Thursday, February 4, 2016

ජාතික ගීය දමිල බසින් සහ බෞද්ධ ධර්මය ලොවටම



අද දින පැවැත්වූ රාජ්‍ය නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දමිල භාෂාවෙන් ගායනා කරනු ඇසීමෙන් මගේ රට ගැන ඉමහත් ආඩම්බරයක් ඇතිවුණි. නිදහස ලැබූ දිනවල සිටම තිබූ දමිල භාෂාවෙන් ගැයුණු ජාතික ගීය මම නොදන්නා හේතුවක් නිසා පාවිච්චියෙන් බැහැරව තිබිණි. 


1949 දී ජාතික ගීය දමිල භාෂාවෙන්ද ගැයුණු බවට සාක්ෂියක් 
දැනට දශකයකට පමණ පෙර රූපවාහිනී සාකච්චාවකදී අස්රෆ් හිටපු ඇමති  වරයා විසින් නැහෙනහිර පළාතේ පාසැල් වල ජාතික ගීය දමිල භාෂාවෙන් ගායනා කරන බව ඇසීමෙන් පලමු වරට මේ ගැන දැනගතිමි. මගේ ප්‍රියතම හිමිනමක් වූ සෝම හිමියන් මෙම සාකච්චාවේදී ඒයට විරුද්ධව අදහස් දැක්වූ විට මට ඇති වූයේ පුදුමයකි.   

කලින් කතෝලික භක්තිකයෙකු වූවත් මගේ  මවගේ පාර්ශවයේ නෑදෑයන්ගේ සියල්ලම බෞද්ධයන් නිසා බෞද්ධ ආගමික උත්සව වලට කුඩා දරුවකු කාලයේ සිටන්ම සහභාගි වී ඇත්තෙමි. ආගමික උත්සව වලදී පාලි ගාථා සජ්ජායනය කිරීම දැක ඇති නිසා ඔවුන් කියන දේ තේරුම කුමක්දැයි ඇසීමට පුරුදුව සිටියෙමි. බොහෝ දෙනෙක් කටපාඩමින් ඒවා කිව්වාට ඒවායේ තේරුම දැනගෙන සිටියේ අතලොස්සකි. මෙය මා පුදුමයට පත්කරවන්නක් විය. එයට හේතුව කතෝලික යාඥ්ඥා ආදිය කුඩා කල සිටම සිංහලෙන් කියන්නට මම දන්නා සිංහල කතෝලිකයින් පුරුදුව සිටිය නිසාය. රටවල් සිය ගණනක් පැතිරුණු විදේශ ආගමක් තම යාඥ්ඥාවන් එක් එක් භක්තිකයින්ගේ බසින් කරද්දී, බෞද්ධ මූලස්ථානය ලෙස සැකෙන ලංකාවේ බෞද්ධයන් අන් භාෂාවකින් තමන්ගේ ආගමික කටයුතු සිද්ධ කිරීම දහමේ හරය ව්‍යාප්ත නොවීමට හේතුව බව පැහැදිලිය.  (මෙම තර්කය ගණ පිහිටුවා පිළියෙල වී ඇතැයි සැලකෙන පිරිත් සජ්ජායනා සඳහා අදාල නොවේ.)

මේ කරුණ ගැන හැදෑරීමේදී මට වැටහුනේ ලෝකයේ කොනක බිහිවූ ක්‍රිස්තියානි ආගම් යුද්ධ ආදිය හරහා සහ බලෙන් ආසියානු, අප්‍රිකානු ආදී රටවල පැතිරෙව්වත් අදටත් එම ආගම් අදහන අය බහුලව සිටීමට හේතුවත්, බුදුදහම ලෝකයට දීමට ප්‍රතිඥ්ඥා දී ඇති ලංකාවට බුදුදහම උතුරු නැහෙනහිර පළාත් වල සිටින දමිලයන්ට වත් සාර්ථකව පැතිරීමට නොහැකිවී ඇත්තේත් මෙම භාෂා ප්‍රශ්ණය නිසා බවය.   1960 ගණන් වනතෙක්  කතෝලික ආගමේ පුද පූජා පවත්වා ඇත්තේ ලතින් භාෂාවෙනි. එසේම එවකට පූජා ප්‍රසාදීන් අන් රටවලට යවා ඇත්තේ රෝමයේ පුහුණු කිරීමෙන් පසුවය. මෙසේ අන් රටවලින් එන පූජක වරුන් ලතින් භාෂාවෙන් පවත්වන පූජා ආදිය නිසා අන් භාෂාවල් කථා කරන අය එම දහමින් ඈත්වන්නට පටන් ගෙන ඇත. පණස් හෝ හැට ගණන් වල  ආරම්භයේදී පවත්වන්නට යෙදුන දෙවන වතිකානු සංගායනාවේදී මේ ගැන සලකා බලා පිලියම් ගැන සාකච්චා කරන ලද බවත් එයින් පසු සියළුම යාක්ඥා, ගීතිකා සහ බයිබලය එක් එක් රටවලට අදාල භාෂාවලට පරිවර්ථනය කිරීමටත් සියළුම පුද පූජා එක් එක් රටවල භාෂාවෙන් සිදුකිරීමටත් තීරණය කර ඇත. මෙම සංගායනාවේදී ගන්නා ලද තීරණ අනුව කරන ලද අනෙක් ප්‍රධාන වෙනස නම් එක් එක්  රටවල් සඳහා  පූජා ප්‍රසාදි වරුන් එම රටෙන්ම බඳවාගෙන පුහුණු කිරීමය. මෙයින් සිදුවූ විශාලතම වාසිය තමන්ගේ රටේ, තමන්ගේ භාෂාවෙන් සහ එම භාෂාවේ ඇති ආත්තෝපදේශ, හාස්‍ය ජනක දේවල්, එම රටේම සිදුවූ තම පෞද්ගලික අත්දැකීම්, භාෂාවේ විශාල වචන පරාසයන් ආදිය යොදාගෙන තමන්ගේම පූජා ප්‍රසාධි වරු  කරන දේශනා ආදිය රටේ කතෝලිකයන්ට තමන්ගේම දෙයක් ලෙස බොහෝ කිට්ටුවීමය. 

ලෝකයේ වඩාත්ම තර්කානුකූල ධර්මය ලෙස මම පිලිගන්නා බෞද්ධ ධර්මය විදේශ රටවල ව්‍යාප්ත වීම අඩු වීමට හේතුව මෙයින් මට පැහැදිලි විය. ලෝක ජනයා අතර පවතින අසහනය, වෛරය, බෙදීම්, ජීවන තත්ත්ව අසමානතා ආදිය අඩුකිරීමට හෝ නැතිකිරීමට හැකි එකම ධර්මය බුද්ධ  ධර්මය බව මම තරයේ විශ්වාස කරමි. ලෝකයට මෙම ධර්මය පැතිරීමට හැකි ආකාරය පිලිබඳව විස්තරාත්මකව ලිපියක් සලසා බෞද්ධ තීරණ ගත හැකි කිහිප දෙනෙක් අතට කලකට පෙර පත් කලත් ඉන් වැඩක් සිදු නොවුණි. පරිගණක කිහිපයක් මාරුවීම නිසා අද මේ ලිපිය මට සොයා ගැනීමටවත් නොහැක. විදේශ ධර්මදූත සේවයට යන ලංකාවේ ස්වාමීන් වහන්සේලා ඔවුන්ගේ එම වරප්‍රසාදය නැතිකර ගැනීමට අකමැති බව මගේ හැඟීමයි. ඇමෙරිකාවේ ස්ථාන කිහිපයක, ඔස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ ගිහියන් සෑදූ පන්සල් අත්පත් කරගෙන එම ස්වාමීන් වහන්සේලා නිසා දෙකට බෙදුණු සමහර නගර වල සිංහල බෞද්ධයන් ගැන පෞද්ගලිකවම දන්නා හෙයින් මගේ මෙම අදහස තවත් තීව්‍ර විය. 

ඉංග්‍රීසීන් සහ ප්‍රංශ ජාතිකයින් ලෝකයට ඔවුන්ගේ භාෂාව දායාද කලහ. ඉන්දියානුවන්, ඉතාලි ජාතිකයින් සහ චීන්නුන් ලෝකයට ඔවුන්ගේ ආහාර දායාද කලහ. මේ සියල්ල අභිබවිය හැකි මහාර්ඝ දායාදයක් ශ්‍රීලාංකිකයින්ට ලෝකයට දිය හැක. ඒ බුදු දහමයි.  එය කල යුතුවන්නේ 1960 ගණන්වල සිට කතෝලික දහම ව්‍යාප්ත කිරීමට කතෝලික සභාව ක්‍රියා කල ආකාරය අනුගමනය කිරීමෙනි. 

(අන්‍යාගමිකකරණය සිදුකරන්නේ බටහිරින් මුදල් ලැබෙන අටවාගත් සමහ 'ක්‍රිස්තියානි' කඩ වලින් මිසක කතෝලික සභාවෙන් නොවන බව බොහෝ දෙනා නොදනිති. එම අටවාගත් අය කරන්නේ 'ආගමක් පැතිරවීමට' යැයි කිය බටහිර රටවලින් මුදල් එකතු කොට සුළු මුදලක් වියදම් කොට ෆොටෝ පෙන්වා ගසා කෑමකි.)

ධනවත් බෞද්ධ රටවල් වන ජපානය, තායිලන්තය ආදී රටවලින් මුදල් ආධාර ලබාගෙන අවුරුදු  50 -100 ක් පමණ දීර්ඝ කාලීන සැලසුමකින් සංවිධානාත්මකව මෙය සිදුකරන්නේ නම් ඉස්ලාම් ආගම අදහන්නේ යැයි කියන සුළුතරයක් පතුරන අන්තවාදය පරදා  ලොව පුරා බුදුදහම පැතිරෙන දිනයක් උදාවනු ඇත. මෙම ධර්මය තමන්ගේ බසින් ඉගෙනීමට, දේශණා කිරීමට හැකිවන සේ භික්ශු/ ගිහි දේශක පුහුණු උපසම්පදා මධ්‍යස්ථාන ලෝකයේ රටවල් , නගර විශාල සංඛ්‍යාවක ඇතිවී, විවිධ පාට, විවිධ ජාතීන්ගෙන් සමන්විතවූ, විවිධ භාෂා කථා කරන භික්ශූන්/ගිහි දේශකයන්, පුහුණු කරන්නන්  බිහිවී, ධර්මය හැදෑරීමට සහ අනුගමනය කිරීමට පොත් ලෝකයේ සියළු භාෂා වලින් ලියවී ඇති, ලෝ වැසියන් බොහෝ දෙනෙක් බුදු දහම සරණ යන දිනයක් එන බව නම් මම විශ්වාශ කරමි.  එසේ බුදු දහම අනුව යන බොහෝ දෙනා ලංකාවේ සිටිනා ලේබල් බෞද්ධයන් මෙන් නොව එම දහමේ පෙන්වා දී ඇති සත්‍යයන් තේරුම්ගෙන එහි පෙන්වා දී ඇති මාර්ගයේ යන වුන් වන බවත් සහතිකය.

මෙවන් පසුබිමකින් එන සමහර සිංහල භික්ශූන් සහ ගිහියන් ජාතික ගීය දමිල භාෂාවෙන් ගායනා කිරීම ගැන දක්වන අන්තවාදී අදහස් ගැන මම පුදුම නොවෙමි. එහෙත් අපේ රට වර්ණනා කිරීමට සහ එයට ගෞරව කිරීමට ඇති ජාතික ගීය සහ එහි වචන තමන්ට තේරෙන සහ හැඟීමක් ඇතිවන ආකාරයෙන් තමන්ගේ භාෂාවෙන් ගායනා  කිරීමට රටේ සියළු පුරවැසියන්ට ඇති අයිතිය රැක ගැනීමට සිංහලයෙක් ලෙස ඕනෑම අවස්ථාවක ඉදිරිපත්වෙමි. 


130 comments:

  1. මම ඒ ගීතය ඇහුව.ඔබේ අඩවියේ ඇති වීඩියෝවෙන්. හරිනම් ජාතිකවාදීන් සතුටුවෙන්න ඕන. එකම තනුවට එකම සංගීතයට මේක ගායනා කරනවා. ශ්‍රී ලංකා තායේ කියපුවම දෙමල ජනතාවට රට ගැන හැඟීමක් එනව. ඒක සිංහලෙන් කිව්වට එන්නෙ නෑ.
    සෝම හිමියන් ගැන ඔබ වැනි උගත් අයෙක් කළ ප්‍රකාශය ගැන මම පුදුමය පලකරනවා. ඔහු මුඛරි කථිකයෙක් තමා. නමුත් ඔහු දෙසුවෙ ධර්මයද
    ඔහු මුල සිටම නැටුවෙ දේශපාලන නාඩගමක්. එහෙම භික්ෂූන් මටනම් පිළිකුල්. සෝම ධර්මය හැර වෙනත් සියල්ල දේශනා කළා. වෛද්‍ය විද්‍යාව, භූගෝලය, ජන සංඛ්‍යානය වගෙ සේරම.

    ReplyDelete
    Replies
    1. උඹ කියන එක ගැන කෙලින්ම විරුද්ධ වෙන්න බෑ. ඒ වුනාට අද නියම බෞද්ධයන් අතරත් ආගම ගැන උනන්දුවක් ඇතිවෙන්න සෝම හාමුදුරුවො කරපු සමහර දේශණා හේතු වුනා කියල මම විශ්වාශ කරනව.

      Delete
    2. ආගම ගැන උනන්දුවක් නෙමේ තියෙන්නේ.. ඔහු නිසා තමයි නානසාර වගේ බොදු බලකා රාවණා බලවේග වගේ මිනීමරු බෞද්ධයන් බිහි වෙන්නේ. බුද්ධාගම කාපු හාමුදුරු කෙනෙක්. අනෙක් උන් ඒක සෝභනයක් කර ගත්තා.. අද ඉන්නේ මේකප් බුද්ධාගන් කාරයෝ, මේකප් එක ගැලෙව්වම ඇතුලේ ඉන්නේ අමු ගෝත්‍රිකයෝ..

