Wednesday, January 20, 2016

දෙමළ බෙදුම්වාදය 3


මීට පෙර කොටස් මෙතනින්   දෙමළ බෙදුම්වාදය 1        දෙමළ බෙදුම්වාදය 2

මේ කොටසත් තව එකක් විතරක් දාල මේ ලිපි පෙළ අවසන් කරන්නයි යන්නේ. මගේ තියෙන සංනිවේදන නොහැකියාව නිසා මේ ලිපි වලින් නිකුත් වෙන්නේ  'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' වගේ අදහසක් කියල හිතෙනවා. ඒ මදිවට මම සයිඩ් එකෙන් බයි ලේ කට්ටියට විහිළුවට වගේ ගහන කෑලි වලින් කට්ටිය ඇවිස්සිලා බයි ලා සහ කපිරිඥ්ඥාත් අහන්න වෙච්ච එක.  ඒකෙන් වුනේ ලිපියේ ප්‍රධාන අදහස පැත්තක තියෙද්දි සංවාද ඔක්කොම යූ එන් පී සහ යූ එන් පී විරෝධී ඒවා වෙච්ච එක. බෙදුම්වාදයේ වෙන්කට රාමසාමි ගේ චරිතය සහ බෙදුම්වාදය අරමුණ කරගත් පසුව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බවට පත්වූ පක්ෂය 1972 ජනරජ ව්‍යවස්ථාවට දවස් 18 කට කලින්  බිහිවීම වැනි සංසිද්ධි කිසිවක් සංවාදයට භාජනය වුනේ නැහැ. 

ලිපි වල ප්‍රධාන අදහස වුනේ දෙමළ බෙදුම්වාදය ඇතිවුනේ ලංකාවේ නොව ඉන්දියාවේ දමිලයන්ගේ වුවමනාවට කියන එක කියන්න. සමහර කමෙන්ට් කරුවන් කොච්චර ලින්ක් දුන්නත් වෙන්කට් රාමසාමිගෙන් පටන් ගත්ත බෙදුම්වාදී භූමිකාව පිළිගන්න ලෑස්ති නැහැ. ලංකාවේ මේව පටන් ගත්තේ සිංහලුන්ගේ වැරදි නිසා  එස් ජේ වී චෙල්වනායකම් වැන්නවුන් කියල තමයි බොහෝ දෙනෙක් පිලිගන්න කැමති. මට කියන්න තියෙන්නේ වෙබ් එකේ තියෙන දත්ත කියවලා හරි වෙන විදිහකින් තමන්ගේ මතය හදා ගන්න එක තමන්ගේ වැඩක් වුනත් විස්තර තියෙන කොට වැරදි මතයක් ඉන්න එක නම් ඥාණවන්ත දෙයක් වෙන්න බැහැ කියන එක. 




වෙන්කට් රාමසාමි ඉන්දියාවේ පටන් ගත්තට ඔහුට ලංකාවේ අය සමඟ සම්බනන්ධතා තිබුණ කියල හිතන්න පුළුවන්. 1960 ගණන් වලට පෙර ලංකාවේ ඇතිවුණ 50:50 ඉල්ලීම, ෆෙඩරල් පක්ශය සාදා ගැනීම ආදිය ඔහුගේ අනුදැනුම ඇතුව වුනා කියලා හිතන්න පුලුවන්. මේ තියෙන්නේ රාමසාමි , අප්පාපිල්ලේ අමිර්තලිංගම් සහ චෙල්වනායකම් හමුවීමක ඡායා රූපයක්. මේ සාකච්චාව මොකක් ගැනද කියන්න මම දන්නෙ නැහැ. සමහර විට ඉන්දියාවෙන් ලංකාවට බුලත් ගෙන්වන්න  අදාල ව්‍යාපාරයක් ගැන සාකාච්චා කරනවාදැයි නොදනිමි. එකම දෙයක් කියන්න පුළුවන්. ඒ මේ සාකච්චාව පැවැත්වෙලා තියෙන්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ 1977 ජූලි මාසයේ 21 දා තිබුණ මහා මැතිවරණයේදී රට දෙකඩ කිරීම යන පාඨයෙන් තරඟ කොට උතුරේ ආසන විශාල ගණනක් දිනාගන්න කලින් කියල.     එහෙම කියන්න පුලුවන් වෙන්නේ මේ පින්තූරේ ඉන්න චෙල්වනායකම් 1977 අප්‍රේල් මස 26 වෙනිදා අභාවප්‍රාප්ත වුන නිසා. එහෙම නැත්නම් අර අමිර්තලිංගම් මහත්මියත් සාකච්චාවේ ඉන්නේ රාමසාමි අමිර්තලිංගම් පවුලට විවාහ උපදේශනයක් දෙනව වෙන්නත් පුළුවන්.  එහෙම නැත්නම් ලංකාවෙන් සපත්තු තමිල්නාඩුවට අරින බිස්නස් එක ගැන වෙන්නත් පුළුවන්. කොහොම වුනත් සිංහල අයගේ හම් වලින් සපත්තු හදලා පලඳිනවා කියන තර්ජනය 1977 මැතිවරණයේදී යාපනේදී කලා කියලා කියන්නේ ඔය අමිර්තලිංගම් මහත්මිය තමයි.

1978 - 1994

1960 සිට 1978 දක්වා බෙදුම්වාදී ක්‍රියාකාරකම් ගැන පෙර ලිපියෙන් කරුණු සඳහන් කලා. 1976 පටන්ගත් සන්නද්ධ ව්‍යාපාර ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ පුහුණුවීම්, අවි ආයුධ සහ මුදල් යොදාගෙන 1978 පමණ සිට උතුරේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුකරන්නට විය. බැංකු මංකොල්ල, දුම්රිය පුපුරවා හැරීම,  පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම, ඔත්තු දුන්නේ යැයි සැක කරන දමිළ ජාතිකයින් ඝාතනය කිරීම ආදියෙන් පටන් ගෙන ඊරොස් (EROS), ඊ පී ආර් එල් එෆ් (EPRLF) , ටෙලෝ (TELO) වැනි අනික් බෙදුම්වාදී කණ්ඩායම් වල නායකයින් ඝාතනය කර හෝ එම සංවිධාන කැඩීමෙන් හෝ මරණ තර්ජන වලින් එම සාමාජිකයින් බඳවාගැනීමෙන් එල් ටී ටී යී සංවිධානය පෙරමුණට ඒමද මේ කාලයේ සිදුවිය.

මේ කාලයේදී සිදුවූ ඓතිහාසික සිදුවීම් වන්නේ 1983 කළු ජූලිය නමින් හැඳින්වෙන සිද්ධිය සහ 1987  වඩමරච්චි මෙහෙයුම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව සිදුකල  පූමාලේ මෙහෙයුමයි. 

