Saturday, March 12, 2016

නිල් පාට තණකොල.


වැටෙන් එහා තණකොල නිල පාටට පෙනේ යයි කියමනක් ඇත. බොහෝවිට ලංකාවේ ජීවත්ව සිටින අයට කැනඩාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් සුරපුරයන් ලෙස පෙනෙයි. එසේ සිතනා බොහෝ දෙනෙකුගේ පැතුම ඉක්මනින්ම එවන් රටකට සංක්‍රමණය වී ජීවත් වීමයි. 

ඇත්තටම එහි තණකොල නිල්පාටද? මෙම ප්‍රශ්ණයට විසඳුම කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වේ. යමෙක් තම සතුට සොයන්නේ නම් සමහර විට එම පුද්ගලයාට ලංකාවේ ජීවත් වීම හොඳයැයි මම සිතමි. තම දරුවන්ගේ අභිවෘද්ධියට මුල් තැනක් දෙන අයට එවන් රටවල ජීවත් වීම සුදුසු යැය මගේ නිගමනයයි.  

1994 සිදුවූ ආණ්ඩු වෙනසක් නිසා රට හැර ගිය මට මේ දෙපැත්තේම වාසි අවාසි ගැන සාමාන්‍ය අවබෝධයක් ඇතැයි විශ්වාස කරමි. ශ්‍රී ලංකාවේදී අත් උදව්කරුවන්, පෞද්ගලික රියැදුරන් ආදී සැපසම්පත් හුරු සමහරෙක් එම රටවල් වල සියළුම කටයුතු තමන්ම කරගනිමින් කනස්සල්ලෙන් ජීවත් වනු මම දැක ඇත්තෙමි. එවන් දිවියක් ලංකාවේදී ගෙව්වත් අධික රාජකාරී කටයුතු නිසා දූ දරුවන් සමඟ අඩු කාලයක් ගෙවූ වුන් එම රටවල පවතින ක්‍රමය යටතේ වැඩි කාලයක් දරුවන් සමඟ ගෙවීමට ලැබීම ඉතා හොඳ දෙයක් ලෙස සිතති. තවද එම රටවල පවතින සමාජ ක්‍රමයන්හී ඇති නීතිගරුක බව බොහේ සංක්‍රමනිකයන්ගේ සිතගනී. දරුවන්ට පාසැලක් සොයා ගැනීම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආදිය විධිමත්ව සිදුවන බැවින් ලංකාවේදී මෙන් ඒවා ගැන කරදර වීමට අවශ්‍ය නොවීම එම රටව දැකිය හැකි වාසියකි. එමෙන්ම මෑතක් වනතුරු සුඛෝපභෝගී යැයි සැලකුණු වාහනයක හිමිකාරිත්වය හෝ ගෙදර දොර භාණ්ඩ ඒ රටවල සියලු දෙනාටම පාහේ තිබෙන සාමාන්‍ය දේවල් වීම කෑපීපෙනෙන වෙනසකි.  

සේවා කරන ස්ථානවලදීත් සමාජයේත් තත්ත්ව තරාතිරම් නොවීම සමහර සංක්‍රමණිකයන් ඉතා හොඳ දෙයක් ලෙසත් කිහිප දෙනෙක් අඩුපාඩුකමක් ලෙසත් දකිති. සේවා ස්ථානවල ආහාර ගන්න විට හෝ තේ පානයේදී සමාගමක ප්‍රධාන විධායක නිලධාරියාත් පහලම මට්ටමේ සේවකයාත් එකම මේසයේ සිට තම තමන්ම සාදාගත් කෝපි පානය කිරීම සාමාන්‍ය දෙයකි. පාසැල් වලදී ක්‍රීඩාව, ශරීර සෞඛ්‍ය, තූර්‍ය භාණ්ඩයක් වාදනය කිරීම, කෑම පිසීම, පිහිනීම වැනි ජීවත්වීමට අවශ්‍ය හැකියාවන් දැනීම ලබා දීමට අමතර ලබා ගැනීමට සිසුන් පෙලඹවීමත්, කාලයක් එවන් පරිසර වල හැදුන දරුවන්ගේ ඇතිවන ආත්ම විශ්වාසය සහ ස්වාධීන බව මගේ දරුවන්ගෙන් මම අත්දැක ඇත්තෙමි.  

විශේෂයෙන් ආසියානු රටවලින් සංක්‍රමණය කරන්නන් හට බලාපාන තවත් කරුණක් ඇත. එනම් ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ගෙන් වෙන්වී සිටීමට සිදුවීමයි. ලාංකිකයන් සංක්‍රමණය වන රටවල් ඇත්තේ සාපේක්ශව බොහෝ දුර බැවින් නිතර මව්බිමට පැමිණීමට නොහැකි කම නිසා විවාහයෙන් පසු හෝ මැදි වයසේ සංක්‍රමණය වන්නන්ට මෙම දුර යම්කිසි බලපෑමක් ඇති කරයි. මෙහි දැක්වෙන වීඩියෝව කැනඩාවට සංක්‍රමණය වූ වෛද්‍ය යුවලක් ගැනයි. 




අපහසුම සත්‍යයට සංක්‍රමණිකයන් මුහුණ පාන්නේ ඔවුන් විශ්‍රාම වයසට එලඹුන විටය. එම වයසේදී බොහෝ විට ඔවුන්ගේ දරුවන්ටත් දරුවන් සිටින අතර එම නිසා නැවත මව්බිමට පදිංචියට පැමිණීම ඔවුන්ට ප්‍රායෝගික නොවේ. එමෙන්ම එම රටවල වැසියන් විශ්‍රාමික දිවිය ගෙවන ආකාරය සංක්‍රමණික  විශ්‍රාමිකයන්ට සමහර විට නොගැලපේ. එම රටවල ක්‍රමයට හැඳුන සමහර දරුවන් මව්පියන් ගැන සොයා බැලීම ඔවුන්ගේ ප්‍රධාන කාර්‍යයක් ලෙස නොසලකයි. එවිට ඔවුන් සමහරක් මහත් අපහසුතාවයකට පත්වේ. තරුණ කාලයේදී විදෙස් ගත වීමේ ආදීනව ඔවුන්ට වැටහෙන්නේ එම කාලයේදී බව මගේ හැඟීමයි. එවන් හැඟීම අලලා මා ලියූ ගීයක්  පහත විඩියෝවෙන් බලන්න.


