Friday, July 29, 2016

පාද යාත්‍රාව ගිය බලාපොරොත්තු නොවූ ගමන



මේ ලිපිය ලියන්නේ මාතලන්ගේ බ්ලොග් එකේ වුන සංවාදයක් පදනම්ව. මෙම ලිපියේ සඳහන් වන ප්‍රතිශත එක්තරා සමීක්ෂණයකින් ලබා ගත්ත ඒවා. මෙම සමීක්ෂණ කල කණ්ඩායම 2015 අගෝස්තු මැතිවරණයේ එජාපයට ආසන 107 ක් ලැබෙන බව කීවා. ඇත්තටම ආසන 107 ලැබුණා. කොහොම වුණත් මට එම පාර්ශවය නම් කරන්න බැහැ. ඒ නිසා බොරුවක් කියල හිතන අය එහෙම හිතාගන්න.

යහපාලන ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා. එම නිසා මහින්ද නැවත බලයට එනවා කියන පිරිසක් ඉන්නවා. තව පිරිසක් කියනවා යහපාලන ආණ්ඩුව තවමත් ජනප්‍රියයි කියලා. විවිධ හේතු නිසා ආණ්ඩුවේ ජනප්‍රිය භාවය පිරිහිලා තිබෙන බව සත්‍යයක්. ඊට වඩා එක්සත් ජාතික පක්ෂය ගැන තිබූ ජන ප්‍රසාදයේ පිරිහීමක් ඇතිවී තිබෙනවා කිව්වොත් එය වඩා නිවැරදියි. ප්‍රතිඵල අනුව නම් පෙනී යන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් යම් ප්‍රමාණයක් මෛත්‍රීට ආකර්ෂණය වීමක්. රනිල්, මහින්ද සහ මෛත්‍රී යන තිදෙනාගෙන් වඩාත්ම ජන ආකර්ෂණය තිබෙන්නේ මෛත්‍රීට. එය 30% කට වඩා ටිකක් වැඩි ප්‍රමාණයක්. දෙවෙනි ස්ථානය රනිල්ට ලැබිලා. එය 20% කට මඳක් වැඩි ප්‍රමාණයක්. මෙම ප්‍රමාණය කැපුවත් කොල වර්ගයේ අය විය යුතුයි. වැට් වැඩි කිරීම වැනි රනිල් ප්‍රමුඛ පාර්ශවය ගෙනෙන සමහර ජනප්‍රියතාවයෙන් අඩු යෝජනා මෛත්‍රී විසින් නිශේධනය කිරීම සමහර විට එජාපයෙන් මෛත්‍රී පැත්තට යන්න හේතුවක් වෙන්න පුළුවන්. මම හිතන අනික් හේතුව නම් මෑත කාලයේදී මහින්ද සමඟ සසඳන කල රනිල් ගේ කථිකත්වය විශාල වර්ධනයක් පෙන්නුම් කලත් ඔහුගේ කථිකත්වය හා සසඳන කල මෛත්‍රී ගව් ගණනක් ඉදිරියෙන් වීමයි. එය එසේ වෙතත් සිදුවී ඇත්තේ මෛත්‍රී-රනිල් එකතුව මැතිවරණය පැවැත්වූ කාලයට වඩා තරමක් ඉදිරියට යාම. ඒ අනුව බලන කල යහපාලන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මොනවා වුණත් මෙම දෙදෙනා එකතුව සිටින තැන පරාද කිරීම අපහසු දෙයක් වෙනවා. 

ආණ්ඩුවේ ක්‍රියාවන් නිසා මහින්ද මහතාට ඇති ආකර්ෂණය වැඩි වී ඇතැයි සිතන අයට දෙන්න හොඳ ආරංචියක් නම් නැහැ. මහින්ද මහතාගේ ජනප්‍රිය තාවය 2015 මහ මැතිවරණයට කලින් තිබ්බ ප්‍රමාණයට වඩා අඩුවෙලා. 2014 ජනාධිපතිවරණය  ප්‍රකාශ කිරීමට ප්‍රථම තිබුණ ප්‍රතිශතය භාගයකින් පමණ අඩුවී ඇතැයි කිව්වොත් පුදුම වෙයි. අද එය 20% ට තරමක් අඩු ප්‍රමාණයකින් තමයි තිබෙන්නේ. මේ තත්ත්වය මහින්ද මහත්මයාත් දන්නවා කියන එක තමයි මගේ විශ්වාසය. ඔහු ශ්‍රිලනිපයෙන් ඉවත්වී වෙනම පක්ශයක් නිර්මාණය කරනවා යැයි කොතරම් තර්ජනය කළත් අද පවතින තත්ත්වය අනුව ඔහු එහෙම කරන්න තිබෙන අවස්ථාව අඩුයි. එහෙම කලොත් ආසන ක්‍රමයෙන් පවත්වන්නට නියමිත ප්‍රාදේශීය සභා මැතිවරණ වලින් ඔහු අන්ත පරාජයක් ලැබීමත්, එජාපය විශාල ජයග්‍රහණයක් ලැබීමත් වෙනවා. මහින්ද කැඩී ගිය හොත් ශ්‍රිලනිප පරාජයක් වැලැක්වීමට මෛත්‍රී පාර්ශවය හංසයා හරහා තරඟ කිරීමට රනිල් සමඟ සන්ධාන ගතවීමට ඉඩ තිබෙනවා. එමඟින් විශාල එජාප ජයක් නොවී විශාල ජයක් හංසයා සන්ධානයට ලැබෙනවා.

