Thursday, June 9, 2016

මේවා වැරදියි ! වැරදියි ! වැරදියි !

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.09, පෙ.ව‍‍.7.55) වනචර දශකයක් පුරා මැදමූලන හොරු කල්ලිය හොරකම් කෙළේ මිනීමැරුවේ තනියම නොව උන්ගේ ඥාතීන්ටත් වඩා උන්ට සහාය දුන් සට්ටැඹි රජයේ නිලධාරී කල්ලියක්ද සමග බව මේ රටේ සිටිනා පොඩි එකා පවා දැන සිටියදී ඒ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අගමැතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී හෙලි කෙළේය. ඒ පාර්ලිමේන්තුව ආරම්භයට පෙර අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ වාරයේදී අනුර දිසානායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා නගනු ලැබූ පැනයකට දුන් පිලිතුරක් මගිනි. ඒ සංවාදය මෙබඳුය.

අනුර දිසානායක - “සංචාරක මණ්ඩලය අදාල පරීක්ෂණ කටයුත්තක් අවසන් කොට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළාට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් 6 දෙනෙක්, එක්කෙනෙක් ඔබ තුමාගේ කාර්යාලයේ වැඩ කරන නිලධාරී තුමියක් අත් අඩංගුවට ගෙන අධිකරණයට වහාම ඉදිරිපත් කොට ඒ පිලිබඳ වාර්තාවක් නීතිපතිවරයාට යොමු කරන්නැයි කියලා අතිරේක සොලිසිටර් ජෙනරාල් මුදලිගේ මහතා අත්සන් කරපු ලිපියක් තිබෙනවා. තවම එම ක්‍රියාමාර්ග නොගැනීමට හේතු කවරේද කියලා ඔබ තුමාගෙන් දැනගන්න කැමතියි.“
අගමැති රනිල් : “ඒකට අදාල රජයේ නිලධාරීන් කරුණු කියලා තියෙනවා ජනාධිපති තුමාටත් ඒ ඇමැතිවරුන්ටත් තමන් නිලධාරීන් හැටියටයි ක්‍රියාත්මක කෙළේ. ඒ නිලධාරීන්ට දඬුවම් කරන එක වැරදියි කියලා. මේ නිසා මේ ප්‍රශ්ණය යලිත් නීතිපති තුමාට යොමු කරන්න තීරණය කළා“
අනුර දිසානායක : “ඒ කියන්නේ අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කොට අධිකරණයට ඉදිරිපත් කරන්න කියා නියෝගයක් ලබා දී තිබියදී ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළාට පසුව ඒ අයට අත් අඩංගුවට පත්වීමෙන් වැළකිය හැකිද?“ 
අගමැති රනිල් : “මෙතන රජයේ සේවය තුල විශාල ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉඩ තියෙන නිසා නීතිපතිතුමත් කීව ඒ ගැන බලලා නියෝගය දෙන්නම් කියලා. සමහර විට ඒ අය අත් අඩංගුවට ගන්න කියන්නත් පුළුවන්..“ 
මේ අනුව ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයට සක්‍රීයව සහභාගී වූ යහපාලනප්‍රේමීන්ට එක් දෙයක් තේරුම් යනු ඇත. එනම් තමන් පත් කර ගත් ආණ්ඩුව රජයේ නිලධාරීන් කියා හොරු දූෂිතයන් අල්ලන්නේ නැත. රණවිරුවන් කියා හොරු දූෂිතයන් අල්ලන්නේ නැත. චීවරධාරීන් කියා අපරාධකරුවන් දූෂිතයන් අල්ලන්නේ නැත. 
එබැවින් එකී යහපාලනප්‍රේමීන් ගැට කපන මාල කඩන කෙසෙල් කැන් හොරෙන් කපන ‘සර්ලාගෙන්‘ සහ මුදලට ඇඟ විකුණන ‘මැඩම්‘ ලාගෙන් මෙසේ ඉල්ලා සිටිනු ඇත.
වහාම ඔබතුමන්ලා තුමියන්ලා 139 ට නොඅඩු පිරිසක් එකතු වී ඔබලාව අත් අඩංගුවට නොගන්නා ලෙස අත්සන් කොට ලිපියක් ජනාධිපතිවරයාට බාර දෙන්න. එවිට ඔහු ඔබලා ගැට කැපුවේ මාල කැඩුවේ කෙසෙල් කැන් හොරෙන් කැපුවේ ඇඟ විකිණුවේ ඔබලාගේ වුවමනාවට නොවන බව තීරණය කර ඒ බව අගමැතිවරයා සහ නීතිපතිවරයා සමග සාකච්ඡා කරනු ඇත. 
ඉන්පසුව ඔබලාට ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න වෙතට ඉදිරිපත් වී කරුණු කීමට අවස්ථාව සලසා දී ඔහු ඔබතුමන්ලා තුමියන්ලා සොරකම් කරන ලද දෑ අන් සතු දේපොල නොව ඔබලා අත පත්වූ සැනින් එය ඔබලා සතු දේපොල වී යැයි කියා ඇප මත නිදහස් කරනු ඇත. ඇප මුදල් බැඳීමටද ඔබ කැමැති දිනයක් ලබා දෙනු ඇත. 
ලිච්ඡවි රජ දරුවන් ඔවුන්ගේ නම විකිණීමට ජනවාරි 8 වෙනිදා ලංකාවේ පිරිසකට ඉඩ දීම ගැන ඔවුන්ගේ අම්මා මතක් කරනු ලංකාවේ සිට ඇසිය හැකි වනු ඇත.

