Thursday, November 10, 2016

කොහොමද කෑම?


(LankaNewsweb) 2015 ජනවාරි 08 වනදා යහපාලන රජය බලයට පත් වූ අළුත ම එවකට ඩුබායි රාජ්‍යයේ සේවය කළ බැංකු කළමනාකරුවකු විසින් එක්තරා බැංකු ගිණුම් 3ක ගිණුම් ශේෂයන් සඳහන් ඡායාරූප ( Screen shots ) 3ක් ලබාගෙන තිබිණි. ඉන් පළමුවැන්න නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ය. එහි තැන්පත් කර තිබුණු මුදල ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.086 ක් (රුපියල් බිලියන 163 ක් පමණ)  සටහන් වී ඇත. දෙවැන්න කුඩාබාලගේ පියදාස සහ රාජපක්ෂ පවුලේ සමීපතමයෙකුට අයත් හවුල් ගිණුමකි. එහි ඇමරිකානු ඩොලර් බිලියන 1.80 ක (රුපියල් බිලියන 270 ක් පමණ) මුදලක් තැන්පතු ලෙස සටහන් ව ඇත. තුන්වැන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ගේය. එහි ඇමරිකානු ඩොලර් මිලියන 500 ක (රුපියල් බිලියන 75 ක් පමණ) මුදලක් තිබී ඇත. මෙම මුදල් ප්‍රමාණය එක් වරම සිතා ගැනීමට අපහසු තරම් විශාල වෙතත් රාජපක්ෂ පවුල් හවුල වසර නවයක සිය පාලන කාලය තුළ දී මෙතරම් මුදලක් ඩුබායි රාජ්‍යයෙහි ඉතුරුම් ලෙස තැන්පත් කිරීමට සමත් වී තිබිණි. 

අර්ජුන් මහින්දගේ ධනය කළමනාකරණය කරලා 

මෙම Screen shots යහපාලනය බලයට පත් වූ පළමු සතිය තුළම, ජනවාරි 11 වන දා වන විට රජයේ ප්‍රබල ඇමතිවරයකු හරහා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතට පත් කෙරී ඇත. එතැන දී වැඩ වරද්දාගෙන ඇත්තේ ජනාධිපතිවරයාය. මෛත්‍රීපාල ජනාධිපතිවරයා මෙම ගිණුම් සටහන් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට පෙන්වා ඇති අතර අර්ජුන් මහේන්ද්‍රන්ට එවිට දෙලෝ රත් වී තිබේ. මන්දයත් Emirates NBD ඩුබායි බැංකුවෙහි පෞද්ගලික ධන කළමනාකරණ අංශයෙහි ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස සේවය කර ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිසාය. සරලව ම කිවහොත් රාජපක්ෂලා මහජන දේපළ සොරකම් කර එකතු කරගත් 'පෞද්ගලික' ධනය ද කළමනාකරණය කර දී ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් වන නිසාය. 

මෙම ඩුබායි ගිණුම් ගැන කියවෙන කාලයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් තමන්ගේ ඩුබායි ගිණුමක් ඇතැයි ඔප්පු කළහොත් තමුන් ගෙල කපා ගන්නා බවට ප්‍රසිද්ධියේ සිංහ නාද කළේ ඔහුගේ නමින් ගිණුමක් නොතිබුණු නිසාය. ඇත්තෙන්ම මුදල් තිබුණේ නාමල් රාජපක්ෂ, කුඩාබාලගේ පියදාස, සජින් වාස් ගුණවර්ධන වැනි රාජපක්ෂ පවුලේ අයගේ සහ පවුලට හිතවත් පුද්ගලයන්ගේ නම් වලිනි. 

FBI පරීක්ෂණ 

නීති විරෝධී මුදල් හුවමාරු පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කෙරෙනා ආයතන ඇත්තේ දෙකක් පමණක් වන අතර ඒ, එකක් ඉන්දියාවේ සහ අනෙක ඇමරිකාවේ වශයෙනි. රාජපක්ෂලාගේ මේ මුදල් ඩුබායි රාජ්‍යයට පැමිණි ආකාරය විමර්ශනය කිරීම සඳහා ඇමරිකානු FBI ආයතනයට භාර දීමට තීරණය ගෙන ඇත්තේ කැබිනට් මණ්ඩලය විසිනි. ඒ අනුව ක්‍රියාත්මක වූ FBI නිලධාරීන් ඩුබායි හි අදාල බැංකුවට ගොස් අදාල කළමනාකරුවා හමු වී තොරතුරු ලබා ගැනීමට උත්සාහ දරා ඇතත් ඔහු ඒවන විටත් සැඟ වී පළා ගොස් තිබිණි. 