පාද යාත්‍රාව පවත්වන්න තීරණයක් එන්නේ මේ පසුබිම උඩ. එහෙම නැතුව නඩු වලින් බේරෙන්න කරන එකක් කියමින් රජයේ පාර්ශවය ගෙනයන ප්‍රචාරයේ ඇත්තක් නැහැ. ඇත්ත වශයෙන්ම සිදුවනු ඇත්තේ මෛත්‍රීගේ මෛත්‍රිය හරහා සමහර අයට බේරෙන්න තිබ්බ අවස්ථාව නැතිවන එකයි. මෙහිදී මහින්දවාදීන් උත්සාහ කලේ එජාප විරෝධී මතයක් ශ්‍රිලනිපය තුල කෙමෙන් වර්ධනය කර අවුරුදු දෙකේ සම්මුති ආණ්ඩුව අවසන් වන 2017 අගෝස්තුව වන විට එම සම්මුති කාලය දීර්ඝ කිරීමට මෛත්‍රීට නොහැකි වන වාතාවරණයක් නිර්මාණය කිරීමයි. එවිට මෛත්‍රීට සිදුවන්නේ 2017 අගෝස්තු වන විට සන්ධාන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමටයි. අනික තමයි සම්මුති කාල සීමාව අවසන් වීම ලංවන විට ශ්‍රිලනිපයෙන් රජයට එකතුවී සිටින සමහරක් එයින් ඉවත්වීමට තිබූ අවදානම. මේ අවස්ථාවට මුහුණ දෙන්න රජය කලේ කිසි කෙනෙක් බලාපොරොත්තු නොවූ දෙයක්. එනම් 2017 අගෝස්තුවේදී පමණ වරකට වසරක් බැගින් දීර්ඝ කිරීමට තිබූ සම්මුති ආණ්ඩු එකඟතාවය එකවරම අවුරුදු 5 දක්වා දීර්ඝ කිරීම. මෙයින් ඇතිවූ තත්ත්වය නිසා පාද යාත්‍රාව ශ්‍රී ලංකාවේ ලඟ දේශපාලන අනාගතය නොසිතූ ලෙස වෙනස් කලා යැයි කීම අතිශයෝක්තියක් නෙමෙයි.

සම්මුති ආණ්ඩුවේ කාලය දීර්ඝ කිරීමත් දැනට තිබෙන දේශපාලන තත්ත්වය සහ නායකයින්ගේ ජන ප්‍රසාද ප්‍රතිශත අනුව නම් මහින්ද පාර්ශවයට දැන් යන එන මං නැහැ. එම නිසා දෙතුන් දෙනෙක් ආණ්ඩුවට එකතු වුණොත් පුදුම වෙන්න එපා. ශ්‍රිලනිපය අද තිබෙන තත්ත්වය යටතේ මෛත්‍රී සහ මහින්ද යන නායකයින් යටතේ නැවත එකතු කරන්න බැහැ.  දීර්ඝ කාලීන යහපතට ශ්‍රිලනිපයට ගත හැකි ක්‍රියා මාර්ගය නම් මහින්ද පාර්ශවය ඉවත් කිරීමයි. එය කලහොත් ශ්‍රිලනිපයට නැවත ඔළුව ඉස්සීමට අවුරුදු 8-10 ක් පමණ කාලයක් යන්න ඉඩ තිබෙනවා. මහින්ද තවදුරටත් දේශපාලනයේ රැඳී ඉන්නවා නම් මෛත්‍රීට සහ රනිල්ට ඇති අනික් විකල්පය නම් මීලඟ ජනාධිපතිවරණයේදීත් මෛත්‍රී පාර්ශවය සමඟ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීම ඉදිරිපත් කරමින්  විශාල ජයක් ලබාගෙන මහ මැතිවරණයකට යාමයි. මෙය සිදුවීමට මෛත්‍රී එක් වරක් පමණක් තරඟ කරන බවට දී ඇති ප්‍රතිඥාව වෙනස් කිරීමට සිදුවෙනවා.