කළු ජූලිය ගැන බොහෝ ලියවිලි ඇති නිසා ඒ ගැන වැඩි විස්තර කිරීමට අවශ්‍යතාවයක් නැත. එම සිද්ධිය මුලුමනින්ම එවකට රජයේ බලවතුන් සිදුකල දෙයක් ලෙස පිලිගැනීමට කැමති අය බොහෝය. මගේ අදහස වන්නේ එය පාලනය කිරීමට රජය අපොහොසත් වුනත් එම සිද්ධිය පිටුපස අදිසි හස්තයක් තිබුණ බවයි. 

1983 සහ දෙමල ඩයස්පෝරාව ඇතිකිරීම

ඊශ්‍රායලය ඇතිකිරීම සහ පැවැත්ම සඳහා විදෙස්ගත ඩයස්පෝරා ඇතිකිරීම සහ බෙදුම්වාදය සඳහා ඩයස්පෝරාවන් පාවිච්චිය සම්බන්ධයෙන් කියවන කෙනෙකුට දමිල බෙදුම්වාදය සඳහා විදෙස්ගත දෙමල ඩයස්පෝරාවක්  නිර්මාණය කිරීමට සහ කලාපයේ පමණක් අවධානයට යොමුව තිබූ ලංකාවේ දෙමල බෙදුම්වාදය ජාත්‍යන්තරගත කිරීමට මහ මොළකරුවන් සිදුකල ක්‍රියාවක් පමණක් බවත් එයට මුහුණ දුන් දේශපාලන නායකත්වයේ නොදැනුවත්කම සහ එවකට සිටි සිංහල විපක්ෂ ඔවුන්ගේ වාසිය තකා එය ආණ්ඩුවේ ක්‍රියාවක් යන්න ප්‍රචාරය කිරීම සහ එය එල් ටී ටී යී එකේ සැලසුමට ගැලපීම, එය සිංහලුන්ගේ ක්‍රියාවක් ලෙස හංවඩු වැදීමට හේතුවූ බව පැහැදිලි වනු ඇතැයි යන්න මගේ හැඟීමයි. දීර්ඝ කාලීන සැලසුම් ඇති බොහෝ රටවල බෙදුම් වාදීන් බලාපොරොත්තු වන්නේ සරණාගත භාවයෙන් බටහිරට සංක්‍රමණය වන අයගේ දෙවන සහ තුන්වන පරම්පරාවල අය එම රටවල පුරවැසියන් ලෙස ඔවුන්ගේ හුරුවට භාශාව හසුරුවමින් වැඩෙන බැවින් ඔවුන් බෙදීමට උත්සාහ කරන රටේ අය කියන දේට වඩා ඒ රටේම අය කියන දේ පිලිගැනීමට එම රටවල් පෙලඹෙන බැවින් ඔවුන් හරහා අදාල රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වල සහයෝගය ලබා ගැනීමට පහසු වන බවයි. 

එතෙක් දමිල පොලිස් නිලධාරීන් සහ දමිල ජනයා ඝාතනය කරමින් සිටි එල් ටී යී සංවිධානය පළමුවරට හමුදා සෙබළුන් 13 දෙනෙක් ඝාතනය කලේ හිතාමතාම කැරැල්ලක් නිර්මාණය  කිරීමටය යන්න මගේ අදහසයි.දකුණේ ඇතිවූ සිද්ධීන් සමහරක්වත් එල් ටී ටී ය දැනුවත්ව සහ ඔවුන්ගේ සැලසුමෙන් සිදුවූ ඒවායැයි මම තරයේ විශ්වාශ කරමි.  ඒ සඳහා කරුණු දෙකක් පමණක් සඳහන් කිරීම සෑහෙන බව සිතමි. කළු ජූලිය ඇතිවන විට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති වරුන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම දමිළ ජාතිකයෝ වූහ. යුධ හමුදා යොදවන තෙක් මෙවන් කැරලි පාලනය පොලිසිය යටතේ ඇති වගකීමකි. දෙවන කරුණ නම් එම සිද්ධියේ ඝාතන සහ දේපල හානි අඩංගු පටිගත කිරීම් පැය විසිහතරක් තුල බටහිර රටවල රූපවාහිනී ආයතන වලින් ප්‍රචාරය කිරීමයි. මතක තබා ගත යුතු කාරනය නම් එවකට BBC, CNN, වැනි ආයතන වල නියෝජිතයින් හෝ වාර්ථාකරුවන් ලංකාවේ නොසිටීම සහ රටේ තිබූ රූපවාහිනී කැමරා සතුව තිබුණේ ස්වාධීන රූපවාහිය සහ රූපවාහිනී සංස්ථාව සතුව පමණක් වීමත්, අතේ ගෙනයන කැමරා ලංකාවේ භාවිතයේ නොතිබීමත් පටිගත කිරීම වහාම වෙන රටවලට යැවීමට ඊ මේල් හෝ  අන්තර් ජාල පහසුකම් ආදීය එවකට නොතිබීමත් යන කාරණාය. මගේ අදහස නම් කැරැල්ල ආරම්භයට සිරිල් මැතිව් වැනි දේශපාලකයන් කරන්නට ඇති මුත් වේලුපිල්ලේ ප්‍රභාකරන් පෞද්ගලිකව මෙහෙයවූ හමුදා සෙබළුන් 13 දෙනා ඝාතනය එවන් කැරැල්ල බලාපොරොත්තුවෙන් සිදුකර කොලඹ දෙමළ පාතාල කල්ලි සහ මුදල් යොදවා අනිකුත් පාතාල කල්ලි හරහා  කැරැල්ල ව්‍යාප්ත කිරීම මෙහෙයවා, වෙල්වටිතුරේ හොර බඩු ජවාරම් මාර්ග හරහා පටිගත කිරීම් බටහිරට පිට කිරීම සිදුවන්න ඇතැයි යන්නයි. මෙම ප්‍රචාරණයේ ප්‍රතිඵලය වූයේ එංගලන්තය, කැනඩාව වැනි රටවල දොරවල් 'හිංසනයට ලක්වූවන්ට' වහා විවෘත වීමත් ඇත්ත වශයෙන්ම හානියට ලක්වූවන් කිහිප දෙනෙක් පමනක් නොව එය යොදාගෙන දස දහස් ගණන් දමිල තරුණයන් එම රටවල සරණාගත භාවය ලබා ගැනීමත්ය.  

1987 වන විට හමුදා සෙබළුන් ඝාතනයෙන් තවත් කැරැල්ලක් ඇති කිරීම අපහසු බැවින් බෞද්ධයන් කුලප්පු කර කැරැල්ලක් ඇතිකිරීමට 1987 ජූනි දෙවන දින කල අරන්තලාව භික්ශු ඝාතනය එල් ටී ටී ය කල දෙවන උත්සාහයයි. එය සාර්ථක නොවීම නිසා එවන් ක්‍රියාකාරකමක් ඉන්පසුව සිදු නොකරන ලදී. එල් ටී ටී ය 1984 දී සිදුකල  ඩොලර් සහ කෙන්ට් ෆාම් ඝාතන සහ එම ඝාතන වල පින්තූර සිංහළුන් දෙමළුන් ඝාතනය කල ඒවා ලෙස බටහිර බෙදා හැරීම ආදිය මෙම ප්‍රචාරණයට අදාල සිද්ධීන් වේ. 