අර්ජුන්ට මහින්දගෙන් ප්‍රති උපකාර 

පසුගිය ඔක්තෝබර් 25 වෙනිදා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් දිනේශ් ගුණවර්ධන මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවක් ද අවලංගු කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වූ කෝප් කමිටුවේ ප්‍රශ්නය ආණ්ඩුවට ම විසඳා ගන්නට ඉඩ හරින්නැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසන්නේ මේ පසුබිම යටතේ ය. එතෙක් බැඳුම්කර ගනුදෙනුව සහ අර්ජුන් මහේන්ද්‍රන්ව ඒකාබද්ධ විපක්ෂය විසින් පට්ටා ගසමින් සිටි නමුත් තීරණාත්මක මොහොතේ මහින්ද රාජපක්ෂ මැදිහත් වී ඔවුන්ව නිහඬ කරවන්නේ ඒ කිසිවෙකුත් නොකළ 'උදව්' අර්ජුන් මහේන්ද්‍රන් විසින් මහින්ද රාජපක්ෂට කර ඇති නිසා ය. 

එදත් ඩීල් මෙදාත් ඩීල් 

සරලව කිවහොත් වර්තමාන දේශපාලන පිටිය යනු එක ම ඩීල් සාගරයකි. එදා සිටි ඩීල් කාරයින් එළවා දමා වෙනත් ඩීල් කාරයින් කොටසක් පත් කරගෙන ඇති නමුත් හරස් සම්බන්ධකම් හරහා පරණ ඩීල් ද තවමත් යහතින් ක්‍රියාත්මක ය.

ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු තොරතුරු අනුව ඉහත කී බැංකු ගිණුම් වලට අදාල ඡායාරූප ( Screen shots ) නැවත ලබා ගැනීමට ලංකා නිව්ස් වෙබ් අපට හැකියාව ලැබී ඇත. දැනට මේ පිළිබඳව විමර්ශන කටයුත්තක් සිදු කෙරෙණ බැවින් නීතිමය ක්‍රියාවලියට බාධාවක් වන නිසා එම Screen shots අප විසින් මෙහි පළ කරන්නේ නැත. එහෙත් ඊට අදාල මොහොත පැමිණි විට ඒවා හෙළිදරව් කරන්නට අප සූදානම් ය.
---------
මේක සම්පූර්ණ බොරුවක් නම් මමත් සතුටුයි. ඒකට හේතුව මේ ගාණ ලංකාවේ ඉන්න පවුල් ලක්ෂ 5 න් බෙදුවොත් මේ එකතුව පවුලකට රුපියල් ලක්ෂයක් විතර වෙනවා.


42 comments:

  1. හරිම අනුවේදනීය කතාවක්.
    ඇහැට කඳුලක් ඉනුවා.

    ReplyDelete
  2. හරිම අනුවේදනීය කතාවක්.
    ඇහැට කඳුලක් ඉනුවා.x2

    ReplyDelete
  3. ට්‍රම්ප්ටවත් කියා බලමු.

    ReplyDelete
  4. අසමත් රාජ්‍යයක් යයි කියන්න් නිකන්ද?

    ReplyDelete
  5. ///මෙම Screen shots යහපාලනය බලයට පත් වූ පළමු සතිය තුළම, ජනවාරි 11 වන දා වන විට රජයේ ප්‍රබල ඇමතිවරයකු හරහා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතට පත් කෙරී ඇත. එතැන දී වැඩ වරද්දාගෙන ඇත්තේ ජනාධිපතිවරයාය. ///

    එතකොට හිටං එහෙමත් මේ ඩීල් වලට සම්බන්ධ ඇති නේද... ;)

    ReplyDelete
  6. චා .....බැංකු මැනේජර්ට තිබුනෙ සේප්පුවෙ ගොඩගහල තියන රාජපක්ශලගෙ සල්ලි වල ෆොටෝ එකක් ගහගන්න

    ReplyDelete
  7. අර කියුවත් වගේ එදත් ඩීල්, අදත් ඩීල්... අන්තිමට රට වැසියන්ට ඩාල්...

    ReplyDelete
  8. බොන්ඩ් / අමරදේව / ට්‍රම්ප් ගැන ඇතිවෙන්න කියවා ඇත. කමෙන්ට් කිරීම නවතා ඇත.

