Tuesday, March 1, 2016

ආණ්ඩුව මුහුණ දෙන ණය උගුල සහ 'සංවර්ධනය නැවතිලා' විලාපය

පසුගිය වසර කිහිපයක ඉදිවුණ මහාමාර්ග, ක්‍රීඩා පිටි ආදිය ඉදිකිරීම නැවතී ඇති බවට බොහෝ දෙනෙක් කියනු ඇසී ඇත. එයට හේතුව ලෙස සමහරුන් කියන්නේ නව රජය අකාර්යක්ෂම බවයි. ඉදිකිරීම් කටයුතු කිරීමට මුදල් අවශ්‍ය බව හැමෝම දන්නා දෙයකි. කෙනෙකුට ගෙයක් සාදා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා තමා අත ඇති මුදල්, හෝ අනාගතයේ ලැබෙන මුදල් හෝ ණය ගැණීම කල යුතුයි. ශ්‍රී ලංකාවේ බදු ආදායම රටේ එදිනෙදා වියදම පියවා ගැනීමට වත් ප්‍රමාණවත් නොවේ. එයට හේතුව බදු ගෙවන්නන් ප්‍රමාණය සීමා සහිත වීම නිසාය. එම නිසා සංවර්ධන වැඩ සැමදා සිදුවූයේ ණය වලිනි. 1970-80 දශකයේ විශාල ණය ප්‍රමාණයක් ලබා ගත්තේ මගවැලි ව්‍යාපාරයටය. එම ව්‍යාපාරය නිසා අද වන විට සහල් නිශ්පාදනයේ අතිරික්තයක් පවතී. එම නිසා එදිනෙදා පරිභෝජනයට සහල් ආනයනය කළයුතු නැත. එම නිසා විදේශ විනිමය ඉතිරිවේ. මහවැලි ව්‍යාපාරය සඳහා ගත් ණය ප්‍රමාණය අවුරුදු 12 කින් ගෙවා අවසන් කිරීමට රටට හැකිවිය. එසේ වූයේ ව්‍යාපෘති වල ගැන පෙර අධ්‍යනය කිරීමත් සහන පදනම යටතේ විදේශ ණය ලබා ගැනීමත් යන කරුණු දෙකය. ඊට අමතරව රටේ විදේශ ප්‍රතිපත්තිය නිසා වික්ටොරියා ව්‍යාපෘතිය එක්සත් රාජධානිය  විසින් රටට ලබා දුන්නේ නොමිලයේය.

ලෝකයේ අඩු සහ සහන පොලියට සංවර්ධන ණය දෙන ආයතන කිහිපයක් ඇත. ඒවානම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැන්කුව (ADB), සහ ජපානය (JICA), ස්වීඩනය සහ ජර්මනිය (GIZ) වැනි රටවල රාජ්‍ය මුල්ය ආයතනයන්ය. එම ණය ලබා ගැණීමට ආදාල ව්‍යාපෘති වල සාධ්‍යතා වාර්ථා (feasibility Reports) සහ පාරිසරික වාර්ථා (Reports on impact on the environment) ආදිය ඉදිරිපත් කල යුතුය. ව්‍යාපෘති වියදම ගැන සහ එයින් රටට වන ප්‍රයෝජනය, ව්‍යාපෘතිය නිසා වන පාරිසරික බලපෑම ආදිය පිලිබඳව ණය දෙන ආයතන සෑහීමකට පත්වන්නේ නම් පමණක් ණය ලබා ගත හැක. මේ ණය සඳහා අතරමැදියන් නැති අතර ණය ලබා දෙන්නේ රජයටය.   ව්‍යාපෘතියක වාසි දීර්ඝ කාලයකින් ලැබෙනවිට ඒ සඳහා මෙවන් දීර්ඝ කාලීන සහ අඩු පොලී ණය ලබා ගැනීම ඉතා වැදගත් වෙයි. එයට ප්‍රධානතම හේතුව ණය පොලිය හෝ ණය වාරික ගෙවීමට විදේශ මුදල් සොයා ගැනීමට සිදුවන්නේ එක වසරකට සුළු ප්‍රමාණයක් නිසාය.  

ආර්ථික ක්‍රම වෙනසකින් ලඟදී විශාල වශයෙන් පොහොසත් වූ චීනය පසුගිය දශකයේදී විශාල වශයෙන් ණය ලබා දෙන්නෙක් ලෙස ඉදිරියට පැමිණියේය. මෙහිදී ණය ලබා දීමට feasible ව්‍යාපෘතියක් වීම, පාරිසරික බලපෑම් අඩුවීම ආදිය සලකන ලද කාරණා නොවීය. එයට හේතුව ණය ලබා දුන්නේ 8% වැනි විශාල පොලී අනුපාතයකට වීම නිසාය. චීනය ඇමෙරිකාවටත් විශාල වශයෙන් ණය ලබා දී තිබුණත් ඒවායේ පොලී අනුපාතය 1-2% පමණ විය. අතිවිශාල ලෙස විදේශ සම්පත් ඉපයූ චීනයට තම මුදල් ගිණි පොලියට ආයෝජනය කිරීමට හැකි වූයේ මෙම ලිහිල් ණය ප්‍රතිපත්තිය නිසාය. තවද ණය ගන්නා රටවල් නිලධාරීන්ට අති විශාල ලෙස සන්තෝසම් දීමට මෙම වාසි සහගත පොලී අනුපාතය නිසා චීනයට හැකිවිය. රොබට් මුගාබේ ගේ සිම්බාබ්වේ, යේමනය, සියෙරා ලියොන්, සිරියාව, එක්වදෝරය, රාජපක්ශ ගේ ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ  දූශිත පාලකයින්ට චීනයේ ණය විශාල උල්පතක් විය. එයට හේතුව වූයේ සාධ්‍යතා වාර්ථා (feasibility reports) අවශ්‍ය නොවන බැවින් ඩොලර් 100 ක් අවශ්‍ය වන ව්‍යාපෘතියකට ඩොලර් 1,000 ක් ණය ගත්තත් ඒ පිලිබඳව ප්‍රශ්ණ කිරීමක් නොවන නිසාය. ණය ගැනීම සඳහා දෙන සන්තෝසම් සහ ව්‍යාපෘති වටිනාකම වැඩිකර දැක්වීමෙන් දෙන කොටස මෙරට හරහා නොව අදාල පුද්ගලයන්ගේ විදේශ ගිණුම් වල තැන්පත් කිරීමත් මෙම ණය දෙන අය විසින්ම සලසා දෙනු ලැබේ. රටේ ශේශ පත්‍රය උගුරටම හිර කර මේ ක්‍රමයට රටට දැරිය නොහැකි ප්‍රමාණයක් ණය ගත් පසුව මහින්ද - කබ්‍රාල්  දෙබෑයන් කලේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළු රජයේ බැංකු වට ගිණි පොලී විදේශ ණය ගෙන ඒවා එම බැංකුවලින් රජයට ගැණීමයි. ඒවාට භාණ්ඩාගාර සහතික (Treasury Guarantees) නිකුත් කර ඇති බැවින් එම ණය ගෙවීමටද රජය විදේශ මුදල් සොයා ගත යුතුය.   



හම්බන්තොට පරිපාලන ගොඩනැගිලි 
හම්බන්තොට පරිපාලන ගොඩනැගිලි 
ලෝක බැංකුවෙන්  0.5% පොලී අනුපාතයට අවුරුදු 30 ක කාලයකට ණයක් ගතහොත් ණය ප්‍රමාණය එකවර ගෙවන්නේ  නම් සහ පොලිය අවුරුදු පතා ගෙවන්නේ නම් ඩොලර් 100 ක් ණයක් ගෙවා අවසන් කරන විට ගෙවීමට සිදුවන්නේ  ඩොලර් 115 කි. සියයට 8 පොලියට ගතහොත් එම ක්‍රමයටම ඩොලර් 340 ක් ගෙවිය යුතුවේ. සාධ්‍යතා වාර්ථා (Feasibility Reports) අවශ්‍ය නැති බැවින් ඩොලර් 100 ක ව්‍යාපෘතිය ඩොලර් 130 ක වියදමින් කලොත් ගෙවිය යුතු මුදල ඩොලර් 442 කි. තවද සාධ්‍යතා වාර්ථා (Feasibility Reports) ඉදිරිපත් කිරීම අවශ්‍ය නොමැති බැවින් රට ආර්ථික වාසියක් නැති (without a payback) ව්‍යාපෘති සිදු කලහොත් මෙම මුදල් සොයා ගැනීමට තවත් ණය ගැනීමට සිදුවේ . එලෙස කල විට රටක් වැටෙන්නේ ණය උගුලකටය. මෙසේ අසීමාන්තික ලෙස ණයවන රටවල් තමන්ගේ භූ දේශපාලනික අරමුණු වෙනුවෙන් නම්මවා ගැනීමට ඇති හැකියාව චීනයට තවත් වාසියක් විය. උදාහරණයකට පෝට් සිටි ව්‍යාපෘතිය ගැන නව රජය ප්‍රශ්ණ කල විට චීනය විසින් ණය ගැන කල තර්ජනය හමුවේ චීනය සමඟ සංහිඳියා පිලිවෙතකට යාමට රජයට සිදුවිය. 


හම්බන්තොට සම්මන්තරණ ශාලාව
1970 ගණන් වලදී ලංකාවට ත්‍යාගයක් ලෙස සම්මන්තරණ ශාලාවක් ලබා දුන් චීනය එවන්ම සම්මන්ත්‍රණ ශාලාවක් කිසිම සම්මන්ත්‍රණයක් නොපැවත්වෙන හම්බන්තොට ද්‍රිස්තික්කයට 'ලබා දී'   ඇත්තේ ගිණි පොලියට ණයක් වශයෙනි. නැව් පැමිණීම අඩු වරාය, ආදායම් නොලබන ක්‍රීඩා පිටි, ආදායම් නොලබන විශාල උද්‍යාන  සියල්ලටම වියදම් වී ඇත්තේ ගිණි පොලියට ලබා ගත් ණය මුදල්ය. මෙම සුදු අලි ව්‍යාපෘති නූගත් මහජනයාට කොන්ක්‍රීට් සංවර්ධනයක් මවා පෙන්වීමට යොදාගන්නා අතරම ඔවුන්ගේ සාක්කු ඩොලර් මිලියන ගණනින් පිරී යන බව දන්නේ ඔවුන්ම පමණය.


සූරියවැව ක්‍රීඩාංගණය
ආණ්ඩුව මාරුවූ පමණින් මෙම ව්‍යාපෘති වලින් ආදායම් ලැබීමක් සිදු නොවේ. තවද ගිණි පොලියට ගත් ණය එසේ ගත් අය නොගෙවන අතර රට විසින් ගෙවිය යුතුය. එනම් රාජපක්ශ සංවර්ධන තොරණේ ලයිට් බිල ගෙවීමට සිදුවී ඇත්තේ අදයි. කලින් කලාක් මෙන ණය ගෙවීමටත් තවත් ගිණි පොලී ණය නොගන්නේ නම් ඒ සඳහා මුල්‍ය අරමුදලෙන් උදව් ලබා ගත යුතුය. දේශීය ණය තත්ත්වය මීට දෙවෙනි නොවේ. මග නැගුමේ ව්‍යාපෘති ගැන විස්තර පුදුම එලවන සුළුය. නමුත් හිටපු සංවර්ධන සභා මන්ත්‍රීන් හිටපු නායකයා වටා රොක්වීමට හේතු තේරුම් ගැනීමට මෙම උදාහරණය ප්‍රයෝජනවත් විය හැක. මිනී මැරීම් ස්ත්‍රී දූශණ ආදී ක්‍රියා වලට නඩු නොපැරවූ උදව් වලට අමතරව ඔවුන්ට මිලියන ගණන් හොයා ගැනීමට අවස්ථාවන් සලසා දී ඇති ආකාරය අපූරුය. ඔවුන් සියළු දෙනාටම පාහේ තමන් කැමති ව්‍යාපෘතියක් සඳහා මුදල් ලබා ගැනීමට ඉඩ දී ඇත. උදාහරණයකට මෙහිදී බොහෝ දෙනා කර ඇත්තේ කිලෝ මීටර් 5 කට තාර දැමීමට මිලියන 200 ක්
මුදල් ගසා කෑ පාරවල්    
යන්නේ නම් ඒ සඳහා බිලියනයක පමණ මිල ගණන් ඉදිරිපත් කර මුදල් ලබා ගෙන සුළු මුදලකට කොන්ත්‍රාත් කරුවකු ලවා තාර දම්මා ගෙන ඉතිරි විශාල මුදල ගසා කෑමය. එමනිසා කිසිම ඉල්ලීමකින් තොරව වුවත් රට පුරා පාරවල් වලට තාර වැටිනි. සමහර ව්‍යාපෘති සඳහා වියදම් සඳහා ප්‍රතිපාදන ලබා නැති අතර පොත්වල නැති ව්‍යාපෘති වියදම් පියවීමට නව රජයට සිදුවී තිබේ.

සංවර්ධනය නැවතිලාද යන ප්‍රශ්ණයට පිළිතුර නම් උදාහරණයකට උතුරු අධිවේගී මාරගයට ආසියානු සංවර්ධන බංකුව වැනි ආයතන කිහිපයකින් කොටස් වලට ණය අයැදුම් කර ඇති අතර ඒවා අනුමත වීමත් සමඟ ඒවා ඉදිකිරීම් ආරම්භ වනු ඇති බවය. වෙනස නම් එම ණය දීර්ඝ කාලීන අඩු පොලී හෝ පොලී රහිත ණය වනු ඇත.  