1983 ට පෙර සිටම ඩයස්පෝරාව නිර්මාණය කිරීම සිදුවෙමින් තිබිණ.  1982 ට පෙර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල පුරවැසියන්ට වීසා රහිතව එංගලන්තයට ඇතුල්වීමටත් එහි ජීවත් වීමටත් අවසර තිබිණ. මෙම අවස්ථාව වැඩියෙන්ම ප්‍රයෝජනයට ගත්තේ දමිල ජාතිකයින්ය. එසේ පැමිණෙන අයට එංගලන්තයේ දෙමල සංවිධානාත්මක කණඩායම් මඟින් ඉඳුම් හිටුම් නොමිලේ සපයනු ලැබිණ. එමෙන්ම ඉක්මනින් රැකියා සොයා ගැනීමට එම කණ්ඩායම් වල පද්ධති හරහා ක්‍රියා කරනු ලබන අතර රැකියාව ලැබීමෙන් පසු සතිපතා එම කණ්ඩායම් වලට ගෙවීමක් කල යුතුය. මෙම කණ්ඩායම්වලට උතුරේ තර්ස්තවාදීන් සමඟ සම්බන්ධතා තිබිණි. 1980 දී දී මාග්‍රට් තැචර් අගමැතිනිය පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල පුරවැසියන්ට තිබූ මෙම අවස්ථාව නවත්වන ලදී. ඩයස්පෝරා ඇතිකිරීමට එයින් පසු බාධාවක් ඇතිවිය. 1983 දී ඇතිවූ සිද්ධිය පිටුපස බෙදුම්වාදී සංවිධාන සිටි බවට තර්ක කිරීමට මෙයත් එක සාධකයකි. 

ඩයස්පෝරාවන් සහ බෙදුම්වාදීන් ගේ ක්‍රියාකාරකම් ගැන කියවෙන New Wars and Diasporas - Joell-Demmers පරේශණාත්මක ලියවිල්ල කියවන්න.

මෙම කාලයේදී සිදුවූ අනික් ඓතිහාසික දෙය තමයි 1987 දී ජෙනෙරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න ගේ නායකත්වයෙන් සිදුවුන වඩමරච්චි මෙහෙයුම. මෙම මෙහෙයුම සාර්ථක වුනානම් දින කිහිපයකදී ත්‍රස්තවාදය ලංකා පොලවෙන් සහමුලින්ම නැතිවන්නේ 1987 ජූනි මසයි. මෙය ඉතා සාර්ථක මෙහෙයුමක්. මෙම මෙහෙයුම අතරමග කොටුවුන ප්‍රාභාකරන් කිහිප වරක් සිය දිවි හාණි කරගන්න උත්සාහ කල බවට වාර්ථා වෙලා තිබුණා. 

එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ නිවට කම නිසා මෙම මෙහෙයුම නවත්වන්න සිදුවුනා කියල තමයි සමහර අය හිතන්නේ.  අති සාර්ථකව ඉදිරියට ගිය වඩමරච්චි මෙහෙයුම නිසා රෝ සංවිධානය කිරි දී හදා වඩා ගත් උතුරේ ත්‍රස්තවාදය අවසන් වනවා දකින්නට ඉන්දියාව කැමති වුනේ නැහැ. ඉන්දියාව පලමුව කලේ ඉන්දියානු නාවික හමුදා නැවකින් උතුරට ආහාර තොගයක් එවන්නට උත්සාහ කිරීම. මෙම නැවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වීම වලක්වන ලෙස ජනාධිපති ජයවර්ධන ශ්‍රී ලංකා නාවික හමුදාවට නියෝග කලා. එම නැව ඉන්දියානු සීමාවේදීම ආපසු හරවා යැවීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඉන්පසු 1987 ජූනි 5 දා ඉන්දියාවේ ශ්‍රී ල්ංකා මහ කොමසාරිස් ව කැඳවනු ලැබූ ඉන්දියානු විදේශ ඇමති නට්වාර් සිං ඉන්දියානු ගුවන් හමුදාව ගුවනින් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය හරහා ගමන් කරන බවත් එම ගුවන් යානා සමඟ මිරාජ් 2000 වර්ගයේ ප්‍රහාරක යානාද එන බවත් එම යානා නිරුපද්‍රිතව නැවත ආපසු ආ යුතු බවට තර්ජනය කලා.


ඔවුන් කී පරිදිම ඉන්දියානු ගුවන් හමුදා යානා ශ්‍රී ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කලා. ඉන්දියානු ගුවන් හමුදා යානා ලංකා  ගුවන් සීමාවට ඇතුළුවීම වැලක්වීමට සරිලන ප්‍රහාරක යානා  ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුවුනේ නැහැ. ශ්‍රී ලංකාවට කල හැකිවුනේ මෙම ආක්‍රමණය ගැන පැමිණිලි කිරීම පමණයි. මෙය කෙතරම් සංවේදී දෙයක් වුනාද කියනවානම් ඉන්දියානු හමුදා සමඟ සටන් කිරීමට කිසිම හැකියාවක් ශ්‍රී ලංකා හමුදාවලට නොතිබුණ බව දනිතත් ජේ ආර් ජයවර්ධන මහතා කියා සිටියේ ඉන්දියාව තමන්ගේ විශාලත්වය යොදවා කුඩා රටක් වූ ශ්‍රී ලංකාවට හිරිහැර කිරීම අප්‍රසන්න දෙයක් බවත් හැකියාව අතින් කුඩා වුවත් ඉන්දියාව ආක්‍රමණය කලහොත් ලංකාව අන්තිම උණ්ඩය දක්වා සටන් කරන බවයි. 

ඉන්දියාව එල් ටී ටී යී ත්‍රස්තවාදීන් පුහුණු කරන බවට චෝදනා කරමින් ජේ ආර් ජයවර්ධන මහතා දුන් සම්මුඛ සාකච්චාවක කෙටි වීඩියෝ එකක් මෙතනින් නරඹන්න.  ගුවන් සීමාව ආක්‍රමණයෙන් පසුවත් ඉන්දියාවට් නොනැමී  ජාත්‍යන්තර තලයේ ක්‍රියා මාර්ග ගැනීමට උත්සාහ කරමින් සිටි ශ්‍රී ලංකාවට තර්ජනය කල ඉන්දියාව කියා සිටියේ උතුරේ කොටුවී සිටි 'සාමාන්‍ය ජනයා' බේරා ගැනීමට ඔවුන්ගේ හමුදා ලංකාවට එවන බවයි. මෙය ජේ ආර් ජයවර්ධන වෙත එවන ලද රාජ්‍යතාන්ත්‍රික ලිපියක් හරහා ශ්‍රී ලංකාවට දන්වා සිටින ලදී. මෙය භයානක තත්ත්වයක් වූයේ එසේ ඇතුළුවන ඉන්දියා හමුදා නැවත යනවිට නැහෙනහිර පාකිස්ථානයේ සහ සයිප්‍රසයේ සිදුවූවාක් මෙන් රටෙන් කොටසක් බෙදා යා හැකි වූ බැවිනි.  

