Friday, May 27, 2016

වයස 22-23ක් වනවිට විශ්ව විද්‍යාල ජීවිතය නිමා කොට යුතුයි

ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.27, පෙ.ව‍‍.4.20) තව වසර දෙක තුනකින් අපොස සාපෙල යනු සමත් අසමත් භාවය මනින විභාගයක් නොවන බවත් ඒ සඳහා ප්‍රතිපත්ති හදන බවත් කී අගමැතිවරයා  සියළුම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පරිගණක බෙදාදීම ඊයේ(26) ආරම්භ කෙළේය.  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැදගත් කතාවක් කෙළේය. 
“සියලුම විශ්ව විද්‍යාල සිසුනට ඩිජිටල් සම්බන්ධතාවය ලබාගැනීම සඳහා පහසුකම් අද සිට සැලසෙනවා. මෙතෙක් කලක් විශ්ව විද්‍යාල සිසුන් ලැප්ටොප් පරිගණක යන්ත්‍ර මිලදී ගත්තේ දෙමාපියන්ගෙන් ලබාගත් මුදල් වලිනුයි. නමුත් තවත් පිරිසකට ලැප්ටොප් පරිගණක යන්ත්‍ර තිබුණේ නැහැ. අධ්‍යාපනය හදාරන අයට ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් තිබීම විශාල වාසියක් බව කිව යුතුයි. එයින් විශාල ප්‍රයෝජනයක් තිබෙනවා. ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් නොමැති නම් එය අධ්‍යාපනය ලැබීමේදී අවාසි සහගත තත්වයක්.


විශ්ව විද්‍යාල සිසුන් සදහා ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබාගැනීම සඳහා වාසිදායක ණය ක්‍රමයක් ඇති කරන බවට අප පසුගිය වසරේදී ප්‍රකාශ කළා. අප අද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබාදෙන්නේ එම පොරොන්දුව ඉටු කිරීම සඳහායි. මෙම ලැප්ටොප් පරිගණක ලබාදීම නිසා සියලුම විශ්ව විද්‍යාල සිසුනට ඩිජිටල් යුගයකට ඩිජිටල් ආර්ථිකයකට ඇතුළු වීමට අවස්ථාව ලැබී තිබෙනවා. ලංකාවේ සියලුම සිසුන් මෙම ක්‍රමයෙන් ප්‍රයෝජන ලබාගත යුතුයි.
එක් කලකදි පාසල් සිසු සිසුවියන් සඳහා අවශ්‍ය පොත්පත් තිබුණේ නැහැ. අප ඒ පොත්පත් ලබාදීමට කටයුතු කළා. අද ඊට වඩා වෙනස් තාක්ෂණ යුගයක් නිර්මාණය වී තිබෙනවා. පරිගණක, ලැප්ටොප් යන්ත්‍ර, අයිපෑඩ් ටැබ්ස් ආදියත් වර්තමානයේ අධ්‍යාපනයට ඉවහල් කරගත හැකියි.
වර්තමානයේ බොහෝ සිසුන්ගේ අතේ ජංගම දුරකථන තිබෙනවා. ජංගම දුරකථනයෙනුත් අධ්‍යාපනයට යම්කිසි ප්‍රයෝජනයක් ලබාගත හැකියි. ඒ අතරතුරේදී සෙල්ෆි ගන්නවා, ඊමේල් යවනවා, එස්එම්එස් කරනවා, ඒවාත් අධ්‍යාපනයත් ඔක්කොම කරන්න නම් අමාරුයි. ලැප්ටොප් යන්ත්‍රයක් තිබෙනවා නම් අධ්‍යාපනය සඳහා වඩාත් වාසිදායකයි. හැම දෙනාටම ලැප්ටොප් යන්ත්‍රයක් ලබාගෙන අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීම සදහා අප අවස්ථාව සලසා තිබෙනවා. 
දේශන කාමරයට ලැප්ටොප් යන්ත්‍ර උපයෝගි කර ගැනීම යන කරුණ අප අත්හදා බැලිය යුතුයි. සමහර පීඨවල දේශන කාමරය සදහා ලැප්ටොප් පරිගණක යොදා ගන්නවා. එහෙත් ඇතැම් පීඨවල එවැනි තත්වයක් නැහැ. ලැප්ටොප් යන්ත්‍ර දේශන කාමර සදහා යොදාගෙන අත්හදා  බලන්න රජයක් ලෙස අපට අවශ්‍යයි. ඇමරිකාව, එංගලන්තය වැනි රටවල එම අත්හදා බැලීම කරනවා. වසර දෙකකට පෙර මා එම්.අයි.ටී ආයතනයේ සිටියදී එහි සියලුම දෙනා දේශන කාමරය සදහා ලැප්ටොප් පරිගණක යොදා ගනු ලැබුවා. 
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඇතැම් දේශකයන් දැන් ලැප්ටොප් පරිගණක දේශන ශාලාවේ භාවිතා කිරීම තහනම් කර තිබෙනවා. ඇතැමුන් ලැප්ටොප් පරිගණකය  භාවිතා කර ඊ මේල් පණිවිඩ වලට පිළිතුරු දීමත්, තවත් සමහරුන් අන්තර්ජාලය භාවිතා කර භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතු කිරීමත් නිසා මෙම තහනම පනවා තිබෙනවා. 
කෙසේ නමුත් අපත් දේශන කාමරයේදී ලැප්ටොප් පරිගණක යොදා ගැනීමේ මෙම අත්හදා බැලීම සිදුකර සාර්ථක ප්‍රතිඵල අත්කර ගත යුතුයි. සිසුනට ලැප්ටොප් පරිගණක ලබාදීමෙන් තවත් එක් ප්‍රයෝජනයක් තිබෙනවා. එනම් විශ්ව විද්‍යාල සිසුන් සදහා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අන්තර්ජාල ඉංග්‍රීසි පාඨමාලාවලට පිවිසීමේ හැකියාව ලැබීමයි. ඒ පිළිබඳව මා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමගත්, ඇමතිවරුන් සමගත් සාකච්ඡා කළා. අන්තර්ජාලය ඔස්සේ ඉංග්‍රීසි පාඨමාලා හැදෑරු විට සැමටම ඉංග්‍රීසි දැනුමත් ලබාගත හැකියි. 
වර්තමාන සමාජයේ ලොකුම ප්‍රශ්නය ‘කඩුවයි‘ කඩුවට පිළිතුර ලෙස අපට නව තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. අප එතැනින් පටන් ගනිමු. අවශ්‍ය නම් යූ ටියුබ් හරහා ඉංග්‍රීසි කථනයක් පුහුණු විය හැකියි. ඇමරිකන් ඉංග්‍රීසි කථා කරනවාද, එංගලන්ත ඉංග්‍රීසි කථා කරනවාද කියා අප තීරණය කළ යුතුයි. ඒ දෙකෙත් වෙනසක් තිබෙනවා.
ඉංග්‍රීසි දැනුම ලැබුණු පසු පුස්තකාල ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙනවා. විශ්ව විද්‍යාල පුස්තකාල සඳහා අප මුදල් ලබා දෙන්නම්. විශ්ව විද්‍යාලය මගින් අන්තර්ජාලය හරහා ආයතන සමග සම්බන්ධ වී පොත් මිලදී ගන්නවා නම් නැතිනම් පුස්තකාල සේවා මණ්ඩලය මගින් මිලදී ගන්නවා නම් අප විශේෂ පහසුකම් ලබා දෙන්නම්. බොහෝ විට විශ්ව විද්‍යාල පුස්තකාලයෙන් පොත් ලබාගන්නවා නම්  අඩු මිලට හෝ නොමිලේ හෝ ලබා දිය හැකියි. පුද්ගලයෙකු ලබා ගන්නවා නම් යම් මිලකට ලබාදිය හැකියි. 
ඉංග්‍රීසි දැනුම දියුණු කර ගැනීම තුලින් අන්තර් ජාලය හරහා පුස්තකාලය පරිහරණය කිරීමේ හැකියාව  ඔබට ලැබෙනවා. ඒ වගේම නොමිලේ ලැබෙන පොත් තිබෙනවා. ඊ පොත් තිබෙනවා. ඊ සඟරා තිබෙනවා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආදියෙහි සියලූම වාර්තා අන්තර් ජාලයෙන් ලබාගත හැකියි. 
අපේ අධ්‍යාපනය තාක්ෂණ යුගයට යැවීමේ අත්හදා බැලීමක් ලෙස අප මෙම ලැප්ටොප් පරිගණක විශ්ව විද්‍යාල සිසුනට ලබා දෙනවා. මේ වසරේදී ලැප්ටොප් පරිගණක ලබාදීමේ කාලය අවසන් කළ පසුව 2017, 2018 වසර වලදී මෙම ක්‍රමයෙහි සාර්ථක අසාර්ථක බව පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දෙන ලෙසට ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ලැප්ටොප් පරිගණක යන්ත්‍රවලින් බොහෝ දේ කළ හැකියි. ඒ වගේම විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සඳහා අප තවත් වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා. ශිෂ්‍ය ව්‍යාපෘති සදහා ලබන අධ්‍යයන වසරේ සිට රුපියල් මිලියන 200 ක මුදලක් වෙන් කර තිබෙනවා. හොඳ ව්‍යාපාති සාර්ථක කර ගැනීම සදහා මෙයින් මුදල් ලබාගත හැකියි. ඇතැම් විට ව්‍යාපෘති සදහා රුපියල් විසිපන්දහසක් , පනස් දහසක් ඇතැම් විට ලක්ෂයක් අවශ්‍ය වේවි. ඒ පිළිබඳව වැඩි දුර තොරතුරු පසුව දැනුම් දෙන්නම්. ශිෂ්‍ය ව්‍යාපෘති වැඩසටහනින් මෙන්ම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර යොදාගෙන තමන්ගේ දක්ෂතා දැක්වීමට සිසුනට හැකියාව තිබෙනවා. 
මීට අමතරව පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සදහා රුපියල් බිලියනයක මුදලක් මේ වසරේදී  වෙන් කර තිබෙනවා. ඒ මුදල තවත් වැඩි කිරීමට අප කටයුතු කරනවා. ඊට අමතරව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් තවත් මුදල් වියදම් කරනවා. තාක්ෂණය මෙන්ම දැනුමද අප දියුණු කළ යුතුයි. අප මේ සියලූ දේ කරන්නේ අධ්‍යාපනයේ විශාල විප්ලවයක් ඇති කිරීම සඳහායි. අප වසර 13ක අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. ඊට අවශ්‍ය මූලික සැලසුම් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැකසෙමින් පවතිනවා.  එය ක්‍රියාත්මක කිරීමට වසර දෙක තුනක් අවශ්‍යයි. විද්‍යා ධාරාව ඔස්සේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා ප්‍රමාණවත් තරමින් ගුරුවරුන් නැහැ. 
මීට අමතරව තවත් 2000 කට පමණ වෙනම උපාධි ලබාගැනීම සඳහා වැඩසටහන් සැකසීමට අප අදහස් කරනවා. විද්‍යා, ගණිත ගුරුවරුන් ප්‍රමාණය වැඩි කිරීම අත්‍යවශ්‍යයි. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය තවත් වසර දෙක තුනක් යනවිට සමත් අසමත් බව මනින විභාගයක් නොවේ.  අප ඒ සඳහා ප්‍රතිපත්ති ගෙන එනවා. එවිට සෑම දෙනාටම තවත් ඉදිරියට යා හැකියි. ඒ යුගය වනවිට විශ්ව විද්‍යාලයට වැඩිපුර සිසුන් ප්‍රමාණයක් ඇතුලත් කර ගැනීමට වැඩපිළිවෙල අප සැකසිය යුතුව තිබෙනවා.
අප ඉගෙන ගන්නා යුගයේදී මමත් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාත් 18 වන වියට එළඹෙන විට පාසල් අධ්‍යාපනය අවසන් කොට විශ්ව විද්‍යාල ජීවිතයට පිවිසුණා. වයස 21 වන විට විශ්ව විද්‍යාල දේශපාලනය අවසන් කර රටේ දේශපාලනයට පැමිණියා. නමුත් අද තත්වය මීට වෙනස්. බොහෝ සිසුන් වසර ගණනාවක් විශ්ව විද්‍යාල දේශපාලනයේ හිරවී සිටිනවා. අප විශ්ව විද්‍යාල දේශපාලනය ඉක්මනින්ම නිමා කොට පැමිණ රටේ දේශපාලනයට හිරවී සිටිනවා. 
සිසුන්ගේ වයස අවුරුදු 22 ක් 23ක් වන විට විශ්ව විද්‍යාල ජීවිතය නිමා කොට ඔවුන්ගේ ජීවිතය ගොඩනගා ගත යුතුයි. එසේ නොවූව හොත් ජීවිතයේ වටිනාම කාලය තමන්ට අහිමි වී යනවා. 26, 27 යන වයසට පැමිණෙනවා යනු තමන්ට ඇති අවස්ථා අඩුවීමයි. ඒ වගේම විභාගය සදහා ගත වන කාලය අඩුකළ යුතුයි. අධ්‍යාපනය ලබන කාලය වැඩිකළ යුතුයි. මේ විශාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා අප මුදල් සෙවිය යුතුව තිබෙනවා. මෙරට ජාතික ආදායම දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 11 ක් පමණයි. මේ තත්වය ඉදිරියට ගෙන යන්න බැහැ. ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් හෝ සියයට 16ක් බවට පත්කළ යුතුයි. 
විශේෂයෙන්ම අප අධ්‍යාපනය සඳහා අවශ්‍ය සියලුම මුදල් ආධාර ලබා දෙනවා. එයින් ඔබ උපරිම ප්‍රයෝජනය ගත යුතුයි. අප මේ සියලු මුදල් ඔබ වෙනුවෙන් ආයෝජනය කරන්නේ ඇයි ? මෙරට අනාගතය ඇත්තේ ඔබගේ අතේයි. ඔබ ලබන අධ්‍යාපනයෙන් මෙරට අනාගතය තීරණය වනවා.  ඊළග වසර 30, 40 ඇතුලත කාලයේ අනාගතය තීරණය කරන පිරිස මෙහි සිටිනවා. එම නිසා අප ලබාදෙන අවස්ථාවලින් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගන්න.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පක්ෂ දෙකේ සහයෝගයෙන් අප ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ රට මුහුණ දෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමටයි. වසර දෙක තුනක් හෝ කැපකර ඒ ප්‍රශ්නවලට විසඳුම් ලබාගත යුතුයි. ඒ විසඳුම් ලබාගත් පසුව අපට ඉදිරියට යා හැකියි. අනාගත පරපුරට කරන ආයෝජන වලින් සම්පූර්ණ ප්‍රතිපල ලබාගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා. 

55 comments:

  1. Ranil ge madya prakashaka, Saha whitewashing agent..saha mada hodannaa

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ

      Delete
  2. මොනව කරත් ඊලඟට එන එවුන් ප්‍රතිපත්ති වෙනස් කරනවනෙ. ඔක්කොම අවුරුදු කීපයක් පමණයි

    ReplyDelete
    Replies
    1. දේශපාලන වාසි, පෞද්ගලික වාසි, නිසා, ජාතික සංවර්ධනය ගැන නොහිතන අමන දේශපාලු හැත්තක්, කොහෙන් කොහොම හරි හැම මැතිවරණයකින්ම පාර්ලිමේන්තුවට රිංග ගන්නවා. උන්, තමන්ට වැටෙන ඡන්ද වෙනුවෙන්, රටට ඕනෑම විපතක් කරනවා. අපේ අධ්‍යාපනය තුළ, මෙන්න මේ වගේ එවුන් පිටුදැකීමේ වැඩපිළිවෙලක් තිබිය යුතුයි.

      Delete
    2. මේවගේ දේවල් රිවර්ස් කරන්න බැරිවෙයි. උදාහරණයකට පාසැල් පොත් දෙන ව්‍යාපෘතිය පසුව ආ ආණ්ඩු වෙනස් නොකලා වාගේ. ස්තූතියි ප්‍රාජේ සහ විචාරක

      Delete
  3. ඉයන් ද මන්දා රනිල් ගේ ස්පීච් රයිටර් මේ හැම කතාවම නැවත පළ කරන්නේ!

    කෙසේ වෙතත් කතාව හොඳයි.

    මා පැරා ගේ බ්ලොගයේ ලියූ විිදියට හිතෙන් කොලේට ඇවිත්, කොළෙන් මහපොළොවට ආ යුතුයි මේ සැළසුම්!

    ReplyDelete
    Replies
    1. /////ඉයන් ද මන්දා රනිල් ගේ ස්පීච් රයිටර් මේ හැම කතාවම නැවත පළ කරන්නේ!////////

      කොළ පාට අදහස් නිල් පාට පසුබිමක :DDD
      මම කිව්වේ බ්ලොග් එක ගැන...

      Delete
    2. රසික පැරා ගෙ බ්ලොග් එකේ ලියූ කමෙන්ට් එක දැක්කා. අනේ නැහැ රසික මම බොහෝ කාලයක සිට අධ්‍යාපනය ගැන ලිපි ලියනවා. සමහර ඒවා මේ බ්ලොග් එකෙත් ඇති. ගතානිගතික ක්‍රමයෙන් ලැබුණ ප්‍රතිඵල අපිට ඇස් පණාපිට තියෙන කොට ඊට එහායින් හිතන කථා දෙකක් නිසා තමයි මෙහි පලකලේ.

      Delete
    3. අරූ. මගේ පාට රටේ පාට. ඒක පුද්ගලයෙකු හෝ පවුලක් හරහා බිහිවුණු පැවතුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොවෙනකොට සමහර අය අපිට පාට දෙනවා.

      Delete
  4. මං විශ්ව විද්‍යාලයෙන් පිටව යන විට වයස අවුරුදු 23 මාසයයි, සති දෙකයි. තවත් සතියකින් ජොබ් එකට ගියා.

    සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ අතර සැඟව යන අවුරුද්දත් (2015 දෙසැම්බරයේ සාපෙ කළ ළමුන් උසස් පෙළ ලියන්නේ 2018 අගෝස්තුවේ දී ය!), උසස් පෙළ සහ විශ්ව විද්‍යාල ඇරඹුම අතර ඇති වසරත් නැති කළ යුුතුයි.

    එහෙම නම් මටත් 21 න් අවුට් වෙලා දේශපාලනය කරන්න තිබුණා!

    ReplyDelete
  5. මා සිටින ප්‍රදේශයේ පළමු වසර සිට සියළුම සිසුන්ට මේ පාසැල් වර්ෂයේ සිට අයිපෑඩ් එකක් අනිවාර්යයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉකොන්. මේවා දේශපාලන තීන්දු නොව සංවර්ධන තීන්දු. ඔබ සිටිනා තැන වගේ.

      Delete
  6. හොඳ ස්පීච් එකක්...අර අන්තිම පැරා එක කිව්වෙ නැත්තං තවත් වටිනවා...
    මම පලමු උපාදිය අවසන් කරනකොට මගේ වයස රනිල් මහත්තයා කිව්වා වගේ 21යි..ඒක මගේ ජීවිතේ දුර ගමන යන්නට ලොකු උදව්වක් උනා..
    හිතට හරි සනීපයක් දැනුනා රටේ නායකයා මෙහෙම ස්පීච් එකක් කරා කියලා කියෙව්වම...
    ඉයන් ස්තුතියි..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චෙෆා.

      Delete
  7. අනිවා කරයි මාත් මේ දැං බ්ලොග් ලියන්නේ ප්‍රී වයි පයි වලින්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අටම්.

      Delete
  8. ඩිලාන් පෙරේරා කියලා තියෙන්නේ අවුරුදු දෙකයි දෙන්නේ ඊට පස්සෙ එයාලය ආයෙත් කොරන්නේ කියලා... රනිල් හරි පව් නේ...

    එකෙක් දෙන්නෙක් එහෙන් බාගෙන මහින්ද වගේ ගේමක් නොදි යහපාල එක්ක පිස්සු කෙලින්න ගිහින් ආයේ නා ගන්නේ නැතිව උන්නොත් ඇති...

    ReplyDelete
    Replies
    1. රනිල් පාර පනින්න ඉන්නව නං ඩ්‍රැයිවර්ල පරිස්සමෙන් වාහන එළවන්න ඕනෑ

      ඔකට කහ ඉරකින් පාර මාරු වෙන්නවත් බෑ

      Delete
    2. මාතේ රනිල් මේ පාරත් නාගන්නවා. ඒක නම් සුවර්.

      Delete
    3. ස්තූතියි ඇනෝ. රනිල් කහ ඉර පනින්න දන්නෙ නැහැ. ඇතුලත්මුදලිලා කඩාගෙන ගිය වෙලාවෙත් පැන්නෙ නැහැ. කවදාවත් පනින්නෙත් නැහැ. ඔය එස්.බීලා, රාජිතලා, වගේ කට්ටියට කහඉර බල බලා හැමදාම පනියි.

      Delete
  9. //මෙරට ජාතික ආදායම දළ දේශීය නිශ්පාදිතයෙන් සියයට 11 ක් පමණයි. මේ තත්වය ඉදිරියට ගෙන යන්න බැහැ. ජාතික ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් හෝ සියයට 16ක් බවට පත්කළ යුතුයි. // මම හිතන්නේ මෙය ජාතික ආදායම නොව (රජයේ) බදු ආදායම ලෙස නිවැරදි විය යුතු බවයි.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා

      Delete
    2. ඔව් ඉකොන් ඔබ හරි

      Delete
  10. ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් මිලට ගන්න විශ්ව විද්‍යාල සිසුන්ට පොලි රහිත ණයක් දෙනවා කියල ආරංචි වෙලා ගොඩක් ළමයි ඒ ගැන උනන්දු වුනා.මෙහෙම පහසුකමක් සලසන එකනම් අගය කලයුතු වැඩක්.

    //දේශන කාමරයට ලැප්ටොප් යන්ත්‍ර උපයෝගි කර ගැනීම
    අදටත් සමහර දේශන වලදි අපි ලැප්ටොප් පාවිච්චි කරනව සහ හැම ගුරුවරයෙක්ම වගේ උගන්නන්නෙ ලැප්ටොප් යන්ත්‍රක් භාවිත කරල. දේශන කාලයෙදි සමහර පුනරීක්ෂණ,කණ්ඩායම් ක්‍රියාකාරකම්,ප්‍රයෝගික පරීක්ෂණ වලට ලැප්ටොප් පාවිච්චි කරන්න දෙනව.ගුරුවරයෙක් උගන්නන වේලාවකදී නම් දේශනය අහගෙන ඉන්න ගමන් පාවිච්චි කලොත් අවධානය බිඳෙනව.විශේෂයෙන්ම නීරස දේශනයකදිනම් කොහොමටවත් දේශනයට ඇහුම්කන් නොදේවි එහෙම උනොත්. හැබැයි දේශනයට අදාලව කරුණු අන්තර්ජාලයෙන් කියවල බලන්න සටහනක් ගෙනෙන්න කියන අවස්ථා තියනව.එහෙම නැත්නම් දේශනය අවසානයේ පොඩි කාලයක් දෙනවනම් ඒකත් හොඳයි කියලයි හිතෙන්නෙ.

    //වර්තමාන සමාජයේ ලොකුම ප්‍රශ්නය ‘කඩුවයි‘
    විශ්වවිද්‍යාලයේ අපිට ඉන්න අචාර්යවරුන්ට පිං සිද්ධ වෙන්න.කඩ්ඩ (ඉංග්‍රීසි ) දියුණු වෙන වැඩ ගොඩක් කෙරුණ.පලවෙනි වසරෙදි පොඩි කණ්ඩායම් හදල ඉංග්‍රීසි කථනය පුහුණු කෙරෙව්ව.ඉංග්‍රීසි ගොඩක්ම දුර්වල ළමයින්ව වෙනම තෝරගෙන එයාලට ඉංග්‍රීසි ගුරුවරයෙක් ලවා වෙනම පුහුණු කලා මේ වගේ වැඩ ගොඩක් කෙරුණ. ඉංග්‍රීසි අධ්‍යාපනය පාසල් කාලේ ඉඳන්ම හරියට කෙරෙනවනම් තමා හොඳය.ගම් වල පාසල් වලට හරි හමන් ඉංග්‍රීසි ගුරුවරු නැහැ.

    //ඉංග්‍රීසි දැනුම ලැබුණු පසු පුස්තකාල ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙනවා.
    අපේ ළමයි නම් දැන් ගොඩක් වෙලාවට කියවන්නෙ E- books පුස්තකාලෙකට යනවනම් යන්නේ නිදහසේ පාඩම් වැඩක් කරන්න පොතක් කියවන්න යනවා අඩුයි මොකද හැම විස්තරයක්ම අන්තර්ජාලයේ තියන නිසා. පුස්තකාලයෙදී කලා විෂයන් වලට අදාලවනම් පොත් පරිශීලනය වැඩි වගේ මට පෙනුන විදිහට.(මේ මා දැකපු දෙය සහ මගේ අත්දැකීම් ) පොත් වගේම පාඩම් වැඩ වලට අදාළ සමහර මෘදුකාංග මිලට ගන්න වෙනව ඒවා විශ්ව විද්‍යාලවලට ගන්න අවශ්‍ය පහසුකම් සලසනවනම් වටීවි.

    //සිසුන්ගේ වයස අවුරුදු 22 ක් 23ක් වන විට විශ්ව විද්‍යාල ජීවිතය නිමා කොට ඔවුන්ගේ ජීවිතය ගොඩනගා ගත යුතුයි
    එකඟයි. මේ දේ තමා මම කලින් ලිපියෙනුත් අදහස් කලේ

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. හංසියාට තෙලිපති තියෙනවද කොහෙද? එයා වි.වි කාලය ගැන කියනකොට රනිල් ඒක ගැන විස්තර කරලා. බොහොම ස්තූතියි හංසි

      Delete
  11. අධ්‍යාපන ක්‍රමය රැකියා ඉලක්ක කර ගත්ත වැඩ පිළිවෙලකට යා යුතුයි, ගොඩක් විට විශ්ව විද්‍යාල වලින් බිහි වෙන්නේ පොතේ ගුරාල, න්‍යායාත්මක දැනුම ප්‍රායෝගික කරණය කරගන්න අමාරු පිරිසක්, එකට විසඳුමක් තිබිය යුතුයි.

    කඩ්ඩ සඳහා නම් විශේෂ අවධානයක් යොමු කල යුතුමයි, ඉන්ටෙන්සිව් කාලේදී අර නවක වැඩේද මොකක්ද කියන කෙහෙ මල අතුගාල දාලම පළමු වසර සිසුවාගේ හිස මතට එල්ල වන පීඩනය ඉවත් කර ඔහුගේ හැකියාවන් දක්ෂතාවයන් දියුණු කරමින් ඔහුගේ දුර්වාතාවයන්ට විසඳුම් දීමට කටයුතු කල යුතුයි.

    යල් පන ගිය අධ්‍යාපන ක්‍රමයකින් වැඩක් වෙන්නේ නැහැ, අපිත් අනාගතයේ පාසල් හා විශ්ව විශායල ක්‍රමයකට යා යුතුයි. හණමිටි කරේ ගහගෙන ගිය කාලය දැන් වත් නිමා කල යුතුයි.

    අධාපනය ශිෂ්‍ය කේන්ද්‍රීය විය යුතුයි, නමුත් සිසිවා මතම හැම දෙයක්ම පටවා ගුරුවරු අත පිහිදා නොගෙන නිසි අධීක්ෂණය හා උපදෙස් ලබා දෙමින් මග පෙන්වීම කලයුතුයි. අද වෙන්නේ දේශන වල බයිලා ගහල මොකක් හරි ප්‍රශ්න දෙකක් තුනක් කතා කරලා ඒ ටිකම විබාගෙට දීල පාස් වෙන ක්‍රමවේදයක්, මේකෙන් වෙනේ විශ්වවිද්‍යාල වලින් අමුම අමු මැට්ටෝ ටිකක් බිහි වෙන එක විතරයි, නිකන්ම ගිරව් ටිකක්. ඊළඟට පරණ ක්‍රමවේදයට ගියානම් කියලත් හිතෙනවා, මොකද 1965 සා පෙළ ගණිත ප්‍රශ්න තමා අද උසස් පෙලට භාවිතා වෙන්නේ, ඒ කාලේ තිබ්බ විදියට සිසුන්ගේ හැකියාවන් පාසල් අවධියේ සිටම හඳුනාගෙන වර්ගීකරණය කරලා ඒ ඒ මාවත් දිගේ යාමට ඉඩ සැලවිය යුතුයි. ඊළඟට නව අද්යාපන ක්‍රමයජනප්රිය කොළඹ පාසල් වල පමණක් නොව මුළු රටම ආවරණය වෙන විදියට විමධ්‍ය ගත කල යුතුයි, සුපිරි පාසල්, සුපිරි පාසල්, පොකුරු පාසල්, මාධ්‍ය විද්‍යාල විදියට පාසල් වර්ගීකරණය කලත් ඒ සියලු පාසලටම එකම ශක්‍යතාවයක් ඇති කල යුතු වෙනවා. ඊළඟට පාස් වෙච්ච එකා පුම්බන මාධ්‍යය කරණය අවතා දැමිය යුතු වෙනවා, ඒ හරහා දෙමාපියන් දරුවන්ට එල්ල කරන පීඩනය අපේ වගේ රටක කියන්න ඕනා නැහැනේ, " අර බලපන් අර ළමයි පාස් වෙන හැටි, ඒ විදියට වෙන්න ඕනා, උඹට අයි බැරි." අවසාන වශයෙන් අහ්යාපනයට හිනා දෙමාපිය තරඟය නවාතා දැමිය යුතු වෙනවා, ළමයි රොබෝ වරු වන එක පමණයි වෙන්නේ, පව් ඔවුන්ට තිබෙන ළමා කාලය නීරස පන්ති වල හිර වෙනවා, ඔවුන් අධ්‍යාපනයට වයිර කරන්න ගන්නේ එතනින්. බලන්නා පුද්ගලික අධ්‍යාපන ක්‍රම වේදය, උසස් පෙළ ස්කිප් කරාඅ සැ පෙලින්ම ෆවුන්ඩේෂන් එකක් කරලා උපාධියට යා හැකියි, නමුත් පවත්නා ක්‍රමයේ ඊළඟට කාලය කෑම නවතා දැමිය යුතුයි, විබාග ප්‍රතිපල දෙන්න ගතවන කාලය වැඩි, විශ්ව විද්‍යාල වලින් සමත් වුවත් ට්‍රාන්ස්ක්රිප්ට් එක අතට ගන්න සෑහෙන්න කාලයක් යනවා, මේ සියල්ලය්ට නිසි පිළිතුරු අවශ්‍යයි.

    මොනා හරි කරලා ඉයන් කියන මේ අඩු වයසින් විශ්ව විද්යාල අද්යාපනය ලබල රැකියා වෙළඳපලට යාමට සිසුවාට ඉඩ ලැබිය යුතුයි. සම්පර්නයෙන්ම එකඟයි.

    ReplyDelete
  12. යා දෙක නොරත රත අවස්තා මතු නොවෙනවා නම් මේ දේවල් ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙයි. අපිට කොහෙද එහෙම දේශපාලකයෝ.

    ReplyDelete
    Replies
    1. මෙයාටත් පොඩි චාන්ස් එකක් දීල බලමු අරූ.

      Delete
  13. මගේ යාලුවෙක් කඩ්ඩ හිරවෙලා මලා.

    ReplyDelete
  14. //සිසුන්ගේ වයස අවුරුදු 22 ක් 23ක් වන විට විශ්ව විද්‍යාල ජීවිතය නිමා කොට ඔවුන්ගේ ජීවිතය ගොඩනගා ගත යුතුයි. එසේ නොවූව හොත් ජීවිතයේ වටිනාම කාලය තමන්ට අහිමි වී යනවා. 26, 27 යන වයසට පැමිණෙනවා යනු තමන්ට ඇති අවස්ථා අඩුවීමයි.//
    මේකනම් අගය කරන්න ඕනෙ. කරනවනම් මෙන්න වැඩක්, හැබැයි කියවිල්ලට සීමා නොවී. මට දැන් වයස අවුරුදු 25යි. නමුත් මං තවම මගෙ B.Sc. ගත්තෙ නෑ. අවසන්(4වෙනි ) වසර මගෙ. මඟහැරෙන අවස්ථා එමට. අපරාදෙ. ඇත්ත්ටම අපේ රටේ අධ්‍යාපන ක්‍රමයම වෙනස් වෙන්න ඕනෙ ඉයන්

    ReplyDelete
    Replies
    1. 25 යි.? හෙහ් හෙහ්. පොඩිළමයිනෙ තාම. මට ඔය වයස වගේ දෙගුණෙට පොඩ්ඩයි වැඩි.

      ලේ.හී ඉස්සෙල්ල පෝස්ට් එකේදිත් අඩුවයසින් සුදුසුකම් ලබා දීම ගැන කිව්වා. මේ ගැන රටේ නායකයින් දැනගෙන ඉන්නවා සහ ඒගැන හිතනවා කියන එක මට නම් ලොකු දෙයක්.

      Delete
    2. ඉයන් මාම... ඉයන් මාම

      Delete
  15. කොල්ලො කෙල්ලො පාරේ ඉන්න කාලය අඩු කරන්න පුලුවන් විදිහට වැඩ කරනවනම් 23න් අවුට් වෙන එක කරන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත දිනේශ්. ඔය මහපොළ වගේ දේවල් දෙන්න ඕනා නිශ්චිත කාලයකට. එතකොට ඊට එහා පරක්කු වෙන එක සිසුන්ම වළක්වගනියි.

      Delete
  16. අපේ පාසල් අධ්‍යාපනය ජපානයේ නැත්තං වෙනත් දියුණු රටවල වගේ රැකියා ඉලක්කගත කිරීමෙන් තමයි රටක් විදියට ගොඩ යන්න පුලුවන්. එතැනදි අවශ්‍ය වන නව දැනුම ලබා ගැනීමට ලැප් ටොප මෙවලමක් කරගන්න පුලුවන්. ඒත් ඉන්ටර් නෙට් දැන් හරි ගනන්...

    ReplyDelete
    Replies
    1. //අපේ පාසල් අධ්‍යාපනය ජපානයේ නැත්තං වෙනත් දියුණු රටවල වගේ රැකියා ඉලක්කගත කිරීමෙන් තමයි රටක් විදියට ගොඩ යන්න පුලුවන්.//

      බොහොම ස්තූතියි සිරා. සාදරයෙන් පිළිගන්නවා. ඔබ හරියටම හරි. ඕනම අංශයකට අරමුණක් තිබිය යුතුයි. අධ්‍යාපනයේ එක ප්‍රධාන අරමිණක් වියයුත්තේ රටට සහ ලෝකයට අවශ්‍ය පුහුණු මිනිස් සම්පත් නිශ්පාදනය. ඕක වටහා නොගත්තොත් වැඩක් නැති අධ්‍යාපනය ලබලා ඊලඟට මැද පෙරදිග බැලමෙහෙවර කමට යවන එක තව කල් කරන්න වෙයි.

      Delete
  17. http://lankanian.blogspot.com/2016/05/blog-post.html?showComment=1464069093320#c3088034313283422053
    ඉයන් ඉහත යොමුවේ තියෙන්නේ ඔබේ පෙර ලිපියට මා ලියූ අදහසයි.
    මා හංසිගේ පිළිතුරට ප්‍රතිචාරයක් ලෙස එය වැඩි දුරටත් විග්‍රහ කොට තියෙනවා.

    ඇත්තටම රනිල් ඉයන්ගේ අඩවිය කියවනවාද නැතිනම් ඉයන් රනිල්ගේ කතා සකසන්නෙක්ද?

    කොහොම වුනත් කමක් නැහැ, කවුරු අතින් හරි හරි දේ රටට වෙලා රටට යහපත උදා වෙනවානම් අපි සතුටුයි. ඒත් දේශපාලකයෝ මෙවැනි දේ ගැන එක වරම තීන්දු තීරණ අරගෙන කථා කීරීම කොතරම් දුරට නිවැරදිද?
    හංසිගේ අදහසට මා පල කල ප්‍රථිචාරයට අරුන පෙරේරා පල කර ඇති අදහසුත් කියවන්න.

    ReplyDelete
    Replies
    1. //හංසි, ඔබ ඔය මතුකරන ප්‍රශ්ණය ඉතාම සාධාරණ මානුශික ප්‍රශ්නයක්.
      ඇත්තෙන්ම මේ ලංකාවේ වයස 18 පැනපු තරුණ තරුණියෝ (දරුවෝ කියන්නේ කොහොමද? ) පාසැල් නිල ඇඳුම් ඇඳගෙන පාසැල් යාම මහා විකාරයක්.
      ඇත්තෙන්ම පාසැල් දරුවන්ට උසස් අධ්‍යාපනයට ඇතුළු වීම වයස 18 දී සිදු විය යුතුයි. පාසැල් ගමනේ අවසානය 17 දී විය යුතුයි. මෙන්න මේකටයි රජය සැලසුම් හැදිය යුත්තේ.
      හැබැයි හංසි කියන විදියට තුන්වරක් උසස් පෙල කරපු කෙනෙකුගේ ප්‍රශනය රජයේ හෝ ජාතික ප්‍රශ්නයක් විය යුතු නැහැ. මොකද කෙනෙක් තුන් වරක් උසස් පෙල කරන්නේ තමන්ට ශිශ්‍යත්වයකින් උසස් අධ්‍යාපනය ලැබීමට කෙසේ හෝ සුදුසු කම් හදා ගැනීමටනේ. (හැබැයි ඉතින් මගේ තර්කය සාධාරණ වෙන්න මේ රටේ උසස් පෙල සමතුන් හැමෝටම නොමිලේ නොවෙයි නිදහසේ උසස් අධ්‍යාපන වරම් තිබිය යුතුයි )//

      මේ තියෙන්නේ ඉස්සෙල්ල පෝස්ට් එකේ නයනේ කියපු එක. මේක දැකල වෙන්න ඕන රනිල් ඔය දෙවෙනි කථාව කරල තියෙන්නෙ. ඔහුට එම ප්‍රශ්ණය වැටහිලා තියෙනවා කියන එකත් ලොකු දෙයක්. මට නම් විශ්වාසයි ඔහු මේ අධ්‍යාපන ප්‍රශ්ණ ටික විසඳනවා කියන එක.

      Delete
  18. අනිවාර්යෙන්ම අධ්‍යාපනය රැකියා ඉලක්ක කරගත් නිර්දේශයක් මත ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම වයස 23ක් වන විටවත් සාමාන්‍ය උපාධිය නිම කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කල යුතුයි. මෙය ආරම්භ කල යුත්තේ ප්‍රාථමික අධ්‍යාපනයේ පටන්මයි. එහෙම නැතුව විෂය නිර්දේශ කප්පාදු කරලා විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ තත්වය අඩු කිරීමෙන් නොවෙයි. ඒ වෙනුවට විශේෂිත වූ පුළුල් විෂය ධාරාවක් උපාධි පාටමාලාවට ඇතුලත් කල යුතුයි. දරුවෙක්ට තමන්ට කැමති විශේෂ රැකියාවක් ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය හදාරන්නට ඉඩ සලසා දීම අඩුම තරමේ නවය ශ්‍රේණියේ පටන්වත් ඇරඹිය යුතුයි. ඒ මගින් එකම දේ නැවත නැවත විශ්ව විද්‍යාල මට්ටමේදී පවා කියා දීමට යොදා ගන්නා කාලය අඩු කරගන්න පුළුවන්. අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ළමයින්ට ප්‍රධාන රැකියා දෙවර්ගයයි. දොස්තර හෝ ඉංජිනේරු. සමහර වෙලාවට ගුරුවරයෙක්. තාක්ෂනික, කාර්මික සහ අනිකුත් ක්ෂේත්‍ර වල රැකියා ගැන හිතන්නවත් දරුවන්ට අඩිතාලමක් සලසා දෙන්නේ නැහැ ප්‍රාථමික අවධියේදී. අවසානයේදී, උසස් පෙළ තුන් වතාවකුත් උත්සාහ තෝරා ගන්නට කිසිවක්ම නැති තැන තමයි දරුවන් මේ ක්ෂේත්‍ර වලට යොමු වන්නේ. ලංකාවේ අධ්‍යාපනය OL සහ AL ප්‍රතිපල පදනම් කරගෙන ගොඩ නැගුන තරඟයක් මිස, එහි අරමුණ කුමක්දැයි කියා කිසිවෙක් හරි දන්නේ නැහැ.

    දියුණු රටවල නම් විදුලි කාර්මික, ජලනල කාර්මික ශිල්පින්, අනිකුත් කාර්මික ශිලපින්, මේ වගේ වෘත්තීන් ඉතාමත් පිළිගත් ඒ වගේම විශාල වශයෙන් ආදයම් ලබන විශේෂ ප්‍රාගුන්‍යක් ලබා ගත යුතු වෘත්තීන්. පාසැල් අවදියේ ඉඳන්ම දරුවන් ඒ සඳහා යොමු වෙනවා. අනිත් අතින් අවුරුදු 23 වෙද්දී මෙහි බොහෝ දරුවන් මාස්ටර් උපාධිය පවා හදාරා අවසන්. වයසින් අඩුයි කියා ඔවුන්ගේ දැනුමේ හෝ පුහුණු කිරීමේදී හෝ කිසිම ගැටළුවක් පැන නගින්නේ නැහැ. අපේ රටවල් වලත් සියලුම වෘත්තිකයින්ට සම පිළිගැනීමක් සහිත ආකල්පමය වෙනසක් ඇති උනොත් මේ සියල්ලම පහසු වෙයි.

    ඒ වගේම ඉංග්‍රීසි භාෂාව චකිතයකින් තොරව සන්නිවේදන මාධ්‍යක් ලෙස භාවිතා කිරීමට දරුවන්ව පෙලඹවිය යුතුයි. අපේ බහුතරයක් ඉංග්‍රීසි භාෂාවෙන් රාජකාරි කරන උදවිය බලා සිටින්නේ වචනයක් වැරදුනොත් හිනා වෙන්න. ඔවුන්ට නිතර අමතක වෙන දෙයක් තමයි ඉංග්‍රීසිය අපේ මව් භාෂාව නොවන වග. එය සියලු දෙනාම ඉගන ගනිමින් පවතින්නක් බව. මෙය තරුණ දරුවන් ප්රිසිද්දියේ ඉංග්‍රීසි කතා කිරීම පසුබට කරවන්නක්.

    ReplyDelete
    Replies
    1. //දියුණු රටවල නම් විදුලි කාර්මික, ජලනල කාර්මික ශිල්පින්, අනිකුත් කාර්මික ශිලපින්, මේ වගේ වෘත්තීන් ඉතාමත් පිළිගත් ඒ වගේම විශාල වශයෙන් ආදයම් ලබන විශේෂ ප්‍රාගුන්‍යක් ලබා ගත යුතු වෘත්තීන්. පාසැල් අවදියේ ඉඳන්ම දරුවන් ඒ සඳහා යොමු වෙනවා.//

      අනේ වාසනාවන් , එහෙනං කේතුමති පුරයත් මිහිපිට තියනවා

      Delete
    2. :) කේතුමතිය කොහොම වෙතත්, හිතේ හය්යයි, ප්‍රායෝගික මොළෙයි තියන මිනිහෙකුට මෙහෙදී ජිවිතේ ඕනේ තැනකින් පටන් ගන්න පුළුවන් අටම් මලේ. අපේ ලංකාවේ වගේ ඉගන ගන්න, රැකියාවල් කරන්න වයස් සීමාවක් නැහැ. ඇත්තෙන්ම මෙහෙ (ඇමෙරිකාවේ) මිනිස්සු නිවාසයක් මිලදී ගනිද්දී වැඩියෙන්ම සොයා බලන එක දෙයක් තමයි ජලනල පද්ධතිය, මොකද එහි අලුත්වැඩියා කිරීමක් ආවොත් ඔවුන්ට විශාල වියදමක් වැය කරන්නට සිද්ධ වෙනවා. ඒ අදාළ කාර්මික ශිල්පීන් බොහෝ මුදලක් අය කරනවා...ඒ වගේමයි අමුද්‍රව්‍ය වියදමත්. ඒ වගේමයි විදුලි කාර්මික ශිල්පීන්, මේ හැමෝම විශේෂ සහතික ලබාගෙන තිබෙන්නට ඕනේ ඒ අදාළ රැකියාවට ඒ අය සුදුසුයි කියල. කාර්මික ශිල්පින්ට මෙහෙ මිනිස්සු බොහොම ගරු කරනවා. මොකද අපේ රටවල් වල අයට තරම් සහජයෙන් ලැබෙන කාර්මික ඥානය මෙහෙ මිනිස්සුන්ට නැහැයි කියලයි මට හිතෙන්නෙ. කොහොමත් ලංකාවේ වගේ රැකියාවේ තත්වය අනුව වෙනසක් මෙහෙ නැහැ. වැසිකිලි පිරිසිදු කරන කෙනාටත්, දොස්තරටත් එකම විදියට සුබ පතල, උඹට කොහොමද කියල අහන එක බහුතරයකගෙ පුරුද්දක්.

      Delete
    3. //:) කේතුමතිය කොහොම වෙතත්, හිතේ හය්යයි, ප්‍රායෝගික මොළෙයි තියන මිනිහෙකුට මෙහෙදී ජිවිතේ ඕනේ තැනකින් පටන් ගන්න පුළුවන් //

      පොකුරු වැස්ස හරියටම හරි. කාර්මික අංශ වල අය තමන්ගේම පොඩි කොම්පැණි දාගෙන ඉතා ඉහල දිවියක් ගෙවනවා. මේවගේ හැකියාවන් දියුණු කරගෙන සුදුසුකමක් ලබා ගත්තම ලෝකේ ඕනෑම තැනක රැකියා තියෙනවා. මේ ටික තේරුම් ගන්න බැරුව තමයි අපි බැල මෙහෙවරට මැද පෙරදිග අරින්නේ.

      Delete
  19. රනිල් කියන දේවල් වගේම දැනට කරන දේවල් උනත් නිවැරදියි. ලංකාවේ දැනට තියෙන වෛද්‍ය ඉංජිනේරු නීති විශ්වවිද්‍යාල ඇරුනම අනෙක් කිසිම වි වි ලයකින් කිසිම කෙනෙක් අවුරුදු 26කින් 27කින් මෙහා එලියට එන්නෙ නෑ. මොකද අවුරුදු 3 උපදියට තව අවුරුදු තුන හතරක් ස්ට්‍රයික් පිකටිං පෙළපාලි නිසා. අනික මමනම් හිතන්නේ ලංකාවට කලා විශ්වවිද්‍යාල වලින් කලාවට වගේම රටටත් කිසිම වැඩක් ණෑ කියල. මොකද ඒවායින් එලියට එන ඔක්කොම නිකන් ආණ්ඩුවේ පීං පඩි බලාගෙන එන එවුන් නිසා. ඊට වැඩිය හොදයි කාර්මික වි වි ඇතිකරල සමාජයට වැඩ දායක පිරිසක් බිහි කරන එක. අඩුමතරමේ එතකොට ඔවුන්ට ලංකාවේ හරි වෙන රටක හරි වුර්තිමය රැකියාවක් කරන්ට අවස්ථාවක් ලැබෙනව.

    ReplyDelete
    Replies
    1. කලා විශ්වවිද්‍යාල සහ උපාධි වලින් අපිට නොපෙනෙන බොහෝ දේ කෙරෙනවා කියලයි මට හිතෙන්නෙ.අඩුම තරමේ ලංකාවට ආවේනික කලාව වත් පැවැත්මට රුකුලක්.පිටින් බලල මේ දේවල් වැඩක් නැහැ කියල අපි කියනව ඒත් හැම දේකම තියන පොඩි හරි වැදගත්කමත් සිතිය යුතුයි.කලා විෂයන් කරන ළමයින්ට රැකියා ලබාගන්න අපහසුයි.කළා පීඨ වල මම දන්නා යාලුවන්ටත් කැම්පස් අවුට් උනාම මොන වගේ ජොබ් එකක් කරනවද කියල අවබෝධයක් නැහැ. කලා උපාධිය සම්පුර්ණයෙන්ම ඉවත් කරන එක නෙවේ විසඳුම. උපධියේ වටිනාකම අඩුයි කියල දැනෙනවානම් ඒ ළමයි අද තියන රැකියාවලට සුදුසුකම් මදි කියල දැනෙනවානම් ඒ අඩුපාඩුයි සම්පුර්ණ කල යුත්තේ. රැකියා වලට අවශ්‍ය විදිහට උපාධි සහ විෂයන් සැකසිය යුතුයි.අනෙක අද ගොඩක් රැකියා වලට තාක්ෂණික පරිගණක දැනුම අවශ්‍යයි. ඒ දේවල් කලා උපධිවලත් අනිවාර්ය විෂය කොටස් උනොත් උපාධියට තියන වටිනාකම වැඩිවේවි.අපි මෙහෙම කතා කලාට මීට වඩා වටිනා තර්කයක් ඇති අදහස් ගොඩක් සපයන්න පුළුවන් විශ්ව විද්‍යාල ආචාරයවරුන් ඉන්නවා. කිසියම් දෙයක් ක්‍රියාත්මක කරන්න කලින් ඒ විෂය ක්ෂේත්‍රයේ අවබෝධයක් ඇති අය එක්ක සාකච්චා කරලා රජය මේ තීන්දු තීරණ ගනීවි කියල හිතනව.

      Delete
  20. මම සිතන්නේ අපගේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස්කල යුතුයැයි මමත් සිතනවා ඒවගේම ඒ සම්බන්ධව වන මාගේ අදහස්ද සමහර අවස්ථාවලදී මම ලියා තිබෙනවා (මාගේ බොලොග්වල නොමෙයි අනුන්ගේ තැන්වල), පාසැල් අධ්‍යාපනයේ සිටම යම් අරමුණක් සහිතව වන අධ්‍යාපන ක්‍රමයක් සකස්කිරීම අවශ්‍යයි, ඒ සදහා දැනට පවතින ක්‍රමවේදයන් එකවිට වෙනස්කල හැකියැයි මම සිතන්නේ නැහැ, ඒවගේම 1 වසරේ සිට ඉහලට වෙනස්කරගෙන ආයුතුයැයි කියන ආකල්පයේ සිට පළමුව වෙනස්කල හැකි තැන් හදුනාගනිමින් ආරම්භයක් ලබාගත යුතුයැයි සිතනවා, එමෙන්ම සිදුකරන වැඩසටහන් පිලිබදව සමාජයතුල විශ්වාසයක් සැදීමද අත්‍යවශ්‍ය කරුණක්

    රනිල් දැන් අධ්‍යාපන ඇමතිවරයාට උඩින් ගොස් එම විෂයට යම් සාධනීය වෙනසක් කිරීමට උත්සහකරනවා යැයි පෙන්වමින් සිටිනව, ඔහු ඉලක්ක කරන්නේ කුමක්දැයි යන්න පිලිබදව වන අදහසක් සමාජගත නොකිරිමයි බොහෝවිට දකින්නට ලැබෙන අඩුව, ඒ වගේම විශ්ව විද්‍යාල හා කාර්මික අධ්‍යාපන ආයතනයන් ඇතිකිරීමට බලාපොරොත්තුවන සංවර්ධණ ක්ෂෙත්‍රවලට හෝ විදේශවලට පුහුණු ශ්‍රමය සැපයිය හැකි ආකාරයක් හෝ පිලිබදව වැඩි බරක් තැබිමකින් යුතුව කරනු ලබන සංශෝධණයන් ප්‍රෙයා්ගිකවනු ඇතැයි අපේක්ෂා කරන්න පුලුවන්

    ඒ වගේම රනිල් රටේ ආර්ථිකය සමග බද්ධව එය සමග දියුණුවන 100 % හෝ අඩුමතරමේ 75%කවත් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් සකස්කරවියැයි මටන්ම විශ්වාස කරන්නට බැහැ, ඒ වගේම අධ්‍යාපනයේ වැඩි බරක් පෞද්ගලික අංශයට වන පරිදි පහල මධ්‍යම පාන්තිකයින්ට මේ තත්වයන්තුල ඉහලට යෑමට ඇති අධ්‍යාපන ක්‍රමවේදයන් වෙනස්කර දැමිමටත් බොහෝවිට ඉඩ තිබෙනවා යැයි මම සිතනවා,

    මම විශ්වාස කරන්නේ අධ්‍යාපනය සියල්ලන්ට නොමිලේ හෝ වැඩි පිරිවැයකින් තොරව ප්‍රෙව්ශවිය හැකි මෙවලමක් විය යුතු බවයි.

    ReplyDelete
    Replies
    1. //මම විශ්වාස කරන්නේ අධ්‍යාපනය සියල්ලන්ට නොමිලේ හෝ වැඩි පිරිවැයකින් තොරව ප්‍රෙව්ශවිය හැකි මෙවලමක් විය යුතු බවයි.//

      බොහොම ස්තූතියි ප්‍රදීප් මංගල. යමක් නොමිලේ ලබා දුන්නට ඒ සඳහා පිරිවැයක් තිබෙනවා. ඒය රජයෙන් ගෙවනවා කියන්නේ කෙලින් හා අන්‍යාකාර බදු හරහා ලබා ගන්නා මුදල් වලින් තමයි එය ගෙවෙන්නේ. එවිට වන්නේ කොටසක් ලබාගන්නා දේකට හැමෝම ගෙවීම. එම ක්‍රමයේ ඇති ප්‍රධානම අවාසිය එය ලබා දිය හැකි ප්‍රමාණය සීම සහිත වීම. අද තිබෙන උසස් අධ්‍යාපන ක්‍රමය වගේ. එම නිසා පොලී රහිත ණයක් ලෙස ලබා දී රැකියාවක් ලද පසු අයකර ගැනීම වැනි ක්‍රමයක් හැරෙන්න සැමෝටම යමක් ලබා දිය හැකි ක්‍රමයක් නැහැ.

      Delete
  21. සිංහලයන්ගේ සහ ජපනුන්ගේ සමානකමක් තිබෙයි. එනම් ඔවුන් ‍බටහිර විද්‍යාවේ (විශේෂයින්ම සෛධාන්තික භෞතික විද්‍යාවේ) ප්‍රවාද ගොඩනැගීමෙහි දුර්වල ජන කොටස් දෙකකි. එයට හේතුව ඔවුන් වියුක්ත චින්තනය අතින් දුර්වල වීම වියයුතුය. නමුත් ජපන් ජාතිකයන් බටහිර විද්‍යාව තාක්ෂණික කටයුතු සඳහා නිර්මාණශීලීව යොදා ගැනීමේ විශේෂ දක්ෂකමක් දක්වයි. මෙයට එක හේතුවක් වියයුත්තේ ඔවුන් මව්බසින් අධ්‍යාපනය ලැබීමයි. ලංකාවේ වුවත් ඉංග්‍රීසි මාධ්‍ය උපාධි පාඨමාලාවක් හදාරන සිසුවෙකුට යම් ව්‍යාපෘතියක් බාරදුන්විට බොහෝ දුරට සිදුවන්නේ සිංහලෙන් සිතා සිංහලෙන් සාකච්ඡාකර ව්‍යාපෘතිය අවසන්කර එහි වාර්තා ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කිරීමයි. එසේ නොවී ඉංග්‍රීසියෙන් සිතා වැඩකිරීමට ගියහොත් එය බොහෝවිට අසාර්ථකයි. එසේම පැය දෙකක ඉංග්‍රීසි දේශණයකින් ලබන දැනුමට වඩා දැනුමක් දේශණය අවසානයේ විනාඩි 5ක් ගුරුවරයා සමඟ පෙෘද්ගලිකව කතාබහ කිරීමෙන් ලද හැකියි. ඉංග්‍රීසි අනිවාර්යය කරගැනීමෙන් අප කරගෙන ඇත්තේ සිංහලයාගේ නිර්මාණශීලීත්වය මොටකර ගැනීමයි. එමනිසා ඉංජිනේරු, කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ, ගෘහනිර්මාණ ශිල්ප අංශ සඳහා සිංහල මාධ්‍ය පීඨ එක බැගින් ආරම්භ කිරීමේ වගකීමක් රජයට තිබේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ. කලා අංශ හා තරමක් දුරට කෘශිකර්ම අංශ හැර අනිකුත් ඒවා වලට ඉගෙනගන්නා භාෂාවේ තිබෙන බලපෑම තේරුම් ගන්න අමාරුයි. හැකිනම් විස්තර කරන්න.

      Delete
    2. ක්වාක් මොඩලයට පූර්වනිමිති සැපයු සකත මොඩලය ඉදිරිපත් කල දිවංගත මහාචාර්ය ෂෝඉචි සකත ලෝක ප්‍රසිද්ධ ජපන් ජාතික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්. මහාචාර්ය මිචිඕ කකු ජපන් සම්භවයක් ඇති ඇමෙරිකාවේ ඉපදුන සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්. මේ මම දන්නා උදාහරණ දෙකක් පමණයි. තවත් සිටිය හැකි බවයි මම සිතන්නේ.

      සිංහලෙන් උසස් අධ්‍යාපනය ලබාදීමට පෙර ඒ සඳහා අවශ්‍ය පොත් සියල්ල පරිවර්තනය කල යුතු වෙනවා. දැනට නම් පොත් පත් ඇත්තෙම නැති තරම්. බොහෝ ක්ෂේස්ත්‍ර වල අඩුම තරමේ පාරිභාෂික වචනවත් හරි හැටි සකසා නැහැ. වෙළඳපොල ප්‍රමානය ඉතා කුඩා නිසා මෙම කාර්යය කල හැකි වන්නේ රාජ්‍ය මැදිහත් වීමකින්ම පමණක් බවයි මම හිතන්නේ. සියලු පර්යේෂණ උපාංග වල අත්පොත් සියල්ලම සිංහලට හැරවිය යුතුයි. වෙබ් අඩවි ඇතුළු සියල්ල සිංහල හැරවිය යුතුයි. එසේ නොමැතිව සිංහලෙන් දේශනා පවත්වීමන් වෙන්නේ සිසුන් අතරමං වීම. දැනට කාලයකට පෙර රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධි පාඨමාලාව සිංහලෙන් ඉගැන්වූ බව උපාධි දාරීන් ම සමග කියා තිබෙනවා. නමුත් ඒ හුදෙක් දේශන හා ප්‍රශ්න පත්‍ර පමණයි.

      ඒවගේම, අපි ඒ අයට රැකියා ලබාදෙන විදියකුත් සැලසුම් කරලයි එහෙම කරනවා නම් කල යුත්තේ. මේ ක්ෂේස්ත්‍ර වල දැනට විරැකිය ප්‍රතිශතය ඉතා අඩු වෙන්නේ නොකඩවාම සිදු වෙන විදේශ රැකියාවලට යාම නිසයි . විදේශවල ශ්‍රී ලාංකීය සමාගම් වැඩිපුර ඇත්තේ නැහැ. ඒවගේම ශ්‍රී ලංකාව තුල නිෂ්පාදන අංශය දුර්වලයි. සිංහලෙන් උපාධි ගෙන වැඩකළ හැකි සමාගම් සහ ආයතන නැතුව සිංහලෙන් උපාධි ලබාදීම සිසුන් අමාරුවේ දැමීමක්. අපට සිංහලෙන් යතුරු ලියනය කරගැනීමටවත් හරියාකාර ක්‍රම අඩුයි.

      මවුභාෂාවෙන් ඉගෙනීමේ වැඩ වැඩි සඑලතාවක් ඇති බව මම ජපානයේදී දැක තිබෙනවා. නමුත් ඉගෙනීමට ඔවුන්ට අවශ්‍ය සියලු මවුභාෂාවෙන් තිබෙනවා. ඒවගේම මවු භාෂාවෙන් රැකියා කරන්නත් ඔවුන්ට පුළුවන්. මවු භාෂාවෙන් ඉගැන්වීම නුසුදුසු දෙයක් නොවුනත්, නිෂ්පාදන හා සේවා අංශයන්හි ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් යම් පමණකින් ගොඩනගා ගැනීමෙන් තොරව එසේ කිරීම එතරම් සුදුසු නොවන බවයි මගේ අදහස. යම් පුද්ගලයෙකුගේ සිතිවිල්ලක් හැරෙන්නට, එසේ ඉංජිනේරු, කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ සහ ගෘහනිර්මාණ ශිල්ප අංශ සඳහා සිංහල මාධ්‍ය පීඨ එක බැගින් ආරම්භ කිරීමේ වගකීමක් රජයට මේ මොහොතේ ඇතිබවක් තහවුරු කරන කරුණු මට නම් දැකීමට නොහැකියි.

      Delete
  22. කැම්පස් අවුට් වෙද්දි කාංචනාට වයස 22 යි... මට 23 ලැබුවා පමණයි.... ඒ කියන්නේ අපි ඒ කාලෙට ඒක ඉවර කරලා නේද???????

    ReplyDelete