      Delete
    3. Agree with Ian. Ven. Soma made the Dhamma close to our hearts. Earlier it was meant for 'life after', he made it 'within this life' itself.

      Delete
    4. සෝම හිමි වදාලේ බුදු බණ නොව වෙනත් භයානක බණක් බව ස ර ස තුමා ගේ පිලිගැනීමයි....

      නවක වදයේ හොඳ පැත්ත දකින්න උත්සාහ කරනා කස්ටිය වගේ උදවිය මහන වුනා කියා ඔවුන් ගේ ආකල්ප වෙනස් වේ යැයි නොසිතමි!

      Delete
    5. සෝම හාමුදුරුවෝ මටනම් හම්බ උනේ එක වතාවයි...ඕමාන්වලදි ඒකත්...තැනේ හැටියට ඇනේ ගහන්න හපෙනෙක්...ඒ නිසා ගොඩාක් අය අහුවෙනවා විශේෂයෙන්ම බෞද්ධයන් මොකෝ පාලි වලින් ඒමදිවට පරම්පරාවෙන් බෞද්ධ නේ අපි ගොඩාක් අය
      .ඉතින් නියෙමෙට ටච් කරනවා පොදු ඉශූෂ්....අහුවෙනවා ටං ගාලා...
      ඉයන් බෞද්ධ වෙන්නේ වෙස්ටර්නස්ලා බෞද්ධ වෙන ආකාරයට නිසා මම එකඟයි තර්කයට....අපේ ඇහෙන් ඒක දකින්න ඔහේට බැරි නිසා ගොඩ...

      Delete
    6. මට මේ ලෝකේ පෙන්නන්නම් බැරි කෙනෙක් තමයි හිටපු අගවිනිසුරු සරත් ද සිල්වා. මම ගැන දන්න අය දන්නව ඇති ඔහුගේ වෛරය පදනම් වූ තීන්දුවකින් මට පෞද්ගලිකව විශාල හානියක් වුණා කියලා. ඒ වුනාට එයා බුද්ධ ධර්මය ගැන කරන කථා මම ඇහුවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා, පැහැදිලි වුණා. ඔහු ආගමේ ඉගැන්වීම් වලට පටහැණි දේවල් කරත් බුද්ධාගම ගැණ ඔහුගේ දැනීම සහ කියා දීමේ හැකියාව අති විශිෂ්ටයි. සෝම හාමුදුරුවෝ ඊට වඩා හොඳ කෙනෙක්. ඔහුගේ බුද්ධ ධර්මය ගැන දේශණා ගැනයි මගේ පැහැදීම.

      Delete
    7. Ian-have you heard of the simile that some go around in their back yard only collecting chicken dung and not the eggs (Ajahn Chah). These are people exactly like that. A few years back when stories about ex-CJ's womanizing issues were doing rounds, a friend of mine said it's mud slinging as the guy is a devout buddhist. These are the people who got the buddhist philosophy in the tail end.

      Delete
    8. Thank you Ano. Collectig eggs Vs dung. That is a perfect analog. I do agree his knowledge of buddhism and his ability to make it intelligible is beyond comparison.

      Delete
    9. මේකප් කියපුවා ම මතක් වුණේ අර මේකප් සාදු................ අනේ සාදු......

      Delete
  2. ජාතික ගීය නැගල යන්න පොඩි රැප් පාරක් දැම්ම නං හොදයි........

    ReplyDelete
    Replies
    1. Rap කෙසේ වෙතත් ඒක wrap කරගෙන රහ කර කර බුදින්න උත්සාහ කරන සාක්කුව පුරවගන්න සිංහල කම විකුණන හොරාපච්චියි, ගම්මන් පිල, උපවාස වංශ ඉන්නවනේ.

      Delete
  3. ලංකාව කියන්නේ මොකක්ද කියලා නොදන්න මිනිස්සුන්ට බුද්ධාගම කියලා දෙන්න යනවා කියන අමු බොරු වැඩක්.. බුද්ධා කියලා සිද්ධාර්ථට නම් යම් පිලිගැනීමක් තියෙනවා.. එහෙම නැතිව දුක සහ අනිත්‍ය ගැන කියන ආගමක් අද ළෝකයට කිසි සේත්ම ගැලපෙන්නේ නෑ.. චීවරයම පට්ට ගෝත්‍රිකයි නේ.

    ලංකාවේ බුද්ධාගම ගැන නම් ඉයන් ඩෑන් එක්ක එකසිය ගානට එකඟයි. මම හිතන්නේ පාලියෙන් බෝධිය වඳින්න තියෙන්නේ එක ගාථාවයි. ඒත් අරියධම්ම හාන්දුරුවෝ බෝධිය වඳින්න හදපු බොහෝම සරළ කවි ටික, වික්ටර් රත්නායකගේ "සා" වලටත් වඩා රටේ පරසිද්ද උනා...

    ReplyDelete
    Replies
    1. 'දුක සහ අනිත්‍ය ගැන කියන ආගමක් අද ළෝකයට කිසි සේත්ම ගැලපෙන්නේ නෑ'. ඒ දුකින් මිදීමේ මාර්ගය බුදු දහමේ ඉතාම හොඳින් විස්තර කර තිබෙනවා. ගෝත්‍රිකයන් අල්ලාගෙන ඉන්නේ සංසාර දුක විතරයි. වැරැද්ද තියෙන්නේ එතන.

      Delete
    2. //'දුක සහ අනිත්‍ය ගැන කියන ආගමක් අද ළෝකයට කිසි සේත්ම ගැලපෙන්නේ නෑ'//
      මාතේ ද්‍රව්‍යම දේවල් සොයමින් යන ලෝකයට ගැලපෙන්නෙම බුදු දහම. අනිත්‍ය නොතේරීම තමයි ලෞකික දේවල් වලට තියෙන බැඳීම වැඩිකරල වැඩි දෙනෙක් අසහනයෙන් ඉන්න ලෝකයක් හැදිල තියෙන්නෙ.

      Delete
    3. අසහනය තියෙන්නේ දුප්පත්කම සහ නූගත්කම තුල... ඒකට පිළියම් බුද්ධාගමේ නෑ...

      ඔය එකෙක් දෙන්නෙක් බුද්ධාගම ඉතරක් නෙමෙයි වෙනත් ආගමුත් වැළඳගන්නවා.. සායි බාබා ගේ බජන් ගී කියන සෙට් එකකුත් ඉන්නේ.. නමෝ නාරයන්ගේ හක්ගෙඩි වඳින උනුත් ඉන්නේ... ඔය එකකවත් තියෙන්නේ සත්‍ය නෙමෙයි තාවකාලික වේදනා නාශක... ආගම් අබිං කියන දේ මම නම් ඉස් මුදුනින් පිලිගන්නවා..

      ගොඩක් අය බුද්ධාගමට එන්නේ භාවනා කරන්න. ඒත් හොඳ සංගීතයක් තුල පොතක් තුල භාවනාව තියෙනවා ඒක මිනිස්සු දන්නේ නෑ...

      Delete
    4. 'අසහනය තියෙන්නේ දුප්පත්කම සහ නූගත්කම තුල...'
      There's so much of stress and unhappiness among those who enjoy all material comforts and the educated. It's about the mind and internal-nothing to do with our status.

      Delete
    5. මෙතනෙ උගත්කම කිව්වේ උපාධි සහතික නෙමෙයි....

      සමාජය සහ ළෝකය ගැන උගත්කම... කොටින්ම කියනවා නම් බුද්ධිය.. බුද්ධියක් තියෙන ඕනම කෙනෙකුට ප්‍රශ්ණ වලට පිළිතුරු තමන් තුලම තියෙනවා..

      Delete
    6. මාතේ පොඩ්ඩක් හොයල බලහං..බුදුසාදුත් කියල..ඌප්ස්..දෙසලා තියෙන්නේ උත්තරේ තියෙන්නේ තමං ලඟෙයි කියල නේද හිටං...

      Delete
    7. නෑ මෙතන මාතට පට්ට වැරැද්දක් වෙලා තියනව. මමත් ඔය තර්කයෙ තමයි කලයක් හිටියෙ. දැන් බුද්ධාගම ජීවනමාර්ගයක් කරගෙන ඉන්න භික්ෂූන් ඇත්ත එලියට ගන්න දෙන්නෙ නෑ.බුදුදහම තුල තියෙන්නෙ බැඳීම් අඩු කිරීම. එතන තමයි සැනසීම තියෙන්නෙ.
      බුදුදහමෙ භාවනාව පැත්තකට දාල වෙන වෙන පුදපූජා ඉස්සරහට අරගෙන තියනවා.බුද්ධාගම කියන්නෙ කොඩිගස් සිටවීම්, වෙසක් තොරන් නෙමෙයි.භාවනාව.
      නමුත් භාවනාව කියපු හැටියෙ ඒක මරනින් මතු ජීවිතයට කියල සිතනව. නෑ මේ ජීවිතයෙ සතුට ලබාගෙන සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දෙන්නයි භාවනාව ඕන වෙන්නෙ. භාවනාව තුලින් බිහිවන බුද්ධිමත් මානවයා ආගම අබින් කරගත්ත භික්ෂූන් හා උපාසක මුදලාලිලාට තර්ජනයක්. බුදුදහමෙ තියන මේ සංහිදියා පැත්ත හංගල චෛත්‍ය රෙදිවලින් වසීමේ මහා පූජා ගැන නිතර අණබෙරගහන්නෙ ඒකයි.

      Delete
    8. මාතා අයියේ.. උඹගෙ ආගම සම්බන්ධ මතය සම්බන්ධයෙන් කතා කලොත් මම විරුද්ධයි...හම්බුනු වෙලාවක කතාකරමු..

      Delete
    9. මාතා ගේ අදහසට එක අතකින් විරුද්ධයි , එක අ තකින් පක්ෂයි. දුප්පත් මිනිසුන්ට රස්සා දීල කන්න දෙන්න ක්‍රමයක්, දුප්පත් ළමයෙකුට ඉගෙනීමට පොත් ටිකක් අරන් දෙන්න, නුගතුන්ට උගන් වන්න මිසක් ඇලීම එපා අරක මේක කියල බන කියල වැඩක් නැහැ. එතන මාතා හරි. බුදු හාමුදුරුවෝ කීවෙත් බඩගිනි මිනිහට කන් දීපන් ඉස්සෙල්ල කියල. මාතා වැරදි ලෝකයට ගැලපෙන්නේ නැහැ කිව්වා එක. රස්සා තියන, හවසට විවේකය තියන එංගලන්තයේ වගේ රටවල මිනිසුන්ට බුදු දහම හොඳයි. ඉයන් වගේ ගොඩක් කතෝලිකයෝ සහ ඇන්ග්ලිකන් අය මට මුණ ගැහිලා තියනවා බුදු දහම හදාරන. භාවනා කරන. ඕක ලේබල් ගහගෙන , බෝර්ඩ් උස්සගෙන හදාරන දහමක් නෙවි. මගේ ඇන්ග්ලිකන් බිරිඳ වැඩිපුර කියවන්නේ බුද්ධාගමේ පොත් . මම ලනගත් තාරක විද්‍යාව ඉගෙන ගත් ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලයේ බහු මාන විශ්ව පිලිබඳ මහාචාර්යවරයා බුදුඩ් දහම වැළඳ ගත් අයෙක්. හැබැයි ඔය එක්කෙනෙකුටවත් සිංහල පන්සල් තියෙන තැන වත් මම කියන්නේ නැහැ. මොකද ඒවාට ගියහම් උන් දමල ගහල යනවා මම දැකල තියෙනේ නිසා. ඒ නිසා මාතා බුද්ධාගම ගැන ස්වාධීනව කියවපන්.

      Delete
    10. අජිත්ගේ උත්තරයේ යම් කොටසක් ගෑවිලා තියෙනවා. බුදුන්ගේ දේශනාවේ වැදගත්ම කොටස අනිත්‍ය තමා තුලින් දැකීම. ඒ වගේ ගැඹුරු තැනකට යන්න පුළුවන්, බුද්ධිමත් කෙනෙකුට. අපේ රටට වඩා සාපේක්ෂව තර්කානුකූලව සිතන අය යුරෝපයේ සහ දියුණු(භෞතිකව) රටවල වැඩියි. තමන්ගේ මූලික අවශ්‍යතා සපිරුණු අයට මේ දහම තේරුම් ගැනීමට පහසුයි. ඔවුන් සැප ලැබීම වදයක් වෙලා හිතනවා මොකක්ද මේ ජීවිතේ කියලා. අපේ රටේ බහුතරයකට සැප කියන දේ අඩුයි. ඉතිං දුක් විඳින්නේ සැප ලඟා කර ගන්න. එතැනදී ගැඹුරු දේවල් අවුබෝධ කර ගැනීම අපහසු වෙනවා. හැල්මේ දුවන ගමන් ඒවා හිතන්න බෑ. අජිත් සහ ඉයන් කියන අය ගැන මොහොතක් හිතලා බලන්න. එයාලට අපිට තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම නැති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපේරට මේ සත්ධර්මය පවත්වාගෙන යන්න තෝරා ගැනීමට ඇති ප්‍රබල හේතුවක් විය හැකියි අපේ භාෂාව පාලියට ඉතා කිට්ටු වීම. නමුත් බුදුන් ධර්මය වදාළේ මගාධි භාෂාවෙන් කියලත් පොඩි මතයක් මේ දවස් වල තියෙනවා. අපිට පාලි ඉගෙන ගන්න ලේසියි. පරිවර්තනයක වැරදි තිබුනොත් වැරදි දේ තේරුම් ගන්නවා. ඒ නිසා ඒ පහසු භාෂාව ඉගෙන ගැනීමෙන් ධර්ම අවුබෝධය ලබා ගත හැකියි. පාලියෙන් සිංහලට පස්සේ ඉංග්‍රීසි බසට යත්දී වැරදි සිදුවීම් වලකන්න බෑ. ඒ වගේම පොතක් සම්පාදනය කරන කෙනාගේ මතය සහ කැමැත්ත ඒ තුලට එක් වීම වලකන්න බෑ.