මේ අවස්ථාවේ   ශ්‍රී ලංකාව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් ශ්‍රීලංකාවේ ආරක්ෂාවට සහයක් බලාපොරොත්තු වූ නමුත් කලාපීය බලවතකු වන ඉන්දියාවට විරුද්ධව ක්‍රියා කිරීමට එම රටවල් මැලිවිය. තත්ත්වය සමනය කිරීමට  ඇමෙරිකානු ජනාධිපතිගේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් මෙරටට පැමිණි එරට විදේශ ලේඛම් කැස්පර් වයින්බර්ගර් මහතා ලංකාවෙන් ඉල්ලා සිටියේ ඉන්දියාව සමඟ සහයෝගයෙන් ප්‍රශ්ණය විසඳා ගන්න ලෙසයි. ඔහුගේ ගමනේදී නව දිල්ලියටත් ගිය රාජ්‍ය ලේඛම් වරයා ගැටළුව විසඳා ගැනීමට ඉන්දියාවෙන්ද ඉල්ලා සිටින ලදී.   


මෙම ගමනේ ප්‍රතිඵලයක් ලෙස රජිව් ගාන්ධි සහ ජේ ආර් ජයවර්ධන අතර ලිපි හුවමාරුවූ අතර ඉන්දියානු ආක්‍රමණය , ඉන්දියා හමුදා සම්බන්ධවී එල් ටී ටී ය නිරායුධ කිරීමටත් ඉන් පසුව උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කර පළාත් සභාවක් පිහිටුවා බලය බෙදා හැරීමකට යාමටත් ඉන් ඉදිරියට දෙරටේ භූමිය අන් රටට විරුද්ධ ක්‍රියා සඳහා ඉඩ නොදීමටත්, අන් රටට විරුද්ධව ක්‍රියා කරන අය අල්ලා අන් රටට බාරදීමටත් එකඟතාවයකට යන තත්ත්වයකට සැර බාලවී 1987 ඉන්දු ශ්‍රී ලංකා සාම ගිවිසුම අත්සන් කරන ලදී. ඉන්දීය හමුදා හෙලිකොප්ටරයකින් ඉන්දියාවට රැගෙන ගිය ප්‍රභාකරන්ට මෙම සාම ගිවිසුමට එකඟ වන ලෙස බලකරන ලද අතර එසේ නොවන්නේ නම් ඔවුන් පැරදවීමට ලංකා ආන්ඩුවට සහය වන බවට තර්ජනය කරන ලදී. එම එක්ඟතාවය දෙන තෙක් ඔහුව යම් හෝටලයක අඩස්සියේ තබාගෙන සිටි බවත් කියැවින. සමහර විට දිවි බේරාගන ලංකාවට පැමිණීම අරමුණු කරගෙන ප්‍රභාකරන් එයට එකඟවූ බව කියනු ලැබේ. සාම ගිවිසුම අත්සන් කල පසු උත්සවාකාරයෙන් පිස්තෝලයක් බාරදීමෙන් ප්‍රභාකරන් අවි භාරදීම ඇරඹූ නමුත් පලාත් සභා ඇතිවීමක් මිස ඔවුන් බලාපොරොත්තු වූ ලෙස වෙනම රාජ්‍යක් ලබා දීම ඉන්දියාවෙන් සිදුනොවීම නිසා මාස කිහිපයකින් ඉන්දියාව සහ එල් ටී ටීය අතර සටන් ඇවිලිනි. එයින් පසුව සිදුවූයේ ත්‍රස්තවාදීන් සමඟ සටන ලංකා හමුදා ලේ නොසොල්වා, ලංකාවට යුධ උපකරණ සඳහා වියදමක් නොවී සිදුවීමයි. ජේ ආර් ජයවර්ධන රටට අහිතකර අවස්ථාවක් හිතකර අවස්ථාවක් ලෙසට හරවා ගත්තත්, ජනතා විමුක්ති පෙරමුණ බෙදුම්වාදීන් ගේ සහයට පැමිණෙමින් දකුණේ යුධ තත්වයක් නිර්මාණය කලේය. එවකට විදේශ අවි ලබා ගැනීමේ මාර්ග කිසිවක් නැතිවූ ජේ වී පියට කොටින්ගෙන් ආයුධ සුළු ප්‍රමාණයක් හෝ ලැබෙන්නට ඇතැයි සිතිය හැක


ඉන්දියා හමුදා ලංකා භූමියේ සිටීම ගැන විරෝධී ආකල්පයක් ඇතිකිරීමට ජේ වී පී ය සමත් විය. එමනිසා 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඉන්දියා හමුදා ආපසු යවන බවට පොරොන්දුවිය. බලයට පත්වූ ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආරක්ශක ඇමති ජනරාල් රන්ජන් විජේරත්න සහ මේජර් ජනරාල් ජානක පෙරේරා , මේජර් ජනරාල් ලකී අල්ගම  වැනි හමුදා විරුවන් විසින්  ශ්‍රී ලංකා හමුදා යොදාගෙන දකුණේ කැරැල්ල මැඩ පැවැත්වීය.  මේ අවස්ථාවේදී කපටි ලෙස ක්‍රියා කල එල් ටී ටී ය ප්‍රේමදාස මහතා රවටා ඔහු සමඟ සාමයට කැමැත්ත පලකොට ඉන්දියා හමුදා සමඟ සටන් කිරීමට මුදල් සහ ආයුධ ලබා ගැනීමයි. සුළු කාලයකින් ඉන්දියානු හමුදා ලංකාවෙන් පිටත්ව ගිය අතර එල් ටී ටිය නැවත වරක් ශ්‍රී ලංකා හමුදා සමඟ යුද්ධයකට පැටලිනි. 

1990 දී එල් ටී ටිය විසින් ජනරාල් රන්ජන් විජේරත්න මහතාව ඝාතනය කල අතර 1993 දී රණසිංහ පේමදාස මහතාව ඝාතනය කරන ලදී. රජීව් ගාන්ධි මහතා 1991 දී තමිල්නාඩුවේදී ඝාතනය කිරීම මඟින් එල් ටී ටීය ඔවුන්ගේ අවසානයේ පලමු පියවර තබන ලදී. ඊලඟට එලඹුන ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග සමඟ ව්‍යාජ සාමයක යාමට එල්  ටී ටී ය බලාපොරොත්තුවෙන් සිටියේය.  ඉන්දියාවේ මිතුරෙක් ලෙස ප්‍රසිද්ධව සිටි එක්සත් ජාතික පක්ශ ජනාධිපති අපේක්ෂක, මහවැලි ව්‍යාපාරය වසර හයකින් නිමකල, රාජ්‍ය පාලනය ගැන හොඳ දර්ශණයක් සහ ජාත්‍යන්තර පිලිගැනීමක් තිබූ ගාමිනී දිසානායක මහතා ඝාතනය කිරීමෙන් චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ 1994 ජය තහවුරු කළේය. 

