Monday, October 12, 2015

සංසාර ආදරේ හඳුණාගන්නේ කොහොමද?

භවයක් භවයක් පාසා හමුවෙනවා කියලා ආදරවන්තයො කියනව අහලත් ඇති. මල් කැඩීම ගැන හොඳ අවබෝධයක් තියෙන අය ඇත්තටම හෝ ප්‍රෝඩාවට වගේ දෙතුන් දෙනෙකුට මෙහෙම කියලත් ඇති. සමහර අය බලාගෙන ඉන්නවානෙ පතාගෙන ආව කෙනා එනකන්. ලඟකදි කොහෙදි හරි කියෙව්වා 'පතාගෙන ආව නම් ඔතාගෙන යනව' වගේ කතාවකුත්. මේ සංසාරගත ආදරයන් ගැන විවිධ කථා මමත් අහලා තියෙනවා. 

ඔය විදිහට සංසාරගත ආදරය කරන කෙනා හමු වුවහොත් අඳුනගන්නේ කොහොමද කියලා හිතලා තියෙනවද? කවුරුවත් භවයෙන් භවය එක වගේ පෙනුමට ඉන්නවනං සහ පහුගිය භවයේ කෙනාගේ හැඩරුව මතකනම් ඉතින් අඳුණගන්න එක ප්‍රශ්ණයක් නැහැ. අපිට තියෙන හඳුනා ගැණීමේ ආයතන තියෙන්නෙ ඇස්, කන්, නාසය, රස, ස්පර්ශය සහ විඥ්ඥාණය කියන ඒවනේ. පෙනුම වෙනස් වෙන නිසා ඇස් වලින් බැහැ, අර බල්ලන් හොයනව වගේ සුවඳින් හොයන්නත් ටිකක් අමාරුයි මොකද විවිධාකාර සුවඳ විලවුන් නාන නිසා, ස්පර්ශ කරල හොයන්න වෙන්නැති සමහර අය බස් වලදි කාන්තාවන්ගේ ඇඟේ ගෑවෙන්නේ, විඥ්ඥාණය කියන එක ගෑණු පරාණයක් දැක්කම වාශ්ප වෙලා යනවනේ. 


ඔය අඳුන ගන්න විදිහ ගැන මම විහිළුවට වගේ උපකල්පනයක් කරොත් අඳුණ ගන්නේ කට හඬින් කියලා. කීදෙනෙකුට විතර හිනා යයිද දන්නේ නැහැ. මේ උපකල්පනයට පසුබිම් කථාවක් තියෙනවා. ඔය බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල රජකෙනෙක් රජකම් කරන සංදියේ මගෙත් ආදර කථාවක් තිබුණනේ. ඒ ආදර අන්දරය 'අති සාර්ථක' වෙලා එයා වෙන කෙනෙක් එක්ක විවාහ වුනානේ. ඒ දෙන්න විවාහවෙලා මාස කිහිපයකින් විදේශ ගත වුනා. ඊලඟ අවුරුදු හතක විතර කාළෙදි එයා ගැන කිසිම විස්තරයක් දැනගන්න අද තියෙන ක්‍රම සහ විදි තිබුණේ නැහැ. ආදරේ කරල තියෙන අය දන්නවනේ ඉතින් ඔය කාළයක් නොදැක නොඇසී හිටියට ඔව්ව ලේසියෙන් අමතක වෙන්නෙ නැහැනේ.




එක දවසක් 'දෛවෝපගත' කියන විශේෂණ පදයට ගැලපෙන සිද්ධියක් වුනා. මම එතකොට විවාහවෙලා සිටි කෙනත් මගේ දුවත් එක්ක එකපාරක් විදේශ රටවල් කිහිපෙක සංචාරයක් කලා. ඒ ගමනෙදි එක රටකදි අර කෙනා විවාහ වෙච්ච කෙනාගේ ලඟ ඥාතියෙක් හමුවුනා. ඔහු මගේ අතීත කථාව නොදන්නා කෙනෙක්. ඒ අය සමඟ මම සහභාගි වෙච්ච රාත්‍රී භෝජන සංග්‍රහයකදි එම පුද්ගලයා ඔහුගේ ඥාතියට දෙන්න කියලා යමක් මට දුන්නා. ඒකට හේතුව මම ඊලඟට යන්නේ අර දෙන්න ඉන්න රටට නිසා. ඔවුන් දැන් ඒ දෙවෙනි රටේ ඉන්නව කියල මම දැනගත්තෙත් එයාගෙන්ම තමයි.  ඒ පාර්සලයේ ඔවුන්ගේ ලිපිනය සහ දුරකථන අංකය තිබුණා. අර පුද්ගලයා මගේ කථාව නොදැගෙන හිටියට, මගේ නරුම මිත්‍රයන්ට පින්සිද්ද වෙන්න මම විවාහ වෙලා හිටපු කෙනා මේ ගැන ඕනවටත් වඩා දැනගෙන හිටියා. දන්නවනේ යාළුවෝ කියන ජාතිය පරණ කථාවල් ගෑණුන්ගේ කණේ තියන්නේ අතින් පයිනුත් කෑලි දාලනේ. මම බොහොම කැමැත්තෙන් අර පාර්සලය භාරගන්න කොට එයාගේ මුහුණෙන් තේරුණා වැඩේට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ කියලා. ඉතින් මට පාන් ද කියලා මම ඔන්න ඔහෙ භාරගත්තා ඒ 'භාරදූර' වගකීම. 