      Delete
    11. මේරටේ පාලි පාඨ කියවලා පරිවර්ථනය කරලා කියපු බණ කොච්චර පාරක් අහල තියෙන මිනිස්සු හිටියත් ඒකෙන් පාලි දන්න අය බිහිවෙලා තියෙන්නේ බොහොම අඩුවෙන්. පාලි වලින් නැතුව සිංහලෙන් තිබ්බනම් ඒක කවුරුවත් පරිවර්ථනය කරල දෙන්න ඕන නැහැ. ඕනම ආගමක තියලෝජියන්ස් (theologian) ලා සිටිනවා. ඔවුන්ට එය මුලින් දේශණා කරපු භාෂාවේ කෙළ පැමිණියන්. යම් ධර්ම කරුණක් ගැන ගැටළුවක් ඇතිවුනොත් ඔවුන්ට යොමුකර මුල් දේශණාව නැවත අර්ථ දක්වන්න පුළුවන්. ඒකෙන් කියන්නේ නැහැ ආගම අදහන හැමෝම theologians ලා වෙන්න ඕන කියල. කාර් එකක් කැඩුණොත් ගරාජ් එකකට ගිහිල්ල හදාගන්න පුළුවන්. කාර් හදන්න දන්න අය විතරක් කාර් පාවිච්චි කරන්න වුණොත් කීදෙනෙක් කාර් පාවිච්චි කරයිද? බුදු දහම තමන්ගේ භාෂාවෙන් කෙලින්ම ඉගෙනගන්න, අදහන්න, ගාථා කියන්න පුලුවන් නම් තවත් බොහෝ දෙනෙක් ඒකට කිට්ටු වෙයි. පාලි වල එල්ලිලා හිටියොත් ඒකෙන් භික්ශූන්ට හොඳ වුනත් ගිහියන්ට හොඳක් වෙන්නේ නැහැ.

      Delete
    12. ඉයන් ඒක හරි යනවා අපි අලුත්ම රටකට ගිහිං එයාලගේ භාෂාවෙන් බුදුදහම කියල දුන්නොත්. බුද්ධං සරණං ගච්චාමි කියපු අයට මම බුදුන් සරණ යමි කිව්වට ගතිය එන්නේ නෑ. නිර්වාණය අවුබෝධ කර ගන්න නම් භාෂාවක් අවශ්‍ය නෑ. ඒ අය බෞද්ධ වීම අවශ්‍ය නෑ. අනිත්‍ය කියන දේ කොයි මොහොතේ හෝ එයා පිළිගත්තා නම් එයා නිවන් අවුබෝධ කරගත්තා වෙනවා. හැබැයි තප්පරෙන් සීයෙන් පංගුවක් වත් ඒ සත්‍ය පිළිගන්න කවුරුත් කැමති නෑ. ඒක හරි කියලා ඉන්නකොට කාක්කෙක් අඬනවා නේද ? කියලා හිතුවොත් වැඩේ ඉවරයි.

      Delete
    13. මම බුද්ධාගම දන්නවා... ඒක නිසා තමයි බුද්ධාගම පිස්සෙක් වගේ අදහන්නේ නැත්තේ.. සෑම ආගමකම තියෙන අපිට ගැලපෙන දේ ගත්තාම හරි..

      ඔතන වැරැද්ද තියෙන්නේ බුද්ධාගම විතරක් දන්න එක. මම නම් බුද්ධාගමේ තියෙන දේවල් ඒ විදියටම පිළිගන්න මිනිස්සු දකින්නේ අවුරුදු 2500 ඈත ජීවත් වෙන මිනිස්සු විදියට.

      බුදු හාමුදුරුවොත් සියල්ල දත් කෙනෙක් නෙමෙයි නේ උන්වහන්සේ නාගත් අවස්ථාවන් අනන්තවත් තියෙනවා...

      උන්වහන්සේත් එදා වේල ටුවර්ස් දහමක් තමයි දේශණා කරලා තියෙන්නේ... බුද්ධාගම ගැන නියමාකාරයෙන් දන්න අය මේ ගැන හොඳින් දන්නවා...

      අනික් දේ තමයි ඔය කියන බ්Uද්ධයෝ තරම වෙනත් ආගම් අදහන් පිරිසක් මේ මුළු ළෝකෙම නැතුව අති.. ඒ අතින් කතෝලිකයන්ට, ඉස්ලාම් ආගම අදහන උන්ට, හින්දු ආගම අදහන් උන්ට මල් තියලා වඳින්න ඕන.. දැන් ඉන්නේ ෆෙන්ෂුයිගේ ලාෆින් බුද්ධා අදහන නමෝඅ නාරයන් හක්ගෙඩි වඳින, කතරගම ද්යියෝ අදහන මේකප් බෞද්ධයෝ...

      බුද්ධාගම තියෙන්නේ ඕනේ ඇඟේ නෙමෙයි හදවතේ.. මාතලන්ගේ හදවතේ බුද්ධාගම තියෙනවා එළට..

      Delete
    14. //බුදු හාමුදුරුවොත් සියල්ල දත් කෙනෙක් නෙමෙයි නේ උන්වහන්සේ නාගත් අවස්ථාවන් අනන්තවත් තියෙනවා...//
      මාතලන් බුදු රජාණන් වහන්සේ පොර වෙන්න ගියේ නෑ කොතනකවත්. එදා වේල වගේ පේන්නේ ඒ නිසා. බුදු හාමුදුරුවෝ කිසි දෙයක් බලෙන් ඇඟේ ගහන්න ගියේ නෑ. බුදු හාමුදරුවෝ අවුබෝධ කර ගත්ත ධර්මය තව කෙනෙකුට කියන්න කලින් එය අවුබෝධ කරගැනීමේ හැකියාව පිලිබඳ විමසා බැලුවා. අද බුදු දහම විද්‍යාත්මකව සත්‍ය වෙන යුගයක්. උම මොනවත් නැතිව අන්න ඒ ටික පිලිගනින්. ඒ ඇති. තම තම නැණ පමණින් තමයි අවුබෝධ වෙන්නේ. ඒකට මොනවා කරන්නද ?

      Delete
    15. ඒ ටික මම දන්නවා.. ඉතින් මම කියපු දේම උඹත් කියලා තියෙන්නේ.. කොමෙන්ට් හරියට නොකියපු නිසාද.. එහෙම නැත්නම් උඹත් අර නානසාරගේ සේනාවේ කෙනෙක් නිසාද...?

      ඕකම තමයි බුද්ධාගමට වැරදුන තැන උපාසක මහත්තයෝ..

      ඔයා කියන ඔඋඅ දේවල් සත්‍යයි කියන්න මොනවද තියෙන දත්ත.. එහෙනම් අහවල් රෙද්දටද ආන්ඩුව ලව බුද්ධාගම රකින් නීතියක් ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මුලටම ඇතුලත් කරගෙන තියෙන්නේ.. අයින් කරන්න කියහන්කෝ...

      Delete
    16. //බුදු හාමුදුරුවොත් සියල්ල දත් කෙනෙක් නෙමෙයි නේ උන්වහන්සේ නාගත් අවස්ථාවන් අනන්තවත් තියෙනවා...//

      මාතලන් මේක serious ද කියුවේ? බුදු හාමුදුරුවො නාගත් අවස්ථාවක් කියන්න පුලුවන්ද? මොකද මම එහෙම දෙයක් අහල නෑ.

      Delete
    17. මේ ළිපිය කොමෙන්ට්ස් එක්කම කියවන්න.. එතකොට පෙනෙයි මේ සබ්ජෙක්ට් එකේ ඉතරක් කොච්චර නාලා තියෙනවද කියලා..

      අනික හැමෝම දන්න දේ තමයි සියල්ල අවබෝධ කොටගෙන නිවන් අවබෝධ කර ගත්ත කෙනා රාහුල බලෙන් පැවදි කරලා සුද්ධෝදනගෙන ඉල්ලගෙන කාලා පස්සෙ ඒවට නීතී දාපු එක.. අද කාළේ පොඩි උන්ට කරන ඒවා දැක්කා නම් බුදු හාමුදුර්වෝ බුද්ධාගම විසුරුවා දානවා දෙකක් නැතිව..

      http://manomandira.blogspot.com/2016/01/blog-post_14.html

      Delete
    18. දෙමවුපියන්ගෙන් අවසර නොගෙන කුඩා දරුවන් පැවිදි නොකළ යුතුයි නීතිය දාපු එක බුදුන් ඉල්ලාගෙන කෑමක්ද කියන එකනම් මට සැකයි. කොහොම උනත් තමන්ට කැමති ආකාරයට හිතන්න, නිර්වචනය කරගන්න, අප්ඩේට් කරන්න බුදු දහමේ තියෙන නිදහසම මදෑ...මනෝගේ ලිපියට පාර කියුවට තුති.

      Delete
    19. නිවන් අවබෝධ කෙනෙකුටත් වරදිනවා නම් නිවන් වලත් අප්ෂෙට් එකක් තියෙනවා නේ..???

      මගේ කරුමෙට ආච්චි සුරංගනා කතා කියන කාළේ ඉඳලා හිතෙන්නේ එහෙමමයි...

      Delete
    20. මාතේ බුදුදහමෙන් උඹ බලාපොරොත්තු වෙන දේ නෙවෙයි බුදු හාමුදුරුවෝ බලාපොරොත්තු වුණේ. උන් වහන්සේගේ අරමුණ වුනේ සසරින් එතෙර වන විදිය කියා දෙන්න. උන් වහන්සේගේ අරමුණ නීති සම්පාදනය නෙවෙයි. සෙක්ස් පිලිබඳ නීති දාන එක නොවෙයි අරමුණ වුනේ. දහස් ගණනක සංග සමාජයේ අස්සට රිංගලා ඔප දූප හොයනවට වඩා වැදගත් යමක් කරන්න උන් වහන්සේ අරමුණු කරගෙන හිටියා. ඒ-ඒ සිදුවීම් මත පදනම්ව තමයි උන්වහන්සේ විනය පිලිඅන්ද කරුණු වදාළේ. කලින්ම දේවල් කියන අය ඒ කාලේ සුලබව හිටියා. උන් වහන්සේට ඒ වගේ තරගයක් ජය ගන්න උවමනා වුණේ නෑ. සාමන්‍ය ජනයාට තේරෙන විදියට මේ දේ කලොත් මේ දේ සිදු වේ කියන දේ වදාළේ. ඉස්සරහට මේවා වෙන්න තියෙනවා, ඒ නිසා මේවා කරන්න හොඳ නෑ කියලා කියන්න ගියානම් විහිළුවක් වෙනවා. අනගනීම කියන වචනෙන් කියන්නේ කලින් කියන්න බැරි වීමේ ලැජ්ජාව, තමන්ගේ මාන්නය පිලිබඳ ඇති වෙන දුක. මේවා උන් වහන්සේට තිබුණේ නෑ. අපි පෘතග්ජනයෝ විදියට දුක් වෙන දේවල් උන් වහන්සේ සැලකිලිමත් වුණේ නෑ. එක් වරක් ගඟකින් එතෙර වන්න යනකොට ඔරුව අනිත් පැත්තට ගිහිං. සාමනේර නමක් සෘද්ධි බලයෙන් එතෙර වෙමු කිව්වත්, උන් වහන්සේ එහෙම කලේ නෑ. මොකද උන් වහන්සේ ඒ වගේ පුංචි දේවල් වලට ප්‍රාතිහාර්ය පාන්න ගියේ නෑ. ඒවා බුදු දහමට වැදගත් දේ නොවුන නිසා. මමත් විශාරද කෙනෙක් නෙවෙයි. උඹ වගේම පෘතග්ජනයෙක්. මේ සංග සාසනය වැනසෙන හැටි ගැන නම් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. හොයාගෙන බලපන්.

      Delete
    21. This comment has been removed by the author.

      Delete
    22. .../බුදුදහම තුල තියෙන්නෙ බැඳීම් අඩු කිරීම. එතන තමයි සැනසීම තියෙන්නෙ./...

      අතහැර ගන්න තියන ලොකුම ආශාව / බැඳීම; නැවත ආත්මයක ඉපිද මේ ආත්මයේ බැරි වූ දේ ලබාගන්න තියන ආසාව අතහරින්න, ඔබට බුද්ධාගම කියන අති විශාල වංචාව අවබෝධවේවි, බුද්ධාගම කියන්නේ මේට්‍රික්ස් වගේ රියලිටිය වසන්කරන වංචාවක්, එත් බග්ස් වලින් අඩුවක් නෑ, බග්ස් පෙන්නේ මත් බව අඩුවූ අයටයි, මේ විවාදයේ මත් වෙච්ච නැති බෞද්ධයෙකුට ඉන්නේ මාතලන් විතරයි.

      බුදු හාමුදුරුෙවා් කීවාය කියා ලියා තියන ඒ්වා ඒයාම කියපුවාද කියා මම දන්නේ නෑ, එත් එහෙම විශ්වාස කලොත් බුදු හාමුදුරුවෝ කියන්නේ පට්ට පේල් දාර්ශනිකයෙක්, එයාගේ දර්ශනය අති සාර්තකව මාකට් කරේ අශෝක අධිරාජ්‍යයා යුද්ධ කරල අල්ල ගත්ත රාජධානිය පහසුවෙන් පාලනය කරගන්න, එයා හින්දු අනුග්‍රාහක රජවරු බොහොමයක් මරන්න ඇතිනේ, එයාට අළුත් ආගමක් ඕන වුනා, එයා බුදුහාමුදුරුවන්ගේ ආගම මොඩිෆයි කරලා ගත්තා, වැඩේ බොහොම සාර්තකයි. ජේසු වුනත් අසාර්තක දාර්ශනිකයෙක්, රෝමයේ දී ඒක මොඩිෆයිකරගත්තා.