65 comments:

  1. දෙමල බෙදුම්වාදයට එකම පිලිතුර රට බෙදීමයි!

    ස ර ස තුමා රනිල්තුමා ගේ පස්සෙන් යෑමට තීරනය කලෙමි..

    වැරදුනාද මන්දා???

    ReplyDelete
    Replies
    1. උපවාස වංශට ටික කාලයකට ප්‍රසිද්දිය ගන්න මාතෘකාවක් හම්බුවෙලා වගේ. ඔබ තුමාටත් එහෙමද?

      Delete
    2. ස ර ස තුමා රනිල් තුමා ට සපෝට් කරන්න සිතා ගතිමි! එච්චරයි වුනේ ඉයන් තුමා...

      Delete
    3. Sounds like a 360 degree turn Sa rasa.

      Delete
    4. මේ ඩුප්ලිකේට් සරසා වෙන්න ඇති.

      Delete
  2. කොහොම ලිව්වත් දෙමළ බෙදුම්වාදය ගැන සයිබරේ පළවූ හොඳම ළිපි පෙල මේකයි ඉයන්...

    කාළකන්නි ජාති වාදීන් කොයි පිලෙන් ආවත් එකයි...

    ReplyDelete
    Replies
    1. එච්චර අගය කිරීමක් නම් වැඩියි. අගේ මතකයන් සහ වෙබ් එකේ තියෙන ලිපි සහ දත්ත කියවීමෙන් ලබා ගත්ත දැනීමෙන් මේක ලියන්නේ. උනන්දු කිරීම ගැන බොහොම ස්තූතියි මාතේ.

      Delete
    2. ඇත්ත අපි කවුරුත් දැණුම හොයා ගන්නෙ තැනින් තැනින්.. ඒත් ඔබ කරන්නේ මේ සම්බන්ධව අතිශය වැදගත් කරුණු එක තැනකට ගේන එක. අවශ්‍ය නම් කෙනෙකුට ඔබ කියු සියළුම දේ ජාලේ තියෙනවා. ඒත් ඉන්ගිර්සියෙන්...

      Delete
    3. නැවතත් ඔබට ස්තූතියි මාතෙ.

      Delete
  3. ඔබ ඉතා හොද ප්‍රවේශයක් අරගෙන තිබෙනවා. ඇත්තෙන්ම බෙදුම්වාදයේ මුල වෙන්කට් රාමසාමිගේ ව්‍යාපාරය තමයි. දැවැන්ත දෙමළ ප්‍රජාවක් ඉන්න ඉන්දියාවෙ බලපෑම ලංකාවෙ දෙමල අයට නොලැබුනා කියල හිතන්න බැහැ.නමුත් අතීතයේ ඉන්දියාවෙ දෙමල රාජ්‍ය පැවතියා. ඒ පදනමින් රාමසාමිට තමිල්නාඩුවෙ දෙමල රාජ්‍යයක් පිහිටුවාගන්න අයිතියක් තියනව.
    නමුත් රාමසාමිලට ඕන වුනේ එය නොවෙයි. තමිල්නාඩුව, කර්නාටක, ආන්ද්‍ර ප්‍රදේශ් ,ලංකාව ,මාල දිවයින හා මැලේසියාවද ඇතුලු මහා දෙමල අධිරාජ්‍යයක් පිහිටවීමටයි.ඒ රාජේන්ද්‍ර රාජ රාජ යුගයේ පැවතියායැයි ඔවුන් කියන මත්ස්‍ය සංකේතය සහිත දෙමල අධිරාජ්‍ය කොඩිය පෙරටුකරගෙනයි..

    ලංකාවේ දෙමල බෙදුම්වාදය රාමසාමිලගෙ එම අධිරාජ්‍ය සිහිනයේම දිගුවක් පමනයි.
    83 ජූලි කලබල පිටුපස රෝ සංවිධානය සිටියා කියා සැකකරන්න පුලුවන්. ඉන්දියාවට පසුව අවබෝධවුනා දෙමල බෙදුම්වාදයට කිරි පෙවීමේ භයානකකම.ඉන්දියාව තමන්ට අවනත දෙමල පාලනයක් මුලින් බලාපොරොත්තු වුනාට ප්‍රභාකරන්ට ඕන වුනේ රාමසාමි මොඩලයේ දෙමල ජාතිවාදයක්. පසුව මෙය තේරුම් ගෙන කොටි පරදවන්න ඉන්දියාව ලංකාවට පසුව උදව් කලා. කොටි බිහිකලෙත් නැතිකලෙත් ඉන්දියාවම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ විග්‍රහය හරියටම හරි, බොහොම ස්තූතියි සිව්වෙනි මානය

      Delete
  4. Ian,


    //ඊශ්‍රායලය ඇතිකිරීම සහ පැවැත්ම සඳහා විදෙස්ගත ඩයස්පෝරා ඇතිකිරීම සහ බෙදුම්වාදය සඳහා ඩයස්පෝරාවන් පාවිච්චිය සම්බන්ධයෙන් කියවන කෙනෙකුට දමිල බෙදුම්වාදය සඳහා විදෙස්ගත දෙමල ඩයස්පෝරාවක් නිර්මාණය කිරීමට සහ කලාපයේ පමණක් අවධානයට යොමුව තිබූ ලංකාවේ දෙමල බෙදුම්වාදය ජාත්‍යන්තරගත කිරීමට මහ මොළකරුවන් සිදුකල ක්‍රියාවක් පමණක් බවත් එයට මුහුණ දුන් දේශපාලන නායකත්වයේ නොදැනුවත්කම එය සිංහලුන්ගේ ක්‍රියාවක් ලෙස හංවඩු වැදීමට හේතුවූ බව මගේ හැඟීමයි.