39 comments:

  1. සාරස තුමාණෙනි. ඔබතුමා කමෙන්ට් එක දාන්න ඉස්සෙල්ලා පිළිතුර දෙන්නම්. වැරැද්දක් කළොත් රජයේ නිලධාරී හෝ වෙනත් හේතු නිසා විශේෂ සැලකිලි නොදක්වන පාලන ක්‍රමයකට තමයි යහපාලනය කියන්නේ. එයට අගමැතිවරයා, ජනාධිපතිවරයා හෝ අන් කිසිවෙකු ඇඟිලි ගැසීම යහපාලනය නොවේ. එම නිසා එය වැරිදි බැවින් මම නම් විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. සාරස තුමාට ඔයි තරං බය ඇයි.. හැක්

      Delete
    2. // වැරැද්දක් කළොත් රජයේ නිලධාරී හෝ වෙනත් හේතු නිසා විශේෂ සැලකිලි නොදක්වන පාලන ක්‍රමයකට තමයි යහපාලනය කියන්නේ. //

      හරි හෝ වැරදි යනු අප විසින් පවත්වාගෙන යන සීමා මායිම් වේ..... (උදාහරනයක් ලෙස සමහර රටවල් වල වයස දහයේ දැරියන් අඹු කමට නීත්යානුකූලව ලබා ගත හැකිය ).

      එම හරි හෝ වැරදි දැකීමට, විවේචනය කිරීමට, හෙලා දකීමට සහ මෙකී නොකී සියලු දේ කිරීමට ක්‍රමය (system) පවත්වාගෙන යා යුතු ය.

      ක්‍රමය කඩාවැටෙනා ලෙස අත්තනෝමතිකව තීරන ගැනීම වෙනුවට ක්‍රම ක්‍රමයෙන් ක්‍රමය පවත්වාගෙන යමින් හරි වැරදි වලට දඬුවම් දීම මොලේ ඇති පාලකයා ගේ (මෙහි දී රනිල් ගේ ) හැකියාවයි!

      ක්‍රමය කඩාවැටුනොත් ජය ලබන්නේ හබන් කුකුලන් වන ජෙප්පන් ය!

      Delete
    3. ///සාරස තුමාට ඔයි තරං බය ඇයි.. හැක් ///
      හැක්... ;)

      Delete
    4. ඉහත පිලිතුරු ලියුවේ ස ර ස තුමා ඉඳ හිට පියවි සිහියෙන් සිටිනා විටකදීය (Sa Ra Sa in his rare lucid intervals...)

      සැබෑ ස ර ස තුමා ගේ පිලිතුර නම්:

      දඬුවම් කොරන්නේ කොහොමද ඉයන් තුමෝ එම නිලදාරීන් සියලු දෙනාම card carrying යූ එන් පී කාරයෝ වුනාම?

      Delete
    5. මේ ක්‍රමය පවත්වාගෙන යායුතු එකක්ද ?

