Tuesday, November 17, 2015

දෙකකුල් අල්ලා හඬා වැටෙද්දී බඹසර බිලිගත් සලෙලුන්


මෙන්ඩාගෙන් බේරෙන්න බැරිකමට පෝස්ට් එකක් ලියනවා. ලියන්න තියෙන කම්මැලිකම ගැන හිතුවම මට හිතා ගන්න බැහැ රවී මහත්තය එහෙම ඔය පරිවර්ථන එහෙම කරන්න කොච්චර කැපවීමක් කරනවද කියල. ලේසියට මගේ සිංදුවක් ගැනම ලියන්නම්. 

මේ සිංදුව ලිව්වේ දිල්ලි නුවර වෛද්‍ය සිසුවියක් බස් රථයකදී දූශණය කිරීම පිලිබඳව එහෙ විශාල පෙලපාලි ආදිය පවත්වන කාලේ. මෙම සිද්ධිය සිදුවුනේ 2012 දෙසැම්බර් 16 දා. ජෝති සිං පාන්ඩේ නම් සිසුවිය යහළුවකු සමඟ බසයකට ගොඩවීමෙන් පසුව. මුලින් ඇයගේ නම ප්‍රසිද්ධ නොවුන නිසා ඇයව හැඳින්වූවේ 'නිර්භය' යන අන්වර්ථ නමකින්. මෙම සිද්ධියෙන් පස්සේ එයට සම්බන්ධ වූවන් එල්ලා මරණ ලෙස ඉල්ලා මුළු දිල්ලියේම පෙළපාලි පැවැත්වුනා. 

මෙම ගීතයට මුල් වුනේ දූශකයන් එල්ලා මරණ ලෙස තිබිච්ච අදහස. ලඟදී ලංකාවේ සිදුවුන විත්‍යා ඝාතනයත් සේයා ඝාතනයත් සිදුවූ වේලාවේත් මෙම 'එල්ලා මැරීම' කියන ඉල්ලීම ආවා. මේ සිද්ධි වලදී එල්ලා මැරීමේ ඉල්ලීම ආවේ සමාජයේ කොටස් වලින්. දූශණයක් කියන්නේ ගැහැණු කෙනෙකුට වෙන්න පුළුවන් විශාලතම පීඩාවක්. සමහර අය මරණයට පත් වුනත් දූශණය වෙන්න කැමති නැහැ. පෙරදිග රටවල දූශණය වූ කෙනෙක්ට ඒ නිසා ඇතිවන සමාජ ප්‍රශ්ණ මේ තත්ත්වය තවත් උග්‍ර කරනවා. මොහොතක සතුට නිසා තවත් මනුශ්‍යයෙක් ජීවිත කාලයක් දුක් විඳිනවා කියන එක ටිකක් හරි  තේරෙන කිසිම කෙනෙක් මේවගේ පහත් දෙයක් කරන්න යොමුවෙන්නේ නැහැ. ඒ වුනත් තමන්ගේ අවශ්‍යතාව ගැන විතරක්ම හිතන ආර්ත්මාර්ථකාමියෝ ඉන්නකන් මේවා සමාජයෙන් නැතිවෙන්නෙත් නැහැ.  

තව දෙයක් තමයි මීට පෙර දශක ගණනාවක්ම, දූශණය වූ තැනැත්තියට වඩා දූශකයන් ආරක්ශා කිරීමට පෙලෙඹෙන පොලිස් නිලධාරීන් සහ නීති ක්ශේත්‍රයේ අය සිටීම. මෙය නම් ටිකාක් විතර අඩුවීක් තියෙනවා කියලා හිතෙනවා. ගාමිනී ෆොන්සේකා 'උතුමාණෙනි' කියලා චිත්‍රපටියක් කලා මේ වගේ සිද්දියක් සම්බන්ධව. ධනවත් සල්ලාලයෙක් සහ ඔහුගේ පිරිවර රූ රැජින තරඟයකින් දිනන දුප්පත් කෙල්ලෙක්ව දූශණය කරන සිද්දියක්. ඔහුගෙ මුදල් වලට පොලිසියත් වෛද්‍ය වරුත් 'මිලදීගෙන' බේරෙනවා. ඒයින් ඇතිවූ ලැජ්ජාවට එම තරුණිය දිවිනසා ගන්නවා.

ආයිමත් ගීතයේ අදහසට. බුද්ධ ඉගැන්වීම් වලට අනුව අපට මුහුණ පාන්න වෙන දේවලට හේතුව අපිම සංසාරයේ කරපු දේවල්. ඒ අනුව යමෙක් දූශණය වෙනවා වගේ දරුණු සිද්ධියකට මුහුණ පාන්නත් හේතුවක් තියෙන්න ඕන. ඒවගේ සිද්ධියකින් කරපු නරක කර්මය ගෙවිල යනවා යැයි සිතන්න පුළුවන්. ඒ වගේ සිද්ධියකට මූණ දෙන්න වෙන දෙමව්පියො , සහෝදරයන් වැනි අයත් තමන්ගේ පවුලේ කෙනෙක්ට ඒවගේ දෙයක් සිද්ධ වෙන්නේ ඒගොල්ලන් කරපු වෙනත් කර්මයක් පටිසන් දීමෙන් වෙන්න පුළුවන් . එසේ නමුත් දූශණය වෙන පුද්ගලයා හෝ ලඟින් ඉන්න අය කර්මය පටිසන් දීම ගැන නොසිතා දූශකයාව එල්ලා මරන්න, ගෙවල් ගිනි තියන්න, අර උතුමාණනි චිත්‍රපටියේ නම් දූශකයන්ව ඝාතනය කරන්න යොමුවීම එක පවක් ගෙවා තවත් කර්මයක් එකතු කර ගැනීමක් වෙන්න පුලුවන් නේද? අන්න ඒ සංකල්පය තමයි මේ ගීතයේ කියන්නේ.      

