Friday, April 15, 2016

අල්මාරියක් විකිණීමට තිබේ.



සිතුවිලි සිතූ ගේ පෝලිම ලිපිය නිසා තමයි මේක ලියන්නට ඉන්ස්පිරේශන් එක ලැබුණෙ. මේක කියවල එක් කෙනෙක් හරි පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මහන්සියේ ප්‍රතිඵල ලැබුණ වෙනවා. සිතූ කිව්වේ පෝලිමක ඉන්න බැරි අනික් අය තමන්ට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයැයි සිතපු කෙනෙක් ගැන. එම ලිපියට මගේ කමෙන්ට් එකට ලියපු දෙයින් පටන් ගන්නම්. 

එක් එක් සමාජ වල බල පරතරය (power distance ) කියල එකක් තියෙනව කියල සමහර අය දන්නව ඇති. මෙම බල පරතර සීමාව එක් එක් රටවලට වෙනස් වෙනවා. ලංකාව hierarchical society එකක්.  එම නිසා බල පරතරය වැඩියි.  එම නිසා බල පරතර හිණිමගේ උඩින් ඉන්නවා යැයි සිතන අය අවස්ථාව බලා  නොබලා එම තරාතිරම් ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කරනවා.

සමහර විට එකම සමාජයක් ඇතුලේ අනු සමාජ අතරත් බල පරතර වෙනස් වෙනවා. උදාහරණයකට අවුරුදු 100 ක් විතර පරණ ආයතන වල විවිධ ශ්‍රේණි අනුව විශාල හයරාකි එකක් තිබෙන්න පුළුවන්. ඒ අනුව තමන්ට එක ඉහල ශ්‍රේණි වල ඉන්න අයට සර් / මැඩම් කියල ආමන්ත්‍රණය කල යුතු වෙනවා. එම සමාජයේම තිබිය හැකි සමහර නවීන ආයතන වල කාර්‍යාලයය සුද්ද කරන කෙනාට අයිති කාරයට නම කියල කථා කරන්නත් පුළුවන්. 

මෙම බල පරතර ඇතිකරන තරාතිරම  එක අවස්ථාවක ඉඳලා තව අවස්ථාවකට ගෙනියන්න පුළුවන් (portable) එකක් නම් නෙමෙයි. එම බල පරතරය අදාල වෙන්නේ එයට සම්න්ධ අවස්ථාවකට විතරයි. උදාහරණයකට කාර්‍යාලයේ දරණ තනතුර අදාල වෙන්නේ කාර්‍යාලය තුල හෝ කාර්‍යාලයට අදාල කටයුතු වලදී විතරයි. ඒක ගෙදරට, ළමයගේ ඉස්කෝලෙදි, සුපර් මාර්කට් එකේදි, ගමේදි, අදාල කරගත යුතු නැහැ. වුවමනා කමින් හෝ අමතක වීමකින් හෝ වෙන අවස්ථාවකට ගෙනියන්න හදපු කෙනෙක්ගෙ උදාහරණයක් තමයි  අර සිතුවිලි සිතූ අත්දැකපු පෝලිමේ සිද්ධිය.  මේ තරාතිරම් කරුණ ගැනම කොලඹගමයා ලියපු පෝස්ට් එකක් මෙතන තියෙනවා. මෙලෙස වන්නේ කාර්‍යාලයකදී යමෙකුට තනතුරක් නිසා ලැබෙන sense of entitlement හැඟීම එම තරාතිරම අදාල නොවන ස්ථානයකදීත් ලැබියයුතු යැයි සිතීම නේද? 

අපි අතිනුත් මේවගේ වැරදීම් එහෙම නැත්නම් තරාතිරම් අදාල නොවන අවස්ථා වලට ගෙනියන අවස්ථාවල් වෙලා තියෙනවද? හිතල බලන්න. එහෙන් මෙහෙන් නෝටිස් වෙච්ච කීපයක් ගැන ලියන්නම්. 

කාර් විකුණන දැන්වීම් වල 'වෛද්‍යවරියකට අයත් වාහනයක් විකිණීමට තිබේ' කියල දාන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? වෛද්‍යවරියක් පරිහරණය කරන ලද වාහනයක විශේෂත්වයක් තියෙන්න පුළුවන්ද?  Automobile Engineer කෙනෙක් පරිහරණය කල වාහනයක නම් සමහර විට විශේෂත්වයක් තියෙන්න පුළුවන් මොකද එම පුද්ගලයා වාහන ගැන දන්නා නිසා වාහනය ක්‍රමානුකූලව නඩත්තු වෙලා තියෙනවා කියල හිතන්න පුළුවන්. මෙතනදී වෛද්‍යවරියක් කියලා කරන භාවිතාව කිසිම ගැලපීමක් නැහැ. ඒ වුණාට වාහනය විකුණන පුද්ගලයා වෛද්‍යවරියකට අයිතිය තිබූ නිසා කියා වැඩි වටිනාකමක් ඇතැයි කියා සිතනවා ඇත්ද?

කොලඹ වෛද්‍ය විද්‍යාලය සහ නේවාසිකාගාර අසල පාර පාවිච්චි කරන කෙනෙකුට දැකිය හැකි දෙයක් තමයි සුදු කෝට් ඇඳගත්තු තරුණ තරුණියන් එහාට මෙහාට යන එක. මේගොල්ල වෛද්‍යවරු නෙමෙයි. බොහෝ විට වෛද්‍ය ශිෂ්‍යයන්. වෛද්‍යවරයෙක් ලෙඩුන් පරීක්ෂා කරන අවස්ථාවකදී වෛද්‍යවරයාගේ ඇඳුමේ තිබෙන විෂබීජ ලෙඩාට යාමට ඇති ඉඩ අඩු කිරීමට එම අවස්ථාවලදී ඩින් පොරවනයක් ලෙස සුදු ලැබ් කෝට් එකක් පැලඳීම සුදුසු වෙන්න පුළුවන්. එම කෝට් එක පාරේ දුහුවිලි සහ විෂබීජ බහුල ස්ථානවල ඇඳගෙන යාමෙන් එම පරමාර්ථය සම්පූර්ණයෙන්ම නිශේධනය වෙනවා. මේ අය මෙම ලැබ් කෝට් එක ලෙඩුන් නැති පාරවල් දිගේ සහ අනිකුත් ප්‍රසිද්ධ ස්ථානවල ඇඳගෙන යන්නේ අදාල නැති තරාතිරමක් අදාල නැති අවස්ථාවකට යොදා ගැනීමට නේද?  වෛද්‍ය සිසුන්ට දෙවන වසරේදී සිට පාවිච්චි කලයුතු ස්ටෙතස්කෝප් එකත් ආරක්ෂාකාරීව රැගෙන යනවා වෙනුවට කරේ දාමගෙන හෝ අතේ තබාගෙන කරකවමින් පාරේ යන්නේ ඔවුන්ව දකින අය වෛද්‍ය සිසුන් කියා ඔවුන්ට විශේෂ සැලකීමක් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන්ද? එහෙම නැත්නම් අනික් අයට වඩා මම උසස් යැයි සමාජයට සංනිවේදනය කිරීමටද? 

සමහර භික්ෂූන් ඔවුන්ගේ දැනීම ඇති දේවල් වල යෙදීම පසෙක තබා දේශපාලනය, යුද්ධ ක්‍රම පිලිබඳව හමුදාවට උපදෙස් දීම, ආදියත් අදාල නැති දේවලට තරාතිරම යොදවා ගැනීමට උදාහරණයන්. දේශපාලකයින් ඔවුන්ගේ තරාතිරම පාරේදී, වෙන අයගේ උත්සව වලදී, ගුවන් යානා වලදී, පෙන්වන අවස්ථා නම් ඉතා බහුලයි. එයත් ලංකාව, ඉන්දියාව වැනි නොදියුණු සමාජ වල බහුල දෙයක්. එසේ නොහැසිරෙන නිහතමානී දේශපාලකයෙකු ගැන ඔබට කැමැත්තක් ඇතිවෙනවා නේද?

