Sunday, January 31, 2016

යූ ටියුබ්, එක රැයින් ජනප්‍රිය වීම, යූටියුබ් වලින් මුදල් සෙවීම සහ වංචා

යූ ටියුබ් එක අද ලෝකේ තියෙන විශාලතම විනෝද, දැනීම බෙදා ගැනීමේ සහ ප්‍රචාරක මාධ්‍යයක් වගේම සමහර දෙනෙකුට මුදල් උපයා ගැනීමේ මාධ්‍යකුත් වෙලා තියෙන බව ඔබ දන්නවා ඇති.

යූ ටියුබ් එක නිසා වෘත්තීය නොවන කලා කරුවන්ට තමන්ගේ හැකියාවන් සමාජයට සහ ලෝකයටම ඉදිරිපත් කිරීමට පහසු, වියදමක් නැති මාධ්‍යයක් ලැබිල තියෙනවා. අද අති සාර්ථක වී ඇති කලා කරුවන් කිහිප දෙනෙක්ම අද ඒ තත්වයේ ඉන්නේ යූටියුබ් එක නිසා. මේකට හොඳ උදාහරණයක් තමයි ලෝක ප්‍රසිද්ධ ගීත රචකයෙකු හා ගායකයෙකු වන ජස්ටින් බීබර්. ඔහුගේ ගායනයක් සහිත වීඩියෝවක් අහම්බෙන් ඇස ගැටුනු සංගීත ක්ශෙත්‍රයේ කෙනෙක් නිසා තමයි ඔහුව කලා ලෝකයට ලැබුණේ. ඒවගේම එක රටක පමණක් දන්න අය එක රැයකින් මුළු ලෝකයේම ජනප්‍රිය වීමට යූ ටියුබ් උදව් වී තියෙනවා. මීට හොඳ උදාහරණය කොරියන් පොප් ( K-Pop )ගායක Psy විසින් ගායනය කල ගන්ගම් ස්ටයිල් ගීතය සහ නැටුම් විලාසිතාව. 




මීට කලින් කවදාවත් අසා නොතිබුණ අය එක රැයින් ලෝකය පුරා ජනප්‍රිය වීමට හොඳ උදාහරණය තමයි ප්‍රකට ඉංග්‍රීසි වේදිකා නාට්‍යයක ගීතයක් වන I Dreamed a Dream ගීතය Britain's Got Talent  වැඩසටහනේදී Susan Boyle විසින් 2009 අප්‍රේල් 11 දින් ගායනා කිරීමෙන්  පසු ඇය එක දවසින් ලෝකය පුරා ජනප්‍රිය වීම. 




යූ ටියුබ් එකේ ප්‍රෑන්ක්ස් (Pranks) කියන ඒවා හරි ජනප්‍රියයි. ඒවයින් කෙරෙන්නේ කෙනෙක් රවටවා ඔහුගේ හෝ ඇයගේ හාස්‍ය ජනක ප්‍රතික්‍රියා පටිගත කර ඒවා යූ ටියුබ් හරහා බෙදා ගැනීම. කැනඩාවේ විනෝදාත්මක චැනලයක් මඟින් දැන් කාලයක් තිස්සේ කෙරෙන ජස්ට් ෆො ලාෆ්ස් ගැග්ස් (Just for Laughs Gags) කියන එක එවන් ප්‍රෑන්ක්ස් ක්ලිප්ස් විශාල ප්‍රමාණයයක් නිපදවා තියෙනවා.  මේ එම වැඩසටහන් වලින් එක ක්ලිප්එකක්. 