    ඝාතන සහ දේපල හානි අඩංගු පටිගත කිරීම් පැය විසිහතරක් තුල බටහිර රටවල රූපවාහිනී ආයතන වලින් ප්‍රචාරය කිරීමයි. මතක තබා ගත යුතු කාරනය නම් එවකට BBC, CNN, වැනි ආයතන වල නියෝජිතයින් හෝ වාර්ථාකරුවන් ලංකාවේ නොසිටීම සහ රටේ තිබූ රූපවාහිනී කැමරා සතුව තිබුණේ ස්වාධීන රූපවාහිය සහ රූපවාහිනී සංස්ථාව සතුව පමණක් වීමත්, අතේ ගෙනයන කැමරා ලංකාවේ භාවිතයේ නොතිබීමත් පටිගත කිරීම වහාම වෙන රටවලට යැවීමට ඊ මේල් හෝ අන්තර් ජාල පහසුකම් ආදීය එවකට නොතිබීමත් යන කාරණාය. //

    100% ඔබ සමග එකගයි https://www.youtube.com/watch?v=cJaDzG2gQjk මෙහිදී ඩග්ලස් වික්‍රමරත්න මහතා මේගැන අපුරු විස්තරයක් කරනවා.

    ඔබ කිව්වා වගේ BBC, CNN, විතරක් නෙමෙයි ලෝක ප්‍රසිද්ද මාද්‍ය ගණනාවක් මේ සිදුවීම වීමට දින කීපයකට පෙර කිසිදු හේතුවක් නැතිව ශ්‍රී ලංකාවට පැමිණෙනවා, Ian මේවා ඉබේ සිදුවෙන සිදුවීම් නෙමෙයි මේවා යට විශාල ඩීල් තියනවා, මෙය හරියට ලෝක බැංකු කරුවන් නපොලියන්ට් සහ එංගලන්තයට යන දෙපිරිසටම ආදාර කිරීම වගෙයි.

    ශ්‍රී ලංකාව පවතින්නේ ඉතාම වැදගත් ස්ථානයකයි මෙරට තමා ගේ පාලනයේ තබාගැනීමට බැරිනම් කල හැක්කේ අන්තිම දුර්වල පාලනයක් අතිකර දියාරු කිරීමයි, ඉන්දියාව, ඇමරිකාව, බ්‍රිතන්‍ය සිදුකලේ මෙයයි මිට අමතරව ලෝකයේ කොහේ යුද්දයක් තිබුනත් ඇමරිකාවට වාසි බව මතක තාබා ගන්න ඕනේ,
    ඔබට මතකද LTTE සතුව ඇමරිකාවේ නිපදවන ලද M 16 රයිෆල් තිබුන http://www.defence.lk/new.asp?fname=20090405_01

    මෙතන මෙවැනි බලවතුන් කරන්නේ රටේ සිටින අන්තවාදී දෙපිරිසටම ආදාර දීමයි මෙය සිරිල් මැතිව් ට ත් දෙන්න ඇති LTTE නම් නොර්වේ හරහා කෙලින්ම දුන්න.

    අදත් මෙම අත්න්තවාදීන් බොදුබල සේනාවේ හාමුදුරුවෝ නොර්වේ යන්නෙත් මේ නිසා තමයි, විග්නශ්වයන්ව ඇමරිකාවේ නියෝජිත වරිය මුණ ගැසෙන්නේ මේ නිසයි.

    සාමාන්‍ය ජනයා ට මෝඩ ටෙලිනාට්‍ය පෙන්වා බුද්ධිය නැතිකර ඇත්තෙත් නිකම්ම නෙමෙයි, මේවා පිටිපස්සේ ඇති සැලසුම් බැලීමට පෙර අතීතයේ බ්‍රිතාන්‍යන් ලෝකයේ ජාතින් බෙදකර රටවල් අයත් කර ගත් අයුරු ගැන බැලුවහම සිදුවන දෙය පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. ඒ අවස්ථාවේ විදෙස් මාධ්‍යවේදීන් ලංකාවේ සිටි බව මම දැනගේ හිටියේ නැහැ. ලින්ක් එකට බොහොම ස්තූතියි. 1983 කලබලය පිටුපස බෙදුම්වාදීන් සිටි බව ඉතා පැහැදිලියි. ඒක ආණ්ඩුවේ එකවුන්ට් එකට දැම්මේ සිංහල විපක්ෂය.

      Delete
    2. 83 කලබල සිංහලයන් ස්වෙච්ඡාවෙන් කල ඒවා හෝ එවකට පැවති රජය කල ඒවා ලෙස සරලව ලඝු නොකල යුතුයි. ඇත්තෙන්ම රජයට මෙවැන්නක් කිරීමේ කිසිම දේශපාලන වාසියක් නැහැ. සිරිල් මැතිව්ව ඇමතිකමෙන් ඉවත් කළා. සිරිල් මැතිව් ලත් දෙමල බෙදුම්වාදීනුත් එකම පිරිසක් විසින් මෙහෙයවූවා වෙන්න පුලුවන්.
      සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවෙන්න ගිහින් රටේ වාසනාවට ඒක වැළකුනා. බොදුබලසේනාව නෝර්වේ වල දානමාන වලට යන එක සැකකටයුතුයි.

      Delete
    3. කොලඹ දෙමල ජනතාව ඒ කාලයේ ඡන්දය දුන්නේ එක්සත් ජාතික පක්ෂයට. එවන් විටක ඔවුන් ඝාතනයට එක්සත් ජාතික පක්ෂය මැරයින් මෙහෙයවූවා යැයි මටනම් පිලිගන්න බැහැ.

      Delete
    4. සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිඋනේ නැති උනාට. බොදුබලේ මෙහෙයවපු කණ්ඩායම උන්ට උවමනා දේ කරගත්තා.

      Delete
    5. කණගාටුයි කියන්න ඉයන් කොළඹ දෙමල අයට 83 ගහන කොට ඇ ගූ එක පැත්තකින් මෙහෙයවන කොට මැද කොළඹ කඩ කඩන්න ස. නමැති එජාප සංවිධායක ගිය බව දුටුවෙමි. ඔහු කලේ මුලින් තමන්ට හිතවත් දෙමල ව්‍යාපාරිකයන් පොලිසියට ගෙනත් තැබීමයි. ඉන්පසු ඉතිරියට පහර දීමට අනුබල දීමයි. මෙයින් අදහස් වෙන්නේ නැහැ ශ්‍රීලනිප තරුණ කණ්ඩායම් නොහිටියා කියල. දෙදෙනෙක් විතර මම දැක්ක ඒ පැත්තේ අයගෙන්.

      Delete
  5. deerga adhasak liweemata karunu oluwe thibunath sinhala nathikama eyata haras wenawa.

    kiyanna thiyanne bedhumwaadhaya gena liyawunu supiri lipi pelak kiyalai.

    b w gena karunu raasiyak aluthen egena gaththa me lipi pelen.
    bohoma esthuthi Ian....

    ReplyDelete
    Replies
    1. ඔහොම ස්තූතියි සෙනරත් මහත්මයා

      Delete
  6. Ian, ඔබ Area-51, UFO වැනි කන්ස්පයිරසි තියරිවලට කැමතියි නේද?