2015 ජනාධිපතිවරණය දිනූ මෛත්‍රී වහාම පාර්ලිමේන්තුව විසුරුවා මහා  මැතිවරණයක් පැවැත්වීමෙන් දේශපාලන දිවිය අවසන් වන්නට තිබූ කිහිපයකගේ බලකිරීම නිසා ශ්‍රිලනිප සභාපතිකම මෛත්‍රීට භාරදීම සිය දේශපාලන දිවියේ කරන ලද විශාලම මෝඩකම බව මහින්ද මහතා දන්නවා ඇතැයි යන්නද මගේ උපකල්පනයකි. පාද යාත්‍රා යාමට ගත් තීරණය ඔහුගේ දෙවෙනි මෝඩකම යන්න අනික් උපකල්පනයයි.

එක දෙයක් නම් මට විශ්වාසයි. ජනාධිපතිවරණය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ ජයෝතිශ්‍යඥයා කී පරිදි මහින්ද මහතා නැවත රටේ නායකත්වය පත්වීමට ඇති ඉඩකඩ නම් ඉතාම සීමිතයි යන්න එම විශ්වාසයයි. පෞද්ගලිකව මට කණගාටුදායක සත්‍යය නම් එජාපය තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට තිබූ ශක්තිය මෛත්‍රී මහතා දේශපාලනයේ ඉන්නා තාක් නැවත ඇති නොවන බවට ඇති මගේ අනුමානයයි. රනිල් මෛත්‍රී දෙදෙනාගෙන් මෛත්‍රීව තෝරාගන්න කැමති එජාප කීප දෙනෙකුත් ආණ්ඩුවේ ඉන්නා බව දන්නවා ඇති. කොටින්ම 2015 ජනවාරි මැතිවරණයේ පොදු අපේක්ෂක ලෙස මෛත්‍රී ඉදිරිපත් කිරීමෙන් පැරදුණේ මහින්ද පමණක් නොවන බව එක්සත් ජාතික පාක්ෂිකයින් තේරුම් ගත යුතුයි. එවිට තිබූ අනික් විකල්පය වන රනිල් ඉදිරිපත්වීම සිදුවූවානම් විය හැකිවූ පරාජය සමඟ සසඳා බලනවිට එය පාක්ෂිකයින්ට එතරම් නරක දෙයක් නෙවෙයිඅනෙක් සඳහන් කල යුතු කරුණ නම් නුදුරු අනාගතයේ රනිල් සහ මෛත්‍රී යන නායකයින් දෙදෙනාගේ පැවැත්ම ඇත්තේ ඔවුන් දෙදෙනා එකට සිටින විට පමණක් යන්නයි.


(මේ ලිපියේ තිබෙන එක කරුණක් ලංකා ඊ නිව්ස් වල පළවී ඇති මේ ලිපියේත් තිබෙනවා. ඒ ලිපියේ වේලාව ලෙස ජූලි 29 දින ප.ව 11.30 ලෙසත් මගේ ලිපියේ වේලාව ජූලි 29 දින ප.ව 11.31 වීමත් අහඹු සිද්ධියක්. )




42 comments:

  1. ලිපියේ අවසාන ඡේදයෙන් දෙන පණිවිඩය, එහෙම නැත්නම් දේශපාලන විග්‍රහය, UNP/SLFP දෙගොල්ලෝ තේරුම් ගත්ත තරමට, ඒගොල්ලන්ගේ අනාගත දේශපාලන සෞඛ්‍යය රැකෙනු ඇති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විච්ට්. ඔබ කියනදේ හරි.

      Delete
    2. ඔය කියන්නෙ අර ලංකා ඊ නිව්ස් කියන ජඩ මාද්දියේ කියන වැල් බයිලාවද? ඒකෙන් මොනාද උන්ට ඉගෙන ගන්න තියෙන්නෙ? නිකම් පුහු සම්ඵප්‍රලාපයක් විතරයි.

      ඇත්තටම රට ගැන තේරුම් ගන්න නම් රට තොට ඇවිදල කතාබහ කරල මිනිස්සුන්ගෙන් අහන්න ඕනෙ මහජන අදහස. හැබැයි දැන් නම් පොදු මිනිස්සුන්ට ඔය කාලකණ්ණි දේශපාලන හැතිකරය පක්ෂ භෙදයෙන් තොරව එපාම එපා වෙලා තියෙන්නෙ.