ඒ වගේම සෝෂල් එක්ස්පෙරිමන්ට් කියන ඒවාත් ජනප්‍රියයි.  ඒවයින් උත්සාහ කරන්නේ සමාජයේ විවිධ හොඳ සහ නරක පරීක්ශා කර බැලීම සහ එවන් අවස්ථා පටිගත කර යූ ටියුබ් හෝ රූපවාහිනී මාධ්‍ය හරහා බෙදා හැරීම. වට් වුඩ් යූ ඩූ (What would you do?) නම් වැඩ සටහන ආගම් ජාති අනුව මිනිසුන්ට වෙනස් කම් කිරීම (discrimination), දුප්පතුන් අපහසුවට පත්වන අවස්ථා, ආදිය නළුවන් යොදා ප්‍රසිද්ධ ස්ථාන වල රඟදක්වා  ඒවාට සාමාන්‍ය මිනිසුන් දක්වන ප්‍රතිචාර පටිගත කිරීම කරන එකක්. මෙවන් වැඩ සටහන් ඉතා හොඳ වලින් මනුස්ස ගති තියෙන කී දෙනෙක් සමාජයේ ඉන්නවා දැයි පෙන්නනවා. මේ එම වැඩසටහන් වලින් ක්ලිප්  එකක්.




ඉහත සඳහන් කරපු ඒවා විශාල සංනිවේදන සමාගම් වලින් කරන වැඩසටහන්. ඒවගේම සාමන්‍ය පුද්ගලයින් ප්‍රෑන්ක් සහ සෝශල් එක්ස්පෙරිමන්ට් පටිගත කරමින් ඒවා යූ ටියුබ් හරහා ප්‍රචාරය කරමින් සමාජයට සේවයක් කරන ගමන් මුදල් සොයා ගන්නවා. එම පටිගත කිරීම් යූටියුබ් එකට ඇතුලත් කලවිට ඊට මුදල් නොලැබුණත් ඒවා බලන අය ප්‍රමාණය විශාල වනතරමට යූ ටියුබ් වලින් මුදල් ලැබෙනවා. එම එක් ක්ලිප් එකක් 1,000 දෙනා බැලුවොත් ඇමෙරිකානු ඩොලරයක් වගේ මුදලක් එය අප්ලෝඩ් කරපු තැනැත්තාට ලැබෙනු ඇතැයි අනුමාන කරනවා. එසේ මුදල් ගෙවන්නේ එවන් ක්ලිප් එකක් ප්‍රචාරය වීමේදී එම ක්ලිප් එක උඩින් යූ ටියුබ් සමාගම විසින් බලන්නාට අදාල ප්‍රදේශයේ ප්‍රචාරය කිරීමට මුදල් ලබා ගෙන ඇති ප්‍රචාරණ දැන්වීම් යොදා සොයාගන්නා මුදල් වලින්.

මේ වගේ දැන්වීම් වලින් මුදල් සෙවීම බ්ලොග් ලියන්නන්ටත් කරන්න පුළුවන්. බ්ලොග්ස් වල ඇඩ්සෙන්ස් කියලා බටන් එකක් තියෙනවා. එය දමාගැනීමෙන් එය කරන්න පුළුවන් කියා තමයි මම හිතන්නේ. ඒ ගැන කවුරුහෝ දන්නවා නම් අනික් බ්ලොග් කරුවන් දැනුවත් කලොත් සිංහල බ්ලොග් කරුවන්ටත් ඒමඟින් යම්කිසි මුදලක් හොයා ගන්න පුළුවන් වේවි.  එතකොට කියවන්නන්ට බ්ලොග් එක කියවනවාට අමතරව එහි ඇති දැන්වීම් වලට කොටා යන්නත් ඉල්ලන්න පුළුවන්.  එසේ කර අවශ්‍යනම් එම මුදල් සමාජ සත්කාර වලට දායක වෙන්න යොදා ගන්නත්ත් පුළුවන් වේවි.  මේ තියෙන්නේ බ්ලොග් වලින් එසේ මුදල් හොයන එක ගැන ලියවිල්ලක්.