    ReplyDelete
  7. මෙතනදි සමහරු දෙමළ හා ද්‍රවිඩ යන වචන පටලගන්නවා .රමසාමි එක්සත් කරන්න හැදුවෙ ද්‍රවිඩ භාෂා කතා කරන ජනතාව. ඩෙකාන් සානුවෙන් පහල මුලු ඉන්දියාවම. රාමසාමි බලාපොරොත්තුවුන රාජ්‍ය ඉන්දියා ඉතිහාසයෙ කවදාවත්ම තිබුන එකක් නොවෙයි. අපි අහල තියෙන්නෙත් චෝල පාන්ඩ්‍ය කේරළ රාජ්‍ය ගැනනෙ. රාමසාමිට ඕන වුනේ ද්‍රවිඩ අධිරාජ්‍යයක්. ඒක කෘතිම රාජ්‍යයක්. අතීතයෙ තිබුන දෙමල රටක් ඉල්ලුවනම් ඒක සාධාරණයක් තිබුන. අයි එස් ලගෙ සිතියමේ විශාල මුස්ලිම් ප්‍රදේශයක් තිබෙනව වගෙ රාමසාමිගෙ සිතියමෙත් විශාල භූමි ප්‍රමානයක් තිබුන. කේරළ ,කර්නාටක,ආන්ද්‍ර ජනතාවගෙන් රාමසාමිට ලොකු පිලිගැනීමක් ලැබුනෙ නෑ.

    සමහරු ලංකාවෙ ද්‍රවිඩ බලපෑම් දෙමල බලපෑම් ලෙස වරදවා ගන්නවා. ලංකාව අතීතයෙ ඉදන්ම ද්‍රවිඩ රාජ්‍ය සමග ගනුදෙනු කලා. මුලින් පාන්ඩ්‍ය රජ්‍ය. පසු කලෙක කේරලය.ඒ කියන්නෙ බලබාර් දේශය.ඔවුන් මලයාලම් බස වහරන්නෙ.දෙමලට සමාන බසක්. කෝට්ටෙ යුගයෙ රජපවුල් සමග විවාහ සම්බන්ධකම් පැවැත්තුවෙ මලබාර් කුමාරවරු.මලබාර් ජනයා උතුරෙ පමනක් නොව දකුනෙත් පදිංචි වුනා.සමහරු පසුකාලීනව සිංහල වුනා. මේ සම්බන්ධකම් දෙමළ සම්බන්ධකම් ලෙස වරදවා ගන්න අය ඉන්නවා. දෙමළ කියන්නෙ චෝල රාජ්‍යය වර්තමාන තමිල්නාඩුව.

    ඉයන්ගෙ ලිපිවලින් මම බොහොමයක් දේවල් ඉගෙනගත්ත. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ලිපි ලිවීමෙන් අදහස් කල දේ ඔබ වැනි දැනුම සොයන්නන් අතර සිදුවෙනවා දැකීම ගැන නිහතමානීව සතුටු වෙමි.

      Delete
  8. https://en.wikipedia.org/wiki/Dravida_Nadu

    මේ සමග තිබෙන සිතියම බලන්න.මධ්‍යම ඉන්දියාවේ සහ උතුරු ඉන්දියාවේ කොටස් හා ලංකාවේ උතුරු නැගෙනහිර ,මධ්‍යම කදුකරයද ඇත.නැගෙනහිර මුස්ලිම්වරු ඉස්ලාම් ආගම අදහන ද්‍රවිඩයන් ලෙස සලකා ඇත.මේ මහා රාජ්‍යයේ අඩුවට ලංකාව අසුවුනානම් හපයක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. මේ ගැන ස්තූති වන්ත විය යුත්තේ එය නොකල මහා බ්‍රිතාන්‍යටයි. ඔවුන් 1947 දී මුස්ලිම් රට සාදා දී දෙමළ රට සෑදුවේ නැහැ. මට තවම නොවැටහෙන කරුණක් තමයි ඉන්දියාව සහ ලංකාව යන දෙක එකට පාලනයක කල බ්‍රිතාන්‍යයන් 1947 දී ඉන්දියාවට නිදහස දී ලංකාවට 1948 දී නිදහස දීම. මේ දෙකම එකට වුනා නම් සමහරවිට ඔය රට හැදෙන්න තිබුණා කියා මම හිතනවා.

      Delete
    2. /මට තවම නොවැටහෙන කරුණක් තමයි ඉන්දියාව සහ ලංකාව යන දෙක එකට පාලනයක කල බ්‍රිතාන්‍යයන් 1947 දී ඉන්දියාවට නිදහස දී ලංකාවට 1948 දී නිදහස දීම./ අමතක වුනාද දන්නෑනේ :)

      Delete
    3. ඒ දවස් වල සුද්දොත් දැනන් හිටියා දෙමළ මිනිස්සුන්ට ලන්කාව ඇතුලේ වෙනම රටක් දෙන්න තරන් හේතුවක් නැති විත්තිය. නැත්තන් උන් එහෙම දෙයක් නොකර යාවි කියලා ඔබතුමා හිතනවාද?

      Delete
    4. මේ විකිපීඩියා පිටුව අනුව ක්‍රි.ව 711 ඉඳන් හින්දු - මුස්ලිම් ආගම්වාදී ගැටුම් ඇතිවෙලා තියෙනවා. ඒ ඉතිහාසය නිසා බ්‍රිතාන්‍යයන් ඉන්දියාව දෙකඩ කරන්න ඇති.

      Delete
  9. Ian, what a complete and a comprehensive analysis! Thank you. I seriously think these articles should go into the general public, may be as a printed material.

    One thing I noticed in your writing is that, your words somewhat depicts your allegiance to the UNP and that might narrowed down your viewpoint a bit. (yet I'm nobody to question your political view) I’d rather like to see you being moderate and unbiased though :-)

    Keep up the good work!

    Cheers,
    Udaya

    ReplyDelete
    Replies
    1. Thank you Udaya. This time I tried to do that. But I also had to provide the background to counter the fallacy that 1987 Vadamarachchi Operation was abandoned due to the cowardice of JRJ. He only extracted what was best at that time from a bad situation. Thanks again.

      Delete
  10. ලිපි 3ම එකට කියෙවුවා.දැණුම ලබාගත්තා.ඔබ සිංහල කණ්නාඩි දෙකින් මේ ප්‍රශ්නය ගැන බැළුවා වැඩියිද කියලත් හිතුනා සමහර තැන් වලදී.ඒ කොහොම වුනත් ලිපිපෙලේ අගය අඩුවක් වෙලා නෑ.
    වෙලාවක් තිබුනොත් රජිණි තිරණාගමගේ "බිඳුණු තල් වැට" කියවන්න.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කසුට්ටා

      Delete
  11. නොදැන හිටිය කරුණු බොහෝමයක් දැන ගත්තා. මේ ලිපි වල වටිනකම අදටත් වඩා ඉස්සරහට තියේවි. මොකද මේවා ගැන කතා කරන්න ඕන කමක් දැන් ඉන්න අයට නැති නිසා ඉතිහාසය වෙනස් කරලා ඕනම දෙයක් කියන්න සටකපටි අයත් අපේ සමාජේ ඉන්න නිසා.