ඉපදී උණුසුමෙ පින්බර ලක්බිම
ඒ සුව විඳිනට පින්මදවී
සීතල නොරටක මුල්ලක ගුලිවී
සිතින් සරන්නෙමි උපන් බිමේ//

සෙව්වා පෙරදා පතමින් හිත සුව
පුරවැසියන් වී ඈත රටේ
දරුවන් ලොකුවී වුන් තව දුර ගොස්
පාළු රටක දැන් අපි තනිවී.....

මුණුපුරු මිණිපිරි දරුවන් මෙහිදා
ආපහු යන්නට බැරි හින්දා...
ආමග සිතමින් තෙත්වුණ දෙනෙතින්
පින්බිම මතු උපනට පතමී..


සංගීතය සහ ගායනය : විශාරද ජගත් වික්‍රමසිංහ
පදරචනය : ඉයන් ලින්තොට









73 comments:

  1. සිංදුව සහ එහි අරුත හොඳයි...
    නමුත් සංගීතය මගේ සිත් ගත්තේ නැහැ...

    මගෙත් බැචාලා බහුතරයක් ඉන්නේ එක එක රටවල, සමහරු එක්ක චැට් එකක් දාන වෙලාවක කවදද ඇවිත් යන්න එන්නේ කියල ඇහුවම දෙන උත්තර ඇහුවම මුන් මොකට ඒ ඒ රටවල ඉන්නවද කියන එක තේරෙන්නේ නැහැ...
    "එන්නේ කොහොමද බන් ටිකට් එක අච්චරයි, මෙච්චරයි" කියනවා. ෆැමිලි එකම එන්න ගියාම එන එක ලේසි නැහැ කියනවා...
    තව මේ වගේ සිද්ධි සෑහෙන තියෙනවා...

    දැනට අපේ කන්න බොන්න කොහේ හරි යන්න ලංකාවේ ඉතුරුවෙලා ඉන්න සෙට් එකේ මතය තමයි "මයිග්රේට් කරන්නේ නැහැ" කියන මතය...
    ඒ ඉතුරුවෙලා ඉන්න කීප දෙනා දුකේදී සැපේදී බිස්නස් වැඩ වලදී එකට සහයෝගයෙන් වැඩ කරගෙන ඉන්නවා...

    එතනින් රැකියාවක් නොකර තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන ඉන්න මිත්‍රයෙක් සම්බන්ධ හොඳ සිද්ධියක් තියෙනවා...
    උගේ අක්කා ඩොකෙක්, මස්සිනා කලේ ඉලෙක්ට්‍රොනික් අයිටම් රිපෙයාර් කරන ෂොප් එකක්...
    මෙහෙ ඉඳල වැඩක් නැහැ කියල උන් දෙන්න පොඩි එකාවත් අරගෙන මගේ යාළුවගේ විරෝධතාව මැද ඔසී ගියා...
    ලංකාවේදී හිටියට වඩා ගොඩක් සැප පහසුකම් මැද අළුත්ම වාහන දෙකක් එහෙමත් අරගෙන අවුරුද්දකට ලක්ෂ ගානක් ඉතුරු කරගෙන ඉන්න බව මස්සිනා මගේ යාළුවා එක්ක කිව්වලු. ඒ කියන අතරේ යාළුවගේ මස්සිනා යාළුවට හැමදාම වගේ කියනවලු "මල්ලි ලංකාවේ ඉඳලා වැඩක් නැහැ, මෙහෙ අරමයි, මෙහෙමයි" කියලා...

    ඔහොම ටික කාලෙකින් අර මස්සිනාගේ අම්ම හදිස්සියේ මිය ගිහින් තිබුනා, එයා තමයි ඒ පවුලේ එකම ළමයා...
    එහෙම වෙලත් තමන්ගේ අම්මගේ මළගෙදරට ඒ මිනිස්සුන්ට එන්න ලැබුනේ නැහැ, හදිස්සියේ නිවාඩු ගන්න බැරි හරි මොකක්දෝ හේතුවක් කිව්වලු...
    අන්තිමට මගේ යාළුවා තනියම මළ ගෙදර වියදනුත් දරාගෙන අර අම්මගේ අවසන් කටයුතුත් කරලා, ටික දවසකින් මාත් එක්ක සෙට් වෙච්ච වෙලාවක මගෙත් එක්ක කියනවා "රට නෙමෙයි මොන මළදානේ හිටියත්, සල්ලි සැප සම්පත් නෙමෙයි මොන #$ත තිබුනත් වැඩක් තියෙනවද බං, තමුන්ගේ අම්මගේ මළ ගෙදරට එකම දරුවා වෙලත් එන්න බැරිනම්" කියලා...

    ReplyDelete
    Replies
    1. //සල්ලි සැප සම්පත් නෙමෙයි මොන #$ත තිබුනත් වැඩක් තියෙනවද බං, තමුන්ගේ අම්මගේ මළ ගෙදරට එකම දරුවා වෙලත් එන්න බැරිනම්"//

      ඇත්තටම මුදල් නොමැති කම නිසා මේ වගේ වෙච්ච සිද්දි දෙකක් මම දන්නවා. ස්තූතියි ලොක්ක මියුසික් එක මගෙත් ආසම එක නොවේ.

      Delete
    2. හැබැයි ලොක්ක ඌට සල්ලි තිබිලත් ආවෙ නැත්නං ඒක උගේ ප්‍රශ්ණයක් , මෛග්‍රේශන් නිසා වෙච්ච් එකක් නෙමෙයි නේද?

      Delete
    3. ///හැබැයි ලොක්ක ඌට සල්ලි තිබිලත් ආවෙ නැත්නං ඒක උගේ ප්‍රශ්ණයක් ,///
      අපි දන්නේ නැහැනේ බොස් ඇත්ත තත්ත්වේ, පාළුවෙන් ඉන්න එකේ තමන්ගේ තව සෙට් එකක් ගෙන්න ගන්න දාපු ඇමක්ද දන්නේ නැහැනේ ඔය උතුරන්න සල්ලි තියෙන කතාව...
      මමත් පෞද්ගලිකව දන්නවා ඌව. චා ඩයල් එකක් නෙමෙයි...

      අපේ බැචාලා වෙච්ච Computer Engineering කරපු ඩබලක් ඉන්නවා ඔසී වල පොඩි එකත් එක්ක, දෙන්නම එහෙ ජොබ් කරනවා...
      හැබැයි ඉතින් අවුරුදු හතර පහකටම ලංකාවට ආවේ එක වතාවයි...

      තව ඉන්නවා මේ වගේ උදාහරණ ඇති පදම්...

      Delete
    4. 1990 ගණන් වලදි නම් එක රස්සාවක් කරන පවුලකට ඉතිරි වෙනවා හරි අඩුයි. දෙදෙනෙක් කරනවා නම් හොඳයි. ඒ වුනාට ළමයි බලා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ එනවා.