    ReplyDelete
  9. //FBI නිලධාරීන් ඩුබායි හි අදාල බැංකුවට ගොස් අදාල කළමනාකරුවා හමු වී තොරතුරු ලබා ගැනීමට උත්සාහ දරා ඇතත් ඔහු ඒවන විටත් සැඟ වී පළා ගොස් තිබිණි//
    මෙතන පොඩි විහිලු ස්වභාවයක් තියෙනවා නේද. මේකා හැංගිලා කියමුකෝ. හැබැයි බැංකුවත් හංගලාද. නැත්නම් මේ බැංකුවේ තිබුනේ මේ බ්‍රාන්ච් එක විතරද?. අනික බැංකු වලින් මේ විදිහට ගනුදෙණු කාරයින්ගේ තොරතුරු පිටට යන්න දෙනවද

    ReplyDelete
    Replies
    1. දඬුවම් මුදලාලිට අයිති බැංකුවක්ද කොහෙද....

      Delete
    2. මේක සම්පූර්ණ බොරුවක් නම මමත් සතුටුයි. ඒකට හේතුව මේ ගාණ ලංකාවේ ඉන්න පවුන් ලක්ෂ 5 න් බෙදුවොත් මේ එකතුව පවුලකට රුපියල් ලක්ෂයක් විතර වෙනවා.

      Delete
    3. ලංකාවේ මිනිස්සු සතුටු වෙන්න ඕනේ මේක ඇත්ත උනොත් නේ...
      එහෙම උනොත් නේ ඒ සල්ලි ලංකාවට ගෙනත් එක පවුලක ණය බර ලක්ෂයකින් අඩු කර ගන්න අවස්ථාව තියෙන්නේ...
      නමුත් ඔබ සතුටු වෙන්නේ මේක බොරුවක් උනොත්, ඒ කියන්නේ මෙවැනි දේ මඩ වශයෙන් තිබීම පමණක් ඔබට සෑහේ කියන එකද...

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. එකම දේ දෙපාරක් දා ඇති නිසා මෙම ඇනෝ කමන්ට් එක ඩිලීට් කරා. මේ පුද්ගලයාගේ කමෙන්ට් එක මොනරවිල හරි කෙලවිලා හරි නමකින් පහත තියෙනවා

      Delete
    6. ඉහත ඇති කමෙන්ටුව මා විසින් ඉල්ලා අස්කර ගැනීමට අදහස් කරන අතර ඉයන් තුමාගේ සිත්ගත් වර්ගයේ කමෙන්ටුවක් දමා ඉහත කමෙන්ටුව බල රහිත කර ගැනීමට මා අදහස් කරමි...

      නමුත් එවැනි වර්ගයේ අදහසක් මේ වන තුරුත් හිතට නොඒම ගැන කමාව භාජනය කර සිටිමි...

      Delete
    7. ඔබගේ කමෙන්ටුවට මම එකඟයි ලොක්කා. නමුත් අපි දෙන්න කියන්නේ දෙකක්. මම කියන්නේ මෙවන් හොරකමක් නොවූවා යැයි සිතීමට කැමති බවයි. එසේ හොරකමක් නොවූවානම් රජය වියදම් කල මුදල් වලට සමාන වටිනාකමක් ඇති දෙයක් රට ලැබී තියෙනවා. ඔබ කියන්නේ මෙවන් හොරකමක් වූවානම් එම මුදල් ආපසු ලබා ගැනීම මිනිසුන්ට හොඳ බවයි. එයට මා එකඟයි. ඔය නොදත් අය කියන්නා වාගේ දේශපාලකයින් හොරකම් කල මුදල් ලබා ගැනීම අපහසුයි. එකක් ඔවුන් ඒවා පවත්වාගෙන යන්නේ trust structures හරහායි. එසේ නැත්නම් එසේ මුදල් ආපසු ලබා ගැනීම අපහසු නීති තිබෙන රටවලයි. උදාහරණයකට ස්විට්සර්ලන්තයේ පවත්වාගෙන යත හැකි නමක් නැති ගිණුම්. ඩුබායි නගරය විදේශ මුදල් රටට ඒම උනන්දු කරවන්න එවන් නීති පණවා ඇති. පිලිපීනයේ මාකෝස් රටෙන් සොරකම් කර මුදලෙන් අවුරුඩු විසි ගනනකට පසුව තවමත් හොයාගෙන් තියෙන්නේ 5% ට අඩු ප්‍රමාණයක්.