ඕනම මුදල් උපයා ගැනීමේ මාධ්‍යයක වගේම යූ ටියුබ් වලත් වංචා කිරීම් සිදුවෙනවා. එක අතකින් වංචා සිදුනොවන දෙයක් අද ලෝකෙ හොයා ගන්න අමාරු තරම්. වෙන එකක් තියා ව්‍යසන වලදී එම ව්‍යසන වලින් අපහසුවට පත්වන, නිවාස අහිමිවන අයට උදව් කරන්න කියල මුදල් එකතුකර ඒවා වංචා කිරීම විශාල ලෙස සිදුවෙනවා. ලංකාවෙත් අසනීප වලට වලට ප්‍රතිකාර ගන්න, වියදම් ශල්‍යකර්ම වලට කියල ව්‍යාජ ලෙස මුදල් එකතු කරන අය ගැන වාර්ථා විටින් විට පළ වෙලා තියෙනවා. සුනාමි ව්‍යසනය සම්බන්ධව මුදල් වංචා කිරීමේ උත්සාහයක් ගැන දේශපාලන ලෝකයෙත් කථා වුනා. හරියාකාර වහලක් නැති අයට රජයෙන් දෙන සෙවිලි ද්‍රව්‍ය හොරකම් කල එකල එ.ජා.ප මන්ත්‍රී වරයෙක් ගැනත් කාලයකට පෙර වාර්ථා වුනා.

යූ ටියුබ් එකේ වංචාවක් ගැන ලඟදී ඔස්ට්‍රේලියාවේදී එලිවුනා. මම ටික කාලයක සිට Adian Gee ගේ ක්ලිප් නරඹනවා. ඔහුගේ ප්‍රෑන්ක්ස් අන් අයට වඩා වෙනසක් තිබුණා. ඔබ දන්නවා Yahoo Answers වල ඔබට ඕනෑම ප්‍රශ්ණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එවිට අන්තර් ජාලයේ සමහර අය එම ප්‍රශ්ණ වලට ඔවුන් හරි යැයි සිතන පිලිතුරු සපයනවා. ඒඩ්‍රියන් ගේ සමහර ක්ලිප් වල ඔහු කාන්තාවන්ගෙන් අහන ප්‍රශ්ණ එම Yahoo Answers වලින් ගන්න ප්‍රශ්ණ. ඒවගේම ඔහුගේ ක්ලිප් නරඹන්නන්ට කැමති ප්‍රශ්ණ කමෙන්ට් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන්. එම ප්‍රශ්ණ පසු වැඩසටහන් වලට යොදාගන්නවා. පසුගිය වසරේ ඔහු කල එක ක්ලිප් එකක් ලෝක ප්‍රසිද්ද වුනා. එය කලින් කිවු විදිහේ එකක් නොව ගොඩක් දෙනෙක් කරන සෝශල් එක්ස්පෙරිමන්ට් වගේ එකක්. එහිදී ඔහු අන්ධ පුද්ගලයෙකු ලෙස රඟපාමින් අන් අයගෙන් ඩොලර් පහක මුදලක් මාරු කිරීමට තිබෙදැයි අසනවා. ඩොලර් පහක් ඔහුගේ එක අතක තිබුණත් ඔහු අර පුද්ගලයාට යොමු කරන්නේ ඩොලර් 50 ක්. සමහර අය එම වැරැද්ද පෙන්නා දුන්නත් තවත් සමහර අය ඔහුගේ ඩොලර් 50 ගෙන ඩොලර් 5 කට මාරු සල්ලි දී යනවා.  

ඔහුගේ අනෙක් ක්ලිප් වලට වඩා විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් එනම් මිලියන හතරාමාරක් මෙය නරඹා තිබෙනවා. මෙම ක්ලිප් එක ගැන රූපවාහිනී වැඩ සටහන් වලත් කථා වී තිබෙනවා. එමෙන්ම විදෙස් භාෂා පරිවර්ථන සමඟ වෙනත් රටවලත් ප්‍රචාරය වී තිබෙනවා.

මේ තියෙන්නේ ඒ ක්ලිප් එක


මෙහි රඟපාන්නන් ඔහුට පාරේදී හමුවුන අය නොවන බවත් මුදල් ගෙවා ගත් නළුවන් බවත් පසුව සොයා ගැනුනා. මේ තියෙන්නේ ඒ ගැන ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය ආයතනයක් කල වැඩ සටහනක්.





තරුණියන් ආදරය නොව මුදල් පසුපස යන අයවලුන් ලෙස පෙන්නන ගෝල්ඩ් ඩිගර් ප්‍රෑන්ක්ස් (Gold digger pranks) යූ ටියුබ් වල ජනප්‍රිය තවත් ජනප්‍රිය අංගයක්. මේ ඒවැනි ක්ලිප් එකක්.