      Delete
    5. ලොකු පුතා,

      //මොන #$ත තිබුනත් වැඩක් තියෙනවද බං, තමුන්ගේ අම්මගේ මළ ගෙදරට එකම දරුවා වෙලත් එන්න බැරිනම්" //

      අපේ ගොඩක් අය දෙමාපියන්ට සලකන්නේ මැරුණට පස්සේ, මමනම් හිතන්නේ මැරෙන්න ඉස්සලයි සලකන්න ඕනේ

      Delete
    6. //මමනම් හිතන්නේ මැරෙන්න ඉස්සලයි සලකන්න ඕනේ//
      සමහර අම්මල සෑහෙන්න දුක්වෙන අවස්ථාවක් තමයි ඔවුන් මහළු වියේ සිටින විට ළමයින් රට හැර යාම. ඔවුන්ට වටින්නේ දෘවන් එවන සල්ලි වගේ දේවල් නොවේ. ඊට පෙර කාලයට වඩා Skype , Facetime වගේ දේවල් වලින් ටිකක් හරි මේ ළමයින් සහ මුණුපුරන් නොදැකීමේ ප්‍රශ්ණය මඟ හැරෙනවා යැයි මම හිතනවා. බොහොම ස්තූතියි ලංකා

      Delete
    7. ඉස්සර නැවේ නැගිලා පිටරට යනවා කියන්නේ ඉතිං ඥාති මිත්‍රයින් ගැන අදහස අතහැර දානවා කියන එකනේ. එංගලන්තෙට යන්න මාසයක් යනවාලු!

      ලංකාවේ වුනත්, කාලකෙට කලින් සිරීපාදේ හෝ වන්දනාවේ හෝ ගිහින් තියෙන්නේ අන්තිම කැමති පත්‍රයත් ලියලා. ගමනේදී මළොත් මිනිය එහේදී ම වලදාන නිසා.

      මුස්ලිම් නම් අද වුනත්, දුරක ඉඳලා එන්න කියලායැ පැය දොළහක් වගේ ඇතුළත?

      Delete
    8. මම අහලා තියෙනවා ආදි කාලේ මඩු පල්ලි යන්නෙත් දේපල එහෙම ලියල කියල. බොහොම ස්තූතියි රසික

      Delete
    9. //මම අහලා තියෙනවා ආදි කාලේ මඩු පල්ලි යන්නෙත් දේපල එහෙම ලියල කියල//

      ආදි කාලේ විතරක් නෙවේ මීට ටික කාලෙකට ඉහත ලංකාවේ උතුරෙ යුද්ධෙ තියෙන කාලෙ ටෙරාලගෙ ඒරියා එකක තමයි මරද මඩු දේවස්ථානය තිබ්බෙ. ඉතින් එහෙ ගිහින් එනකම් ශුවර් නැහැ කොච්චර සටන් විරාම අනම් මනම් බයිල කිව්වත් එල්ටීටීඊ ටෙරාල කියන්නෙ කිසිම අණක් ගුණක් නැති මහ අලුගෝසු මිනීමරු හැත්තක් නිසා.

      Delete
    10. //ගිහින් එනකම් ශුවර් නැහැ කොච්චර සටන් විරාම අනම් මනම් බයිල කිව්වත් එල්ටීටීඊ ටෙරාල කියන්නෙ කිසිම අණක් ගුණක් නැති මහ අලුගෝසු මිනීමරු හැත්තක් නිසා//

      සටන් විරාම කාලේ ගොඩක් දෙනෙක් මඩු පල්ලි ගියා. මමත් මගේ දෙමව්පියන් සමඟ ගියා. ත්‍රස්තවාදීන් වන්දනා කරුවන්ට හිරිහැරයක් කල බවට නම් ආරංච් නැහැ.

      Delete
    11. නැහැ ඉයන් මම කිව්වේ 2002-2004 සාම ගිවිසුම් කාලෙ නෙවෙයි. ඒ කාලෙ නම් මඩු පල්ලි ගිය වන්දනා කරුවන්ට සෑහෙන හිරිහැරයක් කල බවට නම් ආරංච් නැහැ. නමුත් ඊට පස්සෙ 2005-2009 වගේ කාලෙ මඩු වන්දනාවට තාවකාලිකව සටන් විරාම ප්‍රකාශයට පත්කලා මතකද? ඒ දවස්වල තමයි භයානක කාලෙ.

      Delete
  2. //"එන්නේ කොහොමද බන් ටිකට් එක අච්චරයි, මෙච්චරයි" කියනවා. ෆැමිලි එකම එන්න ගියාම එන එක ලේසි නැහැ කියනවා...
    තව මේ වගේ සිද්ධි සෑහෙන තියෙනවා..//

    එහෙම අමාරුවෙන් සිරි ලන්කාවට ආවාම ෆස්ට් විසිට් එක අපි ලඟට.... සියලු පැච් වර්ක් කොරගන්න..... මොකොද එහේ එම ප්‍රතිකාර ඔවුන් ට දරා ගත නොහැකි වියදමක්!

    ReplyDelete
    Replies
    1. හෙ හෙ ඒකනම් ඇත්ත

      Delete
    2. /// සියලු පැච් වර්ක් කොරගන්න....///
      පට්ටයි සරසෝ...

      මම රස්සාවක් කරන්න රට හිටපු අවුරුදු දෙකහමාරේ අපිට නම් ෆුල් ඔප්සන් තිබ්බ නිසා ගැටළුවක් තිබ්බේ නැහැ...
      ඔක්කොම ප්‍රතිකාර කවර් වෙන විදිහේ ඉන්සුරන්ස් එකක් කම්පැණි එකෙන් දීල තිබුනා, ලංකාවේදී ඉන්සුරන්ස් වලින් නොදෙන දත් සම්බන්ධ පැච් වර්ක් කටයුතුද ඇතුළුව...

      ලංකාවට ඇවිත් ට්‍රීට්මන්ට් එකක් ගත්තත් ඒවා ක්ලෙම් කළහැකි...

      Delete
    3. කතාවනම් සහතික ඇත්ත , ලංකාවට ගොඩ බහින්නෙ අයියෙ දත් දෙකක් තියනව බං රෙපයාර් කරන්ඩ කියාගෙන.

      Delete
    4. ගොඩ බැසූ දිනයට පසු දින දන්ත වෛද්‍යවරු සොයා යාම මමත් කර ඇත.

