Wednesday, October 19, 2016

තව පාරක්



හැම සාම සාකච්චාවක්ම තව යුද්ධෙකට මුල කියල කිව්ව වගේ දෙයක් තමයි වුණේ.

ඉස්සෙල්ල පෝස්ට් එකට වෙච්ච දේ ගැන ප්‍රාජේ සමඟ සාකච්චා කලා. එතුමා කිව්වා කියන්න උත්සාහ කල දේ සාරාංශය පමණක් ආයිමත් කියන්න කියලා.



තමන්ගේ බ්ලොග් එකේ වෙන බ්ලොග් කරුවෙකුට අපහාස වෙන විදිහට යමක් කමන්ට් එකක් විදිහට පළ වුණොත් ඒක ඉවත් කරන්න එකඟ වෙමුද?  අදාල බ්ලොග් කරුවා ඉල්ලීමක් කලත් නැතත්. 


කරුණාකර උදව්වක් විදිහට, කැමතියි / අකමැතියි කියන වචන දෙකෙන් පමණක් පිළිතුරු දෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. 



183 comments:

  1. කැමතියි.

    අමතරව මෙය ද ලියමි.

    යමෙකු මට කරන ලොකුම අපහාසය නම්, බ්ලොග් ලියන්නට පටන් ගෙන දැන් වසර එකොළයි මාස හයක් වන මා මේ වන තුරු කිසි දිනක, කිසි තැනක මගේ නමින් හෝ මුලකුරුවලින් හෝ රසිකොලොජිස්ට් වැනි බ්ලොග් නමින් හෝ මිස නිර්නාමිකයෙකු ලෙස කමෙන්ටු, ප්‍රතිචාර හෝ උත්තර ලියා නැති බව අවධාරණය කොට පවසා සිටියත් කිසිදු සාක්‍ෂියක් නොමැතිව පුන පුනා එකම චෝදනාව කිරීමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රසික

      Delete
    2. // කිසිදු සාක්‍ෂියක් නොමැතිව පුන පුනා එකම චෝදනාව කිරීමයි. //

      අපේ මහින්ද මාමිටත් වුනේ ඕකම තමයි හිටන්..... ඔහෙත් එතුමා හොරෙක් කියලා අබූත චෝදනා එහේම කොරලා තියෙනවැයි? එහෙමනම් දැන් තේරෙනවා ඇති අබූත චෝදනා වලට ලක් වුනාම දැනෙන සනීපේ හිටන්!

      Delete
    3. සාරසා මිරි(බොර)දිය කර්මාන්තයත් දන්නව හිටං?

      Delete
    4. ප්‍රේමදාස නම් තමා ලලිත් මැරුවේ නෑ යැයි පුන පුනා කීවා මතකයි 1993 අප්‍රියෙල් 30 වෙනිදාත්.

      ම.රා. කරන්නේ හොරකම් නොකළා ය කියා කීම නොව ඩීල් දැමීමයි.

      Delete
    5. // සාරසා මිරි(බොර)දිය කර්මාන්තයත් දන්නව හිටං? //

      ඉයන්තුමා ලා රසිකතුමාලා සහ මාතලන්තුමා ලා කැකුණ තලති.... අපි ඉතින් සබන් ගාන හබන් කුකුලෝ නේ හිටන්!


      //ම.රා. කරන්නේ හොරකම් නොකළා ය කියා කීම නොව ඩීල් දැමීමයි. //

      ඔහේ නඩු අහන්න කලින් මහින්ද මහත්තයා වැරදිකරු කියලා තීරනය කරලා....

      එහෙම ඩීල් දමා වැරදි කර තියේ නම් මහින්ද මහත්තයව මෙලහට හිරේ දාලා නේ හිටන්?

      මහින්ද මහත්තයට අබූත චෝදනා කොරන ඔහේට වෙනත් අය අබූත චෝදනා කොරන එක වැරදි වෙන්නේ කොහොමද?

      Delete
    6. මහින්ද මහත්තයාට අභූත චෝදනා කිරීම වැරදියි. මහින්ද යුද්ධය තනියෙන් ඉවරකරා කියන චෝදනාවට අපි විරුද්ධ වෙන්නේ ඒකනේ, සාරස තුමා. හැක්

      Delete
    7. සරාස්තුමා ගේ රජතුමාට හා අනිකුත් අයිකොනික් ෆිගර්ස්වලට අබූත චෝදනා කිරීම වරදකි.

      එනිසා සරාස්තුමාට බූත චෝදනා කිරීම සඳහා එක්වන මෙන් අයිවන් ලව්පූස්, පත්තරමල්ලිඅයියා හා බූත ලැච්චරර්තුමාට ආරාධනා කරමි.

      Delete
    8. සියලු බූත යන් අරක් ගෙන තියෙද්දී මට භූත ලෙස කතා කිරීම හෙලාම හොලාම දකිමි...ඉදගෙන... ඔයා දන්නෑ හරිද අපේ බබී හිටියටන් ඔයාට වෙන දේ.. මට අනං මනං කියලා..

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
    10. මේ මොන විකාරයක් ද මේ Tilan Athur නම් පුද්ගලයා කියන්නේ?

      Delete
    11. සමාවෙන්න ටිලාන් එකිනෙකාට චෝදනා කිරීමෙන් ඇතිවන්නේ තවත් විසංවාදයක් නිසා පෝස්ට් එකේ අදහසට හානියක් විය හැකි යැයි සිතුණු නිසා ඉවත් කලා. බොහොමත්ම ස්තූතියි ඔබට.

      Delete
    12. ඔක්කොම භූතයෝ

      Delete
    13. විහිළුවට ලිව්වේ ඈ :) අනිට පාර හේ හේ

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. රසික සමාවන්න. පසුගිය ලිපිය ගිය පාරේම මේ පෝස්ට් එකත් යාමට ඇති ඉඩ සලකා ඔබගේ මේ කමෙන්ටුව ඉවත් කලා. එනමුත් පිළිතුරක් ලෙස මෙය කියන්නම්. එම කමෙන්ට් දුටු නිසා සහ එම කමෙන්ට් ගිය පාර ගැන ඇතිවුණ කනස්සල්ල නිසා තමයි මෙම පොස්ට් එක.

      Delete
    2. ;-)

      ඉතිං ඉයන් ඒ කියන්නේ ඔබේ ලොකුම අවශ්‍යතාවය බ්ලොග්වල කමෙන්ට්ස් පිරිසිදු කිරීම හෝ අපහාස නැති කිරීම හෝ නොව ඔබේ පෝස්ටුව නිසි පාරේ යැවීම පමණයි කියන එකද?

      බොරු චෝදනා නගන, නින්දා අපහාස කෙරෙන, කුණුහරුප සහිත ආදී ඔබ අකැමති, ඔබ ම එපාය කියා යෝජනා කරන කමෙන්ට්ස් නොසෑහෙන ප්‍රමාණයක් සුරැකිව තබා ගෙන සිටින ඔබට, ඒ කිසිවක් නැති මගේ ඉහත කමෙන්ටුව පමණක් කැපීම සිදුවීම තරම් වෙනත් සරදමක් තියේ ද?

      කමක් නෑ. මගේ අමනාපයකුත් නෑ.

      ;-)

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. රසික, මේ පෝස්ට් එකෙන් පසු පෝස්ට් දෙකම ඩිලීට් කිරීමට අදහසක් ඇත. එම නිසා පොඩ්ඩක් ඉවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

      Delete
  3. හරි! වලිදාගන්න මාත් කැමති නෑ :-)
    //තමන්ගේ බ්ලොග් එකේ වෙන බ්ලොග් කරුවෙකුට අපහාස වෙන විදිහට යමක් කමන්ට් එකක් විදිහට පළ වුණොත් ඒක ඉවත් කරන්න එකඟ වෙමුද? අදාල බ්ලොග් කරුවා ඉල්ලීමක් කලත් නැතත්//

    එකඟයි. කලින් පෝස්ටුවට මේ දැන් දැම්ම කමෙන්ටුවේ කිව්ව විදියටම, "මගේ වෙලාවට" නැත්තං "මම දැක්ක වෙලාවට". මට මඟහැරුනොත් බුකියට මැසේජ් එකක් දාන්න කියලත් ඉල්ලනව. (මාතලන් සමඟ මිතුරුකම් අතහැරි පෝස්ටුවෙත් මාතලන් සහ තවත් කිහිපදෙනෙක් කල ඉල්ලීම් අනුව දැඩි අපහාසාත්මක කමෙන්ට් ඉවත් කලා මතකයි)

    ඒ වගේම මම කැමතියි කට්ටිය මේකටත් එකඟ වෙනව නං.

    "ඇනෝනිමස් කමෙන්ට් ඇල්ලීම සම්බන්ධව ප්‍රොෆයිල්කරුවෙකුට චෝදනා කරන විට එය විධිමත්ව ඔප්පු කල යුතුයි, නිකරුනේ අපහාස නොකල යුතුයි"
    කැමතිද?