කොහොම හරි එතනින් එහාට තව ගොඩක් මතක හිටින දේවල් ඒ දෙවෙනි රටේදි සිද්ද වුනා. මේ කථාවට අදාල වන්නේ ඒකෙ කොටසක් පමණයි. එක දවසක් මම නැවතිලා හිටපු හෝටලයෙන් මම කෝල් එකක් ගත්තා අර නොම්මරයට. ටෙලිෆෝන් එකට උත්තර දීපු  අවුරුදු හතක් නොඇසුණු  
ඒ කටහඬ ඒ ඇහුණාම මගේ මුළු ඇඟම හිරි වැටිලා ගියා. ඇත්තටම එයාගේ වගේ මිහිරි කිංකිණි පරදවන කට හඬක් මම තාමත් කාගෙන්වත් අහල නැහැ. අනික් අය කියයි ඒගොල්ලන්ගේ එක්කෙනාගෙත් එහෙමම තමයි කියලා. ඔන්න ඔය ටෙලිෆෝන් කෝල් එකේ සිද්දිය තමයි මගේ මේ පිස්සු උපකල්පනයට ඒ කියන්නේ සංසාරයෙන් සංසාරයට ආදරය කරන කෙනා හඳුනගන්නේ කට හඬින් කියන එකට පසුබිම් කථාව.

මේ උපන්‍යාසය (hypothesis) හෝ උපකල්පනය යොදාගෙන මම සිංදුවක් ලිව්වා. ඒක සංගීතවත් කලේ සහ ගායනා කළේ සංගීතඥ නවරත්න ගමගේ. සිංදුවක් ලියන කොට අන්තිමට එකට එන්න කලින් වර්ශන්ස් කීපයක් ලියවෙනවනේ. එවගේ පරණ වර්ශන් එකක් මගේ පිය සෙනෙහස ගීතය කියපු අජන්තා පීරිස් දර්ශන රුවන් දිසානායකගේ සංගීතයෙන් ගායනා කලා. සිංදු දෙකම මෙතන දානවා තමන් කැමති එක මොකද්ද කියල කිව්වොත් ඒක උදව්වක්.  සංසාර ආදරේ ගැන විශ්වාශ කරන අයගේ අදහසුත් දැනගන්න කැමතියි.




නවරත්න ගමගේ ගායනා කළ වර්ශන් එක

නොනැවතී ගලනා, අප පෙම්දම් සසරේ 
සැමදා සෙව් ඔබ දෙසවන් හඳුණයි, 
මතකය දන්නෙ නැතී, දෙනුවන් හඳුනා නැතී, 
දෙසවන් පමණක් දන්නා, 
ඒ අපේ ආදරේ 

මින් පෙර හමුවී නැති බව ඔබෙ වත 

දෙනුවන් යළි යළි දිවුරා පවසයි, 
මතකය හාරා සෙව්වෙමි ඔබෙ රුව 
මේ භවයෙදි දුටු සිතක් නොවේලු, 
මගෙ සිත දන්නා රුවක් නොවේලු.  

දෙනුවන් පමණක් දුටු භවයන්හී, 

නොදැනී උණුසුම මග හැරුණත් පෙම, 
දොඩමලුවූ හැම භවයකදී 
දෙවන් සොයනා ආත්මීය හඬ 
අපෙ සිත් හඳුණා ගත්තාලූ, 
දෙනෙතින් හිනැහී, දෙතොලින් ලංවී 
හදවත් අතිනත ගත්තාලූ.






අජන්තා පීරිස් ගායනා කල වර්ශන් එක  

බැලුවෙමි මතකයේ ඔබෙ රුව සොයන්නට
නැත සටහන් එහි හමුවී ඇතිබවට
පින් කර නැතත් පෙර බව ගැන බලන්නට
මගෙ හිත කියයි අපි පෙර පෙම්වතුන් බව//

ඔබෙ මුදු පහස පෙර භවයෙදි දැනෙන්න ඇති

සුන්දර හඬ ඇසී හද කිති කැවෙන්නැතී
දුක් සෝ සුසුම් වල උනුහුම දැනෙන්නැති
ඒ පෙර පුරුද්දට අද හිත ඇදෙන්නැති//

සිත් මැලී උණත් වෙන්වී දිවි ගෙවන්නට

විරසක වෙන්න ඇති සසරේ විටින් විට
එනමුදු පතමි හැම භවයෙම දකින්නට
දොඩමලු වෙන්න හිනැහෙන්නට බැඳෙන්නට//

බැලුවෙමි මතකයේ/----------


86 comments:

  1. මම කැමති අජන්තා වර්ෂන් එකේ පදමාලාවට

    ReplyDelete
    Replies
    1. අද පාටියක් දානවා උපේක්ෂ මගේ පෝස්ට් එකක පලවෙනි කමෙන්ට් එක දාල :) බොහොම ස්තූතියි. පදමාලාව දෙවෙනි එකේ හොඳයි තමයි. ඒ උනාට සින්දු දෙකම අහන්න. පළමුවෙනි එක ටත් සමහර අය කැමතියි.

      Delete
    2. පාටි දැම්මට කමක් නෑ , බයිට් එක පරිස්සම් කරගන්න.
      අහපු ප්‍රශ්නෙට ( මුලික) උත්තර දුන්න ඇරුනම මම ගොඩක් ප්‍රධාන ප්‍රශ්න මගහැරියා හිතාමතාම. සින්දු දෙක අහන්න විදියක් නැහැ, ඒ නිසයි පදමාලාව ගැන විතරක් කිව්වේ ( ඔෆිස් එකේ සින්දු අහන්නේ සහ යු බටේ යන්නේ නැහැ මම ප්‍රතිපත්තියක් විදියට) සින්දුව අහලා ඉතිරි ටික කියන්නම්.