      මම හිතන විදිහට බුදුහාමුදුරුවන්ට ඕන වුනේ, නැවත ඉපදිමක් නෑ කියන්න, සත්‍ය අවබෝධ කරගත් තැනැත්තා නැවත උපදින්නනේ නැත (නිවන් අවබෝධකරගන්නවා) කියා කීවා, සත්‍ය අවබෝධකරගන්න නම් සියළු ආශාවන් අත අරින්න කීවා, ඒත් සත්‍ය අවබෝධකරගෙන නිවන් දකින්න හැකි වූනේ සීමිත අනුගාමිකයෝ ගනනකටනේ.

      බුදු හාමුදුරුවන්ගේ කාලේ හියුමන් රයිට්ස් ගැන එච්චර අවුලක් තිබිලා නෑ වගේ.

      Delete
    23. තෑන්ක්ස් ඇණයෝ එකෙක් හරි හිටියට... මට ඒ හොඳටෝම ඇති...

      බැඳීම් අඩු කර ගත්තාම නිවන නිකන්ම අවබෝධ වෙනවා..

      Delete
    24. අපොයි සමාවෙයන් පොඩි එකා ලොග් වෙල ඒ ටිකට - Maathalan

      Delete
    25. මම නම් ඔය නිවන ගැන දැන්ම හිතන්නේ නැහැ. දෙවියෝ අපායවල් ගැන විශ්වාසයකුත් නැහැ. අපාය ගැන මගේ බ්ලොග් ලිපිය බැලුවොත් තේරේවි. හැබැයි බුදුන් කියන්නේ පට්ට පේල් ම්දර්ශනිකයෙක් කියන්න නම් ඒ ගැන ඔප්පු කරලා ලිපියක් ලියපං. මොකද මට ගොඩක් එවුන් කාලයක් හමුවුන මාක්ස්ට බල්ලට වගේ සීයා කියල බ්ලොග් අතරේ හෙම. හැබැයි උගේ ප්‍රාග් ධනය සහ අනිත් පොත් කියවපු කෙනෙක් (දුක් විඳලා ළමයි මැරෙද්දි ලිව්වා පොත්) මේ මං තුමා වගේ කවදාවත් ඌට බනින්නේ නැහැ. මොකද පොර ඒවා ලිව්වා හේතුව දැන ගණන් නිසා. මොට්ට විධිහට මාක්ස්ව අනුගමනය කරන එක වෙනම දෙයක්. බුද්ධ ධර්මය මොට්ට විධිහට කරේ තියන් යන පිරිසක් නිසා ඇති වෙච්ච් පප්‍රශ්න වලට බුදුන් පලි නැහැ. මෙතන වෙලා තියෙන්නේ බුදුන් පට්ට පේල් දාර්ශනිකයෙක් වෙනවට වඩා මාතලන් සහ උඹ කියවල මදි කියන එක මචන්. තව ටිකක් බුද්ධාගමේ මහායාන සෙට් එකේ පොත් කිය්වහන්. අර තිබ්බතයේ මල පොත, අභිධර්ම පොත් ටිකක් හෙම. ඒවායේ පට්ට දර්ශනයක් තියෙන්නේ. ඇරිස්ටෝටල්, කාන්ට්, හේගල් ලෙවල් එකට. වැඩේ තියෙන්නේ ඕක තේරුම් ගන්නේ අඩු පිරිසක්. බුද්ධාගම කියවන්න ඕනේ හිතේ prejudice අයින් කරලා.

      Delete
    26. ලංකාවේ ඉන්න අපිට ඒකේ ලස්සන , වටිනාකම පේන්නේ නැහැ. ඒක පේන්නේ වෙනරටක ඉඳන් ඇවිත් බලන විදේශිකයින්ට. ඒ වගේ අන්‍යාගමිකයින්ව සිටි අපිට පේන බුද්ධ දර්ශණයේ පෙන්වා ඇති මාර්ගයේ වටිනාකම උපන්දා ඉඳන් බුද්ධාගම ඇහෙන, පන්සල් බුද්ධාගම 'අදහන', විභාගවලට බුද්ධාගම විශයක් ලෙස ඉගෙනගත්තු අයට නොපෙනීම තේරුම් ගන්න පුළුවන්.

      Delete
    27. @ අජිත්

      ඔක්කොම පොත් පත් කියවලා නැති එක හැබෑව. ඒත් මගේ මිතුරන් අතර අබිධර්මය උගන්වන හාන්දුරුවරුත් ඉන්නවා. ඒ විද්‍යාලංකාර පිරිවෙනත් එක්ක තියෙන සම්බන්ධතා නිසා. (ඒ තමයි අපේ ෆැමලි පන්සල.) උනුත් හැන්දෑවට නිවන හොයන්නේ රට බීම වලින්. ඉතින් නොපෙනෙනා නොදැකපු නිවනක් පසුපස යනවට වඩා අනුන්ට වදයක් නොවී සතුටින් ඉන්න එක නෙමෙයිද නිවන කියන්නේ.

      කොහොමත් පොතක් ගත්තත් ඔක්කෝම කියවන්න ඕන නෑ.. මුල මැද අග කියෙව්වම ඇතුලේ තියෙන්නේ මොනවද කියලා හිතා ගන්න පුළුවන්.

      කොහොම හරි අපේ මිනිස්සු අවුරුද ගනන් පැරණි දර්ෂණ පස්සෙ යන එක නම් කනගාටුවට කරුණක්.

      Delete
    28. අනික් දේ මහායාන බුද්ධාගම නෙමෙයි ලංකාවේ තියෙන්නේ තේරවාදය. ඒකනම් අන්ත පසුගාමී ගෝත්‍රික ආගමක් කියන එක කියන්නම ඕන. අපේ රටේ අහේනියට මූලික හේතුව ඔය ආගම. ඕකේ තියෙන්නේ දුකම විතරයි.

      Delete
    29. මහ ලොකු ගැඹුරක් කෙසේ වෙතත් 'අටලෝ දහම' කියන සංකල්පය සහ ඒ අවස්ථා සඳහා බුදුරජාණන්වහන්සේගේ නිර්දේශ කියන එක කාරණේ හරියට අල්ලගන්න ට්‍රයි කලොත්.... ලෞකික සැනසීමක් අතේ දුරින්.

      Delete
  4. මේ දෙමල version එක ඇසුවාම මට දැනුනු හැඟීම් සිංහල ගීතය අසනකොට ඇතිවුණු හැගීම්ම තමයි. I got goose bumps. Can't imagine why some people resist this so much.

    ReplyDelete
    Replies
    1. මේ විරුද්ධ වාදීන්ගේ ජාතිය රාජපක්ශජාතියයි ඒ සිංහල ජාතිය නොවේ, ආගම රාජපක්ශාඅගමයි ඔවුන් බෞද්ධයන් නොවේ. මේ ගීතයේ ශ්‍රී ලංකා තායේ කියන්නේ ශ්‍රී ලංකා මාතා කියන එකමයි. මේකෙන් වර්ණනා කරන්නේ ලංකාව මිසක් ඊලමක් නෙවෙයි. ඔබට ස්තූතියි

      Delete
    2. ඉතින් ලන්කාවට ජාතික ගීය වල් දෙකක් ඇයි? සිංහ‍ලෙන් කියන්න දෙමළ දිව වල් නැමෙන්නෙ නැද්ද?

      Delete
    3. ඇනෝ ඔයාට විතරක් නෙවෙයි මටත් එහෙමයි. දෙමලෙන් ඇහුවත් කලින් දන්නවා මේ කියන්නේ අපේ රට ගැන වරුණාව කියලා. එතකොට හිරිගඩු පිපෙනවා. වැඩේ තියෙන්නේ අර මිනිස්සු ඊලාම් ගීතයත් කියපු අය. ඒ අයට මේකට වඩා ඒක සමීපයි. මොකද එයාලගේ රටක ජීවත් වෙනවා කියන සහනය එයාලට ප්‍රශ්න තිබුනත් ඒ කාලේ තිබුණා. ඊලාම් පාලනය නැති වුන එකට එයාලා කැමතිනම් උඩින්ම ඇවිත් මහින්දට කතිරේ ගහන්න එපැයි. ඔය දෙමල සන්දානේ අයත් එකට කැමතියි. මම ඒ ගැන පුදුම වෙන්නේ නෑ. එයාලට අපි ගැන වෛරයක් තියෙනවා. ඊලාමට කලින් අපිත් එක්ක මුහු වෙච්ච අය අපිත් එක්ක තවමත් එකතුයි. ශිවා කියන යාපනයේ ඉන්න මගේ මිත්‍රයා ඒ වගේ කෙනෙක්. සැකය දුරු වෙන්න තව කල් යයි.

      Delete
    4. Sudeeka- Agree with you. This is a tricky situation. නමුත් මා නම් හිතන්නේ අපි 'බහුතරය' හෝ 'මහා ජාතිය' විදිහට අනිත් සුළු ජාතීන් 'embrace' කරන්න කැමතියි කියන පණිවිඩය දෙන්න ඕනේ කියලයි. That's the silver lining I see in this black cloud.

      Delete
    5. Thank you ano. //That's the silver lining I see in this black cloud.//
      Yes indeed Sir/Maam

      Delete
    6. /එයාලට අපි ගැන වෛරයක් තියෙනවා. ඊලාමට කලින් අපිත් එක්ක මුහු වෙච්ච අය අපිත් එක්ක තවමත් එකතුයි. ශිවා කියන යාපනයේ ඉන්න මගේ මිත්‍රයා ඒ වගේ කෙනෙක්. සැකය දුරු වෙන්න තව කල් යයි. /
      සහතික ඇත්ත, එයාලගේ සැකය නැති කරන එක අපේ යුතුකම, උතුරේ පරන යාළුවෝ තවමත් කැමතී නිදහසේ දකුනට ඇවිත් යන්න,අප දෙගොල්ල අතර ඇති සැකය දුරු කරගන්න බැරි වුනොතින් රටවල් දෙකක් කියන එක ගැන කිසිම සැකයක් නැහැ.

      Delete
    7. බොහොම ස්තූතියි ඇණයා

      Delete
  5. සැබෑ ජාතික සන්හිඳියාව සඳහා සෑම සිරි ලාන්කික පුරුසයෙකුටම ම අඩුම තරමින් ජාතීන් දෙකකට වත් අයත් කාන්තාවන් දෙදෙනෙකුවත් කසාද බැන්දවිය යුතුය!
    එම කසාද ව්ලින් ලැබෙන දරුවන් සින්හල හා දෙමල ජාතික ගී කුනුගොඩට විසි කොට

    God save our gracious Queen!
    Long live our noble Queen!
    God save the Queen!
    Send her victorious,
    Happy and glorious,
    Long to reign over us:
    God save the Queen!

    ගායනා කරනු ඇත...

    කොහොමද ස ර ස තුමා ගේ ලපටි මොලේ?

    ReplyDelete
    Replies
    1. එහෙනං !!!

      Delete
    2. ඕක මෙහෙම වෙනස් කරමු
      God Save our King Rajapaksa
      Long Live our Siranthi
      Save him from FCID
      Save hin from having to repay the loot
      God save the king Rajapaksa

      Delete
    3. Please sa rasa....not on this mate..

      Delete
    4. // Please sa rasa....not on this mate. //

      හාස්‍ය රසය සමග කීවේ ඇත්තයි චෙෆ් තුමෝ....

      සින්හල බාසාවෙන් පමනක් ගයන්න ඕනෑ කියනා කස්ටිය අතුරින් යමක් කමක් ඇති සින්හල උදවියගේද

      සින්හල සහ දෙමල බාසා වලින් ගයන්න ඕනෑ කියනා කස්ටිය අතුරින් යමක් කමක් ඇති සින්හල උදවියගේද,


      සින්හල සහ දෙමල බාසා වලින් ගයන්න ඕනෑ කියනා කස්ටිය අතුරින් යමක් කමක් ඇති දෙමල සහ මුස්ලිම් උදවියගේද,

      දෙමල බාසාවෙන් පමනක් ගයන්න ඕනෑ කියනා කස්ටිය අතුරින් යමක් කමක් ඇති දෙමල සහ මුස්ලිම් උදවියගේද,

      දරුවන් ඉගෙනගන්නේ සහ ජීවත් වෙන්නේ කොහෙද? සිරි ලන්කාවේද නැත්නම් ඔස්ට්‍රේලියා, කැණඩා, එක්සත් ජනපදේ හෝ එක්සත් රාජදානියේ නොවේද?

      අපි මොන බාසාව වෙනුවෙන් ෆයිට් කලත් අපෙන් පැවතෙන්නන් සින්හල දෙමල බාසා දෙකම අතහැර ඉගිලී යනවා ඔබ නොදකින්නේද???

      Delete
    5. මා ගැන විතරක් කියනවා නං එය සත්තයි...මගේ දෙන්නාටම සිංහලෙන් ලියන්න බෑනේ...එච්චර දුර හිතුවෙ නෑ මචෝ...

      Delete
    6. // මා ගැන විතරක් කියනවා නං එය සත්තයි...මගේ දෙන්නාටම සිංහලෙන් ලියන්න බෑනේ...එච්චර දුර හිතුවෙ නෑ මචෝ. //

      ඇස් ඇරීම ගැන සතුටුය.....
      ඒ වුනාට ස ර ස තුමා ගේ මෝඩ කතා එච්චර ගනන් ගන්න එපා චෙෆ් තුමෝ

      Delete
    7. මා වැන්නවුන්‍ට ඒ කීවේ මෝඩයින්ට දේවල් තේරුම් කරල දෙන්න හැමෝටම බෑ..අනික මම ඔය ඩීප් දේවල්වලට එච්චරම ගෝචර නැත්තේමැයි..ඒකනේ ආකිටෙක්චර් කොලේ..හෙක් හෙක්..කෝ මේ අපේ මැන්ගෝ ෆ්‍ර්‍රෙන්ඩ් ඉයන්..?

      Delete
    8. // මා ගැන විතරක් කියනවා නං එය සත්තයි...මගේ දෙන්නාටම සිංහලෙන් ලියන්න බෑනේ...එච්චර දුර හිතුවෙ නෑ මචෝ. //
      මෙන්න මේක හැමෝටම නැහැ. අත් දෙක උස්සල පිළිගන්න ඒක හැමෝටම කරන්න බැහැ.
      රෙස්පට් එල ද

      Delete
    9. කවුද කවුද මේ අපේ රැජිනට එක එක ඒවා ලියන්නේ. ආ මේ සරසා තුමා නේ. එහෙනම් කමක් නැහැ.

