Thursday, January 14, 2016

දෙමළ බෙදුම්වාදය 2


මීට පෙර කොටස මෙතනින්   දෙමළ බෙදුම්වාදය 1


මෙම ලිපි වල ප්‍රධානතම අරමුණ දමිල බෙදුම්වාදය ශ්‍රී ලංකාවේ ඇතිවූ දෙයක් සහ සිංහල ජනතාවගේ වෙනස්කම් කිරීම (discrimination) , සමූලඝාතන (genocide) , ජනවාර්ගික ශුද්ධය (ethnic cleansing) නිසා බව කාලයක් තිස්සේ බෙදුම්වාදීන් ගෙන ගිය ප්‍රචාර වල අසත්‍ය භාවය ගෙන හැර දැක්වීමය. දෙමල බෙදුම්වාදය 1922 දී පමණ ඉන්දියාවේ වෙන්කට් රාමසාමි මහතා පටන් ගත් එකක් බවත් 1961 ඉන්දු -චීන යුද්ධයෙන් පසු ඉන්දියාවේ ජනතාවගේ ඇතිවූ බෙදුම් විරෝධී හැඟීම, සිදුවූ නීතිමය / ව්‍යවස්ථාමය වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවට ආනයනය කල එකක් බවත් පසුගිය ලිපියෙන් පෙන්වා දුනිමි.

එල් ටී ටී ය යුධ වශයෙන් පරාජය කිරීමෙන් බෙදුම්වාදී තර්ජනය අවසන් වී ඇතැයි යන අනවබෝධය නිසා පසුගිය රජය ගෙනගිය බටහිර විරෝධී  ස්ථාවරයේ තිබූ භායානක කම පෙන්වා දීම තව අරමුණක් විය. පාලකයින්ගේ සහ සමාජයේ බොහෝ දෙනා අතර තිබෙන ලෝක භූ-දේශපාලනික කටයුතු ගැන ඇති නොසැලකිල්ල සහ බෙදුම්වාදීන් ලෝකයේ සිදුවන  සිද්ධීන් / වෙනස්කම් තමන්ගේ වාසියට යොදාගැනීම නිසා රටේ ඒකාග්‍රතාවයට අනාගතයේ යම් දිනක තර්ජනයක් ඇතිවිය හැකි බවට ඇති මගේ හැඟීමයි. එම නිසා ඒවා සමහරක් ගැන මතු පිටින් සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීමද තවත් අරමුණකි.      

ජාතික සමගිය පතා යම්කිසි එකඟතාවයකට පැමිණීම වැදගත් දෙයක් බවත් සියළුම ජන කොට්ඨාශවලට ඔවුන්ගේ ජාතිය, ආගම, කුලය, ස්ත්‍රී-පුරුශ බව දේශපාලන ඇදහිලි යන කිසිම වෙනස්කමක් මත කිසිම අකාරයේ වෙනස් කමක්, අසාධාරණයක් හෝ මදි පුංචි කමක් කිරීම කිසිසේත් නොකළ යුතු දෙයක්   බවත් මම තරයේම විශ්වාශ කරමි. එහෙත් ඒ වෙනුවෙන් කරන ඕනෑම දෙයක් යම් දිනක රටේ ඒකාග්‍රතාවයට අවාසියක් සිදුවිය හැකිනම් ඒ පිලිබඳව අවබෝධයෙන් සිටීම හැම රටවැසියෙකුගේම යුතුකමකි.

උතුරේ සිදුවූ විභාග වංචා ආදිය මගේ සිතිවිලි පමණක් බවට සමහ කමෙන්ට් කරුවන් කිහිප දෙනෙක්  දැක්වූ අදහස් වලට මම හොඳින්ම දන්නා එවන් ක්‍රියාදාමයක් යොදාගෙන පසුව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. අද ලිපියේ අරමුණ වන්නේ ඉතිහාසයේ දශක කීහිපයක වේදිකාවේ සිටින බෙදුම්වාදී නළුවන් සහ තිරයෙන් පිටිපස සිටින බෙදුම්වාදී අධ්‍යක්ශක වරුන් ගේ ක්‍රියා කලාපයන් රටේ, කලාපයේ සහ ලෝකයේ සිදුවූ දේවල් සමඟ ගෙනහැර දැක්වීමයි.

1956 ට පෙර

මෙම කාලයේ බලයේ සිටි දේශපාලකයින්ට ඉන්දියාවේ ක්‍රියාත්මක වන බෙදුම්වාදය ගැන හොඳ අවබෝධයක් තිබිණි. නිදහසින් පසු ලංකාවේ පලමු අග්‍රාමාත්‍ය වරයා වූ මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතා රාමසාමිගේ ලංකාවේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශ එක්කර දෙමළ ප්‍රදේශ ලෙස පෙන්වීම මත කවදා හෝ වර්ගවාදී ප්‍රශ්ණයක් ඇතිවන බව දැනගෙන සිටියේය. කලින් තිබූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘශිකර්ම ඇමතිවූ ඔහු ඉතා සූක්ෂමව ක්‍රියාකරමින් ගල්ඔය ව්‍යාපාරය සහ අනිකුත් ජනපද ව්‍යාපාර හරහා උතුරු හා නැහෙනහිර ප්‍රදේශ මැදින් සිංහල ජනයා පදිංචි කලේය. ලංකාවේ හමුදාවන්ට සාපේක්ෂව ඉන්දියාවේ හමුදා ශක්තිය වැඩි නිසා රටේ ආරක්ශාවට මහා බ්‍රිතාන්‍ය සමඟ ආරක්ශක ගිවිසුමකට එලඹිනි. ඊට අමතරව ත්‍රිකුණාමලයේ බ්‍රිතාන‍ය කඳවුරකටත්, කටුනායක ඇමෙරිකානු ගුවන් කඳවුරකටත් පහසුකම් ලබා දිනි. බොහෝ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය තෙල් සමාගම් වලට ලංකාවේ වෙලඳාම් කිරීමට ඉඩ සැලස්වීය. 


බන්ඩාරණායක මහතා
ලංකාවේ අගමැති වීමේ එකම අරමුණින් කලිසම හැර සරමට බැස, බෞද්ධාගමත් එල්ලාගෙන සිංහල ජාතිවාදී හැඟීම් අවුස්සා 1956 දී බලයට පැමිණි බන්ඩාරණායක මහතා ඔහුගේ සමාජවාදී සගයන් ගේ ඉල්ලීම මත තෙල් සමාගම් ජනසතුව, වරාය ජනසතුව, ත්‍රිකුණාමලයෙන් බ්‍රිතාන්‍යයන් එලවීම, බ්‍රිතාන්‍ය ආරක්ශක ගිවිසුම අවලංගු කිරීම, කටුනායක ඇමෙරිකන් කඳවුර වසා දැමීම වැනි ක්‍රියා නිසා ඉන්දියාවේ සුරතලකු වන ගමන් රටේ අනාගත ආරක්ෂාව ඉන්දියානුවන්ට බන්දේසියක දමා පිලිගන්වන තෙක් ලංකාවේ ආරක්ෂාවට සහ භෞමික අඛන්ඩතාවයට තර්ජනයක් නොතිබිණ.


1960 සිට 1972

1972 ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දෙන තෙක් ලංකාවේ තිබුණේ හා බ්‍රිතාන්‍යයේ රජු/රැජින 'යටතේ' ක්‍රියාත්මක වූ ආණ්ඩු ක්‍රමයකි. මෙම ක්‍රමයේදී දේශපාලන බලය රටේ අනිකුත් අංශ කෙරෙහි බලපෑවේ සුළු වශයෙනි. එනම් ලංකාව පාලනය කලේ ලංකා සිවිල් සේවය විසිනි (Ceylon Civil Service). එය දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොර/ අඩු ක්‍රමයක් විය. එම කාලයේදී ඉඩම් උපයෝගී කිරීමේ බලය, රජයේ සේවයට බඳවා ගැනීම, සහ වෙනත් ආර්ථික සම්පත් භාවිතයේ බලය තිබුණේ රාජ්‍ය සේවයටයි. එබැවින් පාර්ලිමේන්තුවේ සංයුතිය කුමක් වූවත් රජයේ සේවයේ ඉහල තනතුරු වල ඉන්නට රටේ පරිපාලනය කළ හැකි තත්ත්වයක් තිබුණි. එබැවින් රාජ්‍ය පරිපාලනයේ වැඩි තනතුරු ප්‍රමාණයක් තමන් වෙත තබා මෙන් රට 'පාලනය' කිරීම බෙදුම්වාදීන් ගේ සැලැස්ම විය. පසුගිය ලිපියේ සඳන් කල නොයෙක් ක්‍රම මඟින් එය ලබා ගැනීමට ඔවුනට හැකිවිය. එම කාළයේ රාජ්‍ය තනතුරු වලින් 50% කට වැඩි ප්‍රමාණයක් දමිල ජාතිකයින් විසින් හොබවන ලදී.

මේ කාලයේදී කළාපයේ සිදුවූ තවත් සිදුවීමක් නම් ආවාමි ලීගයේ ශික් මුජිබර් රහමන් සිරගත කිරීම සමඟ ඇතිවූ නැගෙනහිර පකිස්ථානය සහ බටහිර පාකිස්ථානය අතර ගැටුමට ඉන්දියාව මැදිහත්වී  බටහිර පාකිස්ථාන සේනා 1971 දෙසැම්බර් 16 දින නැහෙනහිර පාකිස්ථානයේදී පරාජය කොට බංග්ලාදේශය නම්වූ නිදහස් රාජ්‍ය පිහිටුවීමට ක්‍රියා කිරීමයි.

1972 -1978

1972 ජනරජ ව්‍යවස්ථාවෙන් පරිපාලන සේවයේ බලය අඩුවීම සිදුවිය.  රාජ්‍ය 'පාලනයෙන්' ඔවුන්ගේ අත්පත් කරගත් බලය හීන වන බව ඔවුන්ට වැටහුණේ එම ව්‍යවස්ථාවේ දල පිටපත් දුටු විටයි. ආක්‍රමනශීලී බෙදුම්වාදය නැවතත් කරලියට එන්නේ මෙවිටයි. එනම් වෙනම රාජ්‍යක් ඉල්ලීමේ පළමු පියවරයි. ජනරජ ව්‍යවස්ථාව ලංකා පාර්ලිමේන්තුවේ සම්මත්වූයේ 1972 මැයි මස 22 දාය. එම ව්‍යවස්ථාව විවාද කරන කාලේම එනම් 1972 මැයි මස 4 දා දෙමළ එක්සත් පෙරමුණ (Tamil United Front) නමින් පක්ශයක් පිහිටුවා ගන්න ලදී. 1976 දී ෆෙඩරල් පක්ෂයද මෙම පෙරමුණට එකතුවීමෙන් පසු එක දෙමල එක්සත් විමුක්ති පෙරමුණ (Tamil United Liberation Front)  ලෙස නම් වෙනස් කරන ලදී. එහි ප්‍රධානම අරමුණ වූයේ ලංකාව දෙකඩ කොට වෙනම රාජ්‍යයක් පිහිටුවීමයි.ලංකාව බෙදීම පිලිබඳ වඩුක්කොඩේ ප්‍රකාශය  එළිදැවූවේ මීට සමගාමීව 1976 මැයි මස 14 දාය.

බෙදුම්වාදීන්ගේ අරමුණ දමිල ජනයාගේ යහ පැවැත්ම නොව රටක බලය අල්ල ගැනීම යන බවට හොඳ සාක්ශියක් වන්නේ 1970-1977 කාළය උතුරේ ජනයාට ආර්ථික අතින් ඉතා වාසිදායක කාලයකදී මෙම දේවල් සිදුවීමයි. එම කාළයේ රටේ තිබුණු සවෘත ආර්ථික ක්‍රමයේ ඉහලම ප්‍රතිලාභ උතුරුකරයේ ජනයා භුක්ති වින්ඳහ. එවකට ළූණු, අල, මිරිස්. එලවළු ආදිය ආනයනය කිරීම තහනම් කාළයක් වූ බැවින් වැඩිපුරම කෘෂිකර්මාන්තයේ යෙදුනු ඔවුන්ට ඉතා හොඳ ආර්ථික තත්ත්වයක් උදාවී තිබිණි. එම කාලයේ මුදල් ගැවසීම සහ ඉතිරිකිරීම අතින් සහ භාණ්ඩ වෙලඳාම අතින් යාපනය ඇතුළු උතුරු ප්‍රදේශ කොලඹට කරට කර තත්ත්වයක සිටි බව එවකට සිටි බැංකු කරුවන් ආදීන් සාක්ශි දරණු ඇත.


ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා
උතුරුකරයේ පහල ස්ථර වල ජනයාට අසාධාරණයක් සිදුවූයේ එහි තිබූ දැඩි කුලවාදය නිසාය. පහත් කුලවල අයට සමහර හින්දු දේවස්ථාන වලට පය තැබීම තහනම් විය. උසස් සහ පහත් කුල සමාජයේ සියළුම අංශ බිලිගෙන තිබිණි. පෙර ලිපියේ සඳහන් කල පරිදි රාමසාමි මහතා ඉන්දියාවෙන් වෙන්වී වෙනම දෙමල රාජ්‍යයක් සාදා ගැනීමට උත්සාහ කිරීමට එක හේතුවක් වූයේද කුලවාදයයි. ඊට පසු කාළයක සන්නද්ධ සංවිධාන වල සාමාජිකයින් වූයේද සමාජයේ පහල ස්ථර වල තරුණයින්ය. සියළුම ජන කොට්ඨාශ වල දුප්පතුන්ට තිබෙණ ප්‍රශ්ණ දමිල දුප්පතුන්ටද පොදු දෙයක් වුන මුත් ඔවුන්ගේ ප්‍රශ්ණ වලට හේතුව ජාතිය මත මදනම් වූ වෙනස් කම් කිරීමක් නිසා ඇති වූ ඒවා නොවීය. බෙදීම සඳහා සන්නද්ධවීම ඇරඹෙන්නේද මේ කාලයේදීමය. කොලඹ පදනම් වූ දේශපාලන පක්ෂවල උතුරේ ප්‍රධානීන් විවිධ ක්‍රම මඟින් මර්ධනය කිරීම ආරම්භවී තිබිණි. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් එවකට ඔහුගේ ගෝලයෙකු වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ලවා එවකට යාපනය නගරාධිපති වූ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කරවූයේ  1975 ජූලි 27 දිනය. මෙය ශ්‍රී ලංකා බෙදුම්වාදයේ පලමුවෙණි මිනිස් බිල්ල ලෙස සැලකේ.


සයිප්‍රසය 
මේ කාළයේ (1974) යුරෝපයේ සයිප්‍රසයේ 77% ක් වූ ග්‍රීක සම්භවය ඇති ජනයා සහ 18.2% ක් වූ තුර්කි සම්භවය ඇති ජනයා අතර වූ ගැටුම් නිසා තුර්කි හමුදා සයිප්‍රසය ආක්‍රමණය කර උතුරු සයිප්‍රසය තුර්කි සම්භවයක් ඇති ජනයා සඳහා වෙනම කලාපයක් ඇතිකිරීමට ක්‍රියා කළේය.

1971 දී බංගලාදේශය ඇතිකිරීමට ඉන්දියාව හමුදා යෙදවීම සහ 1974 දී උතුරු සයිප්‍රසය වෙන් කිරීමට තුර්කිය හමුදා යෙදවීම, ඉන්දියාවේ සහයෙන් ලංකාව බෙදීමට බෙදුම්වාදීන්ට අදහසක් ඇති කලාට සැකයක් නැත. එකම ප්‍රශ්ණය වූයේ නොබැඳි රාජ්‍යන් ලෙස පෙනී සිටිමින් එවකට රුසියානු ගැති රටවල් වූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබූ කිට්ටු සම්භන්ධතායි. මෙම සම්භන්ධතාවය කෙතරම් කිට්ටු එකක් වීද යත් ඇමෙරිකන් හමුදා දියාගෝ ගාර්ෂියා හී පිහිටවූ කඳවුරට විරුද්ධව යැයි සිතිය හැකි ඉන්දියන් සාගරය සාම කලාප යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කලේ ශ්‍රී ලංකාවයි.  තවද බන්ඩාරණායක මහතා ඉන්දියාවට හිසරදයක් වූ ත්‍රිකුණාමලයේ තිබූ බ්‍රිතාන්‍ය නාවික හමුදා කඳවුර ඉවත් කිරීම සහ බ්‍රිතාන්‍ය සමඟ තිබූ ආරක්ශක ගිවිසුම අවලංගු කිරීම කල බැවින් එම මැතිණිය ඉන්දියා කොන්ග්‍රස් පක්ශයේ හිතවතියක විය.

1977 දී සිදුවූ ආණ්ඩු වෙනස ඉන්දියාවට අහිතකර එකක් විය. විවෘත ආර්ථික ක්‍රමයක් ශ්‍රීලංකාවට හඳුන්වා දීම සවෘත ආර්ථික ක්‍රමයක හිරවී සිටි ඉන්දියාව බිය කරවන්නක් විය. එවකට සමාජවාදී ආර්ථික ක්‍රමයක් අනුගමනය කල චීනය ආසන්නයේ පිහිටි  තායිවානය සහ හොං කොං වැනි ප්‍රදේශ විවෘත ආර්ථික ක්‍රමය යටතේ විශාල වශයෙන් දියුණුවෙමින් තිබිණ. ලංකාවේ එවන් දියුණු තත්ත්වයකට පත්වීම ඉන්දියාව අනුගමනය කල සමාජවාදී ආර්ථික ක්‍රමයේ අඬු ලුහුඬු කම් එලි දක්වන එකක් වන බවට සැකයක් නොවීය. බල කඳවුරු වලට බැඳුණු ආර්ථික ක්‍රම නිසා ලංකාව බටහිර රටවල ආයෝජන එන්න පටන් ගත්තේය. එබැවින් ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකය අවුල් කිරීමේ අරමුණින් රෝ ඔත්තු සේවය දමිල සටන්කාමීන් පුහුණු කරන්නටත් සන්නද්ධ කරනටත් පටන් ගත්තේය.

කණගාටුවට කරුණ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැමදා තිබූ රටට පෙර මම ආකල්පය නිසා ඉන්දිරා ගාන්ධි විසින් ලංකාවේ භෞමික අඛන්ඩතාවයට හානිකර අන්දමින් ත්‍රස්තවාදීන් පුහුණු කරමින් සන්නද්ධ කරන එක නැවැත්වීමට ගාන්ධි මහත්මියගේ හිත මිත්‍ර සිරිමා බණ්ඩාරණායක මැතිණිය කිසිවක් නොකිරීමයි. ඇයගේ අදහස වන්නට ඇත්තේ රටට කුමක් වුවත් ඉන්දියාවේ අනදර නිසා හෝ බලය නැවත තමන්ට ගැනීමට ඇත්නම් ඒ ඇතිය යන්න විය හැක

මෙහිදී බෙදුම්වාදීන් ඉන්දියාවේ මෙම සහයෝගය ඉහලින් පිළිගන්නට හේතුව නම් ඊට පෙර බංග්ලාදේශය පිහිටුවීමට ඉන්දියාව දුන් සහයෝගයයි. ඉන්දියාවේ සහයෝගය යනු දෙමල ඊලම පිහිටුවීමට ඇති සහතිකම මාර්ගය බව ඔවුන් විස්වාශ කලහ. බොහෝ දෙනෙකුට එවකට නොවැටහුණ කාරණය නම් ඉන්දියාවේ බෙදුම්වාදය පිලිබඳව හැඟීම වැඩිම ප්‍රාන්තය තමිල්නාඩුව වීමත් ලංකාව කඩා දමිල රටක් ඇති කිරීම ඉන්දියාවේ ඒකාග්‍රතාවයට දීර්ඝ කාලීනව යහපතක් නොවන බව ඉන්දියාව විශ්වාස  කරන්නේය යන කරුණය. 1987 ඉන්දියා ශ්‍රී ලංකා ගිවිසුමේ කොන්දේසි ප්‍රසිද්ධ වෙනතුරු බෙදුම්වාදීන් මෙම විශ්වාශයේ සිටියහ.

.  
ඊලඟ කොටස මෙතනින් දෙමළ බෙදුම්වාදය 3

89 comments:

  1. මැතිණිය ඉන්දියාව එක්ක හොඳින් හිටිය නිසා බෙදුම්වාදය උඩට ආවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි අජිත්. උදාහරණයකට සිරිමා ගේ කාලේසන්නද්ධ බෙදුම්වාදයේ පුරෝගාමී ඉත්තකු වූ කූට්ටුමනී ඉන්දියාවේදී අත් අඩංගුවට ගෙන ලංකාවට භාර දුන්නේ ඉන්දියාව.

      Delete
  2. මේ ලිපිය වටිනවා ඉයන්.මට මේ තොරතුරැ දැනගන්න උවමනාවක් තිබුනා.මේ ලිපියෙන් ඒ තොරතුරු දැනගත්තා.

    ReplyDelete
  3. ඔය බන්ඩාරණායක කියන මූසලයා තමයි මේ රට් විනාශ කළේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතේ. මේ මිනිහා බලයට එන්න සහ ආවට පස්සේ රටට කරපු හානිය තේරුන් ගන්න පුළුවන් අය සාමාන්‍ය මිනිසුන් අතර හිටියනම් රට අද මේ අගාධයේ නැහැ.

      Delete
    2. මෙහෙමයි මාතලන්, බණ්ඩාරනායකට පිටිපස්සෙන් ඉඳන් රට කෑමේ සැබෑ නියමුවා ඩීඒ රාජපක්ශයි. ඊටත් පෙර ඩීඑම් රාජපක්ශ ප්‍රමුඛ පට්ට ගෝත්‍රිකයෝ ඩීඑස්, ඩඩ්ලි, කොතලාවලලට බාධා කලා. අත්දැකීම් අඩු සිරිමාවෝ සහ චන්ද්‍රිකා මැතිනියන් රවටා බොහෝ දුශ්ට ක්‍රියා කෙරෙව්වේද අන්ත දූශිත පාදඩ පට්ට ගෝත්‍රික අමුම අමු ජාතිවාදී ලේ පිපාසිත මහින්ද රාජපක්ශයි. මරා ගේ නම වසරක ශාපලත් සමය ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම එතෙක් මෙතෙක් පැවති අතිශයින්ම දුර්දාන්ත වූ පාලන සමය බව අවිවාදිතය.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. බණ්ඩාරනායකට බලයට එන්න ලැබුනේ අත් වරදකින්. ඒ අත්වැරැද්ද උනේ ශ්‍රී නිශ්ශංක මහතා අතින්. රටේ සාමාන්‍ය ජනයාට සෙත සැලසීමට සඟ,වේද,ගුරු,ගොවි,කම්කරු, යන පංච මහා බලවේගය තැනු එතුමා මේ බලවේගය නිසි පරිදි ඉදිරියට ගෙන යාමට තමාම නායකත්වය නොදී එකට ප්‍රභූ නායකත්වයක් සෙව්වා. එක හරියට ඉන්දියාවේ නිදහස් අරගලය ගෙනයාමට මුලිකව කටයුතු කල විරයා වූ පටෙල් කොන්ග්‍රස් පක්ෂයේ නායකත්වය නොගෙන ඒ සඳහා ප්‍රභූ පන්තියේ ජවහල්ලාල් නේරු තෝරා ගත්තා වගෙයි.එහෙත් ප්‍රභූ පන්තියෙන් ආවත් නේරුට ඉන්දියාවේ සංවර්ධනය ගැන දර්ශනයක් තිබුනා. ඔහු එක දිගට පස් අවුරුදු සැලසුම් 8ක් ඉන්දියාවේ ක්‍රියාත්මක කල නිසා ඒක අද ඉන්දියාවේ ආර්ථික ශක්තියේ මුල්ගල උනා. නේරුට මෙන් බණ්ඩාරනායකට ජාතික දර්ශනයක් තිබුනේ නැති නිසා මේ තෝරා ගැනීමම වැරැද්දක් උනා. ශ්‍රී නිස්සංක තුමා පංච මහා බලවේගයට නායකත්වයක් හොයන වෙලාවේ අඩු තරමේ පිලිප් ගුණවර්ධන මහතා දෙසවත් බැලුවානම් අද මේ රටේ තත්වය කෙතරම් වෙනස් වෙන්න තිබුනද?

      සමරසේකර

      Delete
    5. බොහොම ස්තූතියි සමරසේකර මහත්මයා

      Delete
  4. / කණගාටුවට කරුණ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැමදා තිබූ රටට පෙර මම ආකල්පය නිසා ඉන්දිරා ගාන්ධි විසින් ලංකාවේ භෞමික අඛන්ඩතාවයට හානිකර අන්දමින් ත්‍රස්තවාදීන් පුහුණු කරමින් සන්නද්ධ කරන එක නැවැත්වීමට ගාන්ධි මහත්මියගේ හිත මිත්‍ර සිරිමා බණ්ඩාරණායක මැතිණිය කිසිවක් නොකිරීමයි. /

    අම්මට උඩු..කාලා වරෙංකො...Eat And Come.....ඒකෙත් වැරැද්ද බණ්ඩාරනායක මැතිණියගෙද?....හෙහ්...හෙහ්…..Not bad heh, heh, not bad at all….

    පේමෙ ස්ටේජ් ගානෙ එලදෙනයි වහු පැටියයි කිය කිය ඉන්දිරාටයි රජීව්ටයි අපහාස කරල ඉන්දිරා නයි වයිර කර ගත්ත එකේ අවුලක් නෑ...එතකොට යැංකි ඩිකී අපිට සපෝට් එකට එංගලන්තෙයි අමරිකාවයි ඉන්නව කියල හිතල ඉන්දියාව පයිසෙකට ගණං නොගෙන කරපු උද්දච්ච වැඩවලත් කිසි අවුලක් නෑ.

    එව්ව එහෙම තියෙද්දි ප්‍රජා අයිතියත් අහිමි කරල චන්දෙ දෙන්නත් බැරුව ගෙදර හිටිය අර අම්මණ්ඩි ගිහිල්ල ඉන්දිරා එක්ක කතා කරල " අනේ ඉන්දි ඩලා.... ඔය ජූනියස් පප්පයි, පේමෙයි කරන ගොං වැඩ ගණං ගන්න එපා ...ඔය ඩබල මගෙං මොනතරං පලි ගත්තද? ඒ හින්ද ඔයත් ඔය තරහ මරහ අතෑරල දාල ඔය ඩබල කියන විදිහට කරන්ටකො හොඳ ළමය වගෙ..." එහෙම නොකියපු එක තමයි වැරදි නේ?

    ReplyDelete
    Replies
    1. අනේ මේ වීර සිංහ ලේ ට පෙනුනෙ ඔය කෑල්ල විතරද? කොටින්ට සල්ලි දිදී ගිවිසුම් ගහල රනිල් කොටිය කියා කිව්වත්, ජී එස් පී සහනය නැති වෙන්නට යන අවස්ථාවේ රනිල් ඉදිරිපත් වුනා යුරෝපය සමඟ කතා කරන්න. රජා හිනා වෙල ඒක ඩිස්මිස් කලා. රජ්ජුරුවන්ගේ අන්තිම කාලේ එල් ටී ටී යී තහනම තාක්ෂණික හේතුවක් මත සහ ලංකාවේ එවකට ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා උසාවියකින් ඉවත් කරන අවස්ථාවේ විපක්ශ නායක රනිල් යුරෝපා කොමිසමට කථා කලා එය නිවැරදි කරන්න. ඒක නිසා සහ යුරෝපයේ සොලිසිටර් වරුන්ගේ දක්ශතාවය මත එම තහනම නැවත ස්ථාපනය වුනා. මේවා වුනේ රජ්ජුරුවෝ යුරෝපයේ එල් ටී ටී තහනම ඉවත් කිරීම රනිල් නිසා වූ බවට පෝස්ටර් ලෑස්ති කරගෙන එයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකන් බලන් ඉන්නකොට.

      1971 ජේ වී පී කැරැල්ල කාලේ ඒක මැඩපවත්වන්න ජේ ආර් ඇතුළු එක්සත් ජාතික පක්ෂය සහයෝගය දුන්න. වෙන එකක් තියා රොස්මිඩ් පෙදෙසේදී බණ්ඩාරණායක මැතිණියට බෝම්බ ගහන තැත ව්‍යර්ථ කලේ එක්සත් ජාතික පාක්ෂියකුගෙඔ ඔත්තුවකින්. එම ඔත්තුකරු සමනග පෞද්ගලිකව ගොස් සිරිමා මැතිණියට හෙලිකලේ ජේ ආර් ජයවර්ධන. එයාටත් තිබුන මැතිණි මැරුණට අපට මොකද කියල නිකන් ඉන්න. දේශපාලනේ පැත්තක ලොකු සර්. රටට හානියක් වෙනකොට යූ එන් පී නායකයින් එහෙම හැසිරිලා නැහැ.

      Delete
    2. රනිල් අරක කරා මේක කරා, ජේ. ආර්. 71 කැරැල්ල කාලෙ මෙහෙම කලා කියන එක උත්තරයක් නෙවෙයි ඉයන්.මම පෙන්නල දුන්නෙ ඔබේ ලිවීමේ ඇති පක්ෂග්‍රාහිත්වය.

      ඔබ එක්සත් ජාතික පාක්ෂිකයෙක් වෙන්න ඇති. ඒ හින්ද දෙමල ප්‍රශ්නය උග්‍රවීමට එජාප නායකයින් විශේෂයෙන් ජේ.ආර්. කල කී දේවල් හේතුවුන අන්දම ගැන ලිවීම හිතාමතාම මඟහැරියා වෙන්න ඇති. මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ. නමුත් එහෙම ඒ වගේ ඓතිහාසික කරුණු යටපත් කරන ඔබ බණ්ඩාරනායක මැතිණියට වරද පැවරීමට බොහොම උනන්දුවෙන් ඉදිරිපත්වෙනව. මම පෙන්නල දුන්නෙ එහෙම කරන එක වැරදියි කියල.

      බ්ලොග් පාඨකයින් බහුතරයක් 1980 වගෙ පස්සෙ ඉපදුන අය. ඔබේ මීට පළමු ලිපියට ප්‍රතිචාර ලෙස මම දැක්කා අපි බොහොම දේවල් ඉගෙන ගත්තා ස්තූතියි කියල ලියල තිබුනු ප්‍රතිචාර. ඒ හින්ද ඉයන් කිව්වට තරහ වෙන්න එපා ඔබ මේ ලියන්නෙ කතන්දරයක් නෙවෙයිනෙ. ඉතිහාසයක්. ඒ හින්ද කරුණාකරල අපක්ෂපාතව ලියන්න. කරුණු ඇති සැටියේ ලියන්න. Facts are sacred.

      Delete
    3. රවි ඔබ ඉතාම පක්ශග්‍රාහී නිදහස් පාක්ශිකයෙක්. ඇත්තටම නිරපේක්ශව බැලුවොත් පෙනෙයි එජාපය කියන්නේ එතෙක් මෙතෙක් මෙරට තුල බිහිවූ ස්වේච්ඡාවෙන් රටට සේවය කළ තම පුද්ගලික දේපොල පවා ජනතාවට ලබාදුන් පුද්ගලයින්ගෙන් සමන්විත එකම පක්ශය බව. ඔවුන් කිසිවිටෙකත් රටට හානිදායක කිසිවක් කර නැහැ. ඔය චෝදනා සියල්ලම මඩගැසීමට පමණක් දන්නා රාජපක්ශ කල්ලියේ අමු කෙබර. 1971 කැරැල්ල, 83 කලු ජූලිය, 88-89කැරලි රජයට විරුද්ධව අවුලුවා ලූයේ ඉතාම කපටි මහින්ද රාජපක්ශ ප්‍රමුඛ අන්ත දූශිත ලේ පිපාසිත මිනීමරු දුර්දාන්ත කල්ලිය බව ඉතිහාසය නිවැරැදිව අධ්‍යනය කලොත් ඔබට වැටහේවි. බණ්ඩාරනායකට පිටිපස්සෙන් ඉඳන් රට කෑමේ සැබෑ නියමුවා ඩීඒ රාජපක්ශයි. ඊටත් පෙර ඩීඑම් රාජපක්ශ ප්‍රමුඛ පට්ට ගෝත්‍රිකයෝ ඩීඑස්, ඩඩ්ලි, කොතලාවලලට බාධා කලා. අත්දැකීම් අඩු සිරිමාවෝ සහ චන්ද්‍රිකා මැතිනියන් රවටා බොහෝ දුශ්ට ක්‍රියා කෙරෙව්වේද අන්ත දූශිත පාදඩ පට්ට ගෝත්‍රික අමුම අමු ජාතිවාදී ලේ පිපාසිත මහින්ද රාජපක්ශයි. මරා ගේ නම වසරක ශාපලත් සමය ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම එතෙක් මෙතෙක් පැවති අතිශයින්ම දුර්දාන්ත වූ පාලන සමය බව අවිවාදිතය.

      Delete
    4. රවී , ඔබේ අදහස මට තේරෙනවා. කරුණාකර මෙයත් සලකා බලන්න. මම එක්සත් ජාතික පක්ශයට පක්ෂපාත කෙනෙක් බව කවදාවත් සඟවලා නැහැ. මගේ පක්ෂපාතීත්වය එහි නායකයින්ගේ දුර දක්නා ක්‍රියා කලාපය සහ නිදහස් පක්ශයේ අයගේ ආර්ත්මාර්ථකාමී වැඩ සහ රට , රටේ ආර්ථිකය, රටේ දරුවන්ගේ අනාගතය ආදිය කාබාසිනියා කරන වැඩ ගැන තිබෙන කලකිරීම නිසා.

      පෞද්ගලිකව මට කරදර කළ බොස් ලා මගේ රැකියා ජීවිතයේ සිට තිබෙනවා. එසේ වුනත් හැකියාව තිබුණත් මම කවදාවත් වැඩ කරන ආයතනයෙන් පලිගන්න හිතලා නැහැ. ඒකට හේතුව මම ජීවිකාව කරගත්තේ එම ආයතනයෙන් නිසා. මේක ඒවගේ. මම මේ සඳහන් කරන කාරණය ඉතා බැරෑරුම් එකක්. ලංකාවේ මෙන් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වන්නේ නැහැ. එය බොහෝ දුරට Research and Analysis Wing හෙවත් RAW ඔත්තු සේවය කෙලින්ම අත ගහන දෙයක්. බලවත් රටක රහස් ඔත්තු සේවය බෙදුම්වාදීන් සන්නද්ධ කරනවා කියන්නේ රටේ අනාගතයට විශාල විපත්තියක්. එවැනි අවස්ථාවක රටට උදව්වක් කිරීමට නොහැකි දේශපාලකයෙක් ගෙන් වැඩක් නැහැ.

      Delete
    5. අනික රවී සිරිමා බණ්ඩාරණායක මැතිණිය ඒ අවස්ථාවේ තමන්ගේ පෞද්ගලික හිතවත්කම් උපයෝගී කරගෙන දමිළ යන කණ්ඩායම් පුහුණු කරවීම සහ සන්නද්ධ කරවීම නැවැත්වීමට කිසිම උත්සාහයක් ගත්තේ නැහැ කියන එක සත්‍යයක්. එය පක්ෂග්‍රාහීව කරන අසත්‍ය ප්‍රකාශයක් නෙමෙයි. එම ඓතිහාසික මඟහැරීම ජේ ආර් ඇයගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම, ප්‍රේමදාස ඉන්දිරා ගාන්ධි මැතිණිය සහ රජීව් ගාන්ධි විවේචනය කිරීම යන කරුණු මත සාධාරණ ක්‍රියාවක්ද නැත්ද යන්න තීරණය කිරීම කියවන්නා සතුයි.

      Delete
    6. ඉයන් මම දන්නා විධිහට දෙමල කණ්ඩායම් පටන් ගත්තේ 1976 න් පස්සේ. එතකොට ඉන්දියාව හෝ සිරිමා මෙය එතරම දිගට ගණන් ගත්තේ නැහැ. 1977 චන්දයේදී දෙමල අයට පහර දුන්නා. ඉන්පසු ටික ටික තත්වය වැඩි වුනේ ඉන්දියාව කෙලින්ම උදව් කල නිසා බව මම පිලි ගන්නවා. එයට හේතුව ශ්‍රී ලංකාව ඇමෙරිකාවට හිතවාදී විදේශ ප්‍රතිපත්තියක් ගෙන යාම හා ඉන්දියාව සෝවියට් හිතවාදී ප්‍රතිපත්තියක් ගෙනයාම. ඒ නිසා හැම බලවත් රටක් කරන ආකාරයටම ඉන්දියාව අත දැම්ම. නමුත් 1983 දී ජේ ආර් ට ඔයිට වඩා තදින් ඉන්න තිබ්බ. ඔහු තහනම් කලේ වැරදි පක්ෂ. එතැනදී ජේ ආර් වැරදි යි කියා මමත් හිතනවා. අතිශයින්ම කණගාටුවට කරුණ මෙයයි. ඉන්දියාව පසුව සෝවියට් දේශය කැඩුනම ඇමෙරිකන් හිතවාදී ප්‍රතිපත්තියකට ගියා. දැන් ඇමෙරිකාවේ මෙහි ප්‍රධානම හිතවතා ඉන්දියාව. ඒ නිසා ප්‍රභාකරන් ගෙන් ඔවුන්ට වැඩක් නැහැ. ඔහු මරා දැමීමට එක හේතුවක් ඉන්දියාව එසේ කිරීමට බල කිරිඅම කියා මා හිතනවා.

      Delete
    7. අජිත් එකඟයි. ප්‍රභාකරන් මරා දැමීමට හේතුව ඔහු සහ එල් ටී ටී එක රෝ පාලනයෙන් 1987 දී ඉවත්වීම, සාම සාධක හමුදා සමඟ යුද්ධ කිරීම, රජිව් ගාන්ධි ඝාතනය RAW සහ LTTE සංවිධානය හතුරන් වන තත්ත්වයට ඒම කියලත් හිතන්න පුළුවන්. එසේ වුවත් ඉන්දියාවට තමන් වටේ ඉන්න සියළුම රටවල් ගිනිගන්නවා දැකීමට අවශ්‍ය වීම නිසා මීට කලින් ඔවුන් මර්ධනයට යොමු නොවුනා යයි සිතමි. මෑත ඉතිහාසයේ එල් ටී ටී යී එක ගණු දෙනු කලේ බටහිර රාජ්‍යයන් සමඟ. කලාපයේ තමන්ට අනුගත නොවන බලවත් ත්‍රස්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වීමත් තමිල්නාඩුවේ විවිධ බලවතුන් සහ බල බ්‍රෝකර් වරුන් මධ්‍යම රජයට වඩා එල් ටී ටී යී වෙත ඔවුන්ගේ ජනප්‍රිය තාවය සහ මුදල් බලය නිසා කිට්ටුවීම, සහ මෙම හේතූන් අනාගතයේ ඉන්දියාවේ අඛන්ඩතාවයට හානියක් විය හැකි යැයි සිතීම යන කරුණු බලපෑවා යන්න මගේ අදහසයි.

      Delete
    8. ඉයන්ගේ පොස්ට් එකේ කරුණු බොහොමයක් මට අළුත් ඒවා, ඒවා බොහොමයක් මා දන්නා දේ සමඟ ගැලපෙනවා, නමුත් රවී ලිව්වා වාගේ ඉයන් තනිකරම යූඑන්පිය සුදනා කියලා ලියන කොට පොඩ්ඩක් විතර සැක සංකා මතු වෙනවා, 77 ආණ‍්ඩුව ජාතික ප්‍ර‍ශ්නය හොදටම අවුල්කර ගත්තා කියන එක හැමෝම දන්නවා, ඉයන්ට ඒක ජස්ටිෆයි කරන්න බෑ, රනිල් ගෙන් ඇහුවත් ඔව් කියයි. මෙහෙම ලිව්වේ එබ අධෛර්යකරන්න නම් නෙවේ, මේවා කියවන්න බලා ඉන්නවා.

      Delete
    9. Ian,

      / මගේ පක්ෂපාතීත්වය එහි නායකයින්ගේ දුර දක්නා ක්‍රියා කලාපය සහ නිදහස් පක්ශයේ අයගේ ආර්ත්මාර්ථකාමී වැඩ සහ රට , රටේ ආර්ථිකය, රටේ දරුවන්ගේ අනාගතය ආදිය කාබාසිනියා කරන වැඩ ගැන තිබෙන කලකිරීම නිසා. /

      ඉයන් ඔබ පිළිබඳව මගේ තිබුනේ ඇත්තටම ගෞරවයක් සහ ප්‍රසන්න හැඟීමක්. ඒ තාර්කිකව අදහස් දක්වන විචාර බුද්ධියකින් යුතු පුද්ගලයෙක් ලෙස. ඒත් ඔබේ උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකභාවය නිසා ඉතාම අන්තවාදී ලෙස අදහස් දැක්වීම පිළිබඳව නම් මට ඇත්තේ කළකිරීමක්. දැන් උදාහරණයකට ඉහත වාක්‍යය ගන්න.මම හිතන්නෙ රනිල් වික්‍රමසිංහ වුනත් ඔහොම ප්‍රකාශයක් කරන එකක් නෑ කිසිම බියක් සැකක් නැතුව. ඔබ කියන විදිහට මෙතෙක් හිටපු සියලුම එජාප නායකයින් දුරදක්නා නුවණින් වැඩකල අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් සියල්ලෝම රට කාබාසීනියා කරපු අය. ඔබ කොහොමද ඔහොම සාමාන්‍ය කරණයක් කරන්නෙ ඉයන් ඉතාම සාහසික සහ අත්තනෝමතික ලෙස?

      /  ලංකාවේ මෙන් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වන්නේ නැහැ. එය බොහෝ දුරට Research and Analysis Wing හෙවත් RAW ඔත්තු සේවය කෙලින්ම අත ගහන දෙයක්. බලවත් රටක රහස් ඔත්තු සේවය බෙදුම්වාදීන් සන්නද්ධ කරනවා කියන්නේ රටේ අනාගතයට විශාල විපත්තියක්. එවැනි අවස්ථාවක රටට උදව්වක් කිරීමට නොහැකි දේශපාලකයෙක් ගෙන් වැඩක් නැහැ. /

      / අනික රවී සිරිමා බණ්ඩාරණායක මැතිණිය ඒ අවස්ථාවේ තමන්ගේ පෞද්ගලික හිතවත්කම් උපයෝගී කරගෙන දමිළ යන කණ්ඩායම් පුහුණු කරවීම සහ සන්නද්ධ කරවීම නැවැත්වීමට කිසිම උත්සාහයක් ගත්තේ නැහැ කියන එක සත්‍යයක්. /

      ඔබම කියනවා ඉන්දියාවෙ විදේශ ප්‍රතිපත්තිය ස්ථිරයි. ඒක තීරණය වෙන්නෙ රෝ සංවිධානය ඉන්දීය රජයට දෙන උපදෙස් මත කියල.එතකොට ලංකාවෙ බෙදුම්වාදීන් සන්නද්ධ කිරීමත් රෝ සංවිධානයෙ උපදෙස් මත ඉන්දීය රජය ගත් තීරණයක්. ඒ එක්කම ඔබ කියනව ඒ තත්වය වැළැක්වීමට සිරිමා මැතිණිය කිසි දෙයක් කලේ නෑ කියල. ඉයන් ඔබ ඇත්තටම හිතනවද ජේ.ආර්. රජයේ ඉන්දීය විරෝධී ප්‍රතිපත්තිය නිසා ලංකාවට පාඩමක් ඉගැන්වීමට බෙදුම්වාදීන් සන්නද්ධ කිරීමට රෝ සංවිධානයේ උපදෙස් මත ඉන්දීය රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් සිරිමා මැතිණිය ඉල්ලූ පලියට පෞද්ගලික හිතවත්කම් මත ඉන්දීය රජය වෙනස් කරයි කියල. ඒක නිකම් හිතලුවක් විතරයි. සිරිමා කතා කරල වැඩේ ෂේප් කරල දෙනකල් බලා ඉන්න එක නෙවෙයි ජේ. ආර්. ලොක්කට තිබ්බෙ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරල ඉන්දියාව එක්ක සුහද සම්බන්ධතාවයක් ගොඩනඟාගන්න එක.

      ජේ.ආර්. ගැන හුඟක් අය කියන්නෙ අති විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කියල. හෙහ්..බම්බුව තමයි.උන්දැගෙ විසිට්ට නානය පාවිච්චි කලේ සිරිමගෙ ප්‍රජා අයිතිය අහිමි කරන්ට, විනිසුරුවරුන්ගෙ නිවෙස්වලට ගල් ගස්සවල ඒක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය කියල පුරසාරම් දොඩවන්ඩ, 83 නිරපරාදෙ ජේවීපී එක තහනම් කරල රටම ලේ විලකට ඇදල දාන්ට.ගැටඹෙ පන්සල වටේ කටුකම්බි ගහන්ට..අන්න ඒවට. ඒව තමයි ඔබ ඔය කියන දුරදක්නා ඥාණයෙන් කල වැඩ....

      Delete
    10. Ian,

      Let's agree to disagree, period. because I don't want to argue furthermore, this is enough...:)

      Delete
    11. රවීගේ මැදහත් භාවය මා මෙතැනදී ඉතා අගේ කොට සළකනවා...
      ඒ වගේම ඔබ දෙපළම අර මැද්දෙන් පැනලා බෝලේ දෙපාරක්ම උස්සලා දීපු ඇනෝට ඩෑෂ් නොගසා හැරීම ඊටත් වඩා අගේ කොට සළකනවා... ;)

      Delete
    12. Ravi,

      බන්ඩාරණායක මහතා කියන්නේ ඉතාම අවස්ථාවාදී පුද්ගලයෙක්, ඔහු ගේ වැඩ නිසා විනාශ වුනේ සිංහලයන් පමණක් නෙමෙයි ලොකුවට කතාකරන බුද්ධ ශාසනය කෙරෙහිත් බලපෑවා, ඔහු තමයි භික්ෂුව රජයේ සේවකයෙකු කලේ.

      ඔහුගේ පවුලේ අයට විදේශ රටවල ගොස් ඉගනීමට ලැබුනත් අන් අයට සිමා පැනවුණා (මෙයට නම් ඔහු වගකිවයුතු නැත්තේ ඔහුගේ බිරිදගේ කාලයේ මෙය සිදුවූ නිසා )

      කෙසේවෙතත් මැතිනිගේ කාලයේ සිදුවූ සියලු දේ නරක ලෙස සිතීම වැරදියි, ඇය ගේ කාලයේ සුළු සහ මද්‍ය පරිමාණ ආයතන ගණනාවක් රටේ ඇතිවුනා, ජුනියස් රිචඩ් ජයවර්ධන කලේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව රට ලෝකයට විවුර්ත කර මේ සියල්ල විනාශ කර දැමීමයි. (මිට හේතුවන්න ඇත්තේ මේ බොහෝ ආයතන වල හිමිකරුවන් මතිනිට පක්ෂ වීම විය හැකියි ) නමුත් රටට ආදරය කරන නායකයන් අපට සිටියාදැයි සැක සිතෙන්නේ මෙවැනි වැඩ නිසයි.

      මෙහිදී තව කරුණක් ගැන බැලිය යුතුයි එනම් 1970 රජයේ බලයට පැමිණි මැතිනියට වසර කීපයක් වත් පාලනය ගෙනයාමට ජනතා විමුක්ති පෙරමුණේ විජේවීර නමැති මිනීමරුවා අවසර නොදීමයි 1971 කැරැල්ලෙන් මෙය පැහැදිලියි.

      මේ සෙල්ලම අදත් අවසාන වී නෑ හිතන්න මහින්ද රජය මෝඩ විදියට මත්තල ගුවන් තොටුපොල ගොඩනැගුවා දැන් සිදුවී ඇත්තේ මෙය සැලසුම් සහගත ලෙස විනාශ කිරීමේ වැඩ පිළිවෙලක්. මෙය වී ගබඩා කිරීමෙන් ම පැහැදිලියි. හරිනම් මේ රජය සිදුකල යුත්තේ කෙසේ හෝ මෙය ක්‍රියාකාරී තත්වයට ගෙන අඩුගානේ ගත්ත ණය වත් ගෙවන මට්ටමට පත් කිරීමයි.


      නමුත් මා දකින මුලික වරද ඇත්තේ සාමාන්‍ය මිනිසුන් අතර නෙමෙයි මොකද කොයි රටෙත් මිනිසුන් මෙහෙම තමයි, සමහර විට මිට ටිකක් බුද්ධිමත් වෙයි නමුත් සාමාන්‍ය අය අප රටේ අය වගේ තමයි හිතන්නේ, වෙනස ඇත්තේ රටේ උගත් සහ බුද්ධිමත් යන ලක්ෂණ දෙකින් සමන්විත මිනිසුන් බිහි නොවීමයි,
      මිට හේතුව කුමක්ද ? මාදකින මුලිකම හේතුව නම් මේ බොහෝ අය විභාග සමත් වී ඇත්තේ සටහන් කියවීම මගින්, ඔවුන්ට ග්‍රන්ථ පරිශීලනය සහ චින්තනය පිළිබද ඇත්තේ දුර්වල අවබෝදයක්, වරක් මහාචර්ය සුචරිත ගම්ලත් මහතා කිව්වා සිදුවන්නේ සටහන් කටපාඩම් කර උපාදි ලබාගන්න කෙනා කරන්නේ එම සටහන් ම තම සිසුන්ට ලබාදීමයි කියල, මේක සිදුවුනේ වෙන කිසිවක් නිසා නෙමෙයි ඉංග්‍රීසි භාෂාව පිළිබද දක්වන දුර්වල කම නිසයි, මෙම විනාශය වුනේ බණ්ඩාරනායක සිරිමතානන්ගේ ප්‍රතිපත්තිය නිසයි.

      වරක් මාධ්‍යවේදියකු මැතිනියගෙන් ඇසුවා ඇයි බණ්ඩාරනායක මනතා නව පක්ෂයක් ඇතිකළේ කියල ? ඇය සදහන් කරනවා " ඩී එස් සේනානායක මහතාට උවමනා වුනා තම පුතාට අගමැති කම ලබාදෙන්න මෙනිසා බණ්ඩාරනායක මහතා තම අනාගතය සදහා නව පක්ෂයක් පටන්ගෙන එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුන බව "

      මේ නිසා අපි මිට වඩා බුද්ධිමත් විය යුතුයි.



      Delete
    13. Ian,

      You are welcome...I value your friendship more than a worthless argument....Moreover everything we are discussing and expressing opinions about has already happened and is in the past. There is no point in trying to make a big issue out of it. You are certainly entitled to your right to interpret events as you prefer and form an opinion which I have no problem accepting wholeheartedly ( Not your opinion but your right to have that opinion mind you heh,heh )

      Delete
    14. සැක්..මම පත්තරයත් එක්ක පැට්‍රල් ගැලුමක් අරං මේ පැත්තෙ එන්න හැදුවෙ.
      රවි අයිය ලංකාවට ආපු දවසක අපි අඹ කොටයක් ගහල මේ ගැන කතාකරමු.

      Delete
    15. Lankika Sithuvili,

      / බන්ඩාරණායක මහතා කියන්නේ ඉතාම අවස්ථාවාදී පුද්ගලයෙක්, ඔහු ගේ වැඩ නිසා විනාශ වුනේ සිංහලයන් පමණක් නෙමෙයි ලොකුවට කතාකරන බුද්ධ ශාසනය කෙරෙහිත් බලපෑවා, ඔහු තමයි භික්ෂුව රජයේ සේවකයෙකු කලේ. /

      ලෝක ඉතිහාසයේ සිදුවන ( ඇත්තටම ලෝක ඉතිහාසයේ විතරක් නෙවෙයි මනුස්ස ජීවිතයෙදි වුනත් සිදුවන ) ඕනෑම දෙයක් තීරණය කල යුත්තේ ඒ අවස්ථාවේ පැවති ඒ අවස්ථාවට බලපාන සාධක අනුවයි. ඒවා අත ඇරල යම් සිද්ධියක් විශ්ලේෂණය කරන එක විවේචනය කරන එක මම හිතන්නෙ සාධාරණ නෑ.අපි උනත් පස්සෙ කියනවනෙ මට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ කියල.ඒක අවස්ථාවාදී ඇඟ බේරාගැනීමක් වගෙ පෙනුනට බොහෝ වෙලාවට ඒක තමයි ඇත්ත වෙන්නත් පුලුවන්.

      ප්‍රත්‍යාවලෝකනයේදී අපි හැමෝටම හරිම පහසුයි ඔහොම නෙවෙයි කරන්න තිබුනෙ. මේ විදිහට කලානම් මේ ප්‍රශ්න මොකවත් නෑ කියල කියන්න. දැන් අපි ඔය බණ්ඩාරනායක මහත්තය ගැන කතා කලත් අවුරුදු 60 කට පස්සෙ එදා ගත්ත තීරණවල ඵලවිපාක ගැන හොඳටම දැනගෙන අපි මේ විවේචන කරන්නෙ. ඇත්තටම එහෙම කරන එක හරිද? 1948 නිදහසලැබුවට ඇඟට දැනෙන වෙනසක් වුනේ නෑ කියල අසංතෘප්ත බවක් රට පුරා තිබුන කියලයි කියන්නෙ.විශේෂයෙන්ම භික්ෂූන් අතරෙ. එක්සත්ජාතික පක්ෂ ආණ්ඩුව මේ තත්වය හරිහටි තේරුම් ගත්තෙ නෑ. ඇත්තටම ආගම සහ ආණ්ඩුව එකිනෙකාගෙන් දුරස්ව ඉන්න තරමට රටකට හොඳයි. ඒත් ඒ වෙලාවෙ නැඟ ආ මහජන විරෝධය සමහය කරගන්ට ක්‍රමවේදයක් එජාපයට තිබ්බෙ නෑ, ඒ අතර හැමදාම වෙනව වගෙ රටට පෙර ඥාති සංග්‍රහය ඉදිරියට ඇවිල්ල ඩී.එස්. ඩඩ්ලිව අගමැතිකමට ප්‍රමෝට් කරනව කියල දැනිල බණ්ඩා වෙනම පක්ෂයක් පිහිටුවා ගත්ත. හැකි විගස බලය ලබා ගැනීමට බණ්ඩා කලේ අර මතු වෙච්චි ජන රැල්ලෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක.ඒකට බණ්ඩට දොස් කියන්න පුලුවන්ද? දේශපාලකයෙකුගෙ බලාපොරොත්තුව රටේ බලය ලබා ගැනීම. බණ්ඩා කලෙත් ඒක.එච්චරයි.

      ඒ සිහල බොදු ජන රැල්ල ඒ වෙලාවෙ තිබ්බ දේශපාලන සමාජ වටපිටාව අනුව අවශ්‍ය දෙයක්. බණ්ඩාරනායක මහත්තය ඒ වෙලාවෙ බලයට ආවෙ නැත්නම් මීට වඩා ලොකු විනාශයෙක් වෙන්නත් ඉඩ තිබුනා කියල මට හිතෙනව.

      මම කියන්නෙ මේ සියලු මහ දෝස බණ්ඩාරනායක මහත්තය පිට දාල දෙස් දෙවොල් තියන එක සම්පූර්ණයෙන්ම වැරදියි කියල.

      Delete
    16. Ravi,

      //හැමදාම වෙනව වගෙ රටට පෙර ඥාති සංග්‍රහය ඉදිරියට ඇවිල්ල ඩී.එස්. ඩඩ්ලිව අගමැතිකමට ප්‍රමෝට් කරනව කියල දැනිල බණ්ඩා වෙනම පක්ෂයක් පිහිටුවා ගත්ත. හැකි විගස බලය ලබා ගැනීමට බණ්ඩා කලේ අර මතු වෙච්චි ජන රැල්ලෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක.ඒකට බණ්ඩට දොස් කියන්න පුලුවන්ද? දේශපාලකයෙකුගෙ බලාපොරොත්තුව රටේ බලය ලබා ගැනීම. බණ්ඩා කලෙත් ඒක.එච්චරයි.//

      ඇත්තටම බණ්ඩාරනායක කියන්නේ මෝඩයෙක් නෙමෙයි ඔහු Oxford විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උගතෙක් පමණක් නෙමෙයි එහි Oxford Union වල ලේකම් දුරය පවා ඉසිලුව.

      ඔහුගේ පියත් ඔහු වගේම උගතෙක්, වගේම ඉහලම තනන්තර දැරුවෙක්, මොහු දැනසිටිය සිදුවෙන්නේ කුමක්ද කියල. ඔහු තමයි පංච මහා බලවේගය (ගොවි, වේද, ගුරු, කම්කරු සහ සංග) ලෙස ගොඩනැගුවේ මෙහිදී සිදුවුනේ වාමාංශික බලවේග විසින් තව තවත් සහන දෙන ලෙස රජයට බලකරන අවදියක් එහෙම නැතිව සිංහල මිනිසුන්ට පීඩනයක් නොතිබුනා කියන්න බෑ මොකද සුද්ධ රට දාල ගියාට පස්සේ රටේ දිවුනුවක් මිනිසුන් බලාපොරොත්තු වීම අසාදාරන නෑ.

      නමුත් සිදුවුනේ නිලේ බලා ඇනේ ගැසීමයි.

      ලී කවන්යු මේගැන පවසන්නේ මෙවැනි දෙයක්

      "Bandaranaike did not seem troubled that the Tamils and other minorities would be at a disadvantage now that Sinhala was the national language, or by the unease of the Hindu Tamils, the Muslim Moors and the Christian Burghers (descendants of Dutch and natives) at the elevated status of Buddhism as the national religion. He had been President of the Oxford Union and he spoke as if he was still in the Oxford Union debating society. I was not surprised when, three years later, he was assassinated by a Buddhist monk. I thought it ironic that a Buddhist monk, dissatisfied with the country’s slow rate of progress in making Buddhism the national religion, should have done it."

      http://dbsjeyaraj.com/dbsj/archives/40028

      අවසාන ලෙස කිවයුත්තේ සියලුම කුණු බණ්ඩාරනායක මහතාගේ ඔලුවට හැලීම නෙමෙයි කල යුත්තේ, මේකට J R Jayawardena හරි හරියට සම්බන්දයි ඔහුත් මේ සෙල්ලම කිරීමට ලජ්ජා භය කියන දෙය තිබුන කෙනෙක් නෙමෙයි, බලයෙන් පිස්සු වැටුනත් ඉන්දියාව ඉදිරියේ දෙකට නැමුණේ පිළිකුල් සහගත ලෙසයි.

      Delete
    17. මේ මම හිතන විධිහ. බණ්ඩාරනායක මෙහෙ ඉගෙන ගත්ත කාලේ සුද්ද මීට වඩා racist. දැන් වගේ නොවේ. ඔහු පමණක් නොව ඒ කාලේ ඉගෙන ගත් තව කීප දෙනෙක්ම තම රටවල සුදු විරෝධී හෝ අධිරාජ්‍ය විරෝධී ක්‍රියා වලට නායකත්වය දුන්න. බණ්ඩාරනායක ඒක කලා. ඒකෙ විපාක ඔහුටම පස්සේ තේරුණා. ඒ නිසා ආපහු හැරෙන්න යනකොට තමා මැරුවේ. ලංකාවේ සිංහල මිනිසුන් දුප්පත්ව සිටියේ. ඔවුන්ට වගේ සාමාන්‍ය ජනටහ්වට මිට වඩා තැන දෙන්න තිබුන. ඒ සඳහා කරන්න තිබුනේ ඉංග්‍රීසි හා සිංහල එකසේ ඉගැන්විම හා කන්නංගර මහතා කලා වගේ නිදහස් අධ්‍යාපනය දීම. ඔය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑ ගහන ගොඩක් අය අමතක කරන කාරණයක් තමයි කන්නන්ගර මහතා එජාප බව.
      බණ්ඩාරනායක කලේ හරියට අපි සෝවියට් දේශයට ගිහින් ඉගෙන ගෙන ඉන්පසු ඒ ක්‍රමයට විරුද්ධ වුනා වගේ දෙයක්. විජේවීරත් එහෙම දෙයක් නේ කලේ. ඒක වුනත් කෙළවර වුනේ රටට හොඳක් නොවී. මෙතැනදී රවී කියනව වාගේ ප්‍රශ්නය සලක බැලිය යුත්තේ සංයුක්තව මිසක් එකිනෙකින් වියුක්තව නොවෙයි. ඉයන් එජාප රාමුවට කොටු වුණාම හෝ තව අයෙක් ශ්‍රීලනිප රාමුවට කොටු වුණාම වෙන්නේ සංයුක්ත වෙන එක. ඕක ලංකාවේ වාමන්ශිකයන් ට හරියට තියෙන දෙයක්. මම ඉගෙන ගත් දෙයක් තමයි සැම වෙලේම බොක්ස් එකෙන් එලියට ගිහිල්ල බලන්න කියන එක. ඉයන් අර වෙන්කතාරමන් ගැන කිව්ව එක මම හරියට දැනන් හිටියේ නැහැ. මම බොක්ස් එකෙන් එළියේ හිටි නිසා එය පිලි ගන්න මට අමාරුවක් වුනෙත් නැහැ. ජේ ආර් ගැන කියන්න තියෙන්නේ ඔහු නව ලිබරල් වවාදය ලංකාව ගෙනාවේ බටහිර එය යන්තම් ක්‍රියාත්මක කරමින් ඉන්න කොට. ඔහුට දුර දකින නුවණක් තිබුණා . ඔහු හරි නිසා තමයි අපි පස්සේ දැක්කේ රීගන් හා තැචර් ඉන්න කාලේ සෝවියට් කඳවුර වැටෙන හැටි. මම ජේ ආර්ට ඒ දවස් වල ඉඳන් විරුද්ධව හිටි අයෙක්. නමුත් ඔහු කල දේ මට තේරුම් ගන්න පුළුවන්. කියුබාව අද යන්නේ කොතනටද? ජේ ආර් 1977 ගිය තැනට. මේක තමයි තිත්ත ඇත්ත අපට දිරවා ගන්න බැරි.

      Delete
    18. බණ්ඩාරනායක මහතා බලය ලබා ගැනීමට සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වැනි සමාජයේ කොටස් පාවිච්චි කලා. ඒකෙන් රැකියා නැති අය අයින් වෙලා. ගොවියන්ට කුඹුරු පණත, දේශීය වෛද්‍ය වරුන්ට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය, ගුරුවරුන්ට ගුරු විද්‍යාල, රැකියා නැති අයට නිදහස් වෙලඳ කලාප, ඔබ කියන්නා වගේ නිදහස් අධ්‍යාපනය, නොමිලේ පාසැල් පොත් සහ නිල ඇඳුම් වගේ ඔක්කොම දුන්නේ බණ්ඩාරණායක පිල නම් නෙවෙයි. ජනසතු ව්‍යාපාරය වගේ දේවල් වලින් වුනේ රැකියා උත්පාදනය අඩුවීම සහ සේවක කා‍යක්ශමතාව අඩුවී අපනයනය අඩුවීම.

      Delete
    19. ප්‍රශ්නයෙන් බට කන්නේ රටේ සමස්ත සමාජය නිසා දේශපාලන පක්ෂපාතීත්ව කන්නාඩිය පැත්තකින් තියල මේකාරණය ගැන බැලුවොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ. හිටිය හැම නායකයෙකුගේම හොඳ සහ නරක දැන්වත් සමබරව දැක ගන්න ඕනෑ.මහාමාන්‍ය සේනානායක මැතිතුමාට සහතික නැතත්,එතුමා රටේ ඉදිරිය වෙනුවෙන් කල සේවය අමිලයි.ඒත් ඩි.බි.ජයතිලක මහතාට නිසි තැන නොදෙන්න තුමාම මුලික උනානෙ.තම තමන්ගේ බල තන්හාවෙන් පෙලුන කොතලාවල,බණ්ඩාරනායක,ජේ.ආර්. ඩඩ්ලි ආදී කවුරුත් එතැනදී උන අසාධාරණය ඉදිරියේදී නිහඬ උනා.ඔක්කොම බයෙන් හිටියේ ජේ.ආර් ට එයාට බලය දෙන්න එපා දුන්නොත් ආපහු ගන්න නම් බැහැ කියලයි කවුරුත් හිතුවේ.දෙමල බෙදුම් වාදය ඉදිරියේදී හරියට හිටිය නායකයෙක්වූ කොතලාවල මහතා මෙන්ම ඔහුගේ කොතලාවල -නේරු ගිවිසුම කාටත් අද අමතක වෙලා.නේරු සහ කොතලාවල එකඟ වුනේ වතුකරයේ සියලු දෙමල ජාතිකයන් ඉන්දියාවට ආපසු භාර ගැනීමටයි.කොතලාවලගේ පරාජයෙන් පසු රජයන් දෙකක් අතර ඇතිවූ මේ ගිවිසුම උවමනාවෙන්ම ක්‍රියාත්මක නොකිරීමට ඉන්දියාව කටයුතු කළා. මේ ගිවිසුම හරියට බුරුමය නිදහස් වෙන වෙලාවේ ඒකෙ හිටිය දෙමල ජාතිකයන් ඔක්කොම ඉන්දියාව බුරුමයෙන් බාර ගත්තා වාගේ. බණ්ඩාරනායක 1952 කඩාගෙන පැන්නේ නැත්නම් 1960 විතර එයාට මේ රටේ අගමැති වෙන්න ඉඩ තිබුනා.ඒත් බණ්ඩාරනායකට රට වෙනුවෙන්වූ දර්ශනයක් නොතිබුන බව පහ දිලි වන්නේ අධ්‍යාපන භාෂාව ඉංග්‍රීසියෙන් ඉවත් කිරීමෙන්ය. නේරු උර්දු ඉන්දියාවේ රාජ්‍ය ඵශාව කලත් අධ්‍යාපන භාෂාව ඉංග්‍රීසිවී තිබිමවෙනස් කලේ නැහැ. අදත් පහේ පන්තියෙන් ඉහල ඕනෑම විෂය ධාරාවකින් ඉගෙන ගන්නා ඕනෑම ඉන්දීය දරුවෙක් ඒක ඉගෙනගත යුත්තේ ඉංග්‍රීසියෙන්.
      බණ්ඩාරනායක ජාතික ප්‍රශ්නය නොදැක්කත් ඒක මැතිනිය දැක්කා. සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ආවේ ඒ නිසා.ලක්ෂ 5ක් ඉන්දියාවට ගන්නත් ලක්ෂ 4කට අපි පුරවැසි කම දෙන්නත් 90,000ක් ගැන පසුව කතාකරන්නත් එකඟ උනා.මැතිනියගේ පාලනයට උදව්වට ආපු තොන්ඩමන් මේ ගිවිසුම බකල් කළා.ලක්ධ 5ම පාස්පෝට් ගත්තත් ඒ ඔක්කොම් ඉන්දියාවට ගියේ නැති උනත් අපිට භාර ගන්න උන ඔක්කොටම අපි පුරවැසි කම දුන්නා. චන්දය බලාගෙන මේ විනාශය කලේ ජේ.ආර්. වතුකරයේ නිල නොලත් රජා උනේ තොන්ඩමන් . නොගිය ඉන්දීය පුරවැසියන්ට පමණක් නොව තීරණය නොකළ 90 000 ටද ඔහු පුරවැසිකම දුන්නේ හරියට අපේ රට ඉන්දියාව වාගේ ලොකු රටක් කියල හිතා ගෙන. 83 කලබල වලදී වතුකරයේ සිටි ජනතාව කිලිනොච්චියට යැව්වෙත් ජේ.ආර්. මේ නිසා මෙරට කාපු පින්ගුත්තරයෙක් හැටියට ඉතිහාසයේ නම තියෙන්නෙ ඔහුගේ තමයි.

      සමරසේකර

      Delete
    20. //ප්‍රශ්නයෙන් බට කන්නේ රටේ සමස්ත සමාජය නිසා දේශපාලන පක්ෂපාතීත්ව කන්නාඩිය පැත්තකින් තියල මේකාරණය ගැන බැලුවොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ.//

      මගේ පැත්තෙන් උත්සාහ කරන්නම්

      Delete
    21. ඉයන්...වෙනදා වගේම වටිනා ලිපියක්. ඊටත් වඩා වටිනවා මෙතන ඔබ, රවී, අජිත් ඇතුළු පිරිස සිදුකල මත ගැටුම් සහිත සංවාදය. එය ගැටුමක් දක්වා දුරදිග ගෙන නොයෑමට ඔබලා තුල තිබූ බුද්ධිය හා සංයමය අගය කරනවා. මෙවැනි සංවාද ඇති වීමම ඉතා වටිනා දෙයක්.

      මිනිසා දේශපාලන සත්වයෙක් නොවී අනික් සතුන් මෙන් ස්වභාවධර්මයෙන් පමණක් පාලනය වූවානම් හොඳයැයි මට හිතෙනවා.

      Delete
  5. Ian ඇත්තටම, බන්ඩාරණායක මහතා ගේ කපටි වැඩ නිසයි අපිට මේ විනාශය ට මුලික හේතු වන්නේ ඔහුගේ බිරිද ඉතිරිහැරිය සම්පුර්ණ කළා.

    ඔබ ටිකක් හිතන්න දෙමල මුලයන් ඇති බන්ඩාරණායක මහතා, පනතක් ගෙන එනවා "සිංහල පමණයි " කියල මේ මිනිහ මොනතරම් කපටියෙක්ද ?
    ඔහු දන්නවා මේ ක්‍රියාව නිසා

    01. ඔහුට බලය ලැබෙනවා
    02. සාමාන්‍ය සිංහල මිනිසුන් අන්දකාරයේ ගිල්වා තැබිය හැකියි කියල, මොකද ලෝකයේ දැනුම ලබාගැනීමට ඇති එකම මග ඉංග්‍රීසි ඉගැනීමයි

    ඔහු ශ්‍රී ලංකාවට ආදරය කලානම් කලයුතු වන්නේ සියල්ලන්ටම ඉංග්‍රීසි ඉගැන්වීමයි,

    ඇත්තටම සිංගප්පුරුවේ සිදුවුනේ මෙයයි දැනට සතියකට පමණ සමරසේකර මහතාගේ කොමෙන්ටුවකින් තමයි දැන ගත්තේ ඉන්දියාවේ තත්වය,
    ඉන්දියාවේ 5 වැනි ශ්‍රේණිය දක්වා මව්බසින් ඉහ්ගනගන්නා දරුවන් ඉන්පසු ඉගනගන්නේ ඉංග්‍රීසි මාධයෙන්.

    දැනට ජනවාර්ගික අර්බුදය ලෙස සදහන් වන්නේ මෙරට කොල්ලකෑම සදහා බලවත් සමාගම් විසින් ක්‍රියාත්මක කරන ජාතිවාදී කොටස් අතට මුදල් යවමින් කරන ක්‍රීඩාවක් පමණයි.


    ReplyDelete
    Replies
    1. //ඔහු ශ්‍රී ලංකාවට ආදරය කලානම් කලයුතු වන්නේ සියල්ලන්ටම ඉංග්‍රීසි ඉගැන්වීමයි,//

      බණ්ඩාරණායක ප්‍රෝඩාවේ හරය වූයේ ඉංග්‍රීසි කථා කරන්නන් ප්‍රතිගාමීන්, තම අරමුදල් යොදවා ව්‍යාපාර කරන්නන් සූරාකන්නන්, වශයෙන් හඳුන්වාදී ඔහු ඉගෙන ගත් ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයට තම පුතා යැවීම. අදටත් ස්ට්‍රයික් කරවමින් ව්‍යාපර කඩාකප්පල් කරන වාසුදේව වැනි වාමාංශිකයිනුත් ළමයින්ට උගන්නනේ පිටරටවල්වල. මොවුන්ගේ අරමුණ තම ළමයි ඉන්න ඉහල ස්ථර වලට සාමාන්‍ය දරුවන් ලඟා වීම වැලැක්වීම. "උන් ඉගෙන ගත්තොත් අපිට ගහකට යවාගන්න කෙනෙක් නැති වෙයි" කියන ආකල්පය. මේක නොතේරෙන ගමේ උන්නැහේලා අදත් උන්ට චන්දෙ දෙනවා.

      Delete
    2. රනිල්ට දරුවෝ හිටියනම් අපේ පත්තර කාරයෝ මොනවා වාගේ දේවල් ලියාවිද?

      Delete
    3. ජේ ආර් ට දරුවෙක් හිටියා. පොලිස් විශේෂ සේවා බලකාය හදන්න මූලික වුනේ ඔහු. ඒ ඇරෙන්න රට පාලනයට සම්භන්ධවුනේ නැහැ. හේමා ප්‍රේමදාස, සිරන්ති ආදීන් සමඟ සසඳන විට එලීනා ජයවර්ධන මැතිණිය සම්භන්ධ වුනෙත් නැහැ.

      Delete
  6. ඉයන් මේව නෙමෙයි අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනව නේද වඩා වැදගත්ම දේ?

    මහින්ද රාජපක්ෂ මේ මොහොත වනවිට ප්‍රජාතන්ත්‍රවාදයෙ සෑම මූලධර්මයක්ම උල්ලංඝනය කරමින් පාදඩ දේශපාලනයක නිරතවෙමින් සිටී. ලෝකයේ හැමදාමත් මිනිස්සු සටන් කලේ මානව නිදහස මිනිස් අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි ලොව කොතැනකවත් සටන් අරගල ජනතා නැගිටීම් ඇතිවුනේ නැහැ කුසගින්න මූලික කරගෙන. මිනිස්සුන්ට කොච්චර කෑම බීම යාන වාහන ඉදුම් හිටුම් තිබුනත් ප්‍රමානවත් නෑ නිදහසේ තම අදහස් ප්‍රකාශකරන්න තමන් කැමති මතයක් වෙනුවෙන් පෙනිසිටින්න ඒ වෙනුවෙන් වැඩ කරන්න අයිතියක් නැත්නම්. එදා අන්ත දූශිත රාජපක්ෂ මිනිස්සුන්ට කෑම බීම ඉදුම් හිටුම් පමනක් නෙමෙයි අනිත් හැම අයිතියක්ම සෑම නිදහසක්ම අහිමි කරලා දැම්ම. තැලෙන පොඩිවෙන දුප්පත් මිනිහට පසුගිය දුර්දාන්ත පාලනයෙන් මොනවද ලැබිලා තියෙන්නේ? දුප්පත්කම වංචාව දූෂණය හොරකම නූගත්කම කාන්තා හිංසනය කුඩු එතනෝල් ණය බර දිනෙන් දින ඒන්න එන්නම වැඩිවුණු රටක් යන්තම රනිල්-මයිත්‍රී සුසංයෝගයේ පිහිටෙන් එජාප පාලනයකින් යාන්තම් ගොඩ ගියා විතරයි. මහින්ද අවුරුදු 9 ක් තිස්සේ රට පාලනය කලත් දිනෙන් දිනම රට අගාධයට ගියා මිසක් රට ගොඩ ඒමක් නෑ මහින්ද නිතරම හිතන්නේ තමන්ගේ පවුල පවුලේ බලය රැක ගැනිම ගැන විතරයි ඒ නිසා අපි නොපමාව මහින්ද රාජපක්ෂ පලවා හැර රටට නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒම වෙනුවෙන් කටයුතුකලයුතු අවස්ථාව එළඹ ඇත. අපි නිකන් බලාගෙන ඉදලා හරියන්නේ නෑ පුරවැසියන් වශයෙන් අපේ බලය පෙන්වමු. මේ උදාවී ඇත්තේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනිමට ඇති අවසන් අවස්ථාවයි. අප මේ අවස්ථාව මගහැරිය හොත් එය අපට යළි කිසිදිනෙක වත් නිවැරදි කළ නොහැකි එතිහාසික වරදක් වනු ඇත. අප විසින් පරදා කුජීත කල නමුත් තවමත් බලය අල්ලාගැනීමට හොරගල් අහුලන ඒකාධිපති දුර්ධාන්ත දූශිත තක්කඩ් රාජපක්ෂ පවුල් පාලනය නිමා කර රටට සෑබෑ මානව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීම වෙනුවෙන් අප සැවොම එක්වී ජීවිත පරිත්‍යාගයෙන් සටන් කොට රාජපක්ශ කල්ලියත්, උන්ගේ සට්ටැඹියනුත් වහල් බයි හැතිකරයත් සහමුලින්ම මුලිනුපුටා දැමිය යුතුමය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ, රටේ ජනයා ඔහුව නැවත තෝරාගන්නවා නම් ඒ සමඟම ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන හානිය විඳීමට ඔවුන් සුදුසුයි. මෙම ලිපිය වෙන කරුණක් ගැන තිබෙන දුර්මත ගැනයි. ඔබ සඳන් කරන කාරණය ගැන අදහස් දැක්වීම අදාල කාරණයෙන් පිටට සංවාදය ගෙනයා හැකි බැවින් ඊට වඩා දෙයක් නොකිව්වාට සමාවෙන්න. ඔබගේ කමෙන්ටුවට බොහොම ස්තූතියි.

      Delete
  7. සිරි ලන්කාවේ ජනවාර්ගික ප්‍රශ්නය දෙමල සහ සින්හල යනුවෙන් බාසා දෙකක් කතා කරනා ජනතාව ගේ ප්‍රශ්නයකි...

    මෙන්න එයට වගකිවයුත්තා:


    Genesis 11New International Version (NIV)

    The Tower of Babel

    Now the whole world had one language and a common speech. As people moved eastward, they found a plain in Shinar and settled there.

    They said to each other, “Come, let’s make bricks and bake them thoroughly.” They used brick instead of stone, and tar for mortar. Then they said, “Come, let us build ourselves a city, with a tower that reaches to the heavens, so that we may make a name for ourselves; otherwise we will be scattered over the face of the whole earth.”

    But the Lord came down to see the city and the tower the people were building. The Lord said, “If as one people speaking the same language they have begun to do this, then nothing they plan to do will be impossible for them. Come, let us go down and confuse their language so they will not understand each other.”

    So the Lord scattered them from there over all the earth, and they stopped building the city. That is why it was called Babel —because there the Lord confused the language of the whole world. From there the Lord scattered them over the face of the whole earth

    ReplyDelete
    Replies
    1. This shows after all it is this God who is the culprit, since the church is representing this God we should sue the church instead

      Delete
    2. //ඉයන්January 14, 2016 at 10:12 PM
      Sa rasa, seriously? :)//

      ස ර ස තුමා ජීවිතේට සීරියස් වෙලාත් නැත වෙන්නෙත් නැත....

      ඔබ සියලු දෙනා ඉතාමත් තර්කාන්විතව සන්වාදයේ යෙදෙද්දී මැද්දට පැන මෝඩ් ජෝක් කියා ගොන් පාට් දැමීම ස ර ස තුමා ගේ රාජකාරියයි හිටන්!

      Delete
    3. බොහොම ස්තූතියි ස ර ස තුමා

      Delete
  8. මං හිතන්නේ මෙහි බෙදුම්වාදය කියන වචනයම වැරදි බවයි.

    සමාන ජනකොටස්වලට ඇත්තේ එකට ජීවත් වීමේ අවශ්‍යතාවයයි. එය දෙමල, සිංහල සහ හැම ජනකොටසකම තියෙන පොදු අවශ්‍යතාවයක්.

    නමුත්, යම් කිසි කාල වකවානුවක දී කෘතිම රටක් සැදී ඇති කල්හි, එහි වෙසෙන එක් ජනකොටසකගේ පෙර කී අවශ්‍යතාවය බෙදුම්වාදයක් ලෙස වැරදි ලෙස අර්ථ දැක්විය හැකියි.

    ඔබ කියා ඇති පරිදි 1922 දී පමණ වෙන්කට් නමැත්තා දෙමල බෙදුම්වාදයක් පටන් ගත්තාය යැයි කීම වලංගුවන්නේ ඒ වෙන විට ඉංගිරිසින් විසින් ඉන්දියාව නමින් වත්මන් පකිස්ඨානය, ඉන්දියාව සහ බංගලාදේශය සහිත ප්‍රදේශවල අති විශාල රටක් නිර්මාණය කර තිබුණු නිසයි.

    නමුත්, ඇත්තටම අපේ ලංකා ඉතිහාසයේ පවා කියවෙන්නේ දෙමළ, පාණ්ඩ්‍ය, සොලී යනාදී මෙකී නොකී රාජ්‍යයන් ඉන්දියාවේ විවිධ කොටස්වල තිබුණා කියා සහ ඒවා විවිධ රජවරුන් විසින් පාලනය කළා කියා නොවේද?

    එනිසා දෙමල බෙදුම්වාදයක් 1922 දී ඇතිවුණා යැයි කීම සාවද්‍ය අදහසකි.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක කිහිපය තුළ ජර්මනිය, කොරියාව, වියට්නාමය වැනි රටවල් තාවකාලික දේශපාලන කරුණු මත පදනම්ව බෙදීම නම් බෙදුම්වාද තමයි.

    ReplyDelete
  9. පසුගිය සියවසේ මැද හරිය වෙනතුරු පැවතුණු කන්ද උඩරට "බෙදුම්වාදය" (so called) ගැන ඔබේ අදහස කුමක්ද?

    ReplyDelete
    Replies
    1. රසික සමාවන්න ඒ ගැන මම හදාරා නැහැ

      Delete
  10. වත්මන් ඉන්දියාව ඉංග්‍රීසින් පැමිණීමට පෙර ඉතිහාසයේ කිසිම දිනක අද පවතින ආකාරයේ රටක් ලෙස පැවතුනේ නැහැ. බොහෝ කාල වල තිබුණේ දහස් ගණනක් කුඩා රාජ්‍ය. වරින් වර මේ කුඩා රාජ්‍යයන් කිහිපයක් හෝ සියගණනක් 'සක්විති රජෙකුගේ' හෝ අධිරාජ්‍යයෙකුගේ අණසකට යටත් වුණා. දකුණු ඉන්දියාව උතුරේ කොටසක් වුනේම නැති තරම්. ඇතැම් දකුණු ඉන්දීය පාලකයින් ඇතැම් කාල වකවානු වල ලංකාව දක්වා ව්‍යාප්ත වුනා. වත්මන් ඉන්දියාව ඉංග්‍රීසින්ගේ නිර්මාණයක්. එහෙත්, ඉංග්‍රීසින්ටත් (කුඩා රටක් වූ ලංකාව මෙන්) ඉන්දියාව කිසිදා සම්පූර්ණයෙන් සිය අණසකට ගතහැකි වුණේ නැහැ. නැත්නම්, එසේ කිරීමට අවශ්‍ය වුනේ නැහැ. නිදහස ලබන විටත් වත්මන් ඉන්දියානු බිම තුල ස්වාධීන රාජ්‍ය 565ක් සහ සමින්දාර් වරුන් හා ජගීර් වරුන් වැනි ප්‍රාදේශීය පාලකයින් යටතේ තිබුණු ප්‍රදේශ දහස් ගණනක් තිබුණා. මේ රාජ්‍ය වල පාලකයින්ට තමන් කැමති පරිදි ඉන්දියාවට හෝ පකිස්ථානයට එකතු වීමට හෝ ස්වාධීනව සිටීමට අයිතිය තිබුණත් ඉන්දියාව විසින් ස්වේච්ඡා කැමැත්තට ඉඩදීමෙන්, සාකච්ඡාවෙන්, අල්ලස් දීමෙන් සහ බලය යෙදවීමෙන් මේ ප්‍රදේශ සියල්ල වත්මන් ඉන්දියාවට ඈඳා ගත්තා. කාශ්මීර ප්‍රශ්නයට හේතු වුනෙත් අදාල ප්‍රදේශයේ බහුතර ජනතාවට පකිස්ථානයට එක්වීමට අවශ්‍යව තිබියදී පාලකයාව කැමති කර ගැනීම මඟින් එම ප්‍රදේශය ඉන්දියාවට ඈඳා ගැනීම. මේ වන විට බටහිර රටවල ජීවත්වන නිදහස ලැබීමට පෙර ඉන්දියාවෙන් සංක්‍රමනය වූ අය සමඟ කතා කළොත් ඔවුන් බොහෝ දෙනෙක් හිතන්නේ ලංකාවත් ඉන්දියාවේ කොටසක් ලෙස. මෙතැනදී ලංකාව ඉතිහාසයේ කිසිදිනක ඉන්දියාවේ කොටසක් නොවුණු බව කිව හැකි වුණත්, දකුණු ඉන්දියාව ඇතුළු ඉන්දියාවේම බොහෝ ප්‍රදේශ වලටත් මෙය අදාලයි. ඉන්දීය නිදහස් සටනේ නායකයින් බොහෝ දෙනෙකුට අවශ්‍ය වුනේ අළුත්, බලවත්, විශාල ඉන්දියාවක් ගොඩනැඟීමට. මේ සිහිනය තුළ වත්මන් පකිස්ථානය, බංගලාදේශය, ලංකාව, නේපාලය, එවකට වෙනම රටක්ව පැවතී පසුව ඈඳාගත් සීකිමය වැනි (වත්මන් සාක් කලාපයෙන් විශාල කොටසක්) විශාල ප්‍රදේශයක් අයත් වුණා. මෙය කිරීමට අදහස් කළේ විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් අදහන කොටස් වලට පොදු 'ඉන්දියානුකමක්' හඳුන්වා දීමෙන්. මුලින් කෘතීම දෙයක් වුනු මේ ඉන්දියානුකම තමයි ඉන්දියාව එක් රටක් ලෙස පවත්වා ගන්නා සාධකය. ලෝකයේ කොහේ හිටියත් අදටත් ඉන්දියානුවන් බොහෝ දෙනෙකු පෙන්වන 'අඩු වියදම්' ජීවන ක්‍රමය මෙහි කොටසක්. මේ ඉන්දියානුකම බොහෝ දුරට භාෂා හා ආගම් සාධක යටපත් කළත් එය මේ මුළු භූමිය තුළ එක ලෙස සිදුවුණේ නැහැ. ලාංකික නිදහස් සටන බොහෝ දුරට සිදුවුනේ ඉන්දියාවෙන් ස්වාධීනව. ඉන්දියාවේ කොටසක් වීම වත්මන් ලංකාවට අයත් ප්‍රදේශ වල ජනප්‍රිය මතය වුණේ නැහැ. (හැබැයි වාමාංශික කොටස් අතර මෙය සිදුවුණේ වෙනස් විදිහකට. ඉන්දියානු වාමාංශික පක්ෂ ලංකාවේත් ක්‍රියාත්මක වුණා) ඉන්දියාව තුළ අලි ජින්නා ක්‍රියා කළේ වෙනස් අයුරකින්. ඔහුට මේ 'ඉන්දියානුකමට' වඩා ආගම වැදගත් වුණා. ඔහුට අවශ්‍ය වුනේ වෙනම ඉස්ලාම් සමූහාණ්ඩු රාජ්‍යයක්. මෙයට වත්මන් පකිස්ථානය හා බංග්ලාදේශය, මහා ඉන්දියාවේ තවත් කොටස් හතක්, ලංකාවේ කොටස් දෙකක්, මාල දිවයින සහ අන්දමන් දූපත් අයත් වුණා. මෙයින් අවසානයේදී ලැබුණේ මුල් කොටස් දෙක පමණයි. ඔහුව එකඟ කර ගැනීමට අනෙක් නායකයින් අවසාන මොහොත දක්වාම උත්සාහ කළත් එය හරිගියේ නැහැ. ඉන්දියානු නිදහස් අරගලය තුළ ඉයන් සඳහන් කරන රාමසාමි භූමිකාව මම නොදැන සිටි දෙයක්. මේ ගැන වැඩිදුර කරුණු හැදෑරිය යුතුයි. ඉංග්‍රීසින්ට ඉන්දියානු නිදහස් සටන හමුවේ ඉන්දියාව ආපසු දෙන්න වුණා. එය කළේ කැමැත්තෙන් නෙමෙයි. එහෙත්, ලංකාව ආපසු දුන්නේ ඉන්දියාව නැති වුනාට පසු ලංකාව තියාගැනීම වාසිදායක නොවූ නිසා. මා සතුව මූලාශ්‍ර නැතත් මා කොහෙන් හෝ කියවා ඇති පරිදි ඉංග්‍රීසින් ගියාට පසු ඉන්දියාව විසින් ලංකාව ඈඳා ගනු ඇතැයි යන සාධාරණ සැකය ඩීඑස් ඇතුළු නායකයින්ට තිබුණා. සම්පූර්ණ නිදහසක් ලබා ගැනීමේ අවස්ථාව තිබියදී එය නොකර ඇත්තේ ඒ නිසා බවයි කියවෙන්නේ. ඩොමීනියන් තත්ත්වය යටතේ එවැනි අවස්ථාවක බ්‍රිතාන්‍යයට යුදමය මැදිහත්වීමක් කළ හැකිව තිබුණා. 1948දී පූර්ණ නිදහසක් ලැබුණානම් අදවනවිට ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්ව තිබීම (සීකිමය මෙන්) බැහැර කළ නොහැකි අදහසක්. මේවා ගැන තව කරුණු ලිවිය හැකියි. එහෙත්, මගේ ප්‍රධාන ක්ෂේත්‍රයේ දේවල් ගැන ලියන්නත් ගොඩක් දේවල් තියෙද්දී දැන්ම අතගහන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මේ අගනා විස්තරයට බොහොමත්ම ස්තූතියි ඉකොන්.

      ලෝකයේ රටවල් විවිධ ස්වභාවයන්ගෙන් පැවතී තිබෙනවා. 1400 ගණන් වල තිබූ අයුරු පසුව බොහෝ සේ වෙනස් වුණා. 1918 ජූනි 28 වන දින අග්‍ර ආදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ගේ රියැදුරා වාහනය වැරදි පාරකට නොහරවන්න අද ලෝකය ඉතා වෙනස් තත්ත්වෙක තිබෙන්න තිබුණා.

      ඊශ්‍රායලය බිහි කිරීමට යුදෙව්වන් සහ ඊට පසු පලස්තීන විමුක්තිකාමීන් ත්‍රස්තවාදය යොදා ගැනීමෙන් පසුදෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවුන රටවල් තව දුරටත් කැඩීමට ත්‍රස්තවාදය යොදා ගන්නට පටන් ගත්තා. ඒ සඳහා පාරම්පරික නිජබිම්, වෙනස් කම් කිරීම් ආදී විවිධ කාරණා කියන්නට වුනා.විවිධ හේතු දක්වමින් පලමුවන ලෝක යුද්ධයට පෙර තිබිච්ච තත්ත්වයට ආයි යන්න බැහැ. මගේ කරුණු දැක්වීම එම පදනමේ සිට.

      Delete
    2. ඉකොනෝ
      උඹටත් ස්තුතියි මේ කරුණු අපි එක්ක බෙදා හදා ගත්තු එකට...

      Delete
    3. ස්තූතියි ඉකොනොමැට්ස්.

      Delete
    4. ස්තූතියි ඉකොනොමැට්ස්.

      Delete
  11. රටේ හැම තැනක වගේම සිංහල,දෙමළ,මුස්ලිම් විසිරිලා හිටියනම් ජාතිවාදය අවම වෙන්න තිබුනා.උතුරේ වැඩිපුර ඉන්නේ දෙමළ අය ඒ පැත්තෙන් තමයි දෙමළ ජාතිවාදය පටන් ගන්නේ.නැගෙනහිර මුස්ලිම් අය ඉන්නේ ඒ පැතෙන් මුස්ලිම් ජාතිවාදය පටන් ගන්නේ. ඒත් බලන්න කොලඹ,නුවරඑළිය ඒ පැතිවල ජාතිවාදී ප්‍රශ්න අඩුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේශ්

      Delete
  12. මං හිතන්නෙ ලිපියට වගේම ලොකු වැදගත් කමක් එනවා මේකෙ තියෙන කමෙන්ට් ටිකෙන්. රූපවාහිනී සාකච්චාවකවත් මේ වගේ වැදගත් කරුණු පැහැදිලිව කතා වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කැමා

      Delete
  13. ඉයන්ගේ පිවිසුමම ඉතාම ප්‍රාථමිකයි. ඔබ දෙමල බෙදුම්වාදය 1922 දී පමණ ඉන්දියාවේ වෙන්කට් රාමසාමි මහතා පටන් ගත් එකක් බවක් කියමින් ඉතාම සරලකිරීමකට යන්න හදනවා.. වෙනම රාජ්‍යයන් සඳහා වන ඉල්ලීම් එහෙම කෙනෙකුගේ සිතේ පහල වෙන සිතුවිල්ලකට ලඝුකරන්න පුලුවන් කමක් නැහැ. ඒවා ඓතිහාසික සමාජ-ආර්ථික-සංස්කෘතිකමය කාරනා හරහා වර්ධනය හෝ නිශේධනය වන ප්‍රවනතාවන්. ඉන්දියාවේ පහල උනා, ලංකාවට ට්‍රාන්සර් කලා / ආනයනය කලා වගේ සරල නැහැ. ඔබ මේ කරමින් යන්නේ ඔබේ පූර්ව නිගමනයකට සරිලන සේ ලෝක / ප්‍රාදේශීය දේශපලන සිදුවීම් ගලපා කතාවක් ලිවීමකුයි. මේ කතා අන්තිම ජනප්‍රියයි ඒ ගැන සැක නැහැ. ලැබෙන බොහෝ ප්‍රතිචාර වලින්ම පෙනෙන ලෙසම.

    මේ කතා අපි ඕන තරම් අහලා තියෙනවා සිරිල් මැතිව්ගෙන්, පරන හෙල උරුමයෙන්, වීරවංශගෙන්. නැවත් ලිවීම ඇත්තෙන්ම අනවශ්‍යයි.

    ඔබ මේ ලියන ඓතිහාසික මොහොත බලන්න.. ඔබේ වීරයා රනිල් අගමැති වී ඇති මොහොතක, ඔහුද මූලිකවී ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීමට යන බවක් (අඩුවශයෙන් ) පෙනෙන මොහොතක ඔබ ගම්මන්පිල / වීරවංශ වැන්නේකුගේ භූමිකාවකට උරදීම ඉතාම හාස්‍යජනකයි. හානිකරයි. ජුගුප්සාජනකයි.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ.

      Delete
    2. "ඔබ මේ ලියන ඓතිහාසික මොහොත බලන්න.. ඔබේ වීරයා රනිල් අගමැති වී ඇති මොහොතක, ඔහුද මූලිකවී ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීමට යන බවක් (අඩුවශයෙන් ) පෙනෙන මොහොතක ඔබ ගම්මන්පිල / වීරවංශ වැන්නේකුගේ භූමිකාවකට උරදීම ඉතාම හාස්‍යජනකයි. හානිකරයි. ජුගුප්සාජනකයි."

      ඇනෝ හිතනවද රනිල්ට මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් වෙයි කියල... මමනම් හිතන්නේ මේ තියන දේශපාලන අස්ථාවර භාවය උඩ ආණ්ඩු පක්ෂයේ බහුතරය ආරක්ශාකරගනීමට දහසින් බැඳී පියලි දිදී ඉන්නවට වඩා යමක් මේ ඉදිරි වසර කිහිපය ඇතුලත රනිල්ට කරන්න පුළුවන් වෙයි කියල. ලංකාවේ මේ ඇතිවෙලා තියන ප්‍රශ්න සියල්ලටම විසඳුම් හොයන්න පුළුවන් පරිකල්පන ශක්තියක් තියන බුද්ධිමත් උදවිය පාර්ලිමෙන්තුවෙවත් ඉන්නවද කියල මටනම් සැකයි. එහෙම උදවිය හිටියත් පවතින ක්‍රමය ඇතුලේ එයාලට නැගී හිටින්න ඉඩ ලැබෙන්නේ නැහැ.

      Delete
    3. බොහොම ස්තූතියි අම්බලන්ගොඩ :)

      Delete
    4. @අම්බලන්ගොඩ කථා, වරහන් ඇතුලෙ "අඩුවශයෙන්" කියලා තියෙන්නේ ඔබ කියන දේ ගැන දන්නවා කියන එකයි. :-)

      නමුත් පහුගිය ආන්ඩුවලට සාපේක්ශව මේ ආන්ඩුව නව ව්‍යවස්ථාවක් ගේන්න යන බව පේන්න තියෙනවානේ. ප්‍රශ්න සියල්ලටම නොවෙයි, අඩුවශයෙන් කීපයක්වත් - සාර්ථක කරගන්න පුලුවන් වුනත් නැතත්, පැමිනිලා තිබෙන තත්වය සුලුපටු නැහැ. ඒක අල කරන්න මහින්දවාදීන් කටයුතු කරන එක ගැන පුදුමයක් නැහැ. යූඇන්පී හිතවාදින් මෙහෙම කියන කොට මොකක්ද හෙන අවුලක් තියෙනවා. මේ ඉයන්ගේ වගේ ලියවිලි මම නම් දශක කීපයකට ඉස්සර ඉඳන් අහලා තියෙන කතා. ජාතික සමගිය ගොඩ නංවන්න ඓතිහාසික අවස්ථාවක් එලඹිලා තියෙන මොහොතක, යූඇන්පියේ උදව්වට සිරිල් මැතිවු ලා ඕනෙ නැහැ! සජිත් ප්‍රේමදාස පවා මේ ප්‍රශ්නයේදී ඉතාම පරිනත බවක් පෙන්වනවා. මේ කතා වල චැම්පියන් චම්පිකත් එහෙමයි. සද්දෙ වහලා ඉන්නේ. ඒ හුදෙක්ම බලය සඳහාමත් නොවෙයි. මේ ඒ කතා කියන්න සුදුසු කාලයක් නොවෙයි හින්දයි.

      ඉයන්ගේ වෙබ් අඩවියේ නම හරියටම හරි. "ඉයන්ගේ ගුහාව"!

      - Dimithri

      Delete
    5. බොහොම ස්තූතියි ඇනෝ

      Delete
  14. ලිපිය විතරයි කියෙව්වේ. කමෙන්ට්ස් සංවාදය පස්සෙ කියවනවා. මේ දෙකම වැදගත්.
    ලිපියෙන් බොහෝම වැදගත් තොරතුරු ගණනාවක් දැනගත්තා. ඇත්තටම ලංකාව අද ඉන්න තත්ත්වෙට වැටීමට සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ මෝඩ තීරණයත් සෑහෙන බලපෑමක් වුණා. එහෙම නොවෙන්න ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව ලෙස තිබුණානම් අපි සෑහෙන ඉදිරියට ගිහිං. අද මොකද වෙලා තියෙන්නෙ? බොහොමයක් අධ්‍යාපන කලාප වල සා/පෙ ඉංග්‍රීසි පාස් වෙන්නෙ 5 කට 1 යි! ඉතිං කවදද ලෝකය ඇතුලෙ අපි එළියට යන්නෙ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මදුවෝ.

      Delete
  15. watina karunu raasiyak danaganeemata labuna.
    isthuthi Ian....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෙනරත්

      Delete
  16. ලිපි දෙකම කියෙව්වේ අද. කමෙන්ට්ස් කියවන්න වෙනම කරන්න වෙන වැඩක්.. මෙව්වා නිකම් උඩින් මත්තෙන් කියවන්න පුළුවන් ලිපි නොවෙන නිසා හැමදාමත් ඉයන්ගේ බ්ලොග් එක කියවන්න ටිකක් ප්‍රමාද වෙන එක ගැන සමාවෙන්න. බෙදුම්වාදයේ ඉතිහාසය ගැන හුඟක් නොදන්නා දේවල් දැනගත්ත ඉයන්ගේ ලිපියෙන්. මේ ලිපිය ලිව්වට ඉයන්ට බොහොමත්ම ස්තුතියි..

    බෙදුම්වාදය ගැන මම දන්නා ඉතිහාසය ආරම්භවෙන්නේ 83 ඉඳන්. එතනින් පටන්ගත්තු ත්‍රස්තවාදයේ ගරිල්ලා කොටස ඉවරකරලා ජයගත්තාම අපේ රටේ ඉන්න ගොන් දේසපාලුවෝයි , හරකා පසුපස යන ගැල සේ දේසපාලුවෝ පස්සේ වැටුන ජනතාවයි හිතුව දැන් සේරෝම හරි කියල . හැක් .. එත් ප්‍රශ්නය එතනමයි කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද නැත්තම් නොතේරුනා වගේ ඉන්නවද කියන එකනම් මටත් ප්‍රශ්නයක් ඉයන්.

    මේ කියන බෙදුම්වාදයට ටිකක් ලොකු ප්‍රමාණයක විසඳුමක් දෙන්න තිබුන රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත්කරානම් සහ රටේ අද්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ලබාදුන්නානම්. එත් බණ්ඩාරනායක රාජ්‍ය භාෂාව සිංහල කරපු එකෙන් බෙදුම්වාදයට තවත් පෝෂණය සැපයුනා වගේම රටම ලිඳකට වැටුනා කියල මට හිතෙන්නේ.

    බෙදුම්වාදය පරද්දන්න නම් සමානාත්මතාවය සහ මානව හිමිකම් රට ඇතුලේ දිවි හිමියෙන් රැකෙන ක්‍රමයක් බිහිවෙන්න ඕන ඉයන්. ඒත් අපේ මෝඩ දේශපාලුවෝ මේ ප්‍රශ්නයට උත්තර හොයන්නේ ප්‍රශ්නයේ මූලය හොයාගෙන නෙවෙයි. (ඇත්තටම අවන්කවම අපේ දේසපාලුවෝ මේ ප්‍රශ්නයට උත්තර හොයන්වාද කියල වෙනම සාකච්චා කල යුතු ප්‍රශනයක්)

    බෙදුම් වාදයේ මෙගා මොඩල් එක සිංහල දමිල උනාට අපි මවු කුසින් උපන් දවසේ ඉඳන්ම බෙදුම් වාදය කරපින්නාගෙන ආපු රටක් කියල මට හිතෙනවා ඉයන්. අපි පුංචිම වයසේදී පෙර පාසලේදීත් මොනම හරි විදිහකින් එක එක කුලක වලට බෙදිලා, ඊළඟට පාසලේදීත් බෙදිලා , ඊළඟට විශ්වවිද්යාලේදීත් බෙදිලා, ඊළඟට රැකියාව කරන තැනදීත් බෙදිලා, ඊළඟට මරනේදී මගුලේදීත් බෙදිලා , පන්සලේදී පල්ලියේදී කෝවිලේදීත් බෙදිලා , හැම තැනදීම බෙදිලා.. ඉතින් අපිට පුළුවන් වෙයිද මේ බෙදුම්වාදය පරාජය කරන්න... සමානාත්මතාවය රකින්න පාසල තුල උගන්වන්නේ නැතුව , සමානාත්මතාවය රකින්න දෙමාපියන් දරුවන්ට උගන්වන්නේ නැතුව කුමනාකාරයේ ක්‍රමවේද යෙදුවත් මේ බෙදුම්වාදය පරාජය කරන්න බැහැ කියලයි මට හිතෙන්නේ. මොකද අපේ රටේ සංස්කෘතිය ඒ බෙදීමට ලොකු පෝෂකයක්..

    බෙදුම්වාදයේ අතුරුපල රිසිසේ භුක්තිවිඳින අපේ ජරාජීරණ දේශපාලනය තියෙනකම් බෙදුම්වාදය පිටුදැකීම බොරුවක් වෙයි ඉයන්.. ඔබට නැවතත් ස්තුතියි මේ ලිපි ලියනවට..

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි අම්බලන්ගොඩ. පිලිතුර විය යුත්තේ ලෝකයේ බොහෝ දියුණු රටවල ඇති ආකාරයේ සම අයිතිවාසිකම් පණතක් ඇතිකිරීම සහ එය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම. එවිට භාශාවට අමතරව දේශපාලන ඇදහිලි, කුලය, ආගම, වාගේ දේවල් වලට සම අයිතිය තියෙනකොට කාටවත් වෙනස්කම් කලා කියල බෙදීමකට හේතු දක්වන්න බැහැ.

      Delete
  17. බලමු කවුරු හරි උත්තරයක් දෙයිද කියල.
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2410-1

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අජිත්. :)

      Delete
  18. පෝස්ට් එකේ වගේම වැදගත් දේවල් කමෙන්ට් වල ලියවෙලා.
    අපි ඉතින් ඔය ඔක්කොම කියවලා සද්ද වහලා ඉන්නවා මොකද අඩු වැඩි සපයන්න මේ දේවල් ගැන අපි දන්නවා කියලයි. අර එකෙක් කිවුවා වගේ අපි ඒ කාලේ ඉපදිලා හිටියේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මෙම ඉතිහාසය ගැන බොහෝ විස්තර වෙබ් එකේ තියෙනවා. විකිපීඩියා වල තියෙනවා. ඒවා කියවා දැනුවත් වන්න පුළුවන්. ඉපදී නොසිටියා කියන එක නොදැනුවත්කමට එක්ස්කියුස් එක නෙමෙයි නේද ඩිනෙශ්?

      Delete
  19. සමහර කරුණුවලට එකඟ වෙන්න බෑ . ඒත් තවදුරටත් හිතන්නත් අපේ හිත්වල මුල් බැසගත්ත සමහර අද උදහස් ආයෙමත් විචාරන්නත් පෙළඹුමක් මේ ලිපි පෙලෙන් ලැබෙනවා. නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා . ස්තුතියි ඉයන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලක. මගේ අදහස් පක්ශග්‍රාහී වෙන්න පුළුවන්. ඒ වුනාට බෙදුම්වාදය ගැන ඉතිහාසය ලියවිච්ච ගොඩක් ලේඛන තියෙනවා. පුළුවන් විදිහට ලින්ක් දීල තියෙන කොට එම ඉතිහාසය ගැන වැඩිදුර කියවලා ඒ ගැන තමන්ගේ අදහස හදාගන්න පුළුවන්. මගේ එකම අරමුණ දෙමල බෙදුම්වාදය ලාංකිකයන්ගේ වරදින් ලංකාවේ ඇතිවුන දෙයක් ලෙස තියෙන අදස වැරදියි කියන එක කියන්න.

      Delete
  20. කමෙන්ට්ස් තුළින් යන සංවාදය ඉතා වැදගත්. මහත්මා ලීලාවෙන් ඒ සංවාදයට සහභාගිවන සියලුදෙනා අගයනවා.

    ReplyDelete
    Replies
    1. රට රැක ගන්න දිවි පරදුවට තිබ්බ කෙනෙක් හැටියට මෙම ඉතිහාසය ගැන ඔබේ අදහස දක්වලා නැහැනෙ විචා මහත්මයා

      Delete
  21. පෙර ලිපියත්,මේ ලිපියත් කමෙන්ට් සමගින් කියෙව්වා.ඔබේ ලිපි දෙකේම මා කියවා,අසා දැන තිබෙන විස්තර අනුව එකඟ හැකි සහා නොහැකි බොහෝදේ මේ ලිපි මාලාවේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ මතයට එකඟ වීම හෝ නොවීම නෙවෙයි වැදගත්. දීල තියෙන ලින්ක් වලින් ගොස් කියවා බෙදුම්වාදයේ ඉතිහාසය දැන ගැනීමයි. බොහොම ස්තූතියි මනෝජ්

      Delete
  22. //නසතු ව්‍යාපාරය වගේ දේවල් වලින් වුනේ රැකියා උත්පාදනය අඩුවීම සහ සේවක කා‍යක්ශමතාව අඩුවී අපනයනය අඩුවීම.// මේ කතාව ගැන එකඟ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ ඤාති සංග්‍රය නිසා ඒ ආයතන කාල දැමීම පටන් ගත්තෙත් එතනින්. මුලදී අපි මේවා හොඳයි කියල හිතුවට පස්සේ පෙනුනේ කරපු විනාශය. දැන් මම ජෙරෙමි කොබින් දුම්රිය ආපහු රජයට ගණන් එකට කැමතියි. නමුත් මේ විධිහට ජනසතුව නෙමේ. දුම්රිය කොම්පැනි හරියට ආයෝජනය කරන්නේ නැහැ. ඒ නිසා රජයට 50% තියාගෙන 50% වද කරන අයට හා පබ්ලික් එකට දෙනවා. ඉන්පසු ක්‍රමයෙන් රජයේ ප්‍රමාණය අඩු කරලා පෞද්ගලික කොම්පැනි විධිහටම රන් වෙන්නේ. ඒ ක්‍රමයට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. අජිත් රටේ වතු ජනසතු කරන කාලයේ රටේ ප්‍රධානම අපනයන භෝග වුනේ තේ, රබර්, සහ පොල්. එම වතු ජනසතුවෙන් ඒවායේ තරඟකාරිත්වය නැතිවුනා. වතුකම්කරුවන් එකතුවී සදාගත් වෘත්තීය සමිතිය මුළු ක්ශෙත්‍රයම විනාස කර දැම්මා. උදාහරණයකට ඇඟළුම් වලින් විශාලතම ආදායම එනකොට ඇඟලුම් කම්හල් ටික ජනසතු කලොත් මොනව වෙයිද? අන්න ඒවගේ.

      Delete
  23. පෝස්ටුව තරමටම කොමෙන්ටු ටිකත් වැදගත් ඉයන්....

    ReplyDelete
    Replies
    1. පැමිණියාට ස්තූතියි මිත්‍ර වර්ණ

      Delete
  24. ඔබගේ පෙර ලිපියත් කියෙව්වා. මම එයටත් එකඟයි. ඩී එස් දූරදර්ශීව කටයුතු කර ගල් ඔය ගොවි ජනපද පිහිටෙව්වෙ නැත්නම් නැගෙනහිර මුදාගන්න ලේසිවෙන්නෙ නෑ.ඒ වගේම ලංකාව මුල ඉදලම බටහිර එක්ක හිටියනම් හැම අතින්ම අපට වාසියි.
    ජේ ආර් ට වාමාංශික පක්ෂ වැඩ කරන්න දුන්නෙ නෑ. ඉන්දියාව බෙදුම්වාදීන් පුහුණු කරල ජේ ආර්ගෙ ආර්ථික වැඩපිලිවෙල අවුල් කලා. අද ආපසු හැරිල බලනකොට වැරදුන තැන පේනව.
    ලංකාව කුඩා දූපතක්. අපට ඔය කියන ස්වෛරීභාවය ඒ තරම් වැදගත් නෑ. කුඩා රටක් ලොකු බලවේගවලට ඇදිල යන නිසා ස්වාධීනව සිටීම ලේසි නෑ.ඇත්තටම කුඩා රටකට ස්වෛරීව ඉන්න බෑ. එහෙම උදාහරනත් නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබට ලිපි දෙක කියවීම සහ අදහස් දැක්වීම ගැන.

      Delete
  25. ඉතාම වටිනා ලිපියක් ඉයන්! ස්තූත්යි ඔබට!

    ReplyDelete