      මගේ නම් ඔහොම අත්දැකීම් ගැන කවි සින්දු ලියාගන්න තියා වාක්‍යක්වත් කියාගන්න බැරි වෙයි. ඒ නිසා එහෙම ලියපු එකට මගේ තොප්පිය විසිකිරීම ( හැට්ස් ඕෆ් )

      Delete
    3. හරි උපේක්ශා ඔෆිස් එකේ බැරිනම් පස්සේ හරි සිංදුව අහන්න. රෙසිපි එක බලලා කැමක රස කියන්න බැහැනෙ. :) සිංදු කියන ඒවා අහන්නම ඕන. PL

      Delete
    4. https://youtu.be/RBumgq5yVrA

      From an old friend

      Delete
    5. https://www.youtube.com/watch?v=vq2wZyi4vBE

      Delete
  2. //අවුරුදු හතක් නොඇසුණු ඒ කටහඬ ඒ ඇහුණාම මගේ මුළු ඇඟම හිරි වැටිලා ගියා//

    මට ප්‍රශ්නෙ තියෙන්නෙ එක්කෙනෙක් විතරක් නෙමෙයි හුඟක් පරණ අය (තරහ නැති ) එකපාරට කතා කලොත් ඒවගේ වෙනව.
    සංසාරෙ හුඟක් දිගයිනෙ නේද ඉයන්, මේ එක ආත්මෙකත් මල්ටිපල් චොයිස් වුන අපට සංසාරෙ පතා ගෙන ඔතාගෙන කොයිතරම් අය ඉන්න ඇද්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ප්‍රා ජේ. කීදෙනෙක් කියල සංසාරේ හම්බවෙන්න කියල කියල තියෙනෙවද මේ වෙනකොට නේද? අනික අර මම කියපු රට ටිකක් සීතල රටක්. සීතලට ඇඟ හිරි වැටුණද දන්නෙත් නැහැ ඉතින්. :)

      Delete
    2. https://www.psychologytoday.com/blog/valley-girl-brain/201003/the-power-the-ex-girlfriend

      Delete
    3. //"මට ප්‍රශ්නෙ තියෙන්නෙ එක්කෙනෙක් විතරක් නෙමෙයි හුඟක් පරණ අය (තරහ නැති ) එකපාරට කතා කලොත් ඒවගේ වෙනව"// කී දෙනෙක් ගෙන් එක සැරේ ගුටි කන්න වෙයිද කියල වෙන්න ඇති :P

      Delete
    4. එහෙම වෙනව තමා මනුස්සයෝ , අපිටනං ගුටිකන්ඩ වෙන්නැ , ඔහේටනං එහෙම වෙයි

      Delete
  3. ගීතවත්භාවය අතින් ගත්තම නවරත්න ගමගේ ගේ ගීතය හොඳයි, ගීතයේ සියලු අර්ථ රසයන්ගෙන පරිපූර්ණ උසස් සංගීතයක ලක්ෂණ දකින්නට තියෙනවා ,
    ඒත් සාමාන්‍ය රසිකයෙක් හැටියට ,හැන්දෑවක ඉර බැහැගෙන යන දර්ශනය දිහා බලාගෙන පුටුවක ඇදිලා වාඩිවෙලා කකුල් දෙක උඩ තියාගෙන ඇස් පියාගෙන ,අහගෙන ඉන්න හොඳම ගීතය දෙවැනි එක. සරල පදමාලාව සහ සංගීතය නිසා ඒ ගීතය වඩාත් රසවිඳින්නට පුළුවන් බව මගේ හැගීම .

    කොහොම වුනට් ගීතයක් රසවිඳින්නා එය රස විඳින්නේ තමන්ගේ කරගෙන, තමන්ගේ අත්දැකීම් තුලින් තමා ගීතයත් එක්ක ඒකාත්මික වෙන්නේ . ඒ නිසා ගීතයක් රසවිඳින ආකාරය පුද්ගලයාගෙන පුද්ගලයාට වෙනස් වෙනවා .

    ReplyDelete
    Replies
    1. මගේ තොරා ගැනීමත් මේකයි. සිංදු දෙකේ විදි දෙකක රසයන් තියෙනවා. කාල දීපය දේශය බලලා ගැලපෙන එක ගන්න ඕන. :)

      Delete
    2. //හැන්දෑවක ඉර බැහැගෙන යන දර්ශනය දිහා බලාගෙන පුටුවක ඇදිලා වාඩිවෙලා කකුල් දෙක උඩ තියාගෙන ඇස් පියාගෙන

      බලාගෙන. මදුරු කොයිල් එක පත්තු කරගන්න... හැක්

      Delete
    3. අර පරණ මදුරු කොයිල් ඇඩ් එක මතක් වුනා. " අපි ගැන බලන්න කවුරුත් නෑනේ" කෑල්ල.

      Delete
  4. මම කැමති අඡන්තා ගායනා කල එකට..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩො උඹ දෙකම ඇහැව්වාද?

      Delete
    2. අනේ නෑ මචං..මගේ කම්පියුටරේ පොඩි ලෙඩක්..මම හොදයි කිව්වේ අඡන්තාග් සිංදුවේ පද ටික හිතට වදින නිසා.

      Delete
    3. රෙසිපි එක කියවල කෑමක රස කියන්න ටිකක් අමාරු නිසා පස්සෙ හරි අහපං

      Delete
  5. ලතා..මම ඔයාව පතාගෙන ආවේ ඔතාගෙන යන්න
    ලතා...ලෝකේ ලොකුම සතා..
    මතු උපදින සංසාරේ අපි හමුවෙමු අම්පාරේ..

