Tuesday, August 16, 2016

ඡන්ද ප්‍රතිඵලයක්





මීට කලින් පළ කල ජීවිතය හා බැඳුණු ගීත සහ පොඩි තරඟයක් පෝස්ට් එකට ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම බොහොම ස්තූතියි. 


ගීත තුනක් නම් කිරීමේ අභියෝගයට ප්‍රතිචාර දැක්වූ කල්‍යාණ මිත්‍ර, සෙන්නා, ඉවාන්, රසික, මාතලන්, ප්‍රසන්න, කසුන්, ගිම්මි, පත්තර මල්ලි, අටම්පහුර  දුකා, හංසි, කම්මල, කපිල වස්තු, ලොකු පුතා, නිම්නයක තනිවී, X  porter, නිර්මාණි, තිලක සිත, විචාරක, දුමින්ද, ඉන්දුමතී, තරිඳු, ගස් ලබ්බ, පොකුරුවැහි යන මිතුරු මිතුරියන්ටත් ගීත නම් නොකොට අදහස් දැක්වූ ඉකොන්, කවිඳු, සා රස, ලිඛිතා, සින්දු ඇනෝ, ආදී මිතුරු මිතුරියන්ටත් බොහොමත්ම ස්තූතියි. 

තමන් කැමති ගීත 16 ක පෝස්ට් එකක් පළ කිරීමෙ අභියෝගය  භා ගත් සියළු දෙනාටත් දැනටමත් පෝස්ට් දැමූ කල්‍යාණ මිත්‍ර ,  හංසි,   නිර්මාණි    අටම් සහ තරිඳු ( සොමියා ), සිතුවිලි සිතූ, ගස් අබ්බ, රවී (නිදහස් සිතුවිලි ), අජිත් ( කොලඹ ගමයා ) ටත් සුබ පැතුම් සහ ස්තූතිය.


තරඟ තීරක ලෙස ගරු සේවයක් කල ප්‍රා ජේ මහතාගේ පණිවිඩය පහත දැක්වෙනවා. 

 තරඟ තීරක අතිගරු ප්‍රා ජේ නීතීඥ තුමාගේ පණිවිඩය


මා ඉදිරිපිට කුසපත් ඇදීමෙන් අහඹු ලෙස තෝරාගත් ගීත තුන පහත දැක්වේ.

7 - මේ බස් නැවතුම  10 - යෙහෙළියක සේ 11. තුන්සිත දැහැගතවෙනා  

එක ගීතයක් නම් කල අය - ප්‍රසන්න, ඉවාන්, රසික, ගිම්මි, පත්තරේ, දුකා, කපිල වස්තු, ලොකු පුතා, නිර්මාණි, තිලක සිත, ඩූඩ්, සිතූ, දුමින්ද, සහ පොකුරු වැහි.

ගීත දෙකක් නම් කල අය - කල්‍යාණ මිත්‍ර, සෙන්නා, කම්මල, සහ තරිඳු චතුරංග (සොමියා) 

ගීත තුනම නම් කල අය නොමැති බැවින් ත්‍යාග මුදල ගීත දෙකක් නම් කල අය අතර බෙදී යයි. අදාල මුදල මා  සතුව ඇති අතර මා වෙත බැංකු ගිණුම් අංක එවන ලෙස ඉල්ලා සිටිමි. 



තරඟ තීරක










55 comments:

  1. දිනපු ඈයොන්ට සුබ පැතුම් !!

    අඩුගානෙ එකක් හරි තිබ්බ එක මදෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ ප්‍රසන්න

      Delete
  2. ඉක්මන් තරගයක්. ඉක්මන් ප්‍රතිඵලයක්. සුභ පැතුම්. නිවාඩුවක් ලැබුනාම ආසම ගීත 16 ක් දාන්න උත්සාහ කරන්නම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම දාන්න දුමින්ද .

