Saturday, March 5, 2016

2016 මාස දෙකේ මොනවද කලේ?


අපි 2016 අවුරුද්දෙ මාස දෙකක් ගෙවලත් ඉවරයි. තව බොහොම ටික කාලෙකින් 2017 ත් එයි. මේ මාස දෙකේ මට හරි, මව්පියන්ට, දරුවන්ට හරි සමාජයට හරි, මම මොනවද කළේ කියල හිතල බැලුව. එච්චර දෙයක් කරල නැහැ. එතකොට මොනවද ඒ මාස දෙකේ කලේ? රැකියාවට ගියා තමයි. ඒ ටිකේ මම මගේ හැකියාවෙන් උපරිමය කලාද කියල සෑහීමකට පත්වෙන්න බැහැ. පත්තරේකට ලිපිදෙකක් ලිව්ව. ඒ වුණාට ඒ පත්තර කොල අද කොහෙ හරි පරණ පත්තර ගොඩක. බ්ලොග් පෝස්ට් දෙක තුනක් ලිව්ව. ඒව ටිකට ටික දවසක් කමෙන්ට් වැටිල පස්සේ ඔන්න ඔහෙ තියෙයි. යාළුවො හම්බුවෙලා සෙට් වුනා තමයි. තව ඔය දන්නො බුදුන්ගේ ගීතයට බැණපු අයට බැන්න, ලඟදි ඒඩ්ස් ලමය ගත්ත නැති එක ගැන කථා කලා. ඒවයින් ඇත්තට සමාජයට වැඩක් කරන්න මට පුළුවන් වුණාද? එහෙම නැත්නම් ඒව ලිව්වෙ මගේම ඊගෝව සතපගන්නද?  අනේ මන්දා !!

ඔබට පුළුවන්ද පසුගිය මාස දෙක නාස්තිවුණේ නැහැ කියල සෑහීමකට පත්වෙන්න? පුළුවන් නම් ඔබ දක්ෂයෙක්. මේ කාලයෙන් කොච්චර ප්‍රමාණයක් දේශපාලන කථා නිසා නාස්ති වුණාද? කාට හරි ප්‍රයෝජනවත් දෙයක් නොවී ඒවා ගැන කථා වීමට පමණක් නාස්ති වුණාද? කොච්චර වැඩ කරන්න රැස්වීම් තියල කථා කළත් ඒවයින් කොච්චර දේවල් සිද්ද වුණාද කියල මට හිතුණ. ඉස්සර මම දන්න ගුරුවරයෙක් කියන්න පුරුදුවෙලා හිටියා එයාට රජයෙන් ලැබෙන වැටුප අනුව පැයකට ලැබෙන්නේ මෙච්චරයි ඒක නිසා ඒකට ගැලපන්න තමයි එයා උගන්නන්නේ කියලා. අපි අතරත් එහෙම හිතන අය ඉන්නවාද? 

අපේ ප්‍රධානියා සහ අපි සේවය කරන ආයතනය දෙකම එකයි කියල හිතල ප්‍රධානියා සමන තිබෙන ප්‍රශ්ණ වලට සේවය කරන ස්ථානයෙන් පලිගන්න ඔබට හිතිල තියෙනවද? ප්‍රධානියාගෙන් පලිගන්න අවම වැඩ කොටස පමණක් කරන අය ඉන්නව නම් පොඩ්ඩක් මේක හිතන්න. සමහර විට ඔබ අද සේවය කරන ආයතනය ප්‍රධානියා ඉපෙදෙන්නත් කලින් ඉඳලා තිබිලා ප්‍රධානියා මිය ගියායින් පස්සෙත් තියෙන එකක් වෙන්න පුළුවන්. එහෙම හිතුවම ආයතනය කියන්නේ ප්‍රධානියා නෙමෙයිනෙ.  ප්‍රධානිය ආයතනයේ අයිති කාරයා වුණත් ඔහු නැති දවසක වුණත් ආයතනය තියෙයි. පලමුවෙනි දේ තමයි ආයතනය නිසා තමයි මම මෙච්චර කල් ජීවත් වෙන්න අවශ්‍ය මුදල් සොයා ගත්තේ. එතකොට ආයතනයට විරුද්ධව හෝ හාණියක් වෙන විදිහට යමක් කිරීමක් හෝ නොකිරීමක් කරන එක සාධාරණද? 