    ReplyDelete
    Replies
    1. ලොකුම සතානං ඔතාගන්න නලීන්ට කියලා ලේක් හවුස් එකෙන් පරන පත්තර ලොරියක් වත් ගෙන්න ගන්න වෙයි.

      Delete
    2. ඔතාගෙන යන්න

      Delete
    3. ලේක් හවුස් පත්තර හරියන්නේ නැ ඕතාගන යන්ඩ , ඔය දිනමිනේ සිලුමිනේ ඔතපුවහම බත් හිටං පිලුනු වෙනව

      Delete
    4. මරු කථාව අටම්

      Delete
    5. නවරස හොදයි..ඔතාගෙන ගියාම බත් එකත් රහයි.

      Delete
  6. සින්දු දෙක ගැන පස්සෙ හොඳද? ඔෆිස් එකේ සින්දු අහන්ට බෑ.

    ඊලඟට සන්සාර ආදරේ දැනගන්නෙ කොහොමද? මගෙ ගැන කිව්වොත් ඒක හරියටම කියන්න තේරෙන්නෙ නෑ. ඒත් පපුවටම දැනෙනව.

    ඒත් වැඩේ කියන්නෙ ඒ හැඟීම මට තුන් පාරක් දැනිල තියෙන එකනෙ ඉයන්..එහෙම වෙන්න පුලුවන්ද? සන්සාර ආදර තුනක් තියෙන්නෙ පුලුවන්ද බැරිද? ඉයන්ගෙ ප්‍රශ්නෙට මම උත්තර දුන්නා. ඒ එක්කම මගෙනුත් ප්‍රශ්නයක්...:)

    ReplyDelete
    Replies
    1. රවී බුදු දහම අනුව අපි එකම කට්ටියක් මව්පියො, දරුවො, භාර්යාවො , ස්වාමි පුරුෂයෝ හැටියට සංසාරෙදි හම්බුවෙන්නේ. එකම කට්ටිය කිව්වට කිහිප දෙනෙක් නෙමෙයි. අපි ඉඳල තියෙන භව ප්‍රමාණය අනුව අපිට දෙමව්පියෙක්, දරුවෙක්, සහෝදරයෙක්, භාර්යාවක්, මිතුරෙක්, සතුරෙක් ආදී වශයෙන් හම්බු නොවුන කෙනෙක් බ්‍රහ්ම, දෙව්, මනුස්ස, තිරිසන්, නිර ලෝකවල නැහැ කියනව. ඒක නිසා එක් කෙනෙකුට වඩා ගණනක් සංසාරගත සම්බන්ධකම් දැනෙන්න පුළුවන්.

      එච්චර සීරියස් නැති විදිහට හිතුවොත් උඹ ඉතින් අර රජ කතාවල කියන විදිහට අන්ත: පුරවල් තියාගෙන එකම ඉපදීමකදී ගෑණුම තිහ හතලිහකට 'කුළුදුල්' ආදරේ ඩිස්ට්‍රිබියුට් කර කර ගිය එකෙක් වෙන්නත් පුළුවන්.

      Delete
    2. මට මෙතනදි මතක් වුනේ චන්ද කින්නර ජාතකය,ආත්මීය බැදීමක් ගැනයි එකෙනේ කියවෙන්නේ.
      අනිත් එක තමයි නකුලපිතා නකුලමාතා දෙන්නා.

      Delete

  7. සින්දු අහන්න යූ ටියුබ් යන්න මේකෙ බෑ.. වෙන එකකින් අහලා කියන්නම්. පදමාලා වලින් අජන්තා පීරිස් මහතා ගායනා කළ ගීතයට වඩාත් කැමතියි.....
    කටහඬ ඕනෑම වෙලාවක මතක් කර ගන්න පුළුවන්, දාහක් දෙනා අතරින් එයාව ඉක්මනටම අඳුනගන්න පුළුවන්, ඒ කටහඬ ඇහෙද්දි හදිසියෙන් වගේ රූපය දකිද්දි හිකට වගේම ඇඟටත් විදුලියක් හිරිවැටීමක් වගේ දැනෙන ආදරයක් සංසාර ආදරයක් වෙන්න බැරිද? කෙනෙක් ගැන මට ඒ වගේ දැනිලා තියෙනවා. එයා මට හිමි නොවුණත්..

    ජයවේවා ඉයන්!
    ප/ලි
    ඔබ වැනි ප්‍රවීණ ගේය පද රචයෙක් මිතුරෙකු වීම අතිමහත් සතුටකි...

    ReplyDelete
    Replies
    1. මචං ඇත්තටම ඔව්. සමහර විට කවුරුහරි දැක්කමත් වෙන්න පුලුවන්. මේ කට හඬ උපකල්පනයක් විතරයි. ඒන නෙවෙයි, මට ප්‍රවීණ කියනවනම් ප්‍රවීණ කට්ටිය ගී ලියන එක නවත්තයි. මම ආධුනිකයෙක් ඒ උණාට ප්‍රවීණ සඟීතඥයො දෙතුන් දෙනෙක් ඒක ගණන් ගන්නෙ නැතුව මගේ ගීත සංගීතවත් කලා , ගායන කලා. එච්චරයි. අර උඹේ සිංදුව මගේ ඒවට වඩා ගව් ගණනක් එහා.

      Delete
    2. හරි එහෙනම් ඔබ වැනි ප්‍රවීණයන් සමග නිර්මාණ කළ ගී පද රචයෙක් කියමු. ඒත් මට අනුව ඔබ ප්‍රවීණයෙක්. මගේ ලොකු හීනයක් මගේ ගී පද රචනාවක් නිමි ගීතයක් ලෙස එළිදැකීම. ඉයන්ගේ අතහිත මට මහමෙරක් වේවි.
      ජයවේ ඉයන්!