      Delete
  3. හිතලා බලන්න දේවල් ගොඩක් තියනවා. සංස්කෘතීන් අතර, පරම්පරා අතර, ඇතිවන වෙනස, ගැටුමක් නොවන ආකාරයට කළමනාකරණය කරගැනීම, බොහොම අමාරුයි. කොහොම වුනත්, ලෝකය දැකබලාගැනීම හොඳයි. නමුත් මැරෙන්න සුදුසුම තැන අපේම ගෙදර.

    ReplyDelete
    Replies
    1. //නමුත් මැරෙන්න සුදුසුම තැන අපේම ගෙදර.//
      100% agree

      Delete
  4. මේ නම් පරම සත්‍ය යයි. ඉන්න හිතෙන්නෙත් නෑ. යන්න විදිහකුත් නෑ ලංකාවේ ඉන්නකොට යි ලංකාවෙන් පිටත ඉන්න කොටයි දෙකම එකයි මේකටද තන්හාව කියන්නෙත්

    ReplyDelete
    Replies
    1. බැඳීම් හලන්න බැරිකම. බොහොම ස්තූතියි ඇනෝ.

      Delete
  5. ගීය ජගත්ට වඩා වයසක හඬක් තියෙන හඬකින් ගායනා කලා නම් හොඳයි...

    උපන් රටේ ජීවත් වෙන තරම් ප්‍රීතියක් තියෙනවද දිවිය ළෝකේ ජීවත් උනත්...

    අනෙක් ප්‍රධානම දේ අපේ අයට පරිසරයට අනුකූලව ජීවත් වෙන්න බැරි කම.. මම හිතන්නේ ඒක ජාන වල තියෙන ලෙඩක්... දුර්වලතාවයක්... මොකෝ පරිසරය වෙනස් උනා කියලා, චින්තනයවත්, හුරු පුරුදු වත්, කෑම බීම වත් වෙනස් නොකරන නිසා...

    ඒ නිසා අන්තීමට ඒ රටේ මිනිස්සුත් නෑ... මේ රටේ මිනිස්සුත් නෑ...

    ReplyDelete
    Replies
    1. //ඒ නිසා අන්තීමට ඒ රටේ මිනිස්සුත් නෑ... මේ රටේ මිනිස්සුත් නෑ...//
      කොහොමත් සංක්‍රමණිකයන්ගේ දෙවෙනි පරම්පරාව තමයි එහාට හැඩ ගැහෙන්නෙ. සංක්‍රමණික පරම්පරාව අනාථ වෙනවා යම් දුරකට.

      Delete
    2. දිව්‍ය ලෝකෙ උනත් උපන් රට උපන් ගම උපන් ගමේ පොල් ගහක් යට ඉන්නවා වගේ සැපක් නැතිවෙයි.මයිග්‍රේට් වෙන්න අවස්ථා ගණනාවක් තිබිලත් අත් ඇරියෙ ඔය නිසාමයි.මම ගොන් රජෙක් කියලත් යාළුවො කිව්වා.මාත් හිතාගෙන හිටියෙ මම ගොනෙක් කියල.එහෙම නෙවෙයි කියල දැන් හිතෙනවා.රජ කට්ටක් කාගෙන උනත් තමන් ඉපදුන රටේ නෑදෑයෝ යාළු මිත්‍රයො අතරෙ ගහ බැනගෙන ඉන්න එක සැපයි නේද බං.

      Delete
    3. //රජ කට්ටක් කාගෙන උනත් තමන් ඉපදුන රටේ නෑදෑයෝ යාළු මිත්‍රයො අතරෙ ගහ බැනගෙන ඉන්න එක සැපයි //
      හරියටම හරි හැලපේ. ඒක තේරෙන්නෙ එහෙදිම තමයි

      Delete
  6. මටත් හිතෙන්නේ මේ ගීතයේ තනුව තරමක් ප්‍රථමික මට්ටමට ලඟයි කියල, ගායන සහ පද රචණය හොඳ මට්ටමක තියෙනවා ,
    ඔය හැම ප්‍රශ්නෙකටම හේතුව තියෙන තත්වයන්ට අනුව හැඩ ගැහෙන්න මිනිස්සු දක්වන අකමැත්ත. ඒ වගේම අපි පුරුදු වුන රටාවෙන් පිටට යන දක්වන මැලිකම

    ReplyDelete
    Replies
    1. //ඔය හැම ප්‍රශ්නෙකටම හේතුව තියෙන තත්වයන්ට අනුව හැඩ ගැහෙන්න මිනිස්සු දක්වන අකමැත්ත.//
      ඒකත් හරි ඉවාන්. එහෙ ගිහිල්ලත් කරෝල සහ සම්බෝල සමඟ බත් කන අය බොහෝයි. ඒ වුණාට එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එක තමයි ප්‍රධානම ප්‍රශ්ණය.

      Delete
  7. ඉයන්, තණකොළ නිල් නෙවෙයි කොළ පාටට නේද පේනවයි කියන්නෙ? ...:)

    " The grass is always greener on the other side "

    ReplyDelete
    Replies
    1. ඔව් රවී වැරදුනා. නිල්ල කියන එක නිල් කියල ටැපළුනා. බොහොම ස්තූතියි.

      Delete
  8. ඔය ඉතින් එතනත් බයියන්ටනේ කෙලියේ තනකොල නිල්පාටයි කියල

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අටම්

      Delete
  9. ශු ෂු ....වයසට ගිය විට ඔහොම වනවා. අර පැන්සෝන් ගිය ලොක්කට වෙලා තියෙන්නෙත් ඕකමයි

    ReplyDelete
    Replies
    1. තරුණ අයටත් මේක බලපානවා. මෙහෙදි ළමයි බලාගන්න එහෙම අම්මලා ඉන්නවා. එහේ නැහැ. උපන්දින උත්සවයකට වත් නෑදෑයෙක් නැහැ. එහකොට මේක තේරෙන්න පැන්සන් යන්නම ඕන නැහැ.

      Delete
    2. //දුවත් දෙමළෙක් එක්ක පැනලා ගියානේ// ඉතින් අපිට පාන්ද??????????

      Delete
  10. ගීයෙ පදවැල් ටිකට නම් මම ආසයි. සඟීතය වගේම ගායනයත් හිතට ඇල්ලුවෙ නෑ.
    පිට රටක ජීවත් වීමට මගේ කිසිම කැමැත්තක් කවදාවත් තිබුනෙ නෑ , කොටින්ම තේ පදුරක් ඇගේ ගෑවෙන්නෙ නැතිව මාස දෙකකට වඩා කොහෙවත් ඉන්න බැරි වෙයි. ගෙදර මතක් වෙයි, කමත ,කුඹුරෙ පැල, ඔය , එල්ලෙ ගහන යාළුවො ටික ..අනේ DCSL කොම්පනිය මතක් වෙලා මැරෙයි.
    අයියෝ කියල හිතෙන්නෙ මැරිච්ච එකා ඉද්දි කරපු කතා කියකියා අරක්කු ටිකක් බිබී වල කපන එවුන් කපපු වලේ වැලලෙන්ඩවත් නෑනෙ කියල හිතන කොට.