ඔබටත් මෙලෙස අදාල නොවන අවස්ථාවලට තමන්ගේ තරාතිරම ගෙනියාමට හිතෙන කෙනෙක්ද? එසේ නම් මේ ගැනත් සිතන්න.  ඔබ වෙන පරිසරයක අදාල ඔබ තිබෙන තරාතිරම අදාල නොවන ස්ථානයකට ගෙනගියොත්  අදාල පරිසරයේදී මෙන් නොව අදාල නොවන පරිසරයේ සිටින අය ඔබගේ තරාතිරම ගණන් නොගන්නා අය හෝ  තරාතිරම  අදාල නොවන අය නිසා එසේ කිරීමෙන් අපහසුවට හෝ ලැජ්ජාවට පත්වීමට සිදුවන්නේ ඔබටමයි. එමෙන්ම තමන්ගේ භාෂා හැකියාව දියුණු කර ගැනීමේ අදහසකින් නොවේ නම් ඔබ දන්නා විවිධ භාෂා වලින් සාමාන්‍ය අවස්ථාවල කථා නොකර හැමෝටම පොදු වඩාත් පහසුවෙන් තේරෙන භාෂාවකින් කථාකරන්න. සුපර් මාර්කට් එකකදී හෝ පිරිසක් මධ්‍යයේ හෝ වෙන අදාල නොවන සමාජයකදී ඔබගේ දැන උගත්කම්, සුදුසුකම්, තරාතිරම ආදිය ප්‍රදර්ශණය කිරීමට හෝ ඒ ගැන කථා කිරීමට හිතෙන අවස්ථාවලදී හිතාමතාම එයින් වැලකීමට උත්සාහ කරන්න. ඔබගේ තරාතිරම ආදිය ඔබට ලොකු දෙයක් වූවාට ඔබගේ තරාතිරම අදාල නොවන අයට ඒවා අසා සිටීමට විශේෂ ආසාවක් හෝ උනන්දුවක් නැති බව සිහි කරන්න. 

වෙන කෙනෙක්ගේ සුදුසුකම්, හැකියාවන්, ආදිය හදවතින්ම අගය කරන අය සමාජයේ ඉතා අඩු බව තේරුම් ගන්න. යම් කෙනෙක් ඔබ ගැන අතිශෝක්තියෙන් කථා කරනවා නම් එම පුද්ගලයා ඔබව මුරුංගා අත්තේ තබා එයින් ඔහුට වාසියක් අත්කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයෙකු විය හැකියි. පාරම්බාන එක ඔබගේ දුර්වල කමක් නම් එය දන්නා අය ඔබට බයිට් එකට ගැනීමටත් ඉඩ තියෙනවා. ඔබ එවන් 'ප්‍රසංශා' අගය කරන හෝ හොය හොයා යන කෙනෙක් නම් අන් අය ඔබව එසේ මුරුංගා අත්තේ තබා සිනහ වෙන එක ඔබට නොපෙනේ. 

ඔබ පාරම්බාන අයට අකමැති වගේම අන් අයත් ඔබ ඔබ ගැන පාරම්බානවාට අකමැති නේද යැයි සිතන්න. බොහෝ විට උගත්කම්, සුදුසුකම්, තනතුරු, දන්නා අය, හැකියාවන් ගැන කියවන්නේ ඒවා ඇත්තටම නැති උදවියයි. ඒවා ඔබට තිබේ නම් ඔබත් ඒ ගණයට වැටී ඔබගේ තත්ත්වය බාල කර ගන්නේ ඇයි? 

ඔබ උද්දච්ච පුද්ගලයෙකු ලෙස සමාජයේ ගැරහුමට පාත්‍ර වෙනවාද එසේ නැත්නම් නිහතමානීව හැසිරෙන අයකු ලෙස පෙනී සිටිනවාද යන්න තනිකරම ඇත්තේ ඔබ අතේ බව අමතක කරන්න එපා.

අවසාන වශයෙන් මොඩිෆයි කරපු විහිළුවක්. එක්තරා වෛද්‍යවරියකට අල්මාරියක් විකිණීමට අවශ්‍ය වුණා. එම අල්මාරියේ විශේෂත්වය එහි කකුල් බුරුත දැවයෙන් සාදා තිබීම. සමහර දැන්වීම් වල ඔය කොමා එක එහෙම මිස් වෙනවානේ. මෙම තැනැත්තියගේ දැන්වීම පුවත්තක පළ වුණේ මෙහෙමයිලු.

බුරුත කකුල් ඇති වෛද්‍යවරියකට අයත් අල්මාරියක් විකිණීමට තිබේ. 




108 comments:

  1. සමහරු කෝල් කරනවා , නමවත් කියන්නැ මං අහවල් එකේ අහවලා , අහවල් එකේ අහවලාගේ අහවලා , ඉතින් මට -කයැ , ඉතින් මං කියනවා ඉතින් කතා කලේ මොකටද කියන්ඩකො කියල , බලනකොට මෙෂින් එකක් හදාගන්ඩ

    ReplyDelete
    Replies
    1. අටමො මීට පස්සේ ලොකු කම කියන අයගෙන් වැඩි ගාණක් අය කරගනින්. එතකොට කාට හරි වාසියක් වෙනවනේ.

      Delete
    2. වැඩි ගාන තමයි..මූ හරි ගානවත් ගන්නේ නෑ...චැරිටි රෙපෙයාර් නේ...!

      Delete
    3. සමහර අය ඉන්නව නම කියන්න කැමතිම නෑ. අනික් පැත්තෙන් කතා කරන කෙනා ට දිවැස් හරි මොකක් හරි supernatural power එකක් තියෙයි කියල හිතං කතා කරන්නෙ.
      හැබැයි එහෙම කතා කරන අය බහුතරයක් ඔය කියන ලොකු ලොකු නිළධාරි කියල කියාගන්න අයමයි

      Delete
    4. එහෙම අවස්ථා මමත් අත්දැක තියෙනවා මහේෂ්

      Delete
    5. හිටපං අතුලයෝ දෙන්නං උඹට

      Delete
  2. මීට පස්සෙ අටම් ඉයන් දෙන අවවාදෙ හොඳට මතක තියාගන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගුණසිංහ මහත්මයා

      Delete
    2. අපේ උන්දැ මේක දැක්කනං කියන්නේ

      අහයි අහයි මේං කියල

      Delete
  3. ඔය මහන්තත්තකම පෙන්නන දොස්තරලා සහ වෙද සිසුන් තමයි ලංකාවෙ අංක එක.කැම්පස් එකේ පහුගිය දවස්වල ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් එකට විරුද්දව තිබුන පෙලෙපාලි වලටත් ආවෙ ඔය ලැබ් කෝට් එක්ක එක්කො හීනමානෙ.ඇයි යකෝ අනිත් කැම්පස් කොල්ලෝ කෙල්ලො සාමානය ඇඳුමෙන් එද්දි මුන්ට බැරි.මගෙ තියරිය නම් ඔය වෙද සිසුන්ගේ වර්ජන අනිත් කැම්පස් එවුන් වර්ජනය කරන්න ඕන කියන එක ටිකක් මහන්තත්තෙ අඩු කරන්න.
    ඔය කියල තියන Automobile Engineerගෙ වාහනය ගැන තියරිය වැරදියි.බටහිර කියමනක් වගේ එකක් තියනවා Don't buy a mechanic's car කියල .මොකද ඒව කවදාවත් හරියට නඩත්තු කරන්නේ නෑ.හේතුව තමයි මග කැඩුනත් හදාගන්න දන්න . අනික නොදන්න කෙනෙක් නම් පොඩි සද්දයක් ,වෙනසක් දැනුනහම වාහනය චෙක් කරගන්නවා.නමුත් මේ අය සද්දෙ මොකද්ද කියල දන්න නිසා හද්න්න බලන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් කුමාර, Automobile Engineer ගෙ කාර් එකේ කථාව ඇත්ත වෙන්න පුළුවන්. තවත් සමහර විට ගොඩ ගන්න බැරි ලෙඩක් ආවාම විකුණනවද දන්නෙත් නැහැනෙ. බොහොම ස්තූතියි.

      Delete
    2. @කුමාර
      ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් වලට පක්ශ උද්ඝෝශන වලටත් ලැබ් කෝට් ඇඳගෙනම තමයි ආවෙ.රජයෙ ද පුද්ගලිකද කියල නෑ... ඔළු ඇතුලෙ එකම ජාතියේ කුණු තියෙන්නෙ.

      Delete
    3. මමත් හිතාගෙන ඉන්නේ උද්ඝෝෂණ වලට යද්දී මීට පස්සේ ලැප්ටොප් එක පිටේ බැඳගෙන යන්න. වැඩේ කියන්නේ ඉංජිනේරුවරු එක්ක එකට නම් එන්න බැරි වෙයි. බැරිවෙලාවත් මේසෙන් හැන්දක් වැදුනොත් හොදි ඕන්නෑ !