මේ එම ක්ලිප් එක තමා යොදාගෙන පටිගත කරන ලද වංචනික එකක් බව එහි රඟපෑ නිලිය කරන හෙලිදරව්ව.


අවංක බාවය පිලිබඳව කල වැඩ සටහන්  වංක ආකාරයෙන් කර තිබීම ඇත්තටම හාස්‍යජනකයි නේද?


77 comments:

  1. ඉතාම වැදගත් සටහන් පෙළක් ඉයන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගුණසිංහ මහත්මයා

      Delete
  2. මේ ගැන අවධියෙන් නැති සමාජය හැම වෙලාවෙම මේ දේවල් වල පැටලෙනවා. කොහොමත් රැවටෙනවානේ බං අරවා දැක්කාම.......

    ReplyDelete
    Replies
    1. මුදල් කොතනද ඒ හැමතැනම වංචාවක් තියෙන්න පුළුවන් කියල හිතන්න වෙනව. ස්තූතියි කුරුටු

      Delete
  3. Replies
    1. :D
      මචං කට්ටිය කියනවා උඹ කමෙන්ට් වල හිනා වෙන්නේ උඹේ දන්ත ශල්‍යාගරයට ප්‍රසිද්ධිය දෙන්න කියලා. ඒක ඇත්තනම් ක්ලිනික් එකේ ඇඩ්‍රස් එක දාපන්. බයක් වෙන්න දෙයක් නැහැ සුදු වෑන් නැති නිසා. හැක්

      Delete
    2. ඉයන්: එහෙම සක කරන්න බැහැනේ... කෝ ඇරියට එක දතක්වත් පේන්න නැහැනේ....

      Delete
    3. //මචං කට්ටිය කියනවා උඹ කමෙන්ට් වල හිනා වෙන්නේ උඹේ දන්ත ශල්‍යාගරයට ප්‍රසිද්ධිය දෙන්න කියලා. ඒක ඇත්තනම් ක්ලිනික් එකේ ඇඩ්‍රස් එක දාපන්.//

      ඔන්න "ඇඩ්සෙන්ස්"..:D

      Delete
    4. // එහෙම සක කරන්න බැහැනේ... කෝ ඇරියට එක දතක්වත් පේන්න නැහැනේ....//

      උපේක්ශා ඔයා ඔය හදන්නේ සා රසට දත් නෑ කියලා ඇත්තක් ප්‍රචාරය කරන්න නේද?

      Delete
    5. //ඉයන්: එහෙම සක කරන්න බැහැනේ... කෝ ඇරියට එක දතක්වත් පේන්න නැහැනේ....//

      // උපේක්ශා ඔයා ඔය හදන්නේ සා රසට දත් නෑ කියලා ඇත්තක් ප්‍රචාරය කරන්න නේද?//

      ඇරෙන හැම දේකම දත් නැත... එහෙම දත් තිබ්බානම් සමහර ඇරිලි අහවර වන්නේ එමර්ජන්සි ට්‍රීට්මන්ට් යුනිට් වලින් ප්‍රතිකාර ලබාගෙන ය :D :D

      Delete
    6. සා රස හෝව් හෝව් අනේ මචෝ 18+ කතානම් එපා බං බබලත් උදවිය කරපු කමෙන්ට් වලට. :)

      Delete
  4. uba me gana mata pahdili kirimak kara matakada? hoda lipiyak.

    kauru hari mata SINHALA Hadala diyooooo....

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තෙ සිංහ ලේ එවුං නැද්ද?

      Delete
    2. මේ ඔර්ජිනල් මෙන්ඩ ද? දකින්නත් ආසයි.