      Delete
  10. // මෙතන පොඩි විහිලු ස්වභාවයක් තියෙනවා නේද. මේකා හැංගිලා කියමුකෝ. හැබැයි බැංකුවත් හංගලාද. නැත්නම් මේ බැංකුවේ තිබුනේ මේ බ්‍රාන්ච් එක විතරද?. අනික බැංකු වලින් මේ විදිහට ගනුදෙණු කාරයින්ගේ තොරතුරු පිටට යන්න දෙනවද //

    ඔන්න ඔන්න.... ඕන්නෙනැති ප්‍රස්න අහලා ඉයන්තුමා ගේ ලපටි ආතල් කඩන්නද ඔහෙ හදන්නෙ හිටන්???

    ReplyDelete
  11. ඩීල්...ඩීල්...ඩීල්...හෝල් සේල් ඩීල්..

    ReplyDelete
  12. මේක සම්පූර්ණ බොරුවක් නම මමත් සතුටුයි. ඒකට හේතුව මේ ගාණ ලංකාවේ ඉන්න පවුන් ලක්ෂ 5 න් බෙදුවොත් මේ එකතුව පවුලකට රුපියල් ලක්ෂයක් විතර වෙනවා.
    මගේ කෙමෙන්ට් එකත් මේකයි

    ReplyDelete
  13. ඈත නොබලා ළගම බලා නිතර ගැසූ ඩීල්
    දෑත ශක්තිමත් කරන්න එදා ගැසූ ඩීල්
    වාත නොවී මෙදා හොරෙන් ගහන්න යන ඩීල්
    ප්‍රේත රොත්ත පළවා හරිමු එපා එපා ඩීල්........

    ජයවේවා!!!

    ReplyDelete
  14. "නීති විරෝධී මුදල් හුවමාරු පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කෙරෙනා ආයතන ඇත්තේ දෙකක් පමණක් වන අතර ඒ, එකක් ඉන්දියාවේ සහ අනෙක ඇමරිකාවේ වශයෙනි. රාජපක්ෂලාගේ මේ මුදල් ඩුබායි රාජ්‍යයට පැමිණි ආකාරය විමර්ශනය කිරීම සඳහා ඇමරිකානු FBI ආයතනයට භාර දීමට තීරණය ගෙන ඇත්තේ කැබිනට් මණ්ඩලය විසිනි. ඒ අනුව ක්‍රියාත්මක වූ FBI නිලධාරීන් ඩුබායි හි අදාල බැංකුවට ගොස් අදාල කළමනාකරුවා හමු වී තොරතුරු ලබා ගැනීමට උත්සාහ දරා ඇතත් ඔහු ඒවන විටත් සැඟ වී පළා ගොස් තිබිණි."

    අම්මප බලනකොට රාජපක්ෂල හොරුන්ගෙත් හොරුනේ. FBI එකටත් කොකා පෙන්නුව එහෙනං. අර බැංකු මැනේජරයත් බුරුවෙක් නේ? මොකටද මිනිහ පලා යන්නෙ?

    ඩුබායි නෙමෙයි මෙහෙ නිකවැරටියේ මහජන බැංකු කළමනාකරුවෙකුටත් පුළුවන් තැන්පතුවක් බාරගන්න. ඉතිරිකිරීමේ සිට RFC වෙන්න පුළුවන් NRFC වෙන්න පුළුවන්. හැබැයි අර තැන්පත්කරුගේ සියලු විස්තර තියන Mandate එක පුරවල මුදල් ලැබුණු විදිය එලිකරලා. නමුත් කළමනාකරුට මුදල් ලැබුණු විදිය පරීක්ෂාකරන්න බැහැනේ.

    රාජපක්ෂලාට නෙමෙයි කාටත් ඩුබායි වල NRFC ගිණුමක් අරඹන්න පුළුවන්. නමුත් ගිණුම් හිමියාගේ සියලු විස්තර බැංකුව සතුව තියනවා. එකනේ කියන්නේ මෙහෙම.