      ක්‍රමය කඩාවැටීම වලක්වා ගන්න නම් කලයුත්තේ මේ යන ක්‍රමය වෙනස් කිරීම. එහෙම නොවුනොත් ක්‍රමය කඩාවැටෙන්නේ මුළු රට පිටින් විනාශකාරී විදියකට වෙන්නත් පුළුවන්.

      අගමැති රනිල් යනු ඉතාමත් දැනුවත් දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බවයි මම හිතන්නේ. ලී ක්යුවාන් වැනි ලොවම ගරුකරන රටක් වෙනස් කල සාර්ථක මිනිසෙකු ලෙස ඉතිහාසයට එක්වී මියයනවාද, කිසිවෙකු බලු මයිලක් තරම් ගණන් නොගන්නා නිකම්ම නිකම් අසාර්ථක හඩු දේශපාලුවෙක් විදියට මිය යනවාද යන දෙකෙන් එකක් තෝරාගත යුත්තේ ලෝකය ගැන මනා දැනුමක් ඇති ඔහුමයි. ඔහු වෙනුවෙන් වෙන කිසිවෙකුට එය තෝරාදෙන්න හැකියි මම හිතන්නේ නැහැ.

      මේ යන විදියට නම් ඔහු දෙවැන්න තෝරාගෙන ඇතිදැයි මට සැකයි.

      Delete
    6. @ Sa rasa,
      https://www.psychologytoday.com/blog/the-superhuman-mind/201212/lucid-dreaming-and-self-realization

      Delete
    7. //අගමැති රනිල් යනු ඉතාමත් දැනුවත් දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බවයි මම හිතන්නේ. ලී ක්යුවාන් වැනි ලොවම ගරුකරන රටක් වෙනස් කල සාර්ථක මිනිසෙකු ලෙස ඉතිහාසයට එක්වී මියයනවාද, කිසිවෙකු බලු මයිලක් තරම් ගණන් නොගන්නා නිකම්ම නිකම් අසාර්ථක හඩු දේශපාලුවෙක් විදියට මිය යනවාද යන දෙකෙන් එකක් තෝරාගත යුත්තේ ලෝකය ගැන මනා දැනුමක් ඇති ඔහුමයි.//

      +++++++++++++++++++

      Delete
    8. ///සාරස තුමාට ඔයි තරං බය ඇයි.. හැක් ///
      ඉස්සර SR වලින් මැදල දැන් සෙන්සොඩයින් වලින් මදින දත් වලට අපි ආදරෙයි ඒකයි බය 😁😁😁

      Delete
    9. // දත් වලට අපි ආදරෙයි ඒකයි බය //

      යාල ඉන්න දිවියන් ගේ දත් ගලවන සජිත් ප්‍රේමදාස ගේ යාලුවෙක් ද?

      Delete
  2. යහපාලකයින් හොරු ඇල්ලුවම හරි යනවයැ...
    එහෙම ඇල්ලුවොත් එයාල ගෙදර ගිය දවසට එයාලටත් බලු කුඩුවේ ලගින්න වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න අය කරන වැරදි දේවල් වලට ඒගොල්ලොත් ඒවගේම එෆ්.සී.අයි.ඩී වලට යොමු කර යුතුමයි. කිසිම පැකිලීමක් නැතුව ඒ සඳහා අපිත් සපෝර්ට්. ඒ නිසාම තමයි අගමැති තුමා කරන බලපෑමට යහපාලන සපෝටර්ලා විරුද්ධ.

      Delete
  3. // යහපාලකයින් හොරු ඇල්ලුවම හරි යනවයැ...
    එහෙම ඇල්ලුවොත් එයාල ගෙදර ගිය දවසට එයාලටත් බලු කුඩුවේ ලගින්න වෙනවනේ... //

    +++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න අය කරන වැරදි දේවල් වලට ඒගොල්ලොත් ඒවගේම එෆ්.සී.අයි.ඩී වලට යොමු කර යුතුමයි. කිසිම පැකිලීමක් නැතුව ඒ සඳහා අපිත් සපෝර්ට්. ඒ නිසාම තමයි අගමැති තුමා කරන බලපෑමට යහපාලන සපෝටර්ලා විරුද්ධ.

