Tuesday, March 15, 2016

එකතුවී අපි බොමු හොරෙන්



විසිහයේ දින, දෙකයි තිහටලු
එළිදකින්නේ මහ තිරෙන්
යාය පුරවා නෙළුම් පිපිලා
එදා ඇවිදින් එහි පිරෙන්

හැංගි වෙස් බැඳි බ්ලොගේ වුණ් හට
නටන්නට දෙති ආදරෙන්
නෙලුම්යායට එන්න කියලා
අජිත් කියනව සාදරෙන්.


ඉවාන් ගොයියා මයික් ටයිසන්
වෙන්න යනවලු ස්පීකරෙන්
සින්දු කවි කර දෙන්න යනවලු
බෙලෙක් කටහඬ මනාගෙන්

කන්න දෙනවලු තෑගි දෙනවලු
නැටුම් අයිටමෙ තරූගෙන්
බැන්කි මූනුත් තෑගි එවලලු
ඒවා දෙන්නේ පැරාගෙන්


රවී ගොයියා ආවේ නැතුවත්
පුවක් දෙනවලු ඒ ෂැනෙන්
කවි ලියන්නට පන්ති දාමුලු
ලෙක්චරේ බට කොස්සිගෙන්

ඉතින් කොහොමද මඟ අරින්නේ
එන්න ඔක්කොම මහ දොරෙන්
අපිත් ඔන්නොහෙ සප් එකක් දෙමු
වෙන් කරන්නට ගොම කිරෙන්



නෙලුම්යායක වැඩේ ඉවරව
බමන මතකට සාදරෙන්
ඉවාන් සහ අන් නොබොන සගයන්
බයිට් වන්නට වත් වරෙන්


බීම නරකයි දන්නවා අපි
එයි විවේචන බර බරෙන්
පිරිමි තනියම නොවී පෙරසේ
එකතුවී අපි බොමු හොරෙන්


(නෙළුම්යාය උලෙලට සම්බන්ධ ඉහත කවි වලින් 1-6 පමණි. අනික් කවි දෙක නෙළුම්යායට හෝ එහි සංවිධායකයන්ට කිසිම සම්බන්ධයක් නොමැත)


77 comments:

  1. \\පිරිමි තනියම නොවී පෙරසේ
    එකතුවී අපි බොමු හොරෙන්//

    ගුටි කෑමට නියමිතයි.....!

    පහෙන් පස්සේ හොඳේ..එදා වගේ දුව දුව බැහැ ඕන්...!

    ReplyDelete
    Replies
    1. චෙෆාකි බොන්නෙ නැහැනෙ බයිට් කනව මිසක්.

      Delete
    2. බයිට් වෙන්නත් කස්ටිය ඕනි නේද?

      Delete
    3. ඒවා දෙකම ලව්පූස් ඒකාධිකාරයක් වෙන එකක් නෑ

      Delete
    4. පූසා ස්ටේජ් එකේදිම බයිට් උනාම මාරයි....

      Delete
    5. අල්ලපු වැටේ...!

      Delete
  2. අන්තිම කවි දෙක කියෙව්වම මුල් ටික මතක නැතුව ගියා.. වැදුනද මංදා.. හෙහ් හෙහ්..

    පලවෙනි කවිය මෙහෙම කියුවත් කමක් නෑ.. විසි හයේ දින දෙකයි (සෙනසුරාදා හා ඉරිදා) ආපහු එළිවෙන්නේ විසි අට සඳුදටලු.. හිහ් හිහ..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් කමියො ඒක වෙන්න පුළුවන් නයිට් එක ගඟ අයිනෙ ගෙදර

      Delete
    2. ආ.. ඒක හොඳයි. පහුගිය ටිකේ සෑහෙන්න ඇරියස් තියෙනවා කවර් කරන්න..

      Delete
    3. ලුනු අඩු බයිට් කන්න කැමතිද...එහෙනම් වරෙල්ලා...

      Delete
    4. ///හෙහ් හෙහ් කමියො ඒක වෙන්න පුළුවන් නයිට් එක ගඟ අයිනෙ ගෙදර/// x 2

      Delete
    5. එහෙනං උදෙන්ම ඔහෙට එන්නං පහුවදාට ගෙදර යන එකනේ

      Delete
    6. කළනය්යේ උතුර දකුන මාරුවෙයිද

      Delete
  3. දෝත බරට සම්මාන ලැබෙන හැන්දෑවක් වේවා කිව්ව

    ReplyDelete
  4. මේ දවස්වල කර්තකොලොම්පන් තියෙනවද දන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව

      Delete
    2. ඒවා නැතුව බෑ මචෝ....අඹ යාලුවා ගානේ ඒවා....!

      Delete
    3. චෙෆා , නැතුව නැතුව

      Delete
  5. රතු පාට කවියෙන් කියවෙන හරියටවත් එන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. රසික ලඟදිත් ඇවිත් ගිය එක එන්න බැරි වෙයි නේද?

      Delete
  6. කවියෙන්ම දීල තියෙනවා ලෙසටම...

    සතු පාට කවිය තමයි හොඳටම තේරුනේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ලොක්කා

      Delete
    2. සතු පාටෙහි ආදීනව ඔබේ හය හතර නොදත් දරුවාට කියා දෙන්න

      Delete
    3. සතු පාටෙහි ආදීනව ඔබේ හය හතර නොදත් දරුවාට කියා දෙන්න

      Delete
    4. හංසමාලි අද අධ්‍යාපනය පොත පතින් දේශණ වලින් නොව ප්‍රායෝගිකව අත්දැකීම් දීමෙන් තමයි සාර්ථක වෙනව කියල තියෙන්නේ. බීමේ ආදීනව ළමයෙකුට කියල දෙන්න හොඳම ක්‍රමය තමයි තාත්තා බීල වෙරි වෙලා පෙන්නන එක. ඕ යේස්

      Delete
    5. :D aa ehenam matay wArdune ne?

      Delete
  7. බොන බණේමයි
    හැක් හැක්..
    වෙරි වේවා

    ReplyDelete
    Replies
    1. බොන වුන්ට වෙරි වෙරි අනික් වුන්ට වෙරි සොරි

      Delete
  8. මුං බීල ම මැරෙන්න හදන්නෙ. හපෝ මංනම් ඕව බොන්නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනං බයිට් කන්නත් තහනම්.......

      Delete
    2. බිව්ව නොබිව්ව සමාජෙට වරෙන්

      Delete
    3. ඔය බොරු ඕකා බේබද්දා

      Delete
    4. ඒකනෙ කසුනෝ අටම වගේ නොබී ඉන්න පුරුදු වෙයන් හැක්

      Delete
    5. අහසෙන් එද්දි ඕවා බැහැ තමාහෙමින් අහසින් වඩින් හොඳෙ

      Delete
  9. බයිට් එකට මොනවද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ආය මොකවත් මොකට ද උඹ ඉන්නේ........

      Delete
    2. බයිට් ස්ෙප්ෂල්.. ලව්පුස් බයිට්

      Delete
    3. බයිට් ඇන්ඩ් ඩයට් ටුගෙද

      Delete
  10. සෑහෙන කාලෙකින් අළුව කපල ඇවිද්දෙ නෑ.. පෘථිවියේ ඇලේ අංශක ගාන චෙක් කලෙත් නෑ... දෙන්නම් ජම්බු.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමනේ පවුල් ටෙම්පල් වෙච්ච කාලෙ ඉන්න ඕන

      Delete
  11. 2.30ට ආවෙ නැතත් 5ට එනව .....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් උත්සවේ කොටස් දෙකකට තියන්න තියෙන්නෙ. 2.30 ට නෙළුම්යාය සහ 5.30 ට බෝතල්යාය කියල.

      Delete
  12. සෑහෙන්න හිතන්න ඕනේ ප්‍රහ්නයක්.....

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණ හිතන්න තමයි බං මේ එන්න කියන්නෙ

      Delete
  13. ඉයන් එදාට එනවද :) ..නෙලුම් යායට එන්න හිත තියනෝ ... පුළුවන් උනොත් අනිවාර්යෙන් එනවා :)

    ReplyDelete
    Replies
    1. හංසියාගේ පෝස්ට් එකකුත් නොමිනේට් වෙලා තියෙන එකේ එන්න බලන්න.

      Delete
    2. ඉයන් මේ කියනකන් මම මේ විත්තියක් දැනගෙන හිටියේ නැහැ.හොයාගෙන හොයාගෙන ගිහින් දැනුයි පෝස්ටුවක දැක්කෙ. මම අසාවෙන් හිටියේ දැකලම නැති යාළුවො ටිකක් කතාකරල හම්බවෙන්න. ගෙදරින් එන්න දුන්නොත් අනිවා එනව.ඔත්තුවට ස්තූතියි :)

      Delete
    3. පවුලෙ කෙනෙකුත් එක්ක එන්න. ඒගොල්ලන්ටත් තේරුමක් එයි බ්ලොගින් ගැන.

      Delete
    4. කොළ එළියක් .. ගෙදරින් එන්න දෙන හැඩයි :) :) :)

      Delete
    5. ෂහ් නියමයි. ඕකනෙ මමත් කොළ පාටට කැමති :)

      Delete
  14. මේ කවි පෙළ නිකන් විරිදු වගේ . මට හිතෙනවා විරිදු රබානක් අරගෙන කියා කියා යන්න 138 බස් එකේ. ආ ඒක නාරාහේන්පිට යන්නේ නැහැනේ. නියමයි ඉයන්. තවමත් හොරෙන් කරන්න ඕනෙද කියල කල්පනා කලේ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අජිත් තව වුරුදු 20 ක් විතර යනකොට අර ඔස්කා අවෝඩ්ස් වගේ ඇඩ්ස් දාන්නත් වෙයි.

      Delete
  15. Replies
    1. බොහොම ස්තූතියි අජිත්

      Delete
  16. මේ කවි අර අෂ්ටක කියන තාලෙට කියන්නත් පුළුවන් නේද? නියමයි! එදාට එන්න බැරි වෙන එක ගැනනම් බොහොත් කණගාටුයිහේ :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උදය, ඔබ ඉන්නෙ වෙන රටකද?

      Delete
    2. නෑ නෑ ඉන්නේ ලංකාවේ. ගෙදර බොස්ගේ අම්මා (a.k.a නැන්දම්මා) කලින් යොදාගත් වැඩක් නිසා ඒ සති අන්තේ කොළඹින් පිට යන්න වෙනවා රථාචාර්ය විදියට. මල්ලිව වැඩේට සෙට් කරන්න උත්සහාකලත් වැඩේ හරි ගියේ නෑ මොකද මිනිහා එලවනකොට වාහනේ යන උන්ට හාර්ට් ඇටැක් හැදෙන නිසා :(

      Delete
    3. නැන්දම්ම නමටම ආරාධනාවක් ගෙන්න ගත්තනම් වැඩි හරියයි.

      Delete
  17. හෝල් එකේ ජෙනියක් එහෙම ඇතිනේ හිටං.

    ReplyDelete
    Replies
    1. හැම පුටුවක් යටම ජොනී කොටයක් තියනවා කියන කටකථාවනම් බොරු

      Delete
  18. පුලුවන්නම් බෝතලයක් එවන්ඩෝ..මෙහෙ ඇල්කොහොල් තහනම්...

    ReplyDelete
    Replies
    1. @Lalith
      ඉල්ලනවා වගෙයි කස පහර

      Delete
    2. හිස් බෝතලයක් තැපෑලට දැම්මෝ !!

      Delete
  19. ලදිමි ඇරයුම නොවක් තුති හෙම
    පුදනවා මම මේ සැරෙත්
    හමුව හිනැහී ඉතින් දොඩමළු
    වෙමුකො අපි හැම සාදරෙන්

    මතට තිත නොව මදක් තුටු වී
    රහමෙරද ගෙන මද සුවෙන්
    ගයා ගීයක් තුටින් හිනැහෙමු
    සොයුරු පෙම වැඩිවේ මතින්

    මඩේ පිපුනද නෙළුම අගෙමය
    පිදිය යුතු උන් හරසරින්
    පුදා ධිරි දෙමු මතුත් අගයමු
    සදා වැජඹෙයි කිත් ගොසින්

    මෙයට මුල්වූ සියළු දෙන හට
    පුදමි තුති යළි ඉත සිතින්
    ගල්ම පමණක් පුදන සිරිලකෙ
    මල් මිටකි ඔබ හට පෙමින්

    ReplyDelete
    Replies
    1. //මල් මිටකි ඔබ හට පෙමින්//
      හංසමාලී මල් මිටි ඔක්කොම යන්න ඕන මේකේ සංවිධායක වරු වන කොලඹ ගමයා (අජිත්), චන්දිම විතාන, කමියා වගේ අයට. මම මේ සංනිවේදනය කරන්න සහයෝගය දෙනව විතරයි. මල් මිටි වලට අමතර ගල් මිටි ආහ් නැහැ ගල් බෝතල් ටිකක් එහෙම ටිකක් සප්ලයි කරන්න තමයි සිංහල බ්ලොග් ක්ශේත්‍රයේ ප්‍රගමණය වෙනුවෙන් මට තිබෙන භාරදූර කාර්‍යභාරය.

      Delete
  20. බිවුවට පස්සෙනේ ඉතින් කට්ටිය ඒ ගැන හොද හොද ලිපි එහෙම ලියන්නෙත්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම වෙනවා. ඒ වුණාට ඔය තැන්වල පින්තූර ගැනීම් වලින් පරිස්සම් වෙලා ඉන්න මතක තියාගන්න. එහෙම නැත්නම් මේ ඩිජිටල් අවධියේ අනික් තැන්වල නෝන්ඩි.

      Delete
  21. උඹට කොහමද නම් දන්නේ නැහැ අන්තිම පේලි දෙක තමයි අපිට නම් අදාළ වෙන්නේ...

    ReplyDelete
  22. අයිෂූ......

    ReplyDelete
  23. අයිෂූ......to you too !මෙතූ

    ReplyDelete
  24. මම එන්නේ මහියංගනේ ඉදලා ටිකක් පරක්කු වෙලා හරි එනවා

    ReplyDelete
  25. අන්තිම කවියෙ අන්තිම පදේ තමයි හොඳම කොටස කවුරු්ත් දන්නව උනාට ඔක්කොම බොන්නෙ හොරෙන් -sugv.worpress

    ReplyDelete