    ReplyDelete
    Replies
    1. .//.අනේ DCSL කොම්පනිය මතක් වෙලා මැරෙයි.//
      හෙහ් හෙහ් යමක් නොකියා සිටිමි. දැන් නම් ඕවා එහෙත් තියෙනවා. හැබැ එක බෝතලේකින් බෙහෙත් වගේ පොඩ්ඩ පොඩ්ඩ බෙදපු අවස්ථාවකුත් දැක තියෙනවා.

      Delete
  11. බලාගෙන ගියාම ගීත රචකයෝ ගොඩක් ගැන දැනගෙන ඉඳල නෑනේ. අද රසික ලියපු සිංදු කිහිපයකුත් ඇහුවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉකොන් , මා ලියූ ගී Catagory eken අනික් සිංදු කීපයත් හැකිනම් අහන්න.

      Delete
  12. ඉයන් මේ ඔබ ගීතය භාෂි මධුභාෂිනීවලවා රොක් මියුසික් හඬින් කරවන්න බැරිද එක පාරකට හරි

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරන්නම ඇනෝ. බොහොම ස්තූතියි

      Delete
  13. වියට්නාමයේ අව්රුදු 03ක් හිටියා. යුරෝපේ, අරාබියේ වගේ නෙවෙයි අපිට ලොකු පිළිගැනීමක් ලැබුණා..හැබැයි ඒ මිනිස්සු ලංකාව කියල රටක් ගැන දන්නේ නෑ. "අන්ඩෝ "(ඉන්දියන්) කියල තමයි මුලින්ම කථා කරන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලලිත්

      Delete
  14. මේ ගැන බොහො කතා කියන්න පුළුවන්.
    ඩ්‍රීම් ලැන්ඩ් යන්න බහුතරයක් කැමතියි බහුතරයක්. ඒක ඇත්ත. ඒක තමන් අත්දැකීමෙන් විඳිනකම් පිළිගන්න සූදානම් නෑ.
    ඒත් බහුතරයක් අද වෙනකොට දන්නවා නිල්ලේ පිරිච්ච ක්ශේම භූමි නෑ කියලා. විශේසයෙන් තරුණ පරපුර. ඒ අයට ඕනෙ කොහොමහරි ලංකාවෙන් යන්න. ඒකට ඔවුන්ට දොස් කියන්නත් බෑ. නිදහස, අනෙකාට ගරුකිරීම විතරක් නෙමෙයි ලංකාවේ අද වෙනකොට ජීවත් වෙන්න අමාරුඉ. ඒක ආර්ථික ප්‍රශ්නම කියන්න බෑ.
    ඒ අය හොයන්නේ ජීවිතය වෙන්න ඕනේ. ඒකම මෙහෙ ඉන්න අපිත් හොයන දෙයක්.

    මොනවා වුනත් ලංකාවෙන් මයිග්‍රේට් කරන මිනිස්සු හීන කතා කියන්න හරි දක්ශයි. එනකම් උඩ පනිනවා වෙන රටකට යන්න ඕනේ ලංකාවෙ ඉන්න බෑ කියලා. ආව දවසේ ඉඳන් අවුරුද්දෙන් දෙකෙන් ලංකාවට සෙට්ල් වෙන්න යන කතා. කියන්නේ ඉතින් අපොයි අපි ලංකාවේ හිටියේ නිකම් ඩ්‍රීම් ලෑන්ඩ්ස් වගේ කියලා.

    විදේශිකයන්, එහෙමත් න්Aත්නම් බහුතරයක් ස්‍රී ලංකන් ලා එක්ක කතා කරලා මම දැන් හිතන්නේම මට විතරක් ක්ශේමභූමියක් හම්බ වුනේ නෑ කියලා.
    අපි මාර මාවලස් ජාතියක් අප්පා...

    ReplyDelete
    Replies
    1. //එනකම් උඩ පනිනවා වෙන රටකට යන්න ඕනේ ලංකාවෙ ඉන්න බෑ කියලා. ආව දවසේ ඉඳන් අවුරුද්දෙන් දෙකෙන් ලංකාවට සෙට්ල් වෙන්න යන කතා. //

      අනන්තවත් අසා ඇත. යනකම් ලංකාවේ වැරදි. ගිය පසු ලංකාවේ හොඳ.

      Delete
  15. අන්න ඒකයි.. කොහෙ හරි ගිහින් සල්ලි ගහ හොල්ලලා ආවනම් ඉවරයි...
    ගිහිල්ල කරවල බැදුමටයි පොලොස් ඇඹුලටයි හූල්ල හූල්ල රහක් නෑ නෙව..
    ළමයි යවනවා නම් ඉගෙන ගන්න කාලෙම ගෙනිහිං දැම්මනම් ඉවරයි.කොහොමත් තනියෙන් වැඩ ටික කරගන්න එපැයි.
    ලස්සනයි වචන ටික.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආ... කියන්න බැරි උනා.. සංගීතෙ හදනකොට එයයිගෙ ඔලුවෙ දෙමල ඩයස්පෝරා සීන් එකක් කැරකිලාද දන්නෑ.. ලොකුවට කර්ණාටක ටච් එකක් අරන් තියෙන්නෙ.

      Delete
    2. ළමයි ඇරියත් ආපහු එන විදිහට ඇරියොත් තමා හොඳ. නැත්නම් කොන් දෙකක ඉන්නකොට මෙහෙ ඉන්න අයට පාළුයි.

      Delete
  16. බොහොම කෙටි කාල කිහිපයකට 'සියලු පහසුකම් සහිතව' පිට රටවල් කිහිපයක ගිහින් ඉඳලා තියෙනවා රාජ්‍ය අනුග්‍රහයෙන්.. අනේ.. කොච්චර උනත් ආපහු ලංකාවට ඇවිල්ල අඩිය ගැහුවම තියෙන සනීපේ කියලා වැඩක් නෑ. ඒකනේ බැන බැන හරි මෙහෙම ඉන්නේ.. අම්මප අපි වගේ හිතන එවුන්ව දිරිමත් කරන්න වැඩසටහනක් කවද මොන ආණ්ඩුවෙන් හදයිද මන්දා. දැනටනම් ඔක්කොම වෙන්නේ කලකිරෙන පැත්තට.. බලමු තව කි දවසක් කාගෙන ඉන්න පුළුවන් වෙයිද කියල.. බරිමනුනොත් ඔන්නොහෙ දමල ගහලා පවුලත් අරන් යනවා යන්න වෙන රටකට..
    සින්දුවේ පද ටික හොඳයි.. එත් අදහස ගායනයෙන් හා සංගීතයෙන් ඉස්මතු වෙන්නේ නෑ හරියට..