      Delete
  4. මේක මම ලයිව් බැලුවා... ඒ වෙලාවේ තමයි මයික් වලට කෙල උනේ.... රනිල් ඇත්තටම ලැජ්ජා වෙන්න ඕන... කොන්දක් නැති නායකයෝ...

    මේ රටට ඕන ජේ ආර් වගේ මිනිස්සු... වැඩ කරන්න බෑ කියපු ඔක්කෝම ගෙදර ඇරියා... මුන් මේ හොරුන්ට බයේ උන් එක්ක හළුවෙන් නටනවා...

    ReplyDelete
    Replies
    1. //මේ රටට ඕන ජේ ආර් වගේ මිනිස්සු... වැඩ කරන්න බෑ කියපු ඔක්කෝම ගෙදර ඇරියා..//
      +++++++++++++++++++

      Delete
    2. මාතේ මැරිච්ච ඈයෝ ආයි ගෙන්නන්නයෑ..මේ ඉන්න එකාගේ අරක මේක කෙලින් කරල ගමුකෝ බං...
      හෙට අනිද්දා වෙනකොට ඉයන් මොනා ලියයිද මන්දා....අවුරුදු දෙක පිරෙන්න තව කල් තියෙන නිසා හොඳයි...!

      Delete
  5. මගුලක් කියවනවා...රටට වඩා පක්ශේ ලොකුයි.අනික උද්ගෝශන, වර්ජන වගේ ඒවා හැන්ඩ්ල් කරන්න පුළුවන් එකෙක් මේ ආණ්ඩුවේ නෑ.මේකේ ඉන්නේ හාවෝ වගේ අහිංසක ආදරේ හිතෙන සුට්ටන් පැටවු ටිකක්. මොකෙක් හරි හයියෙන් අඩිය හැප්පුවත් බයවෙලා උන් කියන විදිහට කරන්න ලෑස්තිවෙලා ඉන්න සමනලයෝ ටිකක්

    ReplyDelete
  6. මගුලක් කියවනවා...රටට වඩා පක්ශේ ලොකුයි.අනික උද්ගෝශන, වර්ජන වගේ ඒවා හැන්ඩ්ල් කරන්න පුළුවන් එකෙක් මේ ආණ්ඩුවේ නෑ.මේකේ ඉන්නේ හාවෝ වගේ අහිංසක ආදරේ හිතෙන සුට්ටන් පැටවු ටිකක්. මොකෙක් හරි හයියෙන් අඩිය හැප්පුවත් බයවෙලා උන් කියන විදිහට කරන්න ලෑස්තිවෙලා ඉන්න සමනලයෝ ටිකක්

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. සර්වබලධාරී ජනාධිපති ක්‍රමය නැහැනෙ.

      Delete
  7. වැරදියි වැරදියි කියල කිව්වට කනේ පැත්තකට වත් ගන්නෙ නැති බව දැන දැන...
    පෘතුගීසීන් එලවලා ලන්දේසීන් ආව වගේ වැඩක් වෙලා තියෙන්නෙ
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිටිය කට්ටියට වඩා මේඅය දාස් ගුණයක් හොඳයි. ඒවුණාට යහපාලන මූලධර්ම වලට විරුද්ධව ක්‍රියා කිරීම ගැනයි අපේ විරුද්ධත්වය. ගිය කාලේ කරපු ඒවයි විරුද්ධවාදියො හිරේ දාපු ඒවත් එක්ක මේව සුළු වැරදි. නමුත් වැරදි.

      Delete
    2. \\\ හිටිය කට්ටියට වඩා මේඅය දාස් ගුණයක් හොඳයි.//
      හෑ..වෙන කට්ටියක්ද ඉන්නේ....???

      Delete
  8. වැරදි තමයි
    එත් මොනව කරන්නද රනිල් එක්කම එකතුවෙලා රට හදමු
    මරා හරි ගෝඨ හරි ගෙනැල්ලත් බැහැනේ අාපහු නේද?????