      Delete
  4. ඔය බලය පෙන්වීමේ ආශාව හිංදා අපේ ඔෆිස් එකේ 2,3 ලොක්කයි ලොක්කියි වලි. 2 ලොක්ක කාටහරි බැන්නොත් 3 ලොක්කිත් බනිනව . 2 ලොක්ක ලියුම් වල දාන සටහන් වලට ඉහළින් 3 ලොක්කි ලියනවා. එතකොට 2 ලොක්ක අපිව කන්න හදනවා . අවුරුද්දකට කලිං කාර්‍ය්ක්ශමව තිබුන තැන දැං වැඩ කරන අයට හිතාගන්න බෑ සමහර වැඩ කරන්නද එපාද කියලා .

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් සුරංග. උඹලට තියෙන්නේ අර මිනිට් වලට යටින් ඔ.පු කියල මිනිට් එකක් දාන්න. බොහොම ස්තූතියි

      Delete
  5. කෝට් මොකක්ද මෙයා, වාහන වල ඉස්ටිකර් ගහගෙන යන්නෙ මම දොස්තරය, මම ඉංජය, මම ලෝයර්ය කියලා. ඔතනට අදාල වෙන්නෙත් මම හැමදාම කුයන දේ. මේ රටේ උගත්තු උන්නට, බුද්ධිමතුන් නෑ.

    ReplyDelete
    Replies
    1. දොස්තරලගේ ස්ටිකරේ ඉස්සරහ පැත්තේ, ඉංජො පස්ස පැත්තේ, ලෝයර්ලා ගහන්නේ කොහේද?

      Delete
    2. එවුවා කැත වැඩ....
      අපි නම් වාහනේ නම්බර් ප්ලේට් එක වත් ගහගෙන යන්නෙ නැහැ...

      Delete
    3. //දොස්තරලගේ ස්ටිකරේ ඉස්සරහ පැත්තේ, ඉංජො පස්ස පැත්තේ, ලෝයර්ලා ගහන්නේ කොහේද? //

      වාහනේ දෙපැත්තේ?

      Delete
    4. බොහොම ස්තූතියි මාතෙ

      Delete
  6. ඩොක්ට කෙනෙක් නැත්නම් ගුවන් නියමුවෙක් කියන එක අපේ රටේ අයට මහා ලොකු නම්බුවක් උනාට වෙනත් රටවල ගනන් ගන්නෙවත් නෑ. අනික සමහරක් උදවිය ලොකු තාන්න මාන්න තියන අය තමන් හොඳට අඳුනනවා කිය කියා පාරම්බානවා දැකල ඇති නේ....

    ReplyDelete
    Replies
    1. //වෙනත් රටවල ගනන් ගන්නෙවත් නෑ. //

      රටවල් දහ පලාහක රස්සාවට ගිහින් එහෙම ඒ ඒ රටවල් වල මිනිස්සු හිතන පතන දේ ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් එකෙන් ම දැනගෙනඉන්නා ඔබ තුමා ගේ අදහස් ස ර ස තුමා ඉතා අගය කරති!

      Delete
    2. සාර ස තුමා බටහිර යැයැ අපි හඳුන්වන රටවලත් නවසීලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල හැමෝම පාහේ තමන්ගේ නිල තරාතිරම අදාල නැති තැන්වල යොදාගන්නේ නැහැ කියා මම නම් දැක තියෙනවා. එහෙම යොදාගන්නත් බැහැ මොකද අදාල නැති තැනදී එයට විශේෂ පිළිගැනීම් ලැබෙන්නේ නැහැ. වෙනස් අවස්ථාවක් වුණත් දොස්තර වරු රෝහල් වලදී සීනියර් නර්ස් ලටත් ටිකක් බයයි. ඔවුන්ගේ පැමිණිලි වලින් රැකියා අහිමිවූ දොස්තර වරු ගැන මා අසා තියෙනවා.

      Delete
    3. //අපි හඳුන්වන රටවලත් නවසීලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල හැමෝම පාහේ තමන්ගේ නිල තරාතිරම අදාල නැති තැන්වල යොදාගන්නේ නැහැ කියා මම නම් දැක තියෙනවා. //

      ඔබ තුමා මෙන් ම ඉහත කොමෙන්ටුව දැමූ රොහාන් දනන්ජය ත් බටහිර රටවල, ඔස්ට්‍රේලියාවෙ නවසීලන්තයේ ලැබූ අත්දැකීම් මත අදහස් දැවූවා කියා මා විස්වාස කරනවා....

      නම්බුව සහ නිල තරාතිරම අදාල නැති තැන් වල යොදා නොගැනීම යනු එකම දේ නොව දෙකක් බව ඔබට වැටහේ යැයි සිතමි..

      // දොස්තර වරු රෝහල් වලදී සීනියර් නර්ස් ලටත් ටිකක් බයයි. ඔවුන්ගේ පැමිණිලි වලින් රැකියා අහිමිවූ දොස්තර වරු ගැන මා අසා තියෙනවා. //

      ක්ශෙශ්ත්‍රය ගැන දන්නා අයට එම කරුන නිවුස් එකක් නෙවෙයි...

      සිස්ටර් සහ මෙට්‍රන් කියන්නේ ක්ශෙසත්‍රයේ ගරු සරු ලබනා වගකිවයුතු තනතුරුයි!

      Delete
  7. විශිෂ්ඨ අදහසක්... අනේ මේක නම් මුරුංග අත්තෙ තැබීමක් නෙවෙයි.

    තමන්ගෙ රැකියාව සමාජයේ වැදගත්කමක් ලබා ගන්න ගොඩක් දෙනාපාවිච්චි කරනවා. ඒ විතරක් නෙවෙයි ජීවත් වෙන ප්‍රදේශය, බඩු ගන්න තැන, කෑම කන තැන මේ හැම දෙයක්ම පාවිච්චි කරන්නේ ඒක හැමෝ එක්කම ආයෙ ආයේ කියන්නේ ඒ බලාපොරොත්තුවෙන් තමයි.. ඇත්තටම මිනිස්සු උගත් වෙන්නේ අධ්‍යාපනයෙන් “පොතේ දැනුමෙන් " විතරයි...
    සමාජය ආදරේ කරන්නේ සරල නිහතමානී මිනිස්සුන්ට.. දේශපාඥයන්ට ඕක සිහි වෙන්නේ ඡන්දයක් තියනකොට විතරයි නේද?

    ReplyDelete
    Replies
    1. අදාල තැනින් එලියට බහින කොට තරාතිරම තියල ආවම හරි සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. බොහොම ස්තූතියි නිර්මාණී.

      Delete
  8. ඉයන්................ කියලා තියෙන දේ සුපිරියට ම කියලා තියෙනවා. මේක තාම මාර ප්‍රාථමික සමාජයක්. කෙනෙක් තමන්ගේ සුදුසුකම් උඩ පැන පැන අනවශ්‍ය විදිහට කියවනවා කියන්නේ ම ඔහු හෝ ඇයගේ මහාදුර්වලතා ගොඩක් ඒකෙන් වහන්න යනවා කියන එකයි. ඉස්සර කුලයට තිබුණ තැන දැන් ඔය සහතික වලට ඇවිල්ලා තියෙන්නේ.

