Friday, October 16, 2015

මිනිසත් බවය මිනිසෙකු ලෙස ගෙවාපන්

මෙන්ඩ අර පාලම දිගේ ඉන්දියාවේ සිංදු ගේන්න පටන්ගන්න ඉස්සර මගේ සිංදුටික දාල ඉවරයක් කරන්නත් ඕන. ඒක නිසයි සති අන්තයේදී අහන්න මගේ සිංදුවක් දෙන්නයි මේ පෝස්ට් එක. මේක මම 2013 දි විතර ලියපු එකක්. සංගීතය සහ ගායනය විශාරද ජගත් වික්‍රමසිංහ ගෙන්. තේරුම් ගන්න අමාරු නොවන සිංදුවක් නිසා වැඩි විස්තර ලියන්න දෙයක් නැහැ. ඔෆිස් වලදි සිංදු අහන්න බැරි නෝනා වරු මහත්වරු කරණාකරලා සති අන්තයේදී ගෙදරදී අහල කැමතිනම් කමෙන්ට් එකකුත් දාලම ගියොත් තමයි හොඳ.




කිරිදුන් මවගෙ, මස් කෑ දා, දවසක්ද
අන්සතු දෙයක්, අරගත් දා, දවසක්ද 
කම් සැපෙ ගිලී, ගතකල දා, දවසක්ද
මුසා දොඩා ලොවදිනු දා, දවසක්ද

අනුනගෙ දූප, වපුරපු දා, පලක් නොවේ
මානෙන් ඉදිමි, වැජඹුන දා, පලක් නොවේ//
වයිර හිතින්, ගතකල දා, පලක් නොවේ
ලොවට, වැඩක් කල නැතිදා, වැඩක් නොවේ

කුසගිනි කුසක්, පිරවූ දා, දවසක්ය
හඬනා සිතක්, සැනසූ දා, දවසක්ය//
මාපිය අහිමි, වැරහැලි හැඳි දරුවෙකුගේ  
සිත සනසවා, සැරසූ දා, දවසක්ය 

හැම දාමත්, කුසගින්නක්, නිමාපන්
දුටු හැම විටම, කඳුලක් පිස, දමාපන්//
අන් අය ගැනම, හැම දාමත්, හිතාපන්
මිනිසත් බවය, මිනිසෙකු ලෙස, ගෙවාපන්

කිරිදුන් කිරිමවගෙ/

සංගීතය සහ ගායනය විශාරද ජගත් වික්‍රමසිංහ
ගී පද : කොහෙද යන පිස්සෙක්


60 comments:

  1. අඩේ අහල නෑ නෙව මේ සිංදුව. ඔය පිස්සා ලියපු තව සිංදු නැතෙයි

    ReplyDelete
    Replies
    1. දේශා ස්තූතියි පළමුවෙනි කමෙන්ට් එකට. තව තියෙනවා. පරණ පොස්ට් වල කිහිපයක් ඇති. තව ටිකක් ඉස්සරහර දානවා. ස්තූතියි මචං

      Delete
    2. අඩේ මං මීට කලින් ඇවිත් තියේ

      Delete
    3. මම දන්නව. මම කිව්වෙ මේ පෝස්ට් එකේ පලමුවෙනි කමෙන්ට් එක මෙන්ඩා එන්න කලින් දැම්මට :)

      Delete
    4. උඹ කිව්වේ අර පිස්සු කංමල් කාරයා ගැනද බං..හැක්

      Delete
    5. අර ගෑණු ජන්ගි මහල දැන් බ්‍රසියර් මහන එකා.

      Delete
    6. ඇමරිකාවේ සුද්දියෝ බ්‍රා නැතුව පාරවල් දිගේ දුවනවලු...නැත්නම් අදත් මමයි එක

      Delete
    7. දේශා
      තෝ මෙන්ඩා දන්නෙ නෑ..

      Delete
    8. //උඹ කිව්වේ අර පිස්සු කංමල් කාරයා ගැනද බං..හැක්//
      මම නෙමේ ඔය ඉන්න පහල කරඹෑවෙ එකා ගැන.
      පහල කරඹෑවෙ එකා ... ඔය දේශට ගිනි පිඹපිය අඩා :D

      Delete
    9. දේශා..දෙරි ගහපිය අඩාාාාාා

      Delete
  2. අපි මේ සිංදුව ඇහුව. මේකට අඩු කෑල්ල මම දාන්නම්

    සුරා බිබී ෆන් ගත්දා , දවසක්ද

    පන්සිල් නම් පන්සිල් බාගෙට වැඩ බෑ අපිත් එක්ක.

    ReplyDelete
    Replies
    1. මචං මද පමණට සුරා පානය ශරීරයට හිතකරයි. අධික සුරා පානය අධික ආහාර ගැනීම හෙවත් ඔවර් ඩුයින් අහිතකරයි.

      Delete
    2. දුම් පානය ගැන ඔබ තුමාගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි.. සින්දුව ගැන කොමෙන්ටුව පසුවට... අපි වැඩ...

      Delete
    3. අනුන්ට හානි නොවන විදිහට අන් අයට කරදරයක් නොවන විදිහට දුම් පානය ගැන වරදක් නොදකිමි.

      Delete
    4. තමන් එකක් පත්තු කරන විට ලග ඉන්න යාලුවටත් එකක් දෙන දුම්පානය කිසිදු වරදක් නැත

      Delete
    5. සිකරට් බොනව නෙවෙයි කනව

      Delete
  3. ...//මිනිසත් බවය, මිනිසෙකු ලෙස, ගෙවාපන්//..

    උපේ උත්තමාචාරය ඉයන් මේ වගේ අර්ථවත් ගීපද රචනයක් කලාට.....

    ReplyDelete
    Replies
    1. ඉයන් සෝවාන් මග්ග එකෙත් ලියන්න පටන්ගමුද ?

      Delete
    2. ස්තූතියි මනෝ මම ඒ බ්ලොග් එකේ ඩීටේල්ස් එවන්නම්. මට lankan.ian@gmail.com එකට ඊමේල් එකක් එවපං

      Delete
  4. //මචං මද පමණට සුරා පානය ශරීරයට හිතකරයි.//
    අම්මප කියහං ඉයන් අයියෙ. කනට අඹ නෙක්ටා දැම්ම වගේ.

    මට reply තැන කමෙන්ට් කරන්න open වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. එදා අපි එකෙක්වත් කකුල් හතරෙන් ගියේ නැහැනෙ

      Delete
    2. කට ඇරහන් දෙන්නම ගල් කාලක් වක් කරන්න

      Delete
    3. Ian - සිරාවට ගියේ නැද්ද ..?? අහන්නත් සතුටුයි ...

      Delete
    4. නෑ...ඇදක් වගේ පුටුවක් තිබුනා ඒකේ බුදිය ගත්තා

      Delete
  5. නිදහස් වෙලාවක අහලම කමෙන්ට් කරන්නම් ඉයන්. දැන් නම් වැඩ ගොඩ ගැහිලා...

    ReplyDelete
  6. අනේ මචං..
    මට ගෙදර ටිවි රේඩියෝ ලැප් ටොප් ඉන්ටර්නෙට් නෑ ඉතිං මේ සිංදුව සති අන්තේ අහන්න වෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. කොහෙදි හරි කමක් නැහැ අහපන්

      Delete
  7. සින්දුව එළ.. කලින් අහල තියෙයි..
    - දන්න එකෙක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දන්න ඇනෝ

      Delete
  8. ඉයන්ගේ වචන ගැන ඉතින් අලුතෙන් වනන්න ඕනෙ නෑනෙ. උපදේශාත්මක ගී ගොඩට නේද මේක වැටෙන්නෙ? අගේ ඇති නිර්මානයක්.

    අනික විශේෂයෙන් මේ ගීතයේ ගායක, සංගීත නිර්මාන ෂිල්පියා ගැන කියන්න ඕනෙ. ඔහු මගේ ප්‍රියතම කෙනෙක්. කිසිම කලබලයක් නැති නිර්මානකරුවෙක්. මම තවමත් හරි ආසාවෙන් අහනවා ජගත් වික්‍රමසිංහගේ සත්සමුදුර කියන ගී අනුවාදන ඇල්බමය.

    සුබ පතනවා ඉයන් තවත් හොඳ නිර්මාන කරන්න හැකි වේවා කියල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කසුන්. ජගත් වික්‍රමසිංහ මහතා හරිම නිහතමානී කෙනෙක්

      Delete
  9. සිංදුව ඇහුවා..මේ දවස්වල මගේ වොයිස් එකත් මරු ඉයන්...! මොකෝ කියන්නේ අලුත් සිංදුවක් කියමුද...?

    ReplyDelete
    Replies
    1. අමරදේව මහත්තයාගේ කට හඬට කිට්ටු කරලද? කරමු එකක් පද මාලා තියෙනවා. උණ එහෙම වැඩිවෙලානම් අමරදේව මහත්තයා වගේ පොඩි වෙව්ලිලකුත් දාන්න පුළුවන් ඇතිනේ චෙෆාකි :)

      Delete
  10. ෂඃ...................අපූරු නිර්මානයක්නේ. බොහොම අගෙයි. මෙතනින් නවතින්නේ නැතුව ඉදිරියට යන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා.

      Delete
  11. උඹලා වගේ විවිධ හැකියාවල් ඇතිවුන් බ්ලොග් ලෝකෙට එකතුවීම මේක වඩා ලස්සන තැනක් කරන්න උදව් වෙනවා. ඇත්තෙන්ම හරිම සතු‍ටුයි උඹේ හැකියාව ගැන. එතකොට උඹ සින්දු ලියන්නෙත් ඉයන් ලින්තොට කියන ආරූඪ නමින් එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. මෙතන ඉන්න එවුවොන්ගෙ හැකියාවන් එක්ක මම තාම මඟ. මචං ඩූඩ් ඉයන් ලින්තොට කියන්නේ මගේ ආරූඪ නම. මේවා මගේ එදිනෙදා සමාජයට හොරෙන් කරන ඒවා. බොහොම ස්තූතියි මචං.

      Delete
  12. අඩේ... නියම සින්දුවක්. කලින් අහලනම් නැහැ. මේක මරු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බණ්ඩා. ඔබ රස විඳීම ගැන ඉතාමත් සතුටුයි

      Delete
  13. අඩේ මේ සින්දුව අහල නෑ නෙ ...
    කමක් නෑ ...
    මේක අපිටම කියපු සිංදුවක් වගේ ....

    ReplyDelete
    Replies
    1. ඔව් බං පොඩි දේවල් වලින් අපිට සතුට හොයාගන්න පුලුවන්. තමන්ට යමක් කරගත්තම සතුට තාවකාලිකයි, අනුන්ට යමක් කලාම සතුට වැඩි කලක් පවතිනවා

      Delete
    2. //අනුන්ට යමක් කලාම සතුට වැඩි කලක් පවතිනවා//
      ඔහොම හැම කෙනාම හිතනවනම් මේ ලෝකෙ කොච්චර සුන්දර වෙයිද ,

      Delete
    3. මේවගේ ඒවා ට්‍රයි කරල බලපන්. හොඳ බුරියානි එකක් ලැබුණොත්. ඕක කනකොට සතුට විනාඩි ගාණයි. ටික වෙලාවකින් උගුරට එන එකයි, බඩ උස්සගෙන ඉන්න බැරි එකයි, තෙල් වැඩිපුර කෑවා කියන හැඟීමයි, තමයි ඉතුරුවෙන්නේ. හම්බෙච්ච ගමන් ඒක ඒ වගේ ඒවා ලැබෙනවා අඩු එකෙකුට දීල මාළු පාන් එකක් කාල ශේප් වෙයන්. ඒ සතුට අඩුම ගාණේ දවසක් තියෙනවා.

      Delete
  14. තමන් "මිනිස්සු"බව ගොඩක් අය අමතක කරලා කටයුතු කරන කොට,එහෙම කරන උන්ට "උඹලාත් මිනිස්සු නේද"බං කියලා මතක් කරලා දෙන්න වෙන එක කොයි තරම් ඛේදවාචකයක්ද ?

    ReplyDelete
    Replies
    1. මිනිස්සු, නොමිනිස්සු ගොඩවල් දෙකයි, උත්සාහය මිනිස්සුන්ගෙ පැත්ත වැඩිකර ගැනීම.

      Delete
  15. ලස්සන සිංදුවක්. සින්දුවට ගැලපෙනම ගායකයෙක් තෝරාගෙන තියෙන්නේ තියෙන්නෙ.මම කිව්වේ කටහඬ ..හරි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හංසි හැමදාමත් මගේ ගීත අසා උනන්දු කිරීම ඉහලින්ම අගය කරමි

      Delete
  16. සින්දුව දැනුයි අහන්න වෙලාවක් ලැබුනේ , නියමයි ඉයන් ...

    මිනිසත් බවය මිනිසෙකු ලෙස ගෙවාපං ...මිනිහෙක් බොහෝවිට නොකරන දෙයක්නේ ඉතිං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉවාන්. අනික් අය නොකලට අපි වත් කරමු. :)

      Delete
  17. මේි ගීතය අද කාලෙට හොඳින්ම ගැළපෙනවා.. පසුවට අහනවා මේක යූටියුබ් බ්ලොක්...
    දිගටම මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා
    ජයවේ ඉයන්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණ. කොහොම හරි අහන්න

      Delete
  18. කලින් අහලා තිබුනෙ නෑ ඉයන් අයියා. හරිම ලස්සන අදහසක්. සින්දුවකින් මේ වගේ අදහස් කියවෙනවා හරි අඩුයි නෙ දැන් කාලෙ.


    ReplyDelete
  19. ඇහුවා... දැනුනා... ආයෙ වහෙන් ඔරෝ නෑ.. කෙලින්ම කියල තියෙනවා.නැතුවත් බෑ.. ආයෙ කියන්නෙ දැනෙන්නම දැනුනා ලෑන්.
    ජයවේවා..!!

    ReplyDelete
  20. සිංදු 14 ම පහුවදාම ඇහුවා... හරිම ලස්සනයි. පද සරල උනත් ගොඩක් ගැඹුරු තේරුමක් තියෙනවා කියල තේරුනා... ඉදිරියටත් තව මේ වගේ විශිෂ්ඨ නිර්මාණ කරන්න සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොහාන්

      Delete
  21. අන්න සිංදු ++++++++++++++

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙත්මා

      Delete