Thursday, December 31, 2015

අමුතුම වසරකට සමුදෙමි



2015 කියන්නේ ගොඩක් වෙනස්කම් අළුත් අත්දැකීම් වලට මුහුණ දුන් වසරක්. සමහර අය එකඟ නොවුනත් රටේ ඇතිවෙච්ච දේශපාලන වෙනස්වීම ඉතාම හොඳ ආරම්භයක් වසරට ලබා දුන්නා. ඒ වෙනස තව ගොඩක් දුර යන්න ඇතිබව වෙච්ච සමහර දේවලින් පැහැදිලියි. සමහර වෙනස් කම් සිදු කර ගන්න මමත් පෞද්ගලිකව උත්සාහ ගන්නවා.

දෙවෙනි වෙනස තමයි අවුරුදු 12 කට පසුව පළමු වරට තනිව ජීවත් වන්නට සිදුවීම. පහුගිය අවුරුදු දොලහේ මා සමඟ සිටි පුතා උසස් අධ්‍යාපනයට විදේශ ගත වුනා.  ඒකත් එක්තරා විදිහක සහනයක්. ඔහු වෙන්වී යාම ඉතා සුළු හෝ හිඩැසක් ඇති කරත් මනස ගොඩක් දුරට නිදහස් වුනා.  ඒ නිදහසත් එක්ක 2009 විතර ඉඳන් තිබිච්ච බ්ලොග් එකත් දුහුවිලි පිහදාල ගත්තා. 

බ්ලොග් එකක් කිව්වට මේක වැඩි දෙනෙක් කියෙව්වේ නැහැ. මේකේ ප්‍රධාන කර්තව්‍ය වුනේ පුවත්පත් වලට ලියූ ලිපි වල සොෆ්ට් පිටපත් සංරක්ශණය. අවුරුදු හයටම තිබ්බේ එක කමෙන්ට් එකද කොහෙද. අර ගොඩනැඟිලි උයන්නා හෙවත්  චෙෆාකි කමෙන්ට් එකකින් සින්ඩිකේට් වලට දාන්න කියපු නිසා එක පාරටම වැඩිදෙනෙක් කියවන බව තේරුණා. ඒ නිසා රවී, අපූර්වි, නෙලුම්යායේ අජිත්, විචාරක, පොඩ්ඩි,  හැලපේ, ඉකොනොමැට්ටා, උපේක්ෂා, හංසි, මෙතූ, පත්තර මල්ලි, රසිකලොජි, රාජ්, කුරුටු, වර්ණ, ඩ්‍රැකී, දේශක, මනෝ මන්දිර,  මිත්‍රවර්ණ, බණ්ඩා, Dude, Praසන්னවිදානේ මනොජ්, අම්බලන්ගොඩ, මහේෂ්, වැනි ප්‍රවීනයන් සයිබරයේ හඳුනාගන්නට හැකි වුණා. 

ඒවගේම චෙෆාකි, මාතලන්, ඉවාන්, අටම්, සජ්ජා, ලොකුපුතා, ප්‍රාජේ, මෙන්ඩා, බස්සි, කමියා, 
, කැමා ඇනෝප්ලීස්, නලින්, කම්මල (1) , කම්මල (2), කටුස්සා, ගස්ලබ්බා  වැනි බ්ලොග් කරුවන් සැබෑ ජීවිතයේ හමුවෙන්නත් අවස්ථාව ලැබුණා. (මෙතනින් ප්‍රාජේ මම බොහෝ කලක් හඳුනන කෙනෙක් වුනත් ඔහු බ්ලොග් අවකාශයේ සිටින බව දැනගෙන සිටියේ නැහැ). එම නිසා එක්තරා වයස් පරතරයක සහ වෘත්තීන් කිහිපහයකට සීම වී තිබූ මගේ මිතුරන් ප්‍රමාණය මෙම වසරේදී වඩාත් පුළුල් වුනා. 

මේ වෙනස්කම් නිසා 2015 මට අමුතුම ඒවගේම සතුටට පත් වසරක් වුනා. මගේ 2015 වසර වර්ණවත් කල ඔබ සැමට මගේ ප්‍රණාමය පුදකරන අතර, ඔබ සියලු දෙනාටම තෘප්තිමත් 2016 වසරක් වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. 

ඉයන්

59 comments:

  1. සුභ නව වසරක් වේවා ඉයන් !!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා පත්තරේ

      Delete
    2. හැ පත්තරය එක වෙලා

      Delete
  2. බ්ලොග් හරහා වෙනස් වෙනස් ෆීල්ඩ් වල, වෙනස් වෙනස් වයස් කාණ්ඩ වල මිනිස්සු හමුවෙන්න ලැබෙන එක ගොඩක් හොඳ දෙයක්...

    ඔබට සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා ලොකු පුතා

      Delete
  3. සුභ නව වසරක් වේවා ඉයන්
    ඔබ නිසා 2015 වසර මටත් සුභදායක වුණා...
    ජයෙන් ජයවේවා ආයුබෝවේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා වර්ණ.

      Delete
  4. මම නම් හුඟක් මෑතකදී නේද මේ පැත්තට එන්න පුරුදු වුණේ? ඔබ 2009 දී බ්ලොග් ලියන්න පටන්ගත්ත නම්, 2011 දී බ්ලොග් ලියන්න පටන්ගත් මම කොහොමද ඔබට වඩා ප්‍රවීණයෙක් වෙන්නේ? මම 'නවීණයෙක්' :D

    ඔබට ජයවෙවා! දියුණුවේ මංපෙත් විවර වේවා!

    ReplyDelete
    Replies
    1. විචා 2009 ඉඳන් 2015 මැද වගේ වෙනකම් මේක මම විතරක් බලන බ්ලොග් එකක්. මගේ ලිපි වල පිටපත් සංරක්ශණයට පමණක් භාවිතාකල. 2015 ජූනි වල සිට තමයි අන් අය සමඟ සංවාදයේ යෙදෙන එකක් වුණේ. එම නිසා ඔබ ප්‍රවීනයි.

      Delete
  5. //එම නිසා එක්තරා වයස් පරතරයක// මෙන්න වසරේ කථාව..
    ලෑන් සීයලාව මුණගැසීම අමතක නොවෙන සිදුවීමක්...
    සතුට සොම්නස දෝරෙ ගලා යන නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොලුවො, ඇටෙන් පොත්තෙන් එලියට ආපු තරුණ උන්ව කැපී පේන්න සීයලත් ඉන්න එපායැ.

      Delete
    2. හෙහ් හෙහ් හෙහ්..... නැතුව නැතුව

      Delete
  6. ඉයන් 2015 වසරෙ මුණ ගැසුණු හොඳ මිතුරෙක්...

    සුබ නව ව්සරක් වේවා ඔබටත්.....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාතෙ. ඔබටත් එසේම වේවා

      Delete
    2. එකම ජාතියෙ ගොජබි අපතයො එකට සෙට් වෙනව කියන්නෙ නිකන් යැ

      Delete
  7. සුබ නව වසරක් ඉයන්... ඔන්න දෙසැම්බර් 31 වෙනිදා මාත් එකතු වුනා..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අ.තා. ඔබගේ නිර්මාණ වලනම් කිසිම අන්ධකාර බවක් නැහැ. ඔබට වඩාත් හොඳ නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා.

      Delete
  8. ඉයන්ටත්, අඩවියට ගොඩවෙන හැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි !

    හැබෑට මොනවද ඔය බ්ලොග් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන්න. ඔබටත් 2016 ඉතා තෘප්තිමත් වසරක් වේවා. බ්ලොග් කියන්නෙ හොඳට ලුණු ඇඹුල් දාලා උයන්න පුළුවන් ජාතියක් වෙන්න ඇති. ඒකනේ චෙෆාලත් ඉන්නෙ.

      Delete
  9. ඉයන් ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා!!
    2015 දී මම ලංකාවට ආවත් අටමට ඔබව මග ඇරුනේ ඒ කාලෙ ඔබ වැඩිපුර පෙනෙන්න හිටියෙ නැතුව වෙන්න ඇති.කොහොම උනත් දැකගන්න නොඉවසිල්ලෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපේ ඒ දවස් වල මම අටමව දන්නේ නැහැ. ඔබගේ සංචාරයේ විස්තර සහ පින්තූර බ්ලොග් එකේ දැක්කා. මීලඟ සංචාරයේදී හමුවෙන එක විශ්වාසයි. ඔබට 2016 හොඳ වසරක් වේවා.

      Delete
    2. වැරැද්ද අර රැවුලගේ

      Delete
  10. ඉයන් තුමාට 2016 සතුට සාමය සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත වසරක් වේවායි පතන්නේ......ෂෙෆාකි...!

    ReplyDelete
    Replies
    1. සවු භාගයක් මදි වෙයිද චෙෆාකි? කෝල් එකක් දීපන් නැත්නම් කෝල් කරාම රෙස්පොන්ඩ් කරපං. උඹට ඉතාම යහපත් සැනසිලිදායක නව වසරක්.

      Delete
    2. ඇයි වදේ මම කෝල් කරේ අද...ගිරි දුර්ග ඔහේටත් තැනිම තැනි නිකන් පැනි වගේ තලාවන් වේවා කියා පතමි....

      Delete
    3. මහින්ද FCID එකට බැඳපු උත්තර වගේ. අපි කථා කලේ ඔය උඩ කමෙන්ට් එකේ වෙලාවට පස්සේ.

      Delete
  11. Thank you Ian. Thoroughly enjoyed yr posts and comments. Happy NY.

    ReplyDelete
    Replies
    1. My pleasure Ano. Thank you for visiting. Wish you a peaceful and contended year in 2016

      Delete
  12. සුභ නව වසරක් වේ වා ර්‍ර්‍!!!!

    ජ ය වේ වා !!!!!

    ReplyDelete
    Replies
    1. ඔබට 2016 සිතේ සතුට වඩා වැඩිවන වසරක් වේවා විදානේ

      Delete
  13. Replies
    1. මිත්‍රවර්ණ ඔබටත් ඉතාම හොඳ වසරක් වේවා

      Delete
  14. මමත් මේ අවුරුද්දේ දෙසැම්බර් වල ඉයන්ට එකතු උනේ...
    ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් ඔබටත් එසේම වේවා

      Delete
  15. ඔබ වැනි මිතුරෙක් හදුනාගැනීම මටත් සතුටක්. එදා අමාරුවෙන් ගෙනත් පෙන්නපු වහු පැටිය අමතක වෙලා. කැමා ඌත් එදා හිටිය.
    ලබන්නාවූ 2016 වසර සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. ආ...කම්මල 2 , ඌ 2015 දි අදුරගත්ත කරුමක්කාරයෙක. මතක් කරන්න එපා ඕකව.

      Delete
    2. ආ...කම්මල 2 , ඌ 2015 දි අදුරගත්ත කරුමක්කාරයෙක. මතක් කරන්න එපා ඕකව.

      Delete
    3. ආහ් දෙන්නම ඇවිල්ල, කම්මල 1 සහ කම්මල 2 ටත් ඉතාමත් සතුටින් ගතකල හැකි අවුරුද්දක් වේවා. ඔව් කැමාව දෙවේන් කොටසට මාරු කලා.

      Delete
  16. මේ අවුරුද්දෙ වගේම රසබර ලිපි ටිකක් ලබන වසරෙත් ලියන්න හැකිවේවා..
    එහෙනං ඊළග අවුරුද්දෙම හම්බෙමුකො
    ඔබට සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්, මුල ඉඳම්ම මාව දිරිමත් කලාට. ඔබට සිත සතුටෙන් තිබෙන වසරක් වේවා.

      Delete
  17. ප්‍රවීණ ගොඩට වැටුණට ඉකොනොමැට්ටානම් ලියන්න අරගෙන සති 33කුත් නැහැ. කොහොම වුණත්, (අතාත්ත්වික ලෙස හෝ) පිරිසක් හඳුනාගන්න ලැබීම බ්ලොග් එක පටන් ගන්නා විට අපේක්ෂා නොකළ දෙයක්. (ඒ නිසා බෝනස් එකක්!) ඇතැම් ලිපි වලට කමෙන්ට් එකක් දමන්න බැරි තරමට කාර්යබහුලව සිටි ඇතැම් අවස්ථාවල කියන්න අවශ්‍යව තිබූ දෙය ඉයන් විසින් කියා තිබෙනු දැකීම සතුටට කරුණක් වුණා. ඔබටත් සුබ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉකොන්. අන් අයගේ දැනීම පුළුල් කිරීමට ඔබ ගන්නා උත්සාහය තවදුරටත් සතුටින් කරගත හැකි, තෘප්තිමත් වසරක් වේවා.

      Delete
  18. මොකද මන්දා මට ඔය එක එක එව්වට වචනෙන් සුබපතන්ඩ හිතෙන්නැ . හැබැයි කාටවත් කෙලවෙයං කියල හිතන්නෙත් නැ

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණයක් නැහැ අටම් හිතෙන් සිතුවත් ඇති

      Delete
  19. Replies
    1. Thank you very much Senerath. Wish you a good year ahead.

      Delete
  20. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
    Replies
    1. කුරුටු පවුලට තවත් නිර්මාණාත්මක වසරක් වේවා.

      Delete
  21. මේ වසරේ තව තවත් පුලුල් (පලල් - බෝර්) වේවා.. හැක්.. ජය වෙවා ලිංතොට මලයා..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම පිං දේශක 'අයියන්ඩි', ඔබටත් බොහෝ සතුටින් ගෙවිය හැකි වසරක් පතමි.

      Delete
  22. බ්ලොග් ලෝකයෙ ප්‍රවීණයන් කියල දෙයක් නෑ ඉයන්. මම උඹෙන් ඉගෙනගන්නවා. උඹ මගෙන් ඉගෙන ගන්නවා. අපි දෙගොල්ලොම එකයි.

    බොට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී අර උසාවියෙ නීතීඥයෝ අනික් එකාට 'උගත් නීතීඥ' කියල කියන්නෙ , ඒ වගේ තමයි

      Delete
  23. සුබ නව වසරකක් වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩිනෙශ් ඔබටත් තෘප්තිමත් නව වසරක් ගෙවීමට හැකිවේවා

      Delete
  24. ඉඳහිට ලියන මම මොන ප්‍රවීණයෙක්ද හිටං ?ඉයන්ටත් පවුලේ සැමටත් මේ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
  25. ශුබ නව වසරක් වේවා "අඹ " යාලුවා

    ReplyDelete