    මේක කියවගෙන යද්දි මට මතක් වුණේ දැන් මාසෙකට විතර කලින් මට වෙච්චි සුපිරි අත්දැකීමක්. මං හරි ආසාවෙන් ඒ අත්දැකීම කෙලවරක් වෙනකල් ම ලැබුවා. පෝලිම කඩාගෙන ගිය කෙනෙක්ගේ වරදක් පෙන්වලා දෙන්න ගිහින් මං වැරදිකාරයා වුණා. අන්තිමට ඒ ආයතනයේ සහකාර අධ්‍යක්ෂක ගාවට මාව අරං ගිහින් මං එතැන රාජකාරි කරපු අයගේ රාජකාරියට බාධාකරා කියන තත්වයට ආවා. ලස්සනම වැඩේ කියන්නේ අර පෝලිම පන්නලා මිනිස්සු දාහක් විතර පෝලිමේ ඉද්දි ඉස්සරහාට ම ගෙනැත් තිබ්බ කාලකන්ණි පෙනුමක් තිබුණ, කොන්ඩේ වවාගත්තු, කටන කරාඹුවකුත් දාපු කොල්ලා රණවිරුවෙක් වුණා. ඒ විතරක් නෙමෙයි ආබාධිත රණවිරුවෙකුත් වුණා. දැන් වැඩේ ගානට ඇදලා යනවා. මං කෙලින් ම රට ජාතියට අපහාස කරපු තැනට ආවා. කරන්නම දෙයක් නැති තැන මට ලැජ්ජාව වහගෙන මගේ රැකියාව සහ තනතුර කියලා රණවිරුවාගේ සැබෑ නරිහම මතුකරන්න සිද්ධ වුණා. හත්තිලව්වයි. මෙන්න දැනුත් මමලු වැරදි. මං කවුද කියලා කලින් කිව්වානං මාවත් පෝලිම පන්නලා යවනවාලු. මං කිව්වා මට කොච්චර පෝලිමක හිටියත් තවත් මිනිස්සු දාහකගේ වෙලාව අරන් පෝලිම් පනින්න පුරුද්දක් නැහැ කියලා. මං කොච්චර කිව්වත් උන්ට ඒක තේරුණේ නැහැ. උන් හිතන්නෙම මිනිස්සු තරාතිරම අනුව විශේෂතාවයක් තියෙන්න ඕනේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔහේගෙ එක මොකක්ද ?

      Delete
    2. බොහොම ස්තූතියි කුරුටු. ඔබ එතරම් පරිශ්‍රමයක් ගද්දී පෝලිමේ අනික් අය සහයෝගය දුන්නේ නැත්ද? සමාජය ක්‍රියාකාරී වෙනවනම් මේව නැති කරන්න පුළුවන්. රූපවාහිනී චැනල් වලින් විකාර කරනවට වඩා සමාජය හරිමගට ගන්න කරන්න පුළුවන් දෙයක්. ඔබගේ ක්‍රියාව ඉහලින් අගය කරමි

      Delete
  9. සංසාරේ......

    ReplyDelete
    Replies
    1. සංසාරේ......සංසාරේ......

      Delete
  10. කෝ මේ අල්මරිය?

    ReplyDelete
    Replies
    1. වෛද්‍යවරියගේ බුරුත කකුල් කියපු ගමන් චෙෆා ඒ අල්මාරිය ගත්තා.

      Delete
    2. චා චා මම ගන්න හිටියේ මමත් බුරුත කකුල් වලට හරි ආසයි

      Delete
    3. ඔය විදානය සපත්තු දෙක මාරුකරගෙන ඉන්න වෙලාවක බැරිවෙලාවත් ඔය අල්මාරිය පෙන්නනව එහෙම නෙමෙයි.

      Delete
    4. අඩෝ දෙමල න යන්න උබට තවම මතකයිද මදුවා ලියපුවා
      ඌ ට මොකද වෙලා තියෙන්නේ බන්

      Delete
    5. ඇයි ඔය පහුගිය දවස්ටිකේ ඇවිල්ල කොමෙන්ට් දාල ගිහිල්ල තිබුනෙ.

      Delete
  11. ඔය මහන්තත්තෙලාට ඇණුම්පද කියන එක ඇණයාගේ විනෝදාංශයක්.

    ඇණයා බිල් ගෙවන /ටිකට් ගන්න පොලිමට එකතුවෙනවාට ඇණි කැමතිම නෑ, පෝලිමට හේත්තුවෙන / බයිපාස් කරන උන්ට ඇනුම් පද කියලා කොකු ඇද ගැනීම අනිවාර්ය නිසා.

    බයිපාස් කියන්නේ බයියාගේ පාස් එක වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බයි පාස්. ඒකනම් නියමයි. සාර ස තුමා මොකවත් කියල නෑනෙ. ඔව් ඇණයා දැන් ටික ටික වෙන්ස් වී ගෙන එන සමාජයක් තියෙනවා. අර සිතුවිලි ගේ පෝස්ට් එකි මුදල් අයකැමි තරුණිය ගේ උදාර ක්‍රියා කලාපය වගේ.

      Delete
    2. //බයිපාස් කියන්නේ බයියාගේ පාස් එක වෙන්නැති. //

      බයියෙක් උනත් ස ර ස තුමා වැදගත් පාසලකින් විනය ඉගෙනගෙන තිබෙනා නිසා ඔබ කියනා පොලිම් පැනිල්ල කිසිමදාක කරන්නේ නැත...

      ඒකටත් එක්ක.. ටොයියා කියා ටොයි සටනේ ඉදිරියෙන් ම ගමන් කල රාජිත් ඇමති තුමා අද හිස් තෙල් ගානකොටත් මැදට පැනලා කියු ජම්පින් පාරක් දැම්මේ...

      Delete
    3. බයියා සහ ටොයියා, වසලයා වැනි ඩයිනමික් කැරැක්ටරිස්ට්ක් ය, ඔහේ කියුමෙන් බයියෙක් වුවත් කෙරුමෙන් බයියෙක් නොවෙයි වගෙයි. රාජිත ටොයියෙන් වත් බයියෙක් වත් නොවේ වසලයෙකි.

      Delete
    4. //ඔහේ කියුමෙන් බයියෙක් වුවත් කෙරුමෙන් බයියෙක් නොවෙයි //

      හරියට හරි. බයියන්ගේ ඇති ගොන් ගති සාරස ගාව නැහැ. පොඩි වයර් මාරුවකින් බයියෙක් වෙලා තියෙන්නෙ එතුමා.

      Delete
  12. එකඟයි..ඔයි විශේෂත්වය අපේ උනුත් දෙන එකනේ වැරැද්ද...දොස්තර සමාජයට අතත්‍යවශ්‍යයි තමයි.ඒත් පාර අතුගාන කම්කරුවත් ඒ වගේමයි...එයාලට අඩු සැලකිලි දෙන එක වැරදියි.
    අපිට ඉන්නෙ උගත් මෝඩයෝනේ

    ReplyDelete
    Replies
    1. අපි තනියම වෙනස් වෙමු ඩබ් කේ. බොහොම ස්තූතියි

      Delete
  13. දොස්තරලා, මන්ත්‍රීලාට වඩා හපන් උන්ගේ යාලුවෝ.අරට වඩා ඝණකම්.Aru

    ReplyDelete
    Replies
    1. ඝනකම් මායිම් නොකරන සමාජය හැදිය යුත්තේ අපියි. බොහොම ස්තූතියි අරූ

      Delete
  14. හුඟ දෙනෙක් ඇඳගෙන තමයි ඉන්නේ. එහෙම උනාම තමයි හරි කියලයි අපි හුඟ දෙනෙක් හිතන්නෙත්.

    උඹ අර කියන අලමාරියට යටින් තිබුනා වානේ ලී බඩු කියලා අලුත් කොලම් එකක්. ඒ Steel Furniture කියන එකයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. වානේ ලී බඩු හෙහ් හෙ. ඒක පරිවර්ථන ප්‍රශ්ණයක්. මෙහෙම තිබ්බනම් කොහොමද ?

      කලක් පාවිච්චි කල වෛද්‍යවරියකට අයත් වානේ අල්මාරියක් විකිණීමට තිබේ .

      බොහොම ස්තූතියි ඩූඩ්

      Delete
  15. මං මේ ළඟකදි දැක්ක ඩොක්ටර් කෙනෙක් ස්ටෙතස්කෝප් එක දාගෙන සුපර්මාකට් යනව.. එළවළු පළතුරුවල ලෙඩ බලන්න වෙන්නැති..))

    ...මනුස්සයෙක් තේරුම් ගන්න ඕන තමන්ගෙ තනතුර කියන්නෙ තමන්ට බැබළෙන්න තියන දෙයක් නොවන බව.ඔහු හෝ අැය සාමාන්‍ය සමාජය ඇතුළෙ සාමාන්ය පුරවැසියෙක් පමණයි.ඒත් ගොඩක් දෙනා ජීවත් වෙන්නෙ තමන්ට වඩා පහළය කියල ලේබල් ගහගත්ත සමාජ කොටස තඹ සතේකට මායිම් නොකර.. ඒ තත්ත්වය වෙනස් කිරීමේ වගකීම අපේ පිටත් පැවරිලා තියෙනවා.ඒ වගකීම මතක් කරලා දුන්නටත් බොහොම ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. //ඒ තත්ත්වය වෙනස් කිරීමේ වගකීම අපේ පිටත් පැවරිලා තියෙනවා//

      ස්ථානයට අදාල නොවන තරාතිරම් නොසලකා හැරීම සමාජයක් ලෙස පුරුදුවිය යුතු දෙයක්. එය වෙන්නේ අප එක් එක් කෙනා එය කිරීමට උත්සාහ කලොත්. බොහොම ස්තූතියි වැසි.