      Delete
  3. :D ඉයන් මාමගෙ පෝස්ටු නිසා කට්ටිය දැන් හරි හරියට කැමතිම සිංදු 16 තෝරනව.ඒකෙන් තව ලස්සන අහපු නැති සිංදු ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි.මම වගේ පෝස්ටුවක් දාන්න කම්මැලි කමේ ඉන්ට ළමයෙකුත් පෝස්ටුවක් දාන මට්ටමටම ඇවිස්සුවානෙ :D මේක නම් හොඳ වැඩක්.ස්තූතියි ඉයන් මාමෙ :) :) :) ......... තෑගී ගත්ත හැමෝටම මගෙන් සුබපැතුම් :D :) ^_^

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි හංසියෝ කොහොම හරි පෝස්ට් එක ඉක්මනටම දැම්මනේ.

      Delete
  4. අඩේ..මාත් ලියනව කැමතිම සිංදු 16 ගැන. ඒත් වැඩේ බං එක සිංදුවක් ගැන පසුබිම් කතාව ලිව්වම එතනම පෝස්ට් එකක් ලියවිලා. ඒ හින්ද පෝස්ට් 16 දාන්න කියලයි මම හිතාගෙන ඉන්නෙ...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ...

      Delete
    2. එහෙම නම් අපිට ඒ පෝස්ටුව ආත්ම කීයක්නම් කියවන්න වෙයිද මන්දා???????????????????????????

      Delete
    3. බුදු අම්මෝ රවී.
      I can predict one song 'ආදර නිල් දෑසේ'.

      Delete
    4. රවී ගී ගීත ගායනයත් මරු

      Delete
  5. දහය හතරට බෙදුවම අර වෙරලු ගෙඩිය අටට කැපුව වගේනේ..කාටවත් නෑ..සත් ගුනවත්, දානපති ඉයන් තුමා.... දෙන්නකෝ අඩුගානේ පන්දාහේ කොල හතරක්වත් ඔය ලමයි හතර දෙනාට..සක්...!

    ReplyDelete
  6. ප්‍රසන්න, ඉවාන්, රසික, ගිම්මි, පත්තරේ, දුකා, කපිල වස්තු, ලොකු පුතා, නිර්මාණි, තිලක සිත, ඩූඩ්, සිතූ, දුමින්ද, සහ පොකුරු වැහි ඇතුළු අපේ පක්ෂයට එක ආසනයක් හිමිවෙලා තියෙනවා , ඒ නිසා අපි තමයි මෙතන තීරක බලවේගය . මේ රජය තුලින් අපේ අභිවෘද්ධිය සඳහා උපරිම කේවල් කිරීමේ බලයක් අපි ලබා ගන්නවා . ඊළඟ මැතිවරණයේදී අපි තුන්වන බලවේගය බවට පත්වන අතර ඊට පසු මැතිවරණයේදී රජයක් පිහිටුවීමට බලාපොරෝත්ටුහ් වෙනවා

    මීට තනි ආසනයක් ලබා ගත පක්ෂයේ ප්‍රචාරක ලේකම්

    ReplyDelete
    Replies
    1. ඉවාන් තනි අලියා වගේ සැර වෙලා....!

      Delete
    2. චේ සහ විමල්... එකම වේදිකාවක!

      Delete
    3. අන්න හරි, අරින්නෙපා. ඕන උනොත් පාද යාත්‍රාවක් හරි යං.

      Delete
  7. හෑ? පැරදිලා නෙහ්? හරි ඊලඟ චන්දෙදි දෙන්නම් පුතෝ.

    දිනපු හැමෝටම සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අතාරින්න එපා කසුනෝ. බොහොම ස්තූතියි මචං

      Delete
  8. ආ එකක් හරියට කියලානේ....

    තෑගි නැතුවට මේ වැඩේ හරිම අපූඍුයි ඉයන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණි. ඔබගේ ලිස්ට් එකත් අපූරුයි

      Delete
  9. Replies
    1. අටම් මචං බොහොම ස්තූතියි. ලින්ක් එක පෝස්ට් එකට දැම්මා.

      Delete
  10. දැන් ඒ දහදාහ වෙන තරඟෙකට යොදෝමු. බ්ලොග් ප්‍රවර්ධනයට මේක නියම වැඩක් ආ . . හිරු ඇහුවොත් සල්ලි තමයි . . . හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුකා. ත්‍යාග මුදල් නොදුන්නොත් විශ්වාසය බිඳෙනවානේ. තව මාස දෙකකින් විතර වෙන තරඟයක් තියමු.

      Delete
  11. 'ජන්ද පොර්තිපලත්' දුන්නට පස්සේ, ආයේ පෝස්ට් ලියන්න කම්මැලියි අප්පා.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිඵල ආවේ පළමුවෙනි අභියෝගයේ. දෙවෙනි එක සිංදු 16 දාන එක. ඔහොම අධෛර්යට පත්වීම යුධ හමුදාවට හොඳ නැහැනෙ. හැක්

      Delete
  12. ලිව්වා :D

    https://sonduruminisa.blogspot.com/2016/08/16.html

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොමියා ,

      Delete
  13. අමුතු දෙයක්.

    ReplyDelete
  14. සින්දු ගැන කතා වෙන නිසා අහන්න ප්‍රශ්නයක් තිබෙනවා. සින්දු දෙකක් ගැන!

    එකක්, 2002 වසර වගේ කාලයේ සිරස රූපවාහිනියේ විකාශනය වුණ ගීතයක්. මතකයේ හැටියට අමරසිරි පීරිස් මහත්මය ගායන කලේ. "ඔබ සුදුද මම කළුද, ඔබ සුදු වන්නේ මම කළු හින්දා" වගේ පද පෙළක් තිබුනේ. සාපෙක්ෂතවයට සම්බන්ධ සමීකරණයත් එක්කම ඇල්බර්ට් අයින්ස්ටයින් ප්‍රඥයාගේ පින්තූරත් රූප රචනයේ තිබුන. මේ ගීතයේ වෙබ් සම්බන්දියක් තිබෙනවා නම් දැන ගැනීමට කැමතියි.

    අනෙක, 2000 වර්ෂයට ආසන්න කාලයක ස්වාදීන රූපවාහිනියේ විකාශය වුණ ටෙලි නාට්‍යයක ගීතයක් තිබුන, ගායන කලේ අසංක ප්‍රියමන්ත පීරිස් විය යුතුයි, පද වැල " සොඳුරු ලොවක් ගැන ඔබ මා පැතුවද අද එය බිඳ වැටිලා, මා හද තුල රැඳී ඔබ ගැන මතකය නෑ තව වියැකීලා" වගේ මතක. එම ටෙලිනාට්‍යයේ ප්‍රධානය චරිතය රඟපෑවේ රොෂාන් පිලපිටියයි. මේ ගීතයේ වෙබ් සම්බන්දියක් තිබෙනවා නම් දැන ගැනීමට කැමතියි.

    සමහර විට වැඩිය දැන් ඇසෙන්නේත් නැති සිංහල තිබෙන නිසා සිංහල ගීත ගැන කතා කිරීමේ රැල්ලක් බ්ලොග් අවකාශයේ ඇතිවීමත් බොහොම හොඳ දෙයක් ලෙසයි මට පෙනෙන්නේ. අපිට අසුවල් ගීත අසන්නය කියල තරුණ යට බල කරන්නට අයිතියක් නැති වුනත්, මෙවැනි ගීත අන්තර්ජාලයේ ඇසීමට තිබේය කියල දකින බ්ලොග් කියවන තරුණ පරපුර ඒවාට යම් ආකර්ෂණයක් දක්වාවි යයි මම හිතනවා. මෙහි යම් වටිනා කමක් පෙනෙන බැවින් කැමති සින්දු 16ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ගැන කුඩා ලිපියක් ඉදිරි සතිය ඇතුලත ලියා තැබීමට සිතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙන්කි‍යුෂා, ඔබේ ලිස්ට් එකත් බලන්න ආසාවෙන් ඉන්නවා

      Delete
  15. නියමයි වැඩේ... ගස්ලබ්බට ඇපත් නෑ වගෙ.. හෙහ් හෙහ්
    අන්න අටමත් සුපිරි සෙට් එකක් බස්සලා..
    ජයවේවා..!!