      Delete
    3. ඉතාමත් ඉක්මණට ඒක වේවි. දැනටමත් අවශ්‍ය අයට ඒක යොමුකරලා තියෙන්නේ.

      Delete
    4. ගොඩක් පින්. ගොඩක් ස්තුතියි
      ජයවේ ඉයන්!

      Delete
    5. ඉදිරියේදි අපේ වර්ණමලයගේ පද රචනයක් සිංදුවක් විදියට අපිට අහන්න ලැබෙනවා.එදාට පංතියේ ලමයිට කියන්න ඕන ඔන්න මගේ තවත් ගජයෙක් සිංදුවක් ලියලා තියෙනවා ඩවුන්ලොඩ් කරගෙන ඒකත් අහන්න කියලා.අපිටත් හරි ආඩම්බරයි නොවැ අප්පේ.

      Delete
  8. අවංකවම කිව්වොත් මට හිතගියේ සින්දු දෙකට නෙවෙයි උඹේ කතාවට. මට තියෙන්නේ එක ප්‍රශ්ණයයි. ෆෝන් කෝල් එකට පස්සේ මොකද වුනේ?

    ReplyDelete
    Replies
    1. මචං ගොඩක් ලිව්වොත් මේ අන්දර දන්න අයට අහුවෙන්න පුලුවන්. හම්බු වුන වෙලාවක් කියන්නම්. ඒකථාව අර කියන 'truth is stranger than fiction' එකට හොඳ උදාහරණයක්. මේ 'ඉයන් ලින්තොට' කියන ආරූඪ නාමයටත් හේතුව ඔය කථාව ගැන ඉස්සෙල්ලම සිංදුව ලිවුවම බැක්ග්‍රවුන්ඩ් කතාව දන්න අයට අහු නොවී ඉන්න.

      Delete
    2. හරියට මමත් සමාන්තර විශ්වයක් ඈඳගන්නවා වගේ. හරි මචං. පස්සෙ කියාපං. I was just curious.

      Delete
    3. I will, most certainly. In fact I do enjoy relating that part of the story. Only thing is I may not be ready to make it public considering the number of known people who have access to these. Lets meet over a drink, when you are back in SL.

      Delete
    4. හොරෙන් අහං හිටියේ නෑ ඔන්න මම නම්

      Delete
    5. මගේ කථාව වැටෙන්නේ පැරණි කථා (පැරණි රසාංග වගේ) උඹලට ඇතිනේ අළුත්ම විරහ කථා. හරි හරි කියන්නම් හම්බු වුනාම.

      Delete
    6. Ok. I'll take a rain check on that.

      Delete
    7. ඉයන් , ඩූඩ් කතාවෙන දවසට මටත් කියහල්ල අපිත් හරි ආසයි පරණ ඕප අහන්න. පස්සෙ කාලෙක කමෙන්ට් කරද්දි ඕව හරි වටිනව :D

      Delete
    8. මළා කාඩ් වදීද දන්නෙ නැහැ.

      Delete
  9. අජන්තා පීරිස් මහතා ගායනා කරන ගීතය සරලයි වගේම ඉක්මනට මතකයේ රැදෙනවා.ඒ නිසා බොහෝ දෙනක්ගේ හිත යන්නේ ඒ ගීතයට.
    Ian ට නම් අවුරුදු හතකට පස්සේ.මම ගත්ත කොල් එකකට අවුරැදු 13කට පස්සේ එහා පැත්තෙන් උත්තර දෙනවා විවාහ වෙන්නම කියලා තීරණය කරලා හිටියත් එක්වෙන්න බැරිවුන මගේ අනෙක් කොටස.ඒ කියන්නේ 2000 ට පස්සේ 2013දී.ඒක අහමිබෙන් වුනේ.

    මම දවසක් මගේ කාලෙකින් මුන ගැහුනේ නැති යාලුවෙකුට කතා කලා තවත් ඒ වගේම කාලෙකින් මුන ගැහුනේ නැති යාලුවෙක්ගේ නම්බර් එකක් ඉල්ලගන්න.දෙන්නම එකම ගමේ (දෙහිවල).ඔහු මට දුන්න නම්බර් එකකටයි මම කතා කලේ.එවපු නමිබර් අතර උඩින්ම තිබුන එකටයි මම කතා කලේ.මගේ කොල් එකට අනිත් පැත්තෙන් උත්තර දුන්නම ඒ කටහඩ එකවරම මම අදුන ගත්තා.එහෙනුත් මගේ කටහඩ අදුන ගත්තා.(එයා මගේ යාලුවාගේ ඥාති සහොදරියක්)

    ReplyDelete
    Replies
    1. උඹේ යාළුවා මම හිතන්නේ ඕන කමින්ම ඒ නම්බර් එක දුන්නද දන්නෙ නැහැ. එහෙම කළානම් ඌ හොඳ යාළුවෙක්. කාළය කොච්චර ගියත් හිත් වෙනස් වෙන්නෙ නැහැනෙ. කට හඬවල් වෙනස් වෙනවද දන්නෙ නැහැ :)

      Delete
    2. එයාගේ කටහඩ ඒ විදියමයි.මගේ ටිකක් ගොරෝසු වෙලා තියෙන්නේ පංතිවල හයියෙන් කැ ගහලම.ඒත් මචං මගේ කටහඩ අදුනගත්තා.හිතට තදින් වැදුන කටහඩක් පොඩි වෙනසක් වෙලා තිබුනත් අපිට අදුනගන්න පුලුවන් බං.අනිත් එක අපි කතා කරන විදිය වචන වගේ ගොඩක් දේවල් සෙනෙහසින් ඇසුරුකරපු අයට ඉක්මනට දැනෙනවනේ.(මොනව උනත් මම දැන් ස්වාමිපුරැසයෙක් සහ අප්පච්චි කෙනෙක්නේ මචං,පරන දේවල් අතිතයටම තමයි)

      Delete
    3. උඹ හරි. ඒ උනාට සුන්දර මතක එහෙම්මම තියෙයි. අනික නාට්‍යය තවම ඉවර නැහැනෙ. කාගෙවත් ඉස්සරහ කථාව මොනවයින් මොනව වෙයිද කියන්න දැම්ම බැහැ.