ඔබට වැටුප මදි නම් හෝ ප්‍රධානියා සමඟ අමනාපයක් හෝ ඔහු ගැන අකමැත්තක් තියෙනවනම් ඔබ කල යුත්තේ වෙන අංශයකට මාරුවීම හෝ එසේ නොහැකි නම් වෙන ආයතනයකට යාමයි. යම්කිසි හේතුවක් නිසා ඔබට වෙන රැකියා ස්ථානයක් සොයා ගැනීමට නොහැකි නම් ඔබ මේ රැකියාවේ නිරත වී සිටින්නේ ප්‍රධානියාට ඕන නිසා නොව ඔබට ඕන නිසයි.  එහෙම නැත්නම් මීට වඩා වැටුප් ගෙවන වෙන රැකියාවක් ඔබට සොයා ගැනීමට බැරි නිසා. එහෙමත් නැත්නම් වැඩි වැටුප් ලැබුණත් වෙන වෙන හේතු වලින් එම රැකියාව කිරීමට යාමට ඔබට නොහැකි නිසා. එනම් වෙන රැකියාවකට යාමට නොහැකි නිසා. එහෙම නම් ඔබගේ මේ රැකියාව ගැන තිබෙන අසතුටට වග කියන්න ඕන ඔබගේ ප්‍රධානියා හෝ ආයතනය නොව ඔබමනෙ. එහෙමනම් වෙන රැකියාවකට යා නොහැකි ඔබට අද රැකියාව දෙන ආයතනයට ඔබගේ උපරිමය හැමදාම කරන්න. 

මේ පෝස්ට් එකට අදාල වන්නේ මේ දෙවෙනි කරුණ. එනම් ආයතනයේ ඔබ අද ගෙව්වේ ඔබේ ජීවිතයෙන් දවසක්. ඒ දිනයේ ඔබගේ උපරිමයෙන් යමක් නොකලොත් ඔබ පලි අරන් තියෙන්නේ ඔබගෙන්මයි. සමහරවිට ප්‍රධානියා ඔබට ඔහු සමඟ ප්‍රශ්ණයක් තියෙන බවවත් දන්නෙ නැතුව ඇති. ඔහු සමඟ අමනාපයක් නිසා හෝ වැටුප අඩු බවට තිබෙන තරහවක් නිසා ඔබ කල නොකල දේ නිසා ආයතනයට විශාල හානියක් නොවන්න පුළුවන්. ඒ වුණාට එම හේතුව නිසා ඔබ ඔබගේ ජීවිතයෙන් දවසක් නාස්ති කලා කියල හිතෙන්නෙ නැද්ද? 

එම නිසා ඔබගේ මේ දවස නාස්තිවෙන්න නොදී ඔබට හැකි උපරිමයෙන් වැඩ කරන්න. ඔබ තවත් උනන්දුවෙන් විශාල වැඩ කොටසක් ආයතනයට කරන කොට සමහර විට ඔබගේ කටයුතු දකින ප්‍රධානියෙක් ඔබට වැඩි පුර සලකන්න ඉඩ තියෙනවා. එහෙම නොවුනත් ඔබගේ ජීවිතයේ දවසක් අපතේ නොයවා එදින වැඩ කොටසක් කලා යන තෘප්තිය ඔබට සෑහෙනු ඇති. එවිට ඔබ අන් කෙනෙකු සතුටු කිරීමට හෝ අන් කෙනෙකුගෙන් පලි ගැනීමට ඔබගේ දවසක් නාස්ති නොකරපු කෙනෙක්. ඔබ ඔබගේ ජීවිතයේ දවසක් ඔබට පසුව කලකිරෙන්න සිද්ධ නොවෙන විදිහට ගෙවපු කෙනෙක්.  

ඊට අමතරව ඔබගේ ජීවිතයේ හැමදාම කාටහරි ඉතා සුළුවෙන් හරි උදව්වක් කරන්න. එතකොට ඔබගේ හැමදවසක්ම ඔබට වගේම තව එක්කෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වූ දවසක් ඔබ ගෙව්ව වෙනවා.

මේකත් අද ලියල හෙට අමතක වෙලා යන පෝස්ට් එකක්. ඒ නිසා බණ කිය කියා ඉන්නෙ නැතුව  මටත් 2016 අවුරුද්ද නාස්ති වුණා කියල අනාගතයේ දවසක නොකියන්න ඊලඟ මාස දහය තුල මොනවද කරන්න ඕන කියල හිතන්න තියෙනවා.




60 comments:

  1. //කියන්න පුරුදුවෙලා හිටියා එයාට රජයෙන් ලැබෙන වැටුප අනුව පැයකට ලැබෙන්නේ මෙච්චරයි ඒක නිසා ඒකට ගැලපන්න තමයි එයා උගන්නන්නේ කියලා.// මේ වර්ගයේ අය මට සෑහෙන දෙනෙක් හම්බ වෙලා තියෙනවා. එහෙම අය අය ජීවිත කාලෙම එතනින් එහාට යාමක් නැහැ.