 ආර්ථිකය රින අගයකට යොමුකොට (උතුරේ හමුදා කඳවුරු අතහැර පලා ආ හමුදා සමඟ) 2001 දී රට භාරගත් රනිල් අවුරුදු 3 කින් ආර්ථික හැඩගස්වා රට ගොඩ ගත් පසුව නැවත පාලනය උදුරාගත් යුගයේදී මෙන් දස ගුණයක් හිර වූ ආර්ථිකයකට මුහුණ දීමට රනිල්ට මෙවර සිදුවී ඇත. එය ඔහුගේ අවසනාවකි. අද ආණ්ඩුව සිර වී සිටින්නේ මේ උගුලේය. මේ ගැන මහජනතාව දැනුවත් කිරීමට මුදල් අමාත්‍ය වරයාට සහ අගමැතිවරයාට ඇති සංනිවේදන දුර්වලතාව නිසා මුල්‍ය කටයුතු ගැන මෙලෝ හසරක් නොදත් බොහෝ දෙනා සිතන්නේ කලින් ඉතා හොඳට තිබූ ලංකාවේ ආර්ථිකය නව රජය බලයට පත්වී අවුරුද්දකින් නරක අතට හැරී ඇති බවයි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ රට මේ තත්වයට ඇද දැමීමට  වගකිව යුතු හොරු රංචුවම වීම නම් සරදමකි.

NB

ශෙනාල් මෙන්ඩිස් කියල කෙනෙක් පහල කමෙන්ට් එකක් දාල තියෙනව ලංකාව අද ඉන්න ණය උගුලෙ හිර වුණේ කඩිනම් මහවැලි ව්‍යාපාරය නිසා කියල. මේ වගේ චරිත වලට උත්තර දීල වැඩක් නැහැ. 

ඒවුණාට මේ දත්ත යමක් තේරෙණ අයට. 2005 දී බයිය එල් ටී ටී යී එකට පගාව දීල රජ වෙනකොට ලංකාවේ සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් මිලියන 1,902,463. ඒවුණාට 2014 මහ බයිය ගෙදර අරිනකොට මිලියන 7,390, 899. ඒ කියන්නේ සියයට 388 ක් හෝ ආසන්න වශයෙන් හතර ගුණයක්. ඒ කියන්නේ 2005 ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 95,213 ඒක 2014 දී රුපියල් 369,445.  එතකොට අර කියපු හු.පු කියන විදිහට කඩිනම් මහවැලිය කලේ 2005 න් පස්සේ වෙන්න ඕන. ඒ ජලාශ වලට, ජල විදුලි උත්පාදකාගාර වලට, ගොවියන් පදින්චි කල නව ගම්මාන වලට හොරාපක්ශ නම දාන අමතක වෙන්න ඇති.

යුද්දෙ ඉවරවුනු 2009 ඉවර වෙනකොට රටේ මුළු ණය ප්‍රමාණය රු මිලියන 4,161,422  2014 වෙනකොට රු මිලියන  7,390, 899. ඒ කියන්නෙ අවුරුදු 30 ක් යුද්ධ කරල ඉවර වුණාට පස්සේ අවුරුදු පහට ණය ප්‍රමාණය 77% කින් වැඩිවෙලා. 2009 ඉඳන් විවෘත කරපු දකුණු අධ්වේගෙයි, කටුනායක අධිවේගෙයි, නැව් නො එන  වරායයි, කැඩෙන නෝරොච්චොලෙයි, නෙලුම් පොකුණයි, කොලඹ සංවර්ධනයටයි 1948 ඉඳන් 2009 දක්වා තිබ්බ ණය ප්‍රමානය 77% කින් වැඩිවෙලා.   කොහොමද කෑම? අති විශිශ්ඨයි නේද? 



130 comments:

  1. පොලොව ඇද බව වගකීමෙන් ප්‍රකාශකරමු!
    මීට,
    නටන්න බැරිවුන් ගේ සන්සදය!

    ReplyDelete
    Replies
    1. WOW great logic, I am convinced.

      Delete
    2. සරස වැරදියි, ෆොටෝවේ ඇත්තේ ධනවාදී රටවල් විසින් සිදු කරන පරිසර විනාශයෙන් ලෝක ගෝලය උනුසුම් වීමෙන් ඇතිවුන කාලගුණ විපර්යාසය නිසා අනපේක්ෂිත ධාරානිපාත වැසි ලැබීමෙන් සෝදාගෙන ගිය පාරකි.

      Delete
    3. බලන්න පාරේ ඇදි බැසිල් ඉරි නිසා ෆොටෝව ලස්සන වෙලා නේද?

      Delete
    4. හැම එකක්ම දන්නවා වගේ නැව් ටෝක් දෙන්නෙ නැතුව නොදන්නා Road Construction ගැන කතා කරලා වරිගේ නහගන්නේ නැතුව ඉඳිල්ලා

      Delete
    5. // AnonymousMarch 1, 2016 at 5:16 PM //

      සමා වන්න ඇනෝ තුමෝ...
      මම තුමා වගකීමකින් යුතුව සඳහන් කලේ පාර නොව පොලොව ඇද බවය!

      Delete
    6. මේ ටික අගමැති විසින් සරල සිංහලෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ නොකරන්නේ මන්දැයි නොතේරේ.

      හමුදාව උතුරෙන් පලා ඒම කියන්නේ 1999 දී සිදුවූ පසුබැසීමද? එතනදී සිදුවුනේ මෙයයි. ඉතා මුග්ධ ලෙස, ජෙනරල් රත්වත්තේ විසින්, යුද න්‍යායට පටහැනිව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවත්, පාබල හමුදා (Infantry) භූමිකාවේ යෙදෙව්වා. ඉදිරි ආරක්‍ෂක ප්‍රදේශ, (Forward Defended Locality = FDL) ඉතා අනාරක්ෂිත සහ, හදිසි ප්‍රහාරයකට ශක්තිමත්ව මුහුණදීමට තරම් ප්‍රබල නැති (thin out)තත්වයකට පත්වුණා. උතුරෙන් පලා ආ හමුදා, වවුනියාවෙන් පහලට ආවේ නැහැ. බොහොමයක් ප්‍රදේශ ඉක්මනින් ආපහු අල්ලාගත්තා. ඉතා සුළු ජීවිත හානි ප්‍රමාණයක් සිදුවුනේ. නමුත් සිදුවූ ත්‍රිවිධ හමුදා දේපල හානිය ගණන් බැලීමට නොහැකි තරම් විශාලයි.

      Delete
    7. ඇණයා, සා රස, Ano විචා බොහොම ස්තූතියි

      Delete
    8. සරසා ලොක්කෝ, මේක ඔහේට නෙමෙයි කිව්වේ.
      නියම කරන ප්‍රමිතියට අනුකුලව හදපු කාපට් පාරක් පවා ගංවතුරකදී ෆේල් වෙන්න පුළුවන් බව නොදැන බව් බව් ගැන ගොබ්බයින්ටය මා එසේ පැවසුවේ

      Delete
    9. සා රස ලොක්කෝ වලිගෙ පාගගන්න එපා බං. මේ ඇනෝ තුමා උඹලගේ හඳ පෙන්න කොට ඇඟිල්ල දකින බලකායේ (HPADB) කෙනෙක්. ණය ගැන කියවෙන මේ පෝස්ට් එක එයාට පේන්නේ පාරවල් හදන එක ගැන තියෙන තාක්ෂණික පෝස්ට් එකක් වගේ.

      Delete
  2. ආන්ඩුව කරන්න ඕන වැඩ දැන් කරන්න වෙල තියෙන්නේ අපිට.... තෑන්ක්ස් ඉයන්... ඔය් සා රස වගේ එක බයියෙක් හරි කියවයි නේ... මම මගේ ළිපියේ මෙතනට ලින්ක් එකක් දාන්නම්... එතකොට තව එකෙක් දෙන්නෙක් හරි වැඩිපුර එන්නේ නැතෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතේ

      Delete
    2. ***************************************

      උබට නේන්නං ආණ්ඩුවෙ වැඩ කරන්න තියෙන්නෙ

      රනිල් උබව හයර් කරල තියෙන්නෙ ඒකට තමයි.




      ********************************

      Delete
  3. හොඳ පැහැදිලි කිරීමක් ඉයන්. ගොට්ටා ගියත් හරි කොළඹ සංවර්දනේ ඇණ හිටලයි කියල නාහෙං අඬන මෝඩයො එක්ක තර්ක කරන එක මම දැං අතෑරල දාල තියෙන්නෙ. මොකටද නිකං ලේ නරක් කරගන්නෙ?

    මෙතන තියෙන්නෙ කීයක් හරි චීනගෙං අරගෙන මොනවහරි කරන එක නෙවෙයි. මේ ණය බොරුවැල්ලෙං ( Quick sand ) කොහොම හරි ගොඩ එන එක.

    Feasibility Reports  = සාධ්‍යතා වාර්තා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රවී. එම වචනය ඇතුලත් කලා

      Delete
    2. ශඛ්‍යතා අධ්යයනය කියන්නෙ මක්කටද රවිඅය්යේ..?

      Delete
    3. ශක්‍යතා අධ්‍යනය කියන්නෙ බං Capability Study .ඒ දෙකේ වෙනස මෙහෙමයි. මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් පටන්ගද්දි මුලින්ම කරන්නෙ Feasibility Study එක ( සාධ්‍යතා අධ්‍යනය ) . ඒ කියන්නෙ ඇත්තටම ප්‍රොජෙක්ට් එක කරන එකෙන් ප්‍රයෝජනයක් වෙයිද අපි හිතන ඉලක්ක වලට යන්ට පුලුවන් වෙයිද කියල හොයල බලන එක. සාධ්‍යතා අධ්‍යනය සාර්ථකවුනොත් ඊලඟ එන්නෙ ශක්‍යතා අධ්‍යනය ( capability Study ) . ඒ කියන්නෙ අපි හිතන ඉලක්ක වලට ලඟාවෙන්නට, ව්‍යාපෘතිය සාර්ථකව නිමා කරන්ට අපේ හැකියාව ප්‍රමානවත් වෙයිද කියල හොයල බලන එක.

      Delete
    4. බොහොම ස්තූතියි රවී

      Delete
  4. ජ ය වේ වා !!!!

    ReplyDelete
  5. මහවැලියෙ ණය ගෙවලා කියපු එකක නන් බොරැවක් ද කොහෙද. කෝ දාමුකො බලන්න සෝසස් එහෙම. පදනමක් ඇතුව එපෑ කතා කරන්න. ලන්කාව ණය උගුලේ හිර උනෙත් ඔය මහවැලිය හින්දා තමා. අව්රැදු 30 කින් කරන්න තිබුන වියාප්රැතිය අවුරැදු 5ට කඩිනන් කරලා අන්තිමේදී මහවැලියෙනුත් ගන්න පුලුවන් වැඩේ ගන්න බැරිවෙච්ච දේයි උනේ.

    ReplyDelete
    Replies
    1. ශෙනාල් පුතේ... මහවැලිය හදන කාලෙ ඔහේ ඉන්න ඇත්තේ කොහෙද හිටියෙ කියලා දන්නෙ නෑ නමුත් ඔය නොදන්න කම ප්‍රදර්ශනය කොරන්නෙ ඉස්සරලා නිකම් ඉන්න වෙලාවක මේවා කියවලා ටිකක ඉගෙන ගත්තන්ම් හොඳා.
      http://mahaweli.gov.lk/en/pdf/Library/Mahaweli%20Ganga%20Development%20Sri%20Lanka.pdf
      http://opendocs.ids.ac.uk/opendocs/bitstream/handle/123456789/337/rc368.pdf?sequence=1 (Robert Chambers is a world renown economists and rural development specialist. He wr0te this article in 1974)
      http://lnweb90.worldbank.org/oed/oeddoclib.nsf/DocUNIDViewForJavaSearch/0D869807701D1EEE852567F5005D8903?opendocument

      Delete
  6. මදුමදාවි දැන් ලියන්නෙත් නැති එකේ උබ මේ වගේ ලිපියක් ලියන ඒක වටිනවා. මම රටේ ලෝකේ කරුණු කරනා ගොඩක් දන්නා එකෙක් නෙමයි සමහර දේවල් දැන ගන්නේ බ්ලොග් වලින් (පත්තර වල සමහර ලිපි ඒක පර්ශවියයි ). ඇත්තම කතාව මමත් හිතුවේ රටේ සංවර්දනය නැවතිලා කියලා ණය ගැනවත් එකට ගෙවන්න වෙන පොලිය ගැනවත් මට අවබෝදයක් තිබුනේ නැහැ.
    මේකට මාත් එක්ක ගේම ඉල්ලන්න එපා මම කෙටුවේ මට දැනුන දේ

    ReplyDelete
  7. ඉයන්, එක නිවැරදි කිරීමක් කරන්න ඕනෑ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංවර්ධන ණය හෝ වසර 30ක් වැනි දිගුකාලීන ණය දෙන්නේ නැහැ. එවැනි ණය දෙන්නේ පාරෙන් අනිත් පැත්තේ (වොෂින්ටන් ඩීසී, වයඹ 19වන වීදිය) තිබුණත් වෙනම ආයතනයක් වන ලෝක බැංකුවයි. ලෝක බැංකුව වුවද මේ වන විට ලංකාව වැනි මට්ටමේ ආදායමක් ඇති රටකට ණය දීම ප්‍රමුඛතාවක් ලෙස සලකන්නේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන්නේ ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දී සිටින රටවලට කෙටි/මැදිකාලීන (වසර 3-5) පදනමක් යටතේ සහන පොලියකට ණය ලබා දීමයි. එසේ ලබාදීමේදී මේ ණය ආපසු ගෙවන ආකාරය පැහැදිලි කළ යුතුය. බොහෝ විට ඒ සඳහා කිසියම් ප්‍රතිසංස්කරණයක් කිරීමට සිදුවේ. බොහෝ විට ගෙවුම් ශේෂ අර්බුද වලට හේතු වන්නේ විනිමය අනුපාතික කෘතිමව පවත්වා ගැනීම, රාජ්‍ය වියදම් වැඩිකම වැනි කරුණු නිසා මේ ප්‍රතිසංස්කරණ වලට රාජ්‍ය වියදම් අඩුකිරීම, විනීමය අනුපාතිකය පාකිරීම වැනි දේ ඇතුලත් වේ. ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ පා සිටින රටකට වෙනත් පාර්ශ්වයකින් ණය ගැනීම අපහසුය. ගත්තත් ගන්න වෙන්නේ ගිණි පොලියටය. ඒ නිසා IMF ණයක් විශාල සහනයකි. එහෙත්, සාමාන්‍යයෙන් මෙසේ ලැබෙන මුදල් වැඩි පොලියට ගන්නා වාණිජ ණය මෙන් 'වියදම් කළ හැකි' මුදල් නොවේ. බොහෝ විට මුලින්ම ලබාගන්නේ standby facility එකකි. එය OD එකක් වැනි එකකි. සාමාන්‍යයෙන් මෙවැනි පහසුකමක් ලැබුණු විටම, මුදල් ලබා නොගත්තත්, අවදානම අඩුවන නිසා විණිමය අනුපාතිකය ස්ථාවර වේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉකොන්. පැහැදිලි කිරීමට

      Delete
    2. බොහොම ස්තූතියි ඉකොන්. පැහැදිලි කිරීමට x 2. :)

      Delete
  8. 14 months of yahapalanaya and one of the world's major credit rating agencies downgrades Sri Lanka. The yahapalanaya goons have destroyed the economy, destroyed the stock market, destroyed the rupee, and flushed Sri Lanka down the toilet. All you people can do is write crappy articles like this blaming the previous administration and hope that blind ass-lickers of Ranil & Co. would not notice what is really going on. A thief runs the Central Bank with Ranil Wickremesinghe's blessings yet the biggest issue for yahapalanaya is people reacting badly to a someone singing Danno Budunge in operatic style and bras being thrown at concerts. Misplaced priorities much?