      Delete
  6. මට නම් ඉයන් හිතෙන්නේ ද්‍රවිඩ ජනතාව මේ ගැටේට අහුවෙන එකක් නැහැ....හැබැයි ජාත්‍යන්තරයට පෙන්නන්න නං මේවගේ දේවල් හොඳයි.....මීට වඩා තේරුමක් ඇති දේවල් ගොඩාක් කරන්න පුලුවන් අපිට..එකක් තමා අපි ඔක්කොම දෙමල භාෂාව කතා කරන්න ඉගෙන ගන්න එක...

    ReplyDelete
    Replies
    1. චෙෆාකි ගෙ කමන්ට් එක ස්පෑම් වල තිබිලා මේ පැත්තට දාගත්තා. මේක ගැටයක් කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. මේ දේ කරන්න නායකත්වය විශාල අවදානමක් ගත්තා. එක පුද්ගලයෙක් මේක අල්ලගෙන රට බෙදෙනවා කියා කෑගහනකොට හරිදේ කිරීමට ඔවුන්ගේ තීරණය මම නම් අගය කරනවා. ජාතිවාදී නොවන ගොඩක් දෙනෙක් කියන්නේ මේක අහනකොට හිරිගඬු පිපුනා (goose bumps) කියලා.

      Delete
    2. තව එකක් සාමාන්‍ය දෙමල ජනතාව මේක දැකල සංතෝස වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේකට අකමැති වෙන්නේ සිංහළුන්ගේ වැරදි පමණක් දකින දෙමල බෙදුම්වාදීන්. උන් කෑගහන සිංඅහළුන්ගේ වැරදි ලිස්ට් එකෙන් එකක් හැළුනා කියලා.

      Delete
  7. ලිපිය සහ කොමෙන්ට් ටික කියෙව්වා ජාතික ගිය දෙමලෙන් ගායනා කරපු එක ගැන මගේ තිබුන මතය මම වෙනස් කර ගත්තා. ඉස්සර වෙලා තිබුනේ මෝඩ මතයක් ඒක අහන්න එපා දැන් හරි හැදුනනේ. බුදු දහම් අපිට ලෝකයට දෙන්න පුලවන් ක්‍රමය ගැන ලියලා තිබුන ටික නම බොක්කට වැදුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩා

      Delete
    2. එළ ද බ්‍රා! පරෙස්සමෙන්!!

      Delete
    3. මම මේ ලිපියේ තියන කරුණු ගැන මගේ යාලුවෝ දෙතුන් දෙනෙක් එක්ක කතා කරා උන් මාව මරා ගෙනෙ කෑවේ නැති ටික විටරයි.
      මට බ්ලොග් අත අරින්න බැරි ඒක හේතුවක් උබලා හැම කෙනෙකුගෙන්ම එකතු කර ගන්න කරුණු කරනා මම තව තැනක කතා කරනවා එහම නොවුනම් මට වෙන්නේ උන්ගේ කටවල් දිහා බලාගෙන කියන දෙයක් ඔලුව වනලා පිළිගන්න

      Delete
  8. සුපිරි ලියවිල්ලක් ඉයන්... මගේ මතයත් ඕකමයි.. අපූරුවට තර්කාණුකූලව අදහස පෙන්නලා ට්‍රැක් එකට අරන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සජ්ජා

      Delete
  9. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2755-2016-02-04-20-37-10

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් හැමදාමත් දෙන සහයෝගයට

      Delete
  10. දෙමලෙන් ජාතික ගීය කියවීම සහ පාලියෙන් බුදු දහම කියවීම කියන්නේ අහසට පොලොව වගේ දෙකක්. වෙනම රටක් කියන එක ඔලුවට දාපු මිනිසුන් කොට්ඨාශයකට උඹලාගේ රට මේක මේ විදියට හිටපන් කියන එක ලේසි නැහැ. ඔවුන් ඉන්නේ අර සිහිනයේ. එහෙම නොවුනානම් ඔවුන් සිංහලත් ඉගෙන ගෙන ජාතික ගීයත් කියනවා. මගේ නිවසේ ඉන්න ඉන්දියානු දෙමල සේවිකාවට ඒ ප්‍රශ්නේ නෑ. එයා වේගයෙන් සිංහල ඉගෙන ගන්නවා. ඒ වගේම සිංහල අය අතර ජීවත් වීම නිසා ඇය දන්නවා සිංහල අයත් සමග ජීවත් වීමේ පහසුව. ඉන්දියාවේ ඉන්න ඕනෙම කෙනෙකුට හින්දි පුළුවන්. ලංකාවේ එහෙම නෑ. අපි සිංහලෙන් කතා කලත් දෙමලෙන් උත්තර දෙන අය ඉන්නවා. ඒක මානව් අයිතිවාසිකමක් කියලා අපිට ප්‍රංශයේ ජීවත් වෙන කෙනෙක් කියාවි. නමුත් ප්‍රංශයේ අපි ගිහින් මොකක් හරි දෙක සිංහල පරිවර්තනයක් ඉල්ලුවොත් ඔවුන් ගණන් ගනීද ? හැබැයි මාතෘකාවේ කියන දේ ජාතික ගීයට අදාලව යම් සත්‍යයක් තියෙනවා. පාලි බස සිංහල, දෙමළ, හින්දි කියන භාෂා තුනම පෝෂණය කරපු භාෂාවක්. ඒ නිසා මේ ගීය සිංහලෙන් අහපු වෙලාවට ඒක දමිල අයට තේරුමක් ගන්න පහසු වෙනවා. ඒ කාරණය නිසාම තමයි අපිට හින්දි වැඩසටහනක් බලත්දී ඒකෙ තියෙන සමහර වචන තේරුම් ගන්න පුළුවන් හරි අදහසත් එක්කම. අපි මුහුණ දුන් අත්දැකීම් එක්ක දෙමලෙන් එක පාරට ජාතික ගීය කිව්වම, අපි කල්පනා කරනවා මොකක්ද හදිස්සිය කියලා. ඒක මේ ප්‍රශ්නෙට විසඳුමත් නොවෙයි. දෙමළ මිනිස්සු මේකටත් මාර විරුද්ධයි. මම ඒක දැක්කා අපේ බැංකුවේ ක්‍රීඩා උත්සවයක් 2010 දී යාපනයේ තියපු වෙලාවක. ඔවුන් මේකට ගරු කරන්නේ නෑ. මේක ගණන් ගන්නේ නෑ. අපේ බැංකුව පවත්වපු උත්සව වලදී නරකම හැසිරීම පෙවන්නේ උතුරු නැගෙනහිර පළාත් දෙකේ අය බව මා තේරුම්ගෙන තිබෙනවා. උත්සවය බැංකුවේ වුවත්, ජනයා ඒ පළාත් වලින් නිසා, ඔවුන්ට අපේ වැඩ රුයිතෙටම තමා පේන්නේ. ප්‍රබාකරන් ඇතුළු එල්.ටී.ටිය නැති වීම් ඔවුන් සිහිනෙන් අහරවීමක්. දැන් විඳින සැප අතරේ ඔවුන්ට අර සිහිනය නැති වීමේ දුකත් තියෙනවා. මම සටන් විරාමය කාලේ ඔය පැතිවල කරක්ගහලා තියෙනවා. ඒකෙන් ගත්ත අවුබෝධය නිසා මට තෙරෙනේන්ව යා දෙක නොරත රථ කියලා. කොටින්ම ඔවුන් ශ්‍රී ලංකා කියනවාටත් කැමති නෑ. ශ්‍රී යුද්ධය කාලෙකට කලින් තිබිලා තියෙනව. ඒ නිසා තමයි චන්ද්‍රිකා නෝනා ශ්රී කියන්න කිව්වේ. අනිත් එක වාහන අංක තහඩු වලින් ශ්‍රී ගැලවුණේ. අපේ ධර්මයේ තියෙන සාධනීය ලක්ෂණ පෙන්වලා අපිව නිහඬ කරවීමේ ක්‍රියාවක් බොහොම යහමින් සිදු වෙනවා. මම විශ්වාස කර එක දෙයක් තියෙනවා. ලෝකේ කොහේ වුණත් යම් දෙය සිද්ධ වෙන්නේ, ඒ සිදුවීම වෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය වුණාට පස්සේ. මම උදාහරණයකට බස් වල යනකොට කොයිතරම් දාඩිය දැම්මත්, ජනේලය අරින්න කියලා අයිනේ ඉන්න කෙනාට කියන්නේ නෑ. මොකද මේ රස්නේ එයාටත් දැනෙන්න ඕනේ. එහෙම වුනොත් එයා ඒක අරින්න ඕනේ. ඉතිං බොදු බලේ, සිංහලේ තියා එල්ටීටිය බිහි වෙන්නෙත් ඒවාට අවශ්‍ය පරිසරය තිබීම හේතුවෙන්. සිහල ජාති වාදීන් වැඩි කාලෙට එල්ටීටිය බිහි වෙනවා. දෙමල ජාතිවාදීන් වැඩි කාලෙට බොදුබලේ බිහි වෙනවා. ඒ මදිවට මුස්ලිම් අන්තවාදයත් තියෙනවා. ඉතිං මේවා තාවකාලිකයි කියලා අපි බලාගෙන ඉන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අපි මොන භාෂාව කථා කලත් හිතන්නේ තමන්ගේ භාෂාවෙන්. අපිට යමක් ඉගෙනීමට හෝ විස්තර කිරීමට වෙනත් භාෂාවක් පාවිච්චි කරන්න පුළුවන් වුනත් හැඟීමක් ගන්න වෙන භාෂාවකින් අමාරුයි. වෙන භාෂාවකින් තියෙන දෙයක් මගේ වෙන්නෙ නැහැ. ජාතික ගීය කියන්නේ වචන ටිකක් නම්, ආගම හෝ එහි ගාථා වචන ටිකක් විතරක් නම්, ආදරය වගේ දෙයක් වුනත් වචන ටිකක් පමණක් නම් එය මොන භාෂාවෙන් කිව්වත් කිසිම ප්‍රශ්ණයක් නැහැ. මගේ මාතෘභූමිය ගැන මගේ වර්ණනාව සහ මගේ ප්‍රණාමය වචන ටිකක් නෙමෙයි. මගේ හිතෙන් එන්න ඕන දෙයක්. ඒක මට හොඳින්ම හැඟීම ගන්න පුලුවන් මගේ භාෂාවෙන්. ජාතික ගීය දෙමෙලෙන් පමණක් කිවයුතුයි කිව්වොත් එය විශාල ප්‍රශ්ණයක්. එය තමන්ගේ භාෂාවෙන් කිව හැකි කියන එක අනික් එකාට ප්‍රශ්ණයක් වෙන්නේ කොහොමද?

      අනික ජාතීන් අතර සහජීවනය කියන්නේ මාර්ගයක් මිස මාර්ග අවසානයක් නෙමෙයි. එතකොට අවශ්‍ය පරිසරය නිර්මාණය වුනාට පස්සේ කියන්නේ මොකද්ද? ඒ මාර්ගයේ අපි හැමදාමත් යන්න ඕන. අපි එකිනෙකාගේ හැඟීම තේරුම් ගැනීම ඒ පාරේ යාමට පහසුවක්.

      Delete
    2. //ඉන්දියාවේ ඉන්න ඕනෙම කෙනෙකුට හින්දි පුළුවන්.// සුදික මචන් මන් දනන් ඉන්දියන් කාරයෝ ඉන්නවා කේරලයේ හා තමිල්නාඩුවේ උන්ට හින්දි බැහැ. ඉන්දියාවේ ඕන කෙනෙකුට හින්දි පුළුවන් කියන එකට එකඟ වෙන්න බැහැ.// ලංකාවේ එහෙම නෑ. අපි සිංහලෙන් කතා කලත් දෙමලෙන් උත්තර දෙන අය ඉන්නවා.// ඒක හරි.
      // ඒක මානව් අයිතිවාසිකමක් කියලා අපිට ප්‍රංශයේ ජීවත් වෙන කෙනෙක් කියාවි. නමුත් ප්‍රංශයේ අපි ගිහින් මොකක් හරි දෙක සිංහල පරිවර්තනයක් ඉල්ලුවොත් ඔවුන් ගණන් ගනීද ? // ඔව්. එක නිසා තමා සිංහල පරිවර්තකයන්ට රස්සා තියෙන්නේ. එංගලන්තේ ඔයිට එහා. පොලිසිදීත් සිංහල ඉල්ලන්න පුළුවන්. අනිකුත් භාෂා වලිනුත් ඉංග්‍රීසි බැරිනම් පරිවර්තකයෝ ඉල්ලන්න පුළුවන්. හිනිදී, දෙමල, රැසියන් වගේ භාෂා වලින් ආණ්ඩුවේ පත්‍රිකා තිබෙනව්චා. බුද්ධාගම ගැන කියන සුදිකගේ අදහස් වලට මම එකඟයි. මෙහෙ මිනිසුන්ට කියවල ඉගෙන ගන්න වෙලාව තිබෙනවා.

      Delete
    3. ඌට හින්දි පොඩ්ඩක්වත් බැරිද ? මේ අපි දන්නා තරම්වත්. හැබැයි කේරල කාරයෝ ගැන මගේ මිත්‍රයෙක් මට කිව්වා උන් ඉන්දියන් කියන්න අකමැතියි කියලා. උන් කියන්නේ අපි කේරල කියලාලු. එතකොට මගේ මිත්‍රයා බැනලා එහෙම රටක් නෑ කියලා. මගේ යාලුවෙක් ඉන්නවා දෙමළ, ඌට දෙමළා බෑ. ඒ වුණාට බැරිමත් නෑ. ඌ නොදන්නා දෙමළෙට යන්නේ නෑ.

      බුදු දහම තේරුම් කරන්න පහසු මිත්‍යා දෘෂ්ඨිකයින්ට.