    //ඔබ මේ රැකියාවේ නිරත වී සිටින්නේ ප්‍රධානියාට ඕන නිසා නොව ඔබට ඕන නිසයි. එහෙම නැත්නම් මීට වඩා වැටුප් ගෙවන වෙන රැකියාවක් ඔබට සොයා ගැනීමට බැරි නිසා. එහෙමත් නැත්නම් වැඩි වැටුප් ලැබුණත් වෙන වෙන හේතු වලින් එම රැකියාව කිරීමට යාමට ඔබට නොහැකි නිසා. එනම් වෙන රැකියාවකට යාමට නොහැකි නිසා.// මෙන්න මේකයි ගොඩක් අය අමතක කරන වැදගත්ම කොටස. (තමන්ට ජීවත් වෙන්න වෙලා තියෙන රට, සමාජය, දේශපාලන හෝ ආර්ථික ක්‍රමය ආදිය වෙනත් තැන් සමඟ සසඳා කණගාටු වෙන කෙනෙකුටත් මෙයට කිට්ටු දෙයක් හිතන්න පුළුවන්.)

    //සමහර විට ඔබ අද සේවය කරන ආයතනය ප්‍රධානියා ඉපෙදෙන්නත් කලින් ඉඳලා තිබිලා ප්‍රධානියා මිය ගියායින් පස්සෙත් තියෙන එකක් වෙන්න පුළුවන්.// රටකට මෙය මීටත් වඩා අදාළයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉකොන් , බොහොම ස්තූතියි

      Delete
  2. //රැකියාව දෙන ආයතනයට ඔබගේ උපරිමය හැමදාම කරන්න//

    ගොඩදෙනෙක් එහෙමයි මයේ හිතේ

    //එහෙම නොවුනත් ඔබගේ ජීවිතයේ දවසක් අපතේ නොයවා එදින වැඩ කොටසක් කලා යන තෘප්තිය ඔබට සෑහෙනු ඇති//

    අපේ රටේ ගොඩ දෙනෙකුට ලැබෙන්නේ එච්චර තමා

    //ඔබ තවත් උනන්දුවෙන් විශාල වැඩ කොටසක් ආයතනයට කරන කොට සමහර විට ඔබගේ කටයුතු දකින ප්‍රධානියෙක් ඔබට වැඩි පුර සලකන්න ඉඩ තියෙනවා//

    ඉහල මට්ටමේ රැකියාවලදිනං ඔබ කියනදේ හරි වෙන්න පුලුවන්, කම්කරු කාර්මික සහ ලිපිකරුවෝ වගේ අයට නං අන්තිමට ඉතුරුවෙන්නේ ඇටයි පොත්තයි විතරයි

    ReplyDelete
    Replies
    1. පිලිගැනීම නොලැබුණත් වැඩ කිරීමෙන් සතුට ලබා ගන්න කියන එක තමයි අදහස.

      Delete
    2. සමහරු කැමති හැමදාම ලිපිකරු විදිහට ඉන්න මොනම හේතුවක් නිසා හරි එත් එතැනින් එලියට එන්න ඕනේ

      Delete


  3. මාසික වැටුපක් නොලබන දෛනික ආදායමෙන් ජීවත්වන අප ඉල්ලා සිටින්නේ අපට අපේ වුර්තිය කරමින් අප ජීවත්වීම සඳහා රටේ සාමය සහ නීතිය රැක දෙන ලෙස ය...

    ඒ සමාජ සහ දේසපාලන අසාදාරනයට විරුද්දව වීදි බහින්නයැයි සමහරු යෝජනා කරන හෙයිනි!




    පහල දැක් වෙන්නේ ලන්කා සිතුවිලි තුමා ගේ පෝස්ටුවකට මා දැමූ කොමෙන්ටුවකි...


    http://lankasithuwili.blogspot.com/2016/03/blog-post_4.html

    //ජනතාව මේ දෙසපාලන්යයන්ගේ අතකොලු නොවී පාරට බසියයුතු කාලය වේගයෙන් එමින් පවතී //

    //ඔබ නිර්බයව මේ දුස්ට ක්‍රියාවට විරෝදය පෑම ඉතා හොඳයි... එහෙත්...


    හේතුව කුමක් වුවද මුහුනත් එක්ක තරහවෙලා නහය කැපීම වැනි ක්‍රියා නිර්දේශ කිරීම හොඳ නැහැ නේද?

    ජනතාව පාරට බැස්සාම ... මතකද ලිබියාව... එහෙ ජනතාව තාම පාරේ...
    අප වැනි මාසික වැටුප් නොලබන එහෙත් දිනපතා ආදායමෙන් යැපෙන්නන්ට යන කල දසාව කුමක්ද?

    මෙවැනි දේ අනුමත නොකරනවානම් අදාල පුද්ගලයාට හා ඔහුට නවාතැන් දෙන පක්සයට විරුද්දව චන්දය දීමන් වැලකීම පාරට බැහැලා විකාර කිරීමට වඩා හොඳයි නේද?//

    ReplyDelete
    Replies
    1. අපේ වැඩ කොටස කරන එක හොඳයි බාහිර හේතු නොසොයා. ඔබ සමඟ එකඟ සාරස තුමා

      Delete
    2. ඒ කියන්නේ මෑන්ස් නා ගත්තට පස්සේ හැදිලා නැතිනම් පහුගිය මාසේ දෙකේ සරසා දාපු කමෙන්ට්ස් බැලුවම හිතාගන්න අමාරුයි "අපේ වැඩ කොටස කරන එක හොඳයි බාහිර හේතු නොසොයා. " කියලා ලිව්වේ මේ සරස මද කියලා කොහොමහරි මේ ලඟදි මාතගේ බ්ලොග් එකේ නාගත්තට පස්සේ සරස හැදිලා වගේ අනිත් බ්ලොග් කාරයන්ට ලොකු සහනයක්..

      Delete
    3. // පහුගිය මාසේ දෙකේ සරසා දාපු කමෙන්ට්ස් බැලුවම හිතාගන්න අමාරුයි "අපේ වැඩ කොටස කරන එක හොඳයි බාහිර හේතු නොසොයා. " කියලා ලිව්වේ මේ සරස මද කියලා //

      නැත... ස ර ස තුමා එසේ ලිවුවේ නැහැ ඇනෝ ...
      එසේ ලීවේ ඉයන් තුමා ය....
      නැවත නැවත ඔබලාගේ මෝඅඩකම ප්‍රදර්ශනය කිරීම ගැන ස ර ස තුමා ගේ බලවත් ප්‍රීතිය!

      Delete
    4. //මේ ලඟදි මාතගේ බ්ලොග් එකේ නාගත්තට පස්සේ සරස හැදිලා වගේ අනිත් බ්ලොග් කාරයන්ට ලොකු සහනයක්.. //

      ස ර ස තුමා ගේ ජීවිතේ එකම පරමාර්තය ඔබලා එකොලොස්දෙනා මෙන් ලොක්කන්ට යේස් සර් කියා අනුමත කොමෙන්ට් කෙටීම නොවේ...

      එතුමාට කිරීමට තව බොහෝ දෑ ඇත....

      ස ර ස තුමා අවමානයට ලක් වන්නේ එතුමා හොරකම් සහ වන්චා කලොත් පමනි...

      එසේ නැතිව අන්තර්ජාලයේ තිබේනා බොගක එතුමාට මොන තරම් අපාහාස කිරීමට ඔබලා සහ තව ඔබ වැන්නන් උත්සහ කලාට එතුමාට තරහ යන්නේ නැත...

      එලෙසම එතුමාට ඔබ වැනි ඇනෝ ඇවිත් දෙඤ්ඤම් බැටේ මෝඩ කතා ලියන ඇත්තන් ගැන සිතීමට, සිතා වදවීමට වුවමනාවක් නැත...

      Delete
    5. මචං කු.ක. උඹ හොඳට නාගත්තා නේද ඒ වුනාට???

      Delete
  4. කාලා බීලා පරිස්සමෙන් හිටහං.... එච්චරයි අපිට දෙන්නට හැකි උපදේසය....... අපිත් ඒකම තමා කරන්න ඉන්නේ.....

    ReplyDelete
    Replies
    1. නැහැ මචෝ උබලා එහම නැහැ එහම ඉන්නත් එපා අපි පුලුවන් යමක් රටට සමාජයට ගෙදරට යාළුවන්ට දෙමු

      Delete
  5. ජීවිතේ වැඩිය අර්ථදක්වන්න යන්න එපා.ඒක ලෙඩක්.ජීවත්වෙන ගමන් කාටහරි උදවුවක් කරන්න පුලුවන් වෙලාවට ඒක කරන්න.ආපහු ජීවත්වෙන්න තමන්ට අවංකව.

    ReplyDelete
  6. අපේ ප්‍රධානියාට පින් සිද්ද වෙන්න මම නම් වැඩ ගොඩක් කරා/කර ගත්තා පහුගිය මාස දෙකේ.. වෙන රස්සාවකට යන්න පුළුවන් උනත් යන්නේ නෑ.. මට වැඩකරන්න දීලා තියෙන නිදහස ඉතාමත් ඉහලින් අගය කරනවා. ඒ වගේම මගෙන් ආයතනයට විය යුතු කොටසත් කොහොම හරි කරනවා..

    ReplyDelete
    Replies
    1. කමියෝ තුපාරක් මීයාගලට ගිහින් උඹ කරපු හරියම ඇති පහුගිය මාස දෙකට.

      Delete
    2. ///අපේ ප්‍රධානියාට පින් සිද්ද වෙන්න මම නම් වැඩ ගොඩක් කරා/කර ගත්තා පහුගිය මාස දෙකේ.. වෙන රස්සාවකට යන්න පුළුවන් උනත් යන්නේ නෑ.. මට වැඩකරන්න දීලා තියෙන නිදහස ඉතාමත් ඉහලින් අගය කරනවා. ඒ වගේම මගෙන් ආයතනයට විය යුතු කොටසත් කොහොම හරි කරනවා..///
      ++++++++++++++++++++++++++++++++++++
      ඒ කියන්නේ මාහ එක පයිත්තියම් වෙලා...
      දැන් ඉතිං දුම්මල ගහලවත් එළවන්න හම්බ වෙන එකක් නැහැ...

      උඹට ලොක්කව තමයි ලොකු, උඹ රස්සාවට එන්නේ නැතුව රට වටේ යන ඒවා ලොක්කට කියන්නේ නැතුව කට වහගෙන ඉන්න මාව උඹට හොඳ නැහැ...
      මේ පාර නම් 168 එකටවත් එක්ක ගිහින් පගාවක් දීපං, නැත්තං රහස් හෙළි කරනවා...

      Delete
    3. ඒ කියන්නේ "මාග එක" පයිත්තියම් වෙලා... යනුවෙන් නිවැරදි විය යුතුය...

      Delete
  7. මම නම් මගේ පහු ගිය මාස දෙක ගැන සතුටයි මම කවදත් රැකියාව වෙනුවන් කැප උනා. වෙලාව බලපන් මේ කොමෙන්ට් එකේ මම තවමත් රාජකාරියේ ඉන්නේ.
    මම දෙසැම්බර් 31 රැකියාවෙන් එලියට බැස්සේ නිකන්ම නිකන් අත් දෙක වන වන මේ රැකියාවේ ලොකු අවදානමක් අරගෙන මම ආවෙ. මට ඒක යාලුවෙක් කිසිම කොන්දේසියක් නැතුව උදව් කරා. ගෙදරට කන්න බඩු ටික ගන්න පවා උදව් කරා. මම එදා ඒ යාලුවට වගේම මගේ හිතටත් පොරොන්දු උනා මම කවදා හරි මේ රස්සාවේ එන්න පුලුවන් උපරිම තැනට එනවා කියලා. මම ඒ වෙනුවෙන් කැප වෙනවා ඉතින් මම හිතනවා මේ අවුරුද්ද ඉවර වෙනකන් මට කරන්න වැඩ තියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. උඹ කරපු වැඩ ගැන සෑහීමකට පත්වෙනවනම් උඹ දක්ශයෙක්

      Delete
  8. සමාජයට හරි, මම මොනවද කළේ කියල හිතල බැලුව//
    උබ වගේ එකෙක් ආය ඒ ගැන දෙකහමාරක් හිතේ තියාගන්න ඕනේ නැහැ. එකෙන්ම උබට ඒ ක්‍රෙඩිට් ඒක දෙනවා

    ReplyDelete
  9. මගේ රස්සවේදී මම හම්බ කරන්නේ මට විතරක් නෙමයි මගේ රටට මම අරගෙන එන විදේශ විනිමය වලින් කි දෙනක් ජිවත් වෙනවද. (මෝඩ ආතල් නෙමයි අහිංසක අත්මාබිමන්යක් )

    ReplyDelete
    Replies
    1. සතුටුයි අපි වගේ හිතන වැඩ කරන අය මෙවැනි අභිමානයකින් කතා කිරීම ගැන.. කලාතුරකින් කෙනෙක් ඔබ සිතු පරිදි මෙවැනි හොඳ සිතුවිල්ලකටත් "මෝඩ ආතල් " කියලා කියනවා තමයි. එහෙම වෙලාවට එසේ කියන කෙනාගේ මෝඩ කම තායි මතුවන්නේ.. ජයවේවා !!!

      Delete
    2. කවුද බොට මෝඩය කිවුවෙ.

      Delete
    3. ඒ වගේ හැඟීමකින් වැඩ කරන්න පුළුවන් නම් ඒක උඹෙත් රටෙත් වාසනාවක්

      Delete
  10. පසුගිය මාස දෙක ඇතුලත මා ලියන ලද ලිපි පිළිබඳව ඇත්තටම මා තෘප්තිමත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ කරපු රැකියාව ගැන සිතන විට සහ ඔබගේ අද ගෙවන විශ්‍රාමික දිවිය ගැන හිතන කොට ඔබ හරි වෙන්න පුළුවන් විචා. තරුණ අයට සහ තවමත් සේවය කරන අයට එවන් දේකින් විතරක් සෑහීමකට පත් වෙන්න එපා කියන එක හරි නේද?

      Delete
  11. මම නම් ඉතින් සුපුරුදු පරිදි රස්සාව කළා . ඊට අමතරෙන් කෙරුනේ බ්ලොග් පොස්ට් ටිකක් ලියන එක තමයි ඉතින්... ඒ බ්ලොග් පොස්ට් ගැනත් සෑහෙන තෘප්තියක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔබ උපරිමය කලා කියල සෑහීමකට පත් වෙනවනම් ඉතාමත් හොඳයි.

      Delete
  12. මට ම ලියූ ලිපියක් ද මන්දා?

    ReplyDelete
    Replies
    1. මම ඇතුළු බොහේ දෙනෙකුට පොදු දෙයක් රසික.

      Delete
  13. වැඩියේ අවංකව සේවය කරන එකත් ලෙඩක්... සමහර ආයතන කැමතී හොරුන්ට....

    පෞද්ගලික රජය කියලා වෙනසක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත වෙන අවස්ථා මමත් දැකලා තියෙනවා.

      Delete
  14. මම මා යටතේ වැඩ කරන්න පටන් අරන් දැන් අවුරුදු 20කට කිට්ටුයි...ඉතින් මම කරන හැම දෙයක්ම කරන්නේ අනුන්ට...කොච්චර හරි ගිය මාස දෙකේ පඩිවත් මට හම්බ උනාද කියල දන්නේ නෑ...හැබැයි මම කාටවත් කිසිමාකාරයක උදව් නම් කරන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඉඳල හිටල බ්ලොග් කාරයො ගෙන්නල කන්න බොන්න දෙනවනෙ. ඒ ඇති

      Delete
  15. ස්තූතියි ඉයන්!

    ReplyDelete
  16. හිතන්න යමක් ඉතිරි කලා.... ගිය මාස දෙක සැහීමකට පත් වෙන්න නම් බෑ ඒත් ජීවිතේට එකතු කර ගත්ත පාඩම් නම් කියත් වටි....ඒ මාස දෙකත් හරි ඉදිරියට එන කාල වකවානුවට මුණ දෙන්න

    ReplyDelete
    Replies
    1. //ඒත් ජීවිතේට එකතු කර ගත්ත පාඩම් නම් කියත් වටි...//
      ඒත් මදෑ ශානු

      Delete
  17. මචන් ඉයන්. උබේ පොස්ට් කියෙව්වට අද තමයි කොමෙන්ට් කරන්නේ. පහුගිය මාස දෙකේ නම් ඇත්තටම කියන්ට ගොඩක් දේවල් කරගත්ත ජිවිතයට. හැබැයි මචෝ වැරදියට හිතාගන්ට එපා. ජනවාරි පලවෙනිදම හිතාගත්ත අම්ම තාත්ත සහෝදරයෙක් යාලුවෙක් ඇරෙන්ට වෙන කිසිම මිනිහෙක් මැරෙන්ට ගියත් වතුර උගුරක් දෙන්නේ නැහැ කියල. එක නිසාම කිසිම ආගමක් දහමක් සතපහකට විශ්වාස කරන්නේ නෙහෙ කියල. හොද පොස්ට් එකක්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. මචං ඉතාමත් සාදරයෙන් පිලිගන්නවා. උඹ පසුගිය මාස දෙක ගැන ස්ටහුටු වෙනවනම් ඒ කියන්නේ උඹ යමක් කරල තියෙනවා. අර පස්සෙ කියපු එක ගැන තව මාස කීපෙකින් ආයිමත් හිතල බලපං. එක මකුණෙක් කෑවම මකුණො ඔක්කොම මරණ එක නම් වෙනව. ඒ වුණාට අර අදහසේම හිටියොත් කාගෙ හරි ජීවිතේ හොඳ පැත්තට වෙනස් කරන්න තියෙන අවස්ථාවක් මඟ හැරෙන්න පුළුවන්.

      Delete
  18. //මේකත් අද ලියල හෙට අමතක වෙලා යන පෝස්ට් එකක්.//

    ඔබට එහෙම වුනත් කියවන්නන්ට ඒතරම් ඉක්මන්ට අමතක නොවෙයි.



    //කාටහරි ඉතා සුළුවෙන් හරි උදව්වක් කරන්න. එතකොට ඔබගේ හැමදවසක්ම ඔබට වගේම තව එක්කෙනෙකුට හෝ ප්‍රයෝජනවත් වූ දවසක් ඔබ ගෙව්ව වෙනවා.//

    පෝස්ට් එක ලිවීමෙන්ම එය සිදුකර තිබේ

    ReplyDelete
    Replies
    1. //පෝස්ට් එක ලිවීමෙන්ම එය සිදුකර තිබේ//
      Thank you PraJay

      Delete
  19. මේ මාස ටිකේ දෙයියයනේ කියලා ආහාර ජීර්ණය, බ්ලොග් ලිවීම, ඉන්ධන දහනය, මුදල් ඉපයීම හා වියදම් කිරීම, ඇරුනහම වෙන මොකක්වත් කරල නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒත් ම්දැයි, අර අන්තිම පෝස්ට් එක නම් මාස තුන හතරක් හිනා වෙන්න ඇති.

      Delete
  20. මම සේවය කරන්නේ ලංකාවේ සුප්‍රකට පෞද්ගලික තාක්ෂණ සේවා සහ උපදේශන සේවා ආයතනයක. ඉයන් දක්වා ඇති කාරණා වැඩි වශයෙන් මගේ කාර්යාල සගයන්ට සහ මද්‍යස්ථ වශයෙන් මටත් අදාලයි. මද්‍යස්ථ වශයෙන් මට අදාලයි කියුවේ මම හැකි සෑමවිටම මගේ කාර්යය උපරිමින් කිරීමට උත්සාහ කරන නිසා සහ මා යටතේ වැඩකරන කණ්ඩායමට මෙතෙක් "හොඳ බොස්" කෙනෙක් නිසා (පොර ටෝක් නොවේ!). මගේ බොස්ලා තුලත් කියන්නට තරම් වරදක් නැහැ.

    ලංකාවේ බොහෝ කාර්යාලවල, විශේෂයෙන් රජයේ ආයතනවල මම දකින ලොකුම අඩුපාඩුවක් තමයි ආයතනික නිදහස අඩුබව සහ සේවකයන් නිසි අවස්ථාවන්හිදී ඇගයීමට ලක් නොවීම. මගේ ආයතනයෙ නම් ඉහත කාරණා දෙක සැහෙන උසස් මට්ටමකින් රැකෙන බව කියන්න සතුටුයි.

    පසුගිය මාස දෙක ගැන අවංකව මට සතුටුවෙන්න පුළුවන්දැයි සැකයි. ස්තුතියි ඉයන් හිතන්න යමක් ඉතිරි කලාට !

    ReplyDelete
    Replies
    1. ඔබ වාසනාවත්තයි හොඳ ප්‍රාධානියෙක් ඇබීම සහ හොඳ ප්‍රාධනියෙක් වීමට ඔබට ඇති හැකියාව නිසා. බොහොම ස්තූතියි උදය

      Delete
  21. රැකියාවේදී බොහෝ දෙනෙක් කරන දෙයක් තමා ආයතනයට හෝ ලොක්කන්ට බැන බැන ඉන්න එක. මමත් කියන්නේ වැඩේ හරියාකාරව කරන්න , අකමැතිනම් වෙන රස්සාවක් හොයාගන්න . සරලම පිළිතුර එච්චරයි .

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තේරුම් ගත්තනම් ස්ට්‍රයික් නැහැ හැම කොම්පැණියක්ම දියුණු වෙයි. වැඩ් කරන තැන් වල අසතුට නැහැ. බොහොම ස්තූතියි ඉවාන්.

      Delete
  22. අනේ බං ඊයෙක් නැති,.. හෙටක් නැති අද විතරක් ජිවත් වෙන මං වගේ උන්ට නං මේව්වා කොයිල්. හැක්

    ReplyDelete
    Replies
    1. ඊයෙක් නැති,.. හෙටක් නැති ?

      Delete
  23. .....//ප්‍රධානියාගෙන් පලිගන්න අවම වැඩ කොටස පමණක් කරන අය ඉන්නව නම් පොඩ්ඩක් මේක හිතන්න//....