      Delete
  10. සින්දු දෙකම අවුලක් නෑ... බොරු කියන්නේ මක්කටෙයි... බොක්කටම වදින්නේ නම් නෑ..

    සමහර වෙලාවට හිතෙනවා එහෙම සංසාරගත් එක්කෙනා කියලා තෝරගෙන තියෙන්නේ නිවැරදිම කෙනාද කියලා.. මොකෝ ඊට පස්සේ එයිටත් වඩා හුරු පුරුදු අය හමුවෙන නිසා.. මම නම් ඔය සංසාර කතන්දරේ පිලි ගන්නේ නෑ.. කොහොමත් ෆස්ට් ලව් එක, ෆර්ස්ට් ක්‍රෂ් එක අමතක කොරන්න බොහොම අමාරුයි.. ඒ වගේම බොක්කෙන්ම ලව් කරපු (බැඳුනු.) ඒවා අමතක කරන්නත් බොහෝම අමාරුයි... ඒ නිසා තමයි ඒ අය ගැන පසු විපරමෙන් ඉන්නේ.. එතන නම් තියෙන්නේ අර බුද්ධාගමේ තියෙන තෘෂ්නාව.. ඉරිසියාව.. අත් හරින්න තියෙන අකමැත්ත...

    ReplyDelete
    Replies
    1. මචං මාතලන් බොහොම ස්තූතියි මචං සිංදු දෙකම අහල තීරණය දුන්නට. උඹ කියන එක හරි , තන්හාව නිසා තමයි පරණ කථා තාම අල්ලගෙන ඉන්නේ. විවාහයයි, ආදරයයි වෙනස් දෙකක් කියලයි මම හිතන්නේ. වාසනාවන්තයන්ට ඔය දෙකම එකෙකෙනෙක් එක්ක. අනික් අයට වෙනවෙනම :)

      Delete
  11. සංසාරගත ආදරේ ගැන කියනවනං, අපි ඉතිං මේ සංසාරේ ඉපදි ඉපදි මැරි මැරි යද්දි කලින් ආත්ම වල ගොඩක් අයට ආදරේ කරන්න ඇතිනේ. ඒ සංසාරගත ආදර කීපෙයක්ම මේ ආත්මෙ ආපහු සෙට්වෙන එක තමයි ගොඩක් දෙනාට තියෙන ලොකුම අවුල මං හිතන්නෙ. සිංදු ගැන කියනවනං දෙකම ලස්සනයි. මං කැමති අරන්තා වර්ෂන් එකට.......!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අවංක. අර සංසාරගත ඒව එකකට වැඩි ගාණක් සෙට් උනාට ගාණක් නැහැ ඔක්කොම එක වෙලාවෙ නැතුව. මටනං අවාසනාවකට ඕව එකම එකයි වෙලා තියෙන්නේ. අර රවියට තමයි ඕව පෝලිමේ වැඩ කරන්නෙ.

      Delete
    2. හම්මේ ඉතිං ඒම වෙච්ච අය ගොඩක් ඉන්නව ඉතිං. ඒ වෙලාවට තේරීමක් කරන එක තමා අමාරුම වැඩේ. මොකද ඒ අය කෝමද කියලා දැනගන්න විදියකුත් නෑනේ කලින් ආත්මේ ගැන මතකයක් නැති හින්දා. ඒමයි කියලා මේ ආත්මෙ ඔක්කොම ටෙස් කොරලා බලන්න ගියොත් ඒකත් ලෝක ලෙඩක්. අනාත වෙනව ඒම වෙලාවට. මං දන්නෙත් නෑ. මටත් ඒම වෙච්ච එකෙක් කිව්වෙ. අවංකවම..................

      Delete
    3. ඔය දෙන්නෙක් අතර තෝරගන්න වෙන අවස්ථාවලදී අතීතයේ ඉඳන් පැවතීගෙන එන, ක්‍රම තියෙනවානෙ. මම කියන්නම්කො ගුරු මුශ්ටි එහෙම නැතුව. වියදම් වෙන්නේ රුපියලයි. කර්‍රන් තියෙන්නෙ රුපියලක් අරං හෙඩ්ස් ඕ ටේල්ස් කියල උඩදාන එක. රුපියල ආපහු හම්බු උනොත් කිසිම වියදමකුත් නැහැ. විහිළු නෙමෙයි කියපංකො උඹේ කථාව.

      Delete
  12. කතාව නං බොක්කටම වැදුනා. ඒත් තිත්ත ඇත්ත මේකයි:

    " සදාකාලික පෙම්වතුන් කිසිදා එක්වන්නේ නැත. එක්වූ කිසිවෙක් සදාකාලික පෙම්වතුන් වන්නේ නැත "

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. සමහර එක් වෙච්ච කට්ටිය සංසාරගත හතුරොත් වෙලා තමයි නවතින්නෙ නේද?බොහොම ස්තූතියි බස්සා, ජේශ්ඨ බ්ලොග් කරුවකු මේ පැත්තට පැමිණීම ලොකු ගෞරවයක්.