      Delete
    3. අංකල් ටැන්කු....සිංහල හදා ගත්තා
      අඩෝ දෙමල ණයන්නා..ඉන්නවනම් මේ පැත්ත ටිකක් එවපන්
      ආ මල්ලි දැකපු කල්
      මිසයිල් මේ බ්‍රා මෙන්ඩ ටමයි

      Delete
  5. මිනිස්සු වැඩියෙන් කිට්ටුවෙන ‍ගොඩක් තැන්වලදි අවසානයට රැවටීම කරන්න තමයි උත්සාහ කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආදි කාලේකලා කාරයෝ එහෙම වැඩකලේ ප්‍රේක්ශකයන් වෙනුවෙන් ඔවුන්ගේ සතුටට. මුදල් එනකොටම ඒ සමඟම වංචා කාරයොත් එනවා. ස්තූතියි ප්‍රසන්න

      Delete
  6. සූසන් බොයිල්ගේ ඒ වීඩියෝව අදටත් නැරඹුවත් ඇස්වල කඳුළු එක්ක ගූස් බම්ප්ස් එනවමයි.. මොකක්දෝ අව්‍යාජ බවක් ඒ වීඩීයෝ එකේ තියෙනවා...

    ReplyDelete
  7. සිංහල බ්ලොග් කියවන්නන් වෙනුවෙන් මේ වගේ විවිධ විෂයයන් බ්ලොග්වලින් කතා කරන එක වටිනවා . ස්තුතියි ඉයන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලක

      Delete
  8. යු බටේ ඔය ඉයන් කියන බහුතරයක් ඒවා මම බලල තියෙන නිසා ආයි බලනන ගියේ නැහැ.. ඒත් කිව්ව වගේ සමහර ප්‍රැන්ක් බලද්දි මටත් හිතුනා මේවා ඇක්ටින්ද කියලා. ඒත් හොයන්න නං ගියේ නැහැ.. ඇඩ්සෙන්ස් බ්ලොග් වලට දාගත්තම බ්ලොග් චා වෙනවා. හරියට නොමිලේ අහන බණ සල්ලි දීලා අහන්න යනවා වගේ.. ලංකාවට ඒකේ ගැලපුම අඩුයි මට හිතෙන විදියට..

    ඇඩ් සෙන්ස් දැක්ක ගමන් මට මතක් වෙන්නේ ඇඩ් සෙක්ස් කියලයමයි බං. හැක්

    ReplyDelete
    Replies
    1. ඇඩ්සෙක්ස් තිබ්බ නම් මෙලහට බ්ලොග් නොලියන එකෙක් හොයා ගන්න බැරිවෙයි. ස්තූතියි දේශක තුමා

      Delete
    2. දේශ් බබී කිවුව දේවල් තම්‍යි මටත් කියන්න තියෙන්නෙ. අන්තිම කොටස හැර. මේවා බලන්න ගත්තම එකක් ඉවරවුනාම එකක් ..ආයේ තව ඉවරයක් නෑ. .

      Delete
    3. දේශ් බබී කිවුව දේවල් තම්‍යි මටත් කියන්න තියෙන්නෙ. අන්තිම කොටස හැර. මේවා බලන්න ගත්තම එකක් ඉවරවුනාම එකක් ..ආයේ තව ඉවරයක් නෑ. .

      Delete
    4. ඔව් ඔමා අඩික්ශන් එකක් වෙනවා නම් තමයි. ඒ වුණාට මොලේ කචල් වෙලාවට පොඩ්ඩක් කාම් ඩවුන් වෙන්න කියාපු බේත.

      Delete
  9. මට මතක් වුනේ 2005 ජනාධිපති ඡන්දයට ජේවීපීයෙන් කළ වීඩියෝවක්.

    හිනා මනාවයි.

    ReplyDelete
    Replies
    1. බලන්න ඕන හොයලා. බොහොම ස්තූතියි රසික

      Delete
  10. අම්මෝ..........මේ වගේ වීඩියෝ දාස් ගාණක් යූ ටියුබ් එකේ තියනවා නේද? මේවා එකක් දෙකක් බලලා, නැවත යූ ටියුබ් එකට ගියාම, මේ වගේ වීඩියෝ ගොඩක් පෙන්වනවා.