      Delete
    3. ස්තූතියි ඇනෝ. සමීක්ශණයට ලංකා ඊ නිව්ස් සම්බන්ධයක් නැත. පාද යාත්‍රාවේ මිස් ෆයර් වුණ අරමුණ ගැන එහි සඳහනක් තිබුණා.

      Delete
  2. MEKA THAMA NINDE...NAGITAPAN ELI WELA

    ReplyDelete
    Replies
    1. හා මචං (මුල් අයිතිය - මාතලන්)

      Delete
  3. ඡන්දයක් ආවම මිනිස්සු පොඩ්ඩක් හිතන්න ගන්නවා... පෙරහරවල් බලන්න රට රටවල ඉඳළත් සෙනඟ එනවා.. ගෙවල් වල ඉන්න අයත් බලනවා... අහල පහල ගම්වල අයත් එනවා.. ඒත් පන්සලට දානේ නැති වෙලාවලුත් තියෙනවා... (තේරුනාද මන්දා)

    පාරේ හරක් ගියා කියලා ආන්ඩු වෙනස් කරන්න බෑ.. අළුත් විවස්තාව එක්ක කොහොමත් බෑ.. අනික බිස්වාල්ලා එක්ක කොහොමත්ම බෑ... එ නිසා කීප දෙනෙක් හිතේ අමාරුවෙන් බීලා බීලා මිය යන්න තියෙන සම්බාවිතාව ඊට වඩා වැඩියි... තොරතුරු ලබා ගත් විදිය අහන්න එපා.. පිලිගන්නවා නම් පිලිගන්න නැත්නම් ඒත් පිලිගන්න..

    ReplyDelete
    Replies
    1. ඡන්දයක් ආවම මිනිස්සු පොඩ්ඩක් හිතන්න ගන්නවා... පෙරහරවල් බලන්න රට රටවල ඉඳළත් සෙනඟ එනවා.. ගෙවල් වල ඉන්න අයත් බලනවා... අහල පහල ගම්වල අයත් එනවා.. ඒත් පන්සලට දානේ නැති වෙලාවලුත් තියෙනවා... (තේරුනාද මන්දා) +++++++

      Delete
    2. @....Maathalan
      කොහෙන්ද මන්දා මූට මේ එන වචන... පට්ට..!

      Delete
    3. රවී ත් පාද යාත්‍රාව බලන්න ගියා කියුවම තව මොනවද .. හැක්

      Delete
    4. රවිය මහින්දට අතත් වැනුවලු. මම හිතන්නේ රවියා ටොයියෙක් වගේ ඉන්න බයියෙක්ද කොහෙද?

      Delete
  4. පුස්තකාලයේ ප්‍රබන්ද අන්සයේ තැන්පත් කල යුතු වටිනා ලියවිල්ලකි!

    ReplyDelete
    Replies
    1. සරසට කියන්ට සින්දුවක් මතක් උනා... "කඳුළු සුරතල් වැඩිද මන්දා... පුංචි දේටත් ඇඩෙන හින්දා....") 😂

      Delete
    2. සාරස තුමා හරි. මේ මං විහිළුවට වගේ ලියපු බොරු කථාවක්.

      Tilan +++++++

      Delete
    3. ඉයන්තුමා,

      Politics 101 වලින් කියන්නේ විරුද්දවාදී දේසපාලන කන්ඩායම තම කන්ඩායමට අවාසි වෙන දෙයක් කී විට එය කොපමන සත්යයක් වුවද මහා බොරුවක් ලෙසට විරුදාවලී නන්වා ගජබින්නයක් ලෙස සමාජ ගත කොල යුතුය!

      Delete
    4. සාරස තුමා ආන්න ඒකම තමයි මේ ලිපියේ අරමුණත්. එන ආරංචි වල හැටියට පාද යාත්‍රාව රඹුක්කන පහුකරන කොට ඇමතිවරු දෙන්නෙක් ඉල්ලා අස්වෙනවා. යක්කල හරියෙදි අගමැති ඉල්ලා අස්වෙනවා. කිරිබත්ගොඩ සහ කැලණිය අතරතුර සිරිසේන මහතා ඉල්ලා අස්වී මහින්ද ජනාධිපති වෙනවා. ඊට ඉස්සෙල්ලා ගජබින්නයක් ගහලා නොමඟ අරින්න තමයි මේක ලිව්වේ.