    නිලධාරින්ට විතරක් ඇයි, දැන් ආණ්ඩුවට රිංගල ඉන්න ඇමතිල, මේ ආණ්ඩුවේ ඉන්න හොරු ඒ කට්ටියවත් අල්ලන්න ඕන, නැත්නම් හැමදාම මේ වගේම තමයි

    ReplyDelete
    Replies
    1. මේ කරුණ මරා සංහතියට හොරකම් කරන්න රජයේ නීති කඩාගෙන ඉඩදුන් අය ගැන. එතකොට මරා හෝ ගෝටා ගෙනාවොත් ඒගොල්ලන්ට හොරකම් කරන්න දුන් කට්ටියට විරුද්ධව මේ ගොල්ලන්ට වඩා තදින් ක්‍රියා කරයිද?

      Delete
    2. මරා හෝ ගොඨා නැවත ගෙන එමෙන් මේ කිසිවකට විසදුමක් ලැබෙන්නේ නැත. එලෙස ලැබෙනවායැයි මම විශ්වාස කරන්නේද නැත

      මම කියන්නේ නිලධාරින් දෙසට පමණක් ඇගිල්ල දිගුකර ඔවුන් වැරදිකරුවන් කිරීමට උත්සහ කිරීම මගින් කිසිවක් සිදුවන්නේ නැති බවයි...

      අපි හොදටම දන්නව නිලධාරින්ට කරන්න වෙන්නේ ඇමතිල කියන දේවල් තියෙන නීතී රීති අස්සෙන් ගලපල කරන්න කියල, දැන් ඔබ දිගටම කතාකරන අධ්‍යාපන අමාත්‍යාංශයේ කම්කරුවන්, මුරකරුවන් වැනි පහල ශ්‍රේණිවල මිනිස්සු ගන්නේ ඇමතිට ඕන විදිහට නෙමෙයිද? ඒකේදි සිද්ධ වෙන්නේ නිවරදි ක්‍රමවේදය අනුගමනය කිරිමද නැත්නම් ක්‍රමවේදය නීතීයට අනුව ගැලපිමද
      කාටහරි මේක වැරදි කියල පරික්ෂණයක් කරගෙන ගියහම නිලධාරින්ට දඩුවම් කරන්න බැරිද...? (අවශ්‍යනම් පුලුවන්ය....)

      ඇමතිල කරන්නේ උපදෙස් දෙන එක විතරයි ඒ නිසා මේ කිසිම තැනකදී ඇමතිල තිරණ අරගෙන නැතිනිසා බොහෝ වෙලාවට වැරදිකාරයෝ වෙන්නේ නිලධාරින් නේද...? ඒ නිසා මමනම් හිතන්නේ සිදුවිය හැකි තත්වයන් තේරුම් ගනිමින් නිලධාරින්ට සහ ඇමතිවරුන්ට නිදහසේ කටයුතු කරන්නට හැකි සහ වංචා හා දුෂණයන් සිදුකිරීමට අඩුවෙන් අවශ්‍යවන ක්‍රමවේදයක් සාදා ගැනීමය

      පවතින තත්වයතුල නැවත නැවතත් නිිලධාරින් හිර කරන්නට යැමෙන් ආණ්ඩුවට වෙන්නේ තමන්ගේ වැඩක්වත් හරියට වෙලාවට කරගන්නට බැරිවිමය, නිලධාරින් හිරකල යුත්තේ ඔවුන්ට දිගටම ක්‍රියාත්මක කිරිමට ව්‍යාපෘති හෝ සංවර්ධන සැලසුම් ලබාදීමෙන් මිස සතියකට දවසක් දෙකක් FCID හෝ අධිකරණවලට බඩගැමට සැලැස්විමෙන් නොවේය...


      Delete
  9. දවස ගානේ යහපාලනේ වැරදි අඩුපාඩු කියනවට/ පෙන්නලා දෙනවට වඩා දෙයක් මේ දවස්වල කරන්න නෑ.. මොකද මේ යක්කු ගහන තරමක් ගහන්නේ තඩි බුල් නේ..

    ReplyDelete
    Replies
    1. // මොකද මේ යක්කු ගහන තරමක් ගහන්නේ තඩි බුල් නේ.. //

      අපට නම් මාර ෆන් තමා....

      Delete
    2. තව බොහොම කෙටි කාලයා පාරස සකෝ උඹලා ඔය පන් ගලවන්නේ. ඊට පස්සේ බොලාට ලොකේ පන් ගලවන්න වෙන්නේ.