      Delete
    4. සුදිකගේ අදහස් කිපෙකටම හරහට කොමෙන්ට් දැම්මා, අමනාප නොවෙතැයි සිතමි.

      /ඉන්දියාවේ ඉන්න ඕනෙම කෙනෙකුට හින්දි පුළුවන්. ලංකාවේ එහෙම නෑ. අපි සිංහලෙන් කතා කලත් දෙමලෙන් උත්තර දෙන අය ඉන්නවා. /තමිල්නාඩුවේ කොල්ලන් ගෙන් හින්දියෙන් ප්‍ර‍ශ්නයක් ඇහුවොතින් ඉංග්‍රීසියෙන් උත්තර දීමත් ඒ කොල්ලම උඩකෑල්ලේ කෙල්ලෙකුට දන්න හින්දි සේරම දාගෙන පැණි පෙරිමත් හරිම සාමාන්‍යයි.

      /ඒක මානව් අයිතිවාසිකමක් කියලා අපිට ප්‍රංශයේ ජීවත් වෙන කෙනෙක් කියාවි. නමුත් ප්‍රංශයේ අපි ගිහින් මොකක් හරි දෙක සිංහල පරිවර්තනයක් ඉල්ලුවොත් ඔවුන් ගණන් ගනීද ? / ප්‍ර‍ංශූවා මෙහෙ ඇවිල්ලා සිංහල ලියවිල්ලක ප්‍ර‍ංශ පරිවර්තනයක් ඉල්ලුවාට අපිත් ගනන් ගන්න ඕන නෑ, ඒත් කවුරු හෝ දෙමළ පරිවර්තනයක් ඉල්ලුවොත් දෙන්න ඕන, එක අපේ රටේ රාජ්‍ය භාෂාවක්නේ.

      Delete
    5. ඒවගේම යාපනේදී අපිට දෙමළ ලියවිල්ලක සිංහල පරිවර්තනයක් ලබාගැනීමත්, සිංහල බසින් සේවාවක් ලබාගත හැකිවීමත් අපේ අයිතිවාසිකම්.

      Delete
    6. මහේ මම දන්නා නීතිඥ පවුලක් ඉන්නවා. දෙන්නම දෙමල. හස්බන්ඩ් ට සිංහල යන්තමින් පුළුවන්. දෙමල සහ ඉංග්‍රීසි තමයි කතා කරන්නේ . හින්දු ආගමික. බිරිඳ කතෝලික දෙමල. බිරිඳට දෙමල ලියන්න කියවන්න කතා කරන්න බැහැ. (මෙහෙ දෙමල කතා කරන්න ටියුෂන් ගත්තා) ඉංග්‍රීසි සිංහල හොඳට පුළුවන්. දෙන්න ගෙදර ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. පෝයට පන්සල් යනවා ඉරිදට ඉඳල හිටලා පල්ලි යනවා. පන්සලට දානේ අරන් යන එක සාමාන්‍ය දෙයක්. කතා කලොත් බුද්ධ දර්ශනය ගැන හොඳ අවබෝධයක් තිබෙන බව පේනවා.

      Delete
    7. ඔබගේ මිතුරන්ට යහපතක්ම වේවා. ස්තූතියි අජිත්

      Delete
  11. රට ගැන හැගීමක් ඇතිවෙන්න නම් ඒ ඒ මිනිස්සුන්ගේ ඔලුවට වැටහෙන භාෂාවකින් ඒ හැගීම ඔලු ඇතුලට ඇතුල් කලයුතුයි කියන දේ අපේ එවුන්ට තේරෙන්නේ නැහැ ඉයන්. අපේ මිනිස්සු මමත්වය ඇතුලේ රජවෙලා. මම සහ මගේ කියන චින්තනයෙන් එහාට ගිහින් අපි සහ අපේ කියල හිතන්න පුළුවන් චින්තනයක් බිහිකරන්න අපේ දෙසපාලකයින් උත්සහ කරන්නේ නැත්තෙ එයාලගේ වාසියට කියල තේරුම්ගන්න අපේ අහිංසක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.

    අනික් කාරනාව තමයි බුදුදහම සහ ජාතිය පටලවාගනීම. නියම ආකාරයෙන් බුදුදහම ගැන හදාරපු කෙනෙක් නම් ජාතියක් ගැන කතාකරන්න කට අරින්නේ නැහැ. ජාතිය සහ ආගම මුල් කරගෙන කෑමොර දෙන අන්තවාදීන් මොහොතකටවත් හිතන්නේ නැහැ මේ ජීවිතේ අවසන් වෙලා ඊළඟ ජීවිතේ උප්පත්තිය කුමන ජාතියක, කුමන ආගමක සකස්වෙවිද කියන එක ගැන.

    බුදුරජානන් වහන්සේ තමුන්ගේ ජාතියට හෝ තමුන්ගේ රටට පමණක් එතුමාගේ ආගම සීමා කරානම් , වෙනත් විදිහකින් කියනවනම් බුදුරජානන් වහන්සේ ජාතියක් ආගමක් රටක් මුල්කරගත්තානම් අපිට බුදුදහම ලැබෙන්න විදිහක් නැහැ. අපේ මිනිස්සු බෞද්ධයන් විදිහට බුදුදහමින් උගන්වන අත්හැරීම හරි ආකාරයෙන් අල්ලාගත්තානම් මේ ප්‍රශ්න බොහොමයකට උත්තර එතන තියනව. එත් මාර බලපාමටද මන්ද අපේ ප්‍රසිද්ද ස්වාමින්වහන්සේලා දේශනා කරන බන වල වැඩි හරියක් තියෙන්නේ අත්හැරීම නෙවෙයි අල්ලාගැනීමම තමයි. මිනිස්සු ඒ පස්සේ ගිහින් සතර අපායේම සැරිසරන්න උත්සහ කරන එක ගැන කනගාටුයි.

    ReplyDelete
    Replies
    1. //ජාතිය සහ ආගම මුල් කරගෙන කෑමොර දෙන අන්තවාදීන් මොහොතකටවත් හිතන්නේ නැහැ මේ ජීවිතේ අවසන් වෙලා ඊළඟ ජීවිතේ උප්පත්තිය කුමන ජාතියක, කුමන ආගමක සකස්වෙවිද කියන එක ගැන//

      ඒගොල්ලන්ට මේ ටික තේරුණොත් හොඳට ඇති. අර මානය කරපින්නගෙන ඉන්න අය බල්ලන් වෙලා ඉපදෙනවා කියනවා වගේ ඊලඟ ආත්මය මනුස්ස ජීවිතයක් ලැබුණොත් ඉපදෙන්නෙ තමන් වඩාත් වෛර කර ජාතියේ වෙන්නත් පුළුවන් අවස්ථාව වැඩි නේද?

      Delete
    2. //ජාතිය සහ ආගම මුල් කරගෙන කෑමොර දෙන අන්තවාදීන් මොහොතකටවත් හිතන්නේ නැහැ මේ ජීවිතේ අවසන් වෙලා ඊළඟ ජීවිතේ උප්පත්තිය කුමන ජාතියක, කුමන ආගමක සකස්වෙවිද කියන එක ගැන//

      මට මතකයි සරත් ලංකා අයියා මේ ගැන හොද කතාවක් ලියලා තිබුන අපි මහා ලොකුවට අපි තමයි උසස්ම ජාතිය ආගම උබලා ඉන්න ඕනේ අපේ පය පාමුල කියලා කැ ගහනව හැබයි අපි හරියට දන්නවද අපි ඊ ලග ආත්මේ කවුරු වෙලා ඉපදෙදීද කියලා

      Delete
  12. මා ලියූ කවි පන්තියකින් එක කවියක්.

    බසින් පාලි අපි පන්සිල් පද කියමු
    සිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
    කයෙන් සිතෙන් දස අකුසලකම් කරමු
    පවෙන් ගැලවෙන්න තව බොරුවේ ගැළෙමු

    කවි පන්තියම මෙතැනින් කියවන්න.
    http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=2526

    ReplyDelete
    Replies
    1. රසික කරුණාකර මුළු කවි පන්තියම මෙහි පලකරන්න.

      Delete
    2. ඒ සම්පූර්ණ කවි පන්තිය නම් මෙතැනට කෙලින්ම අදාල නෑ නේද ඉයන්. ඒකයි ඔබේ ලිපියට අදාල කොටස පමණක් දාලා උපුටා ගත් තැනට සම්බන්ධ කළේ.

      කැමති අයෙකු එතැනට ගොස් කියවාවි!

      Delete
    3. 4-6 පද වල අදාලත්වයක් තිබුණා කියලා හිතුණා. කමෙන්ට් කියවන අය හැකිනම් රසික දුන් ලින්ක් එකට ගොස් කවි පන්තිය කියවන්න. මුලාවෙන් එලියන එන්න හොඳ පණිවිඩයක්.

      Delete
    4. මෙන්න මේ කවිය නම් බොහෝ තැන්වලට ගැලපෙනවා.

      ගතේ දැවටුනද බණ පද නිරන්තර
      අතේ පිරිත් ලණු බැඳුණද වරින් වර
      සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
      මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර

      Delete
    5. හරිම වටිනා අදහස රසික.

      Delete
    6. ලින්ක් එකට යන්න බැහැනේ පුලුවන්නම් කවි පන්තිය පල කරන්න

      Delete
  13. සෝම හිමි බුදු දහම ගැන නිවැරදි අවබෝධයක් තිබුණු කෙනෙක්. මා දුටුවා ඔහු ලංකාවට විත් ජනප්‍රියවාදී දේශපාලන මඩගොහොරුවේ ලගින්නට ජාතිවාදය වැළඳ ගන්න කලින් ඕස්ටේ‍රය්ලියානු චැනලයේ සාකච්ඡාවකටර සහභාගී වෙනවා. බුදු දහම යනු දෙවියන් නැති දර්ශණයක් බවත් එනිසාම එය ලොව සියළුම ආගම්වලින් පාහේ වෙනස් බවත් එදා ඔහු පැවසුවා.

    ලංකාාවට ආ පසුත් ඒ පන්සල්වල බුඩ්ඩාගංකාරයින් කරන දේව ඇදහිලිවලට ඬිරුද්ධව කතා කළට, පසුව අර මා කී ජනප්‍රියවාදී දේශපාලන මඩගොහොරුවේ ලගින්නට ජාතිවාදය වැළඳ ගත් නිසා ඒ බුඩ්ඩාගම පිරිසිදු කිරීමේ කර්තව්‍යය ඔහුට අතපසු වුනා!

    ReplyDelete
    Replies
    1. ඒක හරි. සෝම හාමුදුරුවන්ට ලංකාවේ හාමුදුරුවරු සහ මිනිසුන් අකැමති වුනේ 'දෙවියන් නොමැති' කතාවට. කතරගම දෙවියෝ ජීවමානව බලන්න ගිය මිනිසුන් කන්දරාව දැක්කම හිතාගන්න පුළුවන් නේ. මෙහෙ ඉන්න ගොඩක් ලංකාවේ අය හාමුදුරුවන්ට අකමැති වුනේ සායි බාබා අදහන්න එපා කිව්වා නිසයි. මම අහල තියෙනවා සෝම හාමුදුරුවෝ Melbourne ඉන්න කොට ලංකාවේ සමහරය අය ගැහැණු අය පන්සල ලඟට ගෙනැල්ල හාමුදුරුවන්ව black mail කරන්න කීප වතාවක් උත්සහ කල බව. quite possible knowing some of our people.

      Delete
    2. රසික බොහොමත්ම ස්තූතියි. ඔබ කියන දේට සම්පූර්ණයෙන්ම එකඟයි.

      ඇනෝ ඔබටත් මගේ ස්තූතියි

      Delete
  14. 1. බුදුදහම උගන්වන්නෙ උත්තරී මනුස්ස ධම්ම ලබාගන්නයි. එය මිනිස් දහම්වලට වඩා උසස් නිසා. මිනිස් දහම්වලට වඩා උසස් දේ ලබාගැනීමට නම් පළමු කොට මිනිස් දහම් (මනුස්සධම්ම) අප තුළ වගා කරගත යුතුයි. 'මනුස්ස ධම්ම' නැති කෙනාට මොන 'උත්තරී මනුස්ස ධම්ම ද'? අනිත් කෙනාගේ අහිංසක වෙනස් අදහස්වලට මැදහත්ව ඇහුම්කන් දෙන්න හෝ ඉවසන්න බැරි කෙනාට මොන මිනිස් දහම් ද?

    2. සෝම හිමියන්ගෙ පන්සිල් පද නො‍රැකීම මිනිස්සුන්ගෙ පිරිහීමට හේතුවන ආකාරය පැහැදිලි කළ බණත්, බුදු ගුණ ගැන කියපු බණත් අහල සතු‍ටුවුන කෙනෙක් මම. පසු එ හිමියන් ජන මාධ්යයන් වෙත දැඩිව ආකර්ෂණය වුනා. පහුවෙනකොට ඉර හඳ යට තියෙන ඕන විෂයයක් ගැන මාධ්යකරුවන්ට එහිමියන්ගේ අදහස් විමසීමක් නැතිව මොනවත් පලකරන එක මදිපාඩුවක් වගේ පෙනුනදෝ මන්ද? උන්වහන්සෙත් තමන් හැමදෙයම දන්නා බවක් පෙන්නුව. අෂ්‍රොෆ් මහතා සමග පැවතුනු සංවාදය ටික වේලාවක් බලං හිටියම උන්වහන්සේගේ තාර්කික හැකියාවන් ගැන මගේ විශ්වාසය බිඳුන.

    3. ඔබේ අදහස අනගියි. පාලි බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් වෙන්නෙ (මජ්ඣිම නිකාය - අරණ විභංග සුත්ත) භාෂාවට මුල් තැනක් දීල ධර්මාර්ථය විකෘති නොකරන ලෙස. බ්‍රාහ්මණ වංශික භික්ෂූන් දෙනමක් ධර්මය සංස්කෘතයට පරිවර්තනයට උත්සාහගත් අවස්ථාවෙ එය වැලකූ බුදු රදුන් තම දහම ඒ ඒ තනැත්තන් විසින් ස්වකීය බසින් උගතයුතු බව ප්‍රකාශ කළ බව ද විනය ග්‍රන්ථවල සඳහන්.

