Friday, October 28, 2016

සිරිපාදේ, එටිසලාට් හා කන්ඩළම

ආගම් වල සංකේත

මේ පෝස්ට් එකට ඉන්ස්පිරේශන් එක මාතෙ ගේ මේ පෝස්ට් එක. එකේ සිරිපාද ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තැනීමට සැලසුම් කිරීමක් ගැන ඇති ආන්දෝලනයට ඔරිජිනල් මාතෙ ස්ටයිල් එකෙන් අදහසක් ඉදිරිපත් කරනවා. මේ අදහසම තව ටිකක් එහාට ගිහින් ඒගැන අදහසක් ප්‍රකාශ කිරීමට අවසර.

ලංකාව වැනි ගෝත්‍රික අදහස් ඇති මිනිසුන් වෙසෙන රටකට  බුදුදහම ලැබුණේ රටෙත් බුදුදහමෙත් දෙකේම අවාසනාවට යැයි මම සිතමි. සමහර විට බුදුදහමේ අවාසනාවක් නොව ඒක මනුශ්‍ය සංහතියේම අවාසනාවක් කියා කීම වඩා නිවැරදි විය හැක. විශ්වාස ඇදහිලි මත පදනම් වන අනික් ආගම් මෙන් නොව බුදුදහමේ ඉගැන්වීම් තර්කානුකූලව වටහා දිය හැකිය. එමෙන්ම  එය තමන්ටම එහි ඇති සත්‍යය වටහා ගැනීමට සහ දැකීමට හැකි ආකාරයත් කියා දී ඇත. ලොව පැවති සහ පවතින ආගම් මෝටර් සයිකලයට සමාන කලහොත් බුදුදහම අජටාකාශ යානයකටත් වඩා අති දියුණු වාහනයකට සමාන කල යුතුය. කිසිදා මොටර් සයිකලයක්වත් පැද නොමැති අයකුට එවන් අජටාකාශ යානයක් ලැබුණොත් වන්නේ එය අන් අයට ප්‍රදර්ශණය කිරීමට පමණක් යොදා ගැනීමත් එය නිපදවා ඇති කාර්‍යය ගැන කිසිම දැනීමක් නොමැතිව එය සෙල්ලම් ගෙයක් ලෙස පාවිච්චියට ගැනීමත්ය.  අතීතයේ යුද්ධ හරහා පැතිරවූ ක්‍රිස්තියානි වැනි ආගම් අදහන්නන් අද අන් අයගේ විශ්වාස ඇදහිලි වලට ඉඩදී ආගම යනු පෞද්ගලික දෙයක් ලෙස තේරුම් ගෙන දැඩි හික්මීමක් පෙන්නුම් කරන විට, හික්මීම සහ ස්ව වටහාගැනීම හරහා පිළිපැදිය යුතු ධර්මයක් උරුම කරගත් බෞද්ධයන් ගෝත්‍රික ලෙස හැසිරීම නම් irony එකකි.

ශ්‍රෙෂ්ඨ ශාස්තෘවරයෙකුගේ ඉගැන්වීම් වල වැරදි කොන අල්ලාගෙන තමන්ගේ ගෝත්‍රික හැසිරීම් සාධාරණීකරණය කිරීමට එය යොදා ගැනීමක් හැර එයින් පලප්‍රයෝජන ගන්නා අය ඉතා අඩු පිරිසක් සිටින ආගම් දෙකක් ලෝකයේ තිබේ. එකක් අන්තවාදී ඉස්ලාම් භක්තිකයන්ය. අනික් කොට්ඨාශය බෞද්ධ යැයි කියාගන්නා ලාංකිකයන්ය. මොවුන් බෞද්ධ යන ලේබලය යොදාගන්නේ තම බඩ වඩා ගැනීමටය. මේ ලේබල් බෞද්ධයන්ගේ අවස්ථාවදී ක්‍රියා වලට හොඳ උදාහරණය 1999 වර්ෂයේදී ලාංකික කතෝලිකයෙකු වූ හැරී ජයවර්ධන සම්පත් බැංකුවේ කොටස් මිලදී ගැනීමේදී විද්‍යාමාන විය. බෞද්ධ බැංකුවක කොටස් කතෝලිකයෙකු මිලදී ගත්තේ යැයි කියමින් පෙළපාලි ගිය අය ඔහුට එම කොටස් වලට හිමි ඡන්ද අයිතිය සහ විකිණීමේ අයිතිය නැති කලේය. වසර දෙකකට පසු එනම් අන්තවදී ඉස්ලාම් තලේබාන් වරුන් භාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කරන කාලේ සම්පත් බැංකුවේ කළමනාකාරීත්වය ඔවුන්ට ගැලපෙන කොටස් කරුවකු ලෙස හඳුන්වා සින්කාරා හෝලිඩිංස් නම් විදේශික කොටස් කරුවෙකුට එම කොටස් ලබා දෙන ලදී. සින්කාරා හෝල්ඩිංස් යනු පාකිස්ථානයේ තිබූ ඉස්ලාම් භක්තිකයන්ගේ අයිතිය ඇති සමාගමක වීම බෞද්ධ බැංකුවට ප්‍රශ්ණයක් නොවිනි. එම මිලදී ගැණීමට සමාගම් නීති උල්ලංඝනය කරමින් සම්පත් බැංකුව ණය පහසුකම් ලබා දී තිබූ බවද පසුව හෙළිවිය. 

බෞද්ධ දර්ශණය ලෝකයට දීම ගැන කථා කරන අයට කිලෝ මීටර් ගාණක් එහායින් තියෙන උතුරු නැගෙනහිර ප්‍රදේශ වල දමිල බස කථා කරන අයටවත් එම උතුම් ධර්මය පැතිරවීමට  නොහැකි වී ඇත්තේ එම ධර්මයේ ඉගැන්වීම් වලට හාත්පසින්ම විරුද්ධ මේ ගෝත්‍රික හැසිරීම් නිසාම විය යුතුය.  ප්‍රඥාව මත යැපෙන ධර්මයක් වන බුදු දහමට නොගැලපෙන පිළිම වන්දනාවේ ඇති නිස්සාරත්වය තේරුම් ගැනීමට බුද්ධිය අඩු නම් අඩුම තරමේ එම දහම නොදුටුවන්ට එය පෙන්නා දීමට කිසිත්  නොකොට තමන්ගේ පිළිම එම ප්‍රදේශ වල ඉදිකිරීමෙන් ධර්මයට කරන නිගාව වත් තේරුම් ගැනීමට වටහා ගැනීමේ ශක්තියක් නොතිබීම අභාග්‍යකි.

බුදු දහමේ හරය යැයි කිව හැකි සක්කාය දිටිඨිය ගැන සහ නාම රූප ධර්මයන් ගැන ඉගැන්වීම් තේරුම් ගැනීම පසෙක තිබියදී අඩුම තරමේ සිහි බුද්ධියෙන් එම ඉගැන්වීම් අසා හෝ කියවා ඇති අයකුට මගේ කය, මගේ දරුවන්, මගේ ආගම, මගේ ගෙය, මගේ ගම, මගේ රට ආදී සිතිවිලි වල ප්‍රාථමික බවවත් නොවැටහීම ගැන පුදුම විය යුතු නැත. බුදුවරයෙක් පෙන්නා දෙන්නේ තන්හාව, ද්වේශය සහ මෝහය (වැරදි වටහාගැනීම ) ක්‍රමයෙන් අඩු කිරීමේ මාර්ගයක ගොස් අවසන එක සහමුලින්ම නැතිකිරීම කර සසරින් ගැලවීමේ දහමක්. එය පෝයට මත්පැන් හල් වසා දමා බලෙන් 'සීලයක් රක්කවන', බුද්ධ රූපයක් පච්ච කොටා ගෙන සිටින විදේශිකයින් පිටුවහල් කරමින් තම ශාස්තෘන් වහන්සේට 'ගරු කරන' දහමක් වුනේ කෙසේ දැයි පොඩ්ඩක් විමසා බලන්න.

යමකින් පරිසරයට හානියක් වනවා නම් ඒපිළිබඳව අදාල ආයතන ක්‍රියා නොකරන්නේ නම් ඒ සඳහා නීතියේ පිහිට පැතීම කල යුතුය. වර්තමාන සහ අනාගත පරම්පරා වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජයේ පමණක් නොව හැමගේ වගකීමකි. අප ජීවත්වන පරිසරය සහ ගහකොලටත් මෛත්‍රී කළ යුතුබව සත්‍යකි. එහෙත් පරිසරය, රට සහ ආගම පටලවා ගෙන වෛරය සහ ද්වේශය පැතිරවීම පවකි.



එකෙකු පන්සිල් ලු, තවකෙක් අටසිල් ලු
පෝයක් නෑර, සිල් ගන්නේ, තරඟෙටලූ
පාර දිගේ, මස් කඩ ටික, හරි සරුලූ
අන් අය නැසු, මස් කන එක, පවු නැතිලූ

ලෝභය ඉරිසි, යාවත් තව, හැර නැතිලූ
දොඩා මුසා, රවටන එක, හරි ජයලූ
අනුනගෙ බෙලි, කපා ඉහලට, යා හැකිලූ
වයිරය පිරි, මහන්නත් දිවි, නැසුවැකිලූ

ප්‍රන්සෙට යුරෝ, පෙට එක පා, රක් නොගිහින්
ඇයි හිමියනේ, තුන් පාරක්, මෙහෙ  වැඩියේ
රටකට, හිමි එක පාරක්,  වැඩියානම්
ඔබෙ දහමින්, අද ලෝකෙම නිවිල ගිහින්

කෙහෙද යන පිස්සෙක් ලියූ මේ ගීතය මේ විෂයට අදාලයි. ගයනා කලේ විශාරද ජගත් වික්‍රමසිංහ. ලින්ක් එකක් පසුව ඇඩ් කරමි

මෙම කරුණ ගැන අන්සතු දිනපොත බ්ලොග් අඩවියේ
මේ ලිපිය කියවන්න.
 


90 comments:

  1. බුදු දහමත් බුද්ධාගමක් කරගෙන ඒක අදහන්න යන එකෙන් තමයි ඔය අවුල ඇතිවෙන්නෙ.
    බුදුහාමුදුරුවො දේශනා කරපු යම් දෙයක් සිහි බුද්ධියෙන් වටහාගන්න කියන කෑල්ල හරි තේරුම් ගත්තනං වෙන මොකුත් ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. //බුදුහාමුදුරුවො දේශනා කරපු යම් දෙයක් සිහි බුද්ධියෙන් වටහාගන්න කියන කෑල්ල හරි තේරුම් ගත්තනං වෙන මොකුත් ඕන නෑ.//

      +++++++++++

      බොහොම ස්තූතියි Praසන්ன

      Delete
    2. පුරසන්න බුද්දාගමේ එකක් නං පැනලා දෙනවා.. Praසන්ன බඩු නොගාන, හොරකං නොකරන, සිගරට් අරක්කු නොබොන, බොරු නොකියන, කුණු හරුප නොකියන බඩ්ඩනේ නේද... අනේ පලංය බන් යන්න.

      Delete
    3. Ano බෞද්ධයෙක් කියන්නේ හැම සීලෙම රකින කෙනෙක් නෙවෙයි. කුමන සීලයක් කැඩුණත් තමන්ගෙන් වෙන අකුසල් සහ පව් ගැන ක්‍රම ක්‍රමයෙන් හෝ අවබෝධයක් ලබා (ධර්ම ශ්‍රවණයෙන් සහ යෝනිසෝමනසිකාරයෙන් ) නිවන් මාර්ගයේ යාමට උත්සාහ කරන අයටයි. ඔබගේ තර්කයෙන්ම කියනවානම් ද්වේශය සහ බොරුව පතුරුවන අයත් බෞද්ධයන් විය නොහැකිය. එහෙත් එය එසේ නොවේ.

      Delete
    4. සංසුං වන්න ඇනෝ පිංවත. හැක්..

      Delete
  2. හොඳ වෙලාවෙට ඒ රටවලට නොවැඩියේ... බුද්ධාගම තමයි මේ රට මේ තත්වයෙන් තිබෙන්න ප්‍රධානම හේතුව... ඒක හෙටටත් එසේමැයි.. මෙහෙම හරි ඔළුව ඉස්සුවේ යුරෝපයේ ආගම් පැමිනි නිසා සහ එහි ඇති නිදහස් හා ජීවිතයට සමීප බව නිසයි..

    ReplyDelete
    Replies
    1. මේරටට මෙහෙම වෙලා තියෙන්නේ බුද්ධාගම නිසා නෙවෙයි මාතෙ. ඒ ඉගැන්වීම තමන්ගෙ බඩට ගැලපෙන විදිහට හදා ගෙන ඒක විකුණන තියෙන හොරුන් නිසා. නානසාර වගේ පූජකයෙක් වගේ පෙනී සිටින කෙනෙක් බටහිර රටකදි ඔය දේවල් කලා නම් මෙලහකට අවුරුදු 25-30 කට හිරගෙට ගිහිල්ල.

      Delete
    2. ඒ හේතුවෙන්ම නෙමෙයි.. බුද්ධාගම ධනවාධී දර්ශණයක් නෙමෙයි... ඒක හොඳයි මානසික ලෙඩ්ඩුන්ට... මේ රටට හෙන ගහලා තියෙනවා මදිවට කාලකන්නි කොල්වින් ආර් ද සිල්වා 1972 දී ඒක රජයෙන් රකින්නත් පටන් ගන්නවා.. දැන් ඉතින් සදා සොත්ති භවන්තුතේම තමයි...

      Delete
    3. බුදු දහමෙ ආර්ථික දියුණුවට දීල තියන උපදේශයන් අද බටහිර රටවල් තමයි භාවිතා කරන්නෙ. අපේ මිනිස්සු ඒවා දන්නෙවත් නෑ.

      ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ තියන කරුණු 4 ගමු.

      1. උට්ඨාන් සම්පදා

      ඒ කියන්නෙ, තමන් කරන කාර්යයෙහි දක්ෂ වෙන්නෙ ඕන. කම්මැලි නොවෙන්න ඕන. උපාය, විමර්ශණශීලී නුවණ තියෙන්න ඕන.

      2. ආරක්ඛ සම්පදා

      තමන් සතු සහ තම හරිහම්බ කරන දේවල් නාස්ති කොකර රැකගන්න ඕන.

      3. කල්‍යාණමිත්‍රතා

      ඉහත කරුණු 2ට බාධක වන සහ එසේ කරණ මිතුරන්ගෙන් ඈත් වෙන්න ඕන.

      4. සම්ජීවිකතා

      ඉතාම විමසිල්ලෙන්, හොඳට හිතල බලල වියදම් කරන්න ඕන අවශ්‍ය දේට පමණක්. නාස්ති කරන්න එපා. ඒ වගේම අනාගත ප්‍රයෝජණයට ඉතිරි කර ගන්නත් ඕන.

      මේ කරුණු 4 බටහිර වගේම අනෙක් බොහෝ දියුණු ජාතීන් අතරත් හොඳටම තියන දේවල්.

      නමුත් බෞද්ධයො මේව ගැන උනන්දුවක් නෑ. කම්මැලි කමයි නාස්තියයි ඉහවහා ගිහින්.

      මේ ඒ ගැන ලියපු ලිපි.

      https://adahasawakashaya.blogspot.com/2016/10/blog-post.html
      https://adahasawakashaya.blogspot.com/2016/08/blog-post_19.html

      Delete
    4. ඔබට බොහොම ස්තූතියි අදහස්. මේ සූත්‍රය ආයිමත් කියවන්න හිතාගත්තා. ඔබගේ බ්ලොග් ලිපිත් කියවන්නම්. ඔබ පෙන්නා දුන් දේ හරිම වැදගත්.

      Delete
    5. ඔය ක්‍රමයට දියුණු වෙන්න පුළුවන් වෙන්න ඇති ඒ කාලේ.... අද දියුණු වීමේ ක්‍රම මෙන්ම ආර්ථික ක්‍රමත් බොහෝම වෙනස්... ඉස්සර හම්බ කලේ මී කුණෙන්... දැන් මී කුණක් ඕනත් නෑ නිකන් ඉඳන් කෝටී ගනන් හම්බ කරන්න පුළුවන්... දන්නේ නැත්නම් ඉයන්ගෙන් අහන්න...

      Delete
    6. කොයි තරම් වෙනස් උනත්, සංකීර්ණ වුනත්, උත්සහවන්ත කෙනා සහ නාස්ති කරන්නැති කෙනානෙ දියුණු වෙන්නෙ. වර්ථමාන ලෝකයේ දියුණුම මිනිස්සුන්ගෙ කථා වලත් හැම වෙලේම ඉස්මතුවෙන ගුණාංග මේවනෙ.ඒ ටිකමනෙ මෙතනත් විස්තර කරල තියෙන්නෙ. ඉයන් මේ ගැන මට වඩා හොඳින් විස්තර කරයි කියල මං හිතනව.

      Delete
    7. ඕවා බුදු හාමුදුරුවෝ කියන්න ඕනය... එතකොට බුදුන් උපදින්න කලින් වෙළඳාම ළෝකයේ තිබුනේ නැද්ද... සිටුවරු උන්නෙ නැද්ද.. එයත් ජීවත් වෙනකන් උන්නේ සිටුවරුන්ට පින් අත් වෙන්න... ඒ අය අතර සාධාරන සිටුවරු උන්නද කියන්න නම් මම දන්නේ නෑ.. මේවා මේ බුදු කෙනෙක් කියන්න ඕන දේවල්ද... ආගමක් ගැන නොදන්න පොඩි එකෙක් උනත් කියන දේවල් නේ..

      Delete
    8. සිටුවරු හිටිය. ඒ අය දැනගෙන ඉන්න ඇති. නොදන්න අයට දැනගැනීමටනෙ ඕව කියල තියෙන්නෙ. ඒත් එහෙම කියල තියෙද්දිත් අපේ බෞද්ධයො ඕව ගනන් ගන්නෑනෙ.

      නමුත් බුදු දහමෙන් ආර්ථික දියුණුවට උපදෙස් දීල තියනවනෙ. ඒකයි මං සඳහන් කලේ.

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
  3. මගෙ යාලුවෙක් බුදුන් දැකල මලා (නිවන් දැක්ක)

    ReplyDelete
    Replies
    1. එයා නිවන් දැක්ක නම් ඒ උඹෙ යාළුවෙක් වෙන්න බැහැ. උඹ ඉන්නෙ අපායෙනෙ.

      Delete
    2. බුදුන් දැක මරෙන්නේ නෑ බං... බුදුන් දැක නිවන් දකිනවා මිසක්ක..

      Delete
    3. ඇනෝට නිවන් දැකීමයි පිරිනිවන් පෑමයි ටැපලිල මාතෙ

      Delete
    4. Apee rate thiyanna LOKU LOkU Pasal wala thiyanna danaskandya saha idam pramanya, eye wagemma Pajero/land Crusher wani supiri wahanna ehhemma budu sadu dakannam .........ethumata monawa hitiida ? TV, mobile, wash maschine, AC room , ewa budhagama ta aithiyak nethi dewal. budu sadu kale bawanawa ada sadu la karanne..politik.....busness... loku loku pansal....koti ganna hoyanwa ..loku loku dana sala hadanna.....mekeda athatama BUDAGAMA kiyanna DARASAHANAYA..................BUDHISAM KIYANNE agamak nehami......eke mee rate inna aye dannwa ..danne neha wage indala thamnge dewal walata para hada gannwa............oya okkomma karanne PAU.......budgagamee hatiyata.........kelani wadama pau gewennwa lu ....eke nikan cancer ekta blood change karanwa wage........siwuru dagenna PAU karanna aye ewa gewai......Siree padee gana kiyanwa nam......oya kiyanna okkomma atha wena beha.......2016..modayo inna mee rate .....eda kohomma modayo inna addda.........

      Delete
  4. //මගේ කය, මගේ දරුවන්, මගේ ආගම, මගේ ගෙය, මගේ ගම, මගේ රට ආදී සිතිවිලි වල ප්‍රාථමික බවවත් නොවැටහීම ගැන පුදුම විය යුතු නැත. //

    අඩුම තරමින්, බ්ලොගේ එකෙකු අවකැපෙන කතාවක් කියා පොඩි කොමෙන්ට් ටොක්කක් ඇන්නොත් , මගේ කීර්ති නාමේට අපහාස වුනා, මම තරම් සුදනෙකු නැතිය, මම තරම් ඇසූ පිරූ තැන් ඇත්තෙක් නැතිය, ප්‍රඤ්ඤාවන්තයෙකු නැතිය, දේසප්‍රේමියෙක් නැතිය, වන්චා දූසන විරෝදියෙක් නැතිය,,,,, එහෙවු මට මේ අඳබාල අන්දරේ වැනි පුස්සෙකු කෙලින්න එනවාය කියා බනානාස් ඉන් පිජාමාස් වල B1 වගේ උඩ පනින්නේ නැතිව ඉන්න ඉගෙනගන්නේ කවදාද හිටන්?

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට්ම මගේ කීර්ති නාමේට අපහාස වුනා

      බොහොම ස්තූතියි සාරස තුමා

      Delete
    2. මලනුවනි මට හිත
      මගේ හද තුළ කුණු නැත
      නැගී එන අය වෙත
      දුන් අතින් මම නොගමි ඉලපත

      පවසන අය ඇතත් මුහුණට ඔබේ ගුණ
      ඇසුරට යන්න දුර දිග දැන බලා ගෙන
      මිනිසා ඇතුළෙ දත් පෙන්නා සිනා සෙන
      තව මිනිසෙක් සිටි මිනිසුන් සපා කන

      - කරුණාරත්න අබේසේකර

      Delete
  5. නීතිය වගේ ආගමත් නවල නෙවැ. :D චැහ්

    ReplyDelete
    Replies
    1. මමද? අපොයි නැහැ පත්තරේ. හැක්

      Delete
    2. ජීවිතය නැවෙනසුලුයි පිංවත

      Delete
  6. අති සංවේදී පාරසරික පද්දතියක් වෙච්ච ශ්‍රී පාද රක්ෂිතය ඇතුලෙ මේ දේ කරනවනම් සිතා බැලිය යුතු දෙයක්,
    අනාගත ගැන දැන ගැනීමට හැකියාවක් තිබුන බුධු හාමුදුරුවො කවදාවත් මේ වගේ තැනක සිරි පතුල තියල එතන ඉන්න සතා සීපාවට ගහ කොලට හානියක් වෙන්න ඉඩ තියන්නෙ නෑ,
    බුදු හාමුදුරුවො යුරෝපෙට ,ප්‍රංශෙට වැඩිය නැත්තෙ භාශා පරිවර්තන කිරීමේ අපහසුව හින්ද වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. oya kiyanna siri pathula ...ai ochara loku...
      europe gana kiyanna thiyanne ...godak seethali...
      ehe aye okkoma hoyala balnwa...value eke gana kiyanna
      kalian...apee rate aye kiyanne ....eda hitiya atha , mutha
      (Un educated *)kiyapu dewal manne thama...

      Delete
    2. අනේ පලයන් බන් යන්න.. උඹලයි තේ කර්මාන්තෙ වෙනුවෙන් ඊට වඩා විනාශයක් කරලා තියෙන්නේ...

      Delete
    3. සිංහල යුනිකෝඩ් වලින් කුණුහරපෙන් හරි බැනහං මචං , සිංග්ලිශ් මට කියවගන්න අමාරුයි .

      Delete
    4. ඒ විනාශෙ කලේ ඔය හොදයි කියන සුද්දොම තමයි, තව පරම්පරා ගනනක් ගියාට පස්සෙ උඹලයි , අපෙයි මුණුපුරෝ කියයි මේ හෝටල් හදල කැලෑ විනාශ කලේ තොපේ සීයල කියල..
      ඔය සුද්දො විනාශ කල හරියෙම හැදුවනම් අහවරයි නෙ ආයුබෝවන්ඩ. උඹේ එකේ දාපු කමෙන්ට් එක ආයෙ බලපං.

      Delete
    5. මේ එන්නේ සුද්දෝ නෙමෙයි.... අරාබි...

      Delete
    6. මේ සීන් එකට ඔමානයේ සම්බන්ද කමක් තියෙනවද...අර විදිහට ජටාව (දිශ්දාශා) බඳින්නේ ඔමානියො.

      Delete
    7. dhishdhasha (ලෝගුව ) masar(ජටාව )

      Delete
  7. එහෙමම කියන්නත් බෑ බං.
    http://raj1st.blogspot.com/2016/10/ladies-gentlemen-welcome-to-earth-002.html
    මේ ලිපිය බලපං. මේකෙ රචකයා කියන විදියට සභ්‍යත්වය තියනවාය කියන රටවල තත්වයත් මේකම තමයි. අපි කවීශට බනිනකොට සුද්දො කිම්ට බනිනව.

    ආගම දියුණුවට බලපාන ආකාරය ගැන හරියටම උත්තරයක් දෙන්න බෑ. මොකෝ තවත් අනන්ත සංඛ්‍යාවක් විචල්‍ය තියනවනෙ.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒ මනුස්සසයට අරක මේක කරන්න ඕනේ කියන මානසිකත්වයේ නෙමෙයි මම ඉන්නේ. ප්‍රශ්නේ ඔය කන්ටහ්ව ඔතනට ආවේත් ඔය මාධ්‍ය සහ කොමෙන්ට් කරුවන් මනිපියුලේට් කරලා. (මේක ඔයාගේ බ්ලොගේත් දැම්මා)

      Delete
    2. රාජ් මම කියෙව්වා. ඔය පෝස්ට් එකේ කථා කරන අය වගේ අය ඉන්නවා. හැබැයි බහුතරය ඔහොම නැහැ කියන එකයි මගේ පිළිගැනීම. බ්ලොග් බලල කමෙන්ට් බලල නෙමෙයි, ඒ වගේ රටවල ජීවත් වෙලා, රස්සාවල කරල ඒ මිනිස්සු ආශ්‍රය කරල ලබපු අත්දැකීම් වලින්.

      Delete
  8. දියුණුව කියනදේ එක එක්කෙනා විවිධ විදිහටනෙ අර්ථ දක්වගන්නෙ.යුරෝපෙ,බටහිර මහා දැණුමක් ඇතිය එහෙ දියුණුය කියල අන්තවාදීව වන්දනාමාන කොරන අය පොඩ්ඩක් වටපිට බැලුවාම පෙනෙයි භෞතික දියුණුවට ගොඩක් එහායින් තියන සරල සැනසීමක් හොයාගෙන ඔවුන් මහන්සිවන තරම්.
    මහා ලොකු වැඩ නැතිව පාඩුවෙ හැබැයි සැනසීමෙන් ඉන්න පිරිසක් මෙහෙ ඉන්නයි පුරුදු වෙලා ඉන්නෙ.
    හැබැයි අපට ඉතින් කොහොමත් අපේ දේ අගයක් නෑ නෙ.මේක තමයි දියුණුව කියලා සරුව පිත්තලේට ඔජ වඩනවා.
    මේ දෙකෙන් කැමති එක තෝරගන්න එක අතිශය පුද්ගලිකයි.නමුත් එකිනෙකා උඩට තමුන්ගේ තේරීම බලෙන් පටවන්න යන එකයි ගැටළුව.
    කස්ටිය අනුගමනය කරන්නෙ ගෙරිහම් එලීමේ තියරිය නිසා මිනිස්සු කණාමැදිරි එලියටත් බයයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. oyage nama nam oyata suit wennwa...meya nam europe ta gihila neha. 80% ayege jeewath wanne plan eke anuwa, sathutean, sappean, apee aye wage , loku car, loku gewal, loku land hoyanne neha, clean ekta podi flat eke indala , life eke enjoy karagannwa, honada kala billa.
      Mee rate inna appe SANSEEMEAN LU INNE..........yannako ..office arunamma bus stand eketa saha railway satation ekta.....appee aye thama wadata enna 5 hours gannwa....ude 5 ta enna aye gedara enna raa 9 ta....anada bala genna...apee dee agee karanna...atha kiyanna...agaya kala haki aye sha dewal tikai.....10%...api mee katha karanna dewal walata use karanna kisimma deyak appe nemahi.....apee under wear eka wath appe nehami....appe dewal api bawitha karanne 5% life eke. ai api anith rata walata ............garahanne.....who is proud to do that ? apiwa palaya karanna ....sathu ..nisa ..apitath sathu wenna wela....

      Delete
    2. ඔව් ඇනෝ.. ඔයා ඔය කියන ජීවිතේ ලෝකෙ හැම සමාජයකම තියනවා.දාඩිය දාගන රේස් දිවිල්ල කොහෙත් තියනවා.ඔය තැනට උඩින් ඉන්න අය ගැනයි මම අදහස් කලේ.අවශ්‍යතා එකින් එක සපුරාගෙන ඉහලට ගියාම අපි හොයන්නෙ ආධ්‍යාත්මික සැනසීමක්.අන්න එතනයි අදහස් කලේ.(ඇනෝ ගොඩක් ඇසූ පිරූ තැන් තියන කෙනෙක් වගේ,අර මාස්ලෝගෙද කාගෙද අවශ්‍යතා පිරමීඩෙ උදාහරණෙකට ගන්නකො.)
      මෙහෙ සැනසීමෙන් ඉන්න කෙනා විදිහට අදහස් කලේ ගෙදර කන්න හාල් එලවළු ටික වවාගෙන හවහට ලිඳෙන් වතුර බාල්දියක් නාල පෝයට බණ පදයක් අහල ෆන් එකේ ඉන්න අය පොඩ්ඩක් වටපිට බලපුවාම තාමත් ඇති තරන් හොයා ගන්න පුළුවන්.බණක් භාවනාවක් කරන්න හිතෙන එකා පැත්තකට ගිහින් ඒක කරගන්නවා.නැති එකා එහෙමයි.ඔන්න ඔය කියන ගොබ්බ ගෝත්‍රික තැනට(හිකිස්) එන්න බිලියන ගනන් දීල දඟලන එක විකාරයක් නෙමෙයිද?

      Delete
    3. මේ ගස් ලබ්බගේ කොමෙන්ට් එක දැක්කාම මට පුදුම දුකක් ඇති උනා.. ඒ නිසා උඹ පොඩ්ඩක් දැණුම්වත් කරන්න ආවේ. දැන් කව්ද උඹට ඔය ඉන්ටර්නැෂනල් ළිං මැඩි බොරුව පොවපු එකා. පන්සලේ බණට කිව්වද?

      අඩු ගානේ උඹ යුරෝපෙට තියා ඉන්දියාවෙවත් ගිහින් තියෙනවද යුරෝපේ උන් කොහොමත් සරළයි... උන් ඔය සරළ ජීවිතයක් හොයන්න එනවය. හෙම්බත් වෙලා සැනසීම හොයනවය කියන ඒවා අමු බයිලා. ඕක ඇවිල්ලා මේක ළෝකේ උතුම් රට කියනවා වගේ තවත් ප්‍රසිද්ධ බොරුවක්.

      උන් ලංකාව තියා තේරවාද බුද්ධාගම ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ... ඔය අපේ උන් එක එක රටවල ගිහින් මෙහේ හන්දි හන්දියක් ගානේ හදාගෙන ඉන්නවා වගේ පන්සලක් අටව ගන්නවා. ඕවට එන්නේ යන්නේ පිටරට ගිහින් කරවල හාල්මැස්සෝ කන අපේම හරක්. ඉඳලා හිටලා සුද්දෙක් එනවා මොකක්ද මේ මුන් කරන්නේ කියලා බලන්න. සමහර උන් එනවා භාවනා කරන්න. භාවනාව බුද්ධාගමේ දෙයක් නෙමෙයි. ඊට වඩා යනවා යෝගා පන්ති වලට. ඉඳලා හිටලා බොහෝම කලාතුරකින් මොලේ අවුල් පිස්සෙක් සිවුරක් දාගන්නවා. ඕන් එතකොට අපේ උන් පොටෝ දාලා මේන් සුද්හෝ බුද්ධාගමට එනවා කියලා දානවා. මේක ප්‍රසිද්ධ බයිලයක්. පුළුවන්නම් මට කියහන් ලෝකයේ දියුණු රටවල තේරවාද බුද්ධාගම අදහන ප්‍රතිශත. දශම ගානක් වත් නෑ. බුදුන් උපන් ඉන්දියාවෙවත් නෑ.

      Delete
    4. ඔය කතාව කිව්වෙ නම් ආරන්‍යෙකින් හම්බුනු හාමුදුරු කෙනෙක් තමයි.(ඔව් ඔව් සුද්දෙක්.) එයාව ජජ් කරන්න තරම් මම හදාරල සහ මෝරලා නැති නිසා පිස්සෙක්ද නැද්ද දන්නෑ.
      භාවනාව කියන්නෙ අභ්‍යාසයක්,ඒක බුද්ධාගමෙත් බරට යොදාගන්නවා මිසක් ඕකට පෙට්න් අයිතියක් නෑ නෙව.
      ආතර් සී ක්ලාක් කිව්ව වගේ 2050දී බුදුදහම රැල්ලට යයි කියල නම් මම හිතන්නෙත් නෑ.මොකද එතන තියෙන්නෙ තමුන්ගේ පුද්ගලික තෝරාගැනීමක් සහ ඒකට කැපවීමක් පමණක් නිසා.එහෙම බලපුවාම ලොකු ප්‍රතිශතයක් නෑ තමයි.හිතත් එක්ක යන ගේමක් නෙ තනිකරම.

      Delete
    5. හිත හයිය නති මිනිස්සු තමයි ආගම් පස්සෙ දුවන්නේ... ආගම් කියන්නේ පිරිසකගේ ආදයම් මාරගයක්... හරි නම් ඕවටත් වැට් එක ගහන්න ඕන..

      Delete
    6. //භෞතික දියුණුවට ගොඩක් එහායින් තියන සරල සැනසීමක් හොයාගෙන ඔවුන් මහන්සිවන තරම්.// ඕක වැඩිපුර කරන්නේ සල්ලි නැති සුද්දෝද ? එහෙම නැත්නම් හොඳට සල්ලි හම්බකරන් ලොකු ගෙවල් හදලා , හොන්ඩ අවාහන අරගෙන ජීවත්වෙන සුද්දෝද?

      Delete
    7. ගොඩක් වෙලාවට 'දියුණු'(?) උන අය.(ළිඳෙන් පිට නම් කොහොමද දන්නෙ නෑ.) අජිත් අයියා මීඩියම් කේස් එක පස්සෙ පැන්නුවා වගේ හොයාගෙන හොයාගෙන ගිහින් මෙහෙන් නතර වෙලා.අපි කොච්චර නැහුනත් වැඩක් නෑ හොයන සතුට එතන නෑ,සතුට සැනසීම අත ලඟ තියාගෙන අපි පිස්සු කෙලිනවා කියන එකයි තමයි එයාගෙ අදහස උනේ.
      එවෙලෙ හෙන ගැම්මක් ආවත් කන්දෙන් බැහලා ඇවිත් ආයෙත් වැඩට ගියා.හෙහ් හෙහ්

      @මාතලන්.
      අයියෙ හිත හයිය නැති වෙන එක මිනිහෙක්ගෙ වැරැද්දක්ද? වැරැද්දක් නම් නිවරදි කරගන්නෙ කොහොමද?

      Delete
    8. කියවන්න... කියවන්න.. එතකොට හොඳට තේරෙනවා අපි කොයි තරම් නම් හරක්ද කියලා... අහුවෙන් හැම සබ්ජෙක්ට් එකම කියවහන්.....

      Delete
  9. රාජ්, ගස් ලබ්බ නියම කතාව.
    ඉයන් පොඩි පොඩි දේවල් ටිකක් දැන ගත්තම හිතන්නෙ ඔක්කොම දන්නව කියලා.


    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇනෝ ඉයන්ගෙ අදහසම තවත් පැත්තකින් දකින්නයි හැදුවෙ.මයි බෑඩ්

      Delete
    2. ඔව් ඇනෝ මම දන්නෙ පොඩ්ඩයි. ඒ දන්න පොඩ්ඩ මගේ බ්ලොග් එකේම දානවා. ගොඩක් දන්න අය වැරදි පෙන්නයි කියලා. මොනව කරන්නද ඔක්කොම දන්න වුන් එන්නෙ ඇනෝ හැංගිලානෙ.

      Delete
  10. Apith ithin eka eka wenta porawal lage blog kiyawanawa

    ReplyDelete
    Replies
    1. කිසිම බල කිරීමක් නැහැනෙ ඇනෝ. දිරවන්නෙ නැති අය ගෙ බ්ලොග් නොකියව ඉන්න. බොහොම ස්තූතියි.

      Delete
  11. මං අද හවස ඇටිසලාට් එකට ගියා මගෙ ඩේටා කනෙක්ෂන් එකක් අයින් කරගන්න. එතැන ඉන්න ගෑල්ලමය හිතලා තියෙන්නෙ මාත් අර සිම් කඩන හමුදාවෙ එකෙක් කියලා. එටිසලාට් සමාගමේ ලාභෙන් සීයට පහයි රටෙං පිට යන්නේ කියන නැතට වෙනකං දීර්ඝ දේශනාවක් ඒ ළමයා මට කිව්වා. එයිං පස්සෙ මං කිව්වා මේක එහෙම එකක් නෙමෙයිය. චූටිමැණිකෙට අලුතිං දත්ත සැලසුමක් ගත්ත නිසා මේකෙ ඩේටා ටික නිකං අහක යනවා ඒකයි මේ කියලා. එතකොටම තමා මේ ලිපියත් දැක්කේ. වැඩි හොඳට ඒ ගෑල්ලමයට මේ ලිපියත් පෙන්නුවා. ඒ කෙල්ල කියනවා මේ එටිසලාට් සිම් කැඩිල්ල මොබිටෙල් එකේ කුමන්ත්‍රණයක්ලු.

    නමුත් මේ ලිපිය කියෙව්වම මට හිතුනා ඉයන් මහත්තයා තමුන්නැහැ මහන නොවුනේ රටේ වාසනාවට කියලා. දැං මේ බ්ලොග් එක කියවන අපට හරි මේ අදහස් බලලා හැදෙන්න පුලුවං. නැත්තං තමුන්නැහැ මහන උනානං බණ දේසනා හතර පහ කියන කොට උපාසක හැත්ත "නින්ද නොයන බණක් කියන්නවත් දන්නෑ" කියලා පන්සලෙනුත් ගහල පන්නනවා. දැං බණටත් ඕනෑ පවුලකට සිටිය යුතු ළමයි ගාන, පන්සල් හදන්න ඕනෑ හැටි, ජාතිය රැකගන්න හැටි, හාමුදුරුවන්ගෙ දානෙ මෙනු එක වගේ ඒවානෙ.

    මං අදහන බුද්දාගමත් මෙයිට ටිකක් සමානයි. වරෙව් යකෝ මෙන්න අපේ ජාතිය ඉවරයි කියලා බුකියෙ කෑගැහුවෙ නැති උනාට, බුකියෙ ඉන්න කෙල්ලන්ට ළමයි අට දහය හදපියව් කියල තර්ජනේ නොකලට, මං මට පුළුවං හැටියට අනුන්ට උදව් කරනවා. සල්ලිම නෙමෙයි. වෙනත් උදවුත් තියෙනවනෙ. හැබැයි මට කරන්න බැරි ලොකු වැඩවලට සම්මාදං එක්කහු කරන්නෙ නෑ. ඒක අනුන්ට කරන හිරිහැරයක්නෙ. අනුන්ට කරදරයක් නොවී ඉන්න උත්සාහ කරන එක තමයි අනෙක් ලොකුම පින. නමුත්ඒක ටිකක් අමාරුයි. ඒ වගෙම තමයි ඉඩ තියෙන වෙලාවට පෝන් එකේ දාගෙන තියෙන ත්‍රිපිටකයෙ කොටසක් කියවනවා. දැනටමත් මං "මිත්‍යා දෘෂ්ඨික ක්‍රිස්තියානියෙන් (මේ කියන්නෙ සත්‍ය ක්‍රිස්තියානි දහම නෙවෙයි)" හතර දෙනෙක්ව මුදවාගෙන තියෙනවා. ඒ ඇරෙන්න මගෙන් බෞද්ධකමක් කියල එකක් පේන්න නෑ.

    ලංකාවේ බුදුදහම රැකගන්න ඕනි තමයි. ලංකාවෙ විතරක් නෙවෙයි මුලු ලෝකෙම ඒ යහපත් දහම තියෙන්න ඕනි. නමුත් ඒක තියෙන්නේ හන්දියක් ගානෙ හැදෙන බුදුපිලිම, පන්සල් ගානෙවත්, හාමුදුරුවොරු ගාවවත්, ආරණ්‍යසේනාසනවල වත් නෙවෙයි. ඒ දහම පිළිපදින මිනිස්සු ළඟ. අපි බුදුදහම පිළිපැද්දොත් අපි ගාව ඒ දහම තියෙයි. රටේම බුදුදහම පැතිර පවතින්න නම් රටේම ජනතාව ඒ දහම පිළිපදින්න ඕනැ. අන්න එතනදි අපිට වගකීමක් තියෙනවා. ඒ තමයි අපි දන්න බුදුදහම අනික් අයට කියාදෙන එක. අනික් අයට කියාදෙන්න ඒ දහම අපි ඉගෙනගන්න ඕනෑ. නැතුව වරෙව්, කොටව්, මරව්, ජාතිය අනතුරේ කියලා කීබෝඩ්වල යුනිකෝඩ්වලින් කෙටුවට වැඩක් නෑ. මේ ලිපිය ලිව්වට ඔබට පින්සිදුවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුරංග. අවසාන ඡේද දෙකෙන් ඔබ කියන දේ ගැන ඉතාම සතුටුයි. ඔබට වැදගත් පොතක් දීමට අවශ්‍යයි. එය එවන්න ක්‍රමයක් ෆේස්බුක් මෙසේජ් එකකින් දන්වන්න. නැවතත් ස්තූතියි.

      Delete
    2. සුරංගගේ අදහස් සමග මමත් එකඟ වෙනවා.

      විවේචනය කිරීම අතින් නම්, අපේ මිනිස්සු අඟහරු ලෝකවාසීන් වුනත් පරද්දයි. බෞද්ධ දර්ශනයේ මූලික හරයවත් දන්නේ නැතුව, පන්ලසක්, පෙරහැරක්, සිවුරක්, හාමුදුරුවන්ගේ චර්යාව, වෙන වෙන කෙහෙම්මල්, අල්ලගෙන අඬහැර පානවා.

      නමුත්, තමන්ගේ ගෙදර, නිස්කලංකව, එක විනාඩි පහක් ආගම සිහිකරන්නේ නැහැ.

      Delete
    3. බොහොම ස්තූතියි විචා

      Delete
  12. කියෙව්වා. අමිලගෙ පෝස්ට් එකත් බැලුව. ඒකෙ තියන ගුගල් සිතියම අනුව, අවුලක් නෑ වගේ.

    පොදුවේ මේ කියන්නෙ, මට පෙනිච්ච කාරණයක් තමා අපේ තියෙන විරුද්ධ මත නොම ඉවසන ගතිය. මට පෙනිච්ච අපේ එකම ගෝ ත්‍රික ලක්ෂණය එයයි. සාමානයයෙන් සාමකාමී, තාර්කික අදහස් ඉදිරිපත් කරන ඔබත් අද පොඩ්ඩක් ඉතර ඒ පැත්තට බර වෙලා කියලයි මට හිතුනෙ.

    විරුද්ධ පක්ෂය-ප්‍රතිවිරුද්ධ මත දරණ අය කියන්නෙ ඉතාම වැදගත් කාර්ය්‍යභාරයක් ඉෂ්ථකරන කොටසක් බව , මට වඩා හොඳින් ඔබ දන්නවා.ප්‍රජාතන්ත්‍රවාදෙ සමතුලිත බව පවතින්නෙ එතකොට නෙව? ඉතින් අනිත් පැත්තෙ අයත් , ඔය පොඩ්ඩක් කෑ ගහපුවාවෙ

    ReplyDelete
    Replies
    1. බස්සා ඔබට බොහොම ස්තූතියි. ඔබ කිය දේ ඇත්තටම ඇත්ත. මේ පෝස්ට් එකේ තිබෙන ටෝන් එක ගැන මමත් අකමැතියි. ටිකක් විතර ආවේගශීලී වුණා.

      ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ නම් විරුද්ධ මතවාද දෙකක් ගැන ඇත්තෙන්ම විශ්වාශ කරන දෙකොටසක් හෝ ඊට වැඩි ගණනක් අතර ඇතිවන සහජීවනයට.

      ලංකාවේ දේශපාලනයේදී සහ සමාජීය කාරණා වලදී සිදුවන්නේ ඇත්ත සහ බොරුව අතර වාදයක්. බුදුදහම ගැන පැහැදීමෙන් කරන තර්ක පිළිගැනීම හෝ සාමකාමීව ප්‍රතික්ෂේප කිරීම පහසුයි. මේ මතුවන්නේ එවන්නක් නොව ආගම් ප්‍රශ්ණයක් ඇදගෙන හැඟීම අවුස්සවා එක්තරා හොර මුලක් වෙනුවෙන් පෙනී සිටීමක්. එවන් අවස්ථා වල මුහුණ දීමට වෙන්නේ ටිකක් වෙනස් විදිහට.

      කෙසේ වෙතත් ඔබ අදහස් කල දේ ඉතාම හොඳින් වැටහුණා. ඔබට බොහොම ස්තූතියි.

      Delete
  13. https://goo.gl/MMkk21

    අන්තවාදි ත්‍රස්තවාදි ආගමකුයි බෞද්ධාගම වෙනුවෙන් කතා කරන සුලු පිරිසකුයි එකම ගොඩට දැම්මාම උබ උසස් වෙනවාද ඉයන්? එතන හොටල් කතාව කෙසේ වෙතත් එතන ත්‍රස්තවාදි බිහි කරන අදෝනා මඩුවකුයි වෙන අටමගලයක් දාලා දවස පුරා හුක්කබාර් කියලා ඇහෙද්දි හරි සතුටක් ඇති වෙයිද?

    අන්න උතුර‍ෙ පංසල් වලට ඔයාගෙ ඔය සාමයේ ආගමේ අය මරණ තර්ජන එල්ල කරනවා ගිහිල්ලා ඔය සද්දේ දාල එමුද ඔය ජුංඩෙ ජුංඩි හරි පිරිමි කමක් තියනවනං?? ආ ඒක නං නැතුව ඇති...

    ReplyDelete
    Replies
    1. ඔබගේ කමෙන්ට් එකේ තිබෙන අපහාසයෙන් තර්ක කිරීම අමතක කර මම කියන දේ නැවත පැහැදිලි කරන්නම්. ශතවර්ෂ ගණනකට පෙර උතුරේ සහ නැහෙනහිර බෞද්ධ සිද්ධස්ථාන තිබුණ බව සත්‍යයක්. එය එම කාලයේ බෞද්ධ ධර්මය අනුගමනය කරන අය එම පළාත් වල වාසය කර ඇති බවට තිබෙන හොඳ සාක්ෂියක්.

      යටත්විජිත වාදීන් විසින් මුස්ලිම් වරුන් නැගෙනහිර පදිංචි කිරීම සහ උතුරේ බෙදුම්වාදීන්ගේ ethnic cleansing නිසා අද එම තත්ත්වය නැහැ. එවිට මෛත්‍රිය සහ බුද්ධ ධර්මයේ වටිනාකම දත් බෞද්ධයන් නම් කල යුත්තේ එම පලාත්වල සිටින බුදු දහම අනුව මිත්‍යාදෘශ්ටිකයන් බුදු දහම ගැන පැහැදීමට ක්‍රියා කිරීම. උදාහරණයකට දමිල භාෂාව චතුරව කථාකල හැකි දේශකයන් ලවා බුදුදහමේ හරය එනම් නිවන් මාර්ගය විස්තර කෙරෙන දේශණා ඇතුලත් ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකාවකින් සුළු පිරිසකට හෝ ඇත්ත බුදු දහම දකින්න සලස්වන්න පුළුවන්. කාලයකදී සුළු පිරිසක් හෝ එම දහම අනුගමනය කරන්නන් පවට පත්වන්න පුළුවනි. නිවන් මාර්ගයට සිද්ධස්ථානට සම්බන්ධයක් නැතත් ඔවුන්ට මුදු රදුන් ගැන ශ්‍රද්ධාව ඇතිවී පන්සල් ආදිය බිහිවෙන්නත් පුළුවනි.

      එසේ නොකොට දීර්ඝ කාලීන නොමග යැවීම් වලින් සිංහලයන් යනු උවුන්ගේ ප්‍රදේශ යටත් කරගෙන සිටින ආක්‍රමණිකයින් පිරිසක් යැයි සිතන ජන කොට්ඨාශයක් සිටින ප්‍රදේශ වල අළුතින් බුදු පිලිම පිහිටුවීමෙන් වන්නේ ඔවුන්ට බෞද්ධාගම ගැන වෛරයක් ඇතිවීම පමණයි. ජාතියක් හෝ භාෂාවක් ගැන නොකියන බෞද්ධ ධර්මය දැන් 'සිංහල බෞද්ධාගම' හැටියට නිර්වචනය කර තිබීමත් එයට හේතුවක්. ඔවුන් එය දකින්නේ පරම සත්‍යයක් දේශනා කල දර්ශ්නයක් වශයෙන් නොව 'ආක්‍රමණකාරීන්' ගේ ආගම ලෙසින්.

      Delete
  14. අද බොහෝ බෞද්ධයින් ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන්නෙ බුදුහිමියන්ට කරන ගෞරවයක් විදිහට නෙවෙයිනෙ. තම තමන්ගේ ආශාවන් තෘප්තිමත් කරගැනීම සඳහා අවශ්‍යවන දේවල් ප්‍රාර්ථනාවෙන් හරි දෙවියන්ගෙන් හරි ලබාගන්න බලාපොරොත්තුවෙන්නෙ. පංච සීලයවත් පුරුදු කරන්න මහන්සි ගන්නෙ නෑ. නමුත් සියළුම බෝධි පූජා තියනව, ජ්‍යෝතිෂයට අයිති ග්‍රහයනුත් සම්බන්ධ කරගෙන.

    නාමික බෞද්ධ. ඇත්තටම ආගමක් නෑ. හැම එකෙන්ම තමන් කරගහගෙන ඉන්න ටික හොඳයි කියල හිතන් කරනව. වැඩිපුරම හින්දු සහ ජෛන කොටස්. හැබැයි තමන් හැමදේම දන්නව කියලත් හිතන් ඉන්නව. නමුත් බුදුදහමෙ මූලික සංකල්පයවත් දන්නෑ. ඒකට ගරු කරන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒවට ගරි කලා කියලා ලැබෙන දෙයක් නැහැනේ.... නිකන් පිනට කන උන් සෙට් එකට අපි හම්බ කරන එකෙන් ගානක් දීලා එනවා... වෙන ලෝකේක හම්බ වෙනවයි කියන ඒවා බලාගෙන... ඊට වඩා හොඳ නැද්ද කාලා බීලා කාටවත් වනයක් නොවී ආතල් එකේ ඉඳලා චුත වෙලා යන එක.. ඕක හොඳයි ඕකෙන් ජීවත් වෙන අයට.. සියළුම ආගම් බිස්නස්... පාතාල කාරයෝ වගේ තමයි... මිනිස්සු බය කරලා සල්ලි උදුරා ගන්නවා..

      Delete
    2. අනික බුදු හිමියන්ට මක්කටෙයි ගෞරව කරන්නේ එහෙම කෙනෙක් මේ විශ්වයෙත් නෑ නේ... එයා කිව්වේ ගස් ගල් වලට වඳින්න එපා කියලා.. අපේ උන් එයාගේ කියලා වඳුරන්ගේ දත් වලට වඳිනවා...

      Delete
    3. තමන්ට කැමති කෙනෙකුට ගෞරවය දැක්වීමට ආගමක් ඕන නෑ. මේ ලෝකෙ කොච්චරනම් මිනිස්සු සුවිශේෂී පුද්ගලයන්ට ගරු කරනවද? දෙමාපිය, ගුරුවර, වැඩිහිටි සහ තවත් සුවිශේෂී අයට. ඒ මුකුත් ලැබෙන නිසා නෙවෙයි. තමන්ගෙ හිතේ ඒ අය පිළිබඳ ගෞරවයක් තියන නිසා.

      ඒ ගරුකිරීම නොකර පිහිට බලාපොරොත්තුවෙන් යදින එක දීන කමක්නෙ.

      Delete
    4. දැන් බුදුන් යැද්දාම එයා අපිට පිහිට වෙනවද...?

      Delete
    5. අපොයි නෑ. එහෙම පිහිට වෙන්ඩ බෑනෙ. උන්වහන්සෙ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2500ක් වෙලානෙ.යැදල වැඩක්ම නෑ. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරලත් නෑ. ඒක තමයි මාත් කියන්නෙ. යදින එක දීන කමක්.

      Delete
    6. මේකට දාන් රිප්ලයි එක ඉයන් කීප සැරයක් මැකුවා... ඒක හරි අසාධාරනයි..

      මොකෝ මෙයා ආගම් වලින් යැද්දට... අපි නම් එහෙම යදින්නේ නෑ... මොකෝ යැදලා වැඩක් නැති නිසා.. එයාලා නේ අපෙන් යදින්නේ..

      Delete
    7. ඒකනම් ඇත්ත..... මොකක් හරි හේතුවක් කියල ඉල්ලනව.

      Delete
  15. "ආගම"ට තියෙන රාජ්‍ය අනුග්‍රහය නැති කරලා දාන්න ඕන ඔක්කොටම කලින්.කිසිම ආගමකට රාජ්‍ය අනුග්‍රහයක් තියෙන්න හොඳ නැහැ."ආගම"කියන දේ පුද්ගලික වෙන්න ඕන.නමුත් අපේ රටේ තියෙන විදියට එක එහෙම වේවි කියලා හිතන්න බැහැ.දේශපාලන නායකයෝ පන්සලකට යන්නෙත් කැමරාකාරයෝ අරගෙන.කාඩිනල් මැල්කම් රංජිත් පවා ලංකාව ආනගමික රාජ්‍යක් කරන්න හදනවා කියන ව්‍යවස්ථා සංශෝධනවලට විරුද්ධ වුනා.
    ආගම පුද්ගලික දෙයක් කරලා රටේ නීතිය හැමෝටම පොදු දෙයක් කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මනෝජ් උඹ හරි. ඒවුණාට ඔව මෙහෙ කරන්න බැහැ. මතකනෙ 1956 වෙච්ච චේ. ඩී එස් සේනානයකලා, ජෝන් කොතලාවලලා ආගම දේශපාලනයට නොගාවගෙන ගියා. 1956 දී කොතලාවල බෞද්ධ විරෝධියෙක් විදිහට හංවඩු ගහලා සිංහල භාෂාවත් විකුණලා බලය ගත්තු අයගෙ පව් තමයි අපි තාමත් ගෙවන්නෙ. ඒ වුණාට දැන් ඒක නැතිකරනව බොරු.

      Delete
  16. ඉතිහාසය පුරාවටම බුදුන් ගේ දේශනා විකෘති කරලයි ඉගැන්නුවෙ. බුදුන්ගෙ ඉගැන්වීම් මුලින්ම දේශපාලනීකරණය කළේ අශෝක. දහමෙන් මිනිහාගෙ තෘෂ්ණාව නැති උනේ නැහැ, මිනිහා ධර්ම විජය කියලා කළේ වඩා සූක්ෂම ලෙස තෘෂ්ණාව වර්ධනය කර ගත්තු එක.

    ReplyDelete
    Replies
    1. හොඳම දේ තමයි හරි දේ හොයාගෙන ඒක අපි අනුගමනය කරන එක නේද කොච්චි.

      Delete
  17. ඉයන්...ඔය ප්‍රොජෙක්ට් එක ගැන කතාකරොත්...ඒක මොන අදියරේද තියෙන්නේ. ඔය ෆීසිබිලිටි ස්ටඩි, රිපෝර්ට්ස් වගේ දේවල් තියෙනවා නේද......මේවා නිසි ආයතන හරහා සිදුවෙනවාද....අපි මීරියබැද්ද වගේ ඛේදවාචක දැකලා තියෙනවනේ. ඒකයි අනාගතය ගැන අවිනිශ්චිත.

    ReplyDelete
    Replies
    1. මිරියබැද්ද ඛේදවාචකයට අදට අවුරුදු දෙකයි.

      Delete
    2. යාන්තම් ඔක්කෝටම ගෙවල් හම්බ උනා අලි පාටියේ උන්ට පින් සිද්ද වෙන්න... නැත්නම් බල්ලො බළල්ලු වගේ අත ඇරලා දාපු තේ පැට්ටේරියක දාලා තිබුනේ...

      Delete
    3. ඔය විස්තර මම දන්නෙ නැහැ අරුණ. ගොඩක් විස්තර තියෙනවා අමිල චතුරංග ගේ බ්ලොග් එකේ. මෙන්න ලින්ක් එක.

      Delete
  18. ඉයන්. ඔබ නම් දහමට ගොඩක් ලැදි කෙනෙක් වගේ.

    මුලුන්ම කොමෙන්ට් කරන්ට කලින් ලිපිය වගේම කොමෙන්ට් ඔක්කොමත් කියෙව්ව.

    මටනං තේරෙන්නේ සම්පත් බැංකු සීන් එකත් ලලිත් කොතලාවල සෙලාන් බැංකු සීන් එකක් දෙකම එකයි කියල.

    මිනිස්සු තමන්ගේ වාසියට ආගම එහෙට මෙහෙට නවනවා.

    බලන්න බොදු බල සේනා. අපේ සංවර බෞද්ද සෙට් එක රෙදි උස්සගෙන බුද්දාගම ආරක්ෂා කොරනව. කෙලින්ම කියනවනම් තග දාල. ඒවට ආණ්ඩුවෙන් ඍජුව හෝ වක්‍රව අනුබල දෙනව. නැතුව ආණ්ඩුවේ පක්ෂයකට හෝ ආණ්ඩුවට පැවැත්මක් නෑ. මේක තමයි තිත්ත ඇත්ත.

    අනික රිෂාඩ් බදියුදීන් කැලෑ කපල මුස්ලිම් ජනග්‍රහණය පදිංචි කරනව. රටේ ජනදිපතිට අගමැතිට පුලුවන්ද ඕව නවත්තන්ට? උත්තරේ "බෑ" කියන එක. මොකද රිෂාද් ගේ චන්ද ටික වැදගත්.

    විග්නේශ්වරන්ගේ පිස්සු නවත්තන්ට පුලුවන්ද? බෑ.

    මේ හැම දෙයක් එක්කම ආගම වර්ගය කියන දේවල් ලොකු ශක්තියක් ප්‍රාණයක් එක්ක තියෙනවා. මේ ප්‍රාණයට හෝ ශක්තියට කියන විශේෂණ පද තමයි බටහිර කෘමන්තන, විජාතික බලවේග, රාජ්‍ය නොවන සංවිදාන. හැබැයි මෙව්වා එහෙම වෙන්නත් පුළුවන් නැතිනම් ආණ්ඩුව විසින්ම ජනතාවගේ මනස තාවකාලිකව වෙනතකට යොමුකිරීමට කෘතිමව කරන දෙයක් වෙන්නත් පුළුවන්.

    හැම ආණ්ඩුවක්ම මේ දේවල් සමග එක එක විදිහට සෙල්ලං කරනව. සමහර ආණ්ඩු පවත්වාගැනීම සඳහා පැරදෙනවා. ඒ වගේම දිනනව.

    ඔය සිම් කාඩ් පොඩි කරන කතාවත් කකුල ගලක හපුනම ගලට පයින් ගහනව වගේ ගොන් ආතල් එකක්.

    අනික ලංකාව වගේ රටවල් කොච්චර කලත් දියුණු වෙන්ට බැරි මේ වගේ ආගම් කල්ලි ජාති වාදී කල්ලි, හිටි ගමන් ඇතිකරන විවිද මතවාද (හලාල් කඩ වර්ජනය, ක්‍රිස්තියානි මුස්ලිම් දෙමල වියාපාර සහ මුල්‍ය සමාගම් වර්ජනය) නිසා.

    මේවයෙන් කෙටි කාලින වගේම දිගු කාලීනවත් ආර්ථිකයට වෙන බලපෑම අතිවිශාලයි.

    මම ආශ්‍රය කරන සුදු ජාතිකයන් කළු ජාතික අයගෙන් 99.9% අද වෙනකං මම සමග කිසිම ආගමික දෙයක් ගැන කතා බහක් කරල නැහැ. එහෙම දෙයක් කතාකරන්ට තරම් අවශ්‍යතාවයකුත් ඇතිවෙලා නැහැ.

    අවසාන වශයෙන් සදහන් කරන්ට තියෙන්නෙ ඉයන්, යම්කිසි පුජා නගරයක් වර්තමානයට අනුව වැඩිදියුණු කරන එකේ වැරද්දක් මම දකින්නෙ නැහැ.

    මොකද නුවර දළදා මාලිගය තිබ්බ කියල හතර දිග්බාගයේම තියෙන්නෙ සුපිරි හෝටල් මිසක් භාවනා මද්‍යස්ථාන නෙමෙයිනෙ.

    දැන් සිරී පාදෙත් වෙන්නේ ඔච්චරයි.

    ඔලුවට ජටාවක් දාගත්ත කිහිපදෙනෙක් ඉන්න ෆොටෝ එකක් අන්තර්ජාලේ කොල්ලයි බල්ලයි ඔක්කොම ෂෙයාර් කොරනව. කට්ටියක් ආත භූත නැතිව යකා දකින්නෙත් නැතිව සිහිවිකල්ලෙන් කියවනව.

    ඇත්තටම මේකත් ඒවගේ තවත් එක ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි ද???

    ReplyDelete
    Replies
    1. ටිලාන්. ඔබගේ වටහා ගැනීම හරියටම හරි. මේක ට්‍රෙන්ඩ් එකකට එහා ගිය දෙයක් කියලයි මම හිතන්නෙ. කොටි පෙන්න පෙන්න ඡන්දෙ දිනපු කට්ටියගෙ දෙවන් පොජෙක්ට් එක වුණේ ඉස්ලාම් ආගම පෙන්නල බෞද්ධ අයගෙ ඡන්දෙ කොල්ල කන්න. ගිය වුරුදු දෙකේ ඒව්ක වැරදුනා. දැන් දෙවන් ඉනිමට ඇවිල්ල. මේක යටින් එන ඒකක් කියලයි මම හිතන්නෙ.

      Delete
  19. බුදුරජානන් වහන්සේ දේශනා කරා ධර්මය හරි තැනින් අල්ලගන්න කියල.. ඒකට උපමා කරේ සර්පයෙක් අල්ලනකොට ඔලුවෙන් අල්ලගන්න ඕන කියන එක. අපේ බෞද්ධ ජනතාව සර්පයාගේ වලිගෙන් තදින් අල්ලාගෙන.

    ගඟෙන් එතෙරවෙන්න තියන පහුර කරේ තියාගෙන ගඟේ බැහැල යන පිරිසක් වෙලා අපේ බෞද්ධ ජනතාව.. අයියෝ පවු..

    බුදු දහම ආරක්ෂා කරන්න තදින් උත්සහ කරන අපේ බෞද්ධ ජනතාව දන්නේ නැහැ තව අවුරුදු 2550 කට එහා පැත්තට හෙවත් සර්වඥ ධාතු පරිනිර්වාණයෙන් එක දවසක් එහා පැත්තට බුදුදහම අරන් යන්න බහ කියන එක. මේ ලැබිල තියන වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් නිර්වාන මාර්ගයට අවතීරණය වෙන්න උත්සහ නොකර අපේ මිනිස්සු අනාගත පරපුරට බුදුදහම රකින්න දඟලනවා අන්‍යාගමිකයින් එක්ක ගේම ඉල්ලගෙන. අයියෝ සල්ලි..

    ReplyDelete
    Replies
    1. ///බුදු දහම ආරක්ෂා කරන්න තදින් උත්සහ කරන අපේ බෞද්ධ ජනතාව දන්නේ නැහැ තව අවුරුදු 2550 කට එහා පැත්තට හෙවත් සර්වඥ ධාතු පරිනිර්වාණයෙන් එක දවසක් එහා පැත්තට බුදුදහම අරන් යන්න බහ කියන එක. මේ ලැබිල තියන වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් නිර්වාන මාර්ගයට අවතීරණය වෙන්න උත්සහ නොකර අපේ මිනිස්සු අනාගත පරපුරට බුදුදහම රකින්න දඟලනවා අන්‍යාගමිකයින් එක්ක ගේම ඉල්ලගෙන. අයියෝ සල්ලි..//

      Ambalangoda ++++++++++++++++++++++++++

      Delete
    2. මචං මේක ගැන පෝස්ට් එකක් ලියන්න. ලොකු ප්‍රයෝජනයක් වෙයි

      Delete
  20. එක එක කාලෙට එක එක රැලි එනවා.. කට්ටිය ඒ රැලි වලට අහු වෙලා ගහගෙන ගිහින් නැවතුන තැන තියන තවත් රැල්ලක ගහගෙන යනවා... පව් කියලා තමා ඉයන් කියන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. පව් කියල නිකන් ඉඳලා බැහැ චතූ. මේ බොරුව යට තියෙන්නේ දේශපාලන වුවමනා. හොරු ගේන්න හදන්නෙ ආගම පෙන්නගෙන

      Delete
    2. දේශපාලනය විතරක් නෙමේ ඉයන්.. මිනිස්සුත් සෑහෙන්න වග කියන්න ඕන මේ වෙලා තියන දේවල් වලට.. පෞද්ගලික වාසි අවාසි වලට පිළ් බෙදීම, බොරුවට ලොකු ඉඩක් හැදෙනවා..

      Delete
    3. ඔබ හරි චතූ. යමක් හදන්න පටන් ගන්න ඕන නායකත්වයෙන්. උදාහරණයකට ගුරුවරුන්ගේ දුර්වල කම් නිසා වල් වැදුනු සිසු පිරිසක් ඉන්න පාසැලක් හදනවා නම් සිසුන් හැදීම නොව පළමුව ගුරුවරුන් හැදීම තමයි කළ යුත්තේ. නිවැරදි ගුරුවරුන් සිසුන් ව හදා ගනියි. එම නිසා දේශපාලන ක්‍රමය වෙනස් නොකර මිනිසුන්ට හැදෙන්න කියන එක ප්‍රායෝගික නැහැ.

      Delete
  21. පන්සල තමා රට විනාස කරන ආයතනෙ

    ReplyDelete
    Replies
    1. කොටින්ම බුද්ධ දේශනාවේ තියෙන්නේ දස සංයෝජන ප්‍රහාණය කරල නිවන් දකින්න. මේ පාරට වැටෙන්න මුල කාලෙ කල්‍යාණ මිත්‍ර මඟපෙන්වීමක් ඕන. ඒක ඕන මුල කාලෙට එනම් මුල් සංයෝජන තුන ප්‍රහාණය කරගන්න පාරට වැටෙන්න. ඊට පස්සෙ කාගෙවත් උදව් ඕන නැහැ. ගිහියන් ඔය ටික විතරක් අරගෙන තනියම ගියොත් කට්ටියකගෙ ජොබ් එක ඉවර වෙන නිසා ඒක පවත්වගෙන යන්න තමයි පන්සල් ඇතිවෙලා, පිළිම ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා අර පාරට දාන එක පැත්තක තියෙද්දි දේවාල හතර එක්ක, චෛත්‍ය, බුදු ගේ, බණ මඩු එක්ක බිස්නස් ප්‍රෙමිසස් ඇතිවෙලා තියෙන්නෙ.

      Delete
    2. කල්‍යාණ මිත්‍රව හොයා ගන්නවත් නැහැනේ මේ දවස් වල හේ හේ

      Delete
  22. හොඳ වෙලාවට බුදු හාමුදුරුවො මෙහෙ අහසින් ගියේ, පයින් වැඩියානම් සිරිපතුල් ලකුණු ගොඩයි. එහෙමවුනානම් අපිට මිත්යාදුරුස්ටිකයන්ගෙන් ඒවා බේරගන්න කුරුස.. සොරි සොරි.. ධර්මචක්‍ර යුද්ධ කොයිතරම් කරන්න වෙයිද

    ReplyDelete
  23. ///පහුගිය වසන්ත කාලයේ දී කැනඩාවට වැඩම කරපු හාමුදුරු නමක් තමන්ගේ දේශනාවක් අතරතුරේ දී අපූරු කතාවක් කිව්වා. හාමුදුරුවන්ගේ වචනවලින්ම කියනවා නම් ඒ අදහස මෙහෙමයි: “ ලංකාවන් බුදුදහම නැතිවෙලාම ගියත් ඒකෙන් බුදුදහමට නම් කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව ලංකාවේ අපි සැබෑ බුද්ධාගම අනුගමනය නොකරන හින්දා ”.///

    https://sililara.com/2016/10/22

    ReplyDelete
  24. මට නං ඔය ආගම් සීන් අදාලම නෑ .. දැනට ලංකාවෙ ඉතිරිවෙලා තියන සුපිරිම ජයිව විවිධත්වයක් තියන කැලේට හානියක් නොකර ඕන මඟුලක් කලාට මට කමක් නෑ .... කොටින්ම ඔය සිරීපාදෙ වඳින්න මිනිස්සු යනවටත් මම කැමති නෑ ....

    ReplyDelete