    ප්‍රධානියාගෙන් හෝ ආයතනයකින් පලිගන්න අවම වැඩ කොටසක් සිදු කරන්න ගියාම වෙන්නේ තමනුත් නොදැනීම තමන් අකාර්යක්ෂම වෙනවා. තමන්ගේ තිබෙන හැකියාවන් දක්ෂතා ඔප මට්ටම් කරගෙන ඉදිරියට යන්න තිබෙන අවස්ථාව අහිමි වෙනවා. පලිගන්න චේතනාවෙන් කටයුතු කරන්න පටන් ගත්තම පටු ආකල්පයකින් ආයතනය,ප්‍රධානියා,රැකියාව දිහා බලන්න පුරුදු වෙනවා වගේම රැකියාව අතෘප්තිකර වෙනවා. අපි ඒ කරුනු වෙනස් විදියකට බැලුවොත් අපිටම හොදයි.මේ මෑතකදි මම උගන්වන ආයතනයේ ප්‍රධානියා එක්ක මම සුලු බහින් බස් වීමක් වුනා. මට හොදටම කෙන්ති ගිහින් මම තීරණය කලා නැවත එම ආයතයේ සේවයට නොයන්නත් මා වෙනුවට වෙනත් අයකු ඒ සදහා හොයා ගන්න කියන්නත්. මම ඒ දැනුම් දීම කලා. නමුත් පහුවෙනිදා මම කෙන්තිය යටපත් කරගෙන ප්‍රධානියා එක්ක සාකච්ඡා කලා. ඔහු මගේ අඩුපාඩු කිහිපයක් පෙන්වා දුන්නා. ඔහු මගෙන් ඇහුවා අයින් වෙන එකද හොද ඒ අඩුපාඩු හදා ගන්න එකද වඩා හොද ? ඔහු මට පෙන්වා දුන් කරුනු මට බොහෝ වැදගත් වුනා. හැම අවස්ථාවකදිම මේ වගේ සාකච්ඡා කරන්න බැරි වෙන්න පුලුවන්. නමුත් ඉක්මන් නොවි ඉවසීමෙන් කටයුතු කලාම ප්‍රතිපලය සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. //ප්‍රධානියාගෙන් හෝ ආයතනයකින් පලිගන්න අවම වැඩ කොටසක් සිදු කරන්න ගියාම වෙන්නේ තමනුත් නොදැනීම තමන් අකාර්යක්ෂම වෙනවා.//
      මසුරන් කියමනක්. බොහොම ස්තූතියි කමෙන්ටුවට සහ ඔබගේ අත්දැකීමක් බෙදා ගත්තාට. එය හැමෝටම ප්‍රයෝජනවත් වේවි.

      Delete
  24. ඔබේ කථාව හරියටම හරි, සේවා ස්ථානය ගැන පැහැදීමක් නැත්නම් වෙන තැනකට ගියානම් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි ලලිත්. බොහොම ස්තූතියි

      Delete
  25. ගණන් කරලා දවසින් දවස ගෙවන එක හරි මදි වගේ.... බලමු වෙනසක් කරන්න.. තැන්කූ පෝස්ටුවට
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උත්සාහයක් කරපන් ගස්. උඹම සතුටු වෙයි කවදහරි.

      Delete
  26. ///තව ඔය දන්නො බුදුන්ගේ ගීතයට බැණපු අයට බැන්න, ලඟදි ඒඩ්ස් ලමය ගත්ත නැති එක ගැන කථා කලා. ඒවයින් ඇත්තට සමාජයට වැඩක් කරන්න මට පුළුවන් වුණාද? එහෙම නැත්නම් ඒව ලිව්වෙ මගේම ඊගෝව සතපගන්නද? අනේ මන්දා !!///

    එහෙම පසු විපරමක් දෙකක් දාන එක හොඳ වැඩක් තමා...

    ගත උන මාස දෙකේදී ඉයන් කිව්වා වගේ නොයෙකුත් වැඩ කරමින් කාලය ගත කලා...

    මමනම් ගොඩක් ආසාවෙන් රස්සාව කරන්නේ, ඒ වගේම ආයතනයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරනවා...
    ආයතනයේ සහ සේවකයින් දෙපාර්ශවයේම අඩුපාඩු නැතුව නෙමෙයි...
    නමුත් කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩුවක් නැතුව කරනවා...
    හැබැයි ඉතින් රස්සාවේ කරන්න තියෙන වැඩ ප්‍රමාණය අනිත් අයට සාපේක්ෂව ගොඩක් අඩුයි...
    ඒ වැඩ අඩුව හරහා මම පොඩ්ඩක් විතර අල වෙන එක තමයි ඉතිං අවුල...

    ReplyDelete