      Delete
  13. සංසාරෙ පතාගෙන ආපු අය අහිමි වෙනවද ඉයන්?මගෙ කල්පනාවට අනුව ඒ අය හැමදාම එක්ව ඉන්නව නේද.

    ReplyDelete
    Replies
    1. හැලපෙ බොහොමත්ම ස්තූතියි ඔබගේ පැමිණීමට. විවාහය කියන්නේ මනුස්සයින් අටව ගත්ත එකක්නේ. ඉතින් විවාහයකින් කෙළවර නොවී අනන්තවත් සංසාරගත කට්ටිය හමුවෙනවා කියලයි මගේ හැඟීම.

      Delete
  14. My vote goes to Navarathna Gamage hands down…:)

    දෙවෙනි ගීතයෙ රිද්මය වේගවත් වැඩියි විරහ ගීයකට....

    ReplyDelete
    Replies
    1. විරහව පුරුදු ආදරවන්තයෙක් ගේ තේරීම. ස්තූතියි රවි.

      Delete
  15. ඉයන් තාම පොඩ්ඩිගේ කටහඬ අහලා නෑනේ...:P kidding...:D

    මටත් ආසා හිතෙන්නේ ඔය ගීවලට පිටුපසින් ඇහෙන ඉයන්ගේ සංසාරගත ආදර බැඳීමට.

    ReplyDelete
    Replies
    1. කටහඬ අහල නැහැ පොඩ්ඩි. ඒ උණාට පොඩ්ඩිගේ පරණ පෝස්ට් දෙකතුණක් කියවලා ඉල ඇට දෙකක් විතර කැඩුණා හිනා වෙලා. බොහොම ස්තූතියි මේ පැත්තට පැමිණියාට. ඔව් පොඩ්ඩි මමත් ආසා කථාවට තමයි මොකද ඒකනෙ අත්දකින්න ලැබුණෙ.

      Delete
  16. සංසාරේ ගොඩක් දිගයි කියලා හිතුනා....

    ඔහොම සංසාර ආදරේ ගැන කියවෙන සිංදුවලින් මම ආසම නන්දා මාලිනී ගේ 'කප් සුවහස් කල්' සින්දුවට. තව 'මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ' සින්දුව ත් මතක් උනා.
    ඔයා දීල තියෙන සින්දු දෙකෙන් පළවෙනි එක වැඩිය හොඳයි කියල හිතෙනවා. දෙවෙනි එක සිංදුවකට වඩා කවියක් වගේ.

    ReplyDelete
    Replies
    1. නිරෝ බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඔව් සංසාරේ දිග ගැන බුදු හාමුදුරුවෝ කියල තියෙන්නෙ නිය පිටින් ගත් පස් ටිකක් දැනට ඉඳල තියෙන භව ගණනත් ලෝකෙ තියෙන ඉතුරි වැලි කැට ප්‍රමාණය සංසාරයේ ඉතිරි භව ගනණත් උපමා කරලනෙ. මම ත් හරි ආස සිංදුවක් කප් සුවහස් කල් සිංදුව. නිරෝ හරි, නවරත්න ගමගේ මහත්මයාගේ සිංදුවට මාතෘකාවට ගැලපෙන රිද්මයක් තියෙනවා.

      Delete
  17. දෙකම බැලූ බැල්මට ම හොඳයි. පරණ වර්ෂන් එකට වඩා අලුත් එක නොසෑහෙන්න වෙනස්... එම්පී3 තියෙනවද ඉයන්? මට යූටියුබ් පේන්නෑ. අපේ ඇඩ්මින් පෙරේත හොරෙක් !

    ReplyDelete
    Replies
    1. මම ලින්ක් එක හොයල දාන්නම් ඩ්‍රැකී

      Delete
  18. සංසාර ආදරයක් නම් මන්දා ඉයන් මටත් හිතෙන්නේ ෆස්ට් ලවු එක හදවතට වදින නිසා එහෙම දැනෙනවා කියලා. අපි කොහොමත් තියෙන දේට වඩා නැති දේට ආදරේ කරන මිනිස්සුනේ

    ReplyDelete
    Replies
    1. මරු පොයින්ට් එක සබරේ. ඒක ඇත්තම ඇත්ත. තියෙන දේ ගැන අගේ නැහැ. නැතිවුන දේ ගැන දුක් වෙනවා. තාමත් අපි ඉතින් අර පෘතග්ජන කට්ටියනේ. බොහොම ස්තූතියි ආවට.

      Delete
  19. මෙතනින් නම් නවරත්න ගමගේගෙ සිංදුවට කැමතියි. පෝස්ට් එක ගැන කිවුවොත් සංසාරගත බැදීම කියන එකනම් මම පිලිගන්නෙ නැති දෙයක්, කොටින්ම පලවෙනි ආදරෙන්ම බැන්දනම් සංසාරගත බැදීමක් ගැන කතා කරන්නෙ නෑ.
    මෙතනදි වෙන්නෙ විවාහ උනාට පස්සෙ තමන්ගෙ බිරිදව හෝ සැමියව පලවෙනි ආදරය කරපු කෙනා හා සැසදීම තුලින් මතුවන අඩුපාඩු නිසා නොලැබුන කිරිවානා කැට මැණික් ගල් ලෙස පෙනීම.

    ReplyDelete
    Replies
    1. නියම යි කම්මමලයා ඒ උනාට උඹ් අපේ හිතේ තියෙන විරහ සොමිය කාලා දානවනේ. ඔය විරහව නැත්නං ඔය සිංදු , චිත්‍රපටි භාගයකටවත් කථා හොයාගන්න වෙන්නෙන් නැහැ.