    "2015 ජනවාරි 08 වනදා යහපාලන රජය බලයට පත් වූ අළුත ම එවකට ඩුබායි රාජ්‍යයේ සේවය කළ බැංකු කළමනාකරුවකු විසින් එක්තරා බැංකු ගිණුම් 3ක ගිණුම් ශේෂයන් සඳහන් ඡායාරූප ( Screen shots ) 3ක් ලබාගෙන තිබිණි. ඉන් පළමුවැන්න නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ය. එහි තැන්පත් කර තිබුණු මුදල ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.086 ක් (රුපියල් බිලියන 163 ක් පමණ) සටහන් වී ඇත. දෙවැන්න කුඩාබාලගේ පියදාස සහ රාජපක්ෂ පවුලේ සමීපතමයෙකුට අයත් හවුල් ගිණුමකි. එහි ඇමරිකානු ඩොලර් බිලියන 1.80 ක (රුපියල් බිලියන 270 ක් පමණ) මුදලක් තැන්පතු ලෙස සටහන් ව ඇත. තුන්වැන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ගේය. එහි ඇමරිකානු ඩොලර් මිලියන 500 ක (රුපියල් බිලියන 75 ක් පමණ) මුදලක් තිබී ඇත."

    ඉතින් මේ ගිණුම් විස්තර ගන්න අර කළමනාකරු ඕනද ?

    මෙහෙ කැබිනට් එක ඉල්ලුවට මෙහෙ පුරවැසියන්ගේ ගිණුම් විස්තර වෙන රටවල් වල තියා මෙහෙ බැංකුවක් වත් දෙන්නෙ නෑ. ඒක නීති විරෝධියි.

    ඉතින් මෙයාලට තිබුනේ අර "screen shots" අපේ නීතිපතිතුමාට පෙන්නලා උපදෙස් අරන් උසාවියට facts report කරන්න. ඊ ලඟට ලංකාවේ උසාවියකින් මේ ඩුබායි ගිණුම් පරීක්ෂණ පිලිබඳ නියෝගයක් ගන්න. ඊලඟට මෙහෙ සහ ඩුබායි විදේශ අමාත්‍යංශ සම්බන්ධීකරණයෙන් ඩුබායි අධිකරණය ඉදිරියට ගිහින් ගිණුම් තොරතුරු ඉල්ලන්න. එකම දෙයක්වත් කරල තියනවද? නැහැ.

    මේ ඉයන්ගේ පොස්ට් එක අර ඩීල් කාර බොරුකාර රුවන් ෆර්ඩිනැන්ඩස් උපුටා දැක්වීමක්.

    මෙය විවාද කරමු ඉයන්. ඔබගේ පසුගිය පොස්ට් වල පලවූ කෙප්ප එක්ක මම පහසුවෙන් ඔබේ කලිසම ගලවන්නම්. ඔබ සූදානම්ද?

    -මොණරවිල (මයුරවිල)

    ReplyDelete
    Replies
    1. මම එක පාරක් කිව්ව ඔහේට වාද විවාද කරන්න ඔහේම බ්ලොග් එකක් අටවගන්න. මේව බොරු කියල කියවනවනම් ඔහේගේ තර්කත් එක්ක දාන්න. මට රස්සාවක් කරන්න තියෙනවා. මේක කරන්නේ ඒ අතර. වෙලාව තියෙනවනම් මම විවාද කරන්න තෝරගන්නේ විවාදෙන් මටත් යමක් ඉගෙන ගන්න පුළුවන් තරම් දැනීමක් ඇතැයි මට හිතෙන අය විතරයි. ඔබ දාන කමෙන්ට් වලින් මට එහෙම අදහසක් ඇතිවෙලා නැහැ.

      Delete
    2. ප්‍රති කොමෙන්ටුව ඉවත් කලාට තුති,

      තොප තර්ක බිඳ හෙලුමට තර්ක ඉදිරිපත් කළෙමි. තොප දිරිය ඇත්තෙකුනම් පෙර පොස්ටුද ඒ සබැඳි කමෙන්ටුද තිබුමට ඉඩහළ මනාය.

      ඒ පිලිබඳ හුදු එක කමෙන්ටුවකින්ම තොප පිලි ගලවමි.

      - මයුරවිල මි.

      Delete
    3. සබඳ මයුරවිලයිනි.....
      එවැනි කතිකාවතක් ඇතුවුවහොත්, ඔබට ජය නියතය...ඔබට දීමට නිසි පිලිතු නොමැත්තේ, ඉයන්තුමා ගැලවිජ්ජාවට ප්‍රයාස දරයි...

      Delete
    4. මේ බ්ලොග් එක ලියන කෙනා තමන් ලියපු එකට ප්‍රතිතර්ක වෙන කමෙන්ට් ගලවල දාන බව මම දැකල තියනවා

      Delete
    5. ඉයං,

      ඔයාට රස්සාවක් කරන්ට තියෙනවා නම් ඒක කරන්ට .
      ලිපියක් දැම්මම බලන කෙනාගේ කොමෙන්ට් වලට උත්තර දීගන්ට බැරි උනාම එයාට බැනල වැඩේ ඉවර කරන්ට බෑ.
      අනික, අන් අයගේ ලිපි ඔබ නැවත පබ්ලිෂ් කරන්ට ඕනේ කමකුත් නෑ. ඕන අය ඒවා ඔරිජිනල් එකම බලාගනිවී.

      Delete
    6. බ්ලොග් එකක දන්නෙ තමන්ගෙ ලිපිද වෙන තැනක පල වෙච්ච ලිපිද කියන එක තීරණය කරන්නෙ බ්ලොග් එකේ අයිති කාරයා. කරුණාකර පව් නොදී යන්න.

      Delete
    7. පැණිකු ඔබ හරි. සාරස ඔබත් හරි.

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
  15. මේ කෑම අන්තිම නරකයි. හැබැයි කබ්රාල්ලා අලුතින් ඉපදිලා වගේ කියන කතා අප්පිරියයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උඩුවා

      Delete
  16. ඒකාබද්ධ විපක්ශේ දෙකඩ වෙලාද එතකොට කොටසක් අර්ජුන් මහේන්ද්‍රන් ගේ රීරි මාංශෙම ඉල්ලලා කෑ ගහන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලෙ මේක පාවිච්චි කරන්නෙ රනිල්ගේ වුවමනාවට මෙය වුනා කියා ජනමතයක් හදන්න විතරයි.

      Delete
  17. මේ සිද්ධියෙන්, බොහොම හොඳට, ආණ්ඩුවත්, ඒකාබද්ධ සරණාගත රැළත්, නිරුවත් වුණා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දෙගොල්ලම එකයි කියන එක. හැබැයි ආණ්ඩුවට තවම අර ටියෙනවය කියන සල්ලි හොයා ගන්න බැහැ. සාක්කි නැති නිසා ඒ සල්ලි ගැහුවය කියල කියන්න බැහැ. බැදුම්කර වැඩේ එළිවෙලා ඉවරයි. අනාගත්තේ ආණ්ඩුව. වැටුන වලෙන් ගොඩ එන්න නම් ඒ කියපුව ඔප්පු කරන එක තමයිතියෙන්නේ.

      Delete
  18. ඉයන් තුමෝ..!! හරිම රසවත් සම්බව්‍යණිය කෙටි කතාවක්.

    දැන් බලනකොට මයිත්‍රී මහත්තයත් ෆයිල් තියාගන්න වගේ සීන් එකක් කොරන්ටයි යන්නෙ ඈ..

    නරක නෑ. මේ යන විදිහ දැක්කහම මහින්ද මාමි ඇතුළු සෙට් එකෙන් කන දවස වැඩි ඈතක නැහැ.

    එදාට ඉතින් මතක බණ වලට කියන්ට දෙයක් කොරපු නැති එකේ ඔය පරණ ෆයිල් කියවන්ට තමයි වෙන්නෙ ඈ 😜😜😜😜

    ReplyDelete
  19. හොරා අම්මගෙන් පේන ඇහීම... අනේ මන්දා ඉයන්.. මේ ඔක්කොමලා හොඳින් .. ඒත් ඇයි තාමත් සපත්තු, පොත් වගේ දේවල් ගන්නත් මේ දරුවන්ට ආධාර එකතු කරන්න වෙලා තියෙන්නේ...


    මේ මගේ කථාව නෙමෙයි
    රටේ ගොඩක් දරුවන්ගේ කථාවයි...

    ReplyDelete
  20. දෙගොල්ලම එකයි + එකතුයි අපි පාට පක්ෂ බෙදා ගෙන නැටුවට .. ඔව් ඉතින් එයාලා අපි වගෙ චන්ද දායකයින් එක්ක පාර්ටි දාන්නද? නැතිනම් ආවාහ විවාහ කටයුතු කරන්නද ? ඒ ගොල්ල සදා යහතින් වැජබෙයි .. අපිත් හ්ම්ම්ම්ම්ම්ම් අපිත් නේ?

    ReplyDelete
  21. පෝස්ට් එක කොහොම වෙතත් කොමෙන්ට් ටික කියෝනකොටනං හිනා යනව.

    ReplyDelete