      Delete
    3. // තව බොහොම කෙටි කාලයා පාරස සකෝ උඹලා ඔය පන් ගලවන්නේ. ඊට පස්සේ බොලාට ලොකේ පන් ගලවන්න වෙන්නේ. //
      ස ර ස තුමා බොහොම අවස්තාවාදී කෙනෙක් ඇනෝ තුමා...
      එන පැත්තට ගහ උලුවස්සා කියලා මොකා බලයට ආවත් තමන් ගේ වැඩේ කොරගන්න ස ර ස තුමාට පුලුවනි!

      Delete
  10. අපි ඉගුරු දීලා මිරිස් ගත්තා...දැන් ඉතින් තව අවුරුදු 4/5 දෑවෝ කියා කෑ ගසමු.අපි පටි තද කර ගමු...උන්ට වාහන අරන් දී සීටීබී කටුවටත් ඩීසල් ගහන්ඩ සල්ලි නැත කියන නිසා පයිංම යමු...පයින් යවන්නේ අපේ කොලෙස්ටරෝල් දහනයට නිසා ලබන පාරත් කතිරෙ ගහමු

    ReplyDelete
  11. මචච් වාහඥයක් ඕඥෑ

    ReplyDelete
    Replies
    1. වත්මන් හවුල් ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා රවි කරුණානායක ය. ඔහුගේ පළමු අය-වැය ඉදිරිපත් වූයේ පසුගිය ජනවාරියේ දී ය. එය කෙටිකාලීන ආණ්ඩුවක අය-වැයකි. අනිත් පැත්තට ඡුන්ද අය-වැයකි. ඒ නිසාම බඩු මිල අඩු කිරීම්, සහන ලබා දීම් ගණනාවක් එහි අඩංගු විය. ඉදිරියේ දී ලබාදෙන සහන මල්ලක් ම එහි පොරොන්දු ලෙස අඩංගු විය. ඒ ගැන කවුරු කවුරුත් පැසසුම් කළේ ය. ඒ වගේම ඡන්ද අය-වැයක් නිසා ඡන්දෙන් පස්සෙ මේවා කෙරෙයි ද? නැද්ද? යන ප‍්‍රශ්නාර්ථය ද ඉතිරි විය.

      කෙසේ වෙතත් ඒ අය-වැයෙන් ලැබිච්ච පුංචි හෝ සහනයත් ජනතාවට මහ අස්වැසිල්ලක් විය. අගෝස්තු ඡන්දෙන් ආණ්ඩු මාරු වෙන්න මෙයත් යම්තමින් හෝ බලපෑමක් කළේය. ඊළඟට ආවේ අලුත් ආණ්ඩුවේ අය-වැයයි. එය ඉදිරිපත් කළෙත් රවි කරුණානායක ය. මෑත ඉතිහාසයේ දීර්ඝතම අය-වැය එය විය. හරියටම පැය හතර හමාරක් තිස්සේ එය කියැවී ය. රවි හිතුවේ ඒක මහා ලොකු දෙයක් කියා ය. ඒත් ජනතාවට නම් අහන් ඉන්න අප්පිරිය වෙච්ච කතාවක් ය. දිගින් දිගට ම වචන වරද්ද වරද්දා පැටලැවි පටලැවී කියපු හිස් කතාවක් ම විය. ජනවාරි මාසෙ දීපු පොරොන්දු කිසිවක් ඉටු කරන බව එහි නොවී ය. රටේ කාගෙ කාගෙත් සමච්චලයට ලක් වුණු අය-වැය කතාවක් වුණේ ය.

      රැකියා දසලක්ෂය දෙන විදිය කොල්ලන්ට, කෙල්ලන්ට ලව් කරන්න කාර් එකක් දෙන විදිය මොනවාවත් එහි නොවී ය. යම්තමට හෝ තිබිච්ච කාර්වලටත් අධික බද්දක් පැනවී ය. හැඳුනුම් පත් ගාස්තු, විදේශ ගමන් බලපත‍්‍ර ගාස්තු, ආදායම් බලපත‍්‍ර ගාස්තු, විභාග ගාස්තු සියල්ල වැඩි කළේ ය. පාසල් නිල ඇඳුම කප්පාදු විය. පොහොර සහනාධාරය හිතාගන්නවත් බැරි විදියට කප්පාදු විය. පරණ යකඩ බඩු එකතු කරල විකුණපු මිනිහගෙ රස්සාවටත් ගැහුවේ ය. සෑම ක්ෂේත‍්‍රයක ම අර්බුද ඇති කරන අය-වැයක් වුණේ ය.

      ජනතාවට යහපාලනය එපා වෙන්න පටන් ගත්තේ එතැනින් ය. හිතාගෙන හිටිය සිහින ලෝකය මුළුමනින් ම බිඳ වැටුණේ රවිගේ අය-වැය කතාවත් එක්ක ය. ඒ අය-වැය නොදා පරණ අය-වැයේ කොපියකින් ම ගියා නම් හොඳ යැයි බොහෝ අයගේ අදහස විය. තවත් සමහරු අය-වැය නොදැම්ම නම් තව ඩිංගක් හරි ඉස්සරහට යන්න තිබුණා යැයි කතා වුණේ ය. ආණ්ඩුවේ දෙපැත්තේ ම ප‍්‍රබල ඇමතිවරු ගණනාවක් ම අය-වැය දෝෂ ගැන එළිපිට කතා කළහ. එළිපිට විවේචනය කළහ. කප්පාදු කළ සහනවලට එරෙහිව ගොවියෝ පාරට බැස්සහ. රජයේ සේවකයෝ පාරට බැස්සහ. වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට පවා යන්නට ලැහැස්ති විය. සෑම පැත්තකින් ම විරෝධතා එල්ල විය. ඒ නිසා ම රවීගේ අය-වැය ගැන රනිල්ට මැදිහත් වෙන්නට සිදු විය. රනිල් පාර්ලිමේන්තුවේ විශේෂ කතාවක් කළේ ය. අය-වැයෙන් කප්පාදු කළ කිහිපයක් යළි ලබා දෙන බවටත්, සමහර දේවල් යළි වෙනස් කරන බවටත් පොරොන්දු විය. ආණ්ඩුව ඇතුළෙන් හා එළියෙන් ආපු විරෝධයත් එක්ක අඩියක් පස්සට ගන්න සිදු විය.

      ඒත් ඒ කියපු දේවල් අද වෙනතෙක් හරියාකාරව ඉටු කර නැත. ඒවාත් නිකම් ම නිකන් පොරොන්දු පමණක් ම විය. රනිල් පසුගිය මාර්තු මාසයේ තවත් අය-වැයක් ඉදිරිපත් කළේ ය. ඒකෙන් කළේ වැට් බද්ද ආපහු වැඩි කරන බව ප‍්‍රකාශ කිරීම ය. ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ’ සමාන විය. වැඩි කරපු වැට් බද්ද දැන් භාණ්ඩ සහ සේවාවලට එකතු වී ඇත. ඒ වගේම මෙතෙක් වැට් නොගහපු අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ ඒවාට ගැනුම් හා විකුණුම්වලට අලුතෙන් වැට් බද්ද පැනවිණි. වැට් විතරක් නොව ජාතිය ගොඩනැඟීමේ බද්දත් එකතු විණි. දිගින් දිගටම ආර්ථිකයේ අමාරුකම් වැඩි වෙන්නට පටන් ගෙන ඇත.

      Delete
    2. ඒ අල්ල පනල්ලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන එකහමාරක ණයක් ගන්නත් ලකලැහැස්ති වේ. ඒකෙන් පැනවෙන කොන්දේසි මොනවා ද කියලා තවම කවුරුවත් දන්නේ නැත. තියෙන ණය මදිවාට තවත් ණය බරක් ජනතාව මත පැටවෙන බව නම් සැබෑවකි. ඒ කියන්නේ හවුල් ආණ්ඩුවෙන් තව තවත් බදු බර ණය බර ජනතාව මත පැටවෙන එක ස්ථිර ය. මේ වැඩිවෙන බරත් එක්ක ආර්ථිකය දිගින් දිගට ම පල්ලම් බහින බව දැන් කාටත් පැහැදිලි ය.