    ReplyDelete

  16. තෑගි බලාපොරොත්තු නොවේ. ඉයන්ටත්, ප්‍රාජේ ටත් ස්තූතියි..

    වන් මෝ ප්ලීස්...

    චිත්‍රපටි, නවකතා, කෙටිකතා, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, බල‍ොග් ලිපි... ඔය තියෙන්නේ ගමකට...

    ReplyDelete
  17. දිනපු අය​ට සුබ පැතුම්

    ReplyDelete
  18. ඉවසපල්ලා...මම මග...

    -----
    මචෝ, උඹේ වැඩේ නම් බොහොම ලස්සනයි. පංකාදුයි, පින්සාරයි, උත්කුෂ්ටයි, අනගිභවනීයයි...

    ReplyDelete
  19. අටමගේ ගීත දාසය නම් ඉහලින්ම මම කැමතිම ඒවා. දැන් අපේ පොස්ට් දාල වැඩක් නැහැ වගේ.

    ReplyDelete
  20. අත අරින්න පුලුන්ය එහෙමත්? මෙන්න මගේ ගීත දහසය.(හා 25) ගස් ලබ්බගේ, විභිෂනගේ , සොඳුරු ගේ හා රවීගේ මිස් වුණා.
    https://kolambagamaya.blogspot.co.uk/2016/08/blog-post_17.html

    ReplyDelete
  21. කාර්යබහුල ජිවිත වලට මොහොතක් නැවතිලා තමන්ට කැමති තැනක අතරමං වෙන්න ලබා දුන්න ඉඩ නම්, නියම අදහසක් ඉයන්...

    ReplyDelete
  22. ඉයන් ගේ ගීත 16 කලින් ලිපියත් කියෙව්වා
    ඒකට ලිපියක් පල කරමු කියලා හිතුවට ලිපිය තියා කමෙන්ට් එකක් තරමවත් ලියා ගන්න බැරුව ගියානේ.
    ඒත් ඉයන්ගේ අභියෝගය නිසා කියැවිය යුතු ලිපි බොහෝ ගනනක් විව්ධ බ්ලොග් වල පලවී තිබීම නම් අපූරුයි.
    හැමෝගෙම ගීත 16 ලිපි කියවන්න ඕනේ.

    අර තරඟේ ජය ගත්තු අයට සුභ පැතුම්

    ReplyDelete
  23. මමත් දානෝ මම කැමතිම සින්දු

    ReplyDelete
    Replies
    1. කාව්‍යා බොහොම හොඳයි ඉක්මනට දාන්න

      Delete
  24. ස්තුතියි ඉයන්, මේ ගී ගඟුලක් හැදුනු උල්පත පාදලා දුන්නට... ඔක්කොම එකම තැනකට ගෙනාපු එක ඊටත් වැඩිය ලොකු දෙයක්...

    දිනපු අයට සුබ පැතුම්, අපි මේ සිංදු හදපු අයට කොයි තරන් ණයගැතිද...

    ReplyDelete
  25. ඔන්න මමත් දැම්මා.
    http://ahasenenna.blogspot.com/2016/08/16_17.htmlT

    ReplyDelete
  26. පොඩිකාලෙ ජැක්පොට් ගහල දෙකේ කාසි වලින් රුපියල් 90 ගානක් ඇදුනට පස්සෙ සල්ලි වලින් තෑග්ගක් ඇදුනෙ ඉයන්ගෙන්. හෙක් ...හෙක් ඒ කුළුදුලේ හම්බවෙච්චි ජැක්පොට් එක හින්ද අම්මගෙන් ගුටිත් කෑව. මේ සල්ලි ටික තියල තියපන් මම ලොකු උනාම අඹ බෝතලයක් බොන්න.

    ReplyDelete
  27. I have to thank you on this Mother’s day for giving me the best gift ever
    https://www.motherdayquotesi.com
    motherdayquotesi

    ReplyDelete