      Delete
  16. සමහර විට අර වාහන අලෙවි දැන්වීම් වල අලෙවිකරු ගේ තරාතිරම දානවා ඇත්තේ ගැනුම්කරුවන්ට විශ්වාසයක් ඇති කිරිමේ අරමුණ ඇතුව වෙන්නත් පුලුවන්.
    අපි කොහොමත් ලොකුකම් කියවන්න කැමති ජාතියක්නේ.
    අලුත් අවුරුද්දෙ හොඳ පාඩමක් ඉයන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්.

      Delete
  17. එක එක රැකියා වලට එක එක විදිහට සලකනවා කියන එක හොඳටම දකින්න පුළුවන් තැනක් ගුවන්තොටුපල සහ වීසා ගන්නා අවස්ථාවන් කියලා අපේ ටියුශන් සර් කෙනෙක් කිව්වා මතකයි.
    මොන රස්සාව කලත් අපි ඔක්කොම මනුස්සයො නෙ.
    ෆුඩ්සිටියෙ දොර ඇරලා දෙන මනුස්සයාට තැංකිව් කිව්වාම ඒ මූණෙ පිපෙන හිනා මලේ හැඩ කොහොමද?
    ලෑන් සීයෙ, ටිප් දෙන එකට මක්ක හරි ක්‍රමයක් තියෙනවාද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //ෆුඩ්සිටියෙ දොර ඇරලා දෙන මනුස්සයාට තැංකිව් කිව්වාම ඒ මූණෙ පිපෙන හිනා මලේ හැඩ කොහොමද//

      ඒක නම් ඇත්ත

      Delete
  18. අල්මාරියක් විකුනන්න දැන්වීමක් දැම්මත් මේගොල්ලෝ දාන්නේ මෙහෙමයි.

    "පිත්තල පටි ගැසූ රවුම් කකුල් සහිත වෛද්‍යවරියක විසින් පාවිච්චි කළ අල්මාරියක් විකිණීමට තිබේ"

    ReplyDelete
    Replies
    1. කලින් හයර් කරන ලද වෛද්‍යවරියකට අයත් වාහනයක් විකිණීමට තිබේ. ස්තූතියි විචා

      Delete
  19. ඔය ලංකාවේ මනේජර්ලට රස්සාවේ ඉහල ඉන්න අයට මිස්ටර් මඩම් සර් කියන එව උන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන ආසියාවට පමණක් ආවේනික දෙයක් ඉයන්. මට මම වැඩ කරන ආයතන දෙකේම බොස් ලට කතා කෙරෙන්නෙම මිස්ටර් මඩම් කියල. බැරිම තැන උන් මට මැසේජ් කරලම කිව්ව අනේ ප්ලීස් මිස්ටර් මඩම් කියල කතා කරන්ට එපා කියල. ආයතනයේදීත් පිටටත් මේ එංගලන්තේ කතාකරන්නේ නම කියල. වැඩේ අන්තිමට ඉවර උනේ දැන් මම උන්ට මිස්ටර් මැඩම් කියන්නෙ නෑ. දැන් ආයතන දෙකේම හැම එකාම මට කතාකරන්නේ මිස්ටර් T කියල. (ඒමදිවට ලංකාවේ එකෙක් උන්ට කියල මගේ නික් නේම් එක ටික්ක කියල. හිතාගනින් සුද්දො සුද්දියො මිස්ටර් ටික්ක කියල කියද්දි.) ලොල්..!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මරු මිස්ටර් ටික්කා. බොහොම ස්තූතියි.

      Delete
  20. පැහදිලි ඇත්ත මචෝ. මෙන්න මගේ ඇත්තම අත්දැකීමක් (නම් ගම් පවා සත්‍යයි )
    අබන්තර දුරකතන ඇමතුමක් ආවා මම floor එකේ ඉන්න වෙලාවක ඒ වෙලාවට ලග ඉන්න කවුරු උනත් දුරකතනයට පිළිතුරු දෙනවා
    හෙල්ලෝ ...ඔය කවුද කතාකරන්නේ ?
    මම-ඔය කවුද කතා කරන්නේ ? කාටද කතා කරන්න ඕනේ?
    මම සම්පත් සර් කතා කරන්නේ .. ඔයා කවුද
    මම මෙන්ඩා සර් කතා කරන්නේ ...සම්පත් කිව්වේ??????
    මම සම්පත් සර් ...සම්පත් සර්...HR මැනේජර් සර්
    ආ..හරි හරි මම කොලිටි එක්ස්සේකෙටිවේ සර් මෙන්ඩ සර්
    අපේ ඔපිස් එකේ පියන් නිහාල් ඉන්නවද
    ආ..නිහාල් සර්ද ඉන්නවා ...ඉන්න සම්පත් මම එයාට කතා කරන්නම් ....නිහාල් සර්..මෙන්න ඔයාට සම්පත් කතා කරනවා

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කේස් එකක් මේ අවුරුදු විකාශය කියල ලවුස්කීපර් දාගෙන පහුගිය දවස්වල කරපු මල වදෙත් තිබුණ. ටියුෂන් කාරයො වගයක් උංගෙ නං වලට සර් කියල දාගෙන අරකෙ කියෝගන්නව. උංට මොන රටෙන්ද දන්නෑ නයිට් පදවි දුන්නෙ.

      Delete
    2. //නිහාල් සර්..මෙන්න ඔයාට සම්පත් කතා කරනවා//

      හෙහ් හෙහ් මෙන්ඩො දවසේ කථාව

      Delete
  21. ඕකෙ‍ෙ මහෙම දෙයකුත් තියෙනවා. දොස්තර නෝනා කෙනෙක්ගේ වාහනයක් නම් එයාට ඒක අළුත් වැඩියා කරන්න මුදල් තියෙනවා. ඒ වගේම මඟදි කැඩුනොත් මොකවත් කරගන්න දන්නෙ නැති නිසා හොඳට අළුත් වැඩියා කරතැයි බලා පොරොත්තු වියහැකියි.
    ඒ වගේම වාහන ගැන දන්න අය කියන තව දෙයක් තමයි මුස්ලිම් මිනිහෙක් පාවිච්චිකල වාහනයක් නම් ගන්නම එපා කියන අදහස.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ජගත්

      Delete
  22. ඉයන් ගේ සාකච්චාව හරිම කාලෝචිත එකක්.
    අපේ මිනිස්සු හුඟ දෙනෙක් තමන්ගේ සේවා ස්ථානය ඇතුලේදී තමන්ගේ බලය පෙන්වීමේ විසාල වෑයමක් ගන්නවා. නැති බලයක් ආරෝපනය කරගැනීමට පවා තැත් දරනවා. හැබැයි මම දකින විදියට මේ වගේ බලය ආරෝපනය කරගන්න හදන පුද්ගලයෝ තුල බොහෝවිට හුදු මහන්තත්වය ඉක්මවා ගිය අරමුණු තියෙනවා. ඔවුන් බලය පෙන්වීම මගින් නොයෙකුත් අයුතු වාසි ලබා ගන්නවා.
    ඇතැම් විට නිල බලය අයුතු ලෙස යෙද්වීම මගින් ගැහැණුන් නම්මවා ගැනීම දක්වා මේක දුර දිග යනවා.
    අපිට ඉහල නිල තල දරන පුද්ගලයින්ගෙන් කතයුතු කර ගැනීමට අපහසු ඇයි ඒ ඔවුන් සැමවිටම තමන් බලවත් බව පෙන්වීමට තැත් දරන නිසා.
    ඒ වගේම බොහෝ මැනේජර් වරුන් තමන්ගේ කාමරය අසල අනෙකෙකු සිටින විට වඩා වැඩියෙන් බිසී බව පෙන්වනවා මිස ඒ තැනැත්තාට කථා කොට ඔහුගේ කාලය පිරිමසා දෙන්න හදන්නේ නැහැ. මම නම් මේ හැම දේම දකින්නේ බලය පෙන්වීමේ කෑදර කම හා එමගින් අයුතු ලාබ ප්‍රයෝජන ගැනීමේ වුවමනාව ලෙසයි.