    4. ජාතික ගීය භාෂා දෙකින්ම අහන විට මගේ හිතට දැනුනු අදහස් කීපයක් සටහන් කරන්න හිතුන. 1. දෙමළ බසින් එය ඇසෙන විට එය ඉතා සංවේදී ප්‍රසන්න අත්දැකීමක්. දකුණු අප්‍රිකාවෙ ජාතික ගීය තරමට භාෂා මිශ්‍රනයක් නොවුනත් එක්සත් ශ්‍රී ලංකාවක් ගැන තියෙන හීනය හැබෑ කරගන්න යන ගමනේ කිසියම් දියුණුවක් කියල දැනුන. භාෂා දෙකේ මූලයන් දෙපැත්තක උනත් ඒ දෙකටම ඇති වාක්‍යයේ පද අනු පිළිවෙළ (කර්තෘ+කර්ම+ ක්‍රියා, වීශේෂණ+විශේෂ්‍ය, සහ සංස්කෘත සෘණ වචන වැනි පොදු ලක්ෂණ පරිවර්තකයාගේ කාර්‍යය පහසු කරන්නට ඇතැයි සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබවහන්සේ මෙහි අදහස් දැක්වීම පිළිබඳව මගේ නමස්කාර පූර්වක ස්තූතිය පුදකරනවා. ඔබවහන්සේ දක්වා ඇති කරුණු ගැන අදහස් දක්වන්න මගේ දැනීම කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. ධර්මයේත් රටේත් උන්නතියට හේතුවන්නේ ඔබ වැනි පිතෘන්වහන්සේලා නිසා කියා කියන්න නම් මැලිවෙන්නේ නැහැ.

      ඔබවහන්සේ තුන්වන කරුණින් දැක්වූ කරුණ ඒ ගැන නොදැනුවත්ව වුනත් මට වැටහී තිබුණා. භාෂාව මාධ්‍යයක් පමණක් ලෙස පාවිච්චි නොකලොත් වෙන්නේ ධර්මය විකෘති වීමත් හරය පැහැදිලිව ගලා නොයාම නිසා මිනිසුන් ඒ ධර්මයෙන් ඈත්වීමත් යන්න.

      ධර්මය මට්ටමේ දෙයක් නොවුනත් රටේ ජාතික ගීය ගැනත් එය පොදුයි. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයෙන් බැටකෑ මිනිසුන් ඉන් පසුව සහ ජීවනයෙන් ලෝකට දුන්න ආදර්ශය අනභිබවනීයයි. ඒ රටේ එසේ වෙන්නත් සිම්බාබ්වේ රටේ වෙනස් අයුරකින් සිදුවන්නත් හේතුව නායකත්වයේ පරිනත භාවයයි. මැන්ඩෙලා වැනි උත්තමයන් රටක නායකත්වයට වඩා ලෝකයේ නායකත්වයට පත්වුණානම් කියා සිතෙනවා.

      Delete
    2. ඔබ වහන්සේට මාගේද නමස්කාරය වේවා

      Delete
    3. මෙන්න නියම බෞද්ධයෝ....

      Delete
    4. ඔබ වහන්සේගේ මේ අදහස් දැක්වීම ඉතා අගය කරනවා

      Delete
  15. මචං ඉයන්............... අපේ මතය මේකයි. සිංහල දෙමළ හෝ ඉංග්‍රීස් කියන්නේ භාෂාවන් විතරයි. ඒවා සන්නිවේදනයට භාවිතා කරන මාධ්‍යයන්.... ඒවා ලෝකයට අවශ්‍යයි.. ඒ අදහස් හුවමාරු කර ගැනීමට පමණයි. ඒහෙම නැතුව ඒවා මත්තේ ජීවත් වෙන්න නෙමෙයි. ඒවා මත්තේ මරා ගන්න නෙමෙයි. අද ලෝකය විකාර වැඩ කරන්නේ කතා කරන්න තියෙන භාෂාවක් හින්දා මිනීමරාගන්නවා. අර සුනිල් පෙරේරාගේ සින්දු වලට මරාගන්න ඒකේ ඔවා සුළු දේවල් කියලත් හිතෙනවා තමා......

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි මව්භාෂාවෙන් හිතන්න හුරු වෙනවා. ඒක පොඩි කාලේ ඉදලාම අපිට අැහුණ භාෂාව නිසා හුරුවීමක්.... අපිට මේ මව්භාෂාව ගොඩක් හිතට වදිනවා. ඉක්මනට තේරුම් යනවා.. දැනෙනවා වැඩියි... මෙහෙම ලක්ෂණ ටිකක් තියෙනවා. ඉතින් කාට හරි මව්භාෂාවෙන් වැඩ කරන්න හැකියි නං ඒක ගොඩක් සාර්ථක වෙනවා විතරක් නෙමෙයි ඒක ඔහුට හෝ අැයට හොදට දැනෙනවා. අර බොක්කට වදින ගතිය වැඩියි කියන්නේ ඔ්කට....... (හැබැයි මේකෙන් අනික් භාෂාවන් සම්පූර්ණයෙන් ම බැහැර කළ යුතුයි කියා කියන්නේ නැහැ. මොකද ලෝකය දකින්න සහ දැනුම අතින් ගත්තා ම අනික් හැම භාෂාවක් ම දැන ගන්න හැකි නං අපි කැමතියි..... අපි ඉංග්‍රීසි කියන දේ බදාගෙන හිටියාට ඊට ඒහා ගිය බුද්ධිය වර්ධනයට දායක වුණ භාෂාවන් ලෝකයේ ඔ්න තරම්... අපි ඉතින් ඉංග්‍රීසි බදාගෙන බලෙන් භාෂායටත් විජිතකරණයකට ලක්වෙලා ඉන්නවා..... )

    ReplyDelete
    Replies
    1. පිළිගන්නවා කුරුටු. අපි අපේ භාෂාවෙන් හිතන්වා වගේම අනික් අයට ඒගොල්ලන්ගේ භාෂාවෙන් හිතන්න ඉඩ දෙන්න ඕන. එච්චරයි මගේ තර්කය. බොහොම ස්තූතියි

      Delete
    2. මම වෙනස් කර ගත්ත මතය උබගේ මේ උත්තරය ඇතුලේ තියනවා. තව දෙන්නෙකුට මට මේක කියලා දෙන්න පුලුවන් උනෙත් උබගේ ලිපිය සාර්ථකයි කියලා මම හිතනවා

      Delete
  16. ...//බුදුදහම ලෝකයට දීමට ප්‍රතිඥ්ඥා දී ඇති ලංකාවට බුදුදහම උතුරු නැහෙනහිර පළාත් වල සිටින දමිලයන්ට වත් සාර්ථකව පැතිරීමට නොහැකිවී ඇත්තේත්//...

    +++++++++++++++

    ReplyDelete
  17. ජාතික ගීය (ජාතික කියන වචනේ ඉවත් කරලා ශ්‍රී ලාංකික ගීය උනානම් ගොඩක් හොඳයි නේද?) දෙමළෙන් ගායනා කිරීම ඉතා හොඳයි. අගවිනිසුරු, විපක්ෂ නායක දෙමළ වන රටක මෙමගින් ලෝකයට දෙන පණිවිඩය ඉතා ප්‍රගතිශීලියි. මේක දෙමළෙන් නැතුව එදා ඉංග්‍රීසියෙන් ගායනා කරානම් ඔය බනින කුහකයන් ඔය විදියටම දොස් කියයිද කියලත් හිතුනා.

    සෝම හිමියන් මෙම ලිපියේ පසු කතාවල අනු මාතෘකාවක් උන නිසා මේ ගැන කියන්න හිතුනේ. උන් වහන්සේ පිලිබඳ බොහොම සංවේදී පෞද්ගලික මතකයන් සමූහයක් තිබෙනවා. සෝම හිමියන්ව විනාශකළේ ජනමාධ්‍ය. සරලව, පැහැදිළිව බණ දෙසන ශික්ෂාකාමී යතිවරයෙක්ට වඩා ජනමාධ්‍ය උන්වහන්සේව ලෝකයට පෙන්නුවේ නූතන ධර්මපාලතුමා වගේ ප්‍රතිරූපයක් සමග. සෝම හිමියන්ට මෙයින් ගැලවෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ. වරක් සෝම හිමියන්ට මූණටම මේගැන අපි කියපු වෙලාවේ උන්වහන්සේ මුහුණේ තිබුණ බැරෑරුම් පෙනුම තවමත් මතකයි. කවුරු මොනවා කියුවත් පෞද්ගලිකව ඇසුරු කල ඉතා යහපත් මනුෂ්‍යයෙක් ලෙස උන්වහන්සේ කෙරේ මගේ ගෞරවය නම් අඩු වෙන එකක් නෑ.

    බුදුදහම ගැන පෞද්ගලිකව ලැබුන වටිනාම අත්දැකීම ලැබුනේ වසර කීපයකට පෙර දානයක් දීමට පවුලේ අය සමග වනගත ආරණ්‍යකට ගිය වෙලාවේ. එහිදී මුණගැසුන ජර්මන් ජාතිකයෙකු සමග කතාබස් කරන්න මට අහම්බෙන් අවස්ථාව ලැබුණා. වෛද්‍යවරයෙක්, කිතුණු පුජකයෙක් වන මොහු කියවූ බෞද්ධ පොතක් (පොතේ නම මතක නෑ දැන්, මතක විදියට රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොතක පරිවර්තනයක්) දැක බුදු දහමට සහ භාවනාවට යොමුවී තිබුණා. වසර ගනනාවක් තිස්සේ නොකඩවා භාවනා කිරීමට පැමිණෙන මේ සුද්දාගේ කතාව අසා මගේ බෞද්ධකම ගැන ලැජ්ජා හිතුනා. ඔහුගේ පෞද්ගලික දුරකථන අංකය, ඊමේල් ලිපිනය ඉල්ලුවත් ලබාදෙන්න කැමති උනේ නෑ. අදටත් මම දන්නා හොඳම බෞද්ධයා මේ ජර්මන් ජාතිකයා කියලයි මට හිතෙන්නේ.

    මම හිතන්නේ සැබෑ බුදු දහම දැන් ඉතුරු වෙලා තියෙන්නේ මේවගේ ආරණ්‍යවල විතරයි. මහානායකලාගේ සිට බො.බ.සේ වගේ බොහෝ චීවරධාරීන් කරන්නේ පොලිටිකල් මගඩියක් විතරයි.

    ශ්‍රී ලංකාවට අබ සරණයි !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උදය ඔබගේ සෝම හිමියන් සමඟ සහ ජර්මන් ජාතික මහතාගේ අත්දැකීම් බෙදාගත්තට. පරවර්ථනයක තේරුම් ගැනීමේ හැකියාව වැඩියි ඒ භාෂාව මුල් භාශාව වශයෙන් භාවිතා කරන කෙනෙක් කලාම. ඒ කියන්නේ හින්දි භාශාවට පරිවර්ථනය කරනවා නම්, සිංහල දන්න හින්දි පුද්ගලයෙකු සොයා ගත යුතුයි. ඒවගේ අය හොයාගන්න පුලුවන් නම් මමත් කැමතියි ඒකට උදව් කරන්න. එක පරිවර්ථනයක් නිසා එක් කෙනෙක් හරි පාරේ ගියත් ඒ ඇති.

      Delete
  18. සිංහල දෙමළ සියලු දෙනාම ජාතික දිනේ දවසේ ගොඩක් සතුටු වෙන්න ඇති.
    මාත් හදවතින්ම සතුටු උනා..

    ReplyDelete
    Replies
    1. එක රටක් විදිහට ඉන්න කැමති දෙමල අයත් සතුටු වෙන්න ඇති. රට කඩා ගන්න හිතන වුන් නම් කනේ ඇඟිලි ගහගන්න ඇති. බොහොම ස්තූතියි සිංහ

      Delete
  19. ඉයන්
    මම උබට උඩ කෙමෙන්ට් එකක කිව්වා මම මේ ගැන යාලුවෝ කීපදෙනෙක් එක්ක කතා කරා කියලා උන් මගෙන් අහපු ප්‍රශ්නයක් මම උබෙන් අහනවා මගේ දැන ගැනීම සදහා
    දෙමලෙන් ජාතික ගීතය ගායනා කරපුවහම ජාතයනන්ත්රය පිලිගනවද මේ රටේ ජාතින් දෙකක් ඉන්නවා ඒ නිසා දෙමල අය ඉල්ලන (දැනට උතුරු පාලත් සබාව ඉල්ලන ඉඩම් සහ පොලිස් බලතල ) වෙනම රජයක් ඒ අයට දිය යුතුයි කියලා ?

    ReplyDelete
    Replies
    1. ජාතික ගීයක් භාශා දෙකකින් භාවිතා කරන රට ලංකාව විතරක් නෙවෙයි. අනික ජාත්‍යන්තරය කියන්නේ මෝඩ මිනිස්සු නෙමෙයි. එංගලන්තය 1815 ඉඳන් දැනන් හිටියා අපේ රටේ සිංහල දෙමල භාශා දෙකක් කතා කරන මිනිස්සු ඉන්නව කියලා. එහෙම තියෙද්දිත් 1948 දි නිදහස දෙද්දි වත් රට කැඩුවේ නැහැ. යූ ටියුබ් ගිහින් බලපන් කොච්චර බෙදුම්වාදී වීඩියෝ තියෙනවාද කියලා. ඊලාම් ගීතයකුත් තියෙනවා. ශ්‍රී ලංකා තායේ කියන්නේ ශ්‍රී ල්\අන්කා මාතා කියන එක. ඒක 1950 ගණන් වල නල්ලතම්බි කියල කෙනෙක් පරිවර්ථනය කරලා තියෙන්නේ. ඒක ඒ කාලේ ඉඳන් රටේ දෙමල් අය ඉන්න පාසැල් වල භාවිතා වෙලා තියෙනවා.