    බ්ලොග් එකට යූ ටියුබ් වීඩියෝ දැමීමේදී, මේ වගේ පුංචියට නැතුව, ලොකුවට දාන්න පුළුවන්. වීඩියෝ එක දාලා, edit html යන්න. එතැනදී වීඩියෝ එකට අදාළ html code එකේ තියන, "300" "200" කියන එක, "600" "400" කරන්න. එතකොට වීඩියෝ එක විශාල වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා, මම ඒක දැනගෙන හිටියෙ නැහැ.

      Delete
  11. අවංක බාවය පිලිබඳව කල වැඩ සටහන් වංක ආකාරයෙන් කර තිබීම ඇත්තටම හාස්‍යජනකයි නේද?"
    ගොඩක් වීඩියෝ බලද්දි හිතෙනවා මේවා නම් බොරු කියලා.. කම්මැලිකමට මම වැඩියෙන් ම කරන්නේ ෆ්‍රාන්ක් බලන එකයි එක එක ලෝකේ පුදුම මිනිස්සු ගැන බලන එකයි

    ReplyDelete
    Replies
    1. ප්‍රෑන්ක්ස් තමයි මගෙත් ආසම. බොහොම ස්තූතියි ඔමා

      Delete
  12. සිංහල බ්ලොග් වලට ඇඩ් සෙන්ස් නීත්‍යානුකූල වශයෙන් ලබාගත නොහැක. යූ ටියුබ් එකෙන් සල්ලි ගන්න සීන් එකත් ලංකාවට කරන්න බෑ. වෙන රටක විදියට රෙජිස්ටර් වෙලා හෙම්ප ගේමක් දෙන්න ඕන
    අපේ අයගෙම වැඩ තමා

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඒ ලංකාවෙ බොරුවට ඇඩ් වලට කොටන නිසාද?

      Delete
  13. ඔය හුඟාක් වැඩසටහන් නම් මාත් බලලා තියෙනවා. ඒත් අන්තිමේ කියලා තියෙන කාරණාව ගැන නම් දැනුවත් වුනේ අද.

    ReplyDelete
  14. මිනිස්සු වැඩිපුරම එකතු වෙන්නෙත් බොරුව වටේනෙ ඉයන්. ඇත්තට ව්අඩා ලොකු ඉල්ලුවම්ක් බොරුවට තියෙනවා. ඉතින් බොරුව මාර්කට් වෙන ප්‍රමාණෙ වැඩී.

    ReplyDelete
    Replies
    1. කැමා ඒක හරි බොරුවට ඉල්ලුම වැඩියි. බොහොම ස්තූතියි

      Delete
  15. ඉතා වැදගත් ලිපියක්.
    සිංහල යුනිකෝඩ් කියලා ඔබ කොමෙන්ට් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඒක දාන්නේ කොහොමද????

    ReplyDelete
  16. සූසන් බොයිල්ගේ වීඩියෝව වගේම එකක් තමා මේක.

    යූටියුබ් කියන්නේ හොඳට ඩේටා කන ඇබ්බැහියක් සමහරුන්ට [මමත් ඇතුළුව :-)]

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උදය , ක්ලිප් එක බැලුවා

      Delete
  17. යු ටියුබ් එපා වෙන්නේ ඩේටා පුච්චන පිච්චිල්ලටනේ.එකට නැතිද විසඳුමක්.

    ReplyDelete
    Replies
    1. තියෙනවා, දේශකයා ගෙ ඩොංගල් එක උස්සලා ඒකෙන් යූ ටියුබ් ගියාම උඹට කිසි වියදමක් නැහැ.

      Delete
  18. Susan Boylege video clip eka athulu oyawage video clipsnam godak balala thiyanawa.
    post eke A gana liyala thiyana samsara karununam aluthen danagaththe.
    Thanks Ian.

    ReplyDelete
  19. දුර්ලභ මාතෘකාවක් ආශ්‍රයෙන් ලියවුනු ඉතාම වැදගත් කියවිමක් ඉයන්,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රස්ති :)

      Delete
  20. වැදගත් ලිපියක්...ඔෆිසියේ වැඩ කරද්දී කම්මැලි වෙලාවට මන් කරන්නෙත් ප්‍රෑන්ක් වීඩියෝ බලන එක...