    In its statement, Fitch goes to onto state that 'Sri Lanka's vulnerability to a shift in investor sentiment was evident when investors sold-off the equivalent of nearly USD2bn in local-currency government securities in 2015.' Investors are literally fleeing the island.

    The yahapalanaya mob screamed and ranted and raved at Mahinda Rajapaksa and Ajith Cabraal, yet just look at what they've done to the country in the space of a year. An absolute and unmitigated disaster.

    http://www.reuters.com/article/idUSFit950402

    ReplyDelete
    Replies
    1. 2005 දී බයිය එල් ටී ටී යී එකට පගාව දීල රජවෙනකොට ලංකාවේ සම්පූර්ණ ණය ප්‍රමාණය රුපියල් මිලියන 1,902,463. ඒවුණාට 2014 මහ බයිය ගෙදර අරිනකොට මිලියන 7,390, 899. ඒ කියන්නේ සියයට 388 ක් හෝ ආසන්න වශයෙන් හතර ගුණයක්. ඒ කියන්නේ 2005 ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 95,213 ඒක 2014 දී රුපියල් 369,445.

      යුද්දෙ ඉවරවුනු 2009 ඉවර වෙනකොට රටේ මුළු ණය ප්‍රමාණය රු මිලියන 4,161,422 ඒ කියන්නෙ අවුරුදු 30ක් යුද්ධ කරල ඉවර වුණාට පස්සේ අවුරුදු පහට ණය ප්‍රමාණය 77% කින් වැඩිවෙලා. 2009 ඉඳන් විවෘත කරපු දකුණු අධ්වේගෙයි, කටුනායක අධිවේගෙයි, නැව් නො එන වරායයි, කැඩෙන නෝරොච්චොලෙයි, නෙලුම් පොකුණයි, කොලඹ සංවර්ධනයටයි 1948 ඉඳන් 2009 දක්වා තිබ්බ ණය ප්‍රමානය 77% කින් වැඩිවෙලා. කොහොම කෑම?

      Delete
    2. ඉහත ඇනෝ කර ඇති නොමඟ යැවීම ගැන පිළිතුර. කබ් රාල් තුමාගේ එක උප්පරවැට්ටියක් වූයේ ඩොලර් සඳහා 1-2% ක පොලියක් පවතින විට විදේශ අයෝජකයින්ගේ (බොහෝ විට රටෙන් සල්ලි උස්සපු රාජපක්ශලාගේ) ඩොලර් රුපියල් ලෙස හරවාගෙන ඒවාට 10% ක පමණ රුපියල් පොලියක් ලබාදී එම මුදල් එලෙසින්ම ආපසු ගෙනයාමට හැකිවනසේ රුපියල කෙතරම් බාල්දු වුණත් රුපියල් ඩොලර් අනුපාතය වෙනස් නොකර තබා ගැනීමය. මෙම නිසා ලංකාවේ අපනයන වලට විදේශවලදී සාපේක්ශව වැඩි මිලක් වේ. තවද කාර් වැනි සුඛොපභෝගී දේවල් ආනයනය ලාභ වේ. මෙවන් දේවල් වලින් ලංකාවේ විදේශ සංචිත නාස්තිකර දැමිණි. නව රජය රුපියලේ නියම අගයට යාමට හැරීමෙන් මෙම අවාසිදායක තත්ත්වය වෙනස් විය. නව රජයෙන් තම විදේශ මුදල් වලට එසේ අසාධාරණ රැකවරණ නොලැබෙන බව දත් 'ආයෝජකයන්' කලේ රුපියල අවප්‍රමාණ කිරීමට ආසන්නයේම ඔවුන්ගේ රුපියල් බැඳුම්කර විකුණා ඩොලර් රැගෙන යාමය. //shift in investor sentiment was evident when investors sold-off the equivalent of nearly USD2bn in local-currency government securities in 2015.' Investors are literally fleeing the island.// යනුවෙන් ඔබව නොමග යවන්නේ එය ගැන කියමිනුයි.

      Delete
    3. තව දුරටත් පැහැදිලි කිරීමක්. ලෝකයේ ඩොලර් වලට ගත හැකි පොලිය 1-2% පමණ වේ. ලංකාවේ රුපියල් වලට 8-10% ක පොලියක් ගත හැකිවේ. එවිට ඩොලර් ලංකාවට එවා රුපියල් කර වැඩි පොලියකට ආයෝජනය කිරීම ලාභය. එහෙත් එවන් පොලී අනුපාත පරතරයක් සමඟම රුපියල සියයට 7 කින් අවප්‍රමාණ වූවොත් ඔවුන්ගේ එම වාසිය නැතිවේ. එමනිසා කබ් රාල් ඩොලර් ගෙන්වා ගැනීමට කලේ එම ආයෝජකයින්ට රුපියල අවප්‍රමාණ නොකරන බවට රහසිගත සහතිකයක් දීමයි. පසුගිය අවුරුදු දෙකේ අතිවිශාල මුදල් නාස්ති නිසා සහ ජී එස් පී ප්ලස් නැතිකර ගැනීම වැනි රට ඩොලර් එන මාර්ග අවහිර වීම නිසා රුපියලේ නියම වටිනාකම කුමක් වුවත් එය රඳවාගෙන සිටියේ එම නිසාය. එම හොරකම නව රජය යටතේ කිරීමට නොහැකි බව දත් එම ආයෝජකයින් ඉක්මනින් ඩොලර් ලබාගෙන පිටවී යාම සිදුවිය.

      Delete
    4. දදේනි ඩොලර් බි 20.7 (2004) | ඩොලර් බි 74.9 (2014)
      ඒක පුද්ගල ආදායම ඩොලර් 1062 (2004) | ඩොලර් 3625 (2014)
      විදේශ සංචිත ඩොලර් බි 2.3 (2004) | ඩොලර් බි 8.3 (2014)
      රාජ්‍ය ණය බර දදේනි % 102.3% (2004) | 75.5% (2014)
      සෘජු විදේශ ආයෝජන ඩොලර් බි 0.24 (2004) | ඩො බි 1.4 (2014)
      කොටස් වෙළඳපොල ප්‍රාග්ධනීකරණය රු බි 382 (2004) | රු බි 3,105 (2014)
      විරැකියාව 8.3% (2004) | 4.3% (2014)
      උද්ධමනය 9% (2004) | 3.3% (2014)
      දිළිඳු ජනතාව 15% (2004) | 6% (2014)
      විදුලිය ඇති නිවාස 73% (2004) | 98% (2004)

      This is how Percy Mahendra Rajapaksa destroyed the Sri Lankan economy.

      Delete
    5. රජයේ ණය ප්‍රමාණය දල දේශීය නිශ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස නොව මුදල් ගණන නොදක්වන්නේ ඇයි. බිලියන ගණන් වලින් මිල ගණන් වැඩියෙන් වියදම් කරමින් පාරවල් හැදුවාම Construction සෙක්ටර් එකේ නිශ්පාදන මිල ගණන් ඉහල යන බව දන්නවාද? විශේශයෙන්ම 2008සිට දල දේශීය නිශ්පාදනයට සහභාගී වී ඇති construction සෙක්ටර් එක නේද? එවිට දළ දේශීය නිශ්පාදන යනුවෙන් පෙන්නන්නේ ගසා කාපු මුදල් ප්‍රමාණයක් එක්ක කියා දන්නවාද?

      කලින් සඳහන් කර ඇති පරිදි රාජපක්ශ ඩොලර් ලංකාවේ රුපියල් හැටියට ආයෝජනය කරන විට ඩොලර් ආයෝජනය ඉහල යනවා නේද? එසේ නැතිනම් ඩොලර් බිලියන 1.4 ක ආයෝජන වුනේ මොන ව්‍යාපාරවලද?

      කොටස් වෙලඳ පොල ප්‍රාග්ධනීකරණය වැඩිවන්නේ කලින් ලැයිස්තුගත කර නොතිබූ සමාගම් ලැයිස්තුගත කරපු නිසා සහ උද්ධමනය සමඟ ඉබේ සිදුවන සමාගම් ලාභ වල රුපියල් ප්‍රමාණය වැඩි වීම ආදිය නිසා ඒසමඟ අදාල මිල වැඩිවීම නිසා නේද? මේකාලයේ අලුතින්ම ඇතිවී රැකියා ඇතිකල සමාගම් මොනවාද?

      රජයේ සේවකයන් ප්‍රමාණය 2005 දී ලක්ශ 7 2014 වන විට මිලියන් 1.4 දක්වා වැඩිකිරීමෙන් රටේ මුදලින් පඩි ගෙවන රැකියා ඇතිකර විරැකියාව අඩුකිරීමෙන් ඇති ඵලය කුමක්ද? රටේ දිලිඳු ජනතාව 6% යන්න ඔබවත් විශ්වාස කරනවාද?

      කබ්රාල් සහ සමාගම 'නිපදවූ' මෙම දත්ත ගැන කුමට කථා කරමුද?

      Delete
    6. දිළිඳු ජනතාව මනින්ට යොදාගත් දර්ශකය නම් මම දන්නේ නෑ. ඒත් 2004දී 15%ක් නම් 2014 දී 6%ක් වීම පිළිගත හැකියි. අනෙක මේ statistics යම් manipulation එකක් වූ බව සැවොම පිළිගන්නා කරුණක්. එහෙම කියලා සම්පූර්‍ණයෙන් අහක දාන්න බෑ නේ.

      ඒත් වැදගත්ම දේ කියන්න බැරි වුනා. 2014 මානව සංවර්ධන දර්ශකය අනුව රටවල් වර්ගීකරණය කළාම ලංකාවට හිමිවුනේ 73 වැනි ස්ථානය. (2015 දෙසැම්බරයේ නිකුත් වුන වාර්ථාවට පාදක කරගෙන තියෙන්නේ 2014 දත්ත.) 2013 දීත් ලංකාව 73. එතකොට High HDI එකක් තියෙන් රටකට දකුණු ආසියාවෙන් තිබුනේ ලංකාව විතරයි. දැන් නම් මාලදිවයින 104 වැනි තැන අරන් යන්තම් High-rated රටක් වෙලා තියෙනවා. (ආණ්ඩුව ගැතිකම් කරන ඉන්දියාව 130.) 2004 දී ලංකාව 93.

      Delete
    7. මානව සංවර්ධන දර්ශකය (HDI) ගණනය කරන්නේ උපතේදී අපේක්ශිත ආයු කාලය, අධ්‍යාපනය ලබන කාලයේ සමාන්‍යය, සහ කලින් සන්දහ කල ඒක පුද්ගල දල ජාතික නිශ්පාදනය. මුල දෙකට හේතුව දශක ගණනාවක් තිබෙන නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, වැනි දේවල් නිසා. මේවගේ දේවල් දි‍යුණු වීමට දශක ගණනාවක් යනවා. ඒක පුද්ගල දල ජාතික නිශ්පාදනය පමණයි මානව සංවර්ධන දර්ශකයට අදාලව පසුගිය කාලයේ වෙනස් වුණේ. ඒකට හේතුව මම කලින් කිව්වා.

      Delete
    8. ඒත් බයියා දශකයකටත් අඩු කාලයකින් 93 වැනි තැන තිබුන රට 73ට ගෙනාවා. මහින්දගෙ වැරදි ඇති, ඒත් අන්ත දේශපාලන කුහකයෙක් නෙමේ නම් ඒ මිනිහා රටට කළ දේවල් අවතක්සේරු කරන්නේ නෑ. 2005ට කලින් ජීවත් වෙලා තියෙන කිසිම කෙනෙක්, මොන පක්ෂයක වේවා, අනේ 2005දී රනිල් ජනාදිපති උනා නම් කියලා (හෘද සාක්ෂියට එකඟව) පසුතැවිලි වෙන්නෙ නෑ මං හිතන්නේ.

      Delete
    9. බයියාගේ කාළයේ යුද්ධය අවසන් වීම ගැන ඔහුට ලැබිය යුතු ගෞරවය සැමදා හිමිවෙනවා. යුද්ද කාලයේ මගේ පෝස්ට් කියෙව්වොත් ඔබට තේරෙයි මම ඒ ගැන කොපමන කියා තිබෙනවාද කියලා. මානව හිමිකම් දර්ශකය ගැන ඔබ කිය දේ 1989 කාලයේ අපි අතර තිබූ විහිළුවක් මතක් වුනා. එම කාලයේ ජනාධිපති ප්‍රේමදාස මහතා රටේ ඒක පුද්ගල දල ජාතික නිශ්පාදනය ඩොලර් 2000 කරන බවට ප්‍රකාශයක් කලා. එය ගණනය කරන්නේ රටේ දල ජාතික නිශ්පාදනය රටේ ජනගහණයෙන් බෙදීමෙන්. එවිට එය ඉහල යාමට එක්කෝ දල ජාතික නිශ්පාදනය ඉහල යායුතුයි නැත්නම් ජනගහණය පහල යායුතුයි. එමනිසා එම කාලයේ ඝාතන සිදුවූයේ ජනගහණය අඩුකිරීමෙන් එක් පුද්ගල දල ජාතික නිශ්පාදන වැඩිකිරීමට බව කීම එම විහිළුවයි.