      ඔය උඹේ මෝඩ රාජපක්ශවාදී යාළුවන්ට කියාපන් විකිපීඩියා එක කියවන්න කියලා. අනික දෙමල ගීතයේ තියෙන්නේ සිංහල ගීතයේ පරිවර්ථනය. ඒකියන්නෙ ශ්‍රී ලංකා කියන රටේ වර්ණනාව සහ නැමදීම. ඉඩම් බලතල සහ පොලිස් බලතල දෙන්න කියන කාරනාව තියෙන්නේ ඉන්දියාව පටවපු 13 වන සංශෝධනයේ. පොල් රැවුලා 18 සංශෝධනය ගෙනල්ලා වාර ගාණ වැඩිකරගෙන ස්වාධීන කොමිසම් නැතිකරලා රජවෙනකොට ඌට 13 අහෝසි කරානම් ඒක නැහැ. එහෙම නොකරපු එකා ජාතික ගීතයක් ගැන නැහෙන්න යන්නේ හොරකම් අල්ලන එක වලක්වන්න මොකක් හරි වැලක එල්ලෙන්න.

      Delete
  20. මගේ උඩ ප්‍රශ්නෙට ඉක්මනට උත්තරයක් දියන්. මම හෙට උදේම උන්ට මේක පැහදිලි කරන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ඔය රාජපක්ශ වාදීන්ගේ රට රාජපක්ශ්ලන්තය, ආගම රාජපක්ශ ආගම. උන්ට යමක් පැහැදිලි කරලා වැඩක් නැහැ. රට බෙදන්න ඕන උන්ට දෙමල ජාතික ගීය අරහං. උන්ට ඕන සිංහලුන් උන්ව පාගාගෙන ඉන්නවා කියල දෙමල පොඩි මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න. උන්ට තේරෙනවා සිංහල බහුතරය ජාතිවාදී නැහැ කියල. මේවගේ දේකින් සාමාන්‍ය දෙමල මිනිසුන් සිංහලුන්ට ලංවෙනවා. රටට ලංවෙනවා. එතකොට ඔය ඩයස්පෝරා උන්ට උන්ව නොමග අරින්න බැරිවෙනවා.

      Delete
    2. උබ හරි උන් කතා කරන්නේ මහින්ද කියන පදනම උඩ ඉදගෙන එතනින් එහාට උන් එක්ක දෙයක් ගැන කතා කරනවට වඩා හොදයි අල්ලපු ගෙදර ටෝමියට සිංහල කියලා දෙනවා.

      Delete
  21. කමෙන්ට් දාන්න පරක්කු උනාට මම මේ ඔක්කොම අද උදේ වෙනකල් කියෙව්වා, දෙමළෙන් ජාතික ගීය ගායනා කරන එක මෑත කාලේදී කරළියට ආවේ නිදහස් උත්සවයට ගොඩක් කලින් 2015 මුලදී වගේ තමයි මට මතක...
    ඒ වෙලාවෙදිත් මගේ අදහස උනේ ව්‍යවස්තාවේදී හෝ වෙනත් අයුරකින් පාර්ලිමේන්තුවේදී දෙමලෙන් කියන එක අනුමත වෙලානම් එහෙම කියන එක ගැටළුවක් නැහැ කියන එකයි...
    එහෙම නැතුව කියනවනම් මම ඒක දැක්කේ බලහත්කාරකමක් විදිහට...

    නමුත් මේ කරුණු දැක්වීම එක්ක හිතෙනවා බලෙන් කිව්වත් ඇත්තටම දෙමළ මිනිස්සු රටේ ක්‍රමේට අනුගත වීමක් නිසා එය හොඳ බවයි...

    බුදු දහම ගැන ඔබ දැක්වූ අදහස් ඉතා වටිනවා, අපි දහම ඉගෙනගන්න පහසු විදිහට පරිවර්තනය කලොත් මීට වඩා ලොකු සෙතක් වේවි...

    ///ලෝකයට මෙම ධර්මය පැතිරීමට හැකි ආකාරය පිලිබඳව විස්තරාත්මකව ලිපියක් සලසා බෞද්ධ තීරණ ගත හැකි කිහිප දෙනෙක් අතට කලකට පෙර පත් කලත් ඉන් වැඩක් සිදු නොවුණි. පරිගණක කිහිපයක් මාරුවීම නිසා අද මේ ලිපිය මට සොයා ගැනීමටවත් නොහැක. ///

    කලින් වැඩක් උනේ නැති උනාට කමක් නැහැ, කාලෙත් හොඳ එකේ ආපහු උත්සාහ කලොත් නරකද...
    පිටරැටියන්ට කෙසේ වෙතත් ලංකාවේ මිනිස්සුන්ට ලොකු සෙතක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලොක්කා. බුද්ධාගම විභාග වලට විෂයයක් හැටියට තියෙනකං මේ රටේ බෞද්ධයන් වැඩි දෙනෙකුට එඊකෙන් ප්‍රයෝජනයක් වෙන එකක් නැහැ. ඒක පාසැල් වලදී කුසලතාවයක් හැටියට ප්‍රගුණ කරන්නයි ඕන. කලා විෂයයන් සහ ක්‍රීඩාව වගේ. උදාහරණයකට භාවනාව පොඩි ළමයින්ට උගන්නන්න ලේසියි වෙයි. බුදු හාමුදුරුවන් කියා දුන් ප්‍රායෝගික දේවල් ප්‍රගුණ කරවීම මිසක් බුදුහාමුදුරුවන්ගේ ඉතිහාසය කියල දීල වැඩක් නැහැ. විභාගෙකට ලියන්න බයිසිකලේ ඉතිහාසය, තාක්ශණය උගන්නනෙ නැතුව බයිසිකලේ පදින්න පුරුදු කරන එක ළමයෙකුට ජීවිත කාලයටම ප්‍රයෝජනවත් වෙනව වගේ.

      Delete
  22. දමිල බසින් ජාතික ගීය ගැයිමේ වරදක් මමත් නොදකිමි.නොදන්නා දෙයකට ගරු කරන්න බල කරනවාට වඩා දන්නා දේ ගැන කතා කරනකොට ඒ ගැන හැඟීමක් එනවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි මනෝජ්, මොහොම ස්තූතියි මචං

      Delete
  23. ඉයන් අදයි මේ පැත්තෙ එන්න පුළුවන් උනේ කරුණු ගොඩක් එක්කරපු වැදගත් ලිපියක්.ඉයන් මම පෞද්ගලිකව කැමතියි එක ජාතික ගීයක් තිබ්බනම් සිංහලෙන් හරි දෙමලෙන් හරි මොන භාෂාවෙන් හරි එකක්.එතකොට බෙදීමක් නැහැ ...නැතිනම් දැනටත් බලන්න ගීත දෙකක් ආපු නිසා කීදෙනෙක් නම් කලබල වෙලාද කියල

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හංසි. ජාතික ගීය කියන්නේ සංකේතයක් විතරක් නෙමෙයි. ඒක ගායනා කරලා රට ගැන ආඩම්බර වෙන්න රට ගැන හිතන්න ඕන. වෙන භාශාවකින් ගායන කරන කොට ඒක වෙන්නෙ නැහැ. ඒකයි රට ගැන කියන ගීතය තමන්ට වඩාත්ම ලංවෙච්ච භශාවෙන් කියන්න ඕන.

      Delete
  24. ලිපිය මෙන්ම කොමෙන්ට්ස් වලත් වැදගත් අදහස් තියනවා. අපිට තවමන් ශ්‍රීලාංකීය කියන හැඟීම අපේ හිත්වල ඇතිකරගන්න අමාරුවීම නිසයි මේ ඔක්කොම ප්‍රශ්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා

      Delete
  25. මේ දවස් වල බ්ලොග් කියවන්නවත් තරම් වෙලාවක් නෑ ඉයන් අයියා. හිටි ගමන් ඔලුව දාල යන්න එනව ඇරෙන්න. කොමෙන්ට් කරන්න පෝස්ට් එක පරණ වැඩි ද මංදා. කොහොම වුනත් පෞද්ගලිකව ජාතික ගීය දමිළ භාශාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් මගෙ හිතේ තියෙන්නෙ නම් සතුටක්. ඉයන් අයියාගෙ අදහසට අනුව මෙලෝ දෙයක් නොතේරෙන ජාතික ගීයක් ගායනා කරද්දි ඒ මිනිස්සුන්ගෙ හිතේ ඇති වෙන්නෙ හිස් බවක් මිසක් ජාතිකාලය නෙමෙයි. දමිල බසින් ගායනා කලත් එකම අර්ථය ගැබ් වුන එකම රිද්මයට ගැයෙන ඔවුන්ගෙම භාශාවෙ ජාතික ගීය ඔවුන්ටත් මේ රට ගැන ආදරයක් වගේම රැක ගත යුතු වස්තුවක් ලෙස හැගෙනු ඇතැයි යන්න මගේ අදහසයි.

    මෙතන ප්‍රශ්නය තියෙන්නෙ මේ දේ වරදක දකින අය බොහෝ දෙනෙක් වරද දකින්නෙ මොන රජයෙන් කරපු දෙයක් ද කියන දේත් එක්ක. කවුරු කරත් හොඳ දේ ට හොඳයි කියන්න බැරි කොට්ටාශයක් අපේ ලංකාවෙ ඉන්නවානෙ.

    ReplyDelete
    Replies
    1. නිනි ඔබගේ තේරුම් ගැනීම හරියටම හරි. ඔබ කියනවා වාගේ මේක ගැන ජනමත විචාරණයක් තිබ්බොත් විරුද්ධ වෙන ගාණ අර ලඟදි තිබ්බ ඡන්දෙන් එක පැත්තකට ලැබිච්ච ඡන්ද ගාණට සමාන වෙන්න ඉඩ තියෙනවා. බය නැතුව වැරදි දේවල් කරන අයට වඩා බය නැතුව හරිදේ කරපු අය ගැන මමත් නම් සතුටුයි.

      Delete
  26. Sorry Ian matath oyage me post eka miss welaa.
    oyage lipiye adhahas samaga 100% ekagai.
    blog kiyawanna gathdha patan oyage lipith kiyawanne eahi rasawath bawa ha danumata yamak emagin labena nisaa.

    a wagema comment karala thiyana ayagenuth hondha adhahas prakaasa welaa thiyanawa.

    specially garu sutathara saadhuge watinaa adhahas prakaasaya agekota salakanna kamathi.

    matanam demalen jaathika geeya gayaddi wenadata wadaa gawrawayak bakthiyak sathutak hithata danuna.
    prakkuwee ho megath thiranaya ethamath subawaadhi deyak hatiyatai man dakinne.

    obata isthuthi...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙනරත්. හැමදාමත් කමෙන්ට් කරලා දිරිමත් කරනවටත් පිං

      Delete
  27. බාසාව ගැන අමුතුවෙන් මුකුත් කියන්න දෙයක් නෑ 2009 ඉඳන් ලියැවූ මේ බ්ලොග් එකම ඒකට සාක්ශි.
    ජාතික ගීය නම් සිංහල එක ගැනත් ගස්ලබ්බට පොඩි පොඩි කේස් තියෙනවා.
    සිංහලෙන් බුද්ධාගම කියෙව්වෙ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ පරිවර්තනය කරපු පොත් පත්.ජාතක කතා අහල එපා වෙලා හිටපු ගස්ලබ්බා හිතන්න තියෙන යමක් හොයන්න පටන් ගත්තෙ එතනින්.
    ඒ කියන්නෙ ලෑන් ගෙ පොයින්ට් එකට එකඟයි.
    මොනවා උනත් මේ බ්ලොග් එක දැන් ලස්සනට යනවා.. හොඳම දේ මතවාද සාකච්ඡා වෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගස්, විවාහක ජීවිතය හොඳින් ගෙවෙනවා ඇතැයි සිතමි

      Delete
  28. මගේ පළමු ආගමනය...ඔබේ අඩවියට...දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීම ගැන මගේ නම් විරෝධයක් නෑ...ඒ ජනතාවට ඒ අය කථා කරන භාෂාවෙන් ගැයුවොත් පමණයි අපේ රට ගැන හැගීමක් ඇති වෙන්නෙ...කොළඹ සහ තදාසන්න නගර වල ජීවත් වන දමිළ ජනතාවට සිංහල වැටහුනාට මඩකලපුව සහ වව්නියාවෙන් එහා දෙමළ අයට සිංහල වැටහෙන්නෙ නෑ. ඉතින් වැටහෙන්නෙ නැති භාෂාවකින් ගැයෙන ගීතයකින් ඒ අය කොහොමද දේශානුරාගය ඇති කරගන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා මේ පැත්තට ගොඩ වීම ගැන. දීර්ඝ කාලයක් බ්ලොග් ලියන ඔබ වැන්නකු මෙහි පැමිණීම ගෞරවයක්. බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඔබගේ අදහස් සමඟ සම්පූර්ණයෙන් එකඟයි

      Delete
  29. හෙන කාලයක් අතුරුදන් වී සිට ඉයන්තුමාගෙ අඩවියට ගොඩවැදුනේ මහතු සතුටිනි . ඒ ඉයන්තුමා පෝස්ටු පබිලිස් කරන්නට හෙන කම්මැලියෙක් නිසාය . දෙයිහාමුදුරුවනේ ඒත් මඟහැරුණු පෝස්ටු තොගයකි. අනික්වා පසුව කියවන්නට පොරොන්දු වෙමි. මේ ගැන කීවොත් සිංහල දෙමළ යනුවෙන් රාජ්‍ය භාෂා දෙකක් ඇති රටේ ජාතික ගී දෙකක් තිබීම ගැන මගේ නම් අමනාපයක් නැත. ඒත් ඉතිං අපි හැමෝටම තේරෙන මනුස්සකමේ භාෂාවෙන් ඔක්කොම එකට එකජාතික ගීයක් කියන්ට තිබ්බා නම් මරේ මරුය .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙතූ කාලෙකින් ආපහු ආවාට. අදහස් වලටත් ස්තූතියි

      Delete