      Delete
    2. ශේ ..ශේ අපිත් විරහව උපරිමෙන් විදින්න ආස අය, මම මේ කිවුවෙ ලෝක සුබාවෙ. ප්‍රථම ප්‍රේමයට එදාටත් වැඩියෙන් දැන් ආදරෙයි. අඹ පල්ල මේ කියන්නෙ.
      මේ තියෙන්නෙ මම ලියපු එකම බ්ලොග් පෝස්ට් එක.
      http://siragekamare.blogspot.com/2015/02/blog-post_28.html

      Delete
    3. මචං කියෙව්ව උඹේ පෝස්ට් එක.

      Delete
  20. ඔෆිස් එකේ නිසා සින්දු අහන්න විදියක් නෑ. හැබැයි මම මේ සින්දු දෙකේම පදමාලාවට ආසයි.

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ බස්සි ආවට. පුළුවන් වෙලාවක අහල අදහසක් දාන්න

      Delete
  21. නොකියන් කථා නැත්තේ කා ළඟද? මේ සසරේ, අපි කියන දේට වඩා, නොකියන දේ බොහෝයි.

    ReplyDelete
    Replies
    1. පෞද්ගලිකව කිව හැකි පොදුවේ කිව නොහැකි කථා තමයි තුන්වන කොටස. ස්තූතියි විචාරක පැමිණියාට. එදා ඔබ හමුවේ යැයි බලාපොරොත්තු වුනා. ඔබ නොපැමිණෙන බව පසුව දැනගත්තා.

      Delete
  22. අවුරුදු හතකින් පස්සේ ඇහුනාම හිතට දැනෙන දේ කොහොම ඇතිද අවුරුදු විසි හතරකට පස්සේ ඒ හඬ අහුනාමත් පපුව කඩන් වැටෙනවානම්.. ඒ හඬ තමයි "නමක් නැති කථාවක්" කියන කතාව ලියන්න මාව මෙහෙයෙව්වේ..
    http://ambalangodakatha.blogspot.com/2015/10/1.html

    ReplyDelete
  23. වයිෆ් බ්ලොග් බලන්නේ නැති හින්දා හොඳයි. මට නම් කතාකලේ අවිරුදු 13 මාස 10 යි දවස් 25කට පස්සේ.......... කියලා වැඩක් නෑ.......

    ReplyDelete
    Replies
    1. බණ්ඩට හරියටම කාල වකවාණු මතකයිනෙ. ඇයි බං ඒක කරගන්න බැරිවුණේ. වයිෆ් බලන්නේ නැත්නම් ලියපංකො.

      Delete
  24. සින්දු දෙකෙම හරිම ලස්සනයි මට නම්. ඒත් ඒ දෙකෙන් පළවෙනි එකේ පද පේලි හරිම ලස්සනට ගලපලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. හුගක්ම ලස්සන නිසදැසක් වගේ..දෙවනි එක ගීතයක් විදියට ගැයෙනකොට හිතට දැනෙනවා ඇති පළමු ගීතයට වඩා. එකේ තියන සරල බව නිසා සංගීතය එක්ක මුසු වෙද්දි හිතේ ගැඹුරටම දැනෙනවා ඇති.

    සින්දු දෙකෙන් එකක්වත් අහන්න නම් ලැබුනෙ නෑ. අපේ මානව සම්පත් කලමණාකාර තුමා මානවයො හූරා කෑමට නිර්ලෝබි උනත් සම්පත් සබන්දයෙන් බෝහොම ලෝබයි.

    ReplyDelete
    Replies
    1. නිදහසේ නවාතැන, ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඔබේ බ්ලොග් එක අපූරුයි. පුළුවන් වෙලාවක අහන්න. සිංදුවක් රස විඳින්න අහන්නම ඕනනේ. නැවත එන්න ඇවිත් යන්න.

      Delete
    2. බොහොම ස්තූතියි මගෙ බ්ලොග් එක අගය කලාට.. අනිවාර්‍යෙන්ම දිගටම එනවා. ඔන්න සින්දු දෙකම ඇහුවා. ඇත්තටම දෙවනි සින්දුවත් සංගීතය එක්ක මුසු වෙනකොට හරිම ලස්සනයි.

      Delete
    3. ඔබට බොහොමත්ම ස්තූතියි. සින්දු දෙකම රස විඳීම ගැන සතුටුයි. මමත් ඔබේ බ්ලොග් එක ෆොලෝ කරනවා. හැම පෝස්ට් එකක්ම බලන්නම්.

      Delete
  25. සින්දු දෙකම දෙවිදියකට හොඳයි.. එකක් තොරන්නම ඕනිනම් මං චන්දෙ දෙන්නේ පලවෙනි එකට.. 'ඉයන් ලිංතොට' ;) මහත්තයට කියන්න.. මට ඔය සින්දු දෙකටම ලස්සන විෂුවල් දෙකක් කරන්න හිතුනා අහනකොට.. කවදාහරි විෂුවල් එකක් කරනවානම් කියන්න මං ස්ක්‍රිප්ට් එකක් (දෙකක්?) දෙන්නම්.

    සංසාරගත ප්‍රේමය ගැන කියනවනම්.. මට එහෙම කිචි කැවෙන්නේ 'කාජල්' ඉන්න ෆිල්ම් එකක් බලනකොට තමයි.. සමහරවිට ගිය ආත්මේ මාත් නළුවෙක්ද දන්නේ නෑනේ නේද? හැක හැක..

    ReplyDelete
    Replies
    1. කමියගෙ පෙනුම බැළුවම මේ ආත්මෙත් නළුවෙක් වෙන්න ප්‍රමාද නැතුව ඇති. වීඩියො කරන කොට ඔබේ අදහස් ගන්න.

      Delete