ගී පදමාලාව

දෙකකුල් අල්ලා…., හඬා….වැටෙත්දී, 
බඹසර බිලිගත්, සලෙලුන්ටත්
කහවණු වෙනුවෙන්, නීතිය කෙලෙසූ, 
හිත්පිත් නැති නිල, දරුවන්ටත්
පාසැලෙ බුදුරුව, අබියස වැඩවූ, 
මෙත් සිත බිඳිනට, ඉඩක් නොදී
පතනෙමි උන්හැම, නිරෝගි වන්නට 
සුවපත් වන්නට , දුකින් මිදී..


වත නිති බැබළු…, මදහස දෙතොලේ, 
යලිත් නො එන්නට, මැකී ගිහින්
සෙනෙහස කැටිකොට…, බත් කැවු අම්මා, 
කුස්සිය හැරගොස්, වැරහැලි වී


දෙකකුල් අල්ලා…..

බවයක් පාසා…., හමුවෙමු කිව් ඔහු, 
කාටත් නොකියා, යන්න ගිහින්
මේ පෙර කලදේ…, යැයි දෙසු හිමියන්, 
වයිරය නොනිසියි…, කියා ඇතී

සංගීතය සහ ගයිඩ් ගායනය : විශාරද ජගත් වික්‍රමසිංහ
පද : මම aka කොහෙද යන පිස්සෙක් 

මේක චෙෆාකිගෙ පාටියේදී ප්ලේ කලා. හිටපු සමහර අයට මතක ඇති. එක අතකින් මම ලියපු සිංදුවලින් මම කැමතිම සිංදුවක්. එකම ප්‍රශ්ණේ තියෙන්නේ මේක ලිව්වෙ ගායිකාවකට. විශාරද ජගත් වික්‍රමසිංහ මේකට ගයිඩ් ටේප් එක හදනකොට සින්දුව සම්පූර්ණයෙන්ම කියලා. 

ගයිඩ් ගායනය කරන්නේ සිංදුව ගායන කරන පුද්ගලයාට පහසුවෙන්න ගීතයේ කොටස් වල එහෙන් මෙහෙන් ගායනා කිරීමයි. ඒක නිසා සාමාන්‍යයෙන් එවන් ගායනයක මුළු සිංදුවම කියන්නේ නැහැ.  සිංදුව කියල තියෙන විදිහට මම කොච්චර කැමතිද කියනවනම් මම තීරණය කලා ඒක පිරිමි කෙනෙක් කියන විදිහට සංශෝධනය කරලා ජගත්ගෙ කටහඬින්ම කියන්න. එහෙම හිතලා තාම අවුරුදු දෙකයි නැත්නම් තුනයි. තාම බැරි වුණා. ඒක නිසා පද තාම තියෙන්නේ ගායිකාවට ගැලපෙන විදිහට.සිංදුව රස විඳින්න ඒකෙන් බාධාවක් නෙමෙයි කියලා හිතෙන නිසා මේක දානවා. වචන වලින් විතරක් මේ සිංදුව ජජ් කරන්න එපා. 

ආදරයෙන් ඉල්ලා හිටිනවා කොහොම හරි මේ සිංදුව අහන්න කියලා.




98 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි NN ඉක්මනටම ආවාට. මම දන්නවා සිංදුව අහන්න කල් යනවා කියලා. අහල සිංදුව ගැන කමෙන්ට් එකක් දාන්න.

      Delete
    2. හරිම ලස්සනයි ඉයන් අයියා. ජගත් වික්‍රමසිංහ කියන්නෙත් මං හුගක්ම ආස කරන ගායකයෙක්.

      මේ සින්දුවත් අයියගෙ අනිත් සින්දු වගේම ලස්සනයි..
      ස්තූති බෙදා ගත්තට

      Delete
    3. නැවතත් බොහොම ස්තූතියි NN දිරිමත් කරනවට

      Delete
  2. පබැඳුම නම් මැක්සා මචන්.. වෙන කොම්පීතරේකට ගිහින්වත් අහල ඇවිත් අයෙත් අදහස කියන්නම්
    මෙවන් ගී නිමැවුම් වැඩිවැඩියෙන් කරන්න ධෛර්යය ලැබේවා
    ජයනේ ජයවේ ඉයනයෝ !

    ReplyDelete
    Replies
    1. www.clipconverter.cc පිහිටෙන් ඇහුවා ඉයනයෝ.. මට දැනෙන විදියට නම් අනර්ඝයි බන්. මාලනී බුලත්සිංහලයන්ට ගැළපෙන ගීයක්දෝ කියලත් දැනෙනවා..
      සුපිරි මචන්
      ජයවේ ඉයන්!

      Delete
    2. මචං වර්ණ බොහොම ස්තූතියි මචං. මාලිනී බුලත්සිංහල මහත්මිය මැරුණා කියල දන්නව නේද? මමත් හිතනවා එතුමිය හිටියනන් ගැලපෙනවා කියලා.

      Delete
    3. ඔව් දන්නව ඉයනයෝ මම කීවේ එතුමියගේ ගී ආරට කට හඬට මේක කදිමට ගැළපෙනවා කියලා හිතෙනවා...
      ජයවේ ඉයන්

      Delete
  3. බාගෙන ඇහුවා මචං.මේ ගීතය ජගත් වික්‍රමසිංහගේ ගායනයත් එක්ක ඉතා සංවේදිව දැනෙනවා.සරල සංගීතයක් යොදාගත්ත එකනම් හොඳයි..

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ මනෝ. පස්සේ අහපන් මුළු සින්දුවම. මේක මගේ ෆේවරිට් එකක්.

      Delete
    2. සිංදුව ලස්සනයි මචෝ.මම MP3 කරලා පෝන් එකට දාගත්තා...

      Delete
    3. ස්තූතියි මනෝ බොහොම සතුටුයි

      Delete
  4. පද රචනය සුපිරියි....... එ්කට මේ සංගීතයයි ජගත් වික්‍රරමසිංහයන්ගෙ කටහඩයි එක්වෙලා තවත් සුපිරියි......... ඇත්තටම ලස්සනයි.......... අර්ථවත්.............

    ReplyDelete
    Replies
    1. අවංක මචං බොහොම ස්තූතියි රස වින්ඳාට සහ කමෙන්ට් කලාට.

      Delete
  5. Ayyo. . Phn eken hithe hetiyata comment karanna beriyo. . 😕

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ කමී සිංදුව ඇහුවනං ඒ ඇති. ස්තූතියි මචං

      Delete
  6. කෝ අර කොහෙද යන පිස්සා

    ReplyDelete
    Replies
    1. මිනිහ කොහෙද හිහින්, අටම්. ආවට බොහොම ස්තූතියි

      Delete
  7. පද ටික දැක්කම ටාර් ගාලා පහලට ආවේ සින්දුව අහන්න පුළුවන්ද බලන්න දෙතුන් වතාවක් ඇහැව්වා....අර කොහෙද යන පිස්සට මගේ හද පිරි මෙව්වා එක....ජය !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශානු, සතුටුයි ඔබ ගීතය රස විඳීම ගැන.

      Delete
  8. හොඳ සින්දුවක් . එකම දේ //පතනෙමි උන්හැම, නිරෝගි වන්නට
    සුවපත් වන්නට , දුකින් මිදී.// එකඟ වෙන්නම බැහැ වගේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්. අදහස නම් මෛත්‍රී කිරීමේ උච්චතම අවස්ථාව හතුරෙකුට මෛත්‍රී කිරීම කියන එක. ඔබේ අදහස තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?

      Delete
    2. //මෛත්‍රී කිරීමේ උච්චතම අවස්ථාව හතුරෙකුට මෛත්‍රී කිරීම කියන එක//

      මේ ගැන සොවාන් මාර්ගය බ්ලොග් එකේ ලිපියෙ තියෙනව නේද...?

      Delete
    3. මමත් මෛත්‍රී භාවනාව කරපු කාලයක් තිබුන. නමුත් ඔච්චර දේවල් තමන්ට කරලා ඊට පස්සේ උන්ට මෛත්‍රී කරන්න මට නම් බැහැ. අමතක කරල් ජිවත් වෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් උසාවියට ගෙනිහින් දන්වම් ලබා දෙන්න පුළුවන් නම් වඩා හොඳයි. ඇයි ඒවගේ අයට නිකන් හොනදට් ජිවත් වෙන්න දෙන්නේ තමන් වද විඳලා.

      Delete
  9. Replies
    1. බොහොමත්ම ස්තූතියි අජිත්. නිහතමානීව සතුටු වෙමි.

      Delete
  10. සින්දුව අහද්දි ඇස් වලට කදුළු ආවා.මේ තරම් සංවේදී විදිහට ලිව්වෙ කොහොමද..? ලස්සන , දුක හිතෙන පද ගැලපීමක්. ඒත් ඉයන් ඔහොම දෙයක් කරපු කෙනෙකුට නම් සමාව දෙන්නවත් , මෛත්‍රී කරන්නවත් මට නම් හිතෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මේක ලියපු එකා අගය කිරිමක් විදිහට බෝතලයක් දෙනවානම් මට දෙන්න ..
      බ්‍රැන්ඩ් එක ගල්

      (බොන්නෙ අඔ)

      Delete
    2. හෑ...!!!! ඕව බොන්න හොද නෑ දරුවො.... , බොට බඩේ අමාරු හැදෙන්න පුළුවන්.

      Delete
    3. බොහොම ස්තූතියි අනුත්තරා. මෛත්‍රී කරන එක අමාරු දෙයක්. හතුරන්ට මෛත්‍රී කරන එක තමයි දක්ෂකම. ඒක වැඩිය යුතු කුසලතාවයක්. එනම් කුසලයක්.

      Delete
    4. මෛත්‍රී මේ දවස්වල කරන එක නම් සෑහෙන්න අමාරුයි කියලා හැමෝටම පේනවා.
      විධායකේ අහෝසි කලාමවත් ලේසිවෙයි කියල හිතනව ඇති.

      Delete
    5. අනේ නංගා මේ...උඔ හැදෙන්න ඉස්සර පැලෙන්නෙ නැතුව හිටු..අරක්කු කිව්වාම මගේ කටට කෙල උනනවා..

      Delete
    6. //හැදෙන්න ඉස්සර පැලෙන්නෙ නැතුව හිටු//

      අන්න අර කෙල්ල අඬනවා, පව් බං මෙන්ඩො පොඩි උන්ව මඩවන්න හැක්

      Delete
  11. ජගත් වික්‍රමසිංහගේ ලස්සන සින්දුවක්.. පට්ටයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු :)

      Delete
  12. මේ පිස්සගේ කැසට් එකක් කරන්න වෙනවා මේ යන විදියට.. ඔය නාටු මෙන්ඩට අහු උනොත් බේරෙනවා නං බොරු.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. කම්මැලි කවි ඇති උඔත් ලියපිය අලුත් එකක්

      Delete
    2. නාටු මෙන්ඩට නාටු මෙන්ඩ කියන එක හරිද බං දේශා

      Delete
  13. මම නම් ආය පාරක් අහන්නෙ නෑ එදා බොක්කෙන්ම අහගෙන හිටියා..ආය අහනවනම් බිලා තමයි අහන්නෙ..

    ReplyDelete
    Replies
    1. අද බොනවා, කොලඹ ඉන්නවද?

      Delete
    2. මේ දවස් දෙකම ගෙදරින් පිට බං..අද ගෙදර එනකන් අර ඩබල බලාගෙන ඉන්නවා..දුරකථන ඇමතුමක් දිපන්..
      චියර්ස්..

      Delete
  14. නටු මෙන්ඩ දෙශත් හොද හොද නං දාන්නෙ හැක්...
    සිංදුව නං ගති.. ඇයි මේක ජගත් වික්‍රමසිංහටම කිය්න දුන්න ං මේ විදිය නරකෙයි අර ලිංග භේදය ඒ තරං දැනෙන්නෙ නං නැති තරං.. මොනා වුණත් ඉයන් නෙ පද රචකයා... ඉයන් ගෙම කැමැත්ත...
    සිංදුව නං ගති ඈ

    ReplyDelete
    Replies
    1. මේක ගායිකාවකට ලියපු එකක්. ඉවර කරල නෑ. බොහොම ස්තූතියි මහේශ්

      Delete
  15. එදා සින්දුව අහන්න උනේ නැහැ හරි ඇහුනේ නැහැ හරි දෙකින් එකක්...
    අද නම් ඇහුවා... සින්දුව ලස්සනයි, ජගත් වික්‍රමසිංහ ලස්සනට ගායනා කරනවා...

    ///සෙනෙහස කැටිකොට…, බත් කැවු අම්මා,
    කුස්සිය හැරගොස්, වැරහැලි වී///
    මෙන්න මේ පඩි කොටස මට පොඩ්ඩක් නොගැළපෙන ගතියක් දැනුනා...
    (අදහසක් පමණයි...)

    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. මචං මේ කෑල්ලෙන් ගොඩක් දේවල් එකට දාල කියල තියෙනවා. මේවගේ සිද්ධියකට මුහුණ දුන් ගෙදරක බතක් ඉදෙන්නෙ නෑ. ගෙදරක වෙන දේවල් කඩා වැටිල. මූලික තැනක් වන කුස්සිය පාලුවට ගිහිල්ල. අම්මා ශෝකයට මුළු ගැන්විල. නොකා නොබී ඉඳල වැහැරිල. මේ ඔක්කොම එකට දාල තමයි ඒක තියෙන්නෙ.

      Delete
    2. ලොකු, ඇයි බං මතක නැද්ද කටුස්සට සින්දු කියන්න ඔනේ කියලා..අපිට සින්දු අහන්න දුන්නෙම නෑ..

      Delete
    3. අසහාය ගායකයානෙ බං ඌ

      Delete
    4. ///අසහාය ගායකයානෙ බං ඌ ///
      මොන අසහාය ගායක කමක්ද, ඌ අපාය සහායක. හෙහ් හෙහ්...

      Delete
  16. හරිම ලස්සනයි ඉයන්..... පද රචනාවට ගායකයා උපරිම සාධාරණයක් කරලා.. ගැඹුරු කටහඩක් තියෙන ගායිකාවක් කිව්වෝත් ගොඩාක් සංවේදි වෙයි ඉයන්

    ReplyDelete
    Replies
    1. නන්දා මාලිනී මහත්මිය වගේද? බොහොම ස්තූතියි මචං

      Delete
  17. වැඩිය සිංදු නොදන්න නොඅහන මටත් මේකෙ ලස්සන දැනෙනවා KYP

    Btw,
    http://transyl2014.blogspot.com/2015/11/blog-post_17.html

    ReplyDelete
  18. ඉයන් සහෝ....(සමහරුන්ට උඹ තාම ලෑන් ) අද රෑට ආයෙත් හොඳ සවුන්ඩ් සිස්ටම් එකක දාලා මේක මට අහන්න සලස්වන්න..කරුනාකරලා...මට සිංදු අහන්න බැහැ නැතුව....

    ReplyDelete
    Replies
    1. ඉයන් ඉතින් සිම්පල් අහිංසක මනුස්සයා (!!! ) නිසා සමහරු ලෑන් කියනව ඇති.
      කැපිටල් අයි I එකෙන් මමත්වයනෙ. මමත්වය දුරුකරල සෝවාන් මාර්ගය ලෙහෙසි වෙන්නෙ සිම්පල් එල් l එකේ ලව් වලින් වෙන්න ඇති

      Delete
    2. මරු අර්ථ දැක්වීම ප්‍රා.

      Delete
    3. චෙෆාගෙ කමෙන්ට් එක ඉග්නෝ කරේ ඕනකමින්ම.

      Delete
  19. ඔන්න ඉයන් මම මේ සින්දුව දෙපාරක් ම ඇහුවා. වැඩ ගොඩක් අස්සෙ උනත් මට දැනෙන හැබෑම අදහස ඔන්න ලියනව එහෙනම්.

    කලින් පෝස්ට්වල කිව්ව වගේ මම බොහොම කැමති මේ ගායකයට. ඔහුගේ තනු නිර්මාණත් ඒ වගේමයි. පිස්සත් එතනටම දැන් සෙට් කරා. ඉයන්, මම මේ ගීතය අහන අතරේ හිතින් කාන්තා හඬක් මවලා, මේ සින්දුවෙ ජගත්ගෙ සව්න්ඩ් ඉෆෙක්ට් එක දාලා බැලුවා. කියල වැඩක් නෑ. නියමෙට එනවා. මට හිතෙන විදිහට උරේශා, මහේශිකා ලක්මාලි, ගයනි මදූශා, පියුමි නිසන්සලා, මංගලිකා තෙන්නකෝන් වගේ හඬවල් මේ පද මාලාවට ගැලපේවි.

    ඉල්ලීමක්: මේ සින්දුව ආයේ රෙකෝඩ් කරොත් මට මේලක් දාන්න. එතකොට බ්ලොග් ලෝකේ හිටියත් නැතත් මේ ඉල්ලීම ඉස්ට කරන්න.

    ජයෙන් ජය ඉයන් පිස්සෝ.

    ReplyDelete
    Replies
    1. මචං කසුන් බොහෝම ස්තූතියි . මම ජගත්ට කථා කරලා මේ කෙනෙක් ගන්න බලන්නම්. මේ අතරින් මේකට වඩාත්ම හොඳ කව්ද?

      Delete
    2. //උරේශා, මහේශිකා ලක්මාලි, ගයනි මදූශා, පියුමි නිසන්සලා, මංගලිකා තෙන්නකෝන්//
      කසුනෝ කවුද බන් මේ ....? අලුත් ගායිකාවෝද ? උරේෂා රවිහාරි ද ? ....

      Delete
    3. මේ අපේ පහල ගෙදර කෙල්ලො සෙට් එක. ඇයි නරකද? උරේශට ඕන එකක් ගැලපෙනවනෙ. හැම ජාතියකම සින්දු කියපු කෙනෙක්නෙ.

      Delete
    4. //මේ අපේ පහල ගෙදර කෙල්ලො සෙට් එක.// එකනේ මචෝ ...මම හිතුවා උඹලා ගෙවල් ළඟ සෙට් එක කියලා ...හැක්

      Delete
  20. 4.1 sound වලින් ඇහුවේ. හරිම ලස්සණයි. තවත් සාකච්ඡා කර, බටහිර සංගීතය හැකිතරම් පෙරදිග කරන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා මම උත්සාහ කරන්නම්

      Delete
  21. මම දාපු කමෙන්ට් එක පබ්ලිෂ් වෙලා නෑ.
    එදා ආසාවෙන් ඇහුවත් ගෝරිල්ල ඇවිත් කරදර කරපු හින්ද නියම විදිහට රස විදින්න බැරි උනා. මෙතන තියන එක Tab එකෙන් play වෙන්නෙ නෑ. ආයෙ හම්බුනාම pen drive එකකට ඒ සිංදු ටික දාල දෙන්න අඹ යාළුවා ,

    ReplyDelete
  22. Wooooow ඇත්තටම හැමෝම මෙහෙම හිතනවානම් මොනවද කරන්න බැරි. අර සුනාපරන්තයට ගිය ස්වාමීන්වහන්සේගෙන් බුදුරජාණන්වහන්සේ විමසුවාම සුනාපරන්තයේ මිනිසුන් උන්වහන්සේට පහර දුන්නොත් අතපය කපා දැමුවොත් මොකද කරන්නෙ කියලා. උන්වහන්සේ පිළිතුරු දුන්නලු මේ අය මාව ඝාතනය කලේ නෑනෙ. කොයිතරම් හොඳ මිනිසුන්ද කියලා හිතනවා කියලා.

    ඒත් ගැහැණු ලමයෙක්ව දුෂණය කරනවා කියන කාරණය ගත්තම ටිකක් පුළුල්ව කතා කරන්න ඕන දෙයක්. එහෙම දෙයක් කරපු කෙනෙකුට සමාව දෙනවා කියන කාරණේත් පුහුදුන් හිතකට කරන්න පුළුවන්ද කියා මට නම් සැකයි.


    මොනවා වුණත් පදවැල නම් අපූරුයි . කිව්වත් වගේ කාන්තා හඬකින් අහන්න තිබුණා නම් තවත් ලස්සන වෙයි කියලා හිතෙනවා. ඉඳලා හිටලා ලිව්වට මොකද පෝස්ට් එක නම් ඉස්තරම් ඉයන්.

    ReplyDelete
    Replies
    1. බෞද්ධාගමේ කියා දෙන්නේ මේ දේ තමයි. අද හතුරෙකුට මෛත්‍රී කරන්න බැරි තත්ත්වෙ ඉඳල පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට එන්න උත්සාහ කරන්න වෙනවා. නැත්නම් මේ භවයෙත් එතනමයි.

      Delete
  23. කොල්ලා දක්ෂයා :)

    ReplyDelete
  24. මටත් හිතෙන්නේ මේ සිංදුවට ජගත් වඩා සාධාරණයක් කරනවා කියලා , ඒත් මේ ගීතය දීපිකා ප්‍රියදර්ශනී හෝ ශෂිකා නිසංසලා වගේ ගායිකාවකට හොඳින් ගැලපෙනවා කියලත් මට හිතෙනවා. සංගීතය නම් විශිෂ්ටයි. මම හිතෙන්නේ රෝහණ වීරසිංහයන් වගේම සංගීතඥයා කියන වචනයට අරුතක් සපයන අනික් පුද්ගලයා තමා ජගත් . නියමයි ඉයන්

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ දීපිකා ප්‍රියදර්ශනීට මේ සිංදුව හොදට හරි යයි කියල.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඉයන්ගෙ කන් ඇහනෙවා බං ඔක ඒක පාරක් කිව්වාම මදෑ?

      Delete
    4. ඇත්තම කිව්වොත් කන ඇහෙනවනම් ටිකක් අඩුයි. වයසෙ ප්‍රශ්ණ.

      Delete
    5. දීපිකා හොඳයි කියල මටත් හිතෙනවා. ස්තූතියි ඉවාන් & කම්මලයා

      Delete
  25. ලස්සන පද වැලක්. ඊටම ගැලපෙන කටහඬක්...හරිම අපූරුයි ඉයන්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොඩ්ඩි. ඔයාගේ කථාවත් මරු.

      Delete
  26. නියමයි ඉයන් ...වචන ටික දකිද්දී මට සින්දු දෙක තුනක්ම මතක් උනා ...
    මේකත් ඔය වාගේ නේද ?

    කුමරි බඹසර පරම පිවිතුරු
    කුවේරය දැන් තොපට බිලි දෙමි...
    බිලි ගනින් මා බිලි ගනින්
    කුමරි බඹසර බිලි ගනින්...

    ශිල්ප සඳහා ලැබූ සහතික
    හදේ ගින්නෙන් දවමි තොප ලඟ
    මුදල් අගයන තොපේ ලොවකට
    උගත්කම් ගුණ දහම් කුමටද...

    තොපට බිලි වී තොපෙන් සුරැකී...
    කාණු පල්ලේ පලි ගසන්නෙමි
    දිනෙක තොපගේ ලොවම බිලි ගෙන
    අපේ ලෝකය ගොඩනඟන්නෙමි...

    සංගීතය : රෝහණ වීරසිංහ
    ගායනය : නන්දා මාලිනී
    ගී පද : සුනිල් ආරියරත්න

    ReplyDelete
    Replies
    1. ඔව් සින්දුවා ඒ අදහසම තමයි. පොඩ්ඩක් වෙනස් වෙන්නේ මේකෙ කියන්නෙ මොන මට්ටමේ හතුරෙක් උනත් බුද්ධාගමේ තියෙන මෛත්‍රී කිරීම ගැන. බොහොම ස්තූතියි මචං.

      Delete
    2. ගැහැණිය !
      සඳින් සොමි ගෙන මැවූ ගැහැණිය
      ළා හෝ පලු - මෙලෙක ගෙන
      ළා හෙල්මැලි - සිහිල ගෙන
      මැවූ ගැහැණිය !
      ඔබ බිලි පුජාවද - පුරුෂ සංහතියේ
      අසන් උස් හඬින් කෑ ගසා ..

      ලෝකය බිහි කළ මාතාවයි ඔබ
      ස්නේහය කැටි කළ සොයුරියයි ඔබ
      ප්‍රේමය පිඬු කළ පෙම්වතියයි ඔබ
      මන්ද - පුරුෂ සංහතියේ නිය පඳුරු නැගී
      ලේ සොලවන්නේ
      ඔබගේ ළය මඬලේ
      අසන් උස් හඬින් කෑ ගසා ..

      බාඳුරා මලක් නොවේ ඔබ
      බඹරුන් ගොදුරට ගන්නා
      ලිය තඹර නොවේ ඔබ
      තවුසන් දැහැනින් මුදනා
      පව්කාරියකැයි ඔබට නිගා දෙන
      පුණ්‍යවන්තයෝ කවුරුද - පුරුෂ සංහතියේ
      අසන් උස් හඬින් කෑ ගසා .....

      ගායනය - නන්දා මාලනී
      ගී පද - සුනිල් ආරියරත්න
      සංගීතය - සරත් වික්‍රම

      Delete
    3. නියම පදමාලාව, ස්තූතියි සින්දුවා

      Delete
  27. මචං යූ ටියුබ් ලින්ක් එක දාපං තරහ නැතුව. මට යූටියුබ් යන්න බැරි නිසා ලින්කුව දුන්නොත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=P5pc31_ZWK0

      ස්තූතියි රාජ්

      Delete
  28. පබැඳුම අනර්ඝයි.. සංගීතයත් අනර්ඝයි... ඒත් මම එකඟ වෙන්නේ නැති තැනක් තියනවා මෙතන.. මේ ගීතය වඩාත් ගැලපෙන්නේ මාලනී බුලත්සිහල වගේ හඬක් තියන කෙනෙකුට කියලයි චුට්ටක් වෙන්න තියන මගේ සංගීත ඥාණය කියන්නෙම...ගීතය ඇතුලේ අලංකාර ගායනා කරන ගැහැණු කටහඬක් මේ ගීතයට දාල අහන්න මට හරිම ආසාවක් දැනුන මේක අහුවයින් පස්සේ.. ජගත් වික්‍රමසිංහ දක්ෂ සංගීත වේදියෙක් .. එකේ ආයේ කතා දෙකක් නැහැ..

    ගීතයක් හදද්දී විනාඩි 4 ට අඩුවෙන්න හදන්න උත්සහ කරොත් පබ්ලිෂ් කරද්දී ලේසියි ඉයන්... නැත්තම් පබ්ලිෂ් කරන්න යද්දී ගීත සම්පාදකලා ගීතය ප්‍රචාරය නොකරන්න වැඩි නැඹුරුවක් තියනවා කියල මම අහල තියනවා... අපි සංගීතය මුසු කරද්දී සංගීත රසය ගැන හිතුවට ගීත ප්‍රචාරය කරන ආයතන හිතන්නේ කාලය සහ මුදල් ගැන විතරයි.. ඒ හේතුව හින්දම මම හදපු ගීතයක් ඔක්කොම මියුසික් හදලත් විනාඩි 4 ට වඩා අඩු කරගන්න බැරි නිසා ගයිඩ් එකේම යුටියුබ් එකට දාල තියෙන්න ඇරිය ෆයිනල් වොයිස් දාන්නේ නැතුවම .

    ස්ත්‍රී දුෂණ ගැන කතා කරනවානම් ,කර්මයත් එක්ක කැරකෙන ලෝකෙක බාහිර පුද්ගලයින්ගේ කර්මය එක්ක ගැටෙනාවට වඩා තමුන්ගේ කර්මය එක්ක ගැටිලා එකෙන් ජයගන්න විදිහක් හොයාගන්න එක වටිනවා කියලයි මගේ අදහස. ඒ ඒ කෙනා වපුරපු බීජ වල අස්වැන්න ඒ ඒ කෙනා නෙලාගෙන යද්දී අපි සිතිය යුත්තේ සරු කෙතක අපේ බීජ වපුරලා සරු අස්වැන්නක් ගෙට ගන්න විදිහක් සෙවීමයි. බුදුරජානන් වහන්සේ පසුපස නොගියොත් අපිට මේකෙන් කවදාවත් ගැලවෙන්න බැහැ ඉයන්.. මේක දුක් ගොඩක්.. බැලූ බැලූ අතේ තියෙන්නේ දුකම විතරයි..

    කමෙන්ට් එක දිග වැඩිද මන්ද..

    ReplyDelete
    Replies
    1. මචං බොහොම ස්තූතියි දිග කමෙන්ට් එකට. මචං මේක ලිව්වේ ගායිකාවකට. මේක ගයිඩ් ටේප් එක. ඒකෙ ජගත් සිංදුවම කියලා. ඒකෙ තියෙන ලස්සනට තමයි මම ආස. ඒක ගැලපෙන්නෙ නැතිබව ඇත්ත. ඉක්මනට මේක ඉවර කරන්න ඕන. මගේ ගොඩක් සිංදු විනාඩි 3 පනිනවා. මේවා හදන්නේ මීඩියා වලින් ප්‍රචාරය වෙයි කියල හිතාගෙන නෙමෙයි. උඹ දන්නව ඇතිනේ ඒවගේ දැන් තියෙන ගේම්ස්. ඔන්න ඔහෙ ආසාවට කරල දානවා.

      කර්මය සහ ජීවිතයේ ඇත්ත තත්ත්වය උබ හොඳට තේරුන් අරන් ඉන්න පාටයි. මේ සිංදුව ලියන්නත් හේතුව ඒකයි. මොනම හේතුවක් නිසා වෛරය ඇතිකර ගැනීම සසර දිග් කරගන්න හේතුවක්. ඒක නිසා තම ස්ත්‍රී දූශණය වගේ අති බැරෑරුම් වේදනාවකදිත් මෛත්‍රී කරන්න කියන එක තමයි මේ සිංදුවේ පණිවිඩය.

      Delete
    2. මොන දිග වැඩියක්ද?
      එල ද බ්‍රා කමෙන්ටුවක්

      Delete
    3. මමනම් එකෙන්ම නැවැත්තුව බන් සිංදු හදන එක.. ඇහැට සිංදු හදන කාලෙක කනට සින්දු හදන මිනිස්සුන්ට ඉල්ලුමක් නැහැ... මේ තියෙන්නේ මම මියුසික් කරපු එකක්... මගේ මලකඩ ගයිඩ් වොයිස් එක තමයි තියෙන්නේ..
      https://www.youtube.com/watch?v=pFm8HqQF9SA

      Delete
    4. සින්දුව ඇහුවා...මරු ...ඇත්තටම හරිම ලස්සනයි කටහඩත් හොදයි ...තව සින්දු තියෙනවාද අම්බලන් අයියා හදපු....?

      Delete
  29. මේක ගායනා කරන්න ඕන ගායිකාවක්.. ඒ කව්ද කියලා ඉයන් ඩෑන්ට කියන්න ඕනැන්නෙ නෑ...

    ගීතය පට්ටයි කියන්න බෑ.. ඒ වගේම කර්මය මම කොහෙත්ම පිලිගන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔව් මාතෙ ගායිකාවක් තමයි. මේක ගයිඩ් රෙකොර්ඩින්ග් එකක්

      Delete
  30. ගයිඩ් ගායනයක් කියන්නේ මේක තාමත් නිවැරදිම ශිල්පියා විසින් ගයනා කරන ලද්දක් නෙමේද ? යු ටියුබ් නැතුව mp3 ලින්ක් එකක් නැතිද මේ සින්දුව අහන්න.මගේ යු ටියුබ් බොහෝවිට අවුල්.

    ReplyDelete
    Replies
    1. හරි මචං ඒක තමයි. ගායන ශිල්පියාගේ ගායනය ගයිඩ් කරන්න සංගීත ශිල්පියා ගීතයේ කොටස් ගායනා කරන එකට තමයි ගයිඩ් ටේප් එක කියන්නේ.

      Delete
  31. ඉයන් .. පරක්කු වෙලා නමුත් මේකට මොකුත් නොකිව්වොත් හිතට හරි මදි... අපූරුයි.. හිතට තදට වදිනවා... අර මෛත්‍රී කරන සීන් එක මට පොඩ්ඩක් අවුල්.. මගෙ විදිය එය නොවෙන නිසා වෙන්න ඇති... ආඩම්බරයි මචං... අපේ එකට ඉන්න සහෝදරයෙක් මේ වගේ දේවලුත් කරනව කිව්වම... සිරාවට..

    ReplyDelete
    Replies
    1. සජ්ජා, බොහොම ස්තූතියි මචං. මෛත්‍රී සීන් එක හම්බු වුන වෙලාවක වැඩි විස්තර කියන්නම්.

      Delete
  32. ඉයන් ,...මම මේ සින්දුව ආයෙ ආයෙමත් අහද්දි කලින් නොදැනුණු විදිහෙ අනුකම්පා සහගත හැගීමක් දැනුනා.සමහරවිට ඔයා කියන්න අදහස් කරන දේ ඒක වෙන්නැති.ඒ පදවැල් වල අර්ථය දෙපාරක් අපිව හිතන්න පොළඹවනවා.
    විෂුවල් එක්ක බලද්දී මෛත්‍රී කරන සිතුවිල්ලක් ඇති නොවන නිසා මම සින්දුව විතරක් ඇහැව්වා.අන්තිමට හදවතින්ම මෙහෙම පැතුවා.....
    "පතනෙමු උන් හැම සුවපත් වන්නට
    නිරෝගි වන්නට දුකින් මිදී......"

    ReplyDelete
    Replies
    1. අනුත්තරා ඇත්තටම විසුවල් එක සිංදුවට ගැලපෙන්නේ නැහැ. හැබැයි මේ වගේ විසුවල් ඒකක් දාන්න හේතුවක් තිබුණා. මේ සිංදුවෙන් කරදරයකට පත්වෙන කාන්තාවන් ගැන කෙනෙක් ගේ දුකක් ඇතිවෙන කොට ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන යටි හිතට පණිවිඩයක් දෙන්න. මේ සිංදුවයි විසුවල් එකයි හැදුනේ මේවගේ සිද්ධියක් ගැන ලොකු ආන්දෝලනයක් තිබිච්ච් කාලේ නිසා එහෙම වුනා. මට සිංදුවෙන් දෙන්න ඕන පනිවිඩය නම් අපිට කිසියම්ම ආකාරයක අනදරයක් කල කෙනෙක්ටවත් වෛර කිරීමෙන් වෙන්නේ අපිටම පාඩුවක් මිස ඒ පුද්ගලයාට දඬුවමක් නොවන බව පෙන්නා දීමට. මේ සිංදුවේ එන කාන්තාව මේ වගේ කරදරයකට, නීතියෙන් අසාධාරණයකට, සිද්ධිය නිසාම පෙම්වතා හැරගොස් වගේ තත්ත්වයකට පත්වුනත්, ඇය කාලයක් තිස්සේ වඩවපු මෛත්‍රීය කැඩෙන්න ඉඩ නොදීම. බොහොම ස්තූතියි අනුත්තරා, නැවත නැවතත් සිංදුව රස විඳීම ගැන. හැකියාවක් තිබේ නම් ෆේස්බුක් එකේ යාළුවන් අතර බෙදාගන්න.

      Delete
  33. ඒයි උඔගේ බ්ලොග් මදුරැ බිත්තර දායි..ඒක නිසා අලුත් එකක් ලියපිය..

    ReplyDelete
  34. විවේකීව ඉන්න ගමන් ලෑන්ගෙ සින්දුව කීපවරක්ම ඇහුවා... ඇත්තටම ගස්ලබ්බ වඩාත් මනාප මේ පද පේලි අස්සෙ තියෙන අර්ථ රසයට... මේ පද ගලපන්නම පුදුම තරම් සංහිඳියාවක් හිතේ ඇතිකරගන්න වෙනවා.. අවසාන හරියේ ඝණ්ඨාර නාදයක් ලාවට ඇහිලා නෑහිලා ගියා වගේ දැනුනා සිරාවටම.
    නිශ්පාදනයක් විදිහට එලියට දෙන පිටපත මේකම නොවෙන නිසා බලාගෙන ඉන්නවා අවසන් පිටපත රසවිඳින්න..
    ජයවේවා..!!

    ReplyDelete