      බිඳ වැටෙන ආර්ථිකය ගැන ආණ්ඩුව වැරදි කියන්නේ පරණ රාජපක්ෂ ආණ්ඩුවටය. ඒ කාලෙ ගත්ත ණය මේකට ප‍්‍රධාන හේතුවක් බවය. ඒත් සියල්ල ඒකට හිලව් කරන එක සාධාරණ වන්නේ නැත. දැන් ඇත්තේ වර්තමාන ප‍්‍රශ්නයකි. අද දවසේ රටේ ආර්ථිකය වැරදි පාරේ ගෙන යෑමට එරෙහි වීමකි. බදු පිට බදු පනවන ණය පිට ණය ගන්නා බංකොලොත් ආර්ථික ප‍්‍රතිපත්තියට එරෙහි වීමකි. දවසින් දවස ආර්ථිකය බිඳ වැට්ටවීමට එරෙහි වීමකි. ඒ අර්ථයෙන් ගත් විට විශ්වාසභංගයට සහාය දැක්වීමකි. එය කිසිසේත් ම රාජපක්ෂ කල්ලිය කළ අපරාධ පිළිගැනීමක් නොවේ. එයටත් එරෙහි වන ගමන් මෙය ද කළ යුතු දෙයකි. එනම් රාජපක්ෂ කල්ලිය රටට කළ විනාශයට එරෙහි විය යුතු වගේ ම රවි ඇතුළු හවුල අද රටේ ආර්ථිකය දක්කාගෙන යන විනාශකාරී මාවතට ද එරෙහි විය යුතු ම ය. ඒ අර්ථයෙන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දිය යුතු ය.

      එය පුද්ගලයෙකුට එරෙහි වීමකින් පමණක් ම විසඳෙන්නක් නොවේ ය. ඒ ගොල්ලො ගෙන ගිය ප‍්‍රතිපත්තියත් වැරැදි ය. මේ ගොල්ලො ගෙන යන එකත් වැරැදි ය. දෙක ම වැරැදි බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු ය. අලුත් ආර්ථිකයක් ගැන ජනතාවට සිතන්න ඉඩක් ලැබෙන්නේ එවිට ය. ඇත්තෙන් ම දැන් ඒ සඳහා හොඳ ම කාලයයි. මුළු රට ම අලුත් මාවතකට රැගෙන යා යුතුව ඇත. මේ ගඳ ගහන, පල්වෙච්ච ආර්ථිකය ඇතුළේ ගොඩ ඒමක් නැත. රවිට පමණක් විශ්වාසභංගයක් ගෙනත් වැඩක් වන්නේ නැත.

      විශ්වාසභංගත්වය මේ මුළු ආර්ථික මොඩලය කෙරෙහි ම ඇති වී ඇත. ඒ අර්ථයෙන් ගත් විට විශ්වාසභංගයක් ගෙන ආ යුත්තේ අද පවත්නා නව ලිබරල්වාදී ප‍්‍රතිපත්තියට ම එරෙහිව ය. මුළු රට ම කෙලින් සිට ගත යුත්තේ අන්න එතැන ය.

      Delete
  12. උඹ රනිල්ගෙ ගල් කොල්ලෙක්ද ? තොට රනිල්ගෙන් තොර ලොවක් නැද්ද පොන්න කැරියො...මේ වේසිගෙ පුතා ගැනම ලියන්නෙ..ලියපියකො පකෝ වැදගත් දෙයක්...නෙදකින් ගූ කැරියා...

    ReplyDelete
  13. ඉයන්, රනිල් ගැනනම් කියන්න තියෙන්නේ ඔහු බුද්ධිමතකු ලෙස හැදින්වීම සිදුවී ඇත්තේ ලලිත් ඇතුලත්මුදලි ගාමිනි දිසානායක සහ රණසිංහ ප්‍රේමදාස වැනි අය ලබා දුන් දියුණුවට අදාළ කිර්තිනාමය රනිල් ගේ නමට බැරවීම නිසයි. නමුත් ඔහු දක්ෂයෙක් බව පෙන්වීමට තවම හැකිවී නෑ

    ReplyDelete
  14. උබ ලියන ලිපි මිට වඩා හැඩ වැඩ දාලා ලියපිය
    අර ඉන්දියාවට හදන පාලම ගැන ලිව්වේ ඒ වගේ ලියපන්කො

    ReplyDelete