      රටේ අධික වියදමකින් විශාල ලෙස සිදුවූ පාරවල් සහ ගොඩ නැගිලි ඉදිකිරීම් වියදම් නිසා ඉහල ගිය දල ජාතික නිශ්පාදන දත්ත වලින් ලංකාවේ මානව සංවර්ධනය ලෝකට සාපේක්ශව ඉහල ගියා කියනවනම් අර ප්‍රේමදාස මහත්තයා ගැන කිව් දේ තමයි කියන්න තියෙන්නේ.

      Delete
    10. Looks like you don't know anything about deficit-spending. The newly elected Canadian government does it. Bernie Sanders is going to do it if elected President. Ranil and clan are still relying on colonial age economics.

      Delete
    11. deficit-spending ගැන නොදන්නා කෙනෙක් මෙතනින් ඒ ගැන කියවන්න. එවිට මේ නිර්ණාමිකව කමෙන්ට් දමන පුද්ගලයා මේ ගැන දැනීම අඩු අය නොමග යැවීමට කරන ලැජ්ජා සහගත උත්සාහය හෙළි වනු ඇති. අය වැය පරතරය අඩු රටවල් සමහර විට recession අවස්ථාවල රැකියා උත්පාදනයට රුකුල් දීම් අරමුණු කරගෙන අයවැය පරතරය වැඩි කර මුදල් සමාජයට යන ආකාරයේ ව්‍යාපෘති කරනවා. මෙය කරන්නේ නිශ්චිත කාල සීමාවකට. දැනට දශක ගාණක සිට ලංකාවේ අය වැය පරතරය වැය ඉතා වැඩියි. එම නිසා කිරීමට කියා එය තවත් වැඩි කිරීමට හැකියාවක් නැහැ. එම අයවැය පරතරය පියවා ගත්තේ ණය වලින්.

      මෙම පුද්ගලයාගේ තර්කයෙන් යුද්ධය අවසාන වුණ 2009 සිට රටේ ණය ප්‍රමාණය බිලියන 3,229 කින් එනම් බිලියන 4,161 සිට බිලියන 7,390 දක්වා වැඩි කරමින් කලේ ආර්ථික විද්‍යානුකූල අරමුණු සඳහා කල deficit-spending එකක්ද යන්න වැටහෙනු ඇති. අතිරික්ත වියදම් කරමින් සුදු අලි නිර්මානය කිරීම කවර රටක් වත් කරන්නේ නැහැ. ඉදිකරණ අවධියේ සහ ඉදිකිරීම අවස්න වූ පසුත් රැකියා උත්පාදනය වන දේවලට පමණක් තමයි එසේ වැඩිපුර ආයෝජනය කලයුත්තේ.

      එසේම deficit-spending වැනි උපායමාර්ග කෙටිකාලීනව පාවිච්චි කිරීමේදී එම මුදල් රටේ සංසරණය වීම සිදුවිය යුතුයි. විදේශ සමාගම් , ආනයනය කල දේවල් යොදාගෙන සමහර විට විදේශිකයින් රැකියාවට ගෙන කරන වියදම් වලින් අවශ්‍ය රැකියා ප්‍රමාණය උත්පාදනය වෙන්නේ නැහැ. එසේ රැකියා උත්පාදනය වූවානම් තාක්ශණය අතිශයින් දියුණු වූ දශකයක රාජ්‍ය සේවය දෙගුණයක් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.

      සමාජයට මුදා හරින මුදල් එමරටේ නිශ්පාදනය වන දේවල් හා සේවා සඳහා යොමු නොවුනොත් වලින් කරන්න උත්සාහ කරන දේ වෙන්නේ නැහැ. අපේ රටේ වියදම් වලින් වෙන රටවල රැකියා උත්පාදනය වෙලා වැඩක් නැහැ. එමනිසා බයි ආණ්ඩුව හැම දාම කලාක් භෞමික අඛන්ඩතාවය, උන්ඪුක පුච්චය වැනි ලොකු වචන කියමින් මහජනතාව මුලා කිරීමක් පමණයි මේ පුද්ගලයා කරන්නේ.

      Delete
    12. මේ ඇනෝලා වගේ උන් නගන ගොන් තර්ක සර්ව සාධාරනයි...

      අජිත් නෙවාඩ් කබ්‍රාල්, බැසිල් රාජපක්ෂ හා සජින් වාස් ගුණවර්ධන කියන අලි බාබාටත් එහා කම්බා හොරු ඔක්කෝම එලියේ ඉන්න කොට.. මේක ආන්ඩුවේ බැරි බැරියාව කියලා සබ්ජෙක්ට් එක නොදන්න ඕන හරකෙක් පිලිගන්නවා... අද වෙල තියෙන්නේ ඒකයි...

      එක්කෝ මුන් අල්ලලා ඇතුලට දාලා.. සී එස් එන් කේස් එක, තාජුඩින් කේස් එක වගේ හැමදාම පත්තර පිටු පුරවන්න ඕන...

      එහෙම නැත්නම් ආන්ඩුවේ උන් හැමදාම මේවා ගැන කතා කරන්න ඕන... මේ පන්සල් උගස් තියලා මිලියන 50 - 60 ගත්ත පොඩි හොඋර් ගැන කතා නොකර.. එහෙම කතා කරන්න පුළුවන් උන් එජාපයට නෑ... ඒක නිසා සල්ලි දීලා හරි එස් බීලා, විජිතමුනි සොයිසා වගේ උන් හයර් කරන්න ඕනා..

      Delete
    13. දැන් ඉයන් මහත්මයා ණය ගැනමනේ කතාව. ණය ප්‍රමාණය GDP එකේ percentage එකක් විදිහට නොගෙන දැනීම අඩු අය නොමග යවන්න හදන්නේ ඔබතුමා නේ.

      "Using a debt to GDP ratio is one of the most accepted measures of assessing the significance of a nation's debt." (from Wikipedia)

      2004 දි ලංකාවේ ණය GDP එකේ % 102%. 2014දි 76%.

      Delete
    14. quote .. In economics, the debt-to-GDP ratio is the ratio between a country's government debt and its gross domestic product (GDP). A low debt-to-GDP ratio indicates an economy that produces and sells goods and services sufficient to pay back debts without incurring further debt. unquote Wikipedia. මේ අර්ථ දැක්වීම අනුව 2009 සිට ණයවී ඇති මිලියන 3,229,477 ගෙවීමට ආදායම් උපදවන ව්‍යාපෘති සිදුවී තිබෙනවානම් කියන්න. විශාල ලෙස මුදල් ගසා කෑ ව්‍යාපෘති කර එම මුදල දළ ජාතික නිශ්පාදනය ලෙස දැක්වූ පලියට ණය ගෙවෙන්නේ නැහැ. දළ ජාතික නිශ්පාදනය ඉහල ගියේ මේ වගේ හොර ව්‍යාපෘති නිසා මිස ඇත්තටම රටේ නිශ්පාදනයේ ඉහල යාමක් නිසා නොවේ. විදේශ ණය ගෙවීමට යොදාගත හැකි ඇඟළුම් කර්මාන්තයෙන් එන ඩොලර් ටික ජී එස් පී + නැතිකර ගැනීමෙන් බංගලාදේශයට පූජා කල, යුරෝපයට යවන මත්ස්‍ය අපනයන නැතිවීම වැලක්වීමට නොහැකිවූ අය විදේශ ණය ගෙවන්නෙ ජනාධිපති උපදේශක ලෙසා 500 කට පමණ දු රැකිඅ වලට රටේ මුදලින් ගෙවන රුපියල් පඩියෙන්ද?

      Delete
    15. [රජයේ සේවකයන් ප්‍රමාණය 2005 දී ලක්ශ 7 2014 වන විට මිලියන් 1.4 දක්වා වැඩිකිරීමෙන් රටේ මුදලින් පඩි ගෙවන රැකියා ඇතිකර විරැකියාව අඩුකිරීමෙන් ඇති ඵලය කුමක්ද? ]

      ඒ වැඩි කරපු ලක්ෂ හතටත් එක්ක ලක්ෂ 14 ටම රු.10,000/- ගානේ පඩි වැඩි කරලා පුකෙන් යන මට්ටමට කෙලෝ ගත්තෙත් මහින්ද වෙන්න ඇති
      අනේ යන්න පොයියෝ යන්න. රුපියල් 10,000/- කින් පඩි වැඩි කරපු නිසා අවුරුද්දකට රුපියල් බිලියන 168 ක් දරන්න වෙන එක ඔහේට අවුලක් නැද්ද
      ඒ මුදල හිටන් හුටං සහ ලොටන් ඉන්නකල් ඉතරක් නෙමේ හැමදාම ගෙවන්න වෙන බව ඔය බබා උක්කුන් දන්නේ නැද්ද, එහෙම නැත්තං එව්වා ඔහේගේ විසේසග්න මොළේට අහු වෙන්නේ නැද්ද

      දැන් එතකොට තමුන් කඩේ යන මොට්ට ආණ්ඩුව රටේ අනිත් මිනිස්සුන්ගේ හුරගෙන හැම අවුරුද්දෙම බිලියන 168 ගානේ අර ලක්ෂ 14 ට දෙන එක තමුන්ට ගැටළුවක් නැහැ
      හැම අවුරුද්දෙම ඔය 168 ට තව ටික ටික එකතු කරන්න වෙන බවත් මතක තියා ගන්න මහත්තයෝ

      Delete
    16. බයි භාශාවෙන් ලියා තිබුණත් ඔබ ගෙන හැර දක්වා ඇති කරුණ ඉතා වැදගත් එකක්. ඔබ කිව් ලෙසම මෙවන් විශාල වැඩිවීමකින් අය වැයට ලොකු බරක් වැටෙනවා. එය චන්ද පොරොන්දුවක් ඉටුකිරීමක්. එය හොඳ ආර්ථික කළමණාකරණ තීන්දුවක් නොවේ. රටේ ණය ප්‍රමාණය ගත්තොත් එය මෙම ප්‍රමාණයෙන් ඉහල යා හැකියි. එනමුත් කොන්ත්‍රාත් මෙන් නොව මෙම මුලු මුදලම යන්නේ රටේ මිනිසුන් කොට්ඨාශයක් අතට. එයින් ඉල්ලුම වැඩි වීමක් වෙනවා. ඒකට සැසඳෙන දේශීය භාණ්ඩ සහ සේවා නිශ්පාදනය නොවුණොත් එය කෙලින්ම උද්ධමනයට බලපානවා. බඩු මිල ඉහල යාම වැනි දේ සිදුවෙනවා. මෙම මුදල යන්නේ මධ්‍යම පන්තියට බැවින් ඔවුන් එය වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ ළමයින්ගේ ටියුෂන් වැනි සේවා සපයන්නන්, ණය ගෙවා දැමීම, හෝ ඉතිරිකිරීමටත් විය හැකියි. මොවුන් අතින් වන විදේශ නිශ්පාදන වලට ඇතිවිය හැකි ඉල්ලුම සාපේක්ශ වශයෙන් අඩුයි.

      ණය පැත්ත ගත්තොත් එය දේශීය වශයෙන් ණය වලින් හෝ පාරිභෝගික භාණ්ඩ වලින් බදු ලෙස සොයා ගැනීමේ සම්භාවිතාව වැඩියි. බොහෝ විට තෙල් මිල අඩුවීමේ වාසිය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට දී නොමැති එක හේතුවක් මේක කියලයි මම හිතන්නේ. බඩුවලින් උපයා නොගත්තොත් රටෙ දේශීය ණය ප්‍රමාණය මෙම ගණනින් ඉහල යනවා. එය සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය වසරකට 2% ක් වැනි මුදලකින් ඉහල යයි. රජය උද්ධමනකාරී ක්‍රමයක් එනම් මුදල් අච්චු ගැසීමකට පෙලඹුනොත් එයින් වන්නේත් බඩු මිල ඉහල යාමයි. කෙසේ වෙතත් කලින් යමෙක් කියා තිබූ පරිදි මිනිසුන් අතරට මුදල් යන එක නිසා නිශ්පාදන සහ සේවා අංශ වල අලුත් රැකියා ප්‍රමාණයකුත් ඇතිවෙයි.

      කෙසේ වෙතත් මෙය විදේශ ණය ප්‍රමාණයට බලපෑමක් නැහැ. අද තිබෙන ණය උගුලේ විශාලතම ප්‍රශ්ණය වන්නේ දේශීය ණය නොවෙයි. විදේස් ණය ලබාගෙන ඒවා ආපසු ගෙවීමට නොහැකි ව්‍යාපෘති වල යොදවා තිබීම. උදාහරණයකට මත්තල ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය වියදම් කළ මුදලින් භාගයකට පමණ මුදලක ඉදිවී, ඒ සමඟම ලන්කාවට එන නැව් සහ ගුවන් යානා ප්‍රමාණය විශාල ලෙස ඉහල ගොස් තිබුණානම් එයින් උත්පාදනය වන විදේශ විනිමය ණය ගෙවා ගන්න පාවිච්චි වෙන්න තිබුණා.

      රාජ්‍ය සේවකයින්ට දුන් වැටුප් වැඩිවීමෙන් ගසා කෑමක් හෝ විදේශ ණය බරක් ඇති නොවීම යන කරුණු මත එය ණය උගුල ප්‍රශ්ණ්යට කරන බලපෑම ඉතා අඩුයි.

      ඔබගේ ප්‍රශ්ණයට බොහොම ස්තූතියි

      Delete
    17. Indian oil කොම්පැනියට ගහලා තිබුන tax එකත් අයින් කරලා බිලියන ගණනක් ලාබය ගෙඩිය පිටින් ඉන්දියාවට අරගෙන යන්න දීලා තියෙන්නේ ඒ බදු සල්ලි වලින් ණය ගෙවන්න ඇකැප ඇති.

      Delete
    18. ඒකනේ ඇනෝ කියන්නේ මේ කස්ටියට ඕව තේරෙන්නෙ නැහැනෙ.