    ReplyDelete
    Replies
    1. //කොච්චර උනත් ආපහු ලංකාවට ඇවිල්ල අඩිය ගැහුවම තියෙන සනීපේ කියලා//
      හැමෝටම දැනෙන දෙයක්, ස්තූතියි කමියෝ

      Delete
  17. දෙපැත්තම බැලන්ස් කරල ලිව්වා ලිපියක් ඉයන්. ගොඩක් බටහිර රටවලට එන අයට ලැබෙන වැදගත්ම දෙය තමා හොඳ පුරුදු ඇති කරගන්ට ලැබීම. වෙලාවට රස්සාවට යන එක. (පළවෙනිම දේ). නීති රීති පිළිපැදීම. තමන්ගේ දේ තමන්ම කරගැනීමට හැකි වීම. අනිත් මිනිස්සුමත යැපීමට නොහැකිවීම. සියලුම දෙනා එකහා සමානව සැලකීම.

    මගේ අත්දැකීම් අනුවනම් ඉයන්, ගොඩක් හොද ගතිගුණ හදාගන්ට අවස්ථාවක් ලැබුන.

    එත් බටහිර රටවල ජීවත් වෙන, ඒවගේම ඒරටවල ඉපදිලා අද්‍යාපනය ලබල ජීවත් වෙන ආසියාතික විශේෂයෙන්ම (ලංකාවේ අය ගැන අත්දැකීම් අඩුයි. ඒත් මම ආශ්‍රය කරන ලංකාවේ දෙන්නම 100% හරි කියල මම කියනවා) බංගලි පකිස්තාන් සහ ඉන්දියානු මිනිසුන් ගැන කියනවනම් 95% ක ගෙනම ටිපිකල් ආසියානු සක්කිලි ගතිගුණ ලේ වලින්ම උන්ට ලැබිල තියෙනව.

    රේසිස්ට් සුද්දන් හිටියත් ගොඩක් අය බොහොම කරුණාවත් වචනයකින් හරි උදව්වට එන මිනිස්සු.

    අනික කාලය මදි කමින් ගොඩක් වෙලාවට පවුලේ දෙමව්පියන් සහෝදරින් සමග සම්බන්දකම් අඩුවෙන එක ගොඩක් වෙලාවට ඇති වෙනවා.

    අවසාන වශයෙන් මචෝ, මම ජිවත් වෙන මගේ හැටියටනම් දෙමව්පියන් වයසට ගියාට පස්සේ රටවල ජිවත් වෙන ගොඩක් අය කරන්නේ ලංකාවට ගිහින් එයාලව ලංකාවේ හොඳම දොස්තරලා ලඟට එක්කරන් යන එකත් අවුරුදු හතර පහකට සැරයක් ගිහින් ජෝගි දාල ලොකුව පොෂ් එක පෙන්නන්නෙ නැතිව, දෙමාපියන්ට යමක් කමක් කරගන්ට පුළුවන් කාලේ ඔවුන්ව සන්තෝසෙන් තියන එක තමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ටිලාන්. ආදරයෙන් පිලිගන්නවා. දරුවන්ගේ සැලකීම තියෙනවනම් මව්පියන්ට වෙන මොනවත ඕන නැහැ. විශේශයෙන්ම දියුණු රටවල වයසක අයට දීමනාවක් ලැබෙන නිසා ජීවත් වීම අමාරු නැහැ. ඒ වුනාට දරුවන්ගෙන් සැලකීම නොලැබෙනවානම් ඔවුන් තනිවෙනවා.

      Delete
  18. ~~දුරු රට වෙසෙමි මව්පියෝ නොදැක මෙමා~~~2015/ 3/14 mama liw kawi tikak
    1.
    නෙත් අග කඳුළු මට රහසින්........... මතුවෙනවා
    අත් දෙක නොදැනි මගෙ හිස මත.... නවතිනවා
    මව් පියො නොදැක මේ කාලය...... ගතවෙනවා
    නින්දෙදි පවා මව් සෙනෙහස .........සිහිවෙනවා...
    ..
    2.
    බිව් කිරි වලට වන්දිය වත් නැහැ ගෙවූයේ
    සිප්කිරි පෙව්ව මව් වරු කොයිබද සෙවූයේ
    මං නිති විවිරණය කෙළෙසද .... පැතූයේ
    සිල්පද රකින මුත් පිංකම නැත .... ලැබූයේ
    ...
    3.
    එක පත අනා ගුලි කර රසකර .......... කැව්වා
    දිව රෑ වෙහෙස වී නිති අප ගැන.......... හෙව්වා
    නිසි මග යනෙන හැටි ගිනි වතුරින්........ පෙව්වා
    අමතක නොවෙයි නිවසෙම සුර ලොව.... මැව්වා

    4.
    අත් තටු ලදිමි ඉගිලී යන්නට...... පතලා
    ලත් දිවි විඳිමි ජය දද පෙරටුව........ තබලා
    සද්දෙට කියනවද "මගෙ රන් පුතෙ " කියලා
    කොට්ටෙම තෙමෙනවා අම්මේ ඉකි බිඳලා
    ....සුබපතමි අගේට ලියා ඇති වර්තමාන ගැටළුවක් ගැන ඔබ ලියා ඇති ආකාරය ගැන. ගොන් කමෙන්ටුවක් නම් කියන්න එපා රසියිකොලජිස්ට් එකෙ රිප්ලයි කරලා තිබුනෙ එහෙම

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සන කවිපෙල, ප්‍රියන්ති. හරිම සංවේදී. කඳුලක් ආවා. බොහොම ස්තූතියි. මේක ගීතයකට පද රචනයක් ලෙස ලියා දුන්නොත් ගීතය නිම කර දෙන්නම්.

      Delete
  19. මගේ නම් අදහස මේකයි.

    උපන් රටේම හිටියත් ප්‍රශ්න නැතුව හැමදාම එක වගේ සතුටෙන් ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනාද?

    ඒ අයම තමයි සංක්‍රමණය කරලා ඉන්නේත්. ඉතිං, ඒ ප්‍රශ්න ඒ විදියටම අවු ඬැඩි වශයෙන් තියෙනවා. අර මැස්ලෝ ගේ තියරියත් බලපානවා නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රසික. මගේ උත්සාහය සංක්‍රමණයේ හොඳ නරක හුවා දැක්වීමට නොවේ. එය එක් එක් කෙනා අනුව වෙනස් වනවා. සංක්‍රමණය කරන පරම්පරාවේ අය මහළු වූ විට තනි වීම සිදු විය හැකියි. එමෙන්ම ඉන්නවාද ලංකාවට යනවාද කියන එක ගැන dilemma එකක් ඇතිවීමට ඉඩ තියෙනවා. මේ ඒ කරුණ ගැන මගේ සිතිවිලි.

      Delete
  20. මට නම් තණකොළ පේන්නෙම කොළපාටට...:P

    ReplyDelete
    Replies
    1. සමර් එකට කැන්බරා පැත්තට ගිහින් බැළුවොත් දුඹුරු තණකොල දකින්නත් පුළුවන්. බොහොම ස්තූතියි පොඩ්ඩි.

      Delete
    2. කිසිම බාහිර බලපෑමකින් තොරව කමෙන්ට් කලාට ස්තූතියි. හැක්.

      Delete
  21. නිල් පාට තණකොල headline එක දැක්ක ගමන් හිතුනේ නිල් පාට, කොළ පාට, අලි සහ අත් ගැන කතාවක් කියල. සිංදුවේ ගායනය සහ පදමාලාව නම් හොඳයි ඒත් තනුවනම් මට එච්චර ඇල්ලුවේ නෑ.

    ඔය පිටරට වාසයට යෑම හොඳද නරකද කියන දේ තම තමන්ගේ හැකියාව, අවශ්‍යතා, වගකීම් සහ අරමුණු සමග තීරණය කලයුතු දෙයක් කියලයි මට හිතෙන්නේ. අධ්‍යාපන සහ රැකියා සුදුසුකම් මත මටත් එතරම් අපහසුවක් නැතිව skilled migration කරන්න පුළුවන්. එත් බොහෝ කාරණා නිසා මමත් ඉන්නේ මේකෙම වැටිලා මැරිලා යනවා කියන අදහසින්.

    අර හැලපේ උඩ කියලා තියෙනවා වගේ කට්ටක් කාගෙන උනත් තමන් ඉපදුන රටේ ඉන්න එක සැපයි කියල හිතන එකෙක් මං.

    ReplyDelete
    Replies
    1. ඔබ සමඟ එකඟයි උදය. මගේ අදහස නම් සංක්‍රමණයේදී පලමුවෙනි පරම්පරාව මහළු වයසේ තනි වෙනවා කියන එකයි. බොහෝ විට එම රටේ ඉපදී හෝ හැදී වැඩෙන දෙවන පරම්පරාවේ සිට එම ප්‍රශ්ණය එන්නේ නැහැ.

      Delete
  22. සංචාරය කිරීමේ අරමුණකින් මිස විදේශයක පදිංචි වීමේ අරමුණක් නම් මා තුලත් නැහැ.දන්නා කියන අපේ උන් එක්ක ඉන්නවාට වඩා සැපක් පිට ගිහින් කොහේද ?හැබැයි ඉතින් සංක්‍රමණය වන සමහරුන් එසේ සංක්‍රමණය වන්නේ මේ රටේ ඉන්න නොහැකි යම් හේතු කරණා නිසානේ.එවැනි අයතමන් යන රටේ සංස්කෘතිය සමගින් හැඩ ගැසීම වඩා යහපත් බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. //සංක්‍රමණය වන්නේ මේ රටේ ඉන්න නොහැකි යම් හේතු කරණා නිසානේ//
      ඒ කියන්නේ අර ප්‍රේමදසගේ කාලේ , රාජපක්ශගේ කාලේ පැනලා ගිය ජර්නලිස්ට්ලා ගැනද? බොහොම ස්තූතියි මනෝජ්.

      Delete
  23. දියුණුයයි කියන රටවල තියන ලොකුම හොඳක් තමයි ඉන්ෆ්ලුවන්ස් එකක් නැතුව වැඩක් කරගැනීමේ පහසුව. තනියෙන්ම වගේ ඉන්න එක්කෙනෙකුට හෝ වයසක කෙනෙකුට වුනත් වැඩක් කරගන්න ඇඳුරුම් කමක් හෝ තවත් කෙනෙක්ගේ උපකාරයක් හොයාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැතිවීම සහ ගෙවන බදු මුදලට සෑහෙන පහසුකම් ලැබීම.

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ පිළිගනිමි.

      Delete
  24. හොඳ පෝස්ට් එකක් සහ පද මාලාවක්. ඔබේ අත්දැකීම් ඇසුරින් ඉතාම ලගන්නසුලු විදිහට ලියලා. ඕක තමයි ඇත්ත කතාව ඉයන්. ගොඩක් මිනිස්සු ලංකාවෙ පට්ට ගෝතික අමු ජාතිවාදියො ඉන්නෙ කිය කිය බැන්නට මෙහෙ තියෙන හොඳ දේවල් ටික පේන්නෙ පිට ගියාම තමයි. කොහොම වුණත් මේ ගීතය ජගත්ගේ ලාමක බොළඳ හඬ එක්ක මැච් වෙන්නේ නැහැ වගෙයි මටනම් හිතෙන්නෙ. මේක තනුව වෙනස් කරල ඔපෙරා ස්ටයිල් එකකට ගැයුවොත් කොහොමද? කිශානි වගේ සම්මානලාභී ඔපෙරා ගායිකාවක් ලවා වියපත් මවක් ගයන දුක්බර ගීයක් ලෙස ඉදිරිපත් කලානම් සුපිරියට තියෙයි. (සුළු වෙනස්කම් ටිකක් නම් කරන්න වේවී). කරුණා රසය ජනිතකරවන ශෝකී ඔපෙරා ගීවලින් රසිකයින් හැඬවිය හැකියි. හැකිනම් මේ ගැන සිතා බලන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. අර දන්නෝ බුදුන්ගේ එකේ අළුත් වර්ශන් එක වගේ වෙයිද දන්නෙ නැහැ. ටිකක් වයසින් වැඩි කෙනෙක් කිව්වනම් හොඳයි තමයි.

      Delete
    2. "දන්නෝ බුදුන්ගේ" අලුත් වර්ශන් එකට කේස් වුණේ කාරණා කිහිපයක් නිසා.

      01. එම ගීතය රටපුරා චිරප්‍රසිද්ධ වූ පාසැල් වල සංගීත විෂයයට ඉගැන්වූ බොහෝ දෙනාට කණට හුරුවූ සුවිශේෂී ගීතයක් වීම.

      02. එබඳු ගීයකට අලුත් වර්ශන් එකක් ඉදිරිපත් කිරීමට නුසුදුසු ජාතික උත්සව අවස්ථාවක විසංවාදී ලෙස ඉදිරිපත් කිරීම.

      03. සාමාන්‍යයෙන් ලංකාවේ හිතට වදින මෘදු බෞද්ධ ගීත හිඟය නිසා බොහෝ බෞද්ධයෝ මෙය බොදු ගීයක් ලෙස සලකා වෙසක් උත්සවය ආදී බෞද්ධ උත්සව වලට යොදා ගනිති. බෙග් මාස්ටර්ගේ හයි-පිච් ගීතවලට වඩා අමරදේවයන්ගේ හඬින් ගැයෙන එම ගීය ඉතා මිහිරිය.

      04. නිදහස් උත්සවයට කිසිසේත්ම ඍජුව අදාළ නොවන එම ගීය රීමික්ස් කොට ගැයීමෙන් නිකන්ම දෙබරයකට ගල් ගසාගැනීමක් සිදු විය.

      කෙසේ නමුත් මෙබඳු අලුත් ගීයක් නව ආරකින් නිසි පරිදි ඉදිරිපත් කලොත් සාර්ථක වනු නිසැකය. ලංකාව අලුත් දේ ඉදිරිපත් කිරීඑමට හොඳ තැනකි. හිපොප්, රෙගේ ආදී ශෛලීන් අනෙක් දකුණු ආසියානු රටවලට වඩා ඉතා ඉක්මණින් ලංකාවේ ජනප්‍රිය වුණා. මේ නිසා මේ උත්සාහය සාර්ථක වනු ඇති බව මගේ මතයයි. අනෙක ඔපෙරා ගීවලදී හඬින් වයස තෝරා ගන්නත් ඉතාම අපහසුයි. ඉතින් තරුණ ගායිකාවට වයසක මවක ලෙස වුවත් ඉදිරිපත් කල හැකියි.

      Delete
    3. බොහොම ස්තූතියි ඇනෝ කාල වේලා අරන් අදහස ඉදිරිපත් කිරීම ගැන. මම මේ ගැන සිතා බලන්නම්.

      Delete
  25. මම සංගීතයට කැමතියි. සින්දු වේ අන්තිම පේලිය //ආමග සිතමින් තෙත්වුණ දෙනෙතින්
    පින්බිම මතු උපනට පතමී..// ට මම එකඟ වෙන්නේ නැහැ. බෞද්ධයෙක් හැටියට ඉපදිය යුත්තේ තමන් උපන් රටේම කියල බැඳීමක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. මම නම් බොරු කියන්න ඕනේ නැහැ. මට නම් මේ ඉන්න හොඳයි. මට දුක දෙමාපියෝ හා සහෝදර සහෝදරියෝ ගැන. උන් එන්නේ නැති නිසා. අවුරුදු දෙහකට සැරයක් ලංකාවට ඇවිත් යනවා. අපිට පින් මදි නිසා මේ රටක ඉන්නවා කියන එක කොහොමත් පිලි ගන්න බැහැ ඉයන්. මෙහෙම ඉන්නේ තමන්ගේ කැමැත්තන් මමනම්.

    ReplyDelete
    Replies
    1. ඔබ සමඟ එකඟයි. මේ සිතිවිල්ල ඔබේ වයසේ කෙනෙකුගේ නොවේ. දරුවන් විවාහ වී වෙන්වී ගිය පසු විශ්‍රාම ගොස් තනිවී සිටින සංක්‍රමණික පරම්පරාව ගැනයි.

      Delete
    2. ඔය ප්‍රශ්නය මම කල්පනා කලා. ඒක ගැන ලිපියක් ලියන්න ඕනේ. ඔය වගේ කට්ටියක් ඉන්නවා. දවස් 7ම වැඩ කරනවා. අඩුම ගානේ ලන්ඩන් බලන්නවත් යන්නේ නැහැ. සීමිත ආශ්‍රයක් තියෙන්නේ මිනිසුන් සමග.. යන්නේ සිංහල අවුරදු උත්සවයකට හෝ පන්සලට පමණයි. මුදල් ඉතිරි කරගන්න ලාභ ගෙවල් වල හිරවෙලා ඉන්නවා. නැත්නම් ආණ්ඩුවෙන් සල්ලි ගන්නවා. එහෙම අරන් බදු නොගෙවා හොරෙන් වැඩ කරනවා. ලංකාවේ නෑදෑයන්ට පේන්න ලොකුම ලොකුම ලොකුම ගේ හදනව ලංකාවේ . ඒකෙ ගිහින් සුමානයක් ඉඳල එනවා අවුරුදු කීපයකට සැරයක්. ළමයින්ට උගන්වනවා කොහොමහරි. ඒක හොඳ දෙයක්. නමුත් ඉගෙන ගත්ත ඒ ළමයි අන්තිමට දෙමාපියන් ගේ ජිවන ශෛලිය ප්‍රතික්ෂේප කරලා වෙන ජාතියකින් හෝ සමහර විට බැඳලා යන්න යනවා. ගෙවල් පැත්තේ අම්මා තාත්තා බලන්න එන්නේ නැහැ. ඒක වැරදි තමා. නමුත් රෝමයේ ජිවත් එනකොට රෝමන් කාරයෙක් නොවුනත් අඩුම ගානේ ටිකක් වත් ඒ විධිහට ජිවත් වෙන්න ඕනේ. හැබැයි දැන් ලංකාවෙන් ආපු දෙවන පරම්පරාව එහම නැහැ. ඔය තත්වය වැඩිපුර ඇතිවී තියෙන්නේ පළමු පරම්පරාවේ. වයස්ගත ඒ අය ලංකාවට කැමතියි. නමුත් ඇත්තම කියනවා නම් එනගලන්තේ මහලු අය ට තියෙන වාසි වැඩියි ලංකාවේ ඉන්නවට වැඩිය. බෙහෙත් නොමිලේ. වෛද්‍ය පහසුකම් නොමිලේ. හෙදියක් එවනවා ගෙදරට නොමිලේ . කතා කරන්න carer කෙනෙක් එවනවා. ඒවගේ පහසුකම් දාල යන්නේ ඇයි කියන ප්‍රශ්නය තියනවා.

      Delete