    ReplyDelete
    Replies
    1. වැඩක් නැති වෙලාවට කලාට නම් කමක් නැහැ. ගිම්මි බොහොම ස්තූතියි

      Delete
  21. මමත් නිතරම යූටියුබ් වීඩියෝ බලනවා. මට නිකමට සැකත් හිතුනා මෙව්වට නැලුවොවත් ගන්නවද කියලා. බලන් යද්දි ඇත්තනෙ.
    Masked Magician ගෙ වීඩියෝත් නියමයි.

    හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔව් හරී මමත් මලලා තියෙනවා. බොහොම ස්තූතියි

      Delete
  22. යූ ටියුබ් බැලුවට යූ ටියුබ් ගැන මෙච්චර විස්තර දැනගෙන හිටියේ නෑනේ බං

    ReplyDelete
    Replies
    1. යූ ටියුබ් ගැන මමත් දන්න දෙයක් නැහැ. මේ ඒක භාවිතයෙන් වෙච්ච මට නෝට් වෙච්ච පොඩි දේවල්. තව ගොඩක් දේවල් ඇති. ස්තූතියි මනෝ

      Delete
  23. බටහිර රටවල තියෙන නීති රීති එක්ක සාමාන්‍ය ජනතාව එක්ක ප්‍රෑන්ක් කරල වීඩියෝ පබ්ලිෂ් කරන එක ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් වලින් වන්දි ගෙවන්න වෙන නඩු ඉයන්. ඒ හින්ද මම හිතන්නේ ප්‍රෑන්ක් වීඩියෝ සියයට 99 කම සැලසුම් සහගතව රූගත කරන දේවල්. එහෙම නැතුව මේ දේවල් අහම්බෙන් වෙන එව්වා නම් මේ අගතියට පත්වෙන පාර්ශවකරුවන් උසාවි ගියොත් ප්‍රෑන්ක් කරුවන් සුං.

    අන්තර්ජාලයේ තියෙන මුදල් ඉපයීම් අවස්ථා වලින් හුඟක්ම එව්වයින් කෙරෙන්නේ රැකියාවක් කරන්න කම්මැලි උදවියගේ කම්මැලි කමෙන් ප්‍රයෝජන අරන් තුන්වෙනි පාර්ශවයක් මුදල් ඉපයීම කියලයි මට හැඟෙන්නේ.. දැන් ලෝකේ පුරා බහුලව පැතිරීගෙන යන රයිඩ් ෂෙයාරින් වැඩෙත් ඒ වගේම කම්මැලියන්ගෙ කම්මැලිකමෙන් වෙනත් පාර්ශවයක් උපරිම ඉපයීමේ මාර්ගයක් කියලයි මම හොයාගත්තු දත්ත වලින් මට දැනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කරන්නේ ඉල්ලීමක් ඇතිදේ සපයා දීම නේ මචං. ඔය අතර brain or brawn දෙකෙන්ම සල්ලි හොයන අය ඉන්න පුළුවන්. දේකේම වංචා වෙන්නත් පුළුවන්. බොහොම ස්තූතියි අම්බලංගොඩ.

      Delete
  24. අර ඩොලර් පහේ නොට්ටුවෙ වීඩියෝ එක මාත් දැක්ක. හොර එකක් කියල දැනගත්තම අර පහලිම්ම කියපු දේ තමා මටත් හිතට ආවෙ...

    ReplyDelete
    Replies
    1. මිනිහගෙ එක්ස්කියුස් එක මිනිස්සු 50 අරගෙන දීවොත් පාඩුයි කියන එක. දෙවෙනි එකනම් අමු බොරුව.

      Delete
  25. මම මේක බලල කමෙන්ට් එකක් දැම්ම වගේ මතකයේ තිබ්බට මම මුකුත් ලියල නැහැ නොවැ...

