Friday, April 29, 2016

එක සිංදුවක්, නාස්තිවුණ තරුණ දිවියක් සහ නිවාඩු දෙන්න



එක සිංදුවක්

අද කොහෙ හරි සයිට් එකක සිංදුවක් තිබුණා. ඉතාම ලස්සනට ලයාන්විත ආකාරයට කරන ගායනාවක්. මේ ගායනා කරන්නේ ආධුනික ගායිකාවක් සමහරවිට ඇයම ගිටාරයක් වයමින්. ඒක අහනකොට සිංදුව පුරුදු ගතියක් දැනුනත් කලින් අහල තිබුණෙ නැහැ කියලත් හිතුන. මෙතනින් සිංදුව අහල බලන්න කොච්චර ලස්සනද කියල. 





මේ අපබ්‍රංශය විසඳගන්න සිංදුවේ වචන කීපයක් ගූගල් කරා. ඒක මගේ ප්‍රියතම ගායකයෙකු වූ අභාවප්‍රාප්ත මිල්ටන් මල්ලවාඅරච්චිගේ ගීතයක්. මුල් ගීතය ගායනා කරල තියෙන්නෙ වේග රිද්මයකින්.  ඒ කෙ රනිල් මල්ලවාඅරච්චි කියන වර්ශන් එකක් තමයි මේ. 





මිල්ටන්ගෙ ගීතය නටන්න කැමති අයට හොඳ වුණාට අඩු වේගයකින් ගායනා කරන කොට ගීතය ඉතා ලස්සනයි. ඒවගේම පදමාලාවට හොඳට ගැලපෙනවා. මේ තියෙන්නේ මද වේගයෙන් තව කෙනෙක් කරපු කවර් එකක්. මේක අර උඩ තියෙන දැරියක් ගායනා කරල තියෙන වර්ශ්ස්න් එකට වඩා වෘත්තීය මට්ටමකින් කර තිබෙනවා. ඒක මෙතනින් රස විඳින්න.  





නාස්තිවුණ තරුණ දිවිය

අර උඩ තියෙන වර්ශන් එක ගායනා කරල තියෙන්නේ යසාරා පෙරෙරා කියල කෙනෙක්. එයා තමයි දෙහිවලදී  තවත් යෙහෙළියක සමඟ දුම්‍රිය අනතුරෙන් අවසන් ගමන් ගියේ. සුළු අතපසු වීමකින් තරුණ ජීවිත දෙකක් නැතිවෙලා. මේ ගීතය ගායනා කරපු දැරියගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට සප්‍රයිස් පාටි එකක් දෙන්න ගිහිල්ල කොල්ලා එන නිසා ඉක්මනට පාටි එක තියෙන තැනට යන්න කරපු උත්සාහයේදී තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. 

මේ දැරිය අපේ බ්ලොග් හිතවතියක් වන සිතුවිළි සි කමෙන්ට් එකකින් දැක්වූ අදහස මේ. ඔවුන් ගැන පෞද්ගලිකව දන්න කෙනෙකුගෙන් එන මේ විස්තරය එම පවුල ගැන තේරුම් ගැනීමට වැදගත් නිසා පෝස්ට් එකට මෙලෙස එක් කලා.

"මේ දියනිය යසාරා මම පුද්ගලිකවම හඳුනන මගේ ඉතා සමීප අයෙකුගේ දියනිය. ඇයට වයස 2-3ක් කාලයේ මගේ දරුවන් සමග සෙල්ලම් කල හැටි මට තවමත් මැවී පෙනෙනවා.අපි ඇයව හැඳින්වූයේ ඇගේ අනෙක් නම වන ඉමේශී කියන නමින්. මේ මරණය ඇත්තෙන්ම ඔවුන්ව හඳුනන නොහඳුනන හැමෝවම කම්පාවට පත්කල මරනයක්. ඉමේෂිගේ පියා සැලකිය යුතු මට්ටමක ව්‍යාපාරිකයෙක් වුවත් ඔහු ඉතා සරළ සුන්දර මිනිසෙක්. තරමක් විනෝදකාමී පුද්ගලයෙක් වගේම හොඳ ගායකයෙක් හා දක්ෂ ගිටාර් හා ඔර්ගන් වාදකයෙක්. ඉමේෂි මෙසේ ගායනා කිරීම ඇත්තෙන්ම ඇය ලද සහජ හැකියාවක් විය යුතුයි. ඒත් ඉතින් දැන් මොකටද? ඒ සුන්දර දැරිය අතීතයක් පමණක් වී ඇති විට. මේ කෙටි දිවිය තුල ඇය සමනලියක් රජ කුමරියක් සේ තැබීමට ඇගේ පියා වෙහෙසුනා. එහෙත් ඒ සමනලිය අද ඔවුන් සැම හඬවමින් සැඟව ගොස්. ඒ පවුල් දෙකේම අයටත් ඒ දැරියන් දෙදෙනාටත් සසර වසන තුරාවට මෙවන් දුකක් උරුම නොවේවා කියා පතමි".