      Delete
  5. අනේ මට නම් මේවා වෑල් වගේ බන් ..
    කොච්චර තේරුම් ගන්න ට්‍රයි කරත් මට දේශපාලනය තේරෙන්නේ නැහැ බං

    ReplyDelete
    Replies
    1. මෙහෙම තේරුම් ගනින්. උඹ තමයි ආණ්ඩු පක්ෂය. උඹේ වයිෆ් මහජනතාව. පොඩි මෙන්ඩ විපක්ෂය. පොඩි මෙන්ඩ කොහෙට හරි වෙනකන් ඉඳල උඹ වයිෆ්ට .........කනවා වගේ තමයි. විපක්ෂය පාද යාත්‍රා යනවා ආණ්ඩුව මහජනතාවට ....කේ අරිනවා. (කොහෙ හරි තිබ්බ එකක කොපියක්)

      Delete
    2. මෙන්ඩ , ඔබට සතුටුයිද දැං

      Delete
  6. //අනෙක් සඳහන් කල යුතු කරුණ නම් නුදුරු අනාගතයේ රනිල් සහ මෛත්‍රී යන නායකයින් දෙදෙනාගේ පැවැත්ම ඇත්තේ ඔවුන් දෙදෙනා එකට සිටින විට පමණක් යන්නයි.//
    යේක නං යේම ශරි තමා මාතියා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගස්

      Delete
  7. මහින්ද ට විරුද්ධව චන්දේ දීපු ලකශ හැට දෙකෙන් එකෙක්වත් ආපහු හැරිල නෑ.. අඩුම තරමින් මට එහෙම එකෙක් හම්බ වෙලා නෑ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කමියෝ. මමත් එකඟයි. මාතලන්ගේ පෝස්ට් එකේදී මම කිව්වෙත් ඒකයි. 2015 ජනවාරි 8 දා මහින්දට විරුද්ධව දුන් ඡන්දයක් නැවත මහින්දට යන්න තිබෙන අවස්ථාවක් නැති තරම්. දැන් වෙන්නේ good cop & bad cop ලෙස පෙනෙන මෛත්‍රී සහ රනිල් අතර වෙන ඡන්ද දෝලනයක්.

      Delete
    2. //මහින්ද ට විරුද්ධව චන්දේ දීපු ලකශ හැට දෙකෙන් එකෙක්වත් ආපහු හැරිල නෑ.. අඩුම තරමින් මට එහෙම එකෙක් හම්බ වෙලා නෑ//

      ඇත්තටම දවල් හීන කියන්නෙ මේවට තමයි. අන්ත දූෂිත පාදඩ අශීලාචාර රාජපස්ස චෞර කල්ලියට අපි කැමති නැහැ. උන්ගේ මේ කෙහෙල්මල් පඩ යාත්‍රාවිගඩමටත් අපේ කිසිම සහයක් නැහැ.

      අපිත් ඉතාම සාධාරණ බලාපොරුත්තු සහිතව හංසයට ඡන්දෙ දීපු මැදහත් මිනිස්සු. හැබැයි මේ යහපාලන නම දාගෙන ආපු කාලකණ්ණින්ට නම් ආයෙ මලාට ඡන්දෙ දෙන්නෙ නැහැ. මුන්ගෙ බොරුවයි ප්‍රෝඩාවයි විතරයි. ඊළඟ ඡන්දෙදි බැරිම උණොත් ඡන්දෙ නොදා ඉන්නව. යහපාලන ගොන් හැත්ත ආයෙ දිනන බවක් පෙණුනොත් ජවිපෙට හරි අකමැත්තෙන් උණත් මරාගෙ හොර හැත්තට හරි දෙනව මේ කාලකණ්ණින්ගෙ බලේ ටිකක් හරි අඩු කරන්න.

      Delete
    3. //අකමැත්තෙන් උණත් මරාගෙ හොර හැත්තට හරි දෙනව මේ කාලකණ්ණින්ගෙ බලේ ටිකක් හරි අඩු කරන්න.//

      හෙහ් හෙහ් No Comments

      Delete
  8. අද පාද යාත්‍රාවෙ අඩු ගානෙ සාරසවත් නෑ. අනිච්චං දුක්ඛේ කිව්වලු

    ReplyDelete
    Replies
    1. හෙට බස් වලින් ඇදල සෙනග පුරෝල ඔක්කොම නුවර ඉඳන් ඇවිද්ද මිනිස්සු වගේ පෙන්නයි. ඊට පස්සෙ හුලං.

      Delete
  9. තියන පාලනේ යහද, යමද, මහද මොකක්ද දන්නෙ නෑ.
    ඒත් ආයිත් රජ පාලනයක් නම් එපා!