    ReplyDelete
    Replies
    1. //බොහෝ මැනේජර් වරුන් තමන්ගේ කාමරය අසල අනෙකෙකු සිටින විට වඩා වැඩියෙන් බිසී බව පෙන්වනවා මිස ඒ තැනැත්තාට කථා කොට ඔහුගේ කාලය පිරිමසා දෙන්න හදන්නේ නැහැ//

      මෙය දැක සහ අත්දැක ඇති වාර අනන්තයි. බොහොම ස්තූතියි සිතුවිලි සි

      Delete
  23. මටත් පේන්න බැරි දෙයක් තමයි තමන් වැඩකරන අායතනයෙන් පිටත බොරුවට තමංගෙ තත්වෙ පෙන්නන්න යන එක. තමන්ට තත්වයක් තියෙනවනං එය රැකගත යුත්තෙ කරන වැඩපිළිවෙල අනුව මිස කරන රස්සාවෙ තියන වැදගත්කම මත නෙමෙයි.

    හෙන්රිගෙ ඩෙනිම තිබ්බ මේ කතාව බලන්න.

    //පසු කාලෙක පේරාදෙණියෙ ඉන්න කාලෙ නුවර කෝච්චියෙ එද්දි මම ගියා සුපුරුදු විදියටම අර දුම්රිය මැදිරියෙ ටොයිලට් දෙක තියෙන වංගුවෙ ඉඳන් දුමක් අදින්න. සිගරට් එක තිබ්බට ගින්දර නැති එක අපේ ලක්ෂනයක්නෙ. ඉතින් සිගරට් ‍ෆිල්ටර් එක අත් ඔරලෝසුවෙ තට්‍ටු කරන ගමන් මම ඉල්ලුව ගින්දර ටිකක් ලඟම ඉන්න සුද්දාගෙන්. තුන්වෙනි පන්තියෙ ටොයිලට් එකේ පිටපැත්තෙ බිත්තියට පිට දීලා බිම ඉඳගෙන දුමක් අදිමින් සිටි සුද්දා රත්තරන් පාට වටිනා ලයිටර් එකක් මට දික්කලා. මගේ දුම්වැටිය දල්වාගෙන ලයිටරය ආපසු දෙනවිට, මගේ වාගේම නිල් පැහැය දියවී ගිය ඩෙනිම් ජීන්ස් එකකුත්, ටී ෂර්ට් එකකුත් හැඳගෙන ගමන් බෑගයක්ද සමග සිටි සුද්දාගේ දුම්වැටිය දිහා මට බැලුනේ ඉබේටම. මේකා බොන්නෙ බීඩියක්නෙ!

    ටිකකින් දෙන්නම කතාවට වැ‍ටුනා.

    සුද්දා ජර්මන් කාරයෙක්. මම ගුරු ශිෂයයෙක් කිව්වාම සතුටින් හිනාවෙලා ඔලුව වනපු සුද්දගෙන් මම ඇහුවා එයා මොකද කරන්නේ කියලා.

    “I’m a judge”, සුද්දා කිව්වාම මම හිතුවෙ මට හරියට ඇහුනෙ නෑ කියලා. මම ආයෙම ඇහුවා.

    ඔව්!! මේ මම වගේම හිපි පෙනුමක් තියෙන ‍රැවුලකුත් වවාගෙන ඉන්න සුද්දා නඩුකාරයෙක් තමයිලු ජර්මනියෙ!!!

    මගෙ මූණෙ මතුවුන විමතිය දිහා ටිකක් වෙලා බලන් ඉඳලා, බීඩියෙන් දුම් උගුරක් ඇදලා, කොරිඩෝවේ වහල දිහාට පිඹපු විනිසුරුතුමා කියනවා.

    “මම දන්නවා හෙන්රි ඔයගොල්ලන්ගෙ රටවල නඩුකාරයෙකුට රස්සාවත් එක්කම ලැබෙන ස්ටේටස් එක. නමුත් ජර්මනියෙදි, නඩුකාරකම තවත් රස්සාවක් විතරයි.”

    තවත් බොහෝ වල්පල් කතා කරමින් හිටි අපි පේරාදෙණියෙදි සතුටින් විසිර ගියා. නමුත් හිතන්න යමක් මගෙ හිතේ ඉතිරි කරලා.//

    http://bluejeansntshirts.blogspot.com/2014/05/112.html

    ReplyDelete
    Replies
    1. ගැලපෙන කථාවක් බොහොම ස්තූතියි ප්‍රසන්න සහ කතෘ ඩූඩ් ට

      Delete
  24. වෛද්‍යවරියකට අයත් ශරීරයක් විකිනීමට ඇත......

    ගන්නවද????

    ReplyDelete
    Replies
    1. 'මෘත' මොඩල් එකේ එකක්ද?

      Delete
  25. මට ගොඩක් සතුටුයි මගේ පෝස්ට් එක නිසා මේ වගේ පෝස්ට් එකක් ලියන්න හිතුණ එක ගැන.. පෝස්ට් එක වගේම කමෙන්ට් ටිකත් කියෙව්වා..

    අපේ ෆැකල්ටිය තියෙන්නෙ පේරාදෙණිය හොස්පිටල් එක ළඟ නිසා නිතරම ඩොක්ටර්ස්ලා එනවා අපේ කැන්ටින් එකට කෑම කන්න. එයින් එක ඩොක්ටර් කෙනෙක් එන්නෙ අර ලෙඩ්ඩු බලන වෙලාවට වගේ ස්ටෙත් එක කන් දෙකට දාගෙන!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිතුවිලි සිතූ මූලාශ්‍රය සැපයූවාට සහ කමෙන්ට් එකට.

      Delete
  26. about misuse of comma -

    Panda eats shoots and leaves. (pandas' food consist of bamboo shoots and leaves)

    Panda eats, shoots and leaves. (the comma makes the panda a gunfighter in a saloon)

    ReplyDelete
    Replies
    1. kill him not,let him go
      kill him,not let him go
      වගේ කතාවක් සරදියෙල්ට උනා ලු නේහ්?

      Delete
    2. බොහොම ස්තූතියි ප්‍රාහේ සහ ගස්

      Delete
  27. @Gus Lub, මං හිතන්නෙ මරණ දඬුවම ගැන ඔය කතාව ඉන්ගලන්තෙ සෑහෙන්න පරණයි. වෙනස් පුද්ගලයන් ගැන යොදාගෙන තියනවා. ඒත් ඇත්තද කියලා හරියටම ෂුවර් නෑ


    As I was undressing, Mary, my wife, walked into the bedroom.
    As I was undressing Mary, my wife walked into the bedroom.

    ReplyDelete
    Replies
    1. @ Pra..දෙවෙනි සෙන්ටෙන්ස් එක වුනානම් ඩෙත් සෙන්ටෙන්ස්ම තමයි. Aru.

      Delete
    2. Comma to a coma :)
      බොහොම ස්තූතියි ප්‍රාහේ සහ අරූ

      Delete
  28. බුරුත කකුල් ඇති වෛද්‍යවරියකට අයත් අල්මාරියක් විකිණීමට තිබේ. ///// ha ha ha

    ReplyDelete
    Replies
    1. විදේශ සංචාරකයන්ට කුලියට දුන් වෛද්‍යවරියකට අයත්....
      බොහොම ස්තූතියි ඩොක්ටර්

      Delete
  29. හැමදාම වගේ ලිපියට අදාල නැති ගොන් ප්‍රශ්නයක් අහන්න තියන නිසා පහුවෙනකන් හිටියා.ඔය සයිටම් එක ගැන. දන්න තරමින් ලංකාවේ හැම විශය ක්ෂේස්ත්‍රයකටම අදාලව පෞද්ගලික උපාධි පිරිනමනවා. එහෙම උපාධියක් අරගත්තු එවුන් රජයේ විශ්ව විද්‍යාල උපාධිදාරීන් සමග රාජකාරී කටයුතු සිදුකරනවා. එහෙම වෙලත් පෞද්ගලික වෛද්‍ය උපාධියට විතරක් ඇයි මෙච්චර විරෝදයක්? S3ක් ගත්ත එකෙක්ට නඩු කතාකරන්න පුළුවන්නම්, දහස් ගණන් ජීවත්වෙන ගොඩනැගිලි සැලසුම්කරන්න පුළුවන්නම් , මිනිස්සුන්ගෙන් ලබාගන්න කෝටි ගානක මුදල් යොදවලා සිදුකරන ව්‍යපෘති සැලසුම්කරන්න පුළුවන්නම් ඔක්කොටම වඩා 8 පාස්වුන එවුන් පාලකයෝ විදිහට පත්කරගන්න පුළුවන්නම් අදාල අධ්‍යාපනය නියමිත අයුරින් නිමකරන එකෙක් වෛද්‍යවරයෙක් වෙන එකේ වැරද්දක් තියනවද?