ඔවුන්ගේ මිතුරියක් හෝ යම් කෙනෙක් ඔවුන් දෙදෙනා ගේ පණිවිඩයක් ලෙස නිර්මාණය කර ඇති මෙම සංවේදී එසේම ලස්සන poem එකත් කියවන්න.    




මේ මියගිය දැරියන් දෙන්නා මගේ පුතාගේ වයසේ අය. මේ සිද්දිය ඇහුවම බොහෝ දෙමව්පියන්ට වගේ මට මතක් වුණෙ මගේ දරුවන්ව. මේ වගේ සිද්දියක් ඇහෙන මව්පියෙක් ඒක දරාගන්න මොන තරම් උත්සාහායක් ගන්න ඕනද. එම දෙමව්පියන්ට ජීවිත වල ඇති අස්ථිර බව තේරුම් යාමට මෙය හේතුවක් වේවා කියල මම පතනව. ඒවගේම ඔවුන් සහ නෑදෑයන් මෙවන් දුක් වලින් සදහටම අයින්වීමට පාර පෙනුනොත් මේ මරණ දෙක නාස්තිවුණා වෙන්නේ නැහැ. 


නිවාඩු දෙන්න  

මගේ පුතා දැනට ඉන්නා නගරයට සුමාන කිහිපෙකට විතර මම යනවා. ඒක නිසා රෙගියුලලි පිළිතුරු ලියන්න ටික දවසකට  බැරිවුණොත් සමාව දෙන්න. එමෙන්ම  බ්ලොග් අවුරුදු උත්සවයට සහභාගී වීමට නොහැකිවීම ගැනත් ඇත්තටම කණගාටුයි. 



92 comments:

  1. කාලෙකලට පස්සෙ මං එක..

    ReplyDelete
    Replies
    1. අවාසනාවන්ත අකල් මරණයක්..

      මිල්ටන් මල්ලවාරච්චි කියන්නෙ ආසම ගායකයන් අතරින් කෙනෙක්. ගීත බොහෝමයක් ගායනා කරපු කෙනෙක් නිසා ඒ තරම් මිනිස්සු අතරට නොගියපු ගීතත් බොහෝමයක් තියෙනවා. ඒත් මට තියෙන සිංදු පිස්සුව නිසා බොරලැස්ගමුව පදින්චි වෙලා හිටපු රනිල් මල්ලවආරච්චිව හොයාගෙන ගිහින් එතුමා විසින් ගායන කරල තියෙන සියලුම සිංදු ටික උපන්දින තෑග්ගක් විදියට මට අපේ අයිය ගෙනල්ල දුන්න.මොන අවුරුද්දෙද කියල කියන්න හරියටම අම්තක නැති වුනත් 2005 - 2007 කාල පාරාසය අතර කියල මතකයක් තියෙනවා. ඒ ටික අදටත් මං ගාව බොහොම පරිස්සමට තියෙනවා. ඒවගේම රනිල් මල්ලවාආරච්චි මහත්මය අපේ අයියගෙ යහලුවෙකුගෙ අසල්වැසියෙක් ඒ කාලෙ. ඒ සිංදු ඔක්කොම අපේ අයියට දීල තිබුනෙ කිසිඳු මුදලක් අය නොකර කියන එකත් මේ වෙලේ මතක් කරනන ඕනෙ.

      Delete
    2. කොහෙද මෙච්චර කල් නැතිවෙලා හිටියේ. බ්ලොග් එක අප්ඩේට් වෙලත් නැහැ. අහන්න දෙයක් නැහැ කොල්ලෙක් අල්ලාගෙන ඌව අමාරුවේ දාන්න ඇති. හෙහ් හෙහ්.

      රනිල් ගායනා කරපු මේ සිංදුවත් අහල නැහැ නේද?

      Delete
    3. හම්මේ ආපහු ඇවිල්ලා . ටික කාලයක් කනක් ඇහිලා හිටියා :P

      Delete
    4. පොඩි ටුවර් එකක් යන්න උනා. ඒ නිසා බ්ලොග් පැත්ත පලාතෙ එන්න බැරි උනා. චී.... අපි එහෙම කොල්ලො අමාරුවෙ දාන ගෑනු ලමයි නෙමෙයිනෙ.. අහිංසක ළමයි අපි..ඕ යෙස්..

      රනිල් ගෙ වර්ශන් එක නම් අහල තිබුනෙ නෑ අයියෙ. බොහොම ස්තූති බෙදාගත්තට..

      Delete
    5. ආවා.. ආවා.. ආයෙත් ආවා.. ඔහොම පොඩ්ඩක් ඉන්නකො.. ඇරියස් එක්ක කවර් කරන්න.. හෙ හෙ..

      Delete
  2. Nice post Ian. Though I'm not married yet, I've been shocked by hearing their sudden death. RIP dear sisters.

    ReplyDelete
  3. අර කව්දෝ කිව්වලුනෙ 'තමුන්ගේ ජීවිතයේ වගකීම තමුන්ටමය' කියලා...
    සුභ ගමන්..! ඉක්මනින්ම නැවත හමුවෙමු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගස්

      Delete
  4. ජීවිතයක් එහි අයිතිකරු සතුවන අතර..හැර යාමද හැර නොයාමද ඔහු සතුය....ඉතින් අපි කුමකට එයට අගුලු තබන්නේද??

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඉයන් අයියට...නෑ නෑ අංකල්ට මගේ වයසෙ පුතෙක් ඉන්නවද??

      Delete
    2. මලා වයස මාට්ටු නේද? බොහොම ස්තූතියි රසික

      Delete
  5. Have a quality time with your kid mate!

    ReplyDelete
  6. සුබ ගමන් ඉයන් ඇතුලු සියල්ලන්ටම....

    ජීවීතේ සුන්දරද මෙතරම්....?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතෙ. අවුරුදු උත්සවය අති සාර්ථක වේවා.

      Delete
  7. තුන්වැනි රටාව හොඳයි වගේ ,

    සුබ ගමන්..

    ReplyDelete
    Replies
    1. මමත් එකඟයි. බොහොම ස්තූතියි ඉවාන්

      Delete
  8. යන තැනක පරිස්සමෙන් ගිහින් එන්න.. පුලුවන්නම් පුතාටත් මේ ගැන කියලා දීලා පරිස්සම් වෙන්න කියන්න.. මේ දේම නොවුනට තරුණ මදය නිසා මේ වගේ අනතුරු වෙන්න ඉඩ තියෙනවා.. දැන් ඉන්න බොහෝ ළමයින්ට සාමාන්‍ය ජිවිතයේ හල හැප්පිලි වලට ඔරොත්තු දෙන්න කසාද බඳිනකම් තේරෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මම ඒක කරන්නම් කමියෝ. බොහොම ස්තූතියි.

      Delete
  9. පව් ළමයි දෙන්නා . මාත් සින්දුව ඇහුවා . මිල්ටන් ගේ කියල දැනං හිටියේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මටත් වචන වල පුරුද්දක් දැනුනට මිල්ටන් ගෙ කියල හිතුවෙ නැහැ. බොහොම ස්තූතියි අජිත්

      Delete
  10. ලන්ඩන් ආවොත් අපටත් කෝල් එකක් දෙන්න

    ReplyDelete
    Replies
    1. අර රවිය ඉන්න පැත්තෙන් ට්‍රාන්සිට් එක තියෙන්නේ.

      Delete
  11. Have a rocking time with your kid, Ian.

    ReplyDelete
  12. Replies
    1. බොහොමත්ම ස්තූතියි හැලපේ.

      Delete
  13. සුභ ගමන් ඉයන්! ස්තූතියි පෝස්ටුවට....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙතුවෝ

      Delete
  14. සුබ ගමන් ඉයන් මාමේ!
    චොකලට් ගේන්න හොඳේ!

    මේ තුනෙන් දෙවනි සින්දුව අහල තියෙනව. පලවෙනි එකයි, තෙුංවෙනි එකයි අද ඇහුවෙ. ඒ දෙකෙන් තුන්වෙනි එකට මගේ මනාපය.

    ReplyDelete
    Replies
    1. ගේනනම් කසුන් බෑනෝ ගේන්නම්. බොහොම ස්තූතියි කසුන්

      Delete
  15. I felt deeply sad about those two sisters as I come across the news. But that's the life.. And they went away leaving a message for all the other young people. RIP sisters.

    ReplyDelete
    Replies
    1. Yes Rain Girl, no one knows at what point of our life we will be snatched away. Only thing one can take from such stories is to live one's life to the full and be nice and helpful to people we come across, at all times. Thank you RG

      Delete
  16. මේ දැරිවියන්ගේ අකල් මරණය දෙස බලා, 'අනේ අපේ කාලෙනම් ඔය විච්චූරණ තිබ්බේ නෑ, අපි යසට පාරේ ගියා, දැන් ඉන්න එවුන්ගේ තියන විසේ නේ' කියන උන්නැහේ කෙනෙක් හම්බ වුනොත්, උන්නැහේට සුද්ද සිංහලෙන්ම යමක් කීමට සිදුවේ.

    නොසැලකිල්ල, තරුණ මදයේ එක් දුර්වල කමකි. තරුණ මදය හිසේ/හිතේ තිබෙනතාක්කල්, ස්වයං පාලනයේ සීමා නොපෙනේ.

    අපේ කාලයෙන් උදාහරණ දෙකක් කියමි. පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල වෙනුවෙන්, නිවාස ඉදිකරන්නට, මහ රෑ කැළණි ගං ඉවුරට ගොස්, අතේ ඉටිපන්දමක්වත් නැතිව, උණගස් කපමින් සිටියදී, අඳුරේම ගඟට වැටුනෙමි. තරු එළියෙන් යන්තමින් මා දැක, වතුරේ ජබු ගහන හඬ සහ කෑ ගහන හඬ අසා, කැපූ උන ගසක අග්ගිස්ස, ගං ඉවුරේ සිට මාවෙත යොමුකර, මා ගොඩට ඇදගනීමට මගේ මිතුරකු සමත්විය.

    මගේ යහළුවන් දෙදෙනෙකු, පාසල ඇරුණු විගසින්, පාසලෙන් පිටවීම සඳහා, බයිසිකයක ඩබල් දමා නැගී, පාසලේ සිට ප්‍රධාන පාරට ඇති පල්ලමේ වේගයෙන් ගියහ. බයිසිකලයේ බ්‍රේක් නැතිබව දැනෙනවිට, ඔවුන් ප්‍රමාද වූවා වැඩිය. ප්‍රධාන පාරට බයිසිකලය ඇතුළුවෙත්ම පැමිණි කාරයක හැපුණු ඔවුන් දෙදෙනා, අපේ ඇස් ඉදිරිපිටදීම, අඩි 10 ක් පමණ ඉහලට විසිවී, පාර මැද වැටුනහ. රෝහලට ගෙනගියේ මළකඳන් හා සමානවය. නමුත් දෙදෙනාම අදත් ජීවතුන් අතර සිටිති. එකෙක් ගුරුවරයකු විය. අනිකා සංස්ථාවක මානවසම්පත් කළමනාකාර වරයෙකි.

    සින්දු ගැන නම් කියන්න තියෙන්නේ මෙයයි. මිල්ටන් මල්ලවාරච්චිලා ගේ පටන් කසුන් කල්හාර වැනි අය දක්වා සිටිය යුත්තේ ඒ මුල් ගායකයා/ගායිකාව පමනි. ඔවුන්ගේ ගී ගයා, තරග වලින් ජයගැනීමේ කිසිදු වැරද්දක් නැත. නමුත් ඉන්පසු අනුන්ගේ ගීත ගයා හම්බකරගෙන කෑම නම්, අමන කමකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා. මගේම ගීතයක කොටසකින් කියනවනම් "කර්මය අනුවලු හැමදේ වෙන්නේ බුදු හිමියන් පෙර කී පරිදී"

      Delete
  17. ඉයන් අංකල්, යසාරාගේ කටහඬ ඇහෙද්දිම ඇඟේ හිරිගඩු පිපුන. මේ සිංදුව මෙච්චර සංවේදී විදිහට අහපු පළවෙනිම වතාව. ඊට පස්සේ පහල දාපු සිංදු අහන්න හිතුනේ නැහැ. සින්දුව මුල ඉඳන් අගටම ඇහුව. ලොකු සංවේගයක් දැනුනෙ.....මේ මරණය ගොඩක් අයට පණිවිඩයක් කියාදේවි. අපි හිතන්නෙවත් නැහැ පොඩි අතපසුවීමක් ජිවිත ගොඩකට දුකක් දෙනවා.පව් ලස්සන මලක් අකාලයේ පරවුනේ.. ඇයට නිවන්සුව ....

    ReplyDelete
    Replies
    1. හංසියා ටික කාලෙකින් ආයිමත් ඇවිත්. ඔව් ඒ ජීවිත දෙක නාස්ති වුණා වගේම ඒ පවුල් දෙකටත් ගොඩක් කාලයක් යනකම් ඒ දුක තියේවි. බොහෝම ස්තූතියි.

      Delete
  18. හරිම දුකක් දැනුනා..
    ගත කරන්න යන නිවාඩුවට සුභ පතනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණී

      Delete
  19. නිවාඩුව ඇප්‍රරුව්ඩ්.. චියර්ස්...

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ දේශක සර් .

      Delete
  20. "ඔබ ගාව මම ඉන්නෙමි" මිල්ටන්ගේ සින්දුවේ ගී පද,සංගීතය දෙකම රූකාන්තගේ.

    එකම ගීතය වෙනස්,වෙනස් වර්ශන් වලින් ගයනා කිරීමත් අපුරුයි.

    හරුන් ලන්ත්‍රා ගේ "මගේ නාමලී"සින්දුවත් මේ විදියට අඩු වේගයකින් ගායනා කර තිබෙනවා.

    https://www.youtube.com/watch?v=F0vUCskw5ec

    එහෙනම් සුබ නිවාඩුවක් ඉයන්ට.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ් බොහොම ස්තූතියි. කුඩා කාලේ බලන්න ලැබුණු චිත්‍රපටි අතලොස්සෙන් එකක් තමයි ගොපළු හඬ. ඒකේ තිබිච්ච ගීතයක් තමයි 'මගෙ නාමලී'.

      Delete
  21. යමෙක් තමන් උපදිනවිට ගෙනෙන ආයුෂ ඉවරවන විට ආපසු යාමට සූදානමින් පැමිණිය යුතුය.
    මේ අකල් මරණ දෙක මෙච්චර මාකට් උනේ ඒ ළමයි දෙන්නගෙ තිබ්බ සුන්දරත්වය නිසා වෙන්න ඕන. මොනව උනත් ගෙයින් එලියට බැස්සට පස්සෙ ගෙදර ඉන්නවට වඩා අවට පරිසරය ගැන අවධානයෙන් ඉන්නවනං බොහෝ අනතුරු වලක්වාගන්න පුලුවන්.

    ඔබේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියල පතනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි Praසන්ன. උඹ කියන එකේ ඇත්තක් තියෙන්න පුළුවන්.

      Delete
  22. පොඩි අතපසුවක අවසාන ප්‍රතිපලය හිතන්නේනත් නැතිදෙයක් වෙන්න පුළුවන් නේ. ඇයට අපුරු හඬක් තිබ්න්නේ, දැන් ඒ හඬ යූ බටයේ විතරක් තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සොමියා . බොහොම ස්තූතියි ඔබට

      Delete
  23. Lovely post, beautiful tribute.

    ReplyDelete
  24. ඉයන්, ඇත්තෙන්ම ඔබ බොහෝම වටින ලිපියක් මේ සම්පාදනය කරලා තියෙන්නේ. මේ දියනිය යසාරා මම පුද්ගලිකවම හඳුනන මගේ ඉතා සමීප අයෙකුගේ දියනිය. ඇයට වයස 2-3ක් කාලයේ මගේ දරුවන් සමග සෙල්ලම් කල හැටි මට තවමත් මැවී පෙනෙනවා.අපි ඇයව හැඳින්වූයේ ඇගේ අනෙක් නම වන ඉමේශී කියන නමින්. මේ මරණය ඇත්තෙන්ම ඔවුන්ව හඳුනන නොහඳුනන හැමෝවම කම්පාවට පත්කල මරනයක්. ඉමේෂිගේ පියා සැලකිය යුතු මට්ටමක ව්‍යාපාරිකයෙක් වුවත් ඔහු ඉතා සරළ සුන්දර මිනිසෙක්. තරමක් විනෝදකාමී පුද්ගලයෙක් වගේම හොඳ ගායකයෙක් හා දක්ෂ ගිටාර් හා ඔර්ගන් වාදකයෙක්. ඉමේෂි මෙසේ ගායනා කිරීම ඇත්තෙන්ම ඇය ලද සහජ හැකියාවක් විය යුතුයි. ඒත් ඉතින් දැන් මොකටද? ඒ සුන්දර දැරිය අතීතයක් පමණක් වී ඇති විට.
    මේ කෙටි දිවිය තුල ඇය සමනලියක් රජ කුමරියක් සේ තැබීමට ඇගේ පියා වෙහෙසුනා. එහෙත් ඒ සමනලිය අද ඔවුන් සැම හඬවමින් සැඟව ගොස්.
    ඒ පවුල් දෙකේම අයටත් ඒ දැරියන් දෙදෙනාටත් සසර වසන තුරාවට මෙවන් දුකක් උරුම නොවේවා කියා පතමි.

    ඔබේ ගමන සාර්තක වේවා කියාත් පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතුවිළි සි. ඔවුන්ව ලඟින් දන්න කෙනෙක් වොඋන් ගැන කියන අදහස නොදන්න කෙනෙක් ගේ මේ පෝස්ට් එකෙන් කියන දේට වඩා authentic නිසා ඔබේ සටහන පෝස්ට් එකට එකතුකලා. නැවතත් ස්තූතියි.

      Delete
    2. ඉයන් මගේ කමෙන්ට් එක ඔබේ ලිපිය පෝශනය කිරීමට වැදගත් අංගයක් ලෙස සැලකීම ගැන ස්තුතියි. ඒත් මම ඔවුන්ගේ පවුලේ හිතවතියක් නම් නෙවෙයි. මම ඉමේශිගේ පියාගේ හිතවතෙක්. ඔවුන්ගේ පවුල සමගම ලඟින් ඇසුරු කල හිතවතෙක්. මගේ පවුලේ සියළු දෙනා ඔවුන් සමග හිතවත්.

      Delete
    3. මම දන්නා අය අතරින් මෙතරම් හෝ කිට්ටුවෙන් දන්නෙ ඔබ විතරයි. එමනිසා ඔබ කියපු දේ වැදගත් මේ අය කොච්චර සාමාන්‍ය අදහස් තියෙන සාමාන්‍ය බලාපොරොත්තු තිබුණ සාමාන්‍ය අයද කියල තේරුම් ගන්න. නැවත්ත ස්තූතියි සිතුවිළි සි

      Delete
    4. ඉයන් මල්ලියෙ,
      මම බෞද්ධ මත වාද ඇසුරෙන් බොහෝ විට ප්‍රතිචාර ලියන නිසා හා දහම ඇසුරු කරන නිසා වාග්සංවරය ගැන හුඟක් හිතන කෙනෙක්. අන්න ඒ වාග් සංවරය නිසා ඔබට මම හිතවතියක් සේ පෙනුනාද දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කාලේ අඩෝ තෝ කියපිය කරපිය භාෂාවෙන් නොකීවොත් ඒකත් අවුලක් වගෙයි පේන්නේ.

      කොහොම වුනත් මල්ලියේ, වාග් සංවරය අවුල් වෙන්න කලින් අර හිතවතිය කථාව වෙනස් කරපන් හොඳේ

      Delete
  25. ඉයන් මේ වගේ පොස්ට් වලට මම හරි කැමතියි. මිශ්‍ර අදහස් කිහිපයක්. ඔය ගීතය මම කාලයක් කැමතිම ගීතය. මගේ මතකය නිවැරදි නම් සුසන්තිකා ජයසිංහගේ කැමතිම ගීතයත් මේක. මේ වර්ෂන් තුණෙන් තුන්වැනි එක මට හිතට ඇල්ලුවා. මේ ටෙම්පෝ එකෙන් කසුන් කල්හාර ලව්වා කිව්වනම් කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ආහ් අමතක වුණා. පහසුවෙන් යන ගමන ගිහින් එන්න.

      Delete
    2. බොහොම ස්තූතියි සුදීක. කසුන් කිව්වානම් හොඳයි තමයි. තුන්වෙනි එක තමයි ලස්සන. පළමුවෙනි එකේ වැදගත්කම අර දියණිය මෙය ගයා තිබීම පමණයි.

      Delete
    3. මතු ජීවිතේදේ මෙලොවින් තුරන් වී මිනිසුන් සොයා යන්න වේවි .... කියන කොටස ඔවුන් ගායනා කිරීම, අකල් මරණය ගැන ඔවුන් තුලින්ම ඇති වූ ඉඟියක් බඳුයි.

      Delete
  26. නිවාඩු අනුමතයි. හැබැයි හැකි විදිහට ඉංග්‍රීසියෙන් හරි වචනයක් කොටන්න ඇවිත් යා යුතුයි.......

    මීට ආයතන ප්‍රධානියා
    තුෂාර

    ReplyDelete
    Replies
    1. ඔයාට...ගොඩාක් තැන්ක් යූ. ඔයාට කියන්න තුෂාර... යන්න එයාපෝට් එකට අරයිව් වෙච්ච ටයිම් එකේ ඉඳන් මට සිංහලීස් වර්ඩ්ස් එන්නෙම නෑ. හැක්

      Delete
  27. අමාරුවෙන් අමතක කරන්න හදන සිද්ධියක් ඉයන් ආපහු මතක් කරා. මීට වසර කීපයකට ඉස්සෙල්ලා අපි හිටපු පලාතකත් ඔය වගෙම යාලුවෝ දෙන්නෙක් මේ නොසැලකිලිමත් කම නිසාම ජීවිතයට සමුදුන්නා.

    මේ තියෙන්න ඒ සිද්ධිය.

    මේ පැත්තේ ආවොත් සෙට් වෙමු!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ. ඒ කථාවත් කියෙව්වා. යන්නේ වෙන පැත්තකට. ඒ වුණාට ලඟදීම ඔය පැත්තට ඇවිත් යන්න හිතිලා තියෙන්නේ ප්‍රාජේත් එක්ක.