    බොහොම ස්තූතියි මේ ලිපි පෙලට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩිනේශ්

      Delete
  12. 1991 දී රණසිංහ පේමදාස මහතාව ඝාතනය කරන ලදී. මම හිතන්නේ එය 1993 ලෙස වෙනස්විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රදීප්. ඔබ හරි ප්‍රේමදාස මහතා ඝාතනය වූයේ 1993 මැයි පළමුවනදා. එය නිවැරදි කළා.

      Delete
  13. මේ ලිපි පෙල වටිනවා ඉයන්.අපි සැවොම දැන ගතයුතුම කරුනු මේ ලිපිවල ඇතුලත් වෙලා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ. සතුටුයි ඔබ යමක් දැන ගත්තානම්. මම කියන දේවල් ගැන තව සොයා බලන්න. Truth is stranger than fiction කියල අහල තියෙනවානෙ?

      Delete
  14. ගොඩාක් දේ දැන ගත්තා බොහොම තුති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇණයා සර් :)

      Delete
    2. අම්මද බොලේ ඉයන් මට සර් කියලා, පුංචි කොස්සක් හිතේ තියං ඉදල වගේ :)

      Delete
    3. පික්ශුද? සර් !! විහිළුවට බං

      Delete
  15. බොහොම හොඳ කරුණු සම්පිණ්ඩනයක්.

    ලලිත් ඇතුලත්මුදලි හෝ ගාමිණී දිසානායක ජනාධිපති වුණානම්, ජෙනරල් කොබ්බෑකඩුව හමුදාපති වුණානම්, මේ රට අද ඉතා දියුණු තත්වයක පවතිනවා.

    ReplyDelete
    Replies
    1. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, රන්ජන් විජේරත්න, ඩෙන්සිල් කොබ්බැකඩුව, ජානක පෙරේරා වගේ යන නායකයෝ රටට නැතිකරපු එක එල් ටී ටී යී එක කරපු ලොකුම හානියක්. බොහොම ස්තූතියි විචා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නායකයන් විනාශ කිරීම, පුස්තකාල පොත් පත් ගිනි තැබීම. ගුරුමුෂ්ටි හින්ද තම රටේ නිෂ්පාදිත දැනුම මිය යන්නට ඉඩ හැරීම වගේ ඒවට වාර්තා තියපු රටක වැසියකු වීම නිසා නම හොලිවෙනවාට ලැජ්ජයි. ඇනෝ පිළිතුරක් ලියන්නෙ ඒ හින්දයි. ඒකට සමා වෙන්න ඕන. උඩුගං බලා යන ඉයන්ට ජයවේවා. ඉයන්ගේ ලිපි පෙළ ඉතාම වටිනවා.

      Delete
    4. මගේ පිළිතුරේ අකුරු වැරදිච්ච නිසා එඩිට් කරන්න ගියා ඒ අතරේ ඇනෝ කෙනෙක් ඇවිත්! ඇනෝ පිළිතුර මාත් අනුමත කරනවා

      Delete
    5. //ගුරුමුෂ්ටි හින්ද තම රටේ නිෂ්පාදිත දැනුම මිය යන්නට ඉඩ හැරීම //
      ඇනෝ වෙනම පොස්ට් එකකින් පුලුවන් නම් මේගැන විස්තර බෙදාගන්න. ගුණසිංහ මහත්මයාණෙනි ඔබටත් ස්තූතියි.

      Delete
  16. What impressed me most was the concise and clear way you have presented something which most of the others had taken a plethora of words to express and explain in their way.

    ReplyDelete
    Replies
    1. I reckon the reason had been the lies and misinformation, created and spread by the opportunists having had a better acceptance in our gullible society. Then the speakers and writers are only trying to fight the misinformation rather than directly providing the information. Thank you Pra Jay

      Delete
  17. මේක දිගටම ලියන්න ඉයන්, යුද්ධයේ අවසානයෙනුත් ඉවර නොකර අදටත් මේක ක්‍රියාත්මක වන ආකාරය තවත් විස්තර ඇතිව. ඉතාම අගය කරනවා. ස්තූතියි තොරතුරු වලට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධුවෝ.

      Delete
  18. බිය නිසා දමන ලද කමෙන්ටුවක් බව කරුණාවෙන් සලකන්ට.:D:D

    ReplyDelete
    Replies
    1. අනේ අනේ, පොඩි කුමාරිහාමි තුමිය විදුලි පුටුවට බයවුණාද? කොහොම වෙතත් බොහොම ස්තූතියි.

      Delete
  19. තොගේ මේ පල් හැල්ලේ තියෙන්නේ යකෝ වැඩි හරියක් බොරු. මේකට චෝයි චෝයි කියල කොමෙන්ට් දාන බබාල, තොපිල ඉපදුනේ 2000 නුත් පස්සෙද? නැත්නම් ෂෝර්ට් ටර්ම් මෙමරි ලොස් ද ??

    ReplyDelete
    Replies
    1. ඔබ කියන අදහස විනීතව කියන්න. ඒවගේම මොන දේවල්ද බොරු කියලත් කියන්න. එවිට පිළිතුරු දෙන්නම්. එවන් කමෙන්ට් එකක් නොලැබුණොත් හෙට මෙම කමෙන්ට් එක ඩිලීට් කරමි.

      Delete
  20. අද කොටස කලින් දෙකට වඩා වැදගත් බව හිතනවා. තනි තනි සිද්ධි වශයෙන් ගත්තහම වැරදි වගේ පේන දේවල් සම්පුර්ණ සිද්ධියක් වශයෙන් ගත්තහම නැවත සළකා බැලිය යුතු බව හිතෙනවා...

    මම ඊයේ ගුණදාස ලියනගේ මහතාගේ "ගමන නොනිමෙයි" කියන පොත කියෙව්වා, ඔබ කලින් ලිපි වල සිංහල රාජ්‍ය භාෂාව කිරීම සම්බන්ධව බණ්ඩාරනායක මහතාව පතුරු ගැසුවා...
    නමුත් එකළ පැවතී වාතාවරණය අනුව එය සිදුකළයුතු වූ බව එහි පැහැදිළිව විස්තර කරනවා...
    හැකිනම් ඒ පොත කියවන්න...

    ReplyDelete
    Replies
    1. මම පොත හොයා ගන්නම් ස්තූතියි ලොක්කෝ

      Delete
  21. හොද විචාරයක්................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු

      Delete
  22. අතීතයේ සිදුවුනු සිද්ධි දාමයක් එක පෙලට තේරෙන බාසාවන්ම ගෙනහැර දැක්වීම අගෙයි.
    සමහරුන්ට හිතට අමාරු උනාට හඬක් නැති ප්‍රජාවක් කාලාන්තරයක් අසාධාරනයට ලක්වූ හැටි ලිපි අතුරින් විස්තර වෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete