන් නැතිකල වතු පවරා ගැනීම් සහ එතෙක් පෞද්ගලික ලාංකික ව්‍යවසායකයින් සතුව රජයට බදු ගෙවමින් තිබූ තිබූ මිනිරන්, රෙදි නිෂ්පාදනය ආදී කර්මාන්තවල සිට ගෝණි නිපදවීම දක්වා රජයට පවරා ගෙන පාඩු ලබමින් රජයෙන් යැපෙන අකාර්යක්ෂම රාජ්‍ය ආයතන බවට පත්කරන ලදී. එතැන් පටන් මුළු ආර්ථිකයයම රජයේ පාලනය යටතට ගැණුනි. නොමිලේ සහල් පසෙක තිබියදී සිනී, රෙදිපිලි, ආදිය සමූපකාරය හරහා කූපන් මත බෙදා හරින භාණ්ඩ බවට පත්විය. එතැන් පටන් වෙනස්කම් සියල්ල නිවේදනය කෙරෙන මාධ්‍යක් බවට අයවැය වීම වැලැක්විය නොහැකි විය.  මින් පසු රටේ මුදලින්  මහජනයාට දෙන කැරට් මහජනයාට ඉදිරිපත්කරන අවස්ථාවක් බවට අය වැය පත්වීම නොවැලක්විය හැකි දෙයක් විය. ධනවතුන්ට ගසා දුප්පතුන් සනසන  අවස්ථාවක් ලෙස අය වැය දකින මානසිකත්වය අවුරුදු තිහක් ගතවීත් වෙනසක් වී නොමැති බව නම් පැහැදිලිය. 

1977 න් පසු අයෝජනය හරහා රැකියා ඇතිකිරීම රජයේ ප්‍රතිපත්තියක් වූ බැවින් අයෝජන බදු සහන වෙනස් කිරීම් අය වැයේ අංගයක් බවට පත්විය. 1977 න් පසු දක්ෂතා ඇති වුන් තමන්ගේම ව්‍යාපාර ආරම්භ කරමින් සහ පෞද්ගලික අංශය නැවතත් ශක්තිමත් කිරීම ඇරඹු නමුත් අඩුම වෙහෙසකින් වැටුපක් ලබා ගෙන පසුව මැරෙන තෙක් විශ්‍රාම වැටුපකුත් ලබා ගත හැකි රජයේ සේවය ජීවන අරමුණ කර ගත් අයට  අය වැය යනු මීලඟ වැටුප් වැඩි කිරීම ලැබෙන අවස්ථාව බවට  පත්විය. එම නිසාම ආහාර මිල ගණන් සහ රජයේ වැටුප් නිවේදනය කරන දෙයක් ලෙස අයවැය දකින් පිරිසක් බිහිවීම  වෙනස් නොවිණි. 

2005 දී ලක්ෂ 7 ක් වූ රජයේ සේවකයින් ගේ ප්‍රමාණය එය ඊට වඩා අඩුවිය යුතුවූ විශාල තාක්ෂණික විලවයක් සිදුවූ වකවානුවක ( ජී.එස්පී නැතිකරගෙන පෞද්ගලික රැකියා අඩුකරන ගමන්) තවත් ලක්ෂ 7 කින් එනම් දෙගුණයක් කිරීම පසුගිය රජයේ විශාල 'ජයග්‍රහණයක්' විය. පවුලේ කප්පම් ක්‍රමය සහ ප්‍රාදේශීය දේශපාලකයින්ගේ කප්පම් ක්‍රමයන් නිසා නොපැමිණි ආයෝජකයින් නිසා රජය රැකියා ප්‍රශ්ණය විසඳූයේ මහජන මුදලින් යැපෙන්නන් දෙගුණ කිරීමෙනි.. මෙම මානසිකත්වය ඇති අය විසේශ ප්‍රතිපත්තිමය වෙනස් කම් කිහිපයක් යෝජනා වූ මෙම අයවැය මුං ඇට මිල අඩුවූ අය වැයක් ලෙස අර්ථ දැක්වීම රටේ ඉදිරිය ගැන ඔවුන්ගේ ඇති හැඟීම දැනීම සහ උනන්දුව පැහැදිලි කරන්නක් බව නම් පැහැදිලිය.

උදාහරණයකට මෙතෙක් නොමිලේ අධ්‍යාපනය ලෙස අර්ථ දක්වමින් තිබූ නිදහස් අධ්‍යාපනය දශක කිහිපයකින් නොවූ පරිදි ඉදිරි පියවරක් තබන ලදී. විධිමත් ලෙස අනාගතයේදී ඉදිරිපත් කිරීමට නියමිත සිසුණය ක්‍රමය සහ පෞද්ගලික සරසවි ක්‍රමය මෙම පියවරයි. රජයේ සරසවි වරම් අහිමිවූ පසු උසස් අධ්‍යාපනය ලැබීම  මුදල් ඇති අයට සීමා වුණු 'නිදහස් අධ්‍යාපන ක්‍රමය' මුදල් ඇති නැති දෙපිරිසටම 15,000 කට හෝ විවෘත වීම හොඳ ආරම්භයකි. දැනට සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන 25,000 හා සැලකූ කල එය 60% වැඩි වීමකි. රැකියා ලබා ගත නොහැකි කලා උපාධි අයින් කලොත් එය රැකියා ලබා ගත හැකි උපාදි වල 100% ක වැඩි වීමක් වීමටද ඉඩ ඇත. 

රජයේ සරසවි වල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට යන මුදලෙන් සොච්චමක් පමණක් වියදම් වන නැවත ගෙවිය යුතු පොලී රහිත ණය ක්‍රමය ටිකෙන් ටික 50,000-100,000 දක්වා වැඩි වෙමින් ගියහොත් මෙම රටේ පවතින  ඇති-නැති ප්‍රශ්ණ, මැද පෙරදිග වහළුන් ප්‍රශ්ණය, දුප්පත්කම, විරැකියාව, කම්කරු රැකියා සඳහා ඉතාලි, කොරියා, ජපානයට යාම, ත්‍රිරොද සංස්කෘතිය, තාක්ෂණික අයෝජන නොපැමිණීම,  ආදියට විසඳුම් ලැබීමේ පළමු පියවර මෙය වනු ඇත. රජයේ විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වන කාලය සවස 8 දක්වා දීර්ඝ කර එමඟින් ඒවාට ඇතුලත් කරගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමද සලකා බැලෙන තවත් යෝජනාවකි. තවද යුද්ධය අවසන් වූ පසුව  නැවත නැගිටීමක් සිදුනොවීමට සිදුකල යුතු උතුරේ රැකියා ඇතිකිරීම ගැන හොඳ යෝජනාවක්ද ඇතුලත් වීම වැදගත් දෙයකි. ප්‍රමිතිකරණය නිසා උසස් අධ්‍යාපන අවස්ථා අඩුවීම සහරැකියා යන ප්‍රශ්ණ උතුරේ බෙදුම්වාදී යුද්ධයට භටයන් සැපයූ හේතුබව තේරුම් ගෙන ඒවාට විසඳුම් සෙවීම ආරම්භ වීම හොඳ වෙනසකි.

වගා කරන්නන්ට සොච්චමක් ලැබී පාරිභෝගිකයාට ඉහල මිලක් ගෙවීමට සිදුවන තත්ත්වය මඟ හැරෙන නම් කෘශිකාර්මික භෝග නාස්තිය අවම කෙරෙන වාරයෙන් අවාරයට කල් තබා ගැනීම පහසු කෙරෙන cold chain/warehousing ක්‍රමවේදය මෙම අයවැයෙන් හඳුන්වා දී ඇත. මේ සියල්ල රජයේ වියදමින්ම නොකොට පෞද්ගලික සහ රජය අනුබද්ධ ව්‍යාපෘති ලෙස ආරම්භ කිරීමට කර ඇති යෝජනා රජයේ මුදල් ඉතිරිවීම සහ පෞද්ගලික අංශය විසින් තම ලාභ අරමුණු පමණක්ම තකා ක්‍රියා කිරීම යන අවාසි දෙකෙන්ම තරමක් හේ ගැලවීමට හැකිවේ. 

දැනට ආරම්භ වී ඇති මහනුවර අධ්වේගී මාර්ගයට අමතරව රත්නපුර අධිවේගී මාර්ගය, දකුණු අධිවෙගී මාර්ගයට බදුල්ල සම්බන්ධ කිරීම, කැලණිවැළි දුම් රිය මාර්ගය නැවත රත්නපුර දක්වා දීර්ඝ කිරීම, අය වැයට ඇතුලත්විය. ගමේ කොන් වල මිනිසුන් නොඇවිද්දවා සියළුම ගම් මට්ටමේ රජයේ සේවා සපයන්නන් එක ස්ථානයකට ගෙන ඒම අඩු මම දකින්නේ මහජනයාගේ ගැටළු එකින් එක හෝ වටහා ගන්නා දේශපාලනයක් රටේ ඇති බවය. 

2009 යුද්ධය අවසන් වූ කාලයේ සිට ගෙවුණු අවුරුදු 5 දී දෙගුණයක් වූ ණයබර එම ණය ගත්තවුන් ගෙවා ගියේ නැත. එම ණය සහ පොලී ගෙවන ගමන් මෙම ප්‍රගතිගාමී යෝජනා ක්‍රියාත්මක කරවා ගැනීමට මුදල් අවශ්‍යය. එම නිසා ඇබ්බැහි වීම් වලට බදු වැඩි කිරීමේ ක්‍රමය මෙවරත් ක්‍රියාත්මක වී ඇත. එසේ කරන්නේ  ඇබ්බැහි වීම් මඟින් ලැබෙන ආදායම ගැන විශ්වාසයක් තැබිය හැකි බැවිණි. මෙතෙක් මත්පැන් සහ සිගරට් පමණක් ඇබ්බැහි වීම් ලෙස සැලකුණත් දැන් දැන් අන්තර්ජාලයත් එක් වී තිබීම දැකිය හැකිය.

අයවැයකින් ප්‍රගතිගාමී යෝජනා ඉදිරිපත්වීම නුපුරුදු අයටත් බලු කෑම සහ රේස් කාර් තීරු බදු අඩු කිරීමෙන් සතුටුවූ අයටත් මෙම අය වැය මුං ඇට අයවැයකි. කප්පම්, පගා, දේශපාලන පත්වීම් නොතකන රටේ දියුණුවට කල යුතු දේ තේරුම් ගෙන සිටින අයට මේ අයවැය කලකින් ඉදිරිපත් වූ හොඳ අයවැයකි. රටේ විසඳිය යුතු ප්‍රශ්ණ කිහිපයක් තවත් ඉතිරිවී තිබෙන නිසා ඒවාද මීලඟ ප්‍රතිපත්ති තීරණ සමඟ ඉදිරියට එනු ඇතැයි යන්න මගේ බලාපොරොත්තුවයි.






53 comments:

  1. අම්මට සිරි ලංකාවෙ බජට් කියන්නේ තනිකර සුරංගනා කතා..

    අජ්ජාපනය ගැන කතා කරමු.. ගිය අවුරුද්දේ වෙන කළ මුදලවත් වියදම් කරලා නෑ. බලය ඇවිත් අවුරුදු දෙකක්. ගුරු හිඟය එහෙමමයි. හැමදාම ගුරු හිඟය ගැන කතා කරනවා තාමත් හිඟයි. ටැබ් දීම හොඳ දෙයක් විය යුතු දෙයක්. ඒත් ඩේටා. ෆ්‍රී වයි ෆයි දෙනවා කියලා ආපු උන් 25% ටැක්ස් එකක් ගහනවා ඒකට. ඒ කියන්නේ ඩේටා 25% අඩු වෙනවා.

    ඔය කිරි ගව සීන් එක හැමදාම කියනවා. ඒත් දියර කිරි බොනවට වඩා ලාබයි වහ බොන එක. තාම පිටිකිරි වල කිසිම අඩුවක් නෑ.

    උසස් අජ්ජාපනයට දෙනවා කියලා ගිය සැරෙත් කිව්වා. කියපු මක්කත් කලේ නෑ. ඒ ණය දෙන්නේ කොහෙන්ද කියන එකක් සඳහනක් නෑ. පෞදගලික අජ්ජාපනයක් ගැන කතා කරනවා. මාලඹේ අපාධිය ගත්ත සෙට් දෙකක් තාම අනාතයි. ඒ ගැන හරි තීරණයක් තාම නෑ.

    පාඩු ලබන ආයතන තාම රජයෙන් මේන්ටේන් කරනවා. ඒ ඔක්කෝම අස්සේ මාසෙකට ලක්ෂ 6 ගානේ මන්ත්‍රිවරු 60 කට සුකෝපභෝගී වාහන දෙනවා. එතකොට මුන් පර්මිට් එකට ගෙනාපු වාහනේ කෝ.

    අඩු කරපු බඩු වල මුළු වටිනාකම් රුපියල් 67 යි. ඒක දුන්නට වඩා හොඳයි නොදී උන්නා නම්. බජට් එකෙත් නතිව ලබන මාසේ ඉඳලා ජල ගාස්තුව 600% වැඩි කරලා. මිනිස්සුන්ට බදු ගහලා උන්ගේ දේවල් කිසිම දෙයක් අඩුවක් නෑ. ඌව පලාත් සභාවේ 60 ක් යනවා ඉන්දියාවේ, කසළ කරළමණාකරනය ගැන ඉගෙන ගන්න.

    එකම එක බලාපොරොත්තුවයි තියෙන්නේ. චීනයේ ආයෝජන සහ ඉන්දියාවේ ආයෝජන. ඒත් හෙට අනිද්දා මහින්ද චීනෙට යනවා, ඊයේ පෙරේදා ඝෝඨා රාජ්ජ ගෞරවත් එක්ක ගිහින් ආවා. මෙහේ තානාපති ආන්ඩුවට ගහනවා පුක නැති වෙන්න. මහින්ඩලා ඒක නැවැත්තුවොත්. මේ පාලනයට අබ සරණයි.. ජනතාවට අල්ලාගෙම පිහිටයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතෙ. ජල බිල වැඩි වෙන්නේ 30% යි. සියයට 600% නොවේ. ජලය සැපයීමට අවශ්‍ය විදුලි මිල ආදිය ඉහල ගිය විට එය පාවිච්චි කරන්නාගෙන් අය නොකර ගතහොත් පාඩුව ජලය නොලබන සහ ලබන අය ගෙවිය යුතුයි. ජලය පාවිච්චි කරන්න ගෙවීමෙන් එය පාවිච්චිය අඩු වීමටත් බල පාන්න පුළුවනි.

      රුපියල් 72 කථාව ගැන මම කියා තිබෙනවා. අනික් ඒවට එකඟයි.

      Delete
    2. අන්න මහින්ද කියලා... ආන්ඩුවෙන් විකුණන කිසිම දෙයක් ගන්න එපා.. එයාලා ආපු ගමන් ඔක්කෝම ආයෙත් රජයට පවරා ගන්නවා කියලා.. දැන් ඒකත් ඉවරයි...

      Delete
    3. ජල බිල්පතේ සර්විස් චාර්ජ් එක කියන 600% වැඩියි අපිට නම්..

      Delete
    4. මත්තල ගුවන් තොටුපොල සහ වරාය විකුණන්න යන්නේ චීන සමාගම් වලට. එතකොට චීනේ සපොර්ට් එකෙන් ආවොත් ඒව ගැණිලි බොරු. කියල තියෙන්නේ අතුරුගිරියේ රැස්වීමකදි නේද? ඒක කියන්න තිබුණේ චීනෙට ගිය වෙලාවකනෙ.

      Delete
    5. ලබන සුමානේ චීනේ යනවා...

      Delete
    6. http://ceylonnews24x7.blogspot.com/2016/11/blog-post_590.html

      Delete
  2. හොඳ නරක කෙසේ වෙතත්, යෝජනා කොල දේවල් අහවල් දේ වේලෙන්නටත් කලින් නැවත් අකුලා ගැනීම ඕනෑම අය වැය යෝජනාවලියකට ගුණ දායක නැත....

    මෙවර අය වැය යෝජනා එසේ වෙනස් නොවී පවතිනු ඇතැයි ගැරන්ටියක් ලැබේද?

    ReplyDelete
    Replies
    1. ගිය පාර අකුලා ගැනීමට සිදුවූයේ බදු අඩු කිරීම්, පර්මිට් නැති කිරීම් වැනි යෝජනා නේද? මේ පාර අර 2500 දඩය ගැන තමයි සුවර් නැත්තේ. අනික් ඒවා අයින් කරගැනීමට හේතුවක් නොපෙනේ. බොහොම ස්තූතියි සාරස.

      Delete
  3. // ඔය කිරි ගව සීන් එක හැමදාම කියනවා. ඒත් දියර කිරි බොනවට වඩා ලාබයි වහ බොන එක. තාම පිටිකිරි වල කිසිම අඩුවක් නෑ. //

    එහෙම කියන්න එපා....

    කිරි ගවයෝ ඕට්ටේලියාවෙන් ගෙන්නන එක කොම්සිඅන් සාගරයක්...
    අනික උන් ලන්කාවට ඇවිත් මාස කීපෙකින් දේසගුනේ සුදු නැති නිසා මැරෙනවා.. ඒ නිසා සෙල්ලම දිගටම කොරගෙන යන්නපුලුවන් හිටන්!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. මම කලින් වැඩ කරපු කොම්පැණියෙන් ඕකර ඉන්ෂුවරන්ස් එකකුත් දුන්නා.. මම ඕකට කොක්ක ඇද්දා.. "කිරි ගව රක්ෂණය " කියලා.. අන්තීමට ලොසේ ලොස් කවර් එක.. ඒත් එක දෙයක් උනා. ඕක බලෙන්ම දාපු එකා අන්තීමට කවුරුත් හැඳින් වූවේ "මිස්ටර් කිරි ගව" කියලා..

      Delete
  4. කවුරු ආවත් අපි බලන්නේ අපිට නැතත් අපේ ළමයින්ට හරි හොද දෙයක් වෙයි කියලා

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ එතන තමා වැරද්ද... හීන කවද්ද ඇත්ත උනේ....

      Delete
  5. //එසේ කරන්නේ ඇබ්බැහි වීම් මඟින් ලැබෙන ආදායම ගැන විශ්වාසයක් තැබිය හැකි බැවිණි. මෙතෙක් මත්පැන් සහ සිගරට් පමණක් ඇබ්බැහි වීම් ලෙස සැලකුණත් දැන් දැන් අන්තර්ජාලයත් එක් වී තිබීම දැකිය හැකිය//

    ඔන්න ඔය වැඩේ තමයි නරකම.... මත්පැන් සහ සිගරට් වල තිබ්බෙම ටැක්ස් විතරයි.... ඒකත් තව වැඩි කරනවා..... අයවැයෙන් නැතිව කලින් වැඩි කලා, අයවැයට පස්සෙත් වැඩි කරයි....

    බඩු වල ගනන් අඩු කලේ නැතිඋනාට කමක් නෑ, රට ඉස්සරහට ගෙනියන්න හොඳ සැලැස්මක් තියේනං.....

    ReplyDelete
    Replies

    1. බඩු වල ගනන් අඩු කලේ නැතිඋනාට කමක් නෑ, රට ඉස්සරහට ගෙනියන්න හොඳ සැලැස්මක් තියේනං..

      agree

      Delete
  6. රජය තේරුම්ගතයුතු වැදගත්ම කාරණය තමයි කාලය වේගයෙන් ගෙවීයන බව. 2020 හිරු උදාවනු දකින්නට නම්, ජනතාව සමග නැගීසිටිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත විචා. හොරු අල්ලන්නේ නැත්නම් හොරුම ආයිමත් පත්කරන්න කියලලු කට්ටිය කියන්නෙ. අවුරුදු 8 ක් නොදුන්න දේවල් කරන්න.

      Delete
  7. බජට් එක කියල නමට එකක් අවුරුද්දකට වරක් ඉදිරිපත් කරනවා. නමට විතරයි.
    නමුත් අවුරුද්ද පුරාම හැමදාම මොනවා හරි (වැඩි) එකතු කරනවා 'බජට්' එක බැලන්ස් කරන්ට.

    ඔය මොනවා තිබ්බත් රටේ කාර්යක්ෂමතාව (රජයේ හා පෞද්ගලික දෙකේම) වැඩි නොකර රටක් දියුණු කිරීම බොරු වැඩක්‌.
    රට ඇතුලේ මුදල් නිෂ්පාදනය කෙරෙන්න ඕනේ, කර්මාන්ත හෝ කෘෂිකර්මාන්ත වලින්. (සල්ලි අච්චු ගහල නෙවෙයි)
    අන්න එවයි බජට් එකෙන් ඇඩ්රස් කරන්ට ඕනේ. අන්න ඒවාටයි සහන දෙන්න ඕනේ. ඔය දඩ 2500 ඒවා ගහල කරන්නේ රට ඇතුලෙම තියෙන සල්ලි රට ඇතුලෙම රෝල් කරන එක.
    ඇන් ඇම් හොඳ වැඩ කොටසක් කළා. ඒ කාලේ එන්ජින් වලට පිස්ටන් පවා ලංකාවේ නිෂ්පාදනය කළා, කොලිටිය අඩු තමයි හැබැයි ජේ ආර් ආර්ථිකේ විවුර්ත කළාට පස්සේ ඒවාට කෙළ වෙලාම ගියා. රටින් ඉස්තරම් කොලිටි බඩු ආව තමයි නමුත් රටේ නිෂ්පාදනයට කිසිම සහයෝගයක් දුන්නේ නැහැ ඉස්සරහට යන්ට. ඒ ආපු සේරම කොලිටි බඩු හදන්න එම රටවල් වල බොහොම හොඳට නිෂ්පාදකයාට සහන දෙනවා. ඕකයි අපේ වෙනස.
    ලංකාවේ ගොවියෝ තක්කාලි විකුණා ගන්න බැරුව පොළවටම කොටනවා හැබැයි සෝස් හදන්ට තක්කාලි පල්ප් රටින් ගෙන්නනවා.
    ඕව තව ටිකක් හොයල බැලුවොත් රට ටිකක් වත් දියුණු කරගන්ට පුළුවන්. ඒවා ගැන නෝ කතා.
    වැලිව් ඇඩඩ් කියන එක ලංකාවේ දන්නේ නෑ. කියල දෙන්ට කෙනෙකුත් නෑ.

    පසුගිය රජයට වඩා මේක හොඳ උනාට මේකෙත් ඇති වැඩක් නෑ.
    ඉයන්ලත් මේක ඉස්තරම් කියනව විතරයි නමුත් හරි හමන් විදියට බැලුවොත් මේකෙත් ඇති වැදගම්මක් නැහැ කියල කියන්න කැමති නැහැ.
    අපි කොල, කැපුවත් කොල - අපි නිල්, කැපුවත් නිල්, අපි විරුද්ද පක්ෂේ අපි හැම දේටම විරුද්දයි කියන මතයෙන් වෙනස් වෙන්ට ඕනේ මුලින්ම. එහෙමෙ නැත්නම් මේව ගැන කතා කරන එකෙත් වැඩක් නෑ.

    සුබ දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. තක්කාලි වැනි කෘෂි භෝග කල්තබා ගැනීමේ cold chain එක ගැන තමයි අය වැයේ සඳහන් වුණේ. රජයේ පෞද්ගලික අංශයේ එකතුව කරන එකක්.

      Delete
    2. කෝල්ඩ් ස්ටෝරේජ් දැනටත් තියෙනවා. ඒවා වැඩි කරන එක බොහොම හොඳයි.
      කෝල්ඩ් චේන් එකේ ප්‍රශ්නේ නෙවෙයි මන් කිවුවේ වරයිටි එක ගැන. ලංකාවේ තක්කාලි වල ඇසිඩ් වැඩියි පල්ප් අඩුයි. සෝස් වලට ඔය දෙකම හොඳ නැහැ.
      කොච්චර කෝල්ඩ් ස්ටෝරේජ් හැදුවත් අපිටම හොද්දයි සම්බෝලෙයි කන්න තමයි තියෙන්නේ. අඩුම ගානේ පිට රටකට විකුනන්න වත් බැහැ.

      Delete
    3. අද රටේ ආහාර අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් පිටරටින් ගෙන්වනවා. එය අඩු කර එලවළු , මාළු වැනි ද්‍රව්‍ය අපනයනය කරන්න සහ ඒවා නාස්තිය අවම කරන්න මෙම cold chain එක අවශ්‍ය වෙනවා. cold storage රටේ තිබෙන බව ඇත්ත. Cold chain එක තවම හරියට නැහැ. නිශ්පාදිත ප්‍රදේශ වල ශීත ගබඩා, ශීත කල ප්‍රවාහන සේවා, සහ ප්‍රයෝජනයට ගන්නා ස්ථාන ආශ්‍රිත ශීත ගබඩා කියන ඒවා ඔක්කොම cold chain එකට අයත් වෙනවා.

      Delete
  8. ඉයන්..................

    කොහොමත් මේ ආණ්ඩුව පුද්ගලික විශ්ව විද්‍යාල වලට අවශ්‍ය සියලු දේ කරමින් ඉන්නවා කියලා හොදට ම පැහැදිලියි. ඕලෙවල් ගණං නැතුව ඒ ලෙවල් කරන්න දුන්නා. ඒ හරහා ඔවුන්ට අවශ්‍ය පිරිස හදලා දෙනවා. ඒ හරහා දැනුමින් පහළ සිටින පිරිසක් බලෙන් අධ්‍යාපනය තුළ ඇදගෙන ගොස් ඔවුන්ට බිල්ලට දෙනවා. කළ යුතු දේවල් මේවා නෙමෙයි. ඔවුන්ට අනාගතයක් ඇති වෘත්තීය පුහුණු අංශ දියුණු කිරීමයි වැදගත්. අනික රජයේ විශ්ව විද්‍යාල දියුණු කරනවා වෙනුවට ඒවා ක්‍රමයෙන් අත්හැර දමනවා. මේවා හරහා රටේ අනාගත අධ්‍යාපනය යන ගමන ගැන නං පැහැදිලිව ම කණගාටුයි. අපේ රටේ මේ තියෙන ලෝකය පිළිගත් අධ්‍යාපනික මට්ටම තවත් කාලයක් තුළ දී වලපල්ලට යනවා අපිට ඇස්පනාපිට බලාගන්න හැකි වේවි.... මේක මේ ආණ්ඩුව තනියම කරන දෙයක් නෙමෙයි. කලින් ආණ්ඩුව තමා මේකට පාර කැපුවේ........ හැබැයි දැන් නං ඒ සෙල්ලම ලස්සනට වෙමින් පවතිනවා......

    ReplyDelete
    Replies
    1. ඔබ එකිනෙකට සම්බන්ධ නැති දෙකක් පටලවාගෙන කුරුටු. ගණිතය අසමත් අයට උසස් පෙල කරන්න ඉඩ දීම සාමාන්‍ය පෙලෙන් හැලෙන ළමයි අඩු කරගෙන ඔවුන්ට අවුරුදු 13 ක අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් කල එකක්. ගණිතය අසමත් වූ පමණින් ඔවුන්ට වෙනත් අංශ වලඉන් උසස් පෙල කරන්න ඉඩ නොදීම වැරදියි කියන එක උඩ තමයි එක කරල තියෙන්නේ. දෙවෙනි එක උසස් පෙල ලකුණු ඉහලම මට්ටමින් ගන්නා සහ එසෙඩ් ස්කොර් එක ඉහල ළමයින්ට රජයේ සරසවි වරම් අහිමි නම් ඔවුන්ගෙන් ඉහලම සිටිනා 15000 ට උසස් අධ්‍යාපන ණය දීම. මේ මට්ටමේ ඉන්න මුදල් තිබෙන අයට මෙරට සහ පිටරට උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගන්න පුළුවන්. දුප්පත් ළමයිට ඉතුරු වෙන්නේ මැද පෙරදිග හෝ පහල මට්ටමේ රස්සා. ඒ අයට උසස් අධ්‍යාපනයට ඉඩ සලසන එක හොඳ දෙයක් නෙමෙයිද? නැත්නම් සමාජීය හේතු නිසා ඒ ලමයි හැමදාම ඒ සමාජීය මට්ටම් වල හිර වෙනවා නේද? මේකෙයි ගණිතය නැතිව උසස් පෙල කරන්න දෙන එකෙයි සම්බන්ධය මොකද්ද?

      Delete
  9. ඉයන්ගේ ලිපිය කියවන කොට නම් අයවැය හොඳයි කියල තේරෙන්නේ. නමුත් හැම බඩුවක්ම ගණන් ගිහින් මිනිසුන්ට අමාරුයි . ඉදිකිරීම් නැති නිසා රැකියා අවස්ථා අඩුවෙලා. ඒවා තමයි බලපාන්නේ ඉයන්. අධිවේගී හදල එන ප්‍රයෝජන එන්නේ පස්සේ. දැනෙන වැඩක් ආණ්ඩුවෙන් තවම කෙරිලා නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්, මේකෙන් කියන්න උත්සාහ කලේ රජයේ අයවැය සහ බඩු මිල කියන්නේ සම්බන්ධයක් ඇති මුත් වෙනස් දෙකක් කියන එකයි. අධිවේගී මාර්ග නොහැදුවත් තියෙන ණය ගෙවන්නත් , රජයේ සේවා පවත්වාගෙන යන්නත්, මිලියන් 1.4 ක රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නත් රජය මුදල් සපයාගත යුතුයි. මම ලිවුවේ එහි ඇති උපායමාර්ගීය අරමුණු නොදැක මුං ඇට ලාභ වීම අය වැයේ හරය ලෙස බලන අය ගැන.

      Delete
  10. 1965 බලයට පත්වූ එජාප රජය 1967 දී රටේ මුදල් අතිරික්තයක් තිබූ මොහොතක එම මුදල් යොදවා කොලඹ උතුර යා කෙරෙන අධ්වේගී මාර්ගයක් තැනීමට සිතීය. රාජ්‍ය නායකයෙකු වීමට වඩා මහණ දම් පිරීමට සුදුස්සෙකු වූ එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා එම මුදල් ප්‍රයෝජනයට ගණිමින් මහජනයාට නොමිලේ සහල් සේරු දෙකක් දීමට ක්‍රියා කලේය////////////////// wow

    ReplyDelete
  11. මේ සියළුම යෝජනා විවිධ කෝණ වලින් දකින්ඩ පුළුවන්. ඒත් මට තියන ප්‍රධාන ප්‍රශ්ණෙ මේ වැය ප්‍රමාණය පියවන්න මුදල් හොයාගන්න සැලැස්ම මොකක්ද? ආදායම් සැලසුමකුත් තියෙන්න ඕනනෙ වියදම් වගේම.

    ReplyDelete
    Replies
    1. ආහාර ගබඩා සම්බන්ධ යෝජනා පෞද්ගලික අංශයේ අයෝජකයින් සමඟ Public Private Partnership (PPP) ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන බව දක්වා ඇත. එවිට බොහෝ විට මුදල් යෙදවිය යුත්තේ පෞද්ගලික අංශයයි. සිසුණය ක්‍රමයේ පොලිය පමණක් රජයේ වියදම වෙයි. එම මුදල රජයේ වියදමින් සරසවි තව විවෘත කිරීමට වඩා අතිශයින් අඩුය.

      Delete
    2. ඇත්ත. නමුත් සම්පූර්ණ වැය ප්‍රමාණය පියවීමට ආදායම් සැලැස්මක් අපිට පෙන්වන්නෙ නෑ නේද?

      කොච්චර ප්‍රමාණයක් බදු වලින් උපයනවද?, වෙනත් ආදායම් වලින් උපයනවද? නොච්චර ණය ගන්න වෙනවද? ඒව ගන්නේ කොහෙනද? ගෙවන සැලසුම මොකක්ද? වගේ දේවල්. ආර්ථික සැලැස්මක් ගැන කියනව විතරයි. 2020 වෙන කොට මෙහෙම වෙයි කියල. ඒත් සැලැස්මක් නෑනෙ.

      Delete
    3. ඕනම අයවැයක අන්තිම මේවා දක්වන schedule එකක් තියෙනවා. ඔබට ලින්ක් එක එවන්නම්

      Delete
    4. බොහෝම ස්තූතියි ඉයන්. මේ ගැන දැනුවත් වෙන්න ඕන කියල හිතිල විස්තර හෙව්වට හම්බවුනේ නෑනෙ.

      Delete
  12. ලංකාවේ පාසැල් අධ්‍යාපනයට තිබුණු ලොකුම ප්‍රශ්නය හෙවත් උසස් පෙල කොල්ලන්ට කෙල්ලන්ට ටැබ් නැතිවීමේ ගැටලුවට මේ අයවැයෙන් විසඳුම් ලබාදීම ගැන ප්‍රණාමය. (ඉගෙන ගන්න ගොඩනැගිලි නැතිවීම, ගුරුවරු නැතිවීම, ඩෙස් පුටු නැතිවීම, අඳින්න ඇඳුමක් නැතිවීම, උදේට හාමතේ පාසැල් ඒම නිසා කලන්තය සෑදීම, වැනි හැටහුට හමාරක් දේ මහාලොකු ගැටලු නොවන බව සැළකුව මනාය)

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්ණ ඔක්කොම යහපාලනය නිසා ඇතිවුණ දේවල් වීම ගැන කණගාටුයි. ලෝකයේ සම්පත් අඩු සහ සම්පත් වැඩි අයගේ පරතරය පියවෙන්නේ අන්තර් ජාල සහ තාක්ෂණික මෙවලම් භාවිතයෙන්. ටැබ් එකක් ලබා දීමෙන් සිසුවාට අවශ්‍ය ඕනෑම අංශයක ඉගෙනීමක ලබා ගත හැකිවෙනවා. ගුරුවරු පුහුණු කිරීමෙන් නව ගුරුවරු බඳවා ගැනීමෙන් එම තත්ත්වයට් එන්න යන කාලය සහ වියදම අනුව මෙම ක්‍රමය වඩාත් ඵලදායී වෙනවා. පුහුණු කලත් ගුරුවරු නගර වලට එනන උත්සාහය. ටැබ් හෝ තාක්ශණික මෙවලම් හරහා අධ්‍යාපනයෙන් එය වෙන්නේ නැහැ.

      Delete
    2. ඉයන්ගේ අදහස නම් හොඳයි. හැබැයි මේක යථාර්ථයක් කරන්න තව කොච්චර දේවල් එකතු වෙන්න ඕනද. හරි ඒකෙන් කමක් නෑ. ඉයන් දේශපාලනයට සම්බන්ධ ජොබ් එකක්ද කරන්නේ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  13. Whose bright idea is 5000 acre limit for plantation cos?

    ReplyDelete
    Replies
    1. It sounds odd Pra. The plantations will be ruined, if broken in to pieces.

      Delete
  14. අයවැය ගැන බොලොග් තුල දැක්ක හොදම විවරණය

    ReplyDelete
  15. ඉයන්, සුබවාදිව දකින එකත් වෙලාවකට හොඳයි කියලත් හිතෙනවා..

    ReplyDelete
  16. " 1965 බලයට පත්වූ එජාප රජය 1967 දී රටේ මුදල් අතිරික්තයක් තිබූ මොහොතක කොලඹ උතුර යා කෙරෙන අධ්වේගී මාර්ගයක් තැනීමට සිතීය."

    මේක සඳහන්වන මූලාශ්‍රය මොකක්ද ? විශේෂයෙන්ම 1967 වනකොට රටේ මුදල් අතිරික්තයක් තිබුණා කියන කතාව.

    ReplyDelete
    Replies
    1. ඉයන් තාම මූලාශ්‍රයන් දක්වලා නෑනෙ.

      Delete
  17. "රජයේ අරමුදල් අවශ්‍යතා සඳහා සෑම රජයක්‌ විසින්ම දේශීය සහ විදේශීය වශයෙන් ණය ගනු ලබයි. රජයක්‌ විසින් ණය ගැනීම සාමාන්‍ය දෙයකි. එය අරුමයක්‌ නොවේ. එසේ වුවත් එහිදී උත්සාහගත යුත්තේ හැකිතාක්‌ අඩු පොළියට ණය ගනිමින් මහජනතාවට ඇති පීඩනය හැකිතාක්‌ දුරට අඩු කිරීමටයි. එනම්, දිගුකාලින දෘෂ්ටිකෝණයකින් බලන විට රාජ්‍ය ණය සඳහා වූ සෘජු හා වක්‍ර පිරිවැය අවම කිරීමට කටුතු කිරීමයි. ගිය වසරේ සිටම ඇති නොයෙකුත් අක්‍රමිකතා චෝදනා අනුව මේ අරමුණ ඉටු වනවාද යන ප්‍රශ්නය අද දිනයේ මතුව තිබේ. මේ පසුබිම තුළ ගිය වසරේ (2015) අපගේ රාජ්‍ය ණය ක්‍රියාකාරිත්වය ගැන අපි මේ ලිපියෙන් සාකච්ජා කරමු.

    පසුගියදා නිකුත් වූ නවතම මහ බැංකු වාර්තාවට අනුව ගිය වසරේ (2015) මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 1102.3 කින් (රු. කෝටි 110230 කින් ) සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ තිබේ. මේ අනුව 2014 වසර අගදී පැවැති රු. බිලියන 7390.9 ක මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ගිය වසර (2015) අවසානයේදී රු. බිලියන 8503.2 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මුළු රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙහි (ද. දේ. නියෙහි) ප්‍රතිශතයක්‌ ලෙස 2014 වසරේදී පැවැති සියයට 70.7 සිට 2015 වසරේ අග වන විට සියයට 76.0 ක්‌ දක්‌වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ ඇතැයිද වසර තුළදී දක්‌නට ලැබුණු දුර්වල රාජ්‍ය මුල්‍ය කාර්යසාධනය ඒ තුළින් පිළිබිඹු වූ බවද මහ බැංකු වාර්තාවේ සඳහන්ය. ආදායම් එක්‌ රැස්‌කිරීම් අඩුවීමේ ප්‍රතිඵලයක්‌ ලෙස වැඩි වශයෙන් ණය ගැනීමට සිදුවීම සහ ප්‍රධාන විදේශ මුදල් වර්ගවලට සාපේක්‌ෂව රුපියල පිරිහීමට ලක්‌වීම යන හේතු මෙසේ රාජ්‍ය ණය ගිය වසරේ (2015) දී විශාල ලෙස ඉහළ යැමට හේතු විය.

    මුළු රාජ්‍ය ණය ප්‍රමාණය සමන්විත වන්නේ මුළු දේශීය ණය ප්‍රමාණයේ සහ මුළු විදේශීය ණය ප්‍රමාණයේ එකතුවෙනි. මේ අනුව ද. දේ. නි යෙහි ප්‍රතිශතයක්‌ ලෙස දේශීය ණය ප්‍රමාණය, 2014 වසර අග වාර්තා වූ සියයට 40.9 සිට 2015 වසර අග වන විට සියයට 44.3 දක්‌වා ද විදේශ ණය ප්‍රමාණය 2014 වසර අගදී වාර්තා වූ සියයට 29.8 සිට 2015 වසර අගදී සියයට 31.7 දක්‌වා වැඩි වී තිබේ. රුපියල් වටිනාකම අනුව (නාමික වශයෙන්) සමස්‌ත ණය ප්‍රමාණය 2014 වසර අගදී පැවැති රුපියල් බිලියන 7390.9 සිට 2015 වසර අග වන විට රුපියල් බිලියන 8503.2 දක්‌වා සියයට 15 කින් වැඩි වී ඇත. අපේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි වීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූ රුපියලේ මස්‌ත බාල්දුව නිසා පමණක්‌ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 285.1 කින් එනම් රුපියල් කෝටි 28510 කින් විශාල වශයෙන් ඉහළ ගොස්‌ තිබේ. සමස්‌ත විදේශ ණය ප්‍රමාණය 2015 වසර අගදී රු. බිලියන 3544.1 ක්‌ දක්‌වා සියයට 13.8 කින් ඉහළ ගිය අතර මෙයට විදේශ ණය තොගය ඉහළ යැමට අමතරව රුපියලේ මස්‌ත බාල්දුව නිසා විදේශ ණයවල රුපියල් වටිනාකම සැලකිය යුතු ලෙස ඉහළ යැමද හේතු වී තිබේ. එනම් රුපියලේ මස්‌ත බාල්දුව නිසා ගිය වසරේ (2015) දී රාජ්‍ය ණය පැටව් ගසා ඇති බවයි. ගිය වසර තුළදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 9.03 කින්ද, ජපන් යෙන් මුදලට සාපේක්‌ෂව සියයට 8.2 කින් සහ විශේෂ ගැනුම් හිමිකම්වලට සාපේක්‌ෂව සියයට 4.89 කින්ද මස්‌ත බාල්දු විය.

    ReplyDelete
    Replies
    1. දේශීය ණය ප්‍රමාණය, 2015 වසර අගවන විට රු. බිලියන 4959.2 ක්‌ දක්‌වා සියයට 15.9 කින් වැඩිවී ඇති අතර, වසර තුළදී රජයේ අයවැය හිඟය පියවීම සදහා දේශීය ණය මත පැවැති ඉහළ රැඳියාව එමගින් පිළිබිඹු වූ බවද මහ බැංකු වාර්තාව කියයි. මෙම දේශීය ණයවලින් කෙටිකාලීන ණය ප්‍රමාණය 2014 වසර අගදී පැවති සියයට 22 සිට 2015 වසර අගදී සියයට 18.4 දක්‌වා අඩු වී තිබේ මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ කල්පිරෙන භාණ්‌ඩාගාර බිල්පත් වෙනුවට මැදි හා දිගුකාලීන භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමයි. එසේම ගිය වසර (2015) අගවන විට දේශීය ණය තොගයේ සාමාන්‍ය කල් පිරීමේ කාලය 2015 වසර අග වන විට වසර 5.75 සිට වසර 6.28 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මින් අදහස්‌ වන්නේ රජය වෙනුවෙන් ණය ගැනීම සඳහා යහපාලන ආණ්‌ඩුවේ පළමු වසරේදී, ශ්‍රී ලංකා මහ බැංකුව මැදි හා දිගුකාලීන සුරැකුම්පත් විශාල වශයෙන් නිකුත් කළ බවයි. මේ අතරම දේශීය ණය වලින් බැංකු නොවන අංශයේ මුළු ණය ප්‍රමාණය, 2014 වසර අගදී පැවති රු.බිලියන 2607.9 සිට 2015 වසර අගදී රු.බිලියන 3035.2 දක්‌වා සියයට 16.4 කින් වැඩි විය. වසර තුළදී භාණ්‌ඩාගාර බැඳුම්කර මාර්ගයෙන් සැලකිය යුතු ණය ප්‍රමාණයක්‌ ණය ගැනීම, මේ සඳහා බලපෑ ප්‍රධාන හේතුවයි. මෙම බැංකු නොවන අංශයේ ණයවලින් භාණ්‌ඩාගාර බැඳුම්කර හරහා ලබා ගත් ණය ප්‍රමාණය පමණක්‌, 2015 වසර අගවන විට රු.බිලියන 2787.6 ක්‌ දක්‌වා සියයට 24 කින් සැලකිය යුතු ලෙස වැඩි වූ අතර එම ණය මුළු බැංකු නොවන ණය වලට දක්‌වන අනුපාතය 2014 වසර අගදී පැවැති සියයට 86.2 සිට 2015 වසර අගදී සියයට 91.8 ක්‌ දක්‌වා ද ඉහළ ගියේය. මෙම බැංකු නොවන මුළු රාජ්‍ය ණය ප්‍රමාණයෙන් අර්ථසාධක අරමුදල සියයට 53.2 ක හිමිකාරත්වය දරන ලද අතර සියයට 14.1 ක හිමිකාරත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දරන ලදී. ඒ අනුව මේ ආයතන දෙක අඛණ්‌ඩව රාජ්‍ය ණය ප්‍රමාණයේ ආයෝජකයන් වී තිබුණත්, මේ ඉහළ ගිය පොළියේ වාසිය මේ ආයතනවලට එයාකාරයෙන්ම ලබා ගත හැකි වූයේද යන්න වෙනම සොයා බැලිය යුතු කරුණකි.

      මේ අප කතා කළේ රාජ්‍ය ණය වැඩිවීම සහ ඊට හේතු වූ කරුණු කාරණා ගැනයි. ණය ගත් විට ඒවා පොලියත් සමග ගෙවීමට සිදු වේ. එනම් ණය වාරික සහ පොළී මුදල් ගෙවීමට සිදු වන බවයි. මෙසේ ණය වාරික සහ පොළී ගෙවීමේ වියදම් හඳුන්වන්නේ ණය සේවාකරණ ගෙවීම් වශයෙනි. අනුව 2015 වසරේ මුළු ණය ගෙවීම්, 2014 වසරේ වූ රු. බිලියන 1076.3 ට සාපේක්‌ෂව රු.බිලියන 1317.8 දක්‌වා රු.බිලියන 241.5 කින් එනම් රු. කෝටි 24150 කින් විශාල වශයෙන් ඉහළ ගොස්‌ තිබේ. මෙසේ සමස්‌ත ණය සේවාකරණ ගෙවීම් වැඩි වීමට ආපසු ගෙවීම් වැඩි වීම මෙන්ම පොළී ගෙවීම් වැඩිවීම ද හේතු වී තිබේ. මේ අනුව ණය ආපසු ගෙවීම් 2014 වසරේදි පැවති රු. බිලියන 632.7 ට සාපේක්‌ෂව 2015 වසර තුළදී රු.බිලියන 808. ක්‌ දක්‌වා සියයට 27.7 කින් ඉහළ ගොස්‌ තිබේ. මෙය ණය ආපසු ගෙවීම් රු. කෝටි 17550 කින් ඉහළ යාමකි. ණය ආපසු ගෙවීම්වල රුපියල් වටිනාකම ඉහළ යාමටද ගිය වසරේ සිදු වූ රුපියලේ මස්‌ත බාල්දුව හේතු විය. මීළඟට ගිය වසරේ (2015) පොළී ගෙවීම් රු.බිලියන 509.7 ක්‌ දක්‌වා රු.බිලියන 66.1 කින් ඉහළ ගිය අතර එය සියයට 14.9 කින් පොළී වියදම් ඉහළ යාමකි. 2014 වසරේ පැවැති පොළී වියදම රු.බිලියන 443.6 ක්‌ පමණක්‌ විය. මින් දේශීය ණය සේවාකරණ ගෙවීම් ගිය වසරේදී රු.බිලියන 918.1 ක්‌ දක්‌වා සියයට 18.1 කින් එනම් රු.බිලියන 140.6 කින් වැඩි වී තිබේ. මින් රු. බිලියන 74.3 ක්‌ ණය ආපසු ගෙවීම් වන අතර ඉතිරි රු.බිලියන 66.4 පොළී ගෙවීම් වැඩි වීමයි. මේ අතර විදේශ ණය සේවාකරණ ගෙවීම් ගිය වසරේදී (2015) රු.බිලියන 399.7 ක්‌ දක්‌වා රු.බිලියන 100.9 කින් (සියයට 33.8 කින්) විශාල වශයෙන් ඉහළ ගොස්‌ තිබේ. ද.දේ.නි හි ප්‍රතිශතයක්‌ ලෙස පොළී ගෙවීම් 2014 වසරේ පැවති සියයට 4.2 සිට 2015 වසරේදී සියයට 4.6 දක්‌වාද ඉහල ගොස්‌ තිබේ. මෙහිදී සැලකිය යුතු තවත් කරුණ වන්නේ දේශීය පොලී ගෙවීම් ද.දේ.නි හි ප්‍රතිශතයක්‌ ලෙස සියයට 3.1 සිට සියයට 3.5 දක්‌වා ඉහළ යද්දී, විදේශීය ගෙවීම් ද.දේ.නි හි ප්‍රතිශතයක්‌ ලෙස සියයට 1.1 සිට සියයට 1.0 දක්‌වා අඩු වීමයි."

      - ශ්‍යාම් නුවන් ගනේවත්ත

      ඉයන් "2009 යුද්ධය අවසන් වූ කාලයේ සිට ගෙවුණු අවුරුදු 5 දී දෙගුණයක් වූ ණයබර" ගැන ඔබ කියනවනෙ. දැන් ශ්‍යාම් නුවන් ගනේවත්ත ගේන "යහපාලන ණය බර ගැන තර්ක බිඳින්න ඔබට "පුලුවන්ද?

      Delete
    2. ඒ ඔහුගේ වැටහීම. ඔහු පාවිච්චි කර තිබෙන 'රුපියල මස්ත බාල්දුව' කියන වචනෙන්ම පේනවා ඔහුගේ ලිපියේ අරමුණ. රුපියලේ වටිනාකම විශාල ලෙස අඩුවෙලා තියෙන්නේ අපගේ ගෙවුම් ශේෂයේ තිබෙන දුර්වල කම් නිසා. අපනයන ආදායමට වඩා ආනයන ආදායම අඩු නිසා. රජයට හරිම ලේසියි හෙට ඉඳන් ඩොලරය රුපියල් සීයයි කියල රටේ ණය ප්‍රමාණය අඩුයි කියල පෙන්නන්න. එහෙම කරන්න බැහැ. කලොත් රටේ අපනයන විදේශ ගැණුම්කරුවන්ට වියදම වැඩි නිසා කඩා වැටෙනවා.

      මේ ප්‍රශ්ණේ තේරුම් ගන්නනම් 2009 තිබුණ ණය ප්‍රමාණය සහ ඊට පසු අවුරුදු වල අය වැය හිඟය, ණය ගෙවුම්, පොලී ගෙවුම් සසඳලා බලන්න පුළුවන්. එහෙම කලාම එම වෙනසට වඩා ණය ප්‍රමාණය ඉහල යාම වැඩි නම් ඒ සඳහා එම වටිනාකමට දෙයක් රටට ලැබිලා තියෙන්න ඕන. එතකොට 2009 සිට 2014 අවුරුදු 4 ට 2009 පෙර තිබූ ණය පමාණය දෙගුණ වෙලා තියෙනවනම් මොනවද ලැබිල තියෙන්නේ. එයා පෝට් එකයි, අධිවේගී මාර්ග 2 යි, තාප විදුලි බලාගරෙයි, සාමාන්‍ය පාරවල තාර දැමීමයි. මේ වියදමට අයිති පොලිය ගෙවාගන්න වත් ගණනක් ලැබෙනවාද?

      Delete
  18. බොහෝ කාලයකින් ආවේ. එලවලු පිලිබද ලොකු විස්තරයක් ඉදිරියෙදි ලියන්නම්.

    ReplyDelete
  19. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳ හිට චුට්ටක් සද්දෙ දාන සිරිලක උත්තම උත්තමාවියන් බහුතරයක් සිටින මෙවන් සමයක මෙවන් දේ බ්ලොග් පෝස්ටු ලෙසවත් ඉදිරිපත් වීම අගය කල යුතුය.
    බදුල්ලට අධිවේගී මාර්ගයක් ආ කල මමද නෙළුම් යායේ උත්සව වලට සහබාගි වෙමි , ( මිනිස්සු සැමදේම බලන්නේ තමන්ගේ දෘශ්ඨිකෝනයෙන්)
    අපි පක්ෂ ආණ්ඩු බෙදා ගන්න ඕනිම නැහැ. මොකද ඉන්න හිටපු දේශපාලකයින්ට පක්ෂ තියෙනවදැ නැහැනේ)
    අපි මැදිහත් සිතින් මේවා දකිමු ....නේ?

    ReplyDelete
    Replies
    1. //බදුල්ලට අධිවේගී මාර්ගයක් ආ කල මමද නෙළුම් යායේ උත්සව වලට සහබාගි වෙමි //

      good one

      Delete
  20. ගැලරිය පිනවන්නට අසමත් නමුත් සූක්ෂම ලෙස ඉදිරි පියවර වල් රැසකින් සමන්විත අයවැයක්..

    ReplyDelete
  21. මමත් ඕක ලියන්න ඉඳලා වෙලාවක් නැතිවුණා...
    හැබැයි දැං දැං අයවැයෙන් ඒවා බලාපොරොත්තු වෙන්නේ නැහැ....
    මොකද මිනිස්සු දන්නවා අයවැයට කලිනුයි පස්සෙයි තමයි බඩු එන්නේ කියලා..

    ReplyDelete