Thursday, October 1, 2015

අපේ රට හොඳයි


ජාත්‍යන්තර ළමා දිනය ගැන ලියවෙන බොහෝ ලිපි වළින් කියැවෙන්නේ සේයා දැරිය මරා දැමූ රටේ එවන් දිනයක් සැමරීම විහිළුවක් බවයි. මෙවන් හැඟීම් ඇතිවීමට හේතු වන්නේ අද අපි තොරතුරු යුගයක විසීමත් එම යුගයේ මාධ්‍ය වල  වාර්ථාවන්නේ කුමන ප්‍රවෘත්තිද සහ වාර්ථාකරන්නේ කුමන ප්‍රවෘත්තිද යන්න වීම නිසා මිසක අපේ රට දරුවන්ට නොසලකන හෝ දරුවන් අපචාරයට ලක්වන තෙක් ඇහැ කන පියාගෙන සිටින රටක් බවට පත්වී ඇති නිසා නොවේ. 

එක් විත්‍යා කෙනෙකු පැහැරගෙන දූශණය කර මරා දමන විට තවත් විත්‍යාලා දහසක් තම සෝවිරියන් මෙන් පරිස්සම් කරන තරුණයන් ඉන්නට පුළුවන. ඔවුන් ගැන කියන්නට මාධ්‍යට අවස්ථාවක් හෝ  ඕනෑකමක් නැත. 2013 දී පෙන්සිල්වේනියා
ප්‍රාන්තයේ අවුර්දු 5 ක දරුවකු පැහැර ගෙන යනවිට ඔවුන් හඹා ගොස් දරුවා බේරා ගැනීමට ක්‍රියා කළ පහලොස් හැවිරිදි දරුවෙකු ගැන මෙම ප්‍රවෘත්තිය මෙම මාධ්‍ය වලින් ප්‍රසිද්ධියට පත්විය. පොලිසිය සම්භන්ධ වූ නිසා ඒ ගැන මාධ්‍යවල වාර්ථා විය. මෙයින් හැඟෙන්නේ තරුණයෙකු දරුවකු ආරක්ෂාකරගත් එකම අවස්ථාව මෙය බවද? සේයාලා එක්කෙනෙක් නිවසින් පැහැරගෙන මරාදමන විට තව දහසක් සේයාලා මව්පියන්ගේ රැකවරණය යටතේ අසල්වාසීන්ගේ රැකවරණය ඇතුව හැදී වැඩේ. ඒවා වාර්තාකරුවන් දැනගන්නේවත්  ඒ ගැන කථා කිරීමෙන් පත්තර විකිණෙනේවත් නැත. 

අනියම් පෙම්වතිය සමඟ යාමට තම බිරිඳත් දරුවාත් මුහුදට දමන්නට එක් අයකු උත්සාහ කරන විට දහසක් මිනිසුන් ඔවුන්ගේ සහකාරියන් හා දරුවන් රැකීමට සහ පෝශණය කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරති. ඔවුන් රැක ගැනීමට තමන්ගේ පණ වුවත් පූජා කිරීමට හැකි පිරිමින් බොහෝ සිටිය හැක. මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සමාජය වනසන එක අයකුට සාපේක්ශව දරුවන් මත්ද්‍රව්‍ය වලින් ගලවා ගැනීමට වලිකන පූජ්‍ය පක්ශයේ අය, ගුරුවර ගුරු වරියන් සහ සමාජ සංවිධාන වල අය දහස් ගණනක් සිටින්නට පුළුවන.

මුදල් දෙනතෙක් ඉතා හදිසි ශල්‍ය කර්මයක් කිරීම ප්‍රතික්ශේප කළ ශල්‍ය වෛද්‍යවරයෙකු මා දන්නා අතර මුදල් නැති අසරණයන් ගේ ජීවිත බේරාගැනීමට පැය දහයේ දොලහේ  ශල්‍ය කර්ම කරන වෛද්‍ය වරුන් කිහිප දෙනෙක් ගැනද මම දනිමි. තමන්ගේ අතේ මුදලින් දුප්පත් ලෙඩුන්ට බෙහෙත් ලබා දෙන වෛද්‍යවරුන්ද ඇත.  (බොහෝ විට අසාධාරණ) විවිධ හේතු නිසා වැඩ වර්ජනයේ යෙදෙමින් සිටින ගමන් හදිසි අනතුරු සේවයේ ලෙඩුන්ගේ ජීවිත බේරා ගැනීමට ශල්‍යකර්ම සිදුකළ වෛද්‍ය වරුන් ගැනද මම දනිමි.  ක්ලිනික් වලට වෛද්‍යවරුන් නොපැමිණීම ගැන මාධ්‍යවල පුවත් පළවෙද්දී එම දවසේම ජීවිත බේරාගැනීමට තම වගකීම ඉටුකළ අය ගැන කිසිවක් සඳහන් වන්නේ නැත. 

කළු ජූලියේ දී තම නිවෙස් හා ජීවිත වලට විය හැකි හාණිය නොතකා දමිල ජාතිකයන් සඟවා තබා ගත් සිංහළ මිනිසුන් ගැන වැඩි දෙනෙක් කථා නොකරති. යුධ කාලයේ තමන්ගේ කෑම පතින් සරණාගතයන් ගේ කුසගිනි නිවූ, තම දෑතින්  රෝගීන්, දරුවන් හා මහල්ලන් ඔසවාගෙන ආරක්ශිත ස්ථාන වලට රැගෙන ගිය සොල්දාදුවන් ගැන මානව හිමිකම් කොමිසමකින් පරීක්ශණ ඉල්ලා සිටින්නේ නැත.

මෙයට හේතු ලෙස මා දකින්නේ  සමාජය පාලනය වන අකාරය සහ මාධ්‍ය ක්‍රියාකරන ආකාරයයි 

සමාජයන් පාලනය කරන්නේ වැරදි කරන අයට දඬුවම් කරන නීති වලින් මිස හොඳ කරන අයට ප්‍රසංශා කරන ක්‍රමයකින් නොවේ. එවිට මිනිසුන් කරනා බොහෝ තක්කඩි සහ නරුම වැඩ ගැන සියළු දෙනා දැනගැනීමත් සමාජයේ හොඳ වැඩ ගැන සුළු පිරිසක් පමණක් දැන ගැනීමත් සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.සෑම දරුණු අපරාධයකින් පසුව එල්ලුම් ගස ගෙන ඒමට පොරකන අය තම මව බේරා ගැනීමට කිඹුලෙක් හා හෙට්ටු කළ දරුවාට පිළිගැනීමක් දීමට එතරම් කථාවක් නැත්තේ ඒ නිසාය. කිසිම කෙනෙක් නොදැක කිසිම වීඩියෝ එකකට හසු නොවී තම උපරිම උත්සාහයෙන් අනික් අය වෙනුවෙන් තම කාළය සහ හැකියාවන් යොදවන කීදෙනෙක් සිටිනවා ඇත්ද?

මෙම අසමතුලිතතාවයට අනෙක් හේතුව වන්නේ මාධ්‍ය වාර්ථාකරණයේ ඇති  ඉවත් කල නොහැකි දුර්වලකමකි. දශක දෙකකට හෝ තුනකට පෙර රජයට අයත් ගුවන් විදුලි නාලිකාවක් සහ පත්තර කිහිපයක් තිබූ රටේ, අද ටෙලිවිශන් නාලිකා දුසිමකුත්, ගුවන්විදුලි නාලිකා දුසිම් දෙකකුත් පත්තර දුසිම් හතරකුත් එකිනෙකා සමඟ තරගයට විකිණෙන පුවත් සොයා දුවති. රෑට  ප්‍රවෘත්ති අසන්නට පමණක් ක්‍රියාත්මක කෙරූ ගුවන් විදුලිය වෙනුවට තමන්ගේ අතේ ඇති අයි ෆෝන් එකෙන් එවෙලේම බ්‍රේකින් නිව්ස් සහ නිව්ස් ඇලර්ට් ලැබේ. එක ක්ලිප් එකක් ෆේස්බුක් හරහා දස දහසක් අතර විනාඩි කිහිපයකින් සංසරණය වේ. 

උදාහරණයකට ජන මාධ්‍ය කියා දෙයක් ලොවේ නොතිබුණානම් දිනකට අපි මිනිසුන්ගේ හොඳ ක්‍රියා පහකුත් නරක ක්‍රියා එකකුත් දැක මනුස්සයන් සාපේක්ශව හොඳ යැයි තීරණයකට එලඹිය හැක. මාධ්‍ය තිබීම නිසාත් සහ ඒවා බොහෝවි නරක ක්‍රියා වාර්ථා කරන නිසාත් සිදු වන්නේ එමඟින් නරක ක්‍රියා විස්සක් වාර්ථා වුවහොත්, අපි එදිනදී අසා සහ දැක ඇත්තේ හොඳ ක්‍රියා පහක් සහ නරක ක්‍රියා විසි එකක් වීමයි. එවිට අපේ මනස සිතන්නේ අප ජීවත්වන ලෝකය නරුම තැනක් කියාය.

 "අනේ අපේ කාළෙ නම් මේවගේ නස්පැත්ති අහන්න ලැබුණේ නැහැ" කියා ව‍යෝවෘද්ධ අය කියනු අසා ඇත්ද? ඔහු හෝ ඇය ගෙ කාළයේ ඒවා අසන්නනට නොලැබුණේ එවන් දේවල් සිදු නොවූ නිසාද එසේත් නැත්නම් එවැනි දේ සිදු වූවත් ඒ ගැන අසන්නට අද මෙන් මාධ්‍ය භාවිතයක් නොතිබූ නිසාද කියා පොඩ්ඩක් සිතන්න.

අපේ රට අපිට දැනෙන තරම්ම අකාරුණිකද? අනාරක්ශාකාරීද? සිතේ තෙතමනය නැති බහුතරයක් ජීවත් වන රටක්ද? මගේ අදහස නම් කිසිසේත්ම නැත යන්නයි  

ඔබ මේ පිළිබඳව සිතන දේ දැන ගැනීමට ඉතා කැමැත්තෙමි  

42 comments:

  1. //සමාජයන් පාලනය කරන්නේ වැරදි කරන අයට දඬුවම් කරන නීති වලින් මිස හොඳ කරන අයට ප්‍රසංශා කරන ක්‍රමයකින් නොවේ.//
    මේ කතාව සහතික ඇත්ත , සමාජය මෙහෙම වෙන එකට හේතුවක් තියෙනවා , මේ සමාජයේ උප ස්තරයන් වන පාසල, ව්‍යාපාරික ස්ථානය , රාජකාරි ස්ථානය වගේ තව නොකී සෑම තැනකම ක්‍රියාත්මක වෙන්නේ මේ ක්‍රමවේදය , හොඳ කරන අයට ලැබිය යුතු ප්‍රසංශාව කෙසේවෙතත් කැපී පෙනෙන එම පුද්ගලයාට එරෙහිව ලොකු කැපිල්ලක් නම් ක්‍රියාත්මක වෙන්න් පුළුවන්. ඉතිං මේ උප ඒකක වලින් සමන්විත සමාජය ඉබේම මේ යාන්ත්‍රණයට හුරු වෙනවා .

    ReplyDelete
    Replies
    1. ඉවාන් හරියටම හරි. බොහොම ස්තූතියි ඉක්මණින්ම ආවාට සහ කමෙන්ටුවට

      Delete
  2. ඉයන් මට හිතෙන්නේ මේ මාද්‍ය කාරයෝ තමන්ට රිසි ලෙස ජනතාව මෙහෙයවීමට උත්සාහ කරන බවයි. මේ රටේ වන හොඳ 99% මගහැර නරක 1% ඉස්මතු කිරීම මොවුන්ගේ රාජකාරිය වන බව පැහැදිලිය. මේ නරක 1% ට සාපේක්ෂව වන 99% හොඳ මිනිසුන් ද පුවතක් ලෙස බාර නොගනියි. අර එක නරක සිදුවීම අල්ලාගෙන ඒ පස්සේ දුවමින් පහර දෙමින් උලුප්පා දැක්වීම, සහ විකිනීම මේ සමාජයේ රැල්ලක් යැයි මට සිතේ. එකී 99% වූ යහපත් දේ ගැන කතා නොකරන්නේ ඔවුන් ද යහපත නොකරන නිසා විය යුතුය. එසේත් නැතිනම් අයහපත විකිනිය හැකි නිසා විය යුතුය. සමහර විට යහපත අතරේ අයහපත් දේ කැපී පෙනෙන නිසා විය යුතු ය.

    ReplyDelete
    Replies
    1. කසුන් එය මාධ්‍ය කාරයන්ට වඩා මාධ්‍යකරණයේ දුර්වල කමක්. මාධ්‍ය නොතිබුණානම් අපි ඇස්වලට දකින හොඳ සහ නරක දෙකම සලකලා තමයි තීර්ණ ගන්නේ. මාධ්‍ය නිසා වන්නේ අපි දකින හොඳත් , මාධ්‍යවලින් දකින නරකත් සංසන්ධනය කිරීමට පෙලෙඹීමයි. බොහොම ස්තූතියි කසුන්

      Delete
  3. සියල්ල අලවිය මුල් කොට සිදුවෙයි. මාධ්‍ය යනුද තරගකාරි අලෙවි කටයුත්තකි. අලවිකරන්නට නම් පාරිභෝගිකයන් සිටිය යුතුය. පාරිභෝගිකයා හොයන දේ ඉල්ලන දේ මිසක අනිත්වා අලවි කළ නොහැකිය. මාත් මාධ්‍ය අලවිකරන ආයතනයකින් වැටුප් ලබන්නෙක්මි. ඔබ මතුකරනා යථාර්තය සැගව යන්නේ ඒ නිසාය.
    හැම මාධ්‍ය ආයතනයකින්ම පුද්ගලික සමාජ ජාලාවලින්ද කරන්නේ ඉල්ලුමට සැපයුමකි. ජනතාව මේවා ප්‍රතික්ෂේප කරන දිනයක් ඒ වි යැයි සිතන්නවත් බැරිය. ඉල්ලන්නේ කුණුමය.
    සබඳ අපි කවුරුත් මිනිස්සුනේ... සමකයවටේ අඩවියේ ගිය ලිපියකි

    ReplyDelete
    Replies
    1. නලීන් මම මාධ්‍ය වලට වරදක් කියන්නේ නැහැ. මම කියන්නේ මේ රට එපාකරපු රටක් යයි නිගමන වලට ඒමට පෙර ඒගැන ගැඹුරින් සිතා බලන ලෙස පමණයි. බොහොම ස්තූතියි ඇවිත් ගියාට. ඔබේ ලිපියමමෙ කමෙන්ට් එක දැමූ පසු කියවනවා.

      Delete
  4. මාධ්‍ය තමයි මේ රට කෑවේ... මේ රට විනාශ කළේ විජේවීර, දෙවනුව ප්‍රභාකරන්, නැත්නම් මේ රට මෙහම රටක් නෙමෙයි.. ඒ කාලෙත් පුවත් පත් තිබුනා. ඒත් මළමිනි රහ කර කර බුදින කතෘවරු උන්නේ නෑ.. අද ඉන්නේ මාධ්‍යකරණය කියන්නේ මොකක්ද කියලා නොදන්න කාළකන්නි මාද්දියවේදින් පිරිසක්, නිලධාරීන් පිරිසක් හා මැති ඇමතිවරු පිරිසක්...

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට එකඟයි මාතලන්. හොඳ ක්‍රියා වාර්ථාවන ක්‍රමයක් සමාජයේ නැතිවීම ලෝකයේ හැම සමාජයකම දුර්වලතාවයක්. එයිනුත් බලපෑමක් තියෙනවා. බොහොම ස්තූතියි පැමිණීම ගැනත් කමෙන්ට් කිරීම ගැනත්.

      Delete
    2. "මාධ්‍ය වේදීන්" නොමැති කමයි විනාශයට හේතුවෙලා තියෙන්නෙ. ඉන්නෙ "මාධ්‍ය කරුවො" විතරයි. ලූලා නැති කලට කනයන් පණ්ඩිතයො වෙලා.
      ළමා හිංසනය පිටු දකිමු කියල අවධාරණය කළාට ළමා හිංසනය වලක්වන්න වැඩ පිළිවෙලක් හදමු කියල එක මාධ්‍යයකින් හෝ කියාවිදැයි බලා හිටියා.
      රූපවාහිනී සරසවිය කියල කියා ගන්න එකකින් පවා අර 17 වියැති තරුණ සිසුවාට තීන්දුව දී චරිත ඝාතනය කරන හැටි බලා ඉන්න උනේ බොහොම පිළිකුලෙන්

      Delete
    3. බොහොම ස්තූතියි ඇනෝ. රටෙ වෙන් හොඳ වැඩ වාර්තා කරන්නයි පිළිගැනීමක් කරන්නයි, ඒවාට ප්‍රසිද්ධියක් දෙන ක්‍රමයකුත් තිබ්බනම් හොඳයි නේද? එඊකෙන් තව හොඳ වැඩ කරන්න මිනිස්සු උනන්දු වෙන්නත් නරක ප්‍රවෘත්ති විතරක් දැකලා කැකෑරිලා තියෙන සිත් සංසිඳෙන්නයි.

      Delete
  5. සියල්ලම මුදල් මත තීරණය වන සමාජයක සාරධර්ම සෝදාපාලුවකට ලක්වෙනවා.වර්ථමාන මාධ්‍ය ඉන්නෙත් එතැන.මාධ්‍ය භාවිතය තව තවත් අපරාධවලට අතවැනීමක් කරන බව තමයි පේන්න තියෙන්නේ.සමහර මාධ්‍ය නමබර් වන් පවට පත්වෙලා තියෙන්නෙ මළකුණු අවුස්සලාමයි.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙනුත් අපිට හොඳක් කරන අය ගැන අනික් අයට නොකියා වෙන අරියාදු විතරක් කියන්න පුරුදු වෙලා තියෙනවා නේද? බොහොම ස්තූතියි මනෝ ආවට සහ කමෙන්ටුවට.

      Delete
  6. ප්‍රවෘතිමය වටිනාකම හොයන නිසයි මම හිතන්නේඔය දේ වෙන්නේ. අපි අපේ රට ගැන විතරක් නෙවෙයි ලෝකෙ ගැනත් හිතං ඉන්නේ ඔහොමයි. අපි විතරකුත් නෙවෙයි අනිත් මිනිස්සුත් අපි ගැන හිතන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. අපිටත් හිතා ගන්න පුළුවන් වෙන්න ඕන නේද ඩූඩ් අපිට ඇහෙන්නෙ නරක ඒව විතරක් වුනාට වාර්ථා නොවී හොඳ දේවලුත් වෙනවා කියලා.? තෑන්ක්ස් මචං ආවට සහ කමෙන්ටුවට

      Delete
  7. ලංකාවේ මාධ්‍ය කරණය ගැන ගැටළු තිබ්බේ අද ඊයේ ඉදන් නෙවේනේ. මුල්‍යමය වටිනාකමක් තිබ්බේ නැති නම් ඒ වගේ පුවත් පලකරන්න කවුරුත් පෙළබෙන්නේ නෑ. එක අතකින් බැලුවාම ඒවාට වැඩි වරදක් කියන්න ත් බෑ. හිතා මතා හෝ නොහිතා කරන මේ දේවල් වලින් ලැබෙන අවසාන ප්‍රතිපලය තමයි භයානක වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත , බොහොම සාදරයෙන් පිළිගන්නවා ඔබව. අපිඅට ඇහෙන හොඳ දේවල් අපිට කන්ට්‍රෝල් එක තියෙන මාධ්‍ය හරහා ඒ කියන්නෙ ෆේස්බුක් බ්ලොග් ආදිය හරහා බෙදා ගත්තොත් පොඩි හරි වෙනසක් හරි කරන්න පුළුවන් වෙයි. බොහොම ස්තූතියි ගොඩ වැදුනාට

      Delete
  8. මාධ්‍ය අව බාවිතය. මේක නං දැන් ඔඩු දුවපු තුවාලයක් වගේ. මිනිමැරුමකට සැකකරන මිනිස්සුන්ගේ නම් පැයෙන් පැයට යාවත්කාලින ජඩ මාධ්‍ය කලාවක් දැන් තියෙන්නේ. වැරදි කාරය කියල හරියටම ඔප්පු උනායින් පස්සේ ඒක වාර්තා කරන එක එකක්. මොකෙක් හරි කියපු පලියට හරි, සිඟිති සාක්ෂියක් (හරියට අර ළමයාගේ ලැප් එකේ වැල තිබ්බ කතාව වගේ) උඩ දාගෙන අහිංසක මිනිස්සුන්ව ඇතුලට ගත්තු ගමන් ඒ මිනිස්සුන්ගේ පැටිකිරියම දිග අරිනවා මේ මාධ්‍ය කාරයෝ. මිනිස්සුන්ව කුලප්පු කරනවා.
    දැන් ඔය සේයගේ කේස් එකට ඇරෙස්ට් කරපු ළමයා ශිෂ්‍යත්වේ එහෙම හොඳට පාස් වෙලා බණ්ඩාරනායකේට ගියපු ළමයෙක්. ඒ ලමයව ඇරෙස්ට් කරලා ඒක මිඩියා වල ගියාම අපේ සුද්ධවන්තයෝ කියන්න පටන් ගත්තේ නැද්ද ඒ ළමයාගේ ලැපේ වැල තිබ්බ කතාව තලු මර මර. මුන් ඔක්කොටෝම පිස්සු කියල මට නං හිතෙන්නේ
    අද උදේ අර එෆ් එම් එකක පත්තර මල්ලිද මොකාද කියනවා ඔය නිව්ස් එක. ඒක ඌ කියපු විදියට ඕනේ මනුස්සයෙක්ට ඕනේ දෙයක් හිතා ගන්න පුළුවන්. දවස් දොළහක් සාමානයෙන් සාක්ෂි නැතුව කාවවත් පොලිසියෙන් තියා ගන්නේ නෑ වගේ කතාවක් කිව්ව. ඒ කියන්නේ අර ළමයගෙත් මොකක් හරි වැරද්දක් තියනවා වගේ මුගේ කතාව. ඔන්න ලංකාවේ මාධ්‍ය...

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය වලින් කියන තරම් ලංකාව නරක නැහැ කියල තමයි මම කියන්න හදන්නෙ. බොහොම ස්තූතියි බං ආවට

      Delete
  9. උඹ මේක කියෙව්වද බං
    http://vibheeshana2.blogspot.com/2015/10/blog-post.html
    ළමා දිනේ එහෙම දිනයක් ඕන නෑ බං අපි ළමයින්ට ආදරේකරනව නං
    දැං උම හිතයි ආදරේ කලාම ඇද්ද කියල
    ආදරේ කියන්නෙ කොම්බො එකක් මචං

    ReplyDelete
    Replies
    1. ඔව් බං මම කියන්නේ උඹ කියන ඔය කොම්බෝ ආදරේ ලංකාවේ ලමයින්ට ලැබෙනවා කියන එක. පිටරටවල් එක්ක සසඳන කොට ලංකාවේ ලමයින්ට දෙමව්පියො ගුරු වරු නොකරන දෙයක් නැහැ. මාධ්‍ය කරන්නේ වැරදි කීපෙකට විශාල ප්‍රචාරයක් දීල ලංකාව කුණු ගොඩක් කියල අදහසක් ව්‍යාප්ත වෙන්න ඉඩහරින එක.

      Delete
  10. ළමාදින, වැඩිහිටි දින ඕවා බොරු වැඩ. හැම දිනයක්ම ළමා දිනයක්, හැම දිනයක්ම වැඩිහිටි දිනයක්

    ReplyDelete
    Replies
    1. මචං මම කියන්නේ මාධ්‍ය මොකක් කිව්වත් ලංකාව ඊට වඩා හොඳ රටක් කියන එකයි. බොහොම ස්තූතියි මචං ආවට

      Delete
    2. ලංකාව හොඳයි, හැබැයි තව ගොඩා................ක් හොඳ වෙන්න තිබ්බා.

      Delete
  11. උඔ බ්ලොග් එකක් ලියනා කියා මුං එකෙක්වත් මට කිව්වෙ නෑ..මුන් යාලුවෝද?
    රායිට් ඔන්න ආවා...
    පරන ලිපි ටිකත් බලාගෙන එන්නම්

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා උඹව හඳුන ගන්න ලැබීම ගැන බොහොම සතුටුයි. මේ පැත්තටත් ආව එකට ස්තූතියි.

      Delete
  12. සතුටින් සිටීමට සියළු දෙනාටම අයිතියක් ඇත. යමෙක් අනුන්ගේ සතුට පැහැර ගැනීමට උත්සාහ කරන විට නිහඬව සිටීම නිවට කමකි.

    එල ද බ්‍රා කතාව

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ මචං

      Delete
  13. අපි කොයිතරම් සමාජ මෙහෙවර ගැන කතා කලත් මාධ්‍යත් බිස්නස් එකක් නේද? ඉල්ලුමට සැපයුම. මනුෂ්‍ය ස්වාභාවය sensationalism වලට කැමති එක.
    මාධ්‍ය campaign හෝ crusade එකක් වගේ මිනිස් සිත් වෙනස් කරන්න උත්සාහ කරනවනම් එය සෑහෙන දුරකට කරන්න පුලුවන් බව ඇත්ත. ඒත් මාධ්යකාරයෝත් මනුෂ්‍යයෝය. මාධ්‍ය අයිතිකාරයෝත් බිස්නස් එකක් කරන මනුෂ්‍යයෝය. දේශපාලන අරමුණු හැර අරමුණ මුදල් ඉපයීමය.පාඨකයින් හා ප්‍රෙක්ශකයින් ආස sensational දේවලටය. ඒ උනුත් මනුෂ්‍යයන් නිසාය.

    අපේ (SL) වගේ සමාජයක බහුතර මිනිස්සු හදන්න නීති, දඬුවම්, ලාභ, පාඩු, අපාය, දෙව්ලොව, ඊලඟ උපත ආදී තමන්ට වදින දේවලින් තමයි.
    අප්පට සිරි ඉයන්ට බණ කියන්න මං කවුද? සොරි බොස් :-D
    http://sovanmaga.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මෙච්චර විස්තාරාත්මක ප්‍රා ගේ කමෙන්ටුවක් දැක්කමයි..

      Delete
    2. ප්‍රාජේ උඹ හරි. ඒ වගේම මාධ්‍ය කියන දේ ආවම මේක මුළු ලෝකයටම බලපෑවා. හැම මාධ්‍යකම පෙන්නනේ ලෝකෙ වටේ තියෙන යුද්ධ, බෝම්බ ගැසීම්. මනුස්සකම පෙන්නන ක්‍රියා ප්‍රවෘත්ති නෙමෙයි. එතකොට පෙනන දේවල් දැකල ලෝකය ජරා තැනක් කියල නිගමනයකට එන එක හරි නැහැ කියන එකයි අදහස. මචං http://sovanmarga.blogspot එකේ ටිකක් නීට් එකට තියෙනවා අරක.

      Delete
    3. සම්පූර්ණයෙන් එකඟයි. හොඳ මිනිස්සු හුඟාක් ඉන්නව. හොඳ දේවල් ගොඩක් වෙනව. ඒත් හොඳ බොහොම කලාතුරකින් තමයි sensational . ඒක තමයි මාධ්යවලට තියන ප්‍රශ්නෙ. නලින් උඩ කියල තියෙන්නෙත් ඒක වෙන්න ඇති.

      ඒ බ්ලොග් එක කියෙව්ව. හුඟක් තේරුනා. නීට්. ඒත් සමහර දේවල් නීට් වලට වඩා ශැන්ඩි කරල ගන්න එක ලේසියිනේ. ඒ නිසා මේකෙ කමෙන්ට් කලා. බණත් sensational විදිහට කෑලි දැම්මොත්නෙ අපිට වදින්නෙ :-D

      Delete
    4. උඹ හරි. අර එවපු දෙක ලැබුණා, බොහොම ස්තූතියි. බස්සි විද්‍යාව සින්දුවෙන් දෙනව වගේ නිවන් මාර්ගයත් බයිලා වලින් දෙන්න පුළුවන් කෙනෙක් හම්බු වුනොත් මරු. මෙන්ඩ ගැන තමයි දැනට හිතෙන්නෙ. :)

      Delete
  14. ලංකාවේ විතරක් නීම් හැම රටකම වෙනව. නමුත් කාලෙන් කාලෙට බලන විධිහ වෙනස්. ඉස්සර අවුරුදු 14-15 අතර ගැහැණු ළමයෙක් එක්ක බුදිය ගන්න එක එංගලන්තේ වුනත් සාමාන්‍ය දෙයක්. දැන් එකට හිරේ යනවා. නමුත් පක්ස්ථානය වගේ රටවල ඒක තවමත් එහෙමයි. මිනිස්සු දැනුවත් වෙන්න වෙන්න වැරදි පේන්න ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ලංකාවෙත් ඔය අඩු වයස් විවාහ වෙලා තියෙනවා මම හිතන්නෙ. ඒවා නම් වෙන්න ඇත්තේ සමාජය ඒඅ පිළිගත්ත නිසා මිසක් බාලාපරාධ හැටියට නොවෙන්න පුළුවන්. බොහොමත්ම ස්තූතියි අජිත් ආවාට සහ කමෙන්ටුවට

      Delete
    2. අජිත් මෙම පොස්ට් එක නෙළුම් යායට දැමීම ගැන මගේ ස්තූතිය.

      Delete
  15. මේ ලිපිය අඡිත් අයියන්ඩි “නෙලුම් යායට“ දාලා

    ReplyDelete
    Replies
    1. ඈහ් මෙන්ඩ මොහොම ස්තූතියි දැන්වූවාට. කවදාවත් එතෙන්ට මගේ ලිපියක් වැටිල නැහැ

      Delete
  16. //කළු ජූලියේ දී තම නිවෙස් හා ජීවිත වලට විය හැකි හාණිය නොතකා දමිල ජාතිකයන් සඟවා තබා ගත් සිංහළ මිනිසුන් ගැන වැඩි දෙනෙක් කථා නොකරති// අපේ ගෙදර ඇඳක් යට දෙමල පවුලක දහතුන් දෙනෙක් දවස් ගානක් හිටියා.. මේ ගැන දවසක් මං කොහේ හරි ලියුවද කොහෙද.. දැන් මතක නෑ..

    මාධ්‍යවල සාමුහික වගකීම කියල එකක් ගැන අපිට ඒ දවස්වල කියල දුන්න.. එතැනදී මේ ඉයන් මතුකරන කාරණය කියවෙනවා.. එනම් ජනතාවට තොරතුරු දන ගැනීමේ අයිතිය තහවුරු කරන ගමන් සදාචාරාත්මක මාධ්‍ය වාර්තාකරණය හා යහපත් ප්‍රවනතාවයන් ඉදිරිපත් කිරීම වගේ දේ.. ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණය කියනෙකත් අද තනිකරම කුණු අවුස්සන එකට සිමා වෙලා.. මුදලට ප්‍රමුඛතාවය ලැබීම තමයි ප්‍රධානම හේතුව .. තව හේතු තියෙනවා..
    එකඟයි.. අපේ රට කියන තරම් නරක නෑ..

    ReplyDelete
    Replies
    1. //එකඟයි.. අපේ රට කියන තරම් නරක නෑ..// හරියට හරි මචන්. කමි බොහොම ස්තූතියි මේ පැත්තට ආවට.

      Delete
  17. අලුත් ලිපියක් ලියන්න කාලය හරි වගේ

    ReplyDelete
    Replies
    1. මචං මෙන්ඩා අළුත් එකක් දැම්මා.

      Delete