    ReplyDelete
    Replies
    1. //එකඟයි. කලින් පෝස්ටුවට මේ දැන් දැම්ම කමෙන්ටුවේ කිව්ව විදියටම, "මගේ වෙලාවට" නැත්තං "මම දැක්ක වෙලාවට". මට මඟහැරුනොත් බුකියට මැසේජ් එකක් දාන්න කියලත් ඉල්ලනව.//

      බොහොම ස්තූතියි රාජ්. ඔව් අපි හැමෝටම තවත් වැඩ තියෙන නිසා දුටු ගමන් හෝ අපි දැකීමට පෙර ඉල්ලීමක් කල පසු හැකි ඉක්මනින් තමයි ඔබ , මම ඇතුළු හැමෝටම ඒක කරන්න පුළුවන්. නැවතත් ස්තූතියි.

      Delete
  4. මමත් කැමතියි

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තූතියි.

      Delete
  5. මේ සින්හල බ්ලොග් ලියන වයසට ගිය ලදරුවෝ කවුරු මොනවා කියලා තමන්ට අපහාස කොරන්න උත්සාහ කොලත්, ඒවා බාර නොගෙන සන්සුන් ව සිටීමේ "තාදි" ගුනය හෙවත් නොසැළෙන ගුනය පුරුදු කරගෙන තමන් ගේ පෞර්ශත්වය වර්දනය කොරගන්න හිටන්!

    ReplyDelete
    Replies
    1. ඔබ අකමැතියි කියන එක නේද අදහස් කලේ , සාරස තුමා? බොහොම ස්තූතියි.

      Delete
    2. ///මේ සින්හල බ්ලොග් ලියන වයසට ගිය ලදරුවෝ කවුරු මොනවා කියලා තමන්ට අපහාස කොරන්න උත්සාහ කොලත්, ඒවා බාර නොගෙන සන්සුන් ව සිටීමේ "තාදි" ගුනය හෙවත් නොසැළෙන ගුනය පුරුදු කරගෙන තමන් ගේ පෞර්ශත්වය වර්දනය කොරගන්න හිටන්!///

      හරියටම කිව්වා...
      බණ දැනගත්තට ඒවා ප්‍රගුණ කිරීම අපේ උන්දලා දන්නවා මදි...
      තාදී ගුණය කෙසේ වෙතත් තද වී දඟලන ගුණය ඉස්මතු වීම තමා වැඩි...

      Delete
    3. තාදි ගුණය තියෙන කෙනාත් නැති කෙනාත් දෙන්නාම බේරගැනීමට සුළු හෝ හැකියාවක් අපි හැමෝටම ඇති කියල තමයි මටනම් හිතෙන්නේ.

      Delete
    4. //ඔබ අකමැතියි කියන එක නේද අදහස් කලේ , සාරස තුමා? බොහොම ස්තූතියි. //

      නැහැ ඉයන් තුමෝ...

      මම අදහස් කොලේ කැමැති අය කොරපුවාවේ...අකමැති අය නොකරපුවාවේ....අනික් අය ඔහේ හිටියාවේ....

      ඔන්න ඕකයි!

      Delete
    5. එහෙමත් පුළුවන් නම් තමයි සාරස තුමා. ඒ වුණාට සමාජය පරිණාමය වෙලා තියෙන්නේ ප්‍රශ්ණ අඩු කර ගැනීමට සමාජයම හදාගත්ත රීති වලින් නේ. මේකෙන් වැඩක් වුණත් නොවුණත් උත්සාහ කරල බලන එක හොඳයි කියා හිතුවා.

      Delete
    6. කවුද තඩි ගුණය කියන්නෙ?

      Delete
    7. සමාජය පරිනාමය වෙලා මිනිස්සුන් ගෙන් වඳුරො බිහි වුනා කියලා නේ ඔයි කියන්නේ....

      Delete
    8. කවුද තඩි ගුණය කියන්නෙ?

      ඉහත සඳහන් වන්නේ ප්‍රාජේ විසින් චෙෆාකිට දමන ලද මඩ කමෙන්ට් එකකි.

      Delete
    9. එතකොට තඩි රණයා?

      Delete
    10. සරාස්තුමාගේ සුපුරුදු (අපි අතිශයින් රස විඳි ) මොලේ කොලොප්පං කමෙන්ට් කිරීමේ ගුණය අත්හැර සීරියස් කමෙන්ට් දැමීටට පොලඹවා ගැනීම ගැන ඉයංතුමාට අපේ බලවත් විරෝධය !

      Delete
    11. සාරස තුමාගේ හදිස්සියේ සීරියස් වීමට මගේ සම්බන්ධයක් නැහැ ප්‍රා. ඒකට හේතුව රත්නපුර ඉස්තිරික්කයම වැහෙන ලෙස කෝටි තුනක ජන සහභාගීත්වයෙන් සිදුවූ රැස්වීම සහ මෑතකදී හිටන් තුමාගේ ප්‍රකාශය සමඟ බයි ආණ්ඩුවක් බිහිවීමේ සම්භාවිතාව වැඩිවීම. ඒවගේම එසේ වුණාම අනාගත සෞඛ්‍ය ඇමතිත් දත් දොස්තර කෙනෙකු වීමට ඉඩ ඇති නිසා සීරියස් ලෙස හැසිරෙන ලෙස මල බද්ධය පැත්තෙන් ආ පණිවිඩයක් යැයි ආරංචියි.

      Delete
  6. මෙහෙමයි. ඕක ඉයන් මහත්මයා විශේෂයෙන්ම කිව යුතු දෙයක් නෙමෙයි. මොකද ඔබට තියා වයිමටවත්ඒ බෑ නිර්කනාමික කමේන්ට් පාලනය කරන්න.. ඒක කියනවා. කරන්න තියෙන්නේ එකම දෙයයි නේ..ඉතා සුළුතරයක ඇති ප්‍රශ්නයක් ලොකු කරගත්තම සමස්ථය නොපෙනී යනවා. ඔය අපචාර කමෙන්ට් අයින් කිරීම අතින් පැරා දුර්වලයි. තර්ඩි පාටි කෙසේ වෙතත් පැරාට කියන ඒවා ඇහුවම කක්කි බර එනවා.. හැක් හැක්..

    ආයිත් කියන්න ඕන. බලෙන් සදාචාරය හදන්න බැහැ.. මං පළවෙනි වතාවට තමා මේ මාතලං එක්ක පැටලුනේ ඔය අපහාස කමෙන්ට් කිරිල්ලට.. ඒකත් බලං ඉදල එපා වෙලා. හැබැයි මම නං කාටවත් අපහාස නෑ පුලුවන් තරං උපහාස රසයෙන් ජිවත් වෙන්නයි මට ඕන මොන ප්‍රශ්න තිබුනත්..

    පහුගිය පෝස්ට් එකේදි මාතලංට රසිකලා දාන ඇනො ්කමෙන්ට් ගැනු ලමයින්ව එලවන සීන් වලට ප්‍රශ්න තිබුන බව කියනවා නේ.. අපි ගෞරව කරන්න ඕන එ ්දෙන්නට මේ පුගලන්ගෙන් ගෑනු ලමයි බෙරාගැනීම ගැන.. මටත් කිසි පුශ්නයක් නැහැ ඔව්වා ගැන.. ඕන දෙයක් කෙලින් බැරිනං අත දිග කරලාම කියන්න ඔයා තමා මේ වැඩේ කරන්නේ කියලා කිසි කැතක් නැහැ. ඒත් අත දිග කරල අඩෝ පොන්නයා උඹ තමයි මේක කරන්නේ කිව්වම ඒක පොලිස් කාරයට ගැලපෙන්නෑ නේද? අනික මාතලං ලා රසිකලා රාජ්ලා වාද කරා නං එකිනෙකාගේ බ්ලොග් වලට නොයන්න එකිනෙකාට කමෙන්ට් නොකරන්න තරං පහත් පෞදගලික මට්ටටමකට වැටිල නං ඒක කොහොමද වාදයක් වෙන්නේ. අන්නේකයි මං කියන්නේ ඉදගෙන.. හැක්..

    ඉයන් මහත්තයෝ. ඔහේ නැකැත් විස්වාස නොකලත් ප්‍රා පන්සල් නොගියත් මං නං අද ඇදේ අනිත් පැත්තෙක් බැහැල අර ආසිරිගේ බඩතඩි හාන්දුරුවන්ට ඇගිල්ලෙන් ඇනල ආපු ගානයි දැං.. හැක්.. ජය වෙවා.. මට අද හරි ආතල් දවසක්..

    ReplyDelete
    Replies
    1. හුටා කැමතියි/අකමැතියි කියල විතරයි නේද ලියන්න කිව්වේ.. හැක්..

      Delete
    2. දේශක මහත්මයා ඔබ අකමැතියි කියන එක නේද ? කිව්වෙ. ඔබට බොහොම ස්තූතියි.

      දේශක මහතා කියා ඇති දේට ප්‍රති උත්තර නොබඳින ලෙස ආයාචනය කරමි.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. අන්න තේරුං ගත්ත ප්‍රමාණය..අනේ මන්දා ඉතිං. මෙහෙව් රටක නේ අපි ඉන්නේ. මං අර කලින් එකේ පයිට් කරේ මක්කටයි එහෙනං සුදු මල්ලිත් එක්ක... අපිට යාළුවෛා් එක්ක ඕන දෙයක් කියල ගොඩදාගන්න පුලුවන්. ඒත් ඇනෝ එන අයත් එක්ක අමාරුයි.. තරහ ගියාම ඔයි කාටත් ඒවා අමතක වෙනවා. ඔය කැමතියි කිව්ව රාජ් මේ දැන් මොන *කයටවත් බය නැතෙයි කියලත් ලියල තියෙන්නේ කලින් පෝස්ටුවේ.. ඉයන් මහත්තයා කිව්වේ අර මාතලං කිව්ව නිසා නැත්තං අනේ මට මහත්තයා කියන්න එපා ලැජ්ජයි වගේ. හැක්..

      Delete
    5. ස්තූතියි දේශක. ඇනෝ එන අයගෙන් ගොඩක් වෙලාවට සේවයක් වෙනවා. ඒ නිසා තමයි බ්ලොගර් වල ඇනෝ කමෙන්ට් දාන්න ඉඩ තියලා තියෙන්නේ කියන එකයි මගේ විශ්වාසය. එය අභාවිතා කර කෙනෙකුට මඩ ගහනවා නම් ඒකෙන් වෙන්න පුළුවන් අසමඟිකම් සහ පිල් බෙදීම් හානිකරයි. ඒවා යම් තරමක් හෝ පාලනය කරගන්න පුළුවන් අපිටමයි. මේ මගේ 'ගොන්' වගේ පෙනෙන උත්සාහය ඒකටයි.

      Delete
    6. //එය අභාවිතා කර කෙනෙකුට මඩ ගහනවා නම් ඒකෙන් වෙන්න පුළුවන් අසමඟිකම් සහ පිල් බෙදීම් /හානිකරයි. //

      ඉතිං ඕක සිස්ටම් නොදා කව්ද යකො ්ඇනෝ එන්නෙ කියල හොයන්නැතිව උන්න නං අහවරයි නේ..

      Delete
    7. සංවාදයට දායකත්වයක් නොදී වෙන බ්ලොග් කරුවෙකුට මඩ ගැසීම සඳහාම තියෙන කමෙන්ට් බ්ලොග් කරුවන් ඉවත් කලත් ප්‍රශ්ණේ අහවරයිනේ, දේශක තුමා.

      කෙනෙකුට මඩ ගැසීමට අවශ්‍යම අයකුට මොකක් හරි නමකින් බ්ලොග් එකක් අටවාගෙන ඒකේ ඒ දේ කරනවානම් එම බ්ලොග් එකට යාම නොයාම කියවන අය තීරණය කරයිනේ. ඒකට අනික් අයගේ බ්ලොග් යොදාගැනීම තරමක් දුරට වැලැක්වීම තමයි අපිට කරන්න පුළුවන් අවමය.

      Delete
  7. අකමැතියි

    නිදහස් ප්‍රකාශකිරීමේ අයිතිය උදුරා ගැනීමක්

    අපහාසය කියන දේ සාපේක්ශයි.

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තූතියි.

      Delete
  8. ඒ වගේම "මා සම්බන්ධයෙන් හෝ මගේ පවුලේ අයෙක් සම්බන්ධයෙන් වැටෙන ඇනෝ කමෙන්ට් මා හට අවුලක් නොවන බවත් ඒවා බ්ලොග්කරුවන්ගේ කැමැත්ත පරිදි ඉවත්කිරීම හෝ නොකිරීම මගේ අමනාපයට හේතු නොවන බවත්" කියල බ්ලොග්කරුවන් නිදහස් කරන්නත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාජ්. ඔබට තියෙන ඒ ඉබි කට්ට හැමෝටම නැතිවෙන්න පුළුවන්. ඒ අයත් සිංහල බ්ලොග් ලෝකේ ඉන්න ඕන නිසා තමයි මේ ඉල්ලීම.

      Delete
  9. දැන් මේ උත්තර දීලා තියෙන්නෙ ඔව් නෑ කියලද...?

    මෙහෙම කෙලින්ම ප්‍රශ්ණ කලාම ඉයන්ලා උනත් අපි එක්ක තරහා වෙනවා..

    ReplyDelete
    Replies
    1. මාතේ ඉල්ලන දේම ලැබෙන්නේ නැහැනේ. කියන දේ කැමැත්ත ප්‍රකාශ කිරීමක්ද නැත්ද කියන එක කියන දෙයින් පැහැදිලි වෙනවානේ. මට තේරෙන දේ මම පිළිතුරක් හැටියට දානවා. ඒ හැර අනික් ප්‍රශ්ණයකට තුඩු දෙන්න පුළුවන් කියල මට හිතෙන කමෙන්ට් ඩිලීට් කරනවා. වෙන මොනව කරන්නද?

      Delete
    2. ඒක ඇත්ත.. ඉයන්ට බෑ අපිට එහෙම නීති දාන්න කැමති වෙනවද අකමැති වෙනවද කියලා..

      Delete
    3. ඊට වඩා ලේසියි, මිනිසුන් හා මිනිස් වෙසින් සිටින තිරිසනුන් හඳුනා ගන්න උත්සාහ කරන්න. ඕකුන් අර සිදූ කතාවේ සරණ වගේ. කවදාවත් හදන්න බෑ.

      Delete
    4. නීතියක් දැමීමක් වෙන්නෙ නැහැ දේශක මහත්මයා. මම කිව්වේ කැමතියි හෝ අකමැතියි කියල නොදා (මඩක් නොවන) කමෙන්ට් එකක් තිබුණොත් එය මට තේරෙන විදිහට එය එකඟ වීමක්ද නොවීමක්ද කියා පිළිතුරක් දානවා කියලයි.

      Delete
    5. මට විතරද මන්දා මේ ඉයන් කියන එක විකාරයක් වගේ පේන්නේ..

      Delete
    6. මටත් ඒවගේ තමයි පෙනෙන්නේ හැක්

      Delete
    7. දේශක තුමාණෙනි සිංහල බ්ලොග් ලිවීමට ඊයේ පෙරේදා පැමිණි මට නීති දමන්න හැකියාවක් නැහැ. පළමුවෙනි සිංහල බ්ලොග් කරුවාටවත් එහෙම කරන්න බැහැ. පෝස්ට් එකේ තියෙන්නේ අපි අතර එකඟවීමකට කරන ආරාධනයක් පමණයි. එම එකඟවීම කඩ කලොත් ඒකට දඬුවම් කරන්න කියල නීතියක් වත් තියෙන්න බැහැ. ඒක මහත්වරුන් අතර එකඟතාවයක් පමණයි.

      මේ පෝස්ට් එකට කමෙන්ට් දැමීමේදීත් එක වචනයකින් කමෙන්ට් දමන ලෙස ඉල්ලීමක් කලා. එහෙම නොවුණම ඒ කමෙන්ට් කපා දමා කරන්න උත්සාහ කරන දේ අතෑරලා වැඩක් නැහැ. ඒ නිසා තනි වචනයක් නෙමෙයිනම් කියන්න උත්සාහ කරන දේ මට තේරුණ විදිහ ලියලා කමෙන්ට් එකක් දානවා. ඔබ හා සාරස කර ඇති පරිදි මට තේරුණ එක වැරදියි කියල ප්‍රතිඋත්තරත් ලැබෙනවා. එකම දේ අනවශ්‍ය ලෙස සිත් පාරවන විවාදයක් ඇතිවීමට ඉඩ ඇතැයි මට සිතුන කමෙන්ට් පමණක් ඩිලීට් කරා.

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. නිර්ණාමිකව පුද්ගලයින්ට අපහාස කිරීමට ඇති අයිතිය රැකගන්න සටන් කරන මේ ඇනෝගේ කමෙන්ට් එකක් මෙවර මකා දැමීමට සිදුවිය. ඊලඟ අවස්ථාවේ සිට ස්පෑම් කරමි.

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
  10. හැබැයි වලියක් දෙකක් ඉඳහිට ගියාමත් පොඩි කික් එකක් එනව. නැද්ද මං අහන්නෙ? :-)

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ්, අර ආදර සම්බන්ධතා වලත් පොඩි වලියක් ගියාම ආයිමත් යාළුවුණාම තියෙන ගතිය වලියක් නොගියාම නැහැ. make up sex කියන එක ගොඩක් කපල්ස් කැමති දෙයක්ලු.
      මේක කියවලා බලන්න.. නැත්නම් make up sex සර්ච් කර බලන්න. ඒවුණාට මෙතන වෙන්නේ එහෙම වසා වසියක් ඇතිවීමට ඉඩ නැති වලිනේ.

      Delete
    2. අඩෝ ලින්ක්එක මරු බං...

      Delete
    3. මේක කියවන එක අත් ඇරදාලා ඉයන්ගේ make up sex පෝස්ට් එක කියවන්න පුලුවන් වෙයි වගේ. කවද්ද මේක් අප් කරන්නෙ? බියුටීෂියන් කෙනෙක් ඕනැවෙයිද?

      Delete
    4. රාජ් දැන් තරහ වෙන්න යන්නේ නෝන මහත්තයක් එක්කද අර සයිඩ් එකෙන් තියාගෙන ඉන්න කෙනත් එක්කද? හැක්.. මෙන්න ඉයනයා බන කිය කියා මඩ පෝස්ට් දානෝ!

      Delete
    5. අපේ ඩහන් ලොක්ක ගියා නෙවැ.. කරුමෙ.චැහ් .නැත්ත්ං පෙන්නන්න තිබ්බ වලි :D

      Delete
    6. සොරි වේවා ඩහන් නෙමෙයි සහන්..අපේ සහන් බොස් !!

      Delete
  11. කැමතියි.
    (දුටු සැනින්.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගස්

      Delete
  12. ඉයන්, ඔබේ මේ පෝස්ට් එකත් කමෙන්ටුත් කියෙව්වම මට හිතුනේ ඔබ මේ ප්‍රශ්නේ විසඳන්න හදන විදිහ හරිම බොළදයි.. මිනිස් හිතයි මොළෙයි මෙහෙම කැමතියි / අකමැතියි කියල 1& 0 වලින් වැඩ කරනවා නම් කොයි තරන් ලේසිද...

    ඒ ඒ අවස්තාව අනූව තමනුත් අනුනුත් බේරෙන විදි හොයාගෙන ඉදිරියට ටනව මිසක් කවදවත් මේ වගේ වැඩ වලින් නම් විසඳුම් ලැබෙන්නේ නැ.. එහෙම නම් අපි මිනිස්සු නෙමේ... රොබෝලා :)


    ඔබ මේ පෝස්ට් දෙකම ඉවත් කරනවා නම් මේ ඔබ අහන ප්‍රශ්නෙට උත්තර දිමේන් ඇති වැඩකුත් නැනේ.. :) :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චතූ. මේ බොලඳ මම කොහෙද අනේ පරිණත විදිහට හිතන්නේ. මේක තාවකාලික සාකච්චාවක්. අනික මීට කලින් පෝස්ට් එකේ එකිනෙකාට බැණ ගැනීම් තිබෙනවා. එතකොට ඒවයින් කීපයක් ඉවත් නොකට මුළු පෝස්ට් එකම ඉවත් කිරීම ලේසියි. හිත් රිදවීම් වෙන්නේ නැහැ.

      ඔබ ඔබගේ බ්ලොග් එකේ යම් විදියකින් වෙන කෙනෙකුට මඩ ගහන කමෙන්ට් එකක් ඉවත් කරනවාද කියන පොඩි ප්‍රශ්ණයක් නේ මම ඇහුවේ. ඔබට ඔව් නැත්නම් නැහැ කියන්න පුළුවන්. බ්ලොග් ලියන දාස් ගානෙන් මේක කියවන්නේ සුළු ප්‍රමාණයක්. ඒකෙනුත් 10 දෙනෙක් වත් එකඟ වුණොත් ඒකෙන් වත් ප්‍රයෝජනයක් වෙයි. අර විචාට විරුද්ධව මඩ පෝස්ට් එකක් පැරා ගේ බ්ලොග් එකේ වැටුන එක වගේ එක අවස්ථාවක් හරි වලක්වගන්න පුලුවන් වුනොත් ඒත් ඇතිනෙ.

      මේ පෝස්ට් එකේ අදහස මේ ප්‍රශ්ණය සම්පූර්ණයෙන්ම නැතිකරන්න නෙමෙයි මම ටිකක් මෝඩ වුණත් එච්චර මෝඩ නැහැ. අඩුම ගානේ තමන්ගේ බ්ලොග් එකේ වෙන කෙනෙකුට විරුද්ධව මඩ කමෙන්ට් එකක් වැටුණොත් මේ සංවාදය මතක් වෙලා හරි එක කමෙන්ට් එකක් ඩිලීට් වුණත් ඇති.

      Delete
    2. ඔබට එහෙම වෙන කෙනෙක් හිතන විදිහ වෙනස් කරන්න පුලුවන් නම් ඉයන් ලොකු දෙයක්.. ඒ කෙනගේ මොළේ මෙතෙක් පුරුදු විදිහට තමයි කෙනෙක් කරන්නේ.. බලෙන් නවත්තන්න හදලා මේ වගේ විසඳුම් හොයන එක හරිම තාවකාලිකයි..

      ඔබයි , විචාරකයි දෙන්නම මේ ගැන දාපු පෝස්ට් නොදා හිටියා නම් තමා මම හිතන්නේ වඩා හොඳ... මේ විදිහට කාලයක් කතා කරල වැඩක් නැ කියලා අපි හැමෝම දන්න නිසා.. මෙතනින් පස්සෙවත් මේ වගේ සිද්දි උනාම පෝස්ට් පිට පෝස්ට් නොදා ටිකක් ඉවසීමෙන් වෙන විසඳුමක් හෙව්වා නම් හරි..

      Delete
    3. කෙනෙක් හිතන විදිහ වෙනස් කරන්න පුළුවන් කියලා මම කියලා නැහැ චතූ. නමුත් ක්‍රියාව ගැන කිසියම් ආකාරයක ඉල්ලීමක්, ආයාචනයක් කරන්න පුළුවන්. එච්චරයි. එම ඉල්ලීම පිළිගැනීම හෝ නොපිළිගැනීම එක් එක් බ්ලොග් කරුවාට භාරයි.

      මේ ගැන කථා නොකිරීමෙන් අනාගතයේ හිත් අමනාපකම් ඇතිවීමට ඇති අවස්ථා වලට වඩා කථා කිරීමෙන් එසේ වීමට ඇති අවස්ථා එකක් හරි අඩු වීමට ඇති බව සිතුණ නිසා තමයි මේ පෝස්ට් එක. මම එසේ සිතීම වැරදි නම් එකෙන් එච්චර පාඩුවක් වෙන්නේ නැහැ. ඒවුණාට එහෙම හිතපු එක හරිනම් ඒකෙන් නම් පොඩි හරි වාසියක් වෙයි.

      Delete
    4. ඉයන්ටම තේරෙනවනේ කෙනෙක් බැගැපත් වෙලා අනිත් අයගේ හිත රිදවන්න එපා කියලා කියන්න , ඉල්ලන්න සිද්ද වෙන මිනිස්සු ඉන්න සමාජයක් ඉයන් මේක..

      අපි අපිම අපේ සහ අවට ඉන්න අයගේ හිත් නොරිදෙන විදි සොයා යනවා වීනා මේ වගේ ඉල්ලිම් වලට සංවේදි වෙන "මිනිස්සු" ඉඳිවී කියලා මම නම් හිතන්නේ නැ..

      Delete
    5. චතූට ටපලැවිලද මට ටපලැවිලද දන්නෙ නැහැ. කෙනෙකුට යමෙක් රිදවන්න ඕන නම් ඒක ඉදිරියටත් වෙයි. ඒකට ඒගොල්ලන් තමන්ගෙම බ්ලොග් යොදාගනියි. නැත්නම් අපහාස කරනම බ්ලොහ් හැදෙයි. ඒව වලක්වන්න බැහැ. මේ ඉල්ලීම ඒගොල්ලන්ගෙන නෙමෙයි.

      මෙතන කියන්නේ වෙන අය නිර්ණාමික හෝ නාමික වෙසින් තමන්ගේ බ්ලොග් වල දාන බ්ලොග් අයිතිකරුට නොව වෙන බ්ලොග් කරුවන්ට අපහාස වෙන කමෙන්ට් ගැන. ඒව ඩිලීට් කරන්න බ්ලොග් අයිතිකාරයාට පුළුවන්නේ. විශේශයෙන්ම බ්ලොග් අයිතිකරුට එම අන් බ්ලොග්කරුට පහර ගැසීමට අදහසක් නැත්නම්.

      Delete
    6. ඉතින් ඉයන් මේ ඉන්න "වැඩිහිටියන්ට" ඕක ඔබ අමුතුවෙන් මේ වගේ පෝස්ට් දාලා ආදරෙන් කරුණාවෙන් ඉල්ලනකන්ම කරන්න බැරිද....

      එකයි මම මුල්ම කමෙන්ට් එකේ කිව්වේ මේ වැඩේ මේකට විසඳුමක් නෙමේ කියලා..

      Delete
    7. //එකයි මම මුල්ම කමෙන්ට් එකේ කිව්වේ මේ වැඩේ මේකට විසඳුමක් නෙමේ කියලා.//

      මට ඕක වැටහුණේ නැහැනෙ චතූ. මොනව කරන්නද මෝඩය කියල මම සියදිවි නහගන්නයැ?

      Delete
    8. මොකද මේ චතු චතු කියන්නේ.. ඒ කියන්නේ මෙයා චතු... බලන්නකෝ ඉතිං ලව්පුස් තුමා පිස්සු වැටිල හිටියේ එහෙනං..

      Delete
    9. හෙහ් හෙහ් දේශක. වෙන්න පුළුවන් !!! වෙන්න පුළුවන් !!!

      Delete
  13. ඉයන්......මගේ අදහසින් වැඩක් නැහැ, මොකද මම එක්ස් බ්ලොගෙක් නිසා. ඒත් මට නම් මේ අදහසම අවුල්. බ්ලොග් රෙගියුලේටින් වගේ වැඩක්ද? බ්ලොග් ක්ලෙන්සින් වගේ වැඩක්ද..බ්ලොග් පොලිසින් වගේ වැඩක්ද..බ්ලොග් පීස් කීපින්ග් වගේ වැඩක්ද.....මේ.

    මේක හරියට දාස් ගානක් ඉන්න තැනක හිස්ටින් එකක් විසිකරපු එකාව හොයන්න යනවා වගේ වැඩක්. ඉයන් මාව වරදවා තේරුම් ගන්න එපා..මේ නිදහස් අවකාසේ ඒ ඒ බ්ලොගාලාට නිදහස් තීරන ගැනීමේ අයිතිය තියෙනවා. මුන් එකෙක් වත් මොන්ටිසෝරි යන ගමන් බ්ලොග්ස් ලියනවා නෙමේ. ඒ නිසා ඉයන් ඔය සාමුහික තීරනය, ඒ ඒ අයට ආදර්ශෙන් පෙන්නන්න දෙන්න. ඉයන්ගේ කාලය සහ උත්සාහය ගැන මට නම් මොකක්ද මොකක්ද වගේ.

    මේ සියලු ප්‍රශන වලට උඩඟු කම, ස්වයං චූන් වීමේ අධික ලොල් බව, වෙනත් අරමුණු ඉදිරියට විත් මූලික අවශ්‍යතාවය අමතක වීම වගේ බොහෝ කාරනා තියෙනවා. ඉයන් ඩොක්ටර්ට කියන්න තව දේවල් තියෙනවා. මේවා බෙහෙත්වලින් සුව නොකල හැකි ලෙඩ. ඉයන්ට තේරුනාද මන්දා . ඊලඟ රජයට බ්ලොග් සංහිඳියා සහ බ්ලොග් ක්‍රම සම්පාදන අමාත්‍යාංශයක් යෝජනා කරමු.. දාස් ගනන් මිනිස්සු බ්ලොග්ස් ලියනවා. මෙහෙමත් *කන්නෝ සෙට් එකක් ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ...අපි ඔක්කොටම පිස්සු ඕයි......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ. ඔබ කියන දේ මට නොතේරෙණවා නොවේ. මේ ප්‍රශ්ණය කවදාවත් විසඳෙන එකක් නෙමෙයි. ඒවුණාට අපිට ඒකේ පොඩි අඩුවක් කරන්න පුළුවන් කියල විශ්වාසයක් තියෙනවා. උදාහරණයකට විචාට මඩ ගහපු කමෙන්ට් එක ගියේ පැරා ගේ බ්ලොග් එකේ. විචාගෙ පෝස්ට් එකට පිළිතුරක් දෙන පැරා කියල තියෙනවා මීට පස්සේ අනික් අයට මඩ ගහන ඒවා ඉවත් කරනවා කියලා. මේ එකඟතාවය කලින් තිබුණනම් විචාගෙ මේ ලඟදි ආපු ප්‍රශ්ණය එන්නේ නැහැ. අන්ත වල ඉන්න අය ඕනම සමාජයක ඉන්නවා. අපි කීප දෙනෙක්වත් මධ්‍යස්ථව බලලා gentlemen's agreement එකක් හරහා තිබෙන ප්‍රශ්ණය පොඩ්ඩක් හරි අඩු කරගන්න උත්සාහ කිරීම කමක් නැහැ නේද?

      Delete
    2. // අපි කීප දෙනෙක්වත් මධ්‍යස්ථව බලලා gentlemen's agreement එකක් හරහා තිබෙන ප්‍රශ්ණය පොඩ්ඩක් හරි අඩු කරගන්න උත්සාහ කිරීම කමක් නැහැ නේද? //

      සින්හල බ්ලොග් වකාසේ ජැන්ටල් මෑන්ස්ලා සෙවීමට වඩා කලු නික(ර්) සෙවීම පහසුයි හිටන්!

      Delete
    3. ඔබේ උත්සාහයට හරස් කපනවා හෙම නොවේ. උත්සාහ කරන්න.

      බ්ලොග්ස් ලියන අය මේ විදිහට මට අපහාස කරා අතන, මට අපහාස කරා මෙතන, උඩ,යට, වම, දකුණ කියාගෙන ආවොත් මල් හතයි, මල කෙලියයි වෙන්නේ. බ්ලොග්ස් ලියන අය එහෙම වෙනත් චරිතවලට අපහාස, උපහාස කරනවද, නැද්ද?...විශේෂයෙන් දේශපාලන චරිත වලට. පොන්නය කියලා කියන්නේ රටේ අග්මැතිට. මෛත්‍රීට මොනවද නොකියන්නේ. මරාට මොනවද නොකියන්නේ. අනුර කුමාරට කොච්චර කතා කියනවද......මේ ඔක්කොම මට මෙහෙම කිව්වා, අරහෙම කිව්වා කියන්න ගත්තොත් ගම කනවා. බ්ලොග්ස් ලියන අයට විතරක් මොකක්ද මේ වෙලා තියෙන්නේ.

      පෞද්ගලික ජීවිත ඈඳා නොගෙන ඕන රෙද්දක් කරගන්න කියන හිඟන ආයාචනය විතරයි බ්ලොග්ස් කියවන්නෙක් හැටියට අති පාරිශුද්ධ බ්ලොග් ලියන මහත්තුරුන්ගෙන් ඉල්ල සිටින්නේ.

      Delete
    4. //සින්හල බ්ලොග් වකාසේ ජැන්ටල් මෑන්ස්ලා සෙවීමට වඩා කලු නික(ර්) සෙවීම පහසුයි හිටන්!//

      නික(ර්)ස් කෙසේ වෙතත් කළු බ්‍රා එකක් වත් හොයමුනේද සාරස තුමා. හිටන් තුමා චූන් වෙන්නේ ඒවට විතරයි. මටනම් gentlemen ලා කීප දෙනෙක් බ්ලොග් ලෝකයේ හමුවී තිබෙනවා. ඔබත් එවැන්නෙක්. එම නිසාම විචා ගේ පෝස්ට් එක දැක්කාම එම චෝදනාවට ඔබ වග කිවයුතුයි යන්න මට නම් විශ්වාසයක් නැහැ. ඒගැන හරියටම කීමට මට දත්ත නැහැ. නමුත් පැරාගේ බ්ලොගයේ එම කමෙන්ට් එක ඉවත් වී තිබුණා නම් මෙම ප්‍රශ්ණය එන්නේ නැහැ. කලින් පෝස්ට් කේ මම කීවේ එලෙස එවන් පෝස්ට් ඉවත් වෙනවා නම් හේතු සහිතව හෝ රහිතව චෝදනා එල්ල වීමත් ඒ නිසා හිත් අමනාපකම් ඇතිවීමත් ටිකක් හරි අඩුකරගන්න පුළුවන් බවයි.

      Delete
    5. ඉයන්......මගේ අදහසින් වැඩක් නැහැ, මොකද මම එක්ස් බ්ලොගෙක් නිසා//

      අරූ උඹ ලිවිල්ල නැවැත්තුවෙ මොකද? මට හිතෙනව උඹ.... (එක්කෝ ඒක ඕන නෑ).....
      ආයෙ ලිවිල්ල පටන්ගමුද?

      Delete
    6. අරූගේ අඩවිය නැවත පටන් ගනු !!!! කියලා බැනර් එකක් හදලා බෙදාගෙන හැමෝම බ්ලොග් වල දාගමුද රාජ්?

      අරූ උඹ බ්ලොග් එක නොලිවීමෙන් කියවන අපිට කරන්නේ මහා අසාධාරණයක් බව උඹට ඉක්මනට තේරෙයි කියා මම හිතනවා.

      Delete
    7. @සරාස්තුමා, ජැන්ටල්මෑන්ලා කලු නිකර් ඇන්දොත් තවත් ජෙන්ටල්මෑන්ලාම පස්සෙන් එන්න පුලුවන්.

      //මගේ අදහසින් වැඩක් නැහැ, මොකද මම එක්ස් බ්ලොගෙක් නිසා//

      @AP, ඉයන්තුමා ට්‍රිපල් එක්ස් බ්ලොගෙක් වෙන්න අර අඳින්නේ; make up sex ගැන ලියනවලු.

      Delete
    8. අරුණ පෙරේරා යනු සුදන්නට පපර ගසනා කෙනෙකි.. ඊමේල් පරික්ෂෘවේදි හසු විය..

      Delete
    9. දේශා.....පපරා පාං....සුද්දෝ හොල්මං වෙනවා බං පපරා ගැහුවම. ඉඳගෙන නටනවා. සුද්දියෝ ඊට හපන්.

      Delete
    10. // විචා ගේ පෝස්ට් එක දැක්කාම එම චෝදනාවට ඔබ වග කිවයුතුයි යන්න මට නම් විශ්වාසයක් නැහැ. ඒගැන හරියටම කීමට මට දත්ත නැහැ. //

      විචා ස ර සතුමා ට චෝදනා කොලේ ඇනෝ ඇවිත් මඩ ලිවුවා කියලා නෙවෙයි...

      විචා ස ර ස තුමා ට චෝදනා කොලේ හැම පොස්ට් එකටම අදාල නැති දේවල් ලියමින් කාලේ කන මෝඩ අන්දරේ කෙනෙකු ලෙස හා නොදන්නා දේවල් ගැන හරයක් නැති ලියනා පුස්සෙකු බවය.

      විචා කියන්නේ සීයට දෙසීයක් ඇත්ත නිසා එම වචන සුවල්පය ස ර ස තුමා හිස නමා පිලිගන්නවා....

      එතන කාටවත් හිත රිදීමක් ඇති වුනේ නෑ... විචා ට දැනෙන දේ ඔහු කීවා... ස ර ස තුමා ඒ කීම ඇත්තක් නිසා කට වහගෙන අහගෙන හිටියා හිටන්!

      Delete
    11. mata hithena hati liyanne aru da kiyaa maa hithuwe

      Delete

    12. //විචා ස ර ස තුමා ට චෝදනා කොලේ හැම පොස්ට් එකටම අදාල නැති දේවල් ලියමින් කාලේ කන මෝඩ අන්දරේ කෙනෙකු ලෙස හා නොදන්නා දේවල් ගැන හරයක් නැති ලියනා පුස්සෙකු බවය.//

      සරාස්තුමෝ ඔබතුමාගේ සකල කලා වලින් මට තාම ප්‍රගුණ කරලා සහතිකයක් ලැබුනේ "සාමාජීය නිකමා"භාවය විතරයි. ඉතුරු ටිකටත් ටියුෂන් දුන්නොත් යහපති. පුලු පුලුවං හැටියට අදාල නැති අංදරේ කම මං කොරගෙන යනවා. තාම සහතිකේ ලැබුනේ නෑනොව ඉඳං.

      Delete
    13. ප්‍රා......මම මේ BJ බයිබලේ කියවනවා.

      3.30 PM ANO.......මට හිතෙන හැටි මගේ නෙමේ මචෝ. ඒක උගේ.අරූගේ නෙමේ.

      Delete
    14. This comment has been removed by a blog administrator.

      Delete
    15. සමාවෙන්න ටිලාන් එකිනෙකාට චෝදනා කිරීමෙන් ඇතිවන්නේ තවත් විසංවාදයක් නිසා පෝස්ට් එකේ අදහසට හානියක් විය හැකි යැයි සිතුණු නිසා ඉවත් කලා. බොහොමත්ම ස්තූතියි ඔබට.

      Delete
  14. ඉයන් මේ පෝස්ට් එක මකන්න එපා කියලා යෝජනා කරනවා මම. මොකද අනාගතයේ කියවන අයට පැවතුන අර්බුදතා හා ඒවා මැඩ පවත්වන්නට එක් එක් අය ගත් පියවරයන් ගැන කියවන්න පුලුවන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙතන මවාගත්තු අර්බුදයක් තියෙන්නේ.. I think I know what Ian want!!

      Delete
    2. ඔව් ඔව් මේව කරල තමයි මගේ බ්ලොග් එකේ හිට්ස් වැඩි කරගන්නෙ. ඔය ටොයි කථා කට් පේස්ට් කරනවට වඩා වැදගත් යමක් ලියන්න හැකියාව නැතුව හිට්ස් වැඩි කරගන්න ඕන නම් කාගෙ හරි සිංදු හරි නැති අර්බුධ හරි අරගෙන පෝස්ට් දාන්න කියල ණුවනක් පහල වුණා. ඒක නැගලම යනව.

      Delete
    3. I think you think what Ian thinks but maybe all three of us think wrong.

      Delete
    4. I think Pra think What Ian writes is wrong???? haka haka

      Delete
  15. මං බ්ලොගර් කෙනෙක් නොවන නිසා අදාල නෑ. මට හිතෙන්නෙ නම් ප්‍රොෆයිල් තියනවනම් කම්පියුටර්/ෆෝන් එකේ අවුලක් නැත්නම් ඇනෝ එන්නෙ නැතුව කියන්න ඕනෙ දේවල් කියන්න පුලුවන්කියලයි. එහෙම බැරිනම් ඇනෝ දාන්න, බ්ලොගර්ගේ අභිමතයට අනුව කපන්න.බ්ලොගර්ස්ලා පුලුවන් නම් එකතුවෙලා එකඟත්වයකට ඇවිල්ලා කරන්න.

    මං නම් ප්‍රොෆයිල් ඇවිල්ලා ලව්පූස්තුමාට හා පත්තරමල්ලිඅයියාට අපහාස පුදකිරීම නොනවතිමි

    ReplyDelete
    Replies
    1. //මං නම් ප්‍රොෆයිල් ඇවිල්ලා ලව්පූස්තුමාට හා පත්තරමල්ලිඅයියාට අපහාස පුදකිරීම නොනවතිමි//

      ප්‍රාජේ ගේ එවන් කමෙන්ට් මගේ බ්ලොග් එකේ වැටුණොත් ඒවා ඩිලීට් කිරීම මම ප්‍රතික්ශේප කරමි.

      Delete
    2. හැබෑට මං මේ අහන්නමයි හිටියේ අතිගරු අයිවන් ලව්පූස් තුමාට මොකද උනේ... මල්වානේ කේස් එකට අහු උනාද?? නැත්නං රෙනෝ ක්විඩ් එකක් වත් ගත්තද අර වතුරේ පාවිච්චි රතු පාට එක විකුණල..

      Delete
    3. ප්‍රා ජේ උත්තමයාගේ අපහාස කිරීමේ අයිතිය හිස නමා දණ නමා ස්තූති පූරවකව භාර ගනිමි.. :D

      -ලේකං මචං-
      කො කා ස

      Delete

  16. කැමතියි...

    // කරුණාකර උදව්වක් විදිහට, කැමතියි / අකමැතියි කියන වචන දෙකෙන් පමණක් පිළිතුරු දෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. // ඔන්න කියලා තියෙන විදිහටම කමෙන්ට් කරා ;)

    ReplyDelete
    Replies
    1. මාත් කැමතියි.. හැක්..

      Delete
    2. ඉයන්ව පේජ් බෝයිටවත් ගන්න එහෙනං

      Delete
    3. අපේ කෙට්ටු උස ප්‍රාජේ තුමාව පෝරුවේ කණුවකටවත් ගන්න තුශාණි & දේශක

      Delete
    4. මගේ 50% නං හරි .. ඕ යේස්

      Delete
    5. පොරොන්දං, මූනිස්සං, පත්පාඩගං එහෙම බැලුවයි?
      ලැච්චරර්තුමෝ කරන එකක් ලව්පූස් එන්න ඉස්සර කරගන්න , මෑන් කඩ පේලියක්ම වසම් කියල ඔක්කොම බ්ලොග් කාංතාවො කියනවා

      Delete
    6. බොහොම ස්තූතියි තුශාණි.

      පත්තරේ ! අපි හැමදාම 50% තමා.

      Delete
    7. @ දේශ් - හානේ ශෝක්.. හි..හි...

      Delete
    8. @ Pra Jay & ඉයන් - හරි හරි අපි කට්ටියම ගන්නම්කෝ.. පොරොන්දම් අනවශ්‍යයි ;)

      හැබෑට ලව් පූස් කඩ පේලියක්ම වහලද ?

      Delete

  17. හිතට නොගෙන යන ගමනට
    තුන් ලෝකෙන් එන තහංචි
    පුංචි පුතා ලොකු වෙනකොට
    ලොකු කම් කළ යුතුයි පුංචි...

    හඳට ගිහින් හඳ පාගා
    ආපහු එන යුගයකි මේ
    තවමත් අපි මහ පොළවේ
    ඉන්නා එක නොවැ පුදුමේ...

    කළොත් පුහුණු තමන්ගෙ හිත
    හඳ ගෙන එන්නත් බැරි නැත
    සැලසෙන කාගෙත් යහපත
    වැඩක නිතර යොදවමු අත...

    අයන්න මෙන් මුල් තැන ගෙන
    හැම තැන පෙරමුණ ම ලබා
    බාධක කටු පඳුරු මුලින්
    ගලවා වෙන අතක තබා...

    ගඟ බැසගන යන්නා සේ
    තද ආත්ම විශ්වාසේ
    දිනුවොත් ලොව දිනුවා සේ
    ඔබමයි දෙවියා දේසේ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පත්තරේ, මේවගේ ලූස් මාතෘකාවකටත් සිංදුවක් හොයා ගත්තට.

      වැඩක නිතර යොදවමු අත...//
      ඕක නම් ඉස්සර කරපු එකක් තමයි. හැක්

      Delete
    2. "ඉයන්න මෙන් මුල් තැන ගෙන" ලෙස නිවැරදිවියයුතුයි.

      මේ "බ්ලොග් නිවනට මග" යනුවෙන් ඉයන් තුමා මුල් තැන ගෙන කරන ධර්ම සංගායනාවක් බව රෝම වැසියන් දන්නෙ නැද්ද පිංවත?

      Delete
    3. යටගිය දවස ඉයන් නම් ප්‍රාදේශීය යුවරජෙක් දසරාජ ධර්මයෙන් රට කරවන කල්හි මහා බ්ලොග් සංගායනාවක් පවත්වා දුහුණන් පලවාහැරපියා බත බුලතින් සරුකොට කොමන්ට් වැව් බඳවා ඇනෝ දුගීන්ට දහසින් බැඳ පියළි දෙවා සතර වාහල්කඩ ෆයර්වෝල් යොදා රාජ්‍ය විචාල බැව් හුදී ජන පහන් සංවේගය මෙහි ලියා තබන්නට වම්හ.. !!!

      Delete
    4. //යටගිය දවස//

      මට මඩ ගහන ඒවා තියෙන්න අරිමු නේද? හැක්. ඒක නෙමෙයි පත්තරේ කෝ මගේ අන්තඃපුරය? අර බෝඩ් එක ගහල තියෙන තැන ඉන්නෙ ඔක්කොම 70 ට වැඩි අයනෙ

      Delete
    5. lasssna nisadAsa paththara malli :)

      Delete
  18. ඉහතින් දැමූ කොමෙන්ටුව කෙසේ රිමූ වූවා දැයි තාම කල්පනා කරනවා....

    කැමතියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වැව්. එය ඩිලීට් වී ඇත්තේ ඔබ අතින්මයි.

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ප්‍රා තුමා ඔහුටම මඩ ගසාගෙන ඉහත කමෙන්ට් එක ලියා, ඔහු විසින්ම එය ඩිලීට් කරන ලදී.

      Delete
    2. මං තුමා ඉයං තුමාගේ බ්ලොග්ධර්මදානයෙන් සංතර්පණයවී සකුන්තලාගාමීබව ලබා බ්ලොග් නිවනට මගේ "තව පාරක්" ඒකාග්‍රව සංසුංව ගමනේ නිසා අනික් කියන කරන දේ ගැන සිහියක් නැත.

      Delete
  20. Why these blogs can't comments with our voices... think about it...can't imagine the noise ..:) :)

    ReplyDelete
    Replies
    1. Then we would have to play each clip one at a time. So there will not be a confusion. Great idea by the way. May materialize before long.

      Delete
    2. http://www.macmillandictionary.com/us/dictionary/british/turn-the-air-blue

      Delete
    3. :) then probably you have dogs' ears lol

      Delete
    4. ane manda Iyan what kind of ears. I like where I'm living now & my life... my wish is keep this life for me until my death..:)

      Delete
    5. uncertainty is the only thing that is certain in life my dear friend.

      Delete
  21. this is already in place Ian. So, I agree... the problem is, no posts to comment.. :D

    ReplyDelete
    Replies
    1. Is it ? how nice wud that be? many new posts to comment on, senna

      Delete
  22. //පෞද්ගලික ජීවිත ඈඳා නොගෙන ඕන රෙද්දක් කරගන්න කියන හිඟන ආයාචනය විතරයි බ්ලොග්ස් කියවන්නෙක් හැටියට අති පාරිශුද්ධ බ්ලොග් ලියන මහත්තුරුන්ගෙන් ඉල්ල සිටින්නේ.//

    අරූගෙන් උස්සල මෙතන කොපි පේස්ට් කලේ.

    ReplyDelete
    Replies
    1. ඕන රෙද්දක් කියල ඉංගිරීසියෙන් කියන්නෙ any cloth කියල නේද? ස්තූතියි කමමලේ

      Delete
  23. Replies
    1. බොහොම ස්තූතියි ගුණසිංහ මහත්මයා

      Delete
  24. පෞද්ගලික මට්ටමේ මඩ ගැසීම් වලට මමත් අකමැතියි.. ඒ නිසා ඒවා ඉවත් කරමු කියන යෝජනාවට කැමතියි..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි පැතුම්

      Delete
  25. ඉයන් බ්ලොග් පොලිසියේ සාජන් කම ගන්නද යන්නේ.
    මේවා ලියන්නේ පහේ සිස්සත්තෙට සුජානම් වෙන ළමයි නෙවෙයිනේ. දැනුම් තේරුම් ඇති වැඩිහිටියොනේ.
    ඕන එකෙක් ලියපුවාවේ. ඕන එකෙක් මකාපුවාවේ. ඉයන් කලබල වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. පහේ ශිෂ්‍යත්වය සමත් වන අයටත් ඔබතුමාට වඩා යමක් කියවා වටහා ගැනීමේ හැකියාව තිබෙනවා. ස්වයං වාරණ සහ පොලිසියකින් නීති ක්‍රියාත්මක කිරීම අතර වෙනස ගැන තේරෙන්නෙ නැත්නම් ටියුෂන් වත් යන්න.

      Delete
    2. ස්‌වයං වාරණ වලට බ්ලොග් පොස්ට් දාල අනිත් අයවත් අල්ලගන්න ඕනේ නැහැ.
      ඔයාට ඕනෙනම් ස්වයං වාරණ දාගන්න. එකේ ඇති අවුලක් නෑ. අනිත් අයව පටලවගන්න එපා මේවට.

      Delete
    3. ඔබට අන් අය වෙනුවෙන් අදහසක් ප්‍රකාශ කරන්න අයිතියක් තිබෙනවාද? කවුරුන් විසින් දුන් අයිතියක්ද? මට අන් අයගේ අදහස් විමසන්න අයිතියක් තියෙනවා. විශේශයෙන්ම මගේ බ්ලොග් එකට එන අයගෙන්.

      කරුණාකර මගේ බ්ලොග් එකේ අනුන්ට කුලියට කහින්න එන්න එපා.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. නිර්ණාමිකව පුද්ගලයින්ට අපහාස කිරීමට ඇති අයිතිය රැකගන්න සටන් කරන මේ ඇනෝගේ කමෙන්ට් එකක් මෙවර මකා දැමීමට සිදුවිය. ඊලඟ අවස්ථාවේ සිට ස්පෑම් කරමි.

      Delete
  26. බලාගනී මං කරන වැඩේ මගේ කමෙන්ට් එක මැකුවොත් :)

    ReplyDelete
    Replies
    1. ඔබතුමී ගේ කමෙන්ට් එකක් මොන හිතකින් මකන්නද? කාලෙකට පස්සේ මේ පැත්තට ආවට බොහොම පිං.

      Delete
    2. හි හි විහිළුවක් කරේ අනේ.කම්මැලි අනේ කිසිම දෙයක් කරන්න හිතෙන්නැහැ

      Delete
    3. දරා ගන්න පුළුවන් නම් ජෝජ් ගැන මතක කියලා පෝස්ට් එකක් දෙකක් ලියන්න. ඒක ලොකු සැනසීමක් වේවි. අපිටත් ආසයි ඔබේ ඒ හිටපු හිතවතා ගැන තව දැනගන්න.

      Delete
  27. Replies
    1. බොහොම ස්තූතියි විචාරක

      Delete
  28. Replies
    1. බොහොම ස්තූතියි ටිලාන් :)

      Delete
  29. කමෙන්ට් ඉවත් කිරීමෙදි, නිකන්ම ඩිලීට් නොකර රිමුව් ෆොරෙවර් කරොත් නරක්ද? නිකන් ඩිලීට් කරාම කමෙන්ට් එක දාපු බව පේනවා ඒත් අන්තර්ගතය නෑ. ඒක තව ප්‍රශ්නයකට මුල. මේ පුද්ගලයා මොකද කිවුවේ. ඇයිද මැකුවේ. එහෙම නොවෙන්නම අයින් කරන එක වඩාත් හොද නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකේ පමණක් පමනන්ට් ඩිලීට් කලේ නැහැ. බොහොම ස්තූතියි ඩිනෙශ්

      Delete
  30. Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණි. පින්තූර වලට කැප්ෂන් දාන්න ඔබ කරපු ඉල්ලීම හැමෝම අනුගමනය කරන බව දැකීමට සතුටුයි.

      Delete
    2. ඔවු ඉයන්... මටත් ගොඩක් සතුටුයි.. දැන් ගොඩක් අය ක්‍රියාත්මක වෙලා තියනවා..

      Delete
  31. මේකේ තියෙන ඒවා දැක්කාම මට නම් අතනින්ම තමයි හිනා යන්නේ... ඒ කියන්නේ අනුන්ට අපහාස් කරපු කොමෙන්ට්ස් තාමත් තියාගෙන ඉන්න උන් මෙතන ඇවිත් බණ කියනවා.. එතකොට ඉයන් ඒවා ගැන වග කියනවද..? ඉයන්ගේ දේවාලෙට පව් කාරයන්ටත් එන්න පුළුවන්ද..? එතනම වැඩේ ලොප් නේද? එක දෙයක් මතක තියාගන්න ඉයන්.. අම්මට සිරි ලංකාවේ ඉන්නේ

    හැමදාම පන්සිල් ගන්න අය...

    ඒ ඇයි කියලා ඉයන් දන්නවා නේ..

    ReplyDelete
    Replies
    1. නෑ මාතේ මට ඒවට වගකියන්න බැරි බව උඹ දන්නවනෙ. මේක කියවන අනික් බ්ලොග්කරුවන් ඔවුන්ගේ බ්ලොග් වල අනාගතයේදී අපහාස කමෙන්ට් වැටුණොත් ඒව මකන්න මතක් වුණොත් ඇති නේද. සමහර තිබෙන වලි/ප්‍රශ්ණ නැති වෙන්නෙ නැතිවෙයි. අනාගතයේ තවත් වලියක් යන එකවත් නැවතුණොත්?

      Delete
  32. මම නම් අකමැතියි.
    ස්වයං විනයක් පවත්වා ගැනීම බ්ලොග්කරුවා සතු වගකීමක්.
    මම හිතන්නේ මේ ලිපියත් පෙර ලිපියත් ඉයන් ලිව්වේ යහපත් චේතනාවෙන් උනත් එකෙන් උනේ මේ තුවාලේ තවත් පැරුණු බවයි.ලිපි දෙකට ආපු කමෙන්ට් වලින්ම එක ඔප්පු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ සමඟ එකඟයි මනෝජ්. සමහර වෙලාවට බ්ලොග් කරුවා කමෙන්ට් ඔක්කොම තියෙන්න අරින කෙනෙක් නම් එයින් වෙන බ්ලොග් කරුවෙකුට වෙන අපහසුව නොතේරෙන්න පුළුවන්. විචා ගෙ ප්‍රශ්ණෙදි වුණේ එහෙම එකක්.

      තිබෙන තුවාල සුව වෙන්න කල් යන්න පුළුවන්. සුව නොවීම තියෙන්නත් පුළුවන්. උත්සාහය තිබෙන තුවාල සනීප කිරීම නොව අළුතින් තුවාල සෑදීම එකකින් හෝ වැලැක්වීම.

      Delete
  33. කියල තියෙන විදියට ඉතිං කැමතියි කියන්නං. ඒත් අනේ මගෙ දුප්පත් බ්ලොග් පිටුවෙ ඕම ඒව වෙන්නෑ. ඔන්න මටනම් නිර්නාමික ආරධනාවක් ඇවිත් තිබ්බ දුරකතන අංකත් එක්කම. හමුවෙන්න, රහස්‍ය බව රකිනව කියල. හැක්... හොඳ වෙලාවට තිබුනෙ ස්පෑම් ගොඩට වැටිල. කවුරුහරි දැක්කනම් හිතයි මගෙ දුප්පත් මොන්ටිසෝරි බ්ලොග් එක වැඩිහිටියන්ට පමණයි කියල.

    ReplyDelete
    Replies
    1. ආ ලේ.හී ඒ මම එවපු එකක්නෙ. කෝ හම්බුවුනේ නැහැනෙ. හෙහ් හෙහ්. අද නොවුනට කවද අපහාස කමෙන්ට් වැටුණොත් හරි වුණොත් ඒවා මකා දමන්න.

      Delete
  34. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මෑතකදී යන්න ඈත කාලයේදී ලෙස නිවැරදි වියයුතු .

      Delete
    2. ඇනෝ බොහොම ස්තූතියි. ඔබ එක්තරා බ්ලොග් කරුවකු වෙන බ්ලොග් කරුවකු සමඟ සිදුවූ 'වලියකදී' කීදෙයක් පොස්ට් කර ලඟදී සිදුවූයේ ඔහුට 'රිටර්න්' එක වැදීම බව කියා තිබුණා. එය වූයේ ඔහුගේම බ්ලොග් එකේ හෝ ඔහු සමඟ වලියට ගිය කෙනාගේම බ්ලොග් එකේ නම් හෝ එම දෙදෙනාම වෙන බ්ලොග් එකක් ගිය වලියකදී නම් ඒවා ඒගොල්ලන්ගේ කැමැත්ත.

      මම කියන්නේ උදාහරණයකට X සමඟ ප්‍රශ්ණයක් ඇති Y නැමැති බ්ලොග් කරුවෙකු Z නම් වෙනත් බ්ලොග් කරුවකුගේ බ්ලොග් එකක X ට විරුද්ධව අපහාස කමනෙට් දමන් අවස්ථාවක් ගැන.

      ඔබගේ කමෙන්ට් එකේ දැනට විසඳී ඇති එම අවුලට සම්බන්ධ එක් පාර්ශවයකට අපහාස වන අන්තර්ගතයක් තිබූ නිසා ඩිලීට් කරා. සමාවන්න.

      Delete
    3. සමාව ඉල්ලීමට තරම් දෙයක් නැහැ ඉයන්. එම කමෙන්ටුව ඉහත යෙදුවේ නැවත වලියක් ඇවිලවීමේ අරමුණෙන් හෝ අයෙකුට මඩ ගැසීමේ අදහසින් නොව ඔබේ අවධානය සහ විශ්ලේෂණය සඳහායි. ඔබටද තේරුම් යන්න ඇති බොහෝ දෙනෙකුගේ අල්මාරි වල ඇටසැකිලි අති බව.

      මා එකඟ වනුයේ අරුණ සහ සාරස සමගයි.

      Delete
    4. ඔබට නැවතත් බොහොම ස්තූතියි. ඔබ කියන දේට එකඟයි. කෝප වූ අවස්ථා වලදී එකිනෙකාට විවිධ දේ කියා ගන්න එක අපි හැමෝම කරන දෙයක්. අපි කවුරුවත් පර්ෆෙක්ට් අය නෙමෙයි. පෞද්ගලික ආරවුලකදී ප්‍රශ්ණය ඇතිවන්නේ දෙදෙනෙක් අතර වුණත් මේ වගේ අවකාශයක ඒක හැමෝටම කරදරයක්. එහෙත් ඒවා ඇතිවීම සම්පූර්ණයෙන්ම නවත්වන්නත් බැහැ. මේ සංවාදයේ අදහස නම් තමන්ගේ බ්ලොග් වල අනුන් ගැන වැටෙන අපහාසාත්මක කමෙන්ට් ගැන අවධානයෙන් සිටීමට කරන උත්තේජනයක් විතරයි.

      Delete
  35. //තමන්ගේ බ්ලොග් එකේ වෙන බ්ලොග් කරුවෙකුට අපහාස වෙන විදිහට යමක් කමන්ට් එකක් විදිහට පළ වුණොත් ඒක ඉවත් කරන්න එකඟ වෙමුද? අදාල බ්ලොග් කරුවා ඉල්ලීමක් කලත් නැතත්.// එකඟයි

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි දුකා

      Delete
  36. මට එකඟ වෙන්න ලෙහෙසයි. මොකද මගේ එකට බොහෝ දෙනෙක් කමෙන්ට් දාන්නෙත් නැහැ. දැම්මත් අනිත් අයට අපහාස කරන්න යන්නෙත් නැහැ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උඩුවා :)

      Delete
  37. ඇනොනිමස් ලෙස පොස්ට් කරන කමෙන්ට්ස් නම් ඉවත් කළ යුතුය් ඒවා අසභ්‍ය නම් . ම් ම් ම් ම් ම් ම් කැමතියි එහෙම ඒවා ඉවත් කරනවට

    ReplyDelete