    ReplyDelete
    Replies
    1. වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් පුහුණු කරන්න රජයට බැහැ. එහෙමනම් ඒකට තවත් මහජනයාගේ මුදල් යොදවන්න වෙනවා. ඒක නිසා ඇතිවෙන වෛද්‍යවරු හිඟය නිසා සමහර අයට අසාධාරණ ලෙස මහජනයාගෙන් මුදල් හොයන්න අවස්ථාව පෑදිලා තියෙනවා. ඒවා නැතිකරන එක ඒඅයට 'අසාධාරණයි'. ඒවුණාට මැද පෙරදිග වැඩකාරකම් කරලා හොයන ඩොලර් වියදම් කර බංගලාදේශයේ, ඉන්දියාවේ, චීනයේ, බෙලරුස් වල එහෙම උපාධි අරන් ආවට මේ ලංකාවෙම වෛද්‍ය උපාධි දෙන්න ගියොත් මේ කට්ටියගේ බමුණු කුලය තියාගන්න බැරිවෙනවානෙ.

      Delete
    2. කටුසු, ඇත්තෙන්ම ඔබ ඉයන් ට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නය ඉතාම විග්‍රහ ශීලීව සාකච්චා කල යුතු මාතෘකාවක්. මේක ගැන අපේ බ්ලොග් කාරයෙක් ලිපියක් ලියනවානම් ඒ තරම් වැදගත්.
      අපේ රටේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනයක් කියන එක අපි පිළිගත යුතුද?
      ඇත්තටම එවැන්නක් තිබෙනවාද?
      උසස් පෙල විභාගය සමත් වන්නන් අතරින් 22,000 ක් විශ්ව විද්‍යාලයට ගැනීමෙන් පසු ඉතිරි වන 150,000 ක් පමණ වන සමත් වූවන්ට ඉහල අධ්‍යාපනය තහනම් කිරීමක් නොවෙයිද මේ වෙන්නේ.
      මේවා ඉතාම ගැඹුරින් විමසිය යුතු දේවල්.

      Delete
  30. ඔය අනවශ්‍ය තැන්වල තම වෘත්තීය තත්වය පෙන්නන්න යන එක මම හිතන්නේ හීනමානය නිසා සිදුවන දෙයක් වෙන්න ඕනේ. නලාව කරේ දාගෙන ෆුඩ්සිටි ගියපු දොස්තර කෙනෙක් වගේම රෝහල් සේවකයන්ට තම නිලය ගැන කියමින් සැර දැමූ හමුදා නිලධාරියෙකුත් මම දැකලා තියෙනවා. මේවා වෙනස් කරන්නනම් ලොකු සමාජ ආකල්ප පරිවර්තනයක් කරන්න වේවි. වැදගත් ලිපියක් ඉයන්.

    ඉයන්ටත් පවුලේ සැමටත් ලැබූ නව වසර සුභම සුභ වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උදය. ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා.

      Delete
  31. වෛද්‍යවරියක් භාවිතා කළ කියන එකෙන් බයර් ගෙ හිතේ ඇතිවෙන මුල්ම දේ තමයි, ඩොක්ටර් ලා හරිම හොඳින් පරිස්සමින් වාහන පාවිච්ච කරනව කියන එක. දෙවෙනි එක තමයි ගෑණු කෙනෙක් බොහොම පරිස්සමින් සහ බොහොම අඩුවෙන් වාහනයක් පාවිච්චි කරනව කියන එක. ඒ නිසා බයර්ස් ලා වැඩි ප්‍රමුඛතාවයක් දෙනව ඔය වගේ වාහන ගන්න. සමහරු මේ වගන්තිය බොරුවටත් යොදාගන්නව, තමන්ගෙ වාහනේට හොඳ ඉල්ලුමක් ගන්න.

    පෝලිම් සහ සමාජ ප්‍රතිරූපය කියන එක නම් අපේ දකින්න තියෙන්නෙ වැඩවසම් රාජකාරි ක්‍රමයෙ දිගුවක් විදිහටත් වඩා, ඊටත් ආදී කාලයකට දිවෙන ගෝත්‍රික සමාජ ලක්ෂණයක් කියන එකයි මට හිතෙන්නෙ. මොකද ගොඩක් තැන් වල ලොකුම කටහඬ සහ ලොකුම සමාජ ප්‍රාග්ධනය පෙන්නුම් කිරීමේ හැකියාව ඇති මිනිහා අනෙක් අය මර්ධනය කරන්න උත්සාහ ගැනීමක් මම දකිනව.

    ReplyDelete
    Replies
    1. මම නම් 1. ගෑණු කෙනෙක්, 2. ඩොක්ටර් කෙනෙක් පාවිච්චි කරා කියපු ගමන් වහනයක් condemn කරනවා.. ඔය දෙගොල්ලොම වාහන හරියට මේන්ටේන් කරන්නේ නෑ. දැනුමත් නෑ. වෙලාවකුත් නෑ. ඉන්ජොත් ගොඩක් උන් හරියට වාහන තියා ගන්නේ නෑ.. මම දන්නා සමහර ලෝයර්ස් ලා ඉන්නවා වාහන ඉතා හොඳින් නඩත්තු කරන. සමහර විට උන්ට ඕනේ තරම් වෙලාව තියෙන නිසා වෙන්න ඇති.

      Delete
    2. ///මම නම් 1. ගෑණු කෙනෙක්, 2. ඩොක්ටර් කෙනෙක් පාවිච්චි කරා කියපු ගමන් වහනයක් condemn කරනවා.. ඔය දෙගොල්ලොම වාහන හරියට මේන්ටේන් කරන්නේ නෑ. දැනුමත් නෑ. වෙලාවකුත් නෑ.///

      මමත් මේ කතාවට එකඟයි...
      දොස්තර වරියක්, එහෙම නැත්නම් කාන්තාවක් පාවිච්චි කල වාහනයක් කියපු ගමන් මට අහන්න හිතෙන්නේ "ඇයි එයාගේ අහවල් එක තියෙන්නේ වාහනේ හයි කරලද" වගේ කුප්ප කතාවක්...
      නැත්තන් ඉතින් ඒ වාහනේ අමුතු අහවල් එකක්ද...

      ///ඉන්ජොත් ගොඩක් උන් හරියට වාහන තියා ගන්නේ නෑ..///
      පල පල යන්න...

      Delete
    3. හෙහ් හෙහ් බොහොම ස්තූතියි ඩ්‍රැකී, කමිය සහ ලොක්කා

      Delete
  32. මට සෑහෙන්න අසාධාරණකම් වෙලා තියෙනවා ඕනෙවට වඩා සරල වෙන්න ගිහිං.. ඔය කියුවා වගේ බස් එකේදී, පෝලිම් වලදී, ගමේ සමිති සමාගම් වලදී ආදී වශයෙන්.. හැකියාවෙන් හා දැනුමෙන් බොහොම පහලින් ඉන්න මිනිස්සු අපි ඉස්සරහා 'මුදුනෝ' වෙනවා ඔය ආකාරයෙන්.. සමහර වෙලාවට හිනා.. සමහර වෙලාවට අප්පිරියයි. ඒ වගේම ඉස්සර ඒ වගේ වෙලාවට ටිකක් විතර අප්සෙට් යනවා.. පවුලෙනුත් බලපෑම් එනවා 'අයි ඔයා ඔහොම ඉන්නේ' කියලා.. දැන් නම් හිනා යනවා විතරයි.
    මොනවා උනත් මගේ ඉස්සරහින් නම් මම ඉන්නකම් කිසිම කෙනෙකුට පෝලිම් පනින්න දෙන්නේ නෑ. මට පුළුවන් ලොකුම කලබගැනිය කරලා ඒක නතර කරනවා. සමහර වෙලාවට ඒ අවස්ථාවට මගේ හැසිරීම 'ඕනෙවට වැඩියි' වගේ.. එත් මට ඒකනම් බලාගෙන ඉන්නම බෑ.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ හෝ වෙන කෙනෙක්ගේ අයිතියක් උදුරාගැනීමට එරෙහි වීම මම අගය කරනවා. බොහොම ස්තූතියි කමි

      Delete
  33. මේ මම ලියපු එකක්:
    http://kolambagamaya.blogspot.co.uk/2014/06/2.html
    අන්තිම වාක්‍යය තමා එලම.

    ReplyDelete
    Replies
    1. ගැලපෙනම අත්දැකීම් ටිකක්. ඒ පොස්ට් එකේ ලින්ක් එකක් දැම්මා මේකට. බොහොම ස්තූතියි අජිත්.

      Delete
  34. මම එකපාරක් අම්ම එක්කරගෙන ගියා පෙන්වන්න නමගිය නමක් ඇති විශේෂඥයෙක් ගාවට . හැමෝම වගේ යන පෞද්ගලික රෝහලක මුදල් ගෙවල ගිහින් පෝලිමේ ඉන්නවා. රෝහලේ නතර වෙලා ඉන්න ලෙඩුන් පෝලිම් පැනලා ගෙනියනවා. ඒක ප්‍රශ්නයක් නැහැ කියමු. මෙන්න එනවා මොබයිල් කනේ ගහගෙන වැදගත් වග පෙන්නගෙන කතා කරන පොරවල්. මුන් ඔක්කොමත් පෝලිමෙන් පැනල යනවා. මම පැයක් විතර හිටිය හොඳටම මල පැනල දැන්. තව එකෙක් ආව ඒ වගේම මම ඌව තල්ලු කරගෙන ඇතුලට ගියා. නර්ස් කෑ ගහනවා දොස්තර තවම ලෙඩා බලනවා කියල. මම ගණන් ගන්නේ නැතුව ඇතුලට ගිහින් දොස්තර ගෙන් ඇහුවා මම ගෙවපු සල්ලි වල මදි කමක් තියනවද ? මම පැයක් බලන් ඉන්නත් වෙන එවුන් ඇතුලට යන්නත්. අපේ අම්මත් කියනවා ඕනේ නැහැ පුතා ඉඳලම යමු. මම අම්මටත් එතන ඉඳ ගන්න කියල දොස්තරට කිව්වා අම්මව බලන කන් යන්නේ නැහැ කියල. අර පෝලිමෙන් පැනපු "ලෙඩයි" පනින්න ආපු එකයි කට ඇරගෙන බලන් ඉන්නවා. දොස්තර අරුව එලියට දාල මට ඉඳගන්න කියල ඇහුව මම කොයි රටේද කියල ඉන්නේ. මම කිව්වා ඇයි අහන්නේ කියල. ලංකාවේ ඉන්න අය මේවා දන්නා නිසා නිහඬව ඉන්නවලු. එයාට කරන්න දෙයක් නැතිලු. එකෙක් පලා බබෙක්ලු. අනිකත් තව මොකද්ද ලොකු පොරක්ලු. මම ඇහුවා "ඉතින් ඔයා රටේ නම තියෙන විශේෂඥයෙක් නේ". ඒ මනුස්සය අහිංසක විධිහට කිව්වා ඒවා නම් එහෙම තමයි කියල. පස්සේ දැනගත්ත ලන්ඩන් වල ඉඳල හොඳට විභාග පාස් කරපු හොඳ දක්ෂ පුද්ගලයෙක් කියල. මට පේන්නේ නම් දේශපාලනය තමා වැරදි කියල.

    ReplyDelete
    Replies
    1. සමහරු වැරදි තැනදී පිලිගැනීම බලෙන් දෙනවා, සමහරු බලෙන් ගන්නවා. අපි එක එක්කෙනා ම තමයි හැදෙන්න වෙන්නෙ. බොහොම ස්තූතියි අජිත්.

      Delete
    2. හරියටම හරි රට හදන්ඩ පක්ෂයකටවත් , සංවිධානයකටවත් , මොන මගුලකටවත් බැ .....කොටින්ම මේ මගුල හදන්න බැ ....අර කවුද කියුවා වාගේ විප්ලවය වෙන්න ඕන එක එකාගේ හදවත් ඇතුලේ , පුද්ගල ආකල්ප වෙනස් කර ගැනිම සහ තමන් අදහන මතය වෙනුවෙන් ලාබ පාඩු නොබලා සටන් කීරිමට නොපසුබට වෙනකං.........බාගෙට සමාජවාදයකුයි ....බාගේට ධනවාදයකුයි අස්සේ මිනිස්සු අතරමං වෙලා

      Delete
  35. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/3651-2016-04-18-22-11-59

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අජිත්.

      Delete
  36. අපිටනම් වෙන්නේ ඕකේ අනිත් පැත්ත...
    වාහනේ හණ ගහන්න කියල දෙන ස්ටිකර් අලව ගන්නෙත් නැති නිසා සහ ගමනක් බිමනක් යන්නේ ත්‍රි-ක්වාටර් එකක් සහ ටී ෂර්ට් එකක් වගේ සරල ක්‍රමේකට නිසා සමාජයෙන් විශේෂ පිළිගනිම කෙසේ වෙතත් පෝලිමක කාරිය ඉන්නකොට පෝලිම් පනින්න එන ගොබ්බ ඩයල් එක්ක කචල් දා ගන්නත් සිද්ධ වෙනවා...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ලොක්කා. බොහොම ස්තූතියි මචං

      Delete
  37. ගොඩවෙච්චි පළවෙනි දාම බර සාර ලියවිල්ලක් කියෙව්වා. නියමයි ඉයන්....කොමෙන්ටු වලත් රස එමට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලේ පාට හීන. සාදරයෙන් පිලිගන්නවා. ලිපිය ගැන අදහසටත් ස්තූතියි. මමත් එන්නම් ඔබේ බ්ලොග් එක පැත්තේ.

      Delete
  38. මරු ලිපියක් ඉයන්. කමෙන්ටු ටිකත් ඉහලයි.

    අපේ රටේ ජොබ් ස්ටේටස් වලට දෙන තැන තමයි ප්‍රශ්ණෙ. ඩොක්ටර්ස්ලා, පොලිටික්කො, ලෝයර්ස්ලා ගැන හැමෝම කියල තියෙනවනෙ. මට මුණගැහිලා තියෙනවා 'මම අහවල් ඉස්කෝලෙ ටීචර් කෙනෙක්' කියලා වෙන ඉස්කෝලවල ළමයින්ටත් සද්දෙ දාල නැගිට්ටවලා බස් එකේ සීට් එක ඉල්ලගන්න ගුරුවරු.

    සුපර් මාකට් පෝලිම්වලදිනම්, මගෙ කාර්ට් එකේ බඩු ගොඩක් තියෙද්දි, පිටිපස්සෙන් ඉන්න එකාගෙ අතේ අයිටම් එකක්, දෙකක් වගේනම් තියෙන්නෙ මම එයාට කලින් බිල් කරගන්න ඉඩ දෙනවා නැත්නම් ඒ මනුස්සය නිරපරාදෙ රස්තියාදුවෙන නිසා. හැබැයි පෝලිම් පනින්න ආවොත්නම් වලි තමා.

    ReplyDelete
    Replies
    1. //මම අහවල් ඉස්කෝලෙ ටීචර් කෙනෙක්' කියලා වෙන ඉස්කෝලවල ළමයින්ටත් සද්දෙ දාල නැගිට්ටවලා බස් එකේ සීට් එක ඉල්ලගන්න ගුරුවරු//

      අම්මෝ එයාල තමා මට අරහංම කට්ටිය , උඔ දන්නැ ඔය යක්කුයි යක්ෂනියොයි බාස්ලව සහ ගෝලයන්ව පහත් කරල කතා කරන විදිහ

      Delete
    2. //පිටිපස්සෙන් ඉන්න එකාගෙ අතේ අයිටම් එකක්, දෙකක් වගේනම් තියෙන්නෙ මම එයාට කලින් බිල් කරගන්න ඉඩ දෙනවා නැත්නම් ඒ මනුස්සය නිරපරාදෙ රස්තියාදුවෙන නිසා//

      ඒක නම් හරි හොඳ දෙයක්. ඔබ හරි. courtesy කියන එක දෙන දෙයක් මිස බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහොම ස්තූතියි බස්සියෝ.

      Delete
  39. A good one Iyan, :) In this blog world also I have seen these kind of things. Sometimes be silent , gentle smile but getting actions give the best answer for this kind of situations....

    ReplyDelete