    ReplyDelete
    Replies
    1. ඒත් ආයිත් රජ පාලනයක් නම් එපා!
      ++++++++++++

      Delete
    2. මේ තියෙන කසිකබල් පාලනේ ඉක්මණින්ම වෙනස් කළ යුතුයි. හිටපු හොරා ළඟ හිටපු පල් හොරුන්ගෙන් 90% විතර (විශේශයෙන්ම කුඩු ව්‍යාපාරිකයො ඇතුළු ) දැන් ඊනෙ යහපාලන කාලකණ්ණි ආණ්ඩුවෙ රෙද්ද අස්සෙ. වෙච්චි එකම වෙනස කලින්ට වඩා ටිකක් රජය විවේචනය කිරීමට බය අඩුවීමත් උතුරේ ජාතිවාදීන් ශක්තිමත් වීමත් විතරයි. රජය විවේචනය කළා කියල ඇති සෙතකුත් නැහැ. බොරු ප්‍රෝඩාවක් කරල ආපහු ඒකම හොර පාරෙන් කරනව, හරියට අර මැති ඇමතිවරුන්ගෙ වාහන කේස් එක වගේ.

      කොහොම වුණත් ඉතාම ඉක්මණින් ජනතාව අතරින්ම අලුත්ම පෙරමුණක් බිහිවනු ඇති. එජාප මෙන්ම ශ්‍රීලංකා ඒකාධිකාර සුණු විසුණු වී ගොස් නව බලගතු පෙරමුණක් බිහිවනු නිසැකයි. ඇතැම්විට ජවිපෙ, හෙළ උරුමය, වත්මන් රජයෙන් සහ දූශිත රාජපක්ෂ කල්ලියේ ඇතැමුන් පවා ඊට එක්විය හැකියි. කෙසේ නමුත් මෙරට ඡන්ද දායකයන් අතර අති බහුතර මධ්‍යස්ථ ජනතාව (ලක්ෂ 60 කට වැඩී) පොදුවේ සියලුම දේශපාලන පක්ෂ කෙරෙහි දැඩි ලෙස කලකිරී අවසන්.

      Delete
    3. //ඇතැම්විට ජවිපෙ, හෙළ උරුමය, වත්මන් රජයෙන් සහ දූශිත රාජපක්ෂ කල්ලියේ ඇතැමුන් පවා ඊට එක්විය හැකියි.//

      රාජපක්ෂවරුත් ආවොත් ආරම්භයේ ඡන්ද පදනමක් තියෙයි. නො ආවොත් හෝ රාජපක්ෂගෙන් පසුව එයට වෙන්නේ රාජාලියා, මහජන පක්ෂය, වගේ කල්ලි වලට වුන දේම තමයි. ඒවගේම රාජපක්ෂ ඉන්න කල්ලියකට ජවිපෙ එකතුවීම ලඟ ඉතිහාසයේ වීම සැක සහිතයි.

      Delete
  10. එයාලගෙ කාලෙ මෙහෙම කලානම් කුපිත වෙච්චි ජනතාව එකහා සමාන රීප්ප පටි කපාගෙන පාරට පැනල ජනතාවට නෙලන හැටි බලන්න තිබ්බ.
    දැන් මිනිස්සුත් කොච්චර නිවිලද? අනේ ඊයෙ නුවර පාර මග ඇරල ගම්පහ හරහා පාරවල් හොය හොය බැන්න බැනිල්ලට ඩේසි ආච්චිටයි , ශිරන්ති නෝනෙටයි හචිං වැල් යන්ඩ ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. ගිය රජය කාලේ පෙළපාලි වලට ගැහුවේ සාමාන්‍ය මිනිස්සුද? ස්තූතියි කම්මලේ

      Delete
    2. ''එකහා සමාන රීප්ප පටි කපාගෙන පාරට පැනල'' there's reply for your question

      Delete
  11. උං කාගෙන කාගෙන කාගෙන ගියා.
    මුං කාගෙන යන්න දැං පට්ටාන් අරං.

    ReplyDelete
    Replies
    1. හොරා කෑම වැරදියි. RTI එක ඉක්මනට ගැසට් වෙයි

      Thank you Rasika

      Delete
  12. රනිල් ගැන කලකිරෙන්න තවත් හේතුවක් තමයි "මහා බැංකු සිදුවීම"එහිදී අධිපතිවරයා වරදක් කෙරුවාද,නැතිද කියන කරුණටත් වඩා රනිල් උද්දච්ච විදියට එම ප්‍රශ්නයේදී ක්‍රියාකිරීම ඔහු ගැන කලකිරෙන්න තවත් හේතුවක්.හැබයි ඒ කිසිවක් තුලින් මහින්ද නිවැරදිකරුවෙකු වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් හිතනවා එයත් හේතුවක් කියලා. බොහොම ස්තූතියි මනෝජ්

      Delete
  13. හිතවත් ඉයන්,

    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මට නම් හිතෙන්නෙ ඔය කියන සමීක්සනේ කොරල තියෙන්නෙ උග්‍ර මෛත්‍රීවාදියෙක් හරි කැපුවත් කොළ යූ එන්පී කාරයෙක් මලක් ඇදල ඉන්න වෙලාවකද කොහෙද.

    අපිත් එදා මෛත්‍රී මහතාට ඡන්දෙ දුන්න තමයි. නමුත් අද ඔහු අප වැනි බහුතර මධ්‍යස්ථ ඡන්දදායකයන් සම්පූර්ණයෙන්ම පාහේ අහිමි කරගෙන තිබෙනවා. අනෙක් අතින් ශ්‍රී ලංකා ඡන්දදායකයො අති බහුතරයක් මෛත්‍රීට විරුද්ධයි. ඕනෙනම් පොළොන්නරුවෙනුයි අනුරාධපුරෙනුයි ඡන්ද ටිකක් ගනීවි. ඔහුට ඇති එකම විකල්පය එජාප-ශ්‍රීලනිප හවුලකින් හංසයා යටතේ තරඟ කොට යාන්තම් ජාමෙ බේරාගැනීම පමණයි.

    ඔහු විසින් මහත් මහත් අභිරුචියෙන් වර්ණනා කරමින් ගෙන යන "මොරගහකන්ද" ව්‍යාපෘතිය යල්පැනගිය ආදිකල්පික ගොවි ජනපද ව්‍යාපාරයට අයත් වූවක්. එනම් අසාර්ථක වී වගාව ප්‍රමුඛ කෘෂි සංවර්ධනය පදනම් කරගත් එකක්. එනම් මෙරට අති මහත් බහුතර මධ්‍යම පාන්තිකයන්ට කිසිම වැදගැම්මකට නැති විකාරයක්. ගොවියො වුණත් ඕකෙ වැදගත්කමක් දන්නෙ නැහැ. එදා මරාගෙ කාලෙ මේකට ප්‍රයෝරිටි නුදුන්නෙත් ඒකෙන් ලැබෙන දේශපාලන වාසිය අඩු නිසා. ඊට වඩා හයිවේ, හාබර්, එයාපෝට් හොඳට මාකට් කරතහැකි වැඩ.

    දැන් ආණ්ඩුව කියන්නෙ රනිල්ගෙ ආණ්ඩුව මිසක් මෛත්‍රීපාලගෙ ආණ්ඩුව නෙවෙයි. ඒකට හේතුව මෛත්‍රිපාල ජනාධිපති වුනාට එයාගෙ ආණ්ඩුවක් නැති කම. ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙන එක ඇත්ත. ආණ්ඩුව පැත්තෙ හිටපු පල් හොරුන්ගෙන් අති බහුතරයක් ඉන්න එකත් ඇත්ත. ඔවුන් ඒ බයට ආණ්ඩුවෙන් එළියට එන්නෙ නැති එකක් ඇත්ත. (රනිල්ගෙ නැන්දගෙ පුතා වෙච්ච රජිව් විජේසිංහ කිව්ව විධියට නම් එජාප මැතිවරණය කරලා තියෙන්නෙ ලංකාවෙ සිද්ධ වුනු ලොකුම හොරකම බවට චෝදනා එල්ල වූ මහා බැංකු කොල්ලයේ සල්ලිවලින්)