      Delete
    19. [රාජ්‍ය සේවකයින්ට දුන් වැටුප් වැඩිවීමෙන් ගසා කෑමක් හෝ විදේශ ණය බරක් ඇති නොවීම යන කරුණු මත එය ණය උගුල ප්‍රශ්ණ්යට කරන බලපෑම ඉතා අඩුයි. ]

      ඔයාගේ විසේසග්න දැනුම ගැන සැක පහළ වෙන ඒවා ලියන්න එපා මෙයා
      ඒ බිළියන 168 ආණ්ඩුවේ මිනිස්සුන්ට දෙන්නෙ වුනේ නැත්නම් ඒකෙන් ටික ටික හරි ණය බර අඩු කර ගන්න යොදවන්න තිබ්බ නොවැ
      එහෙම කරන්න බැරි අපිට ණය දීපු ඇත්තෝ එහෙම ඉතුරු වෙන් සල්ලි පිළිගන්නේ නැති මොකක්හරි මෙව්වා එකක් තියෙනවද අෆ්ෆා
      මේ අපි දන්න සරළ ආර්ථිකේ

      Delete
    20. ඔබ සරල ආර්ථිකේ දන්න එක හොඳයි. අනික ඒක කමෙන්ට් එකෙන් පේනවා. මගේ තර්කය වුණේ මෙච්චරයි. දේශීය ණය රජයට ඕනම විදිහකට කළමණාකරණය කරන්න පුලුවන්. බැරි තැනක සල්ලි අච්චු ගහන්නත් පුළුවන්. ණය උගුල තියෙන්නේ විදේශ ණය වලින්. මම කිව්ව අනික කාරණේ රාජ්‍ය සේවකයින්ට දුන් මුදල විදේශ ණය වලට අදාල නැහැ කියන එකත්, එම දුන් මුදල වාර්ශිකව බිලියන 168 රටේ මුළු ණය ප්‍රමාණය වන බිලියන 7391 න් වසරකට 2% පමණක් වන නිසා එය විශාල ප්‍රශ්ණයක් නොවන බවත්. එමෙන්ම බිලියන සියගණන් එක් කෙනෙකුගේ දෙන්නෙකුගේ සාක්කු වලට යන්නේ නැතුව රටේ මුදල් සංසරණයට යන එකෙන් මිල ගණන් සහ උද්ධමනයට වෙන අවාසිත්, ඉල්ලුම පැත්ත නිසා නිශ්පාදනයට සහ රැකියා උත්පාදනයට ඇතිවෙන වාසිත් පමණයි. එය ඉතා හොඳින් තේරුණ ඔබගේ සරල දැණුමට සුබ පැතුම්

      Delete
    21. ඉයන් ඔයා මේ මොනවද කියන්නේ? අවුරුද්දකට මුළු ණය ප්‍රමාණයෙන් 2%ක් කියන්නේ සුළු පටු ගාණක්ද? ඔන්න 0.2%ක් නම් කමක් නෑ. දල වශයෙන් ගනන් හැදුවොත් අවුරුද්දකට 2%ක් නම්, අවුරුදු 10ට 20%යි. ජාතික ණය ප්‍රමාණය අවුරුදු 10කින් 20%කින් අඩු කරගන්න පිළිවන් කියන්නෙ මොන තරම් දෙයක් ද. අනෙක IOC එකේ බද්ද ඉවත් කළේ මොන පදනමකින්ද? තෙල් මිල අඩු නොකර එකේ ලාබය ඉන්දියාවට දෙන්නෙ යකෝ මේවට ඉතින් කුණුහරුප තමයි කියන්න තියෙන්නේ. ආණ්ඩුවට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නෑ කියලා පිළිගන්න ඔයාට බැරි ඇයි?

      Delete
    22. යුද්ධය අවසන් වූ 2009 සිට 2014 වන විට රාජ්‍ය ණය ප්‍රමාණය සියයට 77% කින් වැඩි වීම සලකා බලන විට වසරකට 2% කියන්නේ අඩු ප්‍රමාණයක්. එය චන්ද පොරොන්දුවක් ඉටු කිරීමක්. ආර්ථිකයට හොඳ දෙයක් නෙමෙයි. එය දීල ඉවරයි. එය දේශීය ණයක්. ප්‍රශ්ණය තියෙන්නේ ඩොලර් වලින් ගෙවිය යුතු විදේශීය ණය. තෙල් මිල අඩු නොවීම නිසා අයි ඕ සී ලබන අසාධාරණ ලාභය ගැන ටිල්වින් සිල්වා මහතා පෙබරවාරි 12 දින පුවත්පත් සාකච්චාවකදී පෙන්වා දුන්නා. රජය එය මත බද්දක් පනවා අය කරගත යුතුයි.

      මීට පස්සේ එකම දේ කියන කොට උත්තර දෙන්නේ නැත. එම කමෙන්ට් අයින් කර දමමි.

      Delete
    23. ඉයන් වගේ කොල පාට කන්නාඩි දා ගත්තු unp අරටු වලට රටේ සිද්ධ වූ ඉදි කිරීම් වැදගත් නැති වුනාට රටේ බහුතර ජනතාවට ඒවා වැදගත්
      රට තුළ සිද්ධ වුන මාර්ග පද්ධතියේ දියුණුව, ඉයන්ලා වගේ unp හාමුලා සත පහකට වැඩක් නැහැ කියන නොරොච්චෝලේ (වැඩක් නැති වුනාට රටේ විදුලි බල අවශ්‍යතාවයෙන් 45% ක් සපයන්නේ ඒකෙන්), අධිවේගී මාර්ග, ඉතා වැදගත් සන්ධිස්තානයක ඉදිකළ හම්බන්තොට වරාය, මත්තල (මේවා අසාර්ථක බව පෙන්වන්න ඒවා අකර්මන්‍ය කරවන කොල කන උදවිය සිටින රටක ඒවායේ ප්‍රතිලාභ රටට ලබා ගැනීමේ අවස්ථාව අවහිර කිරීමේ ගැටළුව හැරෙන්නට ඉදිකළ අවසන් මෙවැනි ව්‍යාපෘති හරහා ප්‍රතිලාභ රැසක් රටට ලබා ගත හැකිය)
      ඉයන්ලා දන්නවද දන්නේ නැහැ ඔය කියන දුෂිත යුගයේ ලංකාවේ නැනෝ තාක්ෂණ පර්යේෂණාගාරයක් පවා ලංකාවේ ඉදි කෙරුණු බව, ඊට අමතරව ගමේ ඉස්කෝල වලට කම්පියුටර් ලැබ් කීයක් ලැබුනද, දුප්පත් ළමයි කී දෙනෙක් ඒවායෙන් ප්‍රයෝජන ගනියිද. ඒවායෙන් ප්‍රයෝජන අරගෙන උන් ඉගෙන ගත්තොත් ගහකට හරි යවන්න එකෙක් ඉතුරු වෙන්නෙ නැති නිසාද ඉයන් ලා මහින්ද කරපු වැඩ ඔක්කොම වැරදි විදිහට පෙන්වලා සමාජ ගත කරන්න හදන්නේ

      ඔය කියන ණය ප්‍රමාණය 77% කින් වැඩි වෙන්නේ මෙවැනි වැඩ ප්‍රමාණයක් රට තුළ සිද්ධ වීම හරහා.
      ඉයන්ලා කුරුඳුවත්තේ ඉඳගෙන බලාපොරොත්තු වෙනවා ඇති ගමේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට මොකටද හොඳ පාරවල්, පහසුකම් සහිත හොඳ ඉස්පිරිතාල, විදුලි බලය, ටැප් වතුර, ගොවිතැනට වතුර, ළමයින්ට කොම්පියුටර් කියල.
      සැබෑ ටොයියෝ බහුතරයක් එහෙම තමයි, වඩා කැමති හාමුලා විදිහට වැජබෙන්න. තමන් විඳින සැප අනිත් මිනිස්සු විඳිනවා දකින්න කැමති නැහැ.

      ඔබලා වැනි පටු රදළ මානසිකත්වයේ ඉන්න මිනිස්සු කැමති නැහැ එවැනි ව්‍යාපෘති හරහා රටේ දුප්පත් මිනිස්සුන්ට ලැබිච්ච ප්‍රතිලාභ දකින්න. ඔබ කතා කරන්නේ ඒ සත්‍යය සඟවලා. ගොවිතැන අසාර්ථක වෙලා වස බොන ගොවියෝ රටේ නැති වුනේ මෙවැනි ව්‍යාපෘති නිසා. (ඒකට පොහොර සහනාධාරය සහ කලින් වී වලට ලැබුණ හොඳ මිළත් හේතු වුනා) ගොවිතැන් අසාර්ථක වුවත් කුමක් හෝ ව්‍යාපෘතියකට තමන්ගේ ශ්‍රමය සපයලා ඉතා හොඳ වේතනයක් ලබා ගැනීමට ඒ මිනිස්සුන්ට පුළුවන් වුනා.
      වතුවල ඉතා අඩු ශ්‍රමයට සේවය සපයන්න නියම වෙලා තිබ්බ වතුකරයේ දෙමළ ජනතාව, යුද්ධයෙන් පීඩා වින්ද දෙමළ මිනිස්සු මේ ව්‍යාපෘති හරහා හොඳ වේතනයක් ගත්තු එක ඔබ නොදකින්නේ ඇයි.

      ඔය 77% ණය මුදල ව්‍යාපෘති වලට යෙදෙව්ව වගේම ඒ සල්ලි ප්‍රමාණය ඒ ඒ ව්‍යාපෘති එක්ක කොන්ක්‍රීට් වෙලා විනාස වෙලා ගියේ නැහැ, ඒ මුදල් වලින් සැලකිය යුතු කොටසක් රටේ ජනතාව අතරටයි ගියේ.

      ශ්‍රමය සඳහා පඩි වශයෙන්, වාහන ඇතුළු වෙනත් සේවා සඳහා ගෙවීම් වශයෙන්, ඉදි කිරීම් අමු ද්‍රව්‍ය සැපයීම සඳහා ගෙවීම් වශයෙන්, ඉදි කිරීම සහ සැළසුම් කිරීමේ ආයතන සඳහා ලැබෙන ගෙවීම් වශයෙන්. මීට අමතරව වක්‍රාකාරව මුදල් ලැබිච්ච මිනිස්සු සෑහෙන හිටියා, ව්‍යාපෘති වලට තමන්ගේ ගෙවල් දොරවල් කුළියට දීපු මිනිස්සු, ව්‍යාපෘති වලට කෑම බීම සපයපු මිනිස්සු සහ තවත් නොයෙකුත් පරාසයන් කරා ඒ මුදල් බෙදී ගියා.

      නිකම්ම නිකං 10,000/- ක් පඩි වැඩි කරලා පවතින ණය මුදලෙන් 2% ක් ජන්ද පොරොන්දුවක් වෙනුවෙන් දීපු එක සාධාරණිකරණය කරන ඉයන්ට ඇයි පිළිගන්න බැරි ඒ බිළියන 168 තිබ්බනම් අයවැය හිඟය පියවන්න හරි ඉදිරියේදී ලබා ගන්න සිද්ධ වෙන වෙනත් විදෙස් ණයක් හෝ නොගෙන ඉන්න තිබ්බ එක රටට වාසියක් බව.
      ඒක දේශීය ණයක් විදිහට නොසලකා හරින්න හදන්නේ ඒක unp එක මුල්වෙලා කරපු වැඩක් නිසා වෙන්න ඇති.
      මහින්ද සමයේ අච්චර ගත්තා මෙච්චර ගත්ත කියල බෑඟිරි ගහන්නේ නැතුව ඒ අවස්ථාව මේ ආණ්ඩුව නැති කර ගත්තු බව ඉයන්ට පේන්නේ නැත්තේ මොකද

      Delete
    24. AnonymousMarch 1, 2016 at 11:22 PM
      මහින්ද ගෙනාවා? යකෝ එතකොට මහජනතාව මොකුත්ම කලේ නෑ තමන් දියුණු වෙන්න. ඔක්කොම මහින්දගෙ වැඩ. වෙන රටවල් වල නම් රට දියුණු වෙනකොට හැම එකකකටම දේශපාලඥයෝ ක්‍රෙඩිට් දාගන්නෑ. අපේ රටේ ඉන්නෙ හැම එකකටම මහින්ද මහින්ද...නැනම් රනිල් රනිල්..ප්‍රේමදාස ආවඩන උන්. දැන්වත් තමන්ටත් ක්‍රෙඩිට් දාගන්න පුරුදුවෙන්න. මොකද තමන් තමන්ට කරගත්තෙ නැත්නම් කොහෙද දියුණුවක්!

      Delete
  9. ගොඩක් හොදයි ඉයන් පැහැදිලි කිරීම,
    බය්යෝ විතරක් නොමෙයි ටෝය්යොත් මේවා හරියට දැන්නේ නෑ.
    මේ රජයත් ඉදිරියේ ඉතා අපහසු ආර්ථික තත්ව වලට මුහුණ දෙන්න වෙනවා රනිල් ඇතිවී ඇති තත්වය රටේ මහජනතාවට හරියට පැහැදිලි කිරීමට අපහසු වුනොත් හිටපු හොරු රැලම නැවත බලයට එනවා.
    මේ අතර මේ රජයත් වැරදි පාරේ යනවිට ගඩොල් බාගේ අතට ගන්න අමතක කරන්න එපා

    ReplyDelete
  10. අර්ජුන් මහේන්ද්‍රන් බැඳුම්කර මකොල්ලකෑවෙත් කබරාලගේ කාලෙම නේද? එහෙම නැත්නම් එවැනි මන්කොල්ලයක් වුනේම නැත්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක නිසා තමයි රට මෙච්චර ණය වුණේ. උඹෙත් ටිකිරි මොලේ !!

      Delete
  11. // නව රජය රුපියලේ නියම අගයට යාමට හැරීමෙන් මෙම අවාසිදායක තත්ත්වය වෙනස් විය. නව රජයෙන් තම විදේශ මුදල් වලට එසේ අසාධාරණ රැකවරණ නොලැබෙන බව දත් 'ආයෝජකයන්' කලේ රුපියල අවප්‍රමාණ කිරීමට ආසන්නයේම ඔවුන්ගේ රුපියල් බැඳුම්කර විකුණා ඩොලර් රැගෙන යාමය. //

    ඔන්න නියම ආර්තික කලමනාකරනය...
    ස ර ස තුමා කල්පනා කරන්නේ එක ඩොලරයක් රුපියල් තුන්සීයක වගේ අගයක පවත්වාගන්න ඕනෑ කියලා...
    එතකොට විදේස මුදල් වලට අසාදාරන රැකවරන ලැඹෙන්නෙම නැහැනේ....

    ReplyDelete
    Replies
    1. මචං ජෝක් දාන එකෙන් ප්‍රයෝජනය මොකද්ද? ඔව් ඩොලරය රුපියල් 300 ට ගියොත් ලංකාවේ අපනයන ප්‍රමාණය අපනයන ක්ශේත්‍රයේ රැකියා ඇතිවීම වැඩි වෙයි. ඒ වුනාට අපනයනය කරන අහාර වල මිලට මොකද වෙන්නේ? මේ දෙක බැලන්ස් කිරීම රටක් කල යුතුයි. එහෙම නැතිව බලෙන් රුපියල හිර කිරීමෙන් වෙන්නෙ අපනයන පහල වැටෙන එක.

      Delete
    2. විදේශ වල අපේ අපනයන වල මිල වැඩිවීමෙන් අදාළ භාණ්ඩයට ඇති ඉල්ලුම අඩුවී අපනයන ආදායම අඩුවන ආතර. ආනයන වියදම උහුලන්න බැරි විදියට වැඩි වෙයි. හරි සරලයි

      Delete
    3. //විදේශ වල අපේ අපනයන වල මිල වැඩිවීමෙන් අදාළ භාණ්ඩයට ඇති ඉල්ලුම අඩුවී අපනයන ආදායම අඩුවන ආතර//

      ඩොලරය රුපියල් 300 ට ගියොත් ලංකාවෙන් පිටරට අරින දේවල ඒරටවලදී මිල පහල යනවා ඒ නිසා ඉල්ලුම වැඩි වෙනවා, නිශ්පාදනය වැඩි වෙනවා, රැකියා උත්පාදනය වැඩි වෙනවා.

      Delete
    4. //මචං ජෝක් දාන එකෙන් ප්‍රයෝජනය මොකද්ද? //

      ඉයන්තුමාලා ජෝක් නොදමා ෆුල් සීරියස් ඉන්නා සඳ සර ස තුමා ගේ මෝඩ ජෝක් ඇලජික් වෙලා.... පොඩ්ඩක් හිනාවෙලා රිලැක්ස් එකේ ඉන්න ඉයන්තුමෝ!

      Delete
    5. // ඩොලරය රුපියල් 300 ට ගියොත් ලංකාවෙන් පිටරට අරින දේවල ඒරටවලදී මිල පහල යනවා ඒ නිසා ඉල්ලුම වැඩි වෙනවා, නිශ්පාදනය වැඩි වෙනවා, රැකියා උත්පාදනය වැඩි වෙනවා. //

      බොලේ හැබෑට.... ස ර ස තුමා ගේ ඩොලරය රුපියල් තුන්සීයට නඟ්වමු ... රැකියා සුලබ කරමු සෙල්ලම සැබෑ වෙන්න නේ යන්නේ..........

      Delete
    6. @ ඉයන් \\ඒ වුනාට අපනයනය කරන අහාර වල මිලට මොකද වෙන්නේ? //
      ආනයනය ද මචො...!

      Delete
    7. සමාවෙන්න ඔබ නිවැරදියි,
      ඔව්‍ මේ ක තමයි චීනය කරන්නේ අපට තියන ප්‍රශනය මෙහෙම කලොත් ආනයන වියදම වැඩිවීමයි, චීනයට එම ප්‍රශ්නය නෑ

      Delete
    8. //ස ර ස තුමා ගේ ඩොලරය රුපියල් තුන්සීයට නඟ්වමු//
      වයස නිසා සාර ස තුමාගේ 'ඩොලරය' නග්ගන්න වයාඝ්‍රා ගන්න වෙයිද දන්නෙ නැහැ. හැක්

      Delete
    9. // වයස නිසා සාර ස තුමාගේ 'ඩොලරය' නග්ගන්න වයාඝ්‍රා ගන්න වෙයිද දන්නෙ නැහැ. හැක් //

      එක වියාග්‍රයෙකුට නොව වියාග්‍රයෝ දහ දෙනෙකුට උවද එම කර්තව්යය කිරීම සිදු කල නොහැකි බව ස ර ස තුමා වගකීමෙන් දැනුම්දෙමි!

      :D

      Delete
    10. හෑ උඹ එහෙනම් ව්‍යාඝ්‍රියො නැතුව ව්‍යාග්‍රයෝ පස්සෙන් යන එකෙක්ද?

      Delete
    11. // හෑ උඹ එහෙනම් ව්‍යාඝ්‍රියො නැතුව ව්‍යාග්‍රයෝ පස්සෙන් යන එකෙක්ද? //

      පස්සෙන් පන්නන් එන වියාග්‍රයෝ ඉස්සරහින් දුවන එකෙක් කියලා හිතුවද? :D

      හැට පැන්නාම එක රටකින් MPF එකයි තව රටකින් Unisuper එකයි එකතු කොරගන්න බලා ඉන්නා ස ර ස තුමාට ඩොලරය රුපියල් තුන්සීයට යෑමේ සන්කල්පය ඉතාම ගුනදායකය!

      Delete
  12. ගුඩ් ටු නොව්.. කොමෙන්ට් ටිකත් එක්ක පොස්ට් එක කියෙව්වම සැහෙන්න අවබෝධයක් එනවා. ස්තුතියි!

    ReplyDelete
  13. සෑහෙන හෙමින් අවධානෙන් කියෙව්වා... නොදන්න දේවල් නෙව.
    ජයවේවා..!!

    ReplyDelete
  14. Kanagatuwata karane thawamath Rajapaksha passe yana mee gon ralakuth inna ekane!Unta mona sankya lekana idiripath kalath un piliganne naha.Unta ona Rajapakshage rawulayi,buriyata angillen anina ekayi witharayi.

    ReplyDelete
    Replies
    1. රටට තිබිය යුතු ආදරය ලංකාවේ ඉතිහාසයේ පහලවූ ලොකුම හොරාට යොමු කිරීමට පසුගිය කාලයේ කල බොරු ප්‍රචාර වලට වශී වෙච්ච නූගතුන් සහ රට කාබාසිනියා කල රෙජිමයෙන් යැපුණු පුද්ගලයන් වෙනස් කරන්න බැහැ.

      Delete
  15. අනේ ඉයන් මහත්තයෝ දැන් ඔබතුමාම කියල තියෙනවා නේද මහින්ද රජ වෙනකොට ලන්කාවේ ණය බර කීයච කියල. ඒවායින් බහුතරය ආවේ කොහොමද දන්නෙ නෑ. මහවැලිය ප්රොජෙක්ට් එක ණයට කරපු ‍ප්රොජෙක්ට් එකක්. ඒ මදිවාට ඒක ෆේල් වෙච්ච ප්රොජෙක්ට් එකක්. පදනමක් ඇතුව වාද කරමු. නැතුව නිකන් බොරැවට ඩොලර් වලට කැහැලා වැඩක් නෑ.......

    ReplyDelete
  16. It's no wonder this country is going downhill when we have idiots like the author of this post. ROFL

    ReplyDelete
    Replies
    1. Don't worry Ano there is still 4.7 'brainy' people who voted for the 'king', and possibly bring him back to rescue the (rouge family members from prison) and the country'. ROFL.

      Delete
  17. හොඳ පැහැදිලි කිරීමක්, නම්ටුහ් ප්‍රශ්නය තියෙන්නේ මේ යථාර්ථයේ නොවේ, මේ කාරනා ජාතාවට පිළිගත් ඇහැකි අයුරින් ඉදිරිපත් නොවීම, ඒ අතරම කොළඹ කලින් තිබුණු පිරිසිදු කම නොමැති වීම වගේ සරල කාරනා වලදී පළාත් පාලන ආයතනයක වගකීම් පහර් හැරීම තුලින් ජනතාව තුලට යන්නේ දැන් මේවා කෙරෙන්නේ නෑ කියන හැගීම, ජනතාවගෙන බහුතරය ආර්ථික විශ්ලේෂකයන් නෙවේ ,

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉවාන්. ඒවගේම ගොම්මන්පිල, බන්දුල, වැනි අය ආර්ථික විශ්ලේශකයන් ලෙස පිලිගන්නේත් එම 'ජනතාවමයි'.

      Delete
    2. එකට හේතුව ගොම්මන්පිලයි බන්දුලයි දෙන්නා මිනිස්සුන්ගේ බොක්කට කතා කරනවා , මහින්ද කලෙත් ඒක. යූ .ඇම්.පී එකේ එකෙක්වත් නෑ එහෙම කතා කරන්න, හරබර සංවාද වලින් සාමාන්‍ය ජනතාව දිනාගන් බෑ .

      Delete
    3. බොරු කීමට ඇති දක්ශතාවය අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ශය සමඟ තරඟ කරන්න යූ එන් පී නායකයො 1948 ඉඳන් කවදාවත් සමත් වෙලා නැහැ. ඒවුනාට සජිත් ආපු දවසක නම් ඒක වෙයි.

      Delete
    4. //ඒවුනාට සජිත් ආපු දවසක නම් ඒක වෙයි.// අනිවා , ක්‍රීඩා කරනකොට භුමිය අවබෝධ කරගැනීම වැදගත් , එහෙම නොවුනම නිකම්ම පරදිනවා , මිනිස්සු ඉල්ලන්නේ ඒක. ඉල්ලන දේ නොදෙනකොට මිනිස්සු හිතන්නේ මුන්ට පිස්සු කියල , අපේ සමාජය තවම ඒ තරම් පරිනත නෑ , මේ දෙපැත්ත කලමනාකරනය කරගන්න ඉගෙන ගත්තේ නැත්තං දිනන්නත් බෑ , දින්නට ඉන්නත් බෑ , රටහදන්නත් බෑ

      Delete
  18. ඉයන්, එහේ මෙහේ දිව්වත්, වෙලා තියෙන දේ හරි හැටියට මේ වගේවත් එලියට දාන එක හොඳයි...මොකද ඔබට තියෙන ආර්ථික විශ්ලේෂණ හැකියාව අපහට නොමැති නිසා...
    මේ පොස්ට් එක කියෙව්වාම මට හිතුනේ මොකක්ද ඉතින් විසඳුම කියලා..ඒ ගැන කථා කලා නම් හොඳයි...කරු ගේ අයවැය යෝජනා වල තිබුන මුල්‍ය ප්‍රතිපත්ති හකුලා ගැනීමට හේතුව ඉයන් හොඳටම දන්නවා..මිනිස්සුන්ව දැනුවත් කරන්න ඒවා ගැන. එතකොටවත් කවදා හරි ආපහු චන්දයක් තිබ්බොත් චන්දේ දෙන අය තේරුම්ගනීවි කොහොමද වැඩක් හරියට කරන්න පුලුවන් ආංඩුවක් පත් කරගන්නේ කියලා..
    මෙතන තියෙන මූලිකම කරුන නම් මේ අබ්බගාත ආංඩුව නේද..? හොරු දුෂිතයෝ කලවැද්දෝ ඒ මදිවට අර එස් බී වගේ නරුමයො අප්පච්චි වලලපු නොට්ටිගෙ පුතාල එක්ක ණය ගෙවනවා තියා ණයක් ගන්නවත් බැරි වේවි...!

    ReplyDelete
    Replies
    1. ගොඩ එන එක නම් පහසු නැහැ. ඒත් එසේ කල හැකි විධි තිබෙනවා. ඒ වුනාට අවස්ථාවාදීන් එක්ක කරන්න අමාරුවෙයි. ඒ ගැන පෝස්ට් එකක් ලියන්නම්.

      Delete
    2. // මෙතන තියෙන මූලිකම කරුන නම් මේ අබ්බගාත ආංඩුව නේද..? හොරු දුෂිතයෝ කලවැද්දෝ ඒ මදිවට අර එස් බී වගේ නරුමයො අප්පච්චි වලලපු නොට්ටිගෙ පුතාල එක්ක ණය ගෙවනවා තියා ණයක් ගන්නවත් බැරි වේවි...! //

      ඔන්න කනෝ කොමෙන්ට් කිවුවලු! :D

      Delete
  19. මේවා දැක්කා ම සරසා එහෙම ෆෝම් වෙනවා නේද??????

    ReplyDelete
  20. ස්තූතියි ඉයන්... දැනුවත් වුනා. රනිල් විපක්ෂයෙ ඉන්න කාලෙ ඉඳ හිට හරි මේ දේවල් ගැන පත්තර වලට ලියනව. දැන් වෙලාව නැතුව ඇති.

    අනික් දේ තමයි, ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්න දූෂීතයන් ආණ්ඩු පක්ෂයට දිනාගැනීම. මේක නම් තනිකර මතු මැතිවරණ ඉළක්ක කරල කිරන දෙයක් වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. පරණ එකා වගේ දවල්ට බීල, බඩු ගගහ, මල්ලිලටයි ළමයිටයි ඕන කුදයක් ගහගන්න දීල, ඉඳල හිටල සාටකේ පටලවගෙන පපුවට ගහගෙන කථාවක් දෙක දීල රට කොරන්න රනිලයට කියල දෙන්න ඕන. කොහෙද මේ යක හැම එකක්ම ඔලුවට අරගෙන කරන්න ගිහිල්ල අනාගන්නව.

      Delete
  21. කාපට් නමින් හැඳින්වෙන රෝඩ් පේව්මන්ට් ක්‍රමය ගැන ලංකාවේ මහජනතාව ඇත්තේ දුර්මතයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික වෙලාවක් ඇතිවිට ඒගැන විස්තරයක් දාන්න

      Delete
  22. කමෙන්ට් එක්ක පෝස්ට් එක කියෙවුවට පස්සේ හිතෙන්නෙම ඡන්දේ ඉල්ලලා මොකක් හරි ඇමතිපට්ටමක් ගන්නමයි...

    ස්තූතියි ඉයන් දැනුවත්කිරීමට.ලොකු දැණුමක් ගත්ත ලිපියක්.