    බලමු මොකක්හරි එකක් ඕකට දාලා කීයක්හරි හොයා ගන්න ඇහැක් විදිහක් තියෙනවද කියලා... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. ලංකාවට විදේශ විනිමය හොරට ඇඩ් කෙටීම , නරක නැහැ ආදායම සමාජ සත්කාර වැඩ වලට විතරක් ගන්නවනම්

      Delete
  26. ඔය ප්‍රෑන්ක් වීඩියෝ යූ ටියුබ් තියෙන ඔක්කොම රඟපෑම් තමයි. ලයිට් කැමරා ඇක්ෂන් දාල ඕව වීඩියෝ කරනකොට නොතේරෙන්න ඕවට අහුවෙන විදියට රඟපාන උන් බබ්බුද? හැබැයි ඉතින් පොඩි ගතියක් තියෙනවා බලන අපිට..

    Ad-sense ගැන සිංහලෙන් පැහැදිලි ලිපියක් වැටෙනවානම් හොඳයි.. එත් මටනම් අර ඉකොනෝ කියනවා වගේ ඔය විදියට ලබන අදායම ප්‍රේක්ෂකයාට වෙන කරදරේ ආවස්ථික පිරිවැය එක්ක බැලුවම වටින්නේ නෑ කියල.මොකද මටනම් පුද්ගලිකව ඔය ඇඩ් ක්ලික් කර කර යන එක මහා වාතයක්..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒ ගැන දැනීමක් තියෙන කෙනෙක් දායි. බොහොම ස්තූතියි කමියෝ

      Delete
  27. මගේ ඉංග්ලිෂ් බ්ලොග් එකේ ගූගල් ඇඩ් තියනවා. සල්ලි එන්නේ කවුරුහරි ක්ලික් කලොත් විතරයි. ඉතින් මොකවත් නැහැ. යුටියුබ් දාන එක ඊට වඩා හොඳයි තමා =.
    ඉයන් දැන් ව්‍යවස්ථාවට මොකද වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දාන අජිත් අපි කොටන්නන්

      Delete
  28. ජස්ට් ෆෝර් ලාෆ්ස් ගැග්ස් නම් මම කාලෙක ඉඳලා බලපු එකක්. ඉස්සර ලංකාවෙත් පෙන්නුවා America's Funniest Home Videos කියලා එකක්. ඒකත් ඔය වගේ ක්ලිප්ස් වලින්ම දුවන එකක්.

    ලංකාවේ ඇඩ්සෙන්ස් එක අප්සෙට් වෙලා තියෙනේ PayPal දුර්වලකම් නිසා නේද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ හොරට ඇඩ් කොටන රටක් කියල දන්න නිසා වෙන්න ඇති හෙහ්

      Delete
  29. වැදගත් ලිපියක්,

    ReplyDelete
  30. ඉයන්.. කොලවරි ඩී සින්දුවත් ඔය වගේම හිට් උනා මතකයි. ජස්ට්ෆො ලාෆ් ගැග්ස් මමත් ආසම එකක්.. දැන් දැන් යූ ටියුබ් එක සර්ච් එන්ජින් එකක් විදිහටත් යොදාගැනෙනව නේ...

    ReplyDelete
  31. ඒ කොහොමද සජ්ජා. එකේ සර්ච් කරන්නේ වීඩියෝස් විතරනෙ. මේක දැක්කොත් විස්තර කියපන්.

    ReplyDelete
  32. ඔය කියන වීඩියෝ වල ඉන්න උදවිය හැසිරෙන්නෙත් මහ අමුතු විදිහට නෙව.මොනව උනත් හිතන්න දෙයක් දෙන,හිනා යන කියන මට්ටමෙන් එහාට නොහිතා හිටියොත් හරි.නැත්තන් ආයෙ තරහා එන එකයි වෙන්නෙ.. හෙහ් හෙහ්..
    පේ පෑල් ආවොත්(ගැලපෙන තද නීතිත් එක්කම.) ගෙදරට වෙලා පොඩි ජොබ් කට්ටක් කොරන්න පුළුවන් කාලය නාස්ති කොරන්න වෙලා තියෙන ඈයොන්ට.බලධාරීන් ඇක්ටිව් උනොත් හොඳා..
    ජයවේවා..!!

    ReplyDelete