    දහනවවැනි සංශෝධනය අනුව අවුරුදු හතරහමාරකට ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරි එකත් ඇත්ත. ඒ කියන්නෙ දැන් තියෙන විධියට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නෙ රනිල්ට ඕන වූනූ දවසක. ඒත් හැමදාමත් පාර්ලිමේන්තුව ඔය විධියට ම තියෙන එකක් නැහැ. දවසක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වෙන්නෙ මේ රටේ බහුතර ජනතාවට ඕනෙ වෙච්චි දවසක මිසක් ආණ්ඩුවෙ ඉන්න ගොබ්බ රැල කියන්න වගේ හොල්ලන්න බැරි මහාමේරු පරුවතේ නෙව්යි ආණ්ඩුවක් කියන්නෙ. නැත්නම් අච්චර බලගතු "මහ රජා" කාරයත් ඉතාම කුජීත විදිහට කිච වෙලා පල්ලම් බැහැල අද මහපාරට වැටිල තියෙන එකම හොඳ උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ. ඔබ දක්වා ඇති එක කරුණක් ගැන පමණක් පිළිතුරක් දෙන්නම්. පාර්ලිමේන්තුව විසිරවීම අවුරුදු 4 1/2 යන තෙක් බැරිවීම යන්න එක් කෙනෙක් මුළු කාලයම අගමැති වීමට හේතු වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයක් වෙන කෙනෙක් අගමැති විය යුතුයි කියල කිව්වොත් ජනාධිපතිට සිදුවෙනවා එයාව අගමැති කරන්න. අද පවතින්නේ එජාප සහ ශ්‍රිලනිප සම්මුති ආණ්ඩුවක්. එය අවසන් වෙන්න තිබුනේ 2017 අගෝස්තු. ඒ නිසා ජනාධිපතිට ශ්‍රිලනිප ආණ්ඩුවක් සෑදීමේ හැකියාව තිබුණා. එය තමයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටියේ.

      Delete
  14. ඔය සමීක්ෂණයනම් සම්පූර්ණ වැරදි දත්ත මත පදනම්ව හෝ දැන දැන යුඇන්පියට කඩේ යාමක් පමණයි. අද වෙනකොට රනිල් මෛත්‍රී දෙපොල හත්පොලේ ගාගෙන කුජීත වෙලා ඉවරයි. අද ඡන්දයක් තිබ්බොත් මහින්ද දිනන තත්වෙකට වැටිල තියෙන්නෙ. ඒ නිසා තමයි පුංචි ඡන්දෙ කල් දාන්නෙ. හැබැයි අවුරුදු 5ක් යනකම් ඡන්දයක් එන්නෙ නැති නිසා මහින්දගෙ කාලෙ ඉවර වෙනවා. කාලෙ කියන්නෙ මිනිහගෙ වයසත් එක්ක තියෙන ජනප්‍රියතාවය. ලංකාවෙ ව්‍යවථාවට අනුව ජනාධිපතිවරයාට, බහුතරය තියෙන බවක් හැඟෙන ඕනෑම මන්ත්‍රීවරයෙක් අගමැති ලෙස පත් කරන්න පුළුවන්. එතකොට හිටපු ඇමති මණ්ඩලයම අහෝසි වෙනවා. එහෙම තමයි ජනාධිපතිවරණය දිනලා රනිල්ව පත් කළෙත්. ඔය මහින්දවාදින්ගෙ අරමුණ මෙවැනි පාද යාත්‍රා හරහා ජනමතය තමන්ට බව පෙන්වා සිරිසේන ලවා මහින්ද අගමැති කරවා ගැනීමයි. ඉන්පසු යහමින් හොරකම් කළ සල්ලි වීසිකර, මන්ත්‍රීවරුන් බාගෙන අවශ්‍ය බහුතරය පෙන්වීමයි. ප්‍රශ්නෙ ඔවුන් සිරිසේනව හැන්ඩ්ල් කරන්නෙ වැරදි විධියටයි. ඒ නිසා සිරිසේන කවදත් මහින්දට අගමැතිකමදී ඉල්ලන් කෑමට කැමති නැත. හැබැයි ඔය අගමැතිකමට වෙන ජනප්‍රිය ශ්‍රීලංකාකාරයෙක් (ගෝඨාභය වැනි) පත් වුණොත්, රනිල් පුඟුලට වෙන්නෙ 2004 දි වෙච්ච සන්තෑසියමයි. ඒ නිසා, කිරි ඇල්ල,ජෝන්, අර්ජුන් මහේන්ද්‍රන් වැනි දූෂිතයන් ලොකුකරගෙන භාග යුඇන්පී ආණ්ඩුවේ උඩ පනින රනිල් පුඟුලාගේ අගමැති ආයුෂ ඇත්තේ සිරිසේන අතේබව කවුරුත් දැනගත යුතුයි. තවමත් විධායක ජනාධිපතිට විශාල බලයක් ඇත.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොබට්. ගෝඨාභය මහතා ඊට කලින් මන්ත්‍රී කෙනෙක් විය යුතුයි නේද? ඔහුව අගමැති කරන්න මෛත්‍රීට විශාලම ප්‍රශ්ණය එන්නේ සරත් ෆොන්සේකා මහතාගෙන්. ඔබ කියන විදිහටම මෛත්‍රී තමයි බලය අතින් වැඩි. ඔහුට යමක් සිදුවුණොත් රනිල් අගමැති වෙනවා. එම නිසා මගේ විස්වාසය නම් රාජපක්ශ කාලය ඉවරයි

      Delete