    හැමදාම වගේ ගොං ප්‍රශ්නෙකුත් අහන්න තියනවා.මගේ තාත්තා පට්ට ටොයියෙක්.ඒවගේම තරමක් වැඩිපුර අතීතකාමයෙන් පෙලෙන්නෙක්.එයාගේ මතයට අනූව හිටපු හොඳම මුදල් ඇමති රොනීද මෙල්.ඔයකාලේ සුටං එවුන් නිසා දැනීමක් ඇත්තෙම නෑ.එයාගේ ඔය මතයට හේතුව,

    01.මහවැලිය නිසා ඇතිවුන සංවර්ධනය් ප්‍රතිලාභ රටේ සෑම තැනකටම ගලායාමද?
    02.අද තරම් සංකීර්ණ නොවූ ආර්ථික ක්‍රමයද?
    03.මෙල්ව ඉස්සරහට දාගන ආර්ථිකය මෙහෙයවූ සුපිරි මොළයක්ද?
    04.විවෘත ආර්ථිකය ආපු අලුත නිසා ඇතිවුන මැජික් එකද්ද?

    ReplyDelete
    Replies
    1. //
      01.මහවැලිය නිසා ඇතිවුන සංවර්ධනය් ප්‍රතිලාභ රටේ සෑම තැනකටම ගලායාමද? //
      ගාමිනී සමග බද්ද වෛරයෙන් පෙලුනු රොනී මහවැලියට මුදල් නොදීමට ගත හැකි සෑම උත්සාහයක් ම ගත්තා.... මුදල් සොයා ගත්තේ ගාමිනී පිටරට වලට ගොස් එම රටවලා නායකයන් හමු වී ඔවුන් ව ඉම්ප්‍රෙස් කිරීමෙනි!

      Delete
    2. සාරස තුමා හරි. රොනී ඩි මෙල් ප්‍රශ්ණය වගේම ඒ කාලයේ එම ව්‍යාපෘතියට මුදල් ලබා දීමට ලෝක බැංකුව එකඟ වුණෙත් නැහැ. විශය ඇමති කෙනෙක්ගේ කාර්‍යභාරයෙන් එහාට ගිය ගාමිණී මුදල් සොයා ගැනීමත් ඔහුම කලා. ඔහුගේ දක්ශතාව, කැපවීම ගැන යුරෝපීය රටවල් කොතරම් පැහැදුනාද කියනවනම් එක ව්‍යාපෘතියකට ආධාර කිරීමට යුරෝපීය රටවල් දෙකක් අතර තරඟයක් ඇතිවන තත්ත්වයට ගියා. ලෝක බැකුවෙන් ලැබුනේ ව්‍යාපෘති වටිනාකමින් 10% ට අඩු ප්‍රමාණයක්.

      මහවැලිය කියන්නේ බහු කාර්‍ය ව්‍යාපෘතියක්. එමඟින් රටේ කුඹුරු අක්කර ගණනාවක් අස්වද්දන්න, එවලට අඩුම නිශ්පාදන වියදමක් තිබූ ජල විදුලිය මෙගවොට් විශාල ප්‍රමාණයක් ජනනය කරන්න, ඒ වගේම විශාල ගොවි ජනපද ව්‍යාපාර වලින් ඉඩම් නැති ගොවීන්ට ඉඩම් ලැබෙන්න, ඔවුන්ට නිවාස ලැබෙන්න, ආශ්‍රිත රැකියා බිහිවෙන්න වගේ. මෙම ව්‍යාපෘතියේ ආහාර සහ විදුලිය විතරක් ගත්තත් වියදම ආපසු සොයා ගැනීම අතින් සාර්ථක ව්‍යාපෘතියක්. බොහෝ ගණනය කිරීම් කරන්නේ වී නිශ්පාදනය යොදාගෙන. මෙම කලාප වල අනිකුත් භෝග වගාවත් විශාල වශයෙන් කෙරෙනවා.

      ඒවගේම ඉදිකිරීම් තාක්ශණය අතින් ලංකාවට විශාල ප්‍රයෝජනයක් වුණා. උදාහරණයකට බ්ලොග් කරුවන් කිහිපදෙනෙක් රැකියා කල මාගා ආයතනයේ හිමිකරුත් මා දන්න විදිහට මහවැලි උප කොන්ත්‍රාත් වලින් ව්‍යාපාරික ලෝකයට ආපු කෙනෙක්. ලොව පුරා විසිරී සිටින සාර්ථක ලංකික සිවිල් ඉන්ජිනේරුවන් බොහෝ දෙනෙක් මහවැලිය සමඟ වැඩකරපු අය.

      Delete
    3. 02.අද තරම් සංකීර්ණ නොවූ ආර්ථික ක්‍රමයද?
      03.මෙල්ව ඉස්සරහට දාගන ආර්ථිකය මෙහෙයවූ සුපිරි මොළයක්ද?
      04.විවෘත ආර්ථිකය ආපු අලුත නිසා ඇතිවුන මැජික් එකද්ද?

      වෘත්තීය කලමණාකරණය කියල කිව්වොත් ඔක්කොම එකතුයි. නාන ලිඳක් හැදුවත් ඒකට නාන්න එන අය ඉන්නවනම් තමයි හදන්න ඕන. ඒකාලයේ ආහාර නිශ්පාදනය, විදුලි බල අවශ්‍යතා, රැකියා අවශ්‍යතා ආදී දේවල් ගැන සැලසුම් කපර්පු ව්‍යාපෘති. උදාහරණයකට දකුණු මුහුදේ යන නැව් වලට තෙල් දෙන්න 'ශෙඩ්' එකක් හැටියට තමයි දකුණු වරාය සැලසුම් කරල තිබුණේ. කලින් ආණ්ඩු වලින් සැලසුම් කලේ දිය කඩනය සහ තෙල් ටංකි ආදිය. ඒකට හේතුව ලංකාවට භාණ්ඩ ගොඩ බෑම සහ පැටවීමට එන නැව් වලට හම්බන්තොටට ඇවිත් වැඩක් නැහැ. ඒකට හේතුව ලංකාව කරන නාවික කටයුතු වලින් ගොඩක් කරන්නේ ට්‍රානස් ශිප්මන්ට්. ඒ බඩු යන්නේ ඉන්දියාවට. එතකොට තෙල් ගහන ශෙඩ් එක වෙනුවට සුපර් මර්කට් එකක් දැම්මොත් මොකද වෙන්නේ. දිය කඩනය විතරක් හදල වැඩි ගාණක් හොයා ගන්න බැරි නිසා කොලඹ වරාය වගේම විශාල වරායක් හදපු එකේ දැන් කර තියාගෙන යන්න තමයි වෙන්නේ. මත්තල ගුවන් තොටුපොල ගැන කියන්න තියෙන්නෙත් ඔච්චරයි. ඔඉක හදන්න තිබුන තැන ඕක නෙමෙයි, එතනත් ධාවන පථය සහ එක පර්යන්තයක් හැදුවනම් ඇති. එතකොට ශෝ එකයි ගාණයි නැති නිසා කරපු නාස්තියක් තමයි ඒක.

      Delete
    4. // එම ව්‍යාපෘතියට මුදල් ලබා දීමට ලෝක බැංකුව එකඟ වුණෙත් නැහැ. //

      එයට එකට එක කිරීමට ජේ ආර් තුමා ලෝක බැන්කු සබාපති සහ ප්‍රදාන විදායක ඩේවිඩ් හොපර් මහත්තයා ට සහ රොබට් මැක්නමාරා තුමාට අමුඩ ගස්සා මඩ ට දැක්කුවේය....

      ඉයන් තුමාට ඒක අමතකවීම පිලිඹඳව ස ර ස තුමා ගේ කනගාටුව!

      Delete
    5. ඉයන් තුමාට මතක තියෙන්නේ මහින්ද කොරපුවා ඉතාරයි සරසෝ

      Delete
    6. එහෙම කියන්න එපා ඇනෝ තුමා මට ජේ ආර් කරපුවත් මතකයි. ජේ ආර් ජයවර්ධන ගේ බිරිඳ එලීනා ජයවර්ධන රාජ්‍ය පාලනයට ඇඟිලි නොගහ ගෙවපු ජීවිතයත් මතකයි.

      එතුමාගේ එකම දරුවා රවී ජයවර්ධන රගර් ක්‍රීඩකයො මරන්නෙ නැතිව ඇමතිවරුන්ට ගෙම්බර් දාන්නෙ නැතුව ගෙවපු දිවියත් මතකයි. රවී ජයවර්ධන රජයට සම්භන්ධව කරපු කාර්‍ය දෙක වන මායිම් ගම්මාන වල ආරක්ශාවට කටයුතු කිරීම සහ එක කාලයක එල් ටී ටී යී එකට විශාල තර්ජනයක් වුණු පොලිස් විශේශ කාර්‍ය බලකාය නිර්මාණය කිරීමට මූලිකත්වය ගැනීම. රවී ජයවර්ධනගේ පුතාලා දෙදෙනා එනම් ජේ ආර් ගේ මුණුපුරන් දෙන්නා මමත් සමඟ එකට ඉගෙන ගත්තා. ඔවුන් අනික් අය වගේ සාමන්‍ය පාසැල් දිවියක් ගෙව්වා.

      අවසාන මතකය තමයි ජේ ආර් පරම්පරාවෙන් තමාට අයිතිවෙච්ච් දේපල සියල්ලම ජයවර්ධන කේන්ද්‍රය හරහා රටට තියලා ගිය එක.

      Delete
    7. හරි සුදු පාට චෝයි අලි පැටව ටික, එයාල සියඹලා ගෙනල්ලම නැහැ, පව්

      Delete
    8. එහෙමමත්ම නෙමෙයි ඇනෝ ජේ ආර් විනිසුරු වලින්ට හූ කියපු එකෙන් එයාට සෑහෙන්න සල්ලි හම්බුවුණා. එතකොට නාවල් නිහාල්ට ජේ පී කම දීපු එකෙන් රටේ ණය හෝ ගාල නැග්ග, තව ඔය 80 වර්ජකයො එලියට දාපු එකෙනුත් විදේශ ණය ප්‍රමාණෙ වැඩි වුණා, ඒ මදිවට ගැටඹෙ පන්සලට කටු කම්බි ගහල කෝටි ගාණක් ඩොලර් හොයාගත්ත. තව ඔයවගේ හැටහුටාමාරක් දේවල් කරල ගාණ කපා ගත්ත. මිනිහ නැත්නං අද මේ රට සුරපුරයක්.

      Delete
  23. ඉයන්ට ඔය තරම්ම විශ්වාසද රනිල් ලංකාවේ ආර්ථිකය ගොඩ දානව කියල. තමන් දන්න දේ සහ තමන් කිරිමට සිටින දෙය පැහැදිලි කරන්න බැහැ කියන්නේ තමන්ට ඒ පිලිබදව අදහසක් නැහැ කියන එකම නේද?

    මහින්ද කලේ සිදුවුනු දේවල් ඔය තරම් සරලනම් ඇයි තාම සිදුවුනු එක වංචාවක්වත් දුෂණයක්වත් හොයාගන්න බැරිවුනේ කියන එකත් ප්‍රධාන ගැටලුවක්.සමහරවිට ඉයන්ගේ පක්ෂයේ උදවියටත් කීයක් හෝ හොයාගැනීමට අවශ්‍ය නිසා දුෂණ වසා දමනවා වීමට පුලුවන් (නාමල් කියුවනේ යහපාලනේ කට්ටියටත් ළමයි ඉන්නව කියල, බොහෝවිට කට්ටිය ඒකට බයවුනා වෙන්නත් පුලුවන්)

    අනික තමයි මේකේ කිසිම තැනක මම දැක්කේ නැහැ අපි කරන්නේ මෙහෙමයි කියල ලියල තියෙනව. මේකේ තියෙන්නේ තමන්ගේ හෙලුව වසා ගැනිම සදහා කරනු ලබන කරුණු දැක්වීමක් විතරයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රදීප්

      Delete
  24. රාජපක්ෂවරු රට හමුවේ තබා ඇති ණය ප්‍රමාණය රු.බිලියන 1151යි, ගෙවිය යුත්තේ ජනතාවයි
    ===================================================================

    ශ්‍රී ලංකා රජය විසින් දෙස් විදෙස් ආයතනවලට ගෙවන්නට තිබෙන ණය මුදල් පිළිබඳ ලේඛනයේ කිසිඳු තැනක සඳහන් නොවූ රුපියල් කෝටි එක්ලක්ෂ පහළොස්දහස් එකසීයයක් (රු. බිලියන 1151) තරම් දැවැන්ත ණයක් ගෙවන්නට ඇතැයි රජය අනාවරණය කරගෙන තිබේ.

    අය වැය ලේඛනයේ සඳහන් ශ්‍රී ලංකාවේ මුළු ණය බර ප්‍රමාණයට ඇතුළත් නොවන ලෙස ගෙවන්නට තිබෙන මේ සා විශාල ණයක් තිබීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පුදුමයට පත් වී ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක ප්‍රකාශ කෙළේය.

    මුදල් අමාත්‍යංශයේ ඊයේ (29) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

    පසුගිය රජය සමයේ ජනාධිපති ධුරය දැරුවේ මහින්ද රාජපක්ෂයි. ඔහු මුදල් ඇමැතිවරයායි. ආර්ථික කටයුතු ඇමැති බැසිල් රාජපක්ෂයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතායි. මුදල් ලේකම් පී.බී. ජයසුන්දර මහතායි. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්යි. මුදල් වියදම් කළේ පළාත් පාලන පළාත් සභා මන්ත්‍රිවරුයි. මේ අට දෙනා මේ මුදල් පොල්ලට වගකිවයුතුයි. ඇමැති රවී කරුණානායක අවධාරණය කෙළේය.“කිසිඳු මූල්‍ය විනයක් පවත්වාගෙන යන්නේ නැතිව ලබාගත් රුපියල් බිලියන 1146 ගෙවන්නට තිබෙන බව අපි සොයා ගත්තා. මේ මුදලට තවත් රුපියල් මිලියන 5423 ක් එකතු කරමින් එස්.බී. දිසානායක මහතා අපට ලියුමක් එවා තිබෙනවා මුදල් අමාත්‍යංශයෙන් මුදල් ‍ ඉල්ලලා.

    එම මුදල ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් ගෙවන්න තිබෙන මුදල්. දැන් අපි ගණන් බැලුවා. අපි ගෙවන්න තිබෙන මුළු ණය මුදල් පිළිබඳ ලේඛනයට පිටින් රුපියල් බිලියන 1151 ක් ගෙවන්නට තිබෙනවා. මුදල් ඇමැතිවරයා කීය.

    මේසා විශාල මුදලක් ලබා ගත්තේ කවුද? කොතරම් පොලී මුදලකට ද? ආපසු ගෙවන්න කොච්චර කල් දීලා තියෙයිද? යනාදී සියලු තොරතුරු අපි සොයා ගනිමින් ඉන්නේ. ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් පරීක්ෂණයක් කරන්න කියා ඉල්ලීමක් කළා යැයි රවී කරුණානායක කීය.

    මේසා විශාල ණයක් අරගෙන වියදම් කළේ මොකටද? ගෙවන්න තිබෙන්නේ කාටද? වැරැද්දක් කර තිබේ නම් ඒ සියලු දෙනාටම දඬුවම් ලබාදීමට අපි ක්‍රියා කරනවා.

    මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග , ආර්ථික කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා, සංවර්ධන මූල්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංකර අතපත්තු යන අය මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ReplyDelete
    Replies
    1. රටේ අනාගතය තව අවුරුදු පණහකට විතර විකුණලා තමයි අර කට්ටිය නටපු ජෝගිය නැටුවේ. කොච්චර පරීක්ශණ කලත් මේ කුණු ගොඩෙන් ගොඩ එන්න රටට බොහෝ කලක් යයි. ස්තූති මාතේ.

      Delete
    2. මමනම් මේ ණය පිලිබදව ඒ තරම් දෙයක් දන්නේ නැතිය. එමෙන්ම ලබාගත් ණය මුදල් තමන්ට වැඩි පංගුවක් ලැබෙන පරිදි ජනතාව අතර බෙදා හැරිමක් මහින්දගේ කාලයේදි කල බවනම් බැලු බැල්මට පෙන්නට තියෙනවාය.

      හැබැයි දැනට පෙනෙන්නට තියෙන හැටියටනම් රනිල්ලාට රවිලාට ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම පිලිබදව පුම්බවා පෙන්වා ඇති තරමේ හැකියාවක් නැතිය.

      ඉයන්ලා රනිල්ලා සමග එකතුව අධ්‍යාපනය සදහා ප්‍රතිපත්ති හදන්නට යනවිට අධ්‍යාපන ඇමති කරන්නේ තමන්ගේ චන්ද ප්‍රමාණය ආරක්ෂා කර ගැනිමට කුලියාපිටියෙන් පාසැල් වලට කම්කරුවන් පත් කිරීමත්, පළාත් වලට දී ඇති බලතල තමාගේ අතට ලබා ගැනීමේ උපක්‍රම පිලිබදව අවධානය යොමු කිරිමත්ය.

      ණය සම්බන්ධයෙන්ද එසෙමය. ඉයන්ලා රනිල් සමග නැගිටින්න හදනවිට වටේ ඉන්නා සෙට් එක තමන්ගේ මලු ලස්සනට පුරවා ගන්නවාය.

      තමන්ට කරන්ට බැරිවු විට අනිත්වුන් කෙලලා ගිහිල්ලා තියෙන්නේ කියා වැඩක් නැත. තමන් ඉදිරියේදි කරන්නේ මොනවාද යන්න පිලිබදව කිව යුතුය නැත්නම් කියන්නේ නැතුව කරගෙන යා යුතුය. කෙලෙස වුවද රනිල්ලා මහින්දලා මොනවා කලද ලංකාවේ මිනිසුන්ට අමුතුවෙන් දෙයක්නම් මේ තුල ලැබෙන්නේ නැතිය. එය බහුතරයක් මිනිසුන් තේරුම් ගන්නා තුරු අපිට සුරංගනා කතා හා යකුන්ගේ විස්තර අසාගෙන සිටිමට වනු ඇත.

      Delete
    3. ප්‍රදීප් ඔබ හරි ස්තූතියි.

      Delete
    4. // ප්‍රදීප් ඔබ හරි ස්තූතියි. //

      ++++++++++++++++++++++++++++++++++++++++=

      Delete
    5. යූඇන්පී කාරයන්ගේ ‍රෙදි ගැලවෙන්නම කියලා තියෙනවා... එල එල ප්රදීප්....

      Delete
    6. රටේ ණය බර බිළියන 1151 යි කියකිය උඩ පනින ඉයන්ගේ ආණ්ඩුව ජන්දය ලබා ගැනීමට දුන් මැතිවරණ පොරොන්දුවක් වන රු. 10,000/- පඩි වැඩි කිරීම හරහා රටේ සියලුම ජනතාවගෙන් බදු ලෙස හෝ මොනයම් ක්‍රමයකින් ලබා ගන්නා මුදලෙන් රුපියල් බිළියන 168 ක් වාර්ෂිකව රාජ්‍ය සේවකයින්ට දෙන එක ඉයන්ට ගැටළුවක් නැහැ
      ආපහු රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරන්නේ නැහැ කියන උපකල්පනයේ පිහිටියත් අවුරුදු 7 ක් ඇතුලත මෙම ණය මුදලට වඩා වැඩි මුදලක් "ජන්ද පොරොන්දු පඩි වැඩි වීම" හරහා ගෙවන එක ඉයන්ට අවුලක් නැහැ
      ඉයන් හරි බුද්ධිමත් නොවැ

      Delete
    7. රටේ ණය ප්‍රාමාණය බිලියන් 1151 නොව බිලියන් 7391 යි. වසරකට වැඩිපුර බිලියන 168 කියන්නේ 2% යි.

      ඔබ කිව් ලෙසම මෙවන් විශාල වැඩිවීමකින් අය වැයට ලොකු බරක් වැටෙනවා. එය චන්ද පොරොන්දුවක් ඉටුකිරීමක්. එය හොඳ ආර්ථික කළමණාකරණ තීන්දුවක් නොවේ. රටේ ණය ප්‍රමාණය ගත්තොත් එය මෙම ප්‍රමාණයෙන් ඉහල යා හැකියි. එනමුත් කොන්ත්‍රාත් මෙන් නොව මෙම මුලු මුදලම යන්නේ රටේ මිනිසුන් කොට්ඨාශයක් අතට. එයින් ඉල්ලුම වැඩි වීමක් වෙනවා. ඒකට සැසඳෙන දේශීය භාණ්ඩ සහ සේවා නිශ්පාදනය නොවුණොත් එය කෙලින්ම උද්ධමනයට බලපානවා. බඩු මිල ඉහල යාම වැනි දේ සිදුවෙනවා. මෙම මුදල යන්නේ මධ්‍යම පන්තියට බැවින් ඔවුන් එය වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ ළමයින්ගේ ටියුෂන් වැනි සේවා සපයන්නන්, ණය ගෙවා දැමීම, හෝ ඉතිරිකිරීමටත් විය හැකියි. මොවුන් අතින් වන විදේශ නිශ්පාදන වලට ඇතිවිය හැකි ඉල්ලුම සාපේක්ශ වශයෙන් අඩුයි.

      ණය පැත්ත ගත්තොත් එය දේශීය වශයෙන් ණය වලින් හෝ පාරිභෝගික භාණ්ඩ වලින් බදු ලෙස සොයා ගැනීමේ සම්භාවිතාව වැඩියි. බොහෝ විට තෙල් මිල අඩුවීමේ වාසිය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට දී නොමැති එක හේතුවක් මේක කියලයි මම හිතන්නේ. බඩුවලින් උපයා නොගත්තොත් රටෙ දේශීය ණය ප්‍රමාණය මෙම ගණනින් ඉහල යනවා. එය සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය වසරකට 2% ක් වැනි මුදලකින් ඉහල යයි. රජය උද්ධමනකාරී ක්‍රමයක් එනම් මුදල් අච්චු ගැසීමකට පෙලඹුනොත් එයින් වන්නේත් බඩු මිල ඉහල යාමයි. කෙසේ වෙතත් කලින් යමෙක් කියා තිබූ පරිදි මිනිසුන් අතරට මුදල් යන එක නිසා නිශ්පාදන සහ සේවා අංශ වල අලුත් රැකියා ප්‍රමාණයකුත් ඇතිවෙයි.

      කෙසේ වෙතත් මෙය විදේශ ණය ප්‍රමාණයට බලපෑමක් නැහැ. අද තිබෙන ණය උගුලේ විශාලතම ප්‍රශ්ණය වන්නේ දේශීය ණය නොවෙයි. විදේස් ණය ලබාගෙන ඒවා ආපසු ගෙවීමට නොහැකි ව්‍යාපෘති වල යොදවා තිබීම. උදාහරණයකට මත්තල ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරාය වියදම් කළ මුදලින් භාගයකට පමණ මුදලක ඉදිවී, ඒ සමඟම ලන්කාවට එන නැව් සහ ගුවන් යානා ප්‍රමාණය විශාල ලෙස ඉහල ගොස් තිබුණානම් එයින් උත්පාදනය වන විදේශ විනිමය ණය ගෙවා ගන්න පාවිච්චි වෙන්න තිබුණා.

      රාජ්‍ය සේවකයින්ට දුන් වැටුප් වැඩිවීමෙන් ගසා කෑමක් හෝ විදේශ ණය බරක් ඇති නොවීම යන කරුණු මත එය ණය උගුල ප්‍රශ්ණ්යට කරන බලපෑම ඉතා අඩුයි.

      Delete
  25. අනේ මන්ද, ණය නම් මොනවා හරි කර ගන්න බැරිය. දැන් මුන් ඔක්කොම එකතු වෙලා රටෙන් කෑල්ලක් දෙමළුන්ට ලියල දුන්නම මහ බයියා ආවත් පුළුවන් වෙයිද ඒක ආපහු ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත පචෝරිස් තුමා. ස්තූතියි.

      Delete
  26. මොන ඇණේ කොහෙ හිටලද කියල මං දන්නෙ නෑ.

    කොහොමවෙතත් 2009 - 2014 වෙනකම් ලංකාව 100% ජෙනුවින් ගෝල්ඩ් ප්ලේටඩ් පූර්ණ බනානා රිපබ්ලික් එකක්.
    දැන් ඒක ටිකක් වෙනස් වෙලා 60% ට විතර බැහැල.
    50%ට අඩු කරගත්තොත් ඒක ලොකුදෙයක්. (ඊට වැඩිය නම් බෑ අපේ බුද්දිමත් ජනතාව ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්නෙ නැතුව)

    ReplyDelete
    Replies
    1. බනානා රිපබ්ලික් කියන්නේ අර ඩෝල් සමාගමෙන් කෙසෙල් වගා කරපු නිසා කියල මේ කට්ටියට පැහැදිලි කරලා කිව්වොත් නේද හොඳ? හැක්

      Delete
    2. http://bananarepublic.gap.com/browse/division.do?cid=5002#

      Delete
  27. වචනයක් ගානෙ එකඟයි ....
    සුපිරි ලිපියක් ...!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝපිලිස්

      Delete
  28. ඉයන් මේ ලිපිය එක්ක එකග වෙන්න පුළුවන්..අපුරැයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කිඹුලී

      Delete
  29. හොඳ පැහැදිලි කිරීමක් ඉයන්.
    ඇයි දෙයියනේ මේ ආණ්ඩුවෙ ඉන්න කට්ටිය මේව මිනිස්සුන්ට පැහැදිලි කරල දෙන්නෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. කතාවට දක්ශ අය එ. ජා. පෙ අඩුයි. කොටින්ම ලෝක බංකු විශෙසඥ්ඥයො අවුරුදු 6න් කරන්න බැහැ කියපු මහවැලි ව්‍යාපාරය කරල පෙන්නුව මිසක් ඒක ගැන ප්‍රචාරයක් වත් කරන්න එජාපෙට හෝ ගාමිණී ට බැරිවුණා. අදටත් බැහැ.

      Delete
  30. Thanks for this article Ian. A great explanation with statistical facts. People like you, Economatta who possess a great sense of economics, should educate the average people more and more to know the truth. If possible send this article to publish on a Sunday newspaper.

    Cheers!
    Udaya

    ReplyDelete
  31. ස්තුතියි ඉයන් !

    ReplyDelete
  32. වැඩ දන්නා කට්ටිය එළියේ ඉඳගෙන නොදන්නා කට්ටිය ඇතුලට ගියහම වෙනේ දේනේ මේ.

    ReplyDelete
    Replies
    1. ඇතුලට කිව්වේ ආණ්ඩුව ඇතුලට.

      Delete
  33. සුබ දවසක්,

    ඔබ මූල්ය දුෂ්කරතා ගැන කිසිම ආකාරයක ද? ඔබ ඔබේ ණය ඉවත් කිරීමට ණය මුදලක් ඔබට අවශ්ය ද? ඔබ ඔබේ මුදල් වැඩි කිරීමට යන්නේ? ඔබ ඔහුගේ / ඇයගේ සමාගම පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින ව්යාපාරික පුද්ගලයා වේ. මෙයින් ඔබේ ණය සඳහා සැබෑ වීරයා, විශ්වාසය හා කාර්යක්ෂම ණය ණය සමාගමක් සම්බන්ධ කර ගැනීමට උපදෙස් දෙනු ලැබේ. මම අපේ ඉමහත් ප්රසාදයට සඳහා පුද්ගලයින් සහ ආණ්ඩුව යන දෙපාර්ශ්වය විසින් පිළිගත් සිටිමි.


    සේවාවන් ඇතුළත්:
    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාරික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * මුල් පිටුව වැඩිදියුණු
    * නව නිපැයුම්කරු ණය
    * වාහන ණය
    ආදිය ..

    easyloanfirm2020@gmail.com හරහා උනන්දුවක් නම්, නැවත අප වෙත ලබා දෙන්න,

    අපි සහතික,
    විශ්වාසනීය, විශ්වාසනීය, කාර්යක්ෂම, වේගවත් සහ ගතික.

    සම්බන්ධයෙන්,
    ඩෙරෙක් ඩග්ලස්
    easyloanfirm2020@gmail.com

    3% ලබාගත හැකි සහ සහතික ණය ඉදිරිපත්

    ReplyDelete