      Delete
  28. පරිස්සමෙන් ගිහින් එන්න
    ජය ශ්‍රි බෝ හාමුදුරුවන්ගේ පිහිටයි

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා ස්තූතියි මචං.

      Delete
  29. ඉයන් දැක්කද මේ ලමියි දෙන්න කෝච්චියට අහුවෙන වීඩියෝ එක,එකම එක තප්පරයක් නැවතිලා බැලුවා නම් .... තරුණකමටම නෙමේ මොකක් හරි වැඩක් කරන්න හදිස්සියක් තියන වෙලාවට අපි හැමෝගෙම අතින් මේ වැරැද්ද වෙනවා... මං ඊයෙත් දැක්කා බඩු වගයක් අරන් ගෙදර යන මැදි වයසේ කෙනෙක් පාර හරහා පනිනවා ,පාර පනින අයට රතු එලිය දැල්විලා තියෙද්දී , හොද වෙලාවට වාහන ගියෙ නෑ , ඒ කෙනාට පාරේ මැදකදී මතක් වෙලා ආපහු හැරුණත් වාහන වල හිටපු අය පාර පැනලා යන්න කිව්වා , වෙලාව හොදයි...කොහොම උනත් ජිවිතය කියන්නේ මොහොතින් නැතිවෙන දෙයක් කියන දේ නම් හිතට තදින් දැනෙනවා මෙහෙම තැන් වලදී ..

    ReplyDelete
    Replies
    1. නිම්නයක තනිවී සිහින දකින්නී, ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා ඔබව. වීඩියෝ එක තියෙනවා දැක්කත් මම ඒක බැළුවේ නැහැ. මටත් දුවෙක් ඉන්නවා. ඒකනිසා නොබලන එක හොඳයි කියලා හිතුනා. කොහොමත් මට ඒවගේ ඒවා බලන්න බැහැ. ගොඩක් දෙනෙක් ප්‍රවේසම් වෙනව අඩුයි. වාහන නම් බ්‍රේක් කරන්න පුළුවන්. දුම් රිය එහෙම නවත්වගන්න බැහැ. ඒ නිසා මේ වගේ සිද්ධි ගැන කියවීමෙන් වත් මිනිස්සු මීට වඩා ප්‍රවේසම් වෙනවනම් සමාජයට ප්‍රයෝජනයක් වෙයි.

      ඔබට නැවතත් ස්තූතියි මේ පැත්තට ගොඩ වීම ගැන.

      Delete
    2. මට චතු කියන්න ඉයන්, මේ වගේ ලෙන්ගතුව පිළිගන්න එක කොයි තරන් දෙයක් ද, comment නොදා සද්ද අඩුවෙන් හිටියට මං ඔයාලව කියවන්න එන්නේ ගොඩ කාලෙක ඉදන් ඉයන්...

      ඔඹේ අඩවියෙ උඩින් තියන මෙන්න මේ වැකිය මගේ හිත ගත්තා ගොඩක්. ""සතුටින් සිටීමට සියළු දෙනාටම අයිතියක් ඇත. යමෙක් අනුන්ගේ සතුට පැහැර ගැනීමට උත්සාහ කරන විට නිහඬව සිටීම නිවට කමකි."""

      Delete
    3. බොහොම ස්තූතියි චතූ. 'නිම්නයක තනිවී සිහින දකින්නී' නමත් හරිම ලස්සනයි.

      Delete
  30. ඒ ඉයන්...? මං හිතුවෙ නෑ අංකල් කෙනෙක් කියල. හිකිස්. කොමෙන්ටු හරි තරුණයි නෙ.
    ඉයන්ගෙ පෝස්ට් හරි විවිධයි. මං කැමති ඒ විවිධත්වයට.

    ReplyDelete
    Replies
    1. ලෑන් සීය කියන්නෙ කට කහනවාට යැ.. හෙහ් හෙහ්

      Delete
    2. මම පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉඳල කට්ටිය මගේ තරුණ රෙපියුටේශන් එක නැතිකරල. බ්ලොග් කිරිල්ල හරියන්නෙ නැහැ මහණ වෙන්න වත් යන්න ඕන. හැක්

      Delete
    3. “Wrinkles should merely indicate where the smiles have been.”
      ― Mark Twain

      Delete
  31. මං හිතන්නෙ අපේ හිත් වයසට යන්නෙ නැ.. බලෙන් වයසට යවන්න හදන තැන් නම් ගොඩයි හි හී...

    ReplyDelete
    Replies
    1. මේ අය මේ බොරු කියන්නෙ චතූ. මගේ පුතාට 18 ක් වුණාට මට තාම 25 යි. හැක්

      Delete
    2. ෂා ඉයන් නියම වැඩ කාරයෙක් එහෙනන්. හික්ස්...

      Delete
  32. ඒ නම් හරිම කණගාටුදායක සිදුවීමක්.. මමත් ටිකක් අසිහියෙන් පාරෙ යන කෙනෙක්. හැබැයි දැන් නම් කල්පනාවෙන් යනවා..

    පරිස්සමෙන් ගිහින් එන්න ඉයන්.. (අංකල් කිව්වෙ නෑ ඔන්න)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතූ , :අංකල් ලට අංකල් කිව්ව කියල ප්‍රශ්ණෙකුත් නෑ)

      Delete
  33. මේ පැත්තේ එනවැයි?
    නිහාල් රූ

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මචං අනික් පැත්තට යන්නෙ.

      Delete
  34. කෝච්චියක් එන බව නොදැනෙන තරම් අනවධානයක් කියන්නේ ප්‍රශ්නයක්... මේ මරණ දෙක අනිවාර්යයෙන්ම ඛේදවාචකයක්..
    මරණයෙන් පස්සේ මාධ්‍ය හැසිරුණු විදිය මේ ඛේදවාචකය දෙගුණ කරනවා...
    මේ ළමයි දෙන්නා ගැන මෙතරම් දුක් වෙන්නේ ඒ අය බම්බලපිටියේ ලොකු ඉස්කෝලෙක ලස්සන තරුණියන් දෙදෙනෙක් වීම නිසාත්, ඒ අයගේ ෆොටෝස් ගොඩාක් හොයාගන්න පුළුවන් වුණ නිසාත් කියලා හිතෙනවා...
    ලංකාව කියන්නේ මිනී කඳු ගොඩගැහුණු රටක්...
    ළමයි මරා දාද්දි සර්පයන්ගේ දරුවන් කියලා සතුටු වෙලා ලෙයින් කිරිබත් පිස කෑ රටක්
    එහෙම රටක එක් මරණයකට දුක්වෙන අනුපාතය අඩුයි

    ReplyDelete
  35. දරුවන්ට අනවශ්‍ය තරම් නිදහස දීම දරුවන්ගේම හෙට දවස නැතිවෙන්න හේතුවක් වෙන්න පුළුවන් කියන දේ දෙමාපියන් දැනගත යුතුයි නේද ඉයන්..

    යන ගමන සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි..

    ReplyDelete
  36. ian මම මේ පැත්තට ආවේ ඔබේ කමෙන්ට් හරහා වුනත් පිළිතුරක් ලියන්න බැරි වීම ගැන සමාවෙන්න. මේ සිදුවීම හරහා ලංකාවේ අනාරක්ෂිත දුම්‍ රිය මාර්ග ගැනත් සාකච්ජා වෙන්නම අවශ්‍යයි. ලෝකයේ බොහෝ රටවල හයිවේ වගේම මිනිස් වාසය වැඩි නගරාන්තර වල දුම්‍ රිය මාර්ගත් ආවරණ යොදා වෙන් කර තිබෙන අයුරු දකින්න ලැබෙනවා. මා සේවය කළ උතුරු කොන රෝහලේදීත් දුම්‍ රිය අනතුරු නිසා සිදුවුනු මරණ , මළ මිනී දකිනවිට ඇතිවුනේ දැඩි කම්පාවක්. ඒවා වලක්වාගත හැකි මරණ නිසා. අවුරුදු හතක පමණ දරුවෙක් ගේ අතක් අහිමි වුනේ ඔවුන් ගමන් කළ ත්‍රී රෝද රිය රේල් පාරට කිට්ටුව නවත්වා තබා ඒ වෙත ඇදීගොස් යැයි ඔවුන් පැවසුවේ. අම්මා පැමිණියේ දරුවාගේ වෙන්වූ අතත් රැගෙන... ඒ පවුල ඒ නිසා බොහෝ දුක් වින්දා. දැන්වත් මෙවැනි තැන් හඳුනාගෙන බාධක හෝ වෙන් කිරීම් යොදා පනින්න නියමිත ආරක්ෂිත තැනක් (පඩිපෙලක් සහිත පාලමක් වැනි ) පෙන්වා දීම යෙහෙකි යැයි සිතේ. හරිම හුරුබුහුටි ලස්සන දක්ෂ දැරිවියන් දෙන්නෙක් ! බෝහෝම දුකයි.

    ReplyDelete
  37. උබ ඇවිත්ද